මානස (Completed)

By NirMad238

58.6K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

54

464 90 38
By NirMad238

"You are the strongest boy in the whole world patiyo,
So I know whatever the things we have to go through we are gonna make it.
Let's hold our hands tight!
And that only would be enough to overcome all the obstacles in life.
As long as I have you and you have me,
All else is just insignificant and unimportant.
We are enough my Snowdrop!
You and me are more than enough!"

Hospital එකේ waiting area එකේ ඉඳගෙන ඉන්න ගමන් මගේ ඔළුව එයාගෙ උරහිස උඩ තියාගෙන අයියා හෙමීට මුමුණනවා.
සැරින් සැරේට එයාගෙ තොල් දෙක මගේ ඉස්මුදුනට තද වෙනවා.
එයාගෙ ඉණ වටේට අත දාගෙන මං එයාව තවත් ටිකක් මගේ ලඟටම ලං කරගන්නවා. ඒ උරහිසට මගේ තොල් තද කරනවා.

ඔව් අයියේ!
මට නම් ඔයාව ඇරෙන්න වෙන කිසිම දෙයක් ඕනෙ නෑ.
පාරක අගු පිලක වුනත්, දවස් ගනන් කෑමක් බීමක් නැතුව වුනත්,
ගහන්න පන්නන මිනිස්සු අස්සෙ වුනත්,
ජීවත් වෙන එක මට මහා ප්‍රශ්නයක් නෙමෙයි.
ඒත් ඔයාට එහෙම ජීවත් වෙන්න ඉඩ දෙන්න මට කවදාවත්ම බෑ.
ඔයා කුමාරයෙක්!
ඔයා ජීවත් වෙන්න ඕනෙ රජ මාළිගාවක.
ඉතින් ඔයාට ගැලපෙන ඔයාගෙ රජ මාළිගාව හදන්න මං අද ඉඳන් හැමදාමත් මහන්සි වෙන්නම්.
රෝස මල් අතුරපු පාරක් දිගේ කවදාහරි දවසක ඔයාගෙ අතින්ම ඒ මාළිගාවෙ දොරවල් ඇරවන්නම්!

කිසිම දෙයක් නැතුව අන්ත අසරණ වුන මේ හිඟන කාලකණ්ණියා දිහා ලෝකෙ තියෙන වටිනම දේ විදිහට බලන්න පුළුවන් ඔයාටම විතරයි.
ඔයාගෙ ආදරේටම විතරයි.
ඉතින් හැමදාමත්ම මගේ මුළු ජීවිතේම ඔයා වෙනුවෙන් විතරක්ම වෙන් කරන්න මට ඉඩ දෙන්න මගෙ අයියෙ.
ඔයා තමයි මනුස්සයෙකුට ලැබෙන්න පුළුවන් ලොකුම වගේම හොඳම තෑග්ග!
.
.
.
.
.
.
.
.
"පරිසරය තමයි මේ වගේ ඇබ්බැහිකම් වලින් මිදෙන්න ගොඩක්ම බලපාන්නෙ.
ඒ සුපුරුදු පරිසරයෙන්, යාළු මිත්‍රයන්ගෙන් ඈත් වෙන එක තමයි ප්‍රධානම දේ.
සාමාන්‍ය ජීවිතේදි ඒක කරන්න අමාරුයි නම් rehabilitation center එකකට ගිහින් ප්‍රතිකාර ගන්නත් පුළුවන්."

Doctor තත්වෙ විස්තර කරලා දෙද්දි මං අයියා දිහා බැලුවා.
ඔයාව දාලා මාස ගාණක් කොහේවත් ගිහින් ඉන්න නම් මට බෑ අයියෙ.
මං නෑ කියලා දැනගත්තම ඔයාට අරුන් කරදරයක්වත් කරයිද කියලා කවුද දන්නෙ?

"Doctor,
At first can we try without going to a rehabilitation center?
If it fails we'll come back."

අනේ ඉතින් මගේ අයියා බබා,
එයාට මට ඕනෙ දේ ටක් ගාලා තේරෙනවා.
පොඩ්ඩක් මූණ ඇඹුල් කරලා එයාගෙ දිහා බලන්න විතරයි තියෙන්නෙ.

"Sure,
Thats ok.
But I have to warn you.
Because you have taken a lot of different kinds of substances, coming out of all that could be extremely difficult.
You would benefit a lot from a specialized rehabilitation center.

මං ආයෙම සිංහලෙනුත් කියන්නම් මේක හොඳින්ම පැහැදිලි වෙන්න ඕනෙ නිසා.
පුතා ගොඩාක් දේවල් පාව්ච්චි කරලා තියෙන නිසා මේ දේවල් වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්.
ඒ නිසා rehabilitation center එකකට යන එකයි වඩාත් සුදුසු.

සාමාන්‍යයෙන් දවසක් දෙකක් වගේ යනකල් ඇතුලත හුඟාක් වෙලාවට ඇඟේ අමාරුකම්,
වමනෙ, බඩ බුරුලට යන එක,
අධික කලබල ගතිය වගේ දේවල් දැනෙන්න පටන් ගනියි.
මේ දවස්වලට හුඟාක් වෙලාවට saline දෙන්න වුවමනා කරනවා. මොකද කටින් කිසිම දෙයක් කන්න බොන්න බැරි තත්වෙට පත් වෙලා යන නිසා.
දවස් පහ හයක් යද්දි මේ තත්වෙ උපරිමේටම වැඩි වෙලා ටිකෙන් ටික අඩු වෙලා යයි.
මම ඒ අමාරුකම් වලට බෙහෙත් දෙන්නම්.
ඒත් බෙහෙත් එක්ක වුනත් මේ දේවල් දරාගන්න අමාරුයි හුඟක් වෙලාවට.
ඒ නිසා ඔයාගෙ ලඟින්ම කාටහරි ඉන්න වෙනවා.
සමහර වෙලාවට මේ වේදනාවල්, හිත් අමාරුකම් දරාගන්න බැරි කමටම ජීවිතේ නැති කරගන්න වුනත් හිතෙන්න පුළුවන්.

හැබැයි සතියක් විතර යද්දි මේ ඇඟේ අමාරුකම් අඩු වෙලා යයි.
ඒත් හිතට දරුණු පීඩාකාරී ගතියක්, ජීවිතේ කිසිම තේරුමක් නෑ කියලා හිතෙන ගතියක්,
කිසිම දේකින් සතුටක් දැනෙන්නෙ නැති ගතියක් යම්කිසි කාලයක් පුරාවටම,
ඒ කිව්වෙ මාස ගණනාවක් වුනත් තියෙන්න පුළුවන්.
ඉතින් හැම මොහොතකම හොඳ අවධානයෙන් කවුරුම හරි කෙනෙක් ඉන්න ඕනෙ.
මොකද ජීවිතේ ගැන දරුණුවටම කලකිරුණ කෙනෙක් මොන වගේ දේවල් කරන්න පෙලඹෙයිද කියන්න බෑනෙ.

හැබැයි මං මේ දේවල් කියන්නෙ ඔයාලව අධෛර්යමත් කරන්න නෙමෙයි.
වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන අවබෝධයක් ලබාගන්න.
පුතා තාම තරුණයි. ඒ නිසා මේ දේවල් වලින් අත්මිදෙන්න තියෙන අවස්ථාව වැඩියි.
මේ වගේ දේවල්වලට ඇබ්බැහි වෙලා ඉඳලා ඒවයින් අත්මිදුන මිනිස්සු ඕන තරම් ලෝකෙ පුරාම ඉන්නවා.
සමහර ගොඩාක් ප්‍රසිද්ද මිනිස්සු පවා.
ඒ නිසා කලබල වෙන්න එපා.
ඒත් වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන දැනගෙන හිත හයිය කරගෙනම වැඩේ පටන්ගන්න."

Doctorගෙ වචනත් එක්කම මට අයියා දිහා බැලුනා.
ඇත්තටම මං හිතුවෙ නෑ ඒක මේ තරම් අමාරු ඇති කියලා. ඇඟේ අමාරුවට බෙහෙත් ටිකක් ගත්තම හරි යයි කියලා හිතුනෙ.
ඒත් ඉතින් මේ කියන හැටියට මේ කරුමෙන් ගැලවෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි.
අයියට සේරම වැඩ පැත්තකට දාලා මාත් එක්කම ඉන්න වෙයි මාස ගානක්.

එයා නම් ඒක වුනත් කරයි.
හැබැයි ඉතින් අපිට කන්න බොන්නවත් සල්ලි හොයාගන්නෙ කොහොමද එහෙම?
අනික මට මෙච්චර අමාරු වෙයි නම් මුඩුක්කු වත්ත පැත්තෙ යන්නත් බැරි වෙයි. එතකොට විල්සනයා පිස්සු බල්ලෙක් වගේ මාව හොයන්න ගනී.
අන්තිමේ මං උගෙන් ගැලවෙන්න යනවා කියලා දැනගත්තොත් මාවයි අයියවයි දෙන්නවම මරලා දායි.
ලෙඩා දුකා වෙච්ච මට ඌට fight එකක් දෙන්නවත් බැරි වෙයි.

අනේ දෙයියනේ!
දැන් මොකද්ද අප්පා මං කරන්නෙ?

මං ආයෙම අයියා දිහා බැලුවා.
හැබැයි එයා නම් මං තරම් කලබල වෙච්ච බවක් පෙනුනෙ නෑ.

"Doctor can you give us the details of those rehabilitation centers?
Like how we can enroll there and all?"

හපොයි ඉතින්!
දැන් මේ මිනිහා මාව ඒකකට ගෙනිහින් අතාරින්නද හදන්නෙ එතකොට?

"Yes.
We have lots of rehabilitation centers.
I'll give you some lists and links of those.
If you decide to admit in one of those, let me know and I'll give you a referrel letter."

"Ok.
Thank you doctor.
But we want to check if he has got any infections as well."

"Yes,
We should definitely do that.
But again I have certain things to let you know beforehand.
මෙහෙම drugs inject කලාම හැදෙන ලෙඩ වර්ග ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා.
1) hepatitis B,
2) hepatitis C,
3) HIV නැත්තම් human immunodefficiency virus.
ඊට අමතරව ඒ inject කරන තැන්වල තුවාල, ගැටිති වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්.
හැබැයි ඒවා බොහෝ විට ඒ තරම් ප්‍රශ්නකාරී නැහැ.

එතකොට අපි මුලින්ම කියපු ලෙඩ වර්ග තුන ගත්තොත් Hepatitis B තමයි needles වලින් ගොඩාක්ම spread වෙන්නෙ. හැබැයි මේකට නම් vaccine එකක් තියෙනවා.
ඒක සාමාන්‍යයෙන් පොඩි ළමයින්ට දෙනවා. ඒත් ඇඟේ ඒකට වුවමනා antibodies අවශ්‍ය හැදිලා නැත්තම් මේ අසනීපෙ හැදෙන්න පුළුවන්.
එතකොට hepatitis c, HIV දෙකටම මෙහෙම vaccines නැහැ.

ඊලඟට hepatitis B හැදෙන අයගෙන් 90%කටම මේක මාසයක් දෙකක් ඇතුලත හොඳ වුනත් 10%කට දිගු කාලීනව මේ virus එක ඇඟේ පවතිනවා.
එතකොට අක්මාවෙ සිරෝසිස් තත්ව, පිළිකා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.

එතකොට Hepatitis C තමයි needles වලින් පැතිරීමේ හැකියාව ඊලඟට වැඩි එක. මේක හැදෙන අයගෙන් 30%ක් විතරයි සුව වෙන්නෙ. 70%කටම දිගුකාලීනව virus එකේ බලපෑම් ඇති වෙලා පිළිකා, සිරෝසිස් තත්ව ඇති වෙන්න පුළුවන්.

