NIRNAMIKA | සිංහල | (Anonymou...

De BTS_taesite_

3.8K 725 234

~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව... Mais

"නිර්නාමික-01"
"නිර්නාමික-2"
"නිර්නාමික-3"
"නිර්නාමික-4"
"නිර්නාමික-5"
"නිර්නාමික-6"
"නිර්නාමික-"8
"නිර්නාමික-9"
"නිර්නාමික-10"
"නිර්නාමික-11"
"නිර්නාමික-12"
"නිර්නාමික-13"
"නිර්නාමික-14"
" නිර්නාමික-15"
" නිර්නාමික-16"
" නිර්නාමික-17"
" නිර්නාමික-18"
" නිර්නාමික-19"
" නිර්නාමික-20"
" නිර්නාමික-21"
" නිර්නාමික-22"
" නිර්නාමික-23"
" නිර්නාමික-24"
" නිර්නාමික-25"
" නිර්නාමික-26 "
" නිර්නාමික-27 "
" නිර්නාමික-28 "
" නිර්නාමික-29 "
" නිර්නාමික-30 "
" නිර්නාමික-31 "
" නිර්නාමික-32 "
" නිර්නාමික-33 "
" නිර්නාමික-34 "
" නිර්නාමික-35 "
" නිර්නාමික-36 "
" නිර්නාමික-37 "
" නිර්නාමික-38 "
" නිර්නාමික-39 "
" නිර්නාමික -40 "
" නිර්නාමික -41 "
" නිර්නාමික -42 "

"නිර්නාමික-7"

106 20 7
De BTS_taesite_

අශ්වින් කවදාවත් ආධිල්ට කිව්වෙ නෑ ප්‍රශ්න වලට මූණ දෙන විදිය . එයා කියලා දුන්නෙම ප්‍රශ්ණ වලින් පැනලා යන විදිය විතරයි කියල ආධිල් හිතා ගෙන හිටියා . අශ්වින් මැරුණෙ තමන්ගෙ තාවකාලික සතුටක් මත්තෙ විතරයි .

ආධිල්'s pov

ආපහු තාත්තා කෝල් කළාම කියන්න ඕනෙ මං විසි නම වෙනිදට වගේ ගෙදර එනවයි කියලා . නැත්නම් අම්මටත් ගෙදර කනක් ඇහිලා ඉන්න නැති වේවි . එක අතකට මං මෙහෙම ගෙදරින් ටිකක් හරි දුරක තිබ්බ කැම්පස් එකකට ආව එක හොදයි . ගෙදර ඉදන් එන්න ගියානම් මට මොනවා වෙයිද දන්නෑ .

තුහින මොනවා කරනවද දන්නෙ නෑ .

එහෙම හිතුව ආධිල් රෑ නවයට විතර තුහිනගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තා. .

තුහින : ආ කියපන් ආධිල් . මොකද මේ අපිව මතක් වෙලා ?

ආධිල් : අනේ මේ ලබ්බක් කියන්න එපා අයිසෙ . උඹව අමතක වෙන්න මං මැරිලා ඉපදුනායෑ... පුත්තලම් බූරුවා !

තුහින : ඈ යකෝ පොඩි පගයො... මොනාද තෝ කියන්නෙ මේ...?

ආධිල් : කොහෙද බල්ලො පොඩි ? තොගෙ වයසෙමනෙ මං .

තුහින : කියන්නෑ උඹේ ලොකු මොකද්ද කියලා මං ඉතින් . ආ ඒවා වැඩක් නෑ.... මොකද මේ හදිස්සියේ ?

ආධිල් : ම්ම්... උඹ අද ගෙදර යනවා කිව්ව නිසයි ගත්තෙ .

තුහින : ඔව් බං ඔහෙ ඉදලත් වැඩක් නෑනෙ. ඒ නිසා මං ඉතින් මෙහෙ ආවා . අහ් ඒක නෙවේ , උඹ යන්නෙ කවද්ද ?

ආධිල් : මට මේ වැඩ තොගේ ඉවර කරලා යද්දි 29 විතර වෙයි බං . තාත්තත් දවසට තුන් හතර ගමනක් අරගෙන දෙහි කපනවා . වැඩ කිව්වට අහන්නෙ නෑ බං.... මට නම් එපා වෙලා තියෙන්නෙ .

තුහින : මං අංකල්ට කතා කරන්නද ආධිල් ?

ආධිල් : නෑ බං . වැඩක් නෑ . මට නම් තේරෙන්නෑ මේ සේරම කොහොම හරියට මැනේජ් කර ගන්නද කියලා .

තුහින : උඹට ඕන නම් කියපන් මං එන්නම් උදව් කරන්න .

ආධිල් : නෑ නෑ බං පිස්සුද උඹට . ඔන්න ඔහෙට වෙලා ඉදපන් . මං කොහොමත් මේ ටික ඉවර වෙලා තමයි යන්නෙ . හෙට තාත්තා ට කියනවා . එයා කිව්වට බං මං මේවත් කර ගන්න එපැයි .

තුහින : ම්ම්... උඹව දකින්නත් ආසාවෙන් ඇත්‍තෙ . නොයා ඉන්නැතුව අනිවාර්යයෙන් ගිහින් බලලා වරෙම් .

ආධිල් : ම්ම්.... ඒක නෙවෙයි නිම්න අයියා මොකෝ ?

තුහින : අහ් .... ඌ බැන්දා බැන්දමයි මං දැක්කෙ නෑ යකෝ. බැන්දට පස්සෙත් ගිය්ස් අවුරුදු එක හමාරටම ගෙදර ඇවිල්ලා තියෙන්නෙ එක පාරයිනෙ බං. ඒ එද්දිත් මං ඉදියෙ නෑනෙ . අනික මාසෙකට එක කෝල් එකක්වත් ගන්නෑනෙ . අයියා ගැන නම් මට
තේරෙන්නෑ බං .

ආධිල් : ම්ම්....බලාම් ඒකෙත් හැටි . අපි හැමෝමටම එක එක විදියෙ ප්‍රශ්න තියෙනවා බං .

තුහින : ඔව් ආධිල් , අපිට තියෙන්නෙ වෙනස් ජීවිත විතරයි . එකම අහසක් යට . අපිට තියෙන ප්‍රශ්න ලොකු පොඩි කියලා වෙන් කරන්න බෑ . මොකද අපි ඒකට මුහුණ දෙන්නෙ කොහොමද ? ඒ මතයි ඒකෙ ලොකු පොඩි බව රදාපවතින්නෙ .

ආධිල් : ම්ම්.... උඹ හරි බං . මට හිතා ගන්න බැරි දේවල් ගොඩයි උඹ ගැන .

තුහින : ඇහ්.... ඒ මොනාද බං ...

ආධිල් : උබට වැඩක් නෑ . මං එහෙනම් තියන්නම් බං . දැන් කාලා නිදා ගන්නෝන. ... ගුඩ් නයිට්

තුහින : ම්ම්....යූ ටූ.

ෆෝන් එක ඇද උඩට දාපු තුහින බැල්කනි එකට ගිහින් ටිකක් වෙලා අහස දිහා බලං ඉදියෙ අමුතු සතුටකින් . සමහර විට කාලෙකින් ගෙදර ආව නිසා වෙන්න ඇති ....

" අයියෙ ? එක සැරයක් ඇවිල්ලා අම්මවයි තාත්තවයි බලලා යන්න බැරි ඇයි උඹට ...? හ්ම්.... "

තනියම මුමුණපු තුහින ගිහින් ඇදට වැටුණෙ නිදා ගන්න හිතා ගෙන.
සුපුරුදු විදියට තවද් දවස් ටිකක් ගෙවීගෙන ගියේ ආධිල් තමන්ගෙ වැඩ ටික ඉවර වෙන කොට . අද විසි නම වෙනිදා උදේ අටට විතර ආධිල් ගෙදර එන්න පිටත් උණා . තුහිනගෙ වගේ නෙවෙයි ආධිල්ගෙ ගෙවල් වලට කොළඹ ඉදන් මහ දුරක් තිබ්බෙ නෑ . ආධිල් ඉදියෙ කළුතර . කොළබ ඉදන් පැය එකහමාරක දෙකක දුරනෙ ඕන නම් . උදේ ට්‍රැෆික් නිසා ආධිල්ට ගෙදරට එන්න උදේ 10:30 ට විතර කිට්ටු කළා . ආධිල්ගෙ ගෙදරට මහ පාරෙ ඉදන් තිබ්බෙ මීටර් දෙසියපනහක විතර පොඩි දුරක් . බස් එකෙන් බැහැපු ආධිල් බෑග් එකත් කරේ දාගෙන හිමීට ගෙදරට ඇවිදගෙන ගියා . ගේට්ටුවත් ඇරගෙන ඇතුළට ගියපු ආධිල් දැක්කෙ මිදුළෙ අයිනකට වෙලා පොල් ගහක් උඩ බලාගෙන ඉන්න තමන්ගෙ අම්මව . සද්ද නැතුවම ආධිල් එතනට යන්න හදනකොට අම්මට ඉව වැටිලද කොහෙද අම්මා බැලුවෙ මිදුළ දිහා .

අම්මා : අනේ.... ආධිල් උඹ ආවද කොල්ලො ?කොහොමද ඉතින් ? මං මේ බැලුවා ඇයි ඒත් පරක්කු කියලා

ආධිල් : ම්ම්.... කොළබින් ට්‍රැෆික් එකට අහු උණා අම්මා . මොකද මේ අම්මා පොල් ගහක් දිහා බලං කල්පනා කරන්නෙ ?

අම්මා : නෑ බං . තව දවස් දෙකක් ගියාම පළවෙනිදනෙ පුතා . මේ පොල් ටික කඩා ගන්න මිනිහා ආවෙ දැනුයි .

ආධිල් : අප්පා.... මං දැන්නෙ පොල් ගහේ නැගන් ඉන්න හාදයව දැක්කෙ . ඒක නෙවෙයි .... කෝ අම්මෙ නංගි .

අම්මා : උඹ එනවා කිව්වම අන්න ඒකි කුස්සියට පැනගෙන මොනවද හදනවා.... ගිහින් බලපන් . මං මේ වැඩේ ඉවර කරලම එන්නම් .

ආධිල් : ම්ම්.... ඒක නෙවෙයි අම්මෙ. කෝ තා~

අම්මා : මේ ටිකේ ශොප් එකට කට්ටිය එනවා වැඩී කියලා ඔය උදේම ගියේ.... එද්දි රෑ වෙයි කොහොමත් .

ආධිල් : ම්ම්....

තමන්ගෙ කාමරේට ගිහින් බෑග් එක තියපු ආධිල් හිමින් සැරේ ඇවිදගෙන ගිය් කුස්සියට . ඒ යනකොටත් එයාගෙ නංගි මොකද්දෝ ලොකු වැඩක් .

ශනෙලි : අහ්..... අයියා . දැන්ද ආවෙ ?

ආධිල් : ම්ම්... මොනාද හදන්නෙ ?

ශනෙලි : අලුවා...ඔයා ආසයිනෙ . තේකක් හදන්නම්ද ?

ආධිල් : එපා ශනූ... මං වොශ් දාගෙනම එන්නම් . ආවම බොමු .

ශනෙලි : තාත්තා නම් බැන බැන ඉදියෙ ඔන්න .

ආධිල් : එයා හැමදාම ඔහොමනෙ ශනූ . බනින්නැති දවසක් තියෙනවද ? එක්කො මං . නැත්නම් අර අහිංසක අම්මා . උඹ නම් ඉතිම් බටර් පාර ගාගෙනනෙ ඉන්නෙ....

ශනෙලි : ඉතින් අනේ... මං මොනවත් කළා ඈ... එක අතකට්ස් එහෙම කියන්නත් එපා අයියෙ . එයා අපිට බැන්නට මෙච්චර කල් හොදට අපිව බලා ගත්තනෙ...

ආධිල් : ම්ම්... මං වොශ් දාගෙන එන්නම්...

ශනෙලි : හා...

ආධිල් වොශ් දාන්න යන කොට ශනෙලි ආපහු තමන් කර කර ඉඩ්ජපු වැඩේ කරන්න ගත්තා . තමන්ගෙ රූම් එකට ගියපු ආධිල් පැයක් විතර හොදට වොශ් දා ගත්තා . ටවල් එකත් වැලට දාපු කොල්ලා ආපහු ගිහින් කිචන් එකේ තිබ්බ ඩයිනින්ග් ටේබල් එකේ පුටුවක් ඇදගෙන වාඩි උණා .

ආධිල් : කෝ ශනූ අම්මා . තාම පොල් කඩලා ඉවර නැද්ද ?

ශනෙලි : පල්ලෙහා ගස් දෙක තුනකත් කඩන්න තියෙනවා කිව්වා . තව ටිකක් වෙලා යයි . අයියා තෙ බොනවද ?

ආධිල් : එපා ශනූ... ටිකක් ඉදලා බත්ම කමු . කොහොමද ඉතිම් ඉස්කෝලෙ වැඩ එහෙම . පාඩම් කරපන් ශනූ ආ... මෙතන කුස්සියේ අලුවා හැදුවා කියල තමා උඹට ලියන්න වෙන්නෙ නැත්නම් .

ශනෙලි : හරි හරි වදේ... තවුසෙ නම් මහ මොන ගෙම්බෙක්ද මංදා....

ශනෙලි එහෙම කිව්වෙ මූණ දෙල් හට්ටිය වගේ හදාගෙන ආධිල්ට කපලා අයින්කරන අලුවා කෑළි ටිකක් දෙන ගමන් .

ආධිල් : ගෙම්බා වෙයි....

ශනෙලි : මේ ඕයි... ඒක නෙවෙයි තවුසෙට කෙම්ලෙක් නැද්ද ? ඔය කැම්පස් වල ඉතිම් ලස්සන ලස්සන අක්කලා නංගිලත් ඉන්නවනෙ ඉතිම් වැහි වැහැලා .

ආධිල් : යා... නෑ . උඹට ඒවා වැඩක් නෑනෙ . මං බදින්නෙ කොල්ලෙක් . ඉවරනෙ එතකොට....

ශනෙලි : සා.... මාත් BL fan කෙනෙක් හරිය ?

ආධිල් : ආශ්.... මුන් නම් . මං යනවා යන්න....

ශනෙලි : අයියෙ ඔන්න මං අද කිව්වා කියලා හිතා ගනිම් බෝ.... උබ ඒම කරනවනම් මේ මට කියපන් . මේ නංගි පුල් සප් එක දෙනෝ බොම්කෙන්ම ....

තමන්ගෙ රූම් එකට යන්න ගිය ආධිල් දිහා බලා ගෙන ශනෙලි එහෙම කිව්වෙ අලුවා අයින් කපපු අලුවා කෑලි ගොඩක් තමන්ගෙ කටේ ඔබා ගන්න අතරෙ .

කරන්න වැඩකුත් තිබ්බෙ නැති නිසා ආධිල් ගිටාර් එක අරගෙන වත්ත අයිනෙ තිබ්බ බංකුවට ගියේ පොතකුත් උස්සගෙන . අලුත් තනුවක් හරි හදන්න හිතා ගෙන . ආධිල් සංගීතෙට වහ වැටුණ කෙනෙක් . එයා ඒකෙන් සුවපත් වෙනවා . ඒ වගේම අනිත් අයවත් සුවපත් කරන්න ආධිල්ගෙ සංගීතයට වගේම කටහඩට පුළුවන් උණා....

දවල්ටත් කාලා නිකංම හවස් උණේ අම්මයි නංගී එක්ක ආගිය තොරතුරු කතා කර කර ඉදපු නිසා . හවස හත හතහාමාර විතර වෙනකොට තාත්තගෙ කාර් එක ගෙදර ඉස්සරහ නතර උණේ ආධිල්ගෙ මූණ නරක් වෙන කොට .

තාත්තා : අහ්.... ආවද යන්තන් ?

ආධිල් : ඔව් තාත්තෙ . මං දහය විතර වෙද්දි ආවා .

තාත්තා : ම්ම්.... උඹට සිය සැරයක් කියන්න ඕන නේ ගෙන්න ගන්න ?

ආධිල් : මට වැඩ තිබ්බා තා~

ශනෙලි : කැහ් ආ... ආ තාත්තේ වොශ් දාගෙන එන්නකො මට බඩගිනී....

ශනෙලිගෙ කතාවට හා කියපු තාත්තා එතනින් ගියේ වොශ් දාගෙන එන්න .

ශනෙලි : අයියා ! කියවගෙන යන්න එපා . දන්නවනෙ එයා නුහුරටමයි කියලා...

ආධිල් : ඒත් ශනූ මං ~

අම්මා : සද්ද නොකර ඉන්න පුතා . ඉස්සර ඉදන්ම ඔහොමනෙ . ඕවා හදන්න බෑ... ඔයා සාමාන්‍ය විදියට ඉන්න .

At the dining table

තාත්තා : කොහොමද ආධිල් කැම්පස් එකේ වැඩ ?

ආධිල් : කෙරීගෙන යනවා තාත්තෙ ! විශේශ දෙයක් නෑ .

තාත්තා : උඹට කවදද බං විශේශ මොනා හරි තිබ්බෙ . ඇහුවොත් ඇත්නම් විශේශ දෙයක් නෑ .

අම්මා : තිබ්බ්නම් පුතා නොකියා ඉන්නෙ නෑනෙ ජයසිංහ .

ශනෙලි : ඒක නම් ඇත්ත . ඕවගෙ කොහොමත් හැමදාම ලෙක්චර්ස් නෙ තියෙන්නෙ . එක වගේ....

තාත්තා : ම්ම්... උඹලා තරම් මං ඉගෙන ගෙන නෑනෙ බං ඉතින් .

ශනෙලි : කවුද තාත්තෙ එහෙම කිව්වෙ ?

අම්මා : ඒක තමයි ජයසිංහ ....

ශනෙලි : අම්මෙ.... මේ ඒක නෙවෙයි මේ පොළොස් කොහෙන්ද ?

අම්මා : අපේ ගහෙන් ශනූ.... තාත්තා හිටෙව්වෙ අවුරුදු ගාණකට කලින් . එතකොට අයියටත් වයස අවුරුදු දෙකක් විතර .

තාත්තා : මං හිටෙව්වෙ නෑ .

ආධිල් : එහෙනම් ඒ ගහ සීයා~

තාත්තා : මං හිටවපු ගස් ගැන මං හොදට දන්නවා~

ආධිල්ගෙ මූණට දමලා ගහනවා වගේ එහෙම කිව්ව තාත්තා එතනින් නැගිටලා යන්න ගියේ ආධිල්ගෙ අම්මා පපුවටත් අත තියාගෙන බලං ඉන්න කොට .

ආධිල් : මොකද්ද අම්මෙ ඒ කතාවෙ තේරුම ?

ශනෙලි : මහ දෙයක් යෑඅනේ . තාත්තා නෙවෙයි වෙන්න ඇති ගහ හිටෙව්වෙ .

අම්මා : හා හා ඔය කතා ඇති . ශනූ එන්න මා එක්ක මේ ටික අස් කර ගන්න .

ආධිල් එතනින් නැගිටලා උඩ තමන්ගෙ රූම් එකට ගිහින් දොර ලොක් කරගෙන ඇදේ මුණින් අතට වැටුණා .

ආධිල්'s pov

" තාත්තා හිටවපු ගස් " කියන්නෙ මොනාද ? ඒ කියන්නෙ ඒ ගහ හිටෙව්වෙ එයා නෙවේද ? එයා කොස් ගහ කියලා ඇගෙව්වෙ මං ගැන නම්...ඒ කියන්නෙ මං එයාගෙ දරුවෙක් නෙවෙයි කියලද ඒ කිව්වෙ ?

නෑ නෑ මොනවද ආධිල් උඹ මේ හිතන මළ විකාර . මං එයාගෙ දරුවෙක් නෙවෙයි නම් එයා අඩු ගාණෙ මං දිහා බලන්නෙවත් නෑ . ඒ තරම් මාන්නයක් තියෙනවනෙ තාත්තට ....

කල්පනා ලෝකෙන් ඈත් වෙලා තමන්ගෙ ගිටාර් එක අතට ගත්ත ආධිල් බැල්කනි එකේ පුටුවක් තියාගෙන ලස්සනට සිංදුවක් මිමිණුවේ හිතේ තිබ්බ බර ගතිය මැකිලා යාවි කියලා හිතා ගෙන .

Some nights, I don't even sleep
Chest tight with anxiety..
Stay up to see the moon leave the sky
Some days, I'm not even me
Same old insecurities
They tell me there's something going wrong inside....
I've been there, down that road
When you need me, I'll be here to let you know....

It's gonna be okay
Everyone needs a bad day
Remember you told me ,
You're not alone, just pick up the phone....

And call me whenever you're feeling lonely
Remember you told me ,
You're not alone, just pick up the phone....

















______________________

අලෝ බූත පැටවුනේ .
කෝමද චැපිය ?
🎀🧸💜

Continue lendo

Você também vai gostar

4.3K 697 11
""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අදත් පිට කලා.ජීවිතයේ අමාරුම සීත ඍතුව ගෙවම...
4.1K 814 15
සුදු කඩුපුල...🕊️🖤 Published :- 2023/09/24 "ඇයි මේ මගේ කඩුපුලට පිනි වැටිලා....ම්ම්ම්...පින්න වැටෙන්ඩ තරම් මොනවද මගේ පැටියා බුදුන් ඉස්සරහ ඉදන් ප්‍ර...
1.3K 212 7
" ආදරේ දැනෙන්න මට උබගේ අරහෙන් මෙහෙන් අල්ලන්න ඕන නෑ බන්.. ආදරේදී මුලින්ම ඇල්ලෙන්නේ ඇස් වලින්.. හරියට මං උබේ ඇස් මගේ ඇස් වලින් ඇල්ලුවා වගේ "
21.3K 1K 40
Dealing with an abusive Uncle took a toll on Kennedy. However her friendship with Diya kept her sane, sometimes even alive. Diya meant everything to...