මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

21.1K 3.7K 4.3K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

22

325 64 85
By zara-N1111

Xiao zhan  pov

ඊයේ රෑ වුන දේ ගැන, ඒ කිව්වේ අපේ පලවෙනි සිපගැනීම ගැන, ඒකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියන එක ගැන හරිහැටි කතා කරන්න හිතාගෙන මම යිබෝගෙ රෑම් එකට ආවේ.
ඒත් යිබෝගෙ රූම් එකේදි අපි මේ ගැන කතා කරන පාටක් තිබුනේ නෑ.

" වාඩිවෙන්න zhan ge."  කියලා යිබෝ මට mini fridge එකෙන් කූල් juice එකක් අරන් දුන්නා බොන්න .
ඊට පස්සේ අපි දෙන්නා overwatch සෙල්ලම් කරන්න පටන් ගත්තා.
ගේම් ගහන්න කලින් අපි ඊයෙ රෑ ගැන කතා කරමු කියන්න මගේ දිව නැමුනෙ නෑ. 
ඒත් මට සෙල්ලම් කරන්න කොහොමවත් concentration එකක් තියාගන්න බැරිවුනා.
යිබෝ නම් මට වඩා හොදට සෙල්ලම් කලා.
ඊයෙ උන දේ එයාට ගානක්වත් නැද්ද ?? ඒක නිකම් casual kiss එකක්ද??

ඔහ් .. මම මැරුණා නේද..
Overwatch එකේ මගේ character එක ආයෙමත් පාරක් මැරුණා.
සිහියක් ඇතුව නෙවෙයිනේ සෙල්ලම් කරන්නේ.
යිබෝ හිනාවක් එක්ක මා දිහා බැලුවා..

මගේ ඉවසීම දැන් නම් පුපුරා ගියා..
ෆෝන් එක මම සෝෆා ස්ටූල් එක උඩට වීසි කලා.

"මොකක්ද යිබෝ මේකේ තේරුම??? "

මගේ කටහඩ හිතුවට වඩා සැරෙන් ඇහෙන්න ඇති .

යිබෝ එයාගේ puppy ඇස් වලින් මා දිහා ටිකක් වෙලා බලන් හිටියා..

" ඉතින් ඔයානෙ ඊයේ පැනලා දිව්වේ zhan ge ..  "

මාව එක පාරට ගල් ගැහුනා ඒක අහලා.

මම පැනලා ගියාද?? ඔව්නෙ. එහෙමනෙ වුනේ.
මම හැසිරුනේ මෝඩයෙක් වගේද.

" යිබෝ.. " මම හිමිහිට කිව්වා.
" මට සමාවෙන්න . මට හිතාගන්න බැරි වුනා ඒ වෙලාවේ."

" සමාව ඉල්ලන්නේ මොකටද zhan ge.  ඔයාගෙ වැරැද්දක් නෑ.."

ඔව් ..එක අතකට ඕන කෙනෙක් එහෙම අවස්ථාවක කලබල වෙන්න පුළුවන් .

මගේ මුහුණ දිහා බලන් හිටිය යිබෝ එයාගෙ අතක් හිමිහිට මගේ කම්මුලක් මතට ගෙනාවා.

" zhan ge..." එයාගෙ පහත් කටහඩ හරිම ආකර්ෂණීයයි. Alluring , tempting තමයි ඒක හදුන්වන්න හරිම වචන..

" මම ඔයාව කිස් කරන්නද? අදත්?? "

ඒ වචන වලට මගේ හොද සිහිය  රත්වුන සෝස්පෑන් එකේ තියපු බටර් වගේ දියවෙලා   ගියා.
මට ඕන වුන එකම දේ මගෙ ඉස්සරහ ඉන්න මේ ලස්සනම ලස්සන ආදරේ හිතෙන කොල්ලව සිප ගන්නයි.

මාත් මගෙ මුහුණ එයා දෙසට හැරෙව්වා.  අත් දෙක මාලයක් වගේ එයාගෙ ගෙල වටේ දැවටෙව්වා..
ඉතින් අපි සිප ගත්තා.
අපේ දෙවෙනි කිස් එක.
අපේ පලවෙනි සිපගැනීම හොදටම බඩගින්නේ හිටිය වගේ කරපු හරිම intense කිස් එකක් වුනානේ. කවුරු පටන් ගත්තද, කරන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි වුන.

ඒත් අපේ දෙවෙනි කිස් එක වෙනස්.
ඒකේ හැම පියවරක්ම මට තාමත් මතකයි.
එයා තමයි මුලින්ම ලං වෙලා මගේ දෙතොල සිප ගත්තේ ..
එතකොට , මම තමයි සිප ගැනීම ටිකක් වෙලා යනකොට එයාගේ මුව ඇතුල මගෙ දිවෙන් රස බලන්න ගත්තේ. ,සිප ගැනීම ගැඹුරට අරන් ගියේ..
රසය , සුවද හිතේ හැටියට විද ගනිමින් හොදට වෙලාව අරගෙන කල එකක් අපේ දෙවන සිප ගැනීම.. !

හැබැයි අපේ දෙඅත් නම් අදත් උරහිසෙන් පහලට ගියෙ නෑ. බෙල්ල, මුහුණ හරියේ හැඩතල කටපාඩම් වෙන තරමට අපේ අත් එහේ මෙහේ ගියත් , මම හිතන්නෙ අපි ඊට පහලට අත් දෙක ගෙන නොයන්න වග බලා ගත්තා අදත්..

" බොබෝ.."
කිස් එක ඉවර වුනාම ආපහු එයාගෙ දෙතොලට පොඩි peck එකක් දීලා මම කෙදිරුවා.

මම එයාට බොබෝ කියලා කිව්ව පලවෙනි වතාව.
එයාගෙ ලස්සන හිනාවෙන් මට තේරුනේ එයා ඒ නමට කැමතියි කියලයි.

" මේක ඇත්තටම වුනා නේද zhan ge? හීනයක් නෙවෙයිනේ?? ". එයා ඇහුවා.

" මොකක්ද ? ". මම ඇහුවේ විහිලුවට වගේ..

" මුකුත් නෑ.." එයා කියුට් pouty look එකක් අරන් කිව්වා.

මම හිනාවෙලා, එයාගෙ කම්මුල් දෙක දෝතින්ම අල්ලගෙන ආයෙත් සිපගත්තා. පොඩි කිස් එකක්..

" හීනයක් නෙවෙයි වගේ නේද බොබෝ? " මම ඇහුවා.
" අපි දැන් කමු නේද? බඩගිනියි. "

" කමු කමු.. මම කෑම එක microwave කරන්නම් "

ඉතින් අපි රෑ කෑම ගන්නකොට අපි දෙන්නගෙම හිතට දැනිලා තිබුනේ සැහැල්ලුවක්.
අද booting ceromony එකේ ගොලුවෙලා හිටියා වගේ හෙට ඉදන් නම් අපි එහෙම ඉන්නෙ නැති බව මම දන්නවා .

ඒ වුනත්..
අපි වචන වලින් ආදරෙයි කියලා කිව්වෙ නෑ නේද තාම??
අපි අපේ සම්බන්ධයට officially නමක් දුන්නෙ නෑ නේද තාම??
එහෙම සම්බන්ධයක් තියෙනවද ඇත්තටම ??
ඒත් ඒකට හදිස්සියක් දැනුනෙ නෑ මට..
මට පෙනුනේ අපි දෙන්නවයි.. ඉදිරියේ දිග හැරිලා තියෙන අපි දෙන්නා එක්ව වැඩ කරන්නට නියම වුනු කාලයයි විතරයි.

මේ මුලු summer එකම අපේ ඉස්සරහ තියෙනවා!!
2018 ..මේ ලස්සන ගිම්හාන කාලයම  අපි දෙන්නා ඉස්සරහ තියෙනවා.. !!

................❤️💚...............

2021 මැයි..
Xiao zhan POV

2021 මැයි 28 ඉදන් 30 වෙනකල් අපි හිටියේ Qingdao වල. ඒ දවස් වල a dream like a drean එහේ වේදිකාගත වුනා.

යිබෝ DDU වල ශූටින් එක්කම , ලගදි තියෙන yuehua family night concert එකේ පුහුණුවීම් වලට  busy වෙලා Beijin වල හිටියේ.

29 දා රෑ මට හිතුනා බීච් එක පැත්තෙ යන්න.

" එහෙනම් බොස් අපි පොඩි ෆොටෝ ශූට් එකකුත් කරමු."
Liu min එහෙම කියලා සබන් බෝල යවන bubble wand එකත් දා ගත්තා ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් වෙයි කියලා.

Airpods දෙකත් කනේ ගහගෙන මම දිගටම බොබෝ එක්ක කෝල් එකක තමයි හිටියේ.
අද දවසේ විස්තර එයා එක්ක කතාකර කර මම සබන් බෝල පා කලා bubble wand එකෙන්.. ඒක හරිම fun වැඩක්.. මේ sward bubble wand එකෙන් දිගට දිගට ලොකූ සබන් බෝල හැදෙනවා.
Xz studio ටීම් එකෙන් ඒ ෆොටෝස් ගත්තා..
මම යිබෝටත් ඒ ෆොටෝස් යැව්වා..

"බොබෝ අද ලස්සනට හද පායපු දවසක්.. "
මම එයාට පුරහදේ ෆොටෝ එකක් යැව්වා.
" ඔයත් මෙතන හිටියනම් පැටියෝ.."
අනේ මට එහෙම කියවුනානෙ. බොබෝට දුක හිතුනද දන්නෙ නෑ.

" zhan ge, මටත් ඕන ඔයා එක්ක බීච් එකේ ඉදන් සබන් බෝල යවන්න.."

" අපි ගෙදර ආපු දවසට බලමුකො පැටියෝ.."

" zhan ge, ඔයාගෙ අතේ තියෙන්නේ රෝස පාට bubble wand එක නේද?? "

" ඔව් . මේ රෝස පාට මිට තියෙන එක තමයි."

" එහෙනම් , නිල් පාට එක මා ලගනෙ ඇත්තේ?? අපි දෙකක් ගත්තනේ ඔය ජාතියේ?? "

" ඔව් නේද??" මම කිව්වේ හිතේ සැකේට.

" ඔහොම ඉන්න .. යන්න එපා දැන්ම " යිබෝ එහෙම කිව්වට පස්සේ මට ඇහෙනවා බඩු පෙරලනවා වගේ සද්ද..
ඉවරයක් නැතුව..

" බොබෝ... බොබෝ.. මොනවද කරන්නේ? "

" නිල් පාට wand එක හොයනවා.. ආ හරි හරි.. හම්බ වුනා.."
එයාගෙ ජයග්‍රාහී කටහඩ..

" sword bubble wand එක??  ඕක මොකටද ඔච්චර හදිසියේ හෙව්වේ ඉතින් ආ..?? "

මම ඒක බර කරලා pronounce කරලා අදහස් කල naughty විහිලුව බොබෝට එක පාරටම click උනා..
අපරාදෙ කියන්න බෑ , අපි දෙන්නා ඒ අතිනුත්  හොදටම ගැලපෙනවා.  මතකනෙ TU ශූටින් කාලෙත් අපේ 18+ විහිලු කතා කීයක් කැමරා වල රෙකෝඩ් උනාද.

" අනේ මේ zhan ge..!
මම මේ ඔයා එක්ක සබන් බෝල පා කරන්න හැදුවේ.. ඔහොම ඉන්න මම එනකල්.."

මොනවද මේකා කරන්න හදන්නේ .

" ඔයා කොහොමද එන්නේ.. බොබෝ මම ඉන්නෙ Qingdao වල!!!!"

Beijin වල ඉදන් කිලෝමීටර් හයසිය ගාණක්..

" හරි හරි.. ඔහොම ඉන්නකෝ.. යන්න එපා දැන්ම.."

.............. ......

විනාඩි 20 කට විතර පස්සේ යිබෝ හිටියේ qingdao වල නෙවෙයි. 
මෙහේ එන්න බෑනේ.
එයා හිටියේ Beijin වලම lake එකක් ලග..
මාත් එක්ක Virtually සබන් බෝල යවන්න ඇවිත්..
Beijin වල Lake එක ලග ඉදන් එයා නිල් පාට wand එකෙන් ..
Qingdao වල මුහුදු වෙරලේ ඉදන් මම රෝස පාට wand එකෙන්..
ඒක හරි fun හැබැයි පිස්සු වැඩක්..
ආදරේ කරනකොට මේ වගේ පිස්සු දේවලුත් කරන්න ඕනනේ..

..........

කොහොම හරි මැදියම් රැයත් පහුවෙලා 30 වෙනිදාත් උදා වුනාට පස්සේ තමයි අපි බීච් එකෙන් ආවේ.
මගේ Oasis account එකේ
" walking in to a dream  " කියන caption එකත් එක්ක මම අද දවසේ ෆොටෝස් ටිකක් දැම්මා ..
ඒ අතරට යිබෝගෙ නිල් පාට bubble wand එකේ ෆොටෝ එකක් එකතු කරන්නත් මම අමතක කලේ නෑ.. නිල් පාට මිට පෙනෙන නොපෙනෙන ගානට crop කරලා.

හැබැයි බැලු බැල්මට පේනවා ඒක නම් මේ බීච් එකේ ගත්ත එකක් නෙවෙයි කියලා. Background එකත් අනික් ