මානස (Completed)

Par NirMad238

58.6K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... Plus

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

55

501 97 150
Par NirMad238

"මීරෝ!!!
උඹ මා එක්ක තරහින්ද?"

දවස් ගානක් තිස්සෙ මීරා මාව මගාරිනවා. ඒක මට නම් ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි.
ඒත් ඉතින් මොනා වුනත් ඌ මාත් එක්කම මෙච්චර කලක් හිටපු එකානෙ.
ඌ මං නිසා හිතේ අමාරුවෙන් ඉද්දි ඒක නොදැක්කා වගේ ඉන්න බෑනෙ.

"උඹත් එක්ක තරහා වෙන්න මට පුළුවන් වුනා නම් මං මෙහෙම ඉන්නෙ නෑනෙ බං.
උඹත් එක්ක තරහා වෙන්න බැරි එකයි මට තියෙන ප්‍රශ්නෙ!"

"මොකද්ද යකෝ උඹට වෙලා තියෙන්නෙ?
ඇයි හැම මගුලටම පොල්ලෙන් ගහන්න වගේ උත්තර දෙන්නෙ?
උඹ මේ මල මගුලක් ඇදලා ගන්න කලින් අපි කොච්චර හොඳින් හිටියද?
ඇයි අපිට ඒ වගේ ඉන්න බැරි?"

මීරා කතා කලේ නෑ.
ඌ දැන් ඇත්තටම කතා කරන්නෙම නෑ.
ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා.

"උඹ ඊයෙ රෑත් ගියාද?
ඇඟට අමාරුද?"

"ඇඟේ අමාරු නම් මොනවද බං?
හිතේ අමාරුනෙ දරාගන්න බැරි."

මීරා කතා කරන්නෙම නුහුරට.
ඒත් ඉතින් මට කරන්න දෙයක් නෑනෙ.
මට මූව නලව නලව ඉන්න වෙලාවකුත් නෑ.
මේ දවස් ටිකේ කරගන්න සෑහෙන වැඩ තියෙනවා.

අයියගෙ birthday එක plan කරගන්න ඕනෙ.
අනික ටික කාලෙකට අතුරුදහන් වෙන්න පොටක් පාද ගන්නත් ඕනෙ.
ඒ අස්සෙ විල්සනයගෙ පව් වලට කරගහලා, සැකයක් නොහිතෙන්න මෙතන ඉන්නත් ඕනෙ.
ඉතින් දවසකට පැය හැටක් විතර ඕනෙ මට්ටමේ මං ඉන්නෙ.

"උඹට ඕනෙ මගුලක් කරගනින් හු#තො!
තෝ එක්ක කතා කරලා පලක් නෑ.
උඹ හරියට කතා කරන දවසක ආයෙම මං එන්නම්."

මීරට පයින් පාරක් දීගෙනම මං කුඩු කාමරේ අස්සට රිංග ගත්තා.
අයියා මට syringes set එකක්ම අරන් දුන්නනෙ.
ඒ නිසා අනුන්ගෙ මගුල් වලින් විදගන්න ඕනෙ නෑ මට.
ඒත් දැන් මං විදින්නෙ නෑ.
අදිනවා විතරයි.
අයියා මෙච්චරම මං වෙනුවෙන් මහන්සි වෙද්දි, මං ගැන හිතද්දි එයාගෙ ආදරේ සෙල්ලමකට ගන්න බෑ මට.
බෙහෙත් පටන් නොගත්තත් මං දශමෙන් දශමෙ හරි මේවා අඩු කරන්න බලන්න ඕනෙ.

ඊට පස්සෙ මං විල්සනයව හම්බවෙන්න ගියා. උගේ සල්ලි ගන්න වැඩ ටිකකට යන්න වුනා ඒ පාර. මෙවුන්ට නම් නෙලන්න දුකක් නෑ.
විල්සනයා වගේම එපාම කරපු එවුන් ටිකක් මේ.
උන්ගෙ ලඟ තිබ්බ සල්ලි ටික සේරම හූරගෙන ගිහින් මං ආයෙම විල්සනයට දුන්නා. මගේ ගාන ලැබුනම සුපුරුදු පරිදි ඉතින් කුඩු පැකට් එකකටම ඒක පූජා කලා.
දැන් මගේ මෙතන වැඩ ඉවරයි.

ඊලඟට මං ගියේ කොටුවෙ stand එකට.
එතන තියෙනවා සෑහෙන වැඩ. ඉස්සර පොඩි එකා කාලෙ වගේ නෙමෙයිනෙ දැන් මං මිනිස්සු එක්ක ගණුදෙනු කරන හැටි දන්නවා. ඉතින් බඩු අදින වැඩක් සෙට් කරගන්න අමාරු වුනේ නෑ.
හැබැයි අපේ මොකෙක් හරි මේ හරියෙන් යයිද කියලා ඇහැ ගහගෙනමයි මං හිටියෙ.
මොකද කවුරුමහරි එකෙක් විල්සනයගෙ කනේ මේවා තිබ්බොත් අපේ plan ඔක්කොම වතුරෙ යන්න ඉඩ තියෙනවා.

හැබැයි ඉතින් මෙහෙම සල්ලි හොයලා නම් මදි. එක්කො මට මීට කලින් සල්ලි හොයන්න පටන් ගන්න තිබුනා. නැත්තම් දැන් ඉක්මනටම වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා.
අයියට ලස්සනම ලස්සන birthday surprise එකක් plan කරන්නනෙ මට ඕනෙ.

කල්පනා කරද්දි කරද්දි අන්තිමේ මට ආවා හොඳම හොඳ අදහසක්.
ඉටි කොල ටිකක් අරන් පොඩි කාලෙ වගේ සරුංගල් හදලා beach එක ලඟ විකුණුවා නම් හරි.
ඉටි කොල නිසා ඉරෙන්නෙත් නෑනෙ ලේසියෙන්. එකක් රුපියල් දෙසීයකට, දෙසිය පනහකටවත් විකුණගන්න පුළුවන් වෙයි.
දහයක් විකුණගත්තොත් දෙදාහක්වත් ලාබ වෙයි.
එතකොට තව සතියක් යද්දි මං ලඟ දාහතරක් තියෙනවා.
දවල්ට උදේට එහෙම බඩුත් ඇද්දොත් තවත් ගානක් එකතු කරගන්න පුළුවන්.
එතකොට විස්සක් විසි පහක් හොයාගන්න පුළුවන් වෙයි.
ඒ ටිකෙන් අයියට ලස්සන තෑග්ගක් අරන් ලස්සනටම මොනවා හරි plan කරගන්නත් පුළුවන් වෙයි.

මට ආසම ආසයි එයා පුදුම වෙලා ඒ ඇස් සතුටින් දිලිසෙනවා බලන්න.
හැමදාමත් අයියව මං බලාගන්නවා, එයාව සතුටින් තියනවා කියලා හිතුවට වෙන්නෙම එයා මාව බලාගෙන සතුටින් තියන එකනෙ.
ඉතින් එකම එක පාරක් හරි මටත් ආසයි එයා වෙනුවෙන් මොනවම හරි කරන්න.
.
.
.
.
.
.
.
.
.
මගේ සරුංගල් business එක නැගලම ගියා. දැන් කාලෙ ඉන්න ළමයි තරම් කම්මැලි එවුන් නම් කොහේවත් නැතුවැති. සරුංගලුත් සල්ලි දිලා ගන්නවා කියද්දි හිනාත් යනවා ඉතින්.
හැබැයි ඒක නිසා මට වාසියි. හිතුවට වඩා ගානක් එකතු කරගන්න ලැබුනා.
ඉතින් දැන් මගේ චූටියට ලස්සනම ලස්සන තෑග්ගක් ගන්නයි තියෙන්නෙ.
ඒත් එයාට මොකක් අරන් දෙන්නද කියලා හිතාගන්න අමාරු එකයි ප්‍රශ්නෙ.

මේ අතරෙ lab එකෙන් call කලා මගේ reports ආවා කියලා.
ලස්සන හීන ලෝකෙක අයියත් එක්ක හුරතල් වෙවී හිටපු මාව මේ ලෝකෙට ඇදගෙන වැටිලා පස්සම බිම ඇනුනා.
අනේ මට නම් බෑ දෙයියනේ....
මට ඒවා බලන්න යන්න බෑ....

"My little Sweetheart,
I know you are anxious.
So you don't have to come.
I'll go and check them ok?
But you have to stay home and just relax.
Don't get stressed thinking some nonsense.
Watch a movie!
Listen to some songs!
Dance just like in the good old days
Do anything that'd keep you distracted.
And if you decide to dance, please video it ok?
I missed the best dancer in the whole world!"

මට kiss එකකුත් දීලා උපදෙස් පන්සීයක් විතරත් දීලා අයියා ඉතින් තනියෙම ගියා. පව් එයා.
වැඩ ඇරිලා ආවා විතරයි.
ආයෙම අනිත් අතට යන්න වුනා.
මේ වෙලාවට සෙනගත් වැඩියි.
චප්ප වෙලා යන්න වෙන්නෙ bus වල.
ඒත් ඉතින් එයා මං වෙනුවෙන් ගියා.

මං යන්න බෑ කිව්වෙත් නෑ.
මූණ ඇඹුල් කරගෙන හිටියා විතරයි.
හැමදාමත් වගේ එයා හරිම ලස්සනට මාව කියෙව්වා.
මගේ කරදර එයාගෙ කර පිටට අරගෙන එයාම ඒවා විසඳන්න ගියා.

මගේ හොඳම හොඳම හොඳම හොඳ අයියා!
කවදාවත්ම මට මේ ණය ගෙවලා ඉවර කරගන්න පුළුවන් වෙයිද මන්දා!
දන්න දා ඉඳන් හැමදාමත් මගේ ප්‍රශ්න මටමයි විසඳගන්න වුනේ.
ඒත් ඔයා මගේ ජීවිතේට ආවට පස්සෙ මට තනියම විසඳගන්න කියලා කිසිම ප්‍රශ්නයක් ඉතුරු කලේ නෑ ඔයා.
ඔයාම විතරයි මේ වගේ මගේ ප්‍රශ්න ඔයාගෙම කරගත්තෙ.
ඔයාගෙ කරගත්තා මදිවට මටත් වඩා ඒවා විසඳන්න මහන්සි වුනේ.
ඉතින් මං ඔයාට තව තවත් පිස්සුවෙන් වගේ ආදරෙන් බැඳෙන එක අහන්නත් දෙයක්ද මගෙ අයියේ!
මට හිතාගන්න බැරි ඔයත් මට එහෙම බැඳෙන්නෙ ඇයි කියලා.
ඇත්තටම ඔයාට පිස්සුද මන්දා!

අයියාට මං dance කරනවා බලන්න ආසයි කිව්ව නිසා phone එකේ youtube video එකක් දාගෙන ඒක බලන්න මං පටන්ගත්තා.
එතකොට ආයෙම dancing steps මතක් කරගන්න ලේසියි.
දැන් ඉතින් කොයි කාලෙකින් මං නටලා නැද්ද?
අයියා ඇරෙන්න වෙන මොකෙක්වත් හිටියෙ නෑනෙ ඉතින් මගේ නැටුම් වලට වහ වැටෙන්න.

අනික අයියා මට නටලා Video කරලා තියන්න කිව්වට ඇත්තටම නටනවා වගේ නෙමෙයිනෙ video එකක් බලද්දි.
ඒ ඇත්තම ලස්සන feeling එක video එකකින් දැනෙන්නෙ නෑ.
තව ඉතින් අයියාගෙ ඉස්සරහා ඇත්තටම නැටුවොත් එයාගෙ මල්ලි බබා ගැනත් සලකා බලන්න පුළුවන්නෙ නැටුම අතර මැදදි හෙමින් සීරුවෙ.
එයාව අමතක කරලා දාලා අපි දෙන්නා විතරක් සතුටු වෙන එක හරි නෑනෙ.

අනේ දෙයියනේ!
Reports හොඳ වෙයං!
Reports හොඳ වෙයං!!
නැතත් ඉතින් අයියගෙ මල්ලි බබෝ ඔයා දුක් වෙන්න එපා.
මං කොහොම හරි ඔයාවත් හුරතල් කරන්න විදියක් හොයාගන්නම්කො!

"Snowdrop.............!!!"

අයියාගෙ සද්දෙ ඈතින් ඇහෙද්දි එකපාරටම මං ගැස්සුනා.
දෙයියනේ, මේ මනුස්සයට කරදරයක්වත් වුනාද?
කරුමෙට හරි විල්සන්කාරයා මොනවම හරි දැනගෙනවත්ද?
ඉතින් මං පණ කඩාගෙන එලියට දුවන්න ගත්තා.

මෙන්න බොලේ එතකොට අයියත් එනවා බල්ලට හැතැක්ම නෑ වගේ හති දාගෙන දුවගෙනම.
දෙයියනේ... කවුරුහරි ගහන්න පැන්නුවද දන්නෙත් නෑ.

"Ayye!!!
What happened?
Did someone trouble you??
Let me check!
I'll break all their necks!!!

අයියවත් පහු කරගෙන පාරටම දුවන්න මං හැදුවෙ.
ඒත් මෙන්න මෙයා මාව උස්සගත්තා පාන් ගෙඩියක් වගේ!

හනේ!!!
මේක නම් හරියන්නෑ.
ඒ වුනාට මට මගේ හා පැටියට එපා කියන්න හිතෙන්නෙත් නෑ.
ඒත් මට ලැජ්ජයිනෙ අප්පා...!!!
මං දැන් ලොකු ළමයෙක්නෙ.
අනික මැරයෙක්නෙ!

"Hey! Little fighter!
There's no one in the road!
But I have you results!!!
Guess what???"

අයියා හාවා මාවත් කිහිල්ලෙ ගහගෙන පැන පැනම කාමරේට යනවා.
එයා ඉන්නෙ නිකං ලෝකෙ තියෙන ලොකුම වටිනාම වස්තුව එයාට ලැබිලා වගේ.
ඒ ඇස් දියමන්ති වලටත් වඩා දිලිසෙනවා.
ඒ මූණ ඉරටත් වඩා දිස්නෙ ගහනවා.
ඒ කියන්නේ......
ඒ කියන්නෙ මගේ reports ඔක්කොම හොඳයි කියන එක නේද?

"Is everything ok ayye?
Am I free from all that diseases?"

"Yes! Yes!! Yes!!!
You are!!!
My Snowdrop is a completely healthy boy!
I'm so so happy patiyo...
I'm so....... happy!
I feel like carrying you and running around the whole world!"

අපොයි දෙයියනේ මෙන්න මේ හාවා මාව හතර අතේ කරකවනවා.
මාත් ආසයි හැබැයි!
මං වගේ මැරයෙක්ට මෙහෙම බබෙකුට වගේ සලකන්නෙ මගේ මෝඩ අයියා වගේ පිස්සෙක්ම තමයි.
ඉතින් මං අත් දෙකත් දෙපැත්තට කරගෙන හිතේ හැටියට කෑ ගැහුවා.
අයියා මහ හයියෙන් හිනා වුනා.
හරිම හරිම ලස්සනයි එයා.
වෙනදටත් එයා හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි තමයි.
ඒත් අද ඒ හැමදාකටමත් වඩා ලස්සනයි.

ඉතින් මාත් එයත් එක්ක හිනා වුනා.
ගොඩාක් ගොඩාක් හිනා වුනා.
එකපාරටම මාව බිත්තියට තද කරගත්ත අයියා මාව kiss කරන්න පටන් ගත්තා.
ඒක ඇවිල්ලා relief kiss එකක්
මෙච්චර කල් මගේ හිත හද හද බය වෙන්න එපා කිය කිය හිටපු අයියගෙ හිතේ කොච්චර නම් පීඩනයක් තියෙන්න ඇතිද කියලා මට තේරුනේ එවෙලෙ.

අනේ මගෙ අයියෙ.
ඇත්තටම ඔයාව මං වගේ මෝඩ කොල්ලෙකුට කොහොම ලැබුනද මං දන්නෙ නෑ.
ඔයා නම් ලස්සනම ලස්සන හීනයක්!

එදා රෑ අයියා කෑම order කලා.
අපි දෙන්නම බඩ පැලෙනකල් කෑවා.

මං ලෙඩෙක් නෙමෙයිනෙ ඒ කියන්නෙ.
මට අයියගෙ ලඟ ඉන්න තිබුන තවත් බාධාවක් අයින් වෙලා ගියා.
මට සතුටුයි දෙයියනේ!!!
පිස්සු හැදෙන්න තරම් සතුටුයි!!!

ඉතින් මං නිදාගන්න ගියාම අයියව චුට්ටක් විතර කුචි කුචි සොෆ්ට් කරලා අවුස්සගන්න හැදුවෙ. මොකද ඉතින් හැමදාමත් නිකම් උඩ බලාගෙන ඉන්න මල්ලි පැටවු දෙන්නා පවුනෙ.
Responsible අයියලා විදියට එයාලා ගැනත් අපි බලන්න ඕනෙ.
ඒත් මේ මිනිහා හරිම නපුරුයි.

"Are you 18 yet???"

ඔන්න ඔහොම අහලා මගේ පස්සට පයින් එකක් දීලා මාව ඇඳෙන් බිමටම වැට්ටුවනෙ පුස් ඌරු තඩියා!
මං බිමට වෙලා බලාගෙන හිටියා I'm sorry patiyo, Are you hurt? කියලවත් අහයිද කියලා.
ඒත් මේ ගොන් අලියා අනිත් පැත්ත හැරිලා නිදාගත්තනෙ.
මගේ වේදනාව ගැන වගක්වත් නෑ.
නපුරා!!!
ඉතින් මං බිමම ගුලි වෙලා නිදාගත්තා.
මට වැඩක් නෑ ඔය නපුරොන්ගෙ ගෑස් බලන්න.
හ්ම්!!!

හැබැයි ඉතින් මං එකේ ඉඳන් දෙසිය පනස් තුනට විතරයි ගණන් කලේ,
මෙන්න බොලේ මාව උඩටම ඉස්සුනා.
ඊට පස්සෙ ඔළුවට ආදරේ බේරෙන තොල් දෙකක් තද වෙලා තඩි පිඹුරෙක් අතපය ඔක්කොගෙන්ම මාව වෙලා ගත්තා.
දැන් නම් ඉතින් නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්!
හැබැයි මං ඇස් ඇරියෙ නම් නෑ.
නිදි වගේම හිටියා.
මං තරහයිනෙ!

"Sleep well my Snowdrop!
I love so much!"

මගේ ඔළුවත් අතගාලා, නලලට kiss එකකුත් දීලා අයියා මගේ ඔළුව උඩින් එයාගෙ ඔළුව තියාගත්තා.
ඉතින් මෙහෙම කරද්දි මං දිය වෙනවනෙ දෙවියනේ!
මං සටන එක මොහොතින් පාවා දුන්නා.

"I love you too my baby!
I love so..... much!"

අයියගෙ පපුවට තොල් දෙක තද කරන ගමන් මං එයාගෙ අස්සට තවත් ටිකක් ගුලි වුනා.
ඉතින් මේ තමයිනෙ මගේ ගෙදර!
මගේ සතුට!
මගේ සැනසීම!
මගේ හැමදේම..!!
.
.
.
.
.
.
.
ඉතින් දවසින් දවස ගෙවිලා ගිහින් මං පණ යනකල්ම බලාගෙන හිටපු දවසත් ආවා. මට තුරුල් වෙලා හිටපු අයියගෙ ඇඟට කොට්ටයක් තද කරගෙනම මං හෙමීට නැගිට්ටා.
අනේ ඉතින්, ඒත් වැඩක් නෑ.
මං එහාට වුනා විතරයි මේ කිරිසුදු හාවා ඇහැරුනානෙ.

"Patiyo....
Why?
Are you ok?
Is something wrong?"

මෙන්න මේවා තමයි over caring boyfriend කෙනෙක් ලැබෙන එකේ adverse effects. හැබැයි ඒක ගැන මං complain කරනවා නෙමෙයි.
අයියම නිසා නොවෙන්න වෙන මනුස්සයෙක් නම් මාව පයින් ගහලා විසි කරලා දාලා දැන් හුඟ කාලෙකට කලින්ම.
එයාටම විතරයි මේ හැමදේම දරාගෙනත් මට පිස්සෙක් වගේ ආදරේ කරන්න පුළුවන්.
නැත්තම් මගේම අම්මටයි තාත්තටයිත් එපා වෙච්ච මාව මෙහෙම ඇහැක් වගේ බලාගනියිද?
හැමෝටම එපා කරපු මැරයෙක් කුඩු කාරයෙක් වෙච්ච මාව මෙහෙම මලක් වගේ පරිස්සම් කරයිද?

"Sh... sh...
Sleep my baby!
I'm perfectly ok.
But I have this surprise for you.
So please don't wake up and ruin it ok?
Let me take care of you atleast this once Happy Pill!
I love you so...... much!"

අයියගෙ තොල් දෙකට චූටි peck එකක් තියන ගමන්ම මං එයාගෙ ගනකම් සිනිඳු කොණ්ඩෙ අස්සෙ ඇඟිලි අරගෙන ගියා.
එයාගෙ ලඟ මෙහෙම ඉන්න ලැබෙන එක හීනයක් නෙමෙයි කියලා තේරෙන්න මට කොච්චර කල් යයිද මන්දා.
ඇත්තටම තාමත් මට මේක අදහගන්න බෑ වගේ.
මගේ ලස්සනම ලස්සන angel!

"Hmm... ok!
But please don't go anywhere,
And be careful my Snowdrop!
You are my everything!
Always remember that ok?"

අනේ ඉතින් මේ සේරම වැඩ නවත්තලා දාලා මට මගේ චූටියව බදාගෙන අඬන්න හිතෙන්නෙ මෙහෙම වෙද්දි තමයි.
ඔයත් මගේ හැමදේම තමයි මගෙ අයියෙ.
ඒත් මට හිතාගන්න බැරි මං වගේ එකෙක් ඔයාව වගේ දේව දූතයෙක්ගෙ හැමදේම වෙන්නෙ කොහොමද කියලා.
ඇයි ඔයා මට ඔච්චරම ආදරේ අයියෙ?
ඇයි හැමෝටම එපා වෙලා ගිය මාව ඔයාට ඔච්චරටම වටින්නෙ?

"Sure Happy Pill!
I will always be careful.
I'm never ever gonna leave you ok?
So close your lovely eyes and sleep well.
I'll wake you up in a while!"
.
.
.
.
.
.
.
"Happy birthday to you...
Happy birthday to you...
Happy birthday my loveliest Happy Pill!
Happy birthday to you...."

හරියටම රෑ 12.00.01ට ලස්සන sparkling candle එකක් cake එක මැද්දෙ ගහලා මං අයියගෙ ඇඳ ලඟට ගිහින් කෑගැහුවා.
මේ හොර ගෙඩියා ඉතින් නිදාගෙන නෙමෙයි ඉඳලා තියෙන්නෙ.
එයා තත්පරයක්වත් යන්න කලින් ඇඳ උඩින් වාඩි වෙලා මාව බදාගත්තා.

"Thank you Snowdrop!
I love you so... much!"

මෙන්න මෙයා cake එක පැත්තක දාලා හෝ ගාලා මගේ කට කන්න පටන් ගත්තා.
හපොයි ඉතින්!
දැන් මේ sparkling candle එක පිච්චිලා පිච්චිලා ඉවර වෙලත් යයි.
Photo එකක්වත් ගන්න බැරි වුනා.

ඒත් කමක් නෑ ඉතින්.
තව candle එකක් කොහොමත් මං අරන් ආවා. මොකද මේ kiss පෙරේතයා ගැන මං දන්නවනෙ. කොහොමත් මේ චූටි පැටියව කොහොම හරි සතුටින් තියන්නෙ මටත් ඕනෙ.
මං නම් ඇත්තටම ඔය kiss කරනවා වගේ අසහනකාරී වැඩවලට එච්චරම කැමති නෑ.
ඒත් ඉතින් පව්නෙ මේ කිරි සුදු හාවා!

අන්තිමේදි cake එකට කුද ගහගන්න කියලා අපි දෙන්නා පණ යනකල්ම kiss කලා. මගේ හා පැටියගෙ පපුව ගල් රෝලකටත් එහා vibrate වෙන්න පටන් ගත්තම නම් මං kiss එක break කලා.
ඇයි ඉතින් මෙයා ගල් රෝලක් වෙලා පාර දිගේ පෙරලි පෙරලිවත් යන්න ගත්තොතින් කාට කියන්නද මේ අසරණ මං?

"Ayye!
Let's cut the cake.
I made it you know!
So it might not be tasty.
But let's just taste a teeny bit ok?"

අනිත් sparkling candle එක cake එකේ ගහන ගමන් මං අයියවත් ඇදලා මේසෙ ලඟට ගත්තා.
මේක මේ හරිම චාම් cake එකක්.
මොකුත්ම නෑ.
රවුම් cake එකේ වටේටම සුදු පාට icing.
උඩින් චූටියට Happy pill is 23! කියලා ලියලා.

හැබැයි අයියා නම් හිටියෙ ලෝකෙ තියෙන හොඳම backery එකෙන් හොඳම cake එක ගෙනල්ලා වගේ.

"Oh!
Wow!!!
This is the best birthday treat ever patiyo...
I love love love this so...... much!
Let's cut it quickly.
I want to eat the whole cake in one go.
I know it's gonna be delicious.
But let's take loads of photos first.
I want to remember my Snowdrop's first cake for ever.
Let's frame one of the photos and hang it on the wall ok?"

හනේ ඉතින් මේ මෝඩ cake එකටත් ගිය කලක්.
ලඟදීම දවසක ඔයාගෙ photo එකක් ලස්සන මාළිගාවක බිත්තියේ එල්ලෙන්නයි යන්නෙ ඔන්න.
ආඩම්බර වෙන්න නම් එපා cake එක.
අයියා ඔය ඔයා ලස්සනයි නියමයි කියලා මැරෙන්න හැදුවට එයාට ඇත්තටම ටිකක් පිස්සු.
ඔයා වෙනුවට මෙතන ගල් ගෙඩියක් ගෙනත් තිබ්බත් එයා ඔහොමමයි හැසිරෙන්නෙ. ඒකෙ photo එකකුත් අරන් my Snowdrop's first rock කියලා බිත්තියෙ එල්ලගන්නවා.
අන්න ඒ වගේ cuteම cute පිස්සු බෝලයක් තමයි එයා!

ඊට පස්සෙ ඉතින් ඔන්න මං ආයෙම happy birthday song එක කිව්වා.
අයියා cake කැපුවා.
අපි දෙන්නා photos පන්සීයක් විතර ගත්තා.
අයියා ඒ හැම photo එකම හරව හරව එක එක පැත්තට බැලුවා.
අන්තිමේ මට එපාම වෙලා මං කේක් එකකම අරන් අයියගෙ මූණෙ ගැහුවා.

හී... හී... හී...
අයියා ගැස්සුනා දෙයියනේ!
එයා හොඳටම බය වුනාද කොහෙද?
හැබැයි ඉතින් ඒක මගේ නසරානි වැඩක් කියලා තේරිච්ච ගමන් එයාගෙ යකා scene එකට enter වුනා.
මෙන්න මේ යකා නැති වෙද්දිත් පාළුයි අප්පා.
Angelටත් වඩා cuteද මන්දා මේකා!

"AA...RGH!!!
SNOWDROP!!!!
HOW DARE YOU RUIN MY FAVOURITE CAKE!!!!
YOU LITTLE RASCAL!!!
WAIT TILL  I CATCH YOU!!!"

මෙන්න බොලේ Vampire අයියෙක් මගේ පස්සෙ පන්නන්න ගත්තා.
අනේ අනේ මගේ ලේ බොන්න නම් එපෝ....
වෙන ජාතියක් නම් ඉතින් බිව්වට කමක් නැතෝ.....

මං කාමරේ පුරාම mortein විදපු කැරපොතු තඩියෙක් වගේ දිව්වා.
ඒත් ඉතින් අන්තිමේදි නපුරු Vampire අයියා අහිංසක කොළු පැටියව අල්ලගත්තා.
අල්ලගෙන ඒ කොල්ලගෙ තොල් දෙකෙන් ලේ උරාගෙන උරාගෙන බිව්වා.
අන්තිමේදි කොල්ලට සිහිය නැති වෙලා කෙඳිරි ගාද්දි ඌව පැත්තකට තල්ලු කරලා දාලා චප්ප වෙච්ච කේක් එකක් අරගෙන කාගෙන කාගෙන ගියා.
අසරණ කොල්ලගෙ අසරණ වෙච්ච අවයව ඇඳක් උඩට වෙලා පණ ඇද්දා.
අනේ ඉතින් නපුරු vampire කේක් ගිලලා ගිලලා ඇති වුනාට පස්සෙ ඇවිත් කොල්ලව චප්පයක් කරගෙන කිහිල්ල අස්සෙ ගහගෙන නිදාගන්න ගියා.
අසරණ කොල්ලා නපුරු vampireගෙ වශීයට අහු වෙලා ඒකගෙ සදාකාලික වහලෙක් වුනා!
.
.
.
.
.
.
.
.
"My sweetest, loveliest birthday boy!
Get ready once you are home.
We are gonna go on a dayout!"

උදේම මගේ රෝස මලේ මූණ හිතේ හැටියටම ලෙව කන ගමන් මං කිව්වෙ.
ඇස් දෙකත් බෝල ගෙඩි දෙකක් වගේ ලොකු කරගත්ත මගේ හාවා, චූටිම චූටි කූචි කුචයියෙක් වගේ ඔළුව වැනුවා.
අනේ ඉතින් මේ cute බෝලෙට ආදරේ හිතෙනවනෙ දෙයියනේ...
මට පිස්සු වගේ!!!
මං රෝස මලේ කටු ටිකට කුදගහගන්න කියලා පෙති ටික සේරම ඉඹගෙන ඉඹගෙන යන්න හැදුවෙ.
ඒත් ඉතින් මේ අසරණයට සදා උරුම දුකම තමයි.
ආයෙම ඇඳෙන් බිමටම වැට්ටුවනෙ නපුරු ඌරු තඩියා!!!
ඉන්නවකො මං ඔය සේරටම පලිගන්නවා ඌරු තඩියො!
දවසක මට පයින් ගහන ඔය කකුල් දෙක ලෙව කාලා කාලාම හම යවනවා!!!
.
.
.
.
.
.
.
.
එදා හවස් වෙන්න කලින් කරන්න මට ගොඩාක් වැඩ තිබුනා. ඒ ටික සේරම කොහොම හරි ඉවර කරගෙන මං අයියා වැඩ ඇරිලා එන වෙලාව ලං වෙද්දි ගෙදරත් ආවා. ඊට පස්සෙ  threewheeler එකක් කතා කරගෙන එයත් එක්ක ලස්සන beachside hotel එකකට ගියා.

Hotel එකේ අයට වෙන්න ඕනෙ දේවල් ටික මං කලින්ම කියලයි තිබුනෙ.
ඉතින් අපි එද්දි beach එක ලඟම table එකක් අපිට arrange කරලා තිබුනා.
Music group එකකුත් හිටියා එතනම ලෑස්ති වෙලා.
මේක candle light dinner එකක්!

අයියා පුදුම වෙලා මගේ දිහා බැලුවා.
මං එයාව ඇදලා අරන් කම්මුලට kiss එකක් දුන්නා.
ඊට පස්සෙ තුරුල් කරගෙනම එක්කගෙන ගිහින් වාඩි කලා.

Music group එකේ කට්ටිය play කරද්දි මං ඒ beach එකේ ඉඳන් නටන්න පටන් ගත්තා.
අයියා ඇත්තටම පුදුමෙනුත් පුදුම වුනා.
ඉතින් මගේ surprise එක ඇත්තටම වැඩ කලා.
රෑ කළුවර කපාගෙන එයාගෙ ඇස් වලින් දිස්නෙ ගලාගෙන ගියා.
ඒ දිස්නෙටම මගේ හිතේ පාට පාට මල් යායවල් පිටින් පිපුණා.

වටේපිටේ හිටපු මිනිස්සුත් මාව video කරගන්න පටන් ගත්තා.
ඉතින් මාව විතරක් video කරන්න දෙන්න නම් බෑ. කරනවා නම් මගේ රෝස මලවත් video කරන්න ඕනෙ. මොකද ඕවා කවදාමහරි කවුරුමහරි බලනවා නම් දැනගන්න ඕනෙ මේ නටන එකා කරන්නෙ අත් කකුල් එක එක හැඩේට තියන එක විතරයි කියලා.
හැබැයි ඇත්තටම ඌ කරන හැමදේකටම ශක්තිය, ආදරේ, බලාපොරොත්තු දීලා ඌව ජීවත් කරවන්නෙ මෙන්න මේ දේව දූතයා කියලා.

ඉතින් මං මගේ රෝස කැටේවත් ඇදගෙන ආවා. එයාට මහන්සි වෙන්න දෙන්නෙ නැතුව එයාගෙ කකුල් දෙක මගේ කකුල් උඩින් තියාගෙන dance කරන්න ගත්තා.
එයා තවත් පුදුම වුනා.
ඉතින් මට ඒ ලස්සන මූණ දැක දැක තවත් නම් ඉවසන්න බැරි වුනා.
ඒ තොල්වලට මං පහත් වෙනවත් එක්කම රෝස කැටෙගෙ අත් මගේ බෙල්ල වටේට එතුනා.
හතර වටේටම අත්පුඩි ගහන සද්ද ඇහුනා.

"My cutest sweetest Happy Pill,
Wish you a happy birthday!
Please keep on smiling always!
And be with me forever!
You are my everything baby!
I love you more than an eternity!!"

Kiss එක එකම එක තත්පරේකට break කරන ගමන් මං ලස්සන brooch එකක් අයියගෙ shirt එකේ ඇමිණුවා.
ඒකෙ තිබුනෙ ඇත්තම Snowdrop එකක්!

"I will patiyo!!
I will!!!
You are my everything too!!!"

අත්පුඩි ගොඩාක් මැද්දෙ එයාගෙ තෑග්ග දිහා ගොඩාක් සතුටින් ගොඩාක් ආඩම්බරෙන් බලපු අයියා ආයෙම මගේ තොල් අතරෙ අතරමං වුනා.

ඉතින් මගේ රෝස මල හැමදාමත් වගේ ආයෙ ආයෙමත් මාව ආදරෙන්ම පිස්සු වැට්ටුවා...

.......................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මේක දැක්කම මට තඹරුවයි අයියවයි මතක් වුනා! ❤

එතකොට Poo-mi මට මෙන්න මේ cover එක හදලා දුන්නා.
ඉතින් ගොඩාක් ගොඩාක් thank you සුදූ... 🥰🥰🥰🥰mention a user

මේ snowdrops
දැන් ඒවා පිපෙන කාලෙ.
ඒවා ලස්සනම ලස්සනයි.
හැබැයි ලස්සන පේන්න ලං වෙලා බලන්න ඕනෙ. මොකද බිමට නැමිලා ලස්සන වහගෙනනෙ ඉන්නෙ.
හරියට තඹරු වගේ.
එයාගෙ ලස්සනත් ලං වුනාමනෙ හොඳටම පේන්නෙ.
ඈතට එපා කරපු නසරානි කොල්ලෙක්!

Continuer la Lecture

Vous Aimerez Aussi

6.3K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
8.4K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
19.7K 1.8K 19
အန်တီက မောင့်ရဲ့ထာဝရကြင်နာသူပါ။ အန္တီက ေမာင့္ရဲ႕ထာဝရၾကင္နာသူပါ။
299K 16.1K 53
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...