පහුවෙනිදා උදේ හතට විතර නැගිටපු තුහින වොශ් එකක් දාගෙනම පහළට ආවෙ අම්මට උදව්වක් දෙන්න හිතා ගෙන උනත් ඒ වෙද්දි අම්මා උයලා ඉවර වෙලා කෑම මේසෙට කෑම ඇරලත් ඉවරයි .
අම්මා : තෙදස්වර මොකද මේ උදේ පාන්දර නැගිටගෙන ?
තුහින : අනේ නෑ අම්මා . නිකංම ඇහැරවෙනවා දැන් පුරුද්දට .
තාත්තා : අහ් ඒක හොදයි .
තුහින : good morning තාත්තා !
තාත්තා : good morning ! good morning ! පුතා ආස නැද්ද කම්පැනි එක පැත්‍තෙ ගිහින් එන්න .
තුහින : අනේ තාත්තා . මං ඩිග්‍රි එක කරනක්න් තාත්තාම ඒ දේවල් බලා ගන්න .
අම්මා : ආ.... ඒ මොකද ඒ ?
තුහින : මේකනෙ නුවර හාමිනේ... හැම දේටම කාලයක් තියෙනවා . නැද්ද තාත්තෙ ?
තාත්තා : උඹෙත් පණ්ඩිත කමනම් තියෙනවා . හා හා...උඹේ කාලෙ ආවම යමුකො එහෙනම්....
තුහින : හී.... ඒකනෙ . තාත්තේ ඒක නෙවෙයි ඊයෙ ආල්‍යා නංගි හම්බුණානෙ . එයාගෙ හිතේ තාම අයියා ගැන පුංචිම කහටක්වත් නෑ . නේද අම්මේ ?
තාත්තා : ම්ම්.... හරි ගුණ යහපත් කෙල්ල බං . කොහෙද අපේ එකාට එක සැරේ මොකද්දෝ හෙණයක් ගැහුවනෙ .
අම්මා : මාත් කිව්වෙ ඒකමයි සේනාරත්න . පවට පින දෙන්න බෑනෙ .
තාත්තා : ම්ම්... ඔයත් ඔය ගැනම හිත හිතා හූල්ලන්න එපා .
තුහින : ඒක නම් ඇත්ත .
අම්මා : බඩු වගයක් ගන්න මාකට් එකට යන්න ඕන සේනාරත්න . ඔයා කලින් එනවද ?
තාත්තා : අපෝ අපෝ... මේ ඉන්නෙ කර දඩු මහත් උණ ඉලන්දාරියෙක් . එක්ක යන එකයි ඇත්තෙ . මට එන්න වෙන්නෑ පුතාලගෙ අම්මෙ . අද ඔක්කොම වැඩ ඉවර කරන්න ඕන .
තුහින : ආ.... අන්තිමට මට බඩු අදින්න උණා නේද ?
අම්මා : උඹ ඔය ඉන්නෙ මස් බැහැපු මල්ලවපොර හරකෙක් වගේ .
තාත්තා : මොන කතාද ගොන් බානක්ම අදින බර උණත් අදී අපේ තෙදස්වර .
තුහින : ඔය දෙන්නා හරි හොදනෑ හරිද ? කාලෙකින් ගෙදර ආවෙත් !
අම්මලා තාත්තලා පුතාලගෙ රණ්ඩු මැද්දෙන් උදේ කෑම අරගෙන ඉවර වෙලා තුහිනගෙ තාත්තා කම්පැනි එකට ගියේ හෙට පළවෙනිදා නිසා අද සේරම වැඩ ඉවර කරලා එන්න .... තුහින හරි ආසයි ගෙදර ඉන්න අම්මත් එක්ක . හෙට පළවෙනිදා නිසා තුහින නාහෙන් අඩ අඩම දවල් අම්මත් එක්ක සුපර්මාකට් එකට ගිහින් ඕන බඩු ලොට් එකක්ම ගෙදරට උස්සන් ආවා .
තුහින : ම්ම්... අම්මගෙ චූටි පුතා ඉන්න නිසා හොදයි මේ සබ්බ සකල මනාවම උස්සගෙන එන්න .
අම්මා : තෙදස්වර ඉතිම් හොද පුතෙක්නෙ . ලෝකෙටම එක්කෙනයි ~
තුහින : අනේ බටර් ගාන්න එපා අම්මා බොරුවට .
තුහින කිව්වෙ උස්සගෙන ආව බඩු ටික පැන්ට්‍රිය උඩින් තියලා කොන්ද අල්ලගෙන උඩට යන ගමන් .
දවල් ගියපු පාර එන්න ටිකක් හවස් උණා . වැඩ ඉවර කරලා තාත්තා එද්දිත් හත විතර උණා . තාත්තත් ඒ ගෙදර ආවාම තුහින ඉස්සරහට වෙලා තාත්තත් එක්ක කියව කියව ඉදියෙ ටීවීනෙකේ යන ප්‍රෝග්‍රෑම් එකක්ද කොහෙද බල බල . අම්මා නම් උය උය ඉදියෙ . මාකට් ගිහින් එද්දි ටිකක් හවස් උණ නිසා අම්මට උයන්න ටිකක් පරක්කු උණා .
ඔය අතරෙ තමයි තුහිනට කෝල් එකක් ආවෙ ආධිල්ගෙන් .
Incoming call~
තුහින : අහ් ආධිල් ගන්නවා තාත්තෙ .
තාත්තා : ම්ම්... පුතා ආන්සර් කරලා එන්න එහෙනම් .
තාත්තාට ඔළුව වනපු තුහින එතනින් නැගිටලා වත්තට ගියේ ෆෝන් එක ආන්සර් කරලා කනේ තියා ගන්න ගමන් .
තුහින : ආ කියන්න ආධිල්. උබ කලින්ම අලුත් අවුරුද්දට සුභ පතන්නද ගත්තෙ ?
ආධිල් : බං... මං තව මොහොතක්වත් මෙහෙ ඉන්නෙ නෑ . මට මේ කියන නුරුස්සන කතා අහං ඉන්න බෑ බං . මං කොළඹ යනවා...
තුහින : ඒ ඒ... පොඩ්ඩක් ඉදපන් . මොක්ද්ද උඹ කරන්න හදන්නෙ ආධිල් ? උඹ තාම ගෙදර නේද ?
ආධිල් : ......
තුහින : ආයිශ්.... තෝ පාරට බැහැලා ආවා නේද බූරුවා.... ඕයි . කතා කරපන් මිනිහො....
ආධිල් : ඔව් බං . මට බෑ... අම්මත් මං නිසා තියෙන කතා ඔක්කොම අහගන්නවා බං .
තුහින : හරි අතේ සල්ලි තියෙනවද ?
ආධිල් : ම්ම්.... මං එහෙම්මම අරං ගිය විදියටම තිබ්බ බෑග් එකත් අරං ආවෙ....
තුහින : හරි මේ අහන්න.... උඹ කොළඹ බස් එකකට නැගපන් . පැය එකහමාරෙන් එනවනෙ . මං කොළඹට එන්නම් උඹව ගන්න .
ආධිල් : ම්ම්...
තුහින : ඇවිල්ලා කෝල් එකක් ගනින් ආධිල් . මං ඉක්මනින් එනවා.... බය නොවී ඉදපන් .
එහෙම කිව්ව තුහින දුවගෙන ගියේ තාත්තා ගාවට .
තාත්තා : මොකද තෙදස්වර ? හදිසියක්ද ?
තුහින : අනේ තාත්තා ! මං කොළඹ යන්නෝන . මං යන ගමන් කෝල් කරලා තාත්තාට කියන්නම්....
තාත්තා : අහ්.... හදිස්සියක්ද ? හරි ඉන්නකො.... එහෙනම් පුතා මගෙ කාර් එකේ යන්න . යතුර පහළ ඇති . මට විස්තරේ පස්සෙ කියපන්. කෝල් ගන්න ඕන නෑ . සිහියෙන් වාහනේ ඩ්‍රයිව් කරපන් . පලයන් පරිස්සමට....
තාත්තා ට ඔළුව වනපු තුහින අම්මටත් කියලා ඇදන් ඉදපු විදියටම කොළඹ යන්න පිටත් උණා . රෑ ට්‍රැෆික් නැති නිසා තුහින පුළුවන් උපරිම වේගෙන් වාහනේ ඩ්‍රයිව් කළා . ඒත් ඉතින් අඩුම තරමෙ පැය දෙකක්වත් යනවනෙ නුවර ඉදන් කොළඹට එන්න .
වැඩි වාහන ගොඩක් පාරෙ තිබ්බෙත් නැති නිසා තුහින ට ටිකක් ඉක්මනින් කොළඹට ලං උණා . ආධිල් ගෙන් තවම කෝල් එකක් ආවෙ නෑ . තුහින තව පැය භාගෙකින් විතර කොළඹටත් එන්න ලං වෙලා තිබ්බා . ඒත් ආධිල් තවම කළුතර ඉදන් කොළඹට ඇවිල්ලා නැද්ද ? දෙපාරක් එන වෙලාවනෙ . තුහින ගත්තත් ආධිල් ආන්සර් කළේ නෑ. තවත් ටික වෙලාවකින් ගද්දි ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බා. ෆෝන් එක තමන්ගෙ එහා පැත්තෙ පැසෙන්ජර් ශීට් එක උඩට විසි කරපු තුහින ඔක්කොම පැත්තකට දාලා ඩ්‍රයිව් කරන එක කන්ටිනිවු කළේ කොළඹට ගියා නම් ආධිල්ව කොහොම හරි හොයා ගන්න පුළුවන් කිහලා දැනුන නිසා .