HIV අනිත් අසනීප දෙකට සාපේක්ෂව තරමක් අඩුවෙන් තමයි needles වලින් පැතිරෙන්නෙ. හැබැයි හැදුනොත් නම් සුව වීමක් සිද්ද වෙන්නෙ නෑ.
මේ virus එක ශරීර ගත වෙලා නම් ඒකත් එක්ක හැමදාමත් ජීවත් වෙන්න සිද්ද වෙනවා.
එතකොට මේ hiv attack කරන්නෙ අපේ ඇඟේ තියෙන විශබීජ විනාශ කිරීමේ හැකියාවට. ඉතින් මේ හැකියාව නැති වෙලා යනවා කියන්නෙ අපේ අවට තියෙන බොහොම සාමාන්‍ය බැක්ටීරියා වෛරස කෝටි ප්‍රකෝටි ගණනකටම අපිව අඩපණ කරලා විනාස කරලා දාන්න පුළුවන් වෙන එක. මෙන්න මේ තත්වෙට කෙනෙක් පත් වුනාම අපි කියනවා AIDS එහෙමත් නැත්තම් acquired immune defficiency syndrome කියලා. AIDS කියන තත්වෙට පත් වුනොත් නම් ජීවිත කාලය ගොඩාක් අඩු වෙලා යනවා.
හැබැයි දැන් වෛද්‍ය විද්‍යාව ගොඩාක් දියුණු නිසා AIDS තත්වෙට යන්න නොදී hiv පාලනය කරන්න පුළුවන් බෙහෙත් තියෙනවා. හැබැයි මේවා වලින් ලෙඩේ පාලනයක් මිසක් සුව වීමක් වෙන්නෙ නෑ.
හැබැයි සෑහෙන කලක් ඒ කිව්වෙ බොහෝ දුරට සාමාන්‍ය ආයු කාලයටම ආසන්න කාලයක් හොඳින් ජීවත් වෙන්න පුළුවන් බෙහෙත් හරි විදියටම හැමදාමත් ගන්නවා නම්.

හැබැයි මේ වෛරස් තුනෙන් ඕනෙම එකක් තමන්ගෙ ඇඟේ තියෙනවා නම් sexual activities වලින් ඒක අනිත් කෙනෙකුට බෝ වෙන්න පුළුවන්.
ඒ නිසා අනිවාර්යයෙන්ම තමන්ගෙ partnersලව මේ ගැන දැනුවත් කරන්න ඕනෙ.
ඒ වගේම එයාලටත් ඇවිත් check කරගෙන බලන්න කියන්න ඕනෙ මේ අසනීප දැනටමත් එයාලට බෝ වෙලා තියෙනවද කියලා.
ඒ වගේම sexual activities වල නිරත වෙනවා නම් අනිවාර්යයෙන්ම condoms use කරන්න ඕනෙ.
ඒ කිව්වෙ මුඛ, ගුද, යෝනි ඕනෑම ආකාරයක සංසර්ගයකදී.

හැබැයි kiss කරන එකෙන්, ලඟින් ඉන්න එකෙන්, එකම washroom එක use කරන එකෙන්, එක ගෙදරක ජීවත් වෙන එකෙන් මේවා බෝ වෙන්නෙ නැහැ.

එතකොට ඊලඟට මේ virus තුනෙන් එකක් හෝ ඇඟේ තියෙනවා නම් ලේ දන් දෙන්නත් සුදුසු නෑ. මොකද ලේ වලිනුත් මේක පැතිරෙන නිසා.

මං මේ දේවල් කිව්වෙ test කරන්න කලින් සිද්ද වෙන්න පුළුවන් දේවල් ගැන සාමාන්‍ය මට්ටමේ අවබෝධයක් හරි ලබාගන්න ඕනෙ කරන නිසා.
නමුත් මේ ගැන හිතලා හිත අධෛර්යමත් කරගන්න එපා. ඉස්සෙල්ලත් කිව්වා වගේ වෛද්‍ය විද්‍යාව එන්න එන්නම දියුණු වෙනවා. ඉතින් කාලෙත් එක්ක මේවට දැනට තියෙනවාටත් වඩා හොඳ ප්‍රතිකාර නිර්මාණය වෙයි.

මං අවශ්‍ය කරන tests ටික ලියලා දෙන්නම්.
ඒ ටික lab එකට පෙන්නලා ලේ දෙන්න. Reports ආවම lab එකෙන් call එකක් දෙයි. එතකොට ආයෙම ඇවිත් මාව මුණ ගැහෙන්නකො.

ඊලඟට මං අවශ්‍ය කරන බෙහෙත් ටිකත් ලියලා දෙන්නම්. ඒවා පාවිච්චි කරලා බලන්න. හැබැයි ගොඩාක් අමාරු වෙනවා නම් අනිවාර්යයෙන්ම hospital එකට ඇවිත් admit වෙන්න."
.
.
.
.
.
.
මං hospital එකෙන් එලියට ඇවිදගෙන ආවෙ හීනෙන් වගේ.
අයියත් මං වගේමයි.
අපි දෙන්නම කිසිම කතාවක් නැතුව අත් අල්ලගෙන කෙලින්ම ආවෙ beach එක ලඟට.

මට ඕනෙ අයියට තුරුල් වෙන්න.
තුරුල් වෙලා අඬන්න.
මට බයයි.
ගොඩාක් ගොඩාක් බයයි.
මොකක්ම හරි කරුම ලෙඩක් ඇඟ අස්සට රිංගගෙන නම් මං මොකද්ද කරන්නෙ?

එහෙම වුනොත් මට අයියටත් ඒ ලෙඩේ බෝ වෙන්න දෙන්න බෑනෙ.
එතකොට මැරෙන කල්ම එකම ඇඳක තුරුල් වෙලා විතරක් නිදාගන්නද වෙන්නෙ අපිට?
Condoms use කරන්න කිව්වට ඕකක් වැරදිලා හරි පිපුරුවොත් මොකද වෙන්නෙ?

අනික් අතට අයියව මගේ ලඟ තියාගෙන මං එයාට අසාධාරණයක් නෙමෙයිද එහෙම වුනොත් කරන්නෙ?
ඒත් එයා කවමදාකවත් මාව මේ වගේ හේතුවක් නිසා තනි කරලා යන්නෙ නෑ කියලා මං දන්නවා.
එයා හැමදේම දරාගෙන මාව පොඩි ළමයෙක් වගේ බලාගනියි.
ඒත් ඒක එහෙම වෙන්න දෙන්න බෑනෙ.
මට නැතත් එයාට හරි ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනෙ.

"Ayye,
If I have anything like he said,
Please leave me!
Don't stay and ruin your life too.
I need to be punished for my foolishness.
Not you.
You deserve a beautiful wonderful life ayye.
Don't leave everything because of me.
At least if you are happy, I can die in peace."

පැය කීපෙකට කලින් දැක්ක හැම ලස්සන හීනයක්ම මගේ කකුල් දෙක ලඟ සුනු විසුනු වෙලා යන්න හදනවා වගේ මට දැනෙන්නෙ.
කොච්චර හිත හයියයි කියලා හිතාගෙන හිටියත් මට මේ දේවල් දරාගන්න බෑ දෙයියනේ.
මට වෙන කිසිම දෙයක් ඕනෙ නෑ.
ඕනෙ අයියව විතරයි.
ඒත් ඒ එකම දේ ලබාගන්නත් ඇයි මෙච්චරම බාධා?

"Patiyo,
Don't panic.
The results didn't come out yet.
Once they arrive we'll see.
But remember this.
Whatever it's gonna be, we have a promise.
We are gonna hold our hands together.
We are enough Snowdrop!
We don't need anything else.
So please relax ok!
And don't even think about leaving me because of some stupid test result.
If you do so, you'd have to come to my funeral very soon."

හරිම calm විදියට කතාව පටන් ගත්ත අයියා නපුරුම නපුරෙක් වගේ ඇස් දෙකත් රතු කරගෙන තමයි කතාව ඉවර කලේ.
ඇත්තටම මෙයාව මෙහෙම දකින මනුස්සයෙක් vampire කෙනෙක් කියලා හිතලා බය වෙන්න වුනත් ඉඩ තියෙනවා.
ඒ තරම් යක්ශ පාටයි.
ඒත් මං නම් ආදරෙයි මේ යක්ශයට මාරම ගොඩක්!
ඒ නිසාම මට බයයි.
මේ ලස්සන යක්ශ කොල්ලට යන්න දෙන්නත් බෑ.
තියාගෙන මං වගේම ඌටත් කාලකණ්ණි වෙන්න දෙන්නත් බෑ.
උගේ හිත රිද්දනත් බෑ.
ඉතින් මොකක් කරන්නද කියලා හිතාගන්නත් බෑ.

"Ayye!
I love you!"

අයියගෙ ඇඟට තුරුල් වෙලා මං එයාගෙ පපුව අස්සට ඔළුව ගහගත්තා.
එයා හෙමීට හරිම සනීපෙට මගේ ඔළුව අතගානවා.

"Well, I found a boy, stronger than anyone I know
He shares my dreams, I hope that someday I'll share his home
I found a love to carry more than just my secrets
To carry love, to carry world of our own

We are still kids but we're so in love
Fighting against all odds
I know we'll be alright this time
Darling, just hold my hand
Be my boy, I'll be your man
I see my future in your eyes....."

අයියා perfect සින්දුවේ වචන පොඩ්ඩක් එහා මෙහා කරලා ලස්සනට තාලෙට කියනවා.

"Baby, I'm dancing in the dark
With you between my arms
Barefoot on the grass
Listening to our favourite song
When I see you all the time
Looking so wonderful
I don't deserve this
Darling, you look perfect tonight

No, no, no

Baby, I'm dancing in the dark
With you between my arms
Barefoot on the grass
Listening to our favourite song
I have faith in what I see
Now I know I have met an angel in person
And he looks perfect
I don't deserve this
You look perfect tonight"

අයියව තවත් ටිකක් තද කරලා බදාගෙන මං එයාගෙ උකුල උඩින් ඔළුව තියාගත්තා.
එයා සැරින් සැරේට මගේ ඔළුව kiss කරනවා.
ඉතින් මගේ හිතේ තියෙන දෙගිඩියාව පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙලා යනවා.

දරුණුම ලෙඩේ හැදෙන්න තියෙන්නෙ පොඩි ඉඩක්නෙ. මං එහෙම ගොඩාක් කල් මේ ජරාවල් පාවිච්චි කරලත් නෑනෙ. ඒ නිසා බොරුවට බය වෙන්න ඕනෙ නෑ. අයියා කියනවා වගේ reports එනකල් ඉවසගෙන ඉන්නවා.
Reportවල මොකක්ම හරි අවුලක් තිබුනොත් අයියත් එක්කත් කතා කරලා බලලා හොඳ විසඳුමකට එනවා.
ඔය sex toys කියලත් ජාති තියෙන්නෙ ඉතින් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න.
මට මොකක් හරි ලෙඩක් හැදිලා නම් සල්ලි හොයාගෙන අයියට ඒවා සෙට් එකක් අරන් දෙනවා.
තව ඉතින් අත්, කකුල් එහෙමත් ඔය වගේ වැඩ වලට use කරන්න පුළුවන්නෙ.
අනික ඉතින් Sex නැති වුනා කියලා අපේ ආදරේ කොහොමටවත් නැති වෙන්නෙ නෑනෙ.
ඒ නිසා දැන් මේ ගැන හිතලා depress වෙන්න ඕනෙ නෑ.
අයියව ආයෙම ඈත් කරනවා වගේ දෙන්නම දුක් වෙන්න විඳින දේවල් කරන්න ඕනෙත් නෑ.
නැත්තම් අන්තිමේදි ලෙඩෙන් නෙමෙයි හිතේ අමාරුවෙන්ම දෙන්නම මැරිලා යයි.

කොහොමත් මේ මොන ලෙඩේ හැදුනත් අවුරුදු විස්සක් තිහක්වත් බේත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයිනෙ doctor කියපු හැටියට.
ඉතින් ඒ මදෑ.
අයියගෙ ලඟින් එච්චර කල් ඉන්න ලැබෙන එකම ලස්සනම ලස්සන හීනයක් වගේ.
ඉතින් ඒ හොඳටම ඇති!
ආයෙම මොනම හේතුවකටවත් මං ඔයාට රිද්දන්නෙ නම් නෑ අයියෙ.
ඔයා තමයි මගේ හැමදේම!

"Patiyo,
Now we have to think about stopping your drugs.
Don't you think going to a rehabilitation center is better?
If you get really sick, they will have better help there.
I just want the best for you patiyo..!"

මේ හැමදේම මැද්දෙත් අයියා මෙච්චර සන්සුන්ව කතා කරන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෙ නෑ.
එයා කතා කරද්දි හිත නිවෙනවා.
මේ කිසිම දෙයක් ගැන ලොකුවට දුක් වෙන්න, බය වෙන්න ඕනෙ නෑ කියලා හිතෙනවා.
අපිට මේ හැම ප්‍රශ්නයක්ම මැද්දෙන් අපේ පාර ලස්සනම ලස්සනට හදාගන්න අනිවාර්යයෙන්ම පුළුවන් කියලා හිතෙනවා.
මගේ ලස්සනම ලස්සන අයියෙ, ඔයා හැමදාමත් වගේ මහා කුණාටු මැද්දෙදිත් මගේ ලෝකෙට පාට පාට එලිය අරන් එනවා.

"Ayye,
I can't be that sick for long.
Wilson would look for me and get mad.
If he finds out I'm on treatment he might even try to harm us."

"I was thinking about that patiyo.
I really don't want you to be in any danger.
But what if we lie to him.
What if you tell him that there's been some problem at home and you are going there?
You'd be really sick for like 7 days.
Afterwards things would start to get better little by little.
Don't worry about you getting depressed.
I'd never let that happen.
I'll be ready to pour you with all the happiness in the world.
And you'll start to feel better in no time.

Now let's buy some take away and run home.
I'm starting feel lonely without cuddling my fluffy angel!
I want to hug you so so tight and crush you into pieces.
I love you like crazy patiyo!
Sometimes I feel like I'm gonna die!"

අනේ ඉතින් මගේ කෝලම් හාවා කැන්ගරූ අම්මෙක් වගේ මාවත් කිහිල්ලෙ ගහගෙන පැන පැන යන්න ගත්තා.
මෙයා නම් දැන් ඕනවට වඩා වැඩියි අප්පා. මාව පොලේ ගෙනියන මල්ලක් වෙන තත්වයක් තියෙන්නෙ. මෙයා මෙහෙම බට්ටිච්චෙකුට වගේ මට සැලකුවාට මං දහයකට වුනත් ගහන්න පුළුවන් මැරයෙක් දෙයියනේ!!!
මං බිත්තර ගෙඩියක් නෙමෙයියෝ!!!!

හිත ඇතුලෙන් කෑගැහුවට ඉතින් මෙයාගෙ ලඟින් ඈත් වෙන්න හිතෙන්නෙත් නෑනෙ මට.
ඒකනෙ වැඩේ.
තවත් ටිකක් ගුලි වෙලා එයාගෙ අස්සටම රිංගගන්නනෙ හිතෙන්නෙ.
අනේ ඉතින් මේ කිරි සුදු හාවෙක් මටත් කරපු දෙයක්.
හාවගෙ කකුල් දෙකත් ලෙවකන බල්ලෙක් වෙන තත්වෙටම ඇවිත් තියෙන්නෙ දැන් මාත්.
ඒත් ඒකට නම් කමක් නෑ මගෙ හාවෝ...
ඔයා කියන ඕනෙම තැනක් ලෙව කන්න මං උඩ පැනලා ලෑස්තියි.
කෝ ඒ වුනාට ඔයාගෙ නෑනෙ තාම කිසි උනන්දුවක්!
.
.
.
.
.
.
රෑට කාලා මං මගේ කූචි කුචයියවත් තුරුල් කරගෙන නිදාගත්තා.
එයා නම් සැප බෝලයක්!

පහුවදා උදේ වරුවෙම අපි ඊලඟට කරන දේවල් ගැන කතා වුනා.
අයියට මාව rehabilitation center එකකට යවන්න ඕනෙ කලාට මට ඕනෙ වුනේ එයත් එක්ක ගෙදර ඉන්න.
ඒත් මේ නපුරා ඒකට කැමති වුනේ නෑ.
අමාරුම දවස් ටික විතරක් හරි rehabilitation center එකේ ඉන්න කියලා එයා කිව්වෙ.
අයියත් ලෑස්ති වෙලාම ඉන්නම් කිව්වා මට අමාරු වුනොත් ටක් ගාලා hospital එක්කගෙන යන්න බලාගෙන.

ඒ වුනාට අයියගෙ birthday එකට තව ටික දවසයි.
එදාට මට ඕනෙ එයාට ලස්සන surprise එකක් දෙන්න.
ඉතින් ඒ නිසා හැමදේම settle කරගන්නකල් කියලා මං ටික දවසක් එයාගෙන් කල් ඉල්ලුවා.
අයියා පැටියා මුලින් බෑ කිව්වට පස්සෙ හා කිව්වා.
කොහොමත් මං ඉල්ලන දෙයක් එයා නොදී ඉන්නෙ නෑ කවදාවත්.
Rehabilitation center එකට වුනත් මට නොයා ඉන්න තිබුනා දිගටම බෑ කිව්වා නම්. ඒත් අයියගෙ රස්සාවත් නැති වුනොත් අන්තිමේ මාව බලාගන්න ගිහින්. ඒ නිසා මං එයාට බලකලේ නෑ.

හැබැයි ඉතින් ඉස්සරහට තියෙන්නෙ කටු පිරුන, වගුරු බිම් පිරුන, හරිම දුශ්කර පාරක් කියලා මං දන්නවා.
ඒත් ඒ පාර දිගේ ඇවිදින්න මං ලෑස්තියි. මොකද මගේ ජීවිතේට එලිය බෙදන, පාර කියන,
ලස්සනම ලස්සන දේව දූතයෙක් මගෙ ලඟින්ම ඉන්නවනෙ.
ඉතින් ඒ ලස්සන දේව දූතයගෙ එකම එක හිනාවක් වෙනුවෙන් මං මගේ ජීවිතේම වුනත් දෙන්න ලෑස්තියි.

ඔයා වෙනුවෙන් මනුස්සයෙකුට කරන්නම බැරි දෙයක් වුනත් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ මං මගෙ අයියෙ.
ඉතින් එහෙම එකේ මේක හරිම පොඩි දෙයක් විතරයි.
ඉක්මනටම මේ හැම කරදරේකින්ම ගැලවිලා අපිට සතුටින් ඉන්න ලැබෙයි.
ඒ වෙනකල් වගේම ඊට පස්සෙත් හැමදාමත් මෙන්න මේක විතරක්ම මතක තියාගන්න.
මං අනන්තයටත් වඩා ඔයාට ආදරෙයි!
දරාගන්න බැරි තරමටම ආදරෙයි!

........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

1.3M 21.6K 30
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
36.7K 6.7K 61
ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!
18.3K 2.7K 21
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
54.7K 14K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...