මම කැස්බෑවෙක් වූ හැටි..✅

De zara-N1111

17.1K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... Mais

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

24

245 58 55
De zara-N1111

වර්තමානය.

.....රයන්........

අවුරුදු දාසයක් වන shen yuan කුමාරයා මාලිගාවේ උයන පැත්තට දුවගෙන එන්නේ එයාගෙ හොදම යාලුවා එක්ක. එයාලා තමන්ගේ දෙමව්පියන්ගේ කතාබහක් හොරෙන් අහන් ඉදලා තමයි මේ දුවගෙන එන්නේ..

" එහෙනම් ඒක ඇත්ත. Shen yuan , ඔබට කවදා හරි විවාහ කරගන්න වෙන්නේ Ming Lisha කුමරියව."
යාලුවා එහෙම කියනවා.

" ඔව්.. මගේ දෙමව්පියන් එලෙසයි පවසනවා ඇසුනේ , එසේ නොවේද?? "

" නමුත් ඔබ ඇය දැක තිබෙනවාද?? ඇය මදක් තරබාරු , අදුරු සමක් ඇති අවුරුදු දහතුනක් වන කුමරිය නේද??
මා පසුගිය පෝයට පෙර ඇයව දුටුවා ඇගේ මන්දිරයේ අශ්ව ගාලේදී. හිතන්න අශ්ව ගාල කුමරියක් සිටින ස්ථානයක්ද??
අනික ඇගේ පෙනුම?? මේ මින්ග් රාජධානියේ ඇයට වඩා සුන්දර යව්වනියන් කොයි තරම් ඉන්නවාද?? ඔබට නම් ඇය සුදුසු නැති බවයි මට සිතෙන්නෙ."
යාලුවාට ගොඩක් දේ තිබුනා කියන්න.

" එසේ නොකියන්න Lingyun. බාහිර පෙනුමෙන් කිසිවෙක් මනින්නට නොහැකියි. මා ඇය දැක කතා බස් කර තිබෙනවා. ඇය බාහිර ආටෝප නොමැති, හොද අදහස් ඇති නව යොවුන් කුමරියක් බවයි මට සිතුනේ. "
Shen yuan කුමාරයා එහෙම කිව්වා.

" Ok cut .. Cut. ."

" හොදයි.. ඒ සීන් එක හොදට ආවා first take එකෙන්ම..විනාඩි දහයක break එකකින් පස්සෙ ඊලග සීන් එකට යමු."
Director එහෙම කිව්වා.

Xiao Zhan අවුරුදු 16 ක කුමාරයෙක් විදිහට හැඩ ගන්වලා තිබුනා ලස්සනට. අවුරුදු තිස් ගාණක කෙනෙක් නේද මේ ඉන්නෙ කියලා හිතන්නත් බෑ. ඇත්තටම teenager කෙනෙක් වගේ.
කොහොමත් xiao zhan වයසට යන්නෙ නෑ.. එන්න එන්නම තරුණ වෙනවා කියලා තමයි එයාගෙ අලුත් ෆොටෝ එකක් කොහේ හරි දැක්ක ගමන් හසිනිත් මැරෙන්න හදන්නෙ.

ඊලග සීන් එකට වෙන costume එකක් අදින්න ඕන නිසා xiao zhan ඩ්‍රෙසින් රූම් එකට යනකොට මාත් එයා එක්ක කතා කර කර ඒ පැත්තට ගියා. අපිට මගදි හම්බ වුනේ Peng Yue.

" Xiao Zhan laoshi , ඔයා දන්නවද අලුත් නම ඩ්‍රාමා එකේ. ? ඒක " legend of shen yuan" .

ඒක අපිට අලුත් නිව්ස් එකක්. ඊයෙ peng chao ට ඕන වුනේ everlasting love, unconditional love වගේ එකක් දාන්නනේ.

" අපේ තාත්තට everlasting love කියලා නම දාන්න ඕන වුනාට screen writer ඒකට කැමති වුනේ නෑ. එයා කිව්වා මේක නිකම්ම romantic comedy එකක් නෙවෙයි නිසා ඒ වගේ නමක් ගැලපෙන්නෙ නෑ කියලා"

" ස්තූතියි peng yue. Everlasting love වලට වඩා මේ නම හොදයි කියලා මට හිතෙනවා"
Zhan එහෙම කියලා dressing room එක පැත්තට හැරෙන්න හැදුවා.

" xiao zhan laoshi , මම උත්සහ කලා කලින් තිර රචනයේ වගේම කතාව තියාගන්න තාත්තට කියලා. ඒත් එයා මට ඇහුම්කන් දෙන්නෙ නෑ. මම මේකේ සහය නිශ්පාදිකාවක් වෙන්නේ නමට විතරයි. මට කරන්න පුළුවන් දෙයක් නෑ."
කෙල්ල එහෙම කිව්වා. එයා අවුලෙන් වගේ ඉන්නෙ.

" peng yue. මේ ඔයාගෙ පලවෙනි project එකනේ. දුක් නොවී වැඩ ටික ඉගෙන ගන්න . ඔයාට තනියම වැඩ කරන්න දවසක් ඉස්සරහට ඒවි".
Xiao Zhan කිව්වා.

" ඔයා ගොඩක් කරුණාවන්තයි xiao zhan laoshi "
Peng yue ස්තූතිවන්ත පෙනුමක් ඇතිව කිව්වා.

...............❤️💚.............

Xiao zhan ඩ්‍රෙසින් රූම් එකේ ලෑස්ති වෙනකල් මම weibo එක පැත්තෙ ගියා.
ඔයාලා ලන්කාවෙ ඉන්න කොට FB හරි instagram හරි යනවා වගේ චීනේ ඉන්න කොට weibo තමයි.
Weibo එකේ ඔහේ උඩ පහල යනකොට දැකපු දේකට මගේ scrolling එක එහෙම්ම නැවතුනා.
Jade sword of ming dynasty නවකතාවේ කතෘ weibo එකේ පෝස්ට් එකක් දාලා.
මේ දවස් වල රූගත කරන නාට්‍යයේ එයාගෙ නවකතාව විකෘති කරල කියලා..
කතාවෙන් එයාට දෙන්න ඕන අදහස කොහෙත්ම දැන් ලැබෙන්නෙ නැති බව කියලා.

ඒකට දැනටම ගොඩක් ප්‍රතිචාරත් ලැබෙමින් තිබෙන බවක් පෙනුනා.

........ ........❤️💚.................

2021 ජූනි
Xiao zhan pov

2021 ජූනි වල දවස් තුනක් ADLAD වේදිකාගත වෙනවා , Chengdu  වල.
අද මගේ assistant එහේ යන්න බඩු ටික pack කරමින් හිටියේ.

" boss, මේ සපත්තු අරන් යන්න ඕනද? "
කලුපාට සපත්තු කුට්ටමක් මට පෙන්නවමින් අහන්නෙ Xin Yi.

ආ ඒ මගේ ප්‍රසිද්ධ රතුපාට අඩිය තියෙන , limited edition christian louboutin සපත්තු දෙක. අවුරුදු තුනක් විතර පරණ වුනත් තාම හොද තත්වයේ තියෙන මගේ favorite සපත්තු දෙකක් තමයි ඒ.

" මේක chengdu අරගෙන යන්න ඕන නෑ Xin yi. සපත්තු දෙක ඇතුලෙන් අරන් තියන්න . "

මගේ විතරක් නෙවෙයි. බොබෝගෙත් favorite සපත්තු දෙකක් තමයි මේක.

මගේ shoe size එක 42 , බොබෝගෙ 42.5 නිසා අපිට ඉතින් share කරලා දාන්න පුළුවන් .

ඒ සපත්තු දෙකත් එක්ක මට මතක් වුනේ 2019-07-12 තිබුන TU පලවෙනි fan meet එක.
අපි දෙන්නා එකම රූම් එකේ ඉදන් තමයි ඒකට යන්න ලෑස්ති වුනේ.

දැනටමත් පරක්කු වෙලාද මන්දා. පරක්කු වුනොත් හැබැයි යිබෝට පින්සිද්ධ වෙන්න තමයි. දැනට විනාඩි පහකට කලින් බොහොම අමාරුවෙන් තමයි bathroom එකෙන් එලියට පන්න ගත්තෙ. මේකා පැය දෙකක්  විතර bathroom එකේ .

මෙහෙමයි ඉතින් , බොබෝ පැය දෙකක් විතර bathroom එකේ හිටියෙ තනියම නෙවෙයි. මාත් හිටියේ ඒක ඇතුලේ . ඒක වෙනම කතාවක්.

කොහොම හරි මේකාව එලියට දාලා මම wash එකක් දාන කොට යිබෝ එලියෙ ඉදන් කෑගහනවා.

" zhan ge, මගෙ කලු පාට සපත්තු දෙක දැක්කද? "

" කොයි එකද? Chanel එකද? "

" ඔව්. Chanel black leather sneakers?? "

" ඒක ඔයා ගෙනාවා කියලා මට මතක නෑනෙ. බලන්න shoe rack එකේ "

ඊලගට දඩබඩ ගාලා සපත්තු පෙරලෙන සද්දේ.

" ඔක්කොම ඇදලා බිම දාන්න එපා"
මම ඇතුලෙ ඉදන් කෑ ගැහුවා.

" හරි හරි.. හම්බ වුනා zhan ge.. මගේ වාහනේ ඇවිත් මම යනවා. මම ඔයාගෙ driver ට විනාඩි 10 කින් එන්න කිව්වා හොදේ..". 
යිබෝ නානකාමරේ දොර ඇරලා කිව්වා.

" ok ..බොබෝ. එහේදි හමුවෙමු එහෙනම් "

අපි දෙන්නට කොහොමවත් එකම රූම් එකේ ඉදලා එකම වාහනෙන් යන්න බෑ. ඒක ඕනෑවට වඩා risky .

................❤️💚.....

Fan meet එකේ බාගයක් යනකොටයි මම දැක්කෙ මේකා සපත්තු දෙක හම්බ වුනා කියලා දාගෙන ඇවිත් තියෙන්නෙ chanel sneakers එකක් නෙවෙයි. මගෙ කලුපාට christian louboutin , limited edition shoes දෙක කියලා.
අයියෝ. ඒක දැකපු වෙලාවෙ මගේ reaction එක fan camera වලත් සටහන් වෙලා තිබුනා.

කොහොම හරි 2019 දෙසැම්බර් දෙවෙනිදා තිබුන event එකකට මාත් දැම්මෙ ඒ සපත්තු දෙක.
එදා දැකපු ෆොටෝ වලින් තමයි fandom එක අපි දෙන්නාම දැම්මේ එකම සපත්තු කියලා හොයා ගත්තේ.

.............❤️💚...........

වර්තමානය.

Xiao Zhan

අද උදේ original novel එකේ author දාපු පෝස්ට් එක weibo එකේ hot search වෙලා.
උදේ ඒක දැකලා peng chao නම් කිව්වේ කතෘට මුදල් ගෙවලා screenplay එක කැමති විදිහට ලියන්න අයිතිය අරගෙන තියෙන්නෙ . Novel එකේ විදිහටම කරන්න ඕන නෑ. එයාගෙ පෝස්ට් එක ගණන් ගන්න ඕන නෑ කියලා.

ඒත් හවස් වෙනකොට හිතුවෙ නැති විදිහට ඒ පෝස්ට් එකට ප්‍රතිචාර එන්න අරගෙන. ඒ කතෘ ජනප්‍රිය කෙනෙක්. ඒ නවල් එකත් වෙන භාශා වලටත් translate වුන ජනප්‍රිය කතාවක් . ඒකට ලොකු fan base එකක් තියෙනවා.
ඉතින් දැන් ඒකට hashtags පවා හැදිලා #don'tchangetheoriginalJSMD #wewantoriginalstoryJSMD වගේ.

මේ නවල් එකෙන් සීනි බෝල love story එකක් හදන්න එපා කියලා කට්ටිය කියනවා.
කතාවේ readers ලා කියනවා කතාව වෙනස් කලොත් drama එක බලන්නෙ නෑ , ඒකට විරුද්ධව campaign කරනවා කියලා.

මේක දකින කොට මට අතීතය මතක් වෙනවා.
Original කතාව වෙනස් කරල drama එක හදන්න හැදුවෙ මේ කතාවෙ විතරක් නෙවෙයි.

........

The untamed වලත් එහෙම උනා.

කොහොමත් චීනයෙ නීති හැටියට BL novel එකක් ඒ විදිහටම drama එකක් කරන්න බැරි බව අපි දන්නවනෙ. ඒ නිසා මේක bromance එකක් විදිහට හදලා ඒත් පුළුවන් තරම් උපරිම විදිහට wang-xian දෙන්නගෙ ආදරය පෙන්වන්න කියලා තමයි original plan එක තිබුනෙ. මායි යිබෝයි දෙන්නම හිතුවේ ඒක තමයි හොදම දේ කියලා.

ඒත් මෙන්න රූගත කිරීම් පටන් ගන්න කොට ඒ plan එක වෙනස් කරලා. Original novel එකේ බොහොම පොඩි චරිතයක් වුන weng quin මේකේ ලොකු චරිතයක් කරලා. ඒ මදිවට එයා wei wuxian ගෙ love interest එක කරලා.
තිර රචනයට අලුතින් wei wuxian - wen quin ආදර සීන් ටිකකුත් එකතු කරලා.

" අපිට කියන්න බෑනෙ censor board එක මේක අනුමත කරයිද කියලා. එහෙම ගැටලුවක් වුනොත් wen quin ඔයාගෙ පෙම්වතිය විදිහට මේක වෙනස් කරමු.
කෝකටත් කියලා ඒකට හරියන විදිහට සීන් කීපයක් shoot කරන්‍න වෙනවා"
Production team එක මට කිව්වා.

මම ඒකට කොහෙත්ම කැමති වුනේ නෑ.
ඒත් අද වගේම තමයි. Production team එකට ඕන දේ තමයි වෙන්නෙ.

යිබෝගෙ මේ වෙනස් කම් වලට තිබෙන අකමැත්ත හැමෝටම පෙනුනා.
මට නම් හිතේ තියෙන අකමැත්ත සගවාගෙන film set එකේ වැඩ කරන්න පුළුවන් . නලුවෙක් විදිහට ඒකනෙ කරන්න ඕනා.
ඒත් යිබෝට එහෙම නෑ. එයා open book එකක් වගේ. එයාගෙ හිතේ තියෙන දේ මූණ බැලුවම ඕන කෙනෙක්‍ට කියවන්න පුළුවන් . ඒක මම බොබෝගෙ කැමතිම ලක්ෂණ වලින් එකක්.

අලුතින් එකතු කල කොටස් වල wei wuxian .
Wen quinව වැලදගන්න scene එකකුත් තිබුනා. Wen quin ට රගපාපු නිලිය meng ziyi , යිබෝව අවුස්සන්නත් එක්ක weyi wuxian ව hug කරපු scene එක ගැන කිය කිය හිටියා. ඇත්තටම යිබෝ ඒ කතාවට කැමති වුනේ නෑ.

" මටත් ඕනා zhan ge ව hug කරන්න.."
එයා කිව්වා..
" wei wuxian , lan wanjiව වැලදගත්තනේ? "

අනේ.. මටත් ඕනා lan zhan ව වැලදගන්න තමයි.
එහෙම නැතත් අඩුම ගානේ bromance විදිහට හරි මේ දෙන්නගෙ bond එක පෙන්නුම් කරන්න. නැතුව මේ දෙන්නා අතරට කෙල්ලෙක්ව දාලා මොකක්ද මේ කරන්න යන විකාරය.

මටයි යිබෝටයි මේ ගැන හිතේ හැටියට කතා කරන්න උනෙත් නෑ ඒ දවස් වල. මොකද යිබෝ DDU සහ produce 101 වල රූගත කිරීම් එක්කත් කාර්යබහුල වෙලා හිටියේ. එයා නිතරම එහා මෙහා ගමනේමයි හිටියේ. දවසේ TU shooting ඉවර වුන ගමන් එයාට කාර් එකේ හරිබ්, flight එකක හරි යන්න තිබුනා ඒවට.
එයා මෙච්චර tight schedule එකක් තියෙද්දි TU වල රගපාන්න කැමති වුනේ ඇයිද කියලත් සමහරු ඇහුවා.

එදා අපි ගොඩක් රෑ වෙනකල්ම shooting කරපු දවසක්.

" හෙට උදේම මට film කරන්න තියෙන්නෙ මොන සීන් එකද?? "
මම වැඩ ඉවරවෙලා set එකෙන් යන්න කලින් assistantගෙන් ඇහුවා.

" wen quin එක්ක හාපැටවුන්ගෙ සීන් එක"
Assistant කීව එකට මට තරහත් ගියා ටිකක්.

" ඒ මොකටද අපි එහෙම එකක් ෆිල්ම් කරන්නෙ?? "

" එයාලා එහෙම සීන් එකක් ආයෙත් add කලා. කතාව ටිකක් වෙනස් කලානෙ"

" ඒ හාපැටවු ඉන්න සීන් එක මෙයා එක්ක නෙවෙයිද? "
මම ලගට වෙලා මූණ නරක් කරගෙන ඉන්න යිබෝව පෙන්නලා ඇහුවා.

නෑ කියන්න වගේ assistant ඔලුව වැනුවා.
" එයාලා තව wen quin , wei wuxian ඉන්න 4-6a , 4-6b කියලා සීන් දෙකකුත් add කරලා තියෙන්නෙ."

" ඒවා delete කරන්න " මම කිව්වේ තරහින්.
මේ කතාබහ පුරාවටම මුහුණ අදුරු කරගත්ත යිබෝ කෙනෙක් මුකුත් කියන්නෙ නැතුව මා ලග හිටියා.

...........❤️💚................

අද යිබෝ මෙහේ hengdian වල නවතින දවසක්.
වැඩ ඉවර වෙලා අපි දෙන්නා හොටෙල් රූම් එක පැත්තට ඇවිදගෙන ආවේ වැඩි කතාවක් නැතුව. යිබෝ හිටියේ කල්පනාවක. මම මගේ රූම් එක පැත්තට හැරෙන්නෙ නැතුව යිබෝ එක්ක එයාගෙ රූම් එක පැත්තටම හැරුනා.

Mini fridge එකෙන් කූල් වතුර එකක් බීලා එයාටත් වතුර එකක් අරගෙන මම එනකොටත් යිබෝ ලොකු කල්පනාවක.

" මේගොල්ලො කතාව වෙනස් කරලා තියෙන හැටියට මම කැමති නෑ zhan ge."
යිබෝ සෝෆා එකේ එහාට වෙලා මටත් වාඩිවෙන්න කියලා අතින් කියන ගමන් කිව්වා.

" ඔව්. මාත් කැමති නෑ. Censorship එකෙන් අවුලක් වෙයි කියලා wei wuxian ට කෙල්ලෙක්ව දාන්නනෙ හදන්නෙ. ඒකෙන් කතාවෙ basic එක සම්පූර්ණයෙන් වෙනස් වේවි. "
මාත් කිව්වේ අමනාපයෙන්.

" ඒක ඒ දෙන්නට කරන අසාධාරණයක් . Wei ying ටයි, lan zhan ටයි. "

" ඔව් කතාවටත් , ඒ වගේම ඒකේ readersලටත් කරන අසාධාරණයක් . "

මම එයාගෙ අතට දුන්න කූල් වතුර එක එයා බොනකොට , උගුරු ඇටේ ඉහල පහල යන දිහා මම බලන් හිටියා.

" zhan ge.."
ආයෙත් කතා කරන කොට එයාගෙ කටහඩ බැරැන්ඩි වෙලා වගේ තිබුනා..

" වෙන කවුරුත් ඔයාගෙ lan zhan වෙනවට අකමැති නිසා, මම අමාරුවෙන් මේ role එක ගත්තා කොහොම හරි. ඒ වුනාට දැන්.. !! දැන් ඔයාට girlfriend කෙනෙක්ව එකතු කරලා. "

ඒ වචන වලට මගේ පපුව මොකකක්ද උනා වගේ දැනුනා.

" බොබෝ.. ඒ ගැන හිත රිදවාගන්න එපා. ඒක නාට්‍යයක් විතරයි. සැබෑ ජීවිතේ නෙවෙයි හරිද? සැබෑ ජීවිතේ එහෙම නෑනේ"

දෙවියනේ.
මොකක්ද ඒ මගේ කටින් පිටවුන වාක්‍යය??
සැබෑ ජීවිතේ එහෙම නෑනේ.. !!
අපි දෙන්නා දෙපාරක් සිප ගත්තා තමයි.
ඊට පස්සේ යිබෝ නිතරම එහෙට මෙහෙට රූගත කිරීම් වලට , rehearsal වලට busy වෙලා දුව දුව හිටිය නිසා ලොකු දෙයක් වුනේ වත් ඒ ගැන කතා කලේ වත් නෑ.
මොකද ඒකට අපි දෙන්නා විතරක් තනිවුන වෙලාවක් හම්බ වුනේ නෑ.

ඉතින් මොකක්ද මම මේ කිව්ව කතාව.