ටික වෙලාවකින් තුහින කාර් එක නතර කළේ කොටුවෙ රේල් වේ ස්ටේශන් එක පහු කරපු ගමන් තියෙන 120 බස් ගහන බෝ ගහ ඉස්සරහ . කොටුව ටවුන් එක දවල්ට තියෙන විදියයි ඒකෙ දැන් මහ රෑ ගලා ගෙන යන පුදුමාකාර විදියෙ පාළුවයි එක්ක තුහිනගෙ හිතේ මූසල ගතිය තවත් වැඩි උණා . ෆෝන් එක අරගෙන ආධිල්ගෙ ෆෝන් එකට කෝල් කරත් ඒ ෆෝන් එක ඕෆ් කරලා දාලා තිබ්බේ . අවට තැන් කීපෙකටම තුහින දුව ගෙන ගිහින් හැමතැනම ආධිල්ව හෙව්වත් ආධිල් ඉදියෙ නෑ . එතකොටම වගේ තුහිනගෙ ඇස් යොමු උණේ ඉස්සරහා තිබ්බ මගීගුවන් පාලමට. ආධිල් ඒ පාලම උඩ ඉදගෙන මොකද්දෝ ලොකු කල්පනාවක ඉදියෙ . ෆෝන් එක සාක්කුවට දාගත්ත තුහින දුවගෙන ගියේ ආධිල් ගාවට .
තුහින : ආධිල් ???
ආධිල් : අහ්... උඹ ?
තුහින : මොකද්ද බං උණේ ? හරි.... දැන් යමු අපි . වරෙන්...
ආධිල් : උඹට මං හින්දා කරදරයි නේද බං තුහිනයා...
ආධිල් ඇහුවෙ තුහිනගෙ ඔළුවෙ ඉදන් කකුල් දෙකටම බලන ග්ස්මන් . ආධිල්ට තේරුම් ගියා තුහින ඇවිල්ලා තියෙන්නෙ ගෙදර ඉදපු විදියටමයි කියලා.
තුහින : මෙන්න මෙහෙ වරෙන් ආධිල්... යකෝ මට උඹ විතරයි ඉන්නෙ... දාහක් නෑ . ඉතින් මං උඹ වෙනුවෙන් ඕන දෙයක් කරනවා .
ආධිල්වත් ඇදගෙන කාර් එකට තල්ලු කරපු තුහින කිව්වෙ කාර් එක ස්ටාට් කරලා හරවගෙන ගෙදර යන්න පිටත් වෙන ගමන් .
පැය භාගය්ස්ක් විතර යනකන් කිසිම කතාවක් තිබ්බෙ නෑ . කාර් එකේ ඇහෙන නෑහෙන ගානට ලස්සන සිංදු වගයක් ප්ලේ උණා ඇර අනිත් හැම දේම නිස්කලංකව තිබ්බා . ටික දුරක් යන කොට ආධිල්ට නින්ද ගිහින් තිබ්බා . දෙතුන් පාරක්ම එයාට කෝල්ස් ආවත් එයාට ඒක ගන්න තරම් උවමණාවක් තිබ්බෙ නෑ . මොකද එයා හොදට තද නින්දක ඉදිය්ස් නිසා . බැරිම තැන තුහින තමයි ෆෝන් එක අරගෙන ආන්සර් කළේ .
තුහින : හලෝ...
ශනෙලි : මේ ත්-තුහින අයියා නේද ?
තුහිනට දැනුනා එහා පැත්තෙන් කතා කරන ආධිල්ගෙ නංගි කතා කළේ රහසින් වගේ කියලා.
තුහින : ඔව් ... ශනෙලි ඔයා බය වෙන්නෙපා . ඔයාගෙ අයියා අපේ ගෙදර යන්නෙ .
ශනෙලි : අනේ එයාව බලාගන්න අයියෙ . ඔයාට ගොඩක් පින් . තාත්තයි අයියයි රණ්ඩු වෙන වෙලාවෙ මට කර ගන්න දෙයක් තිබ්බෙ නෑ .
තුහින : නංගි බය නොවී ඉන්නකො . මං උදේම අයියට කෝල් එකක් ගන්න කියන්නම් . හරිද ?
ශනෙලි : හරි තැන්කිව් අයියේ . බායි...
ෆෝන් එක ඉස්සරහා තිබ්බ කාර් ලොකර් එකට දාපු තුහින ආධිල් දිහා බලාගෙන ඉදියෙ මොනා උණාද හිතා ගන්න බැරිව . ආධිල්ගෙ තොල් අග යාන්තමට පැලිලා ගිහින් එතනින් ආව ලේ තුවාලෙ උඩම එහෙම්මම වේලිලා ගිහින් තිබ්බා . නළල හරිය යන්තන් නිල් වෙලා තිබ්බා . වටේම කළුවර උණත් පාරෙ තැනින් තැන තිබ්බ කහ පාට ලයිට් වල එළියෙන් තුහිනට ආධිල්ගෙ මළානික මූණ හරිම විඩාබර විදියට පෙණුනා .
____________________________
හලෝ... කෝමත ඔයාලට ?
හෙට රෑ හරිඅ නිද්දා උදේම හරි තා එකක් දෙනෝ......!
සලල ල ලා.....
🌸💕