" zhan ge.. " යිබෝ වතුර වීදුරුව පැත්තකින් තියලා අංශක අනූවකින් මගේ පැත්තට හැරුනා.
" සැබෑ ජීවිතේ එහෙම නෑ?? ඔයා ඒකෙන් අදහස් කලේ මොකක්ද ? "

මේකා අහන්නේ කියුට් puppy කෙනෙක් වගේ ඇස් දෙකත් හදාගෙන.
මම හිතන්නෙ මාව හොදටම රතුවෙලා ඇති දැන්.

" මුකුත් නෑ . මුකුත් නෑ. ඒක අමතක කරන්න . මම wash එකක් දාගෙන එන්නම්."
මම කලබලෙන් වගේ නැගිටින්න හැදුවා.

යිබෝ අත් දෙකෙන්ම අල්ලලා මාව ආයෙත් සෝෆා එකේ වාඩිකෙරෙව්වා.

"මම ඔයාට ආදරෙයි zhan ge.."

එයා මට ආදරෙයි කියලා කිව්වා. !! මොකක්ද මට ඒ වෙලාවෙ දැනුන හැගීම ? ඒක වචනයට නගන්න නම් මට තේරෙන්නෙ නෑ. Euphoria කියන්නෙ මේකට වෙන්න ඇති..

එක පාරටම බොබෝව මා දිහාට ඇදගෙන මම එයාව සිප ගත්තා.
දෙතොල්.. ඒ soft කම්‍මුල්, බෙල්ල හැමතැනම..

" zhan ge.. " එයා හෙමිහිට කොදුරනවා..
මගේ උත්තරය වචන වලින් බලාපොරොත්තු වෙලා වෙන්න ඇති.

"මගේ බොබෝ .. මාත් ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ.."

මම මෙච්චර කාලයකට දැකලා තිබෙන යිබෝගෙ ලස්සනම ලස්සන හිනාව ඒ මොහොතේ මම දැක්කා .
අපි දෙන්නා ආයෙමත් අතොරක් නැති සිප ගැනීමක අතරමං වුනා. අද නම් අපි දෙන්නගෙ දෑත් නිදහසේ එකිනෙකා ලග දග කලා.

ඔන්න අද අපි පලවෙනි වතාවට ආදරේ ප්‍රකාශ කලා..

.............❤️💚.................

Mdzs original කතාව වෙනස් කරන බව, wei wuxian ගේ love interest එක විදිහට wen quin ගේන්න හදන බව කොහොම හරි ලැව්ගින්නක් වගේ internet එක පුරා පැතිරුනා.
Mtxt fandom එක කූඹි ගුලක් ඇවිස්සුනා වගේ weibo එකේ කලබල වුනා.
Original කතාව වෙනස් කලොත් drama එක වර්ජනය කරන බව ඒගොල්ලො කිව්වෙ එකහඩින්. Internet එකේ ලොකු campaign එකක් ගියා ඒ දවස් වල .
Mdzs නව කතාව හිතුවට වඩා ගොඩක් ජනප්‍රියයි.

අන්තිමට production team එකටත් අඩියක් පස්සට ගන්න වුනා. තව දුරටත් wen quin , wei wuxian ගේ girlfriend කරන එක option එකක් වුනේ නෑ. එහෙම වුනොත් නාට්‍යය fail වෙනවා sure.

අන්‍තිමට තීරණය වුනේ, කතාවේ හරයට හානියක් නැතිවෙන්න bromance drama එකක් විදිහට මකරන්න . පොඩි පොඩි දේවල් වලින් මේ දෙන්නගෙ ආදරය indirectly පෙන්වන්න.

හැබැයි එකක් කියන්න ඕන. ඒ වෙලාවේ internet එකේ තමන්ගේ හඩ නගපු mdzs fandom එකට ස්තූතිවන්ත වෙන්න තමයි the untamed මේ තරම් සාර්ථක නිර්මාණයක් වුනේ.

..........

To be continued...

..............

මේ පුංචි කතාව කියවන් ඔයාලාට ගොඩක් ස්තූතියි.

ගොඩක් ආදරෙයි ..
Love you all so much...

Continue lendo

Você também vai gostar

1.6K 117 15
'I'll help you find your home to put my mind away from mine.' My 1st Sunki ff book (Kim Sunoo & Nishimura Riki) ⚠️NOTE: this is all fan-fiction and...
67.1K 610 13
A series of oneshots with everyone's favorite BAU genius :) COMPLETED
720K 26.5K 102
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1.3M 56.2K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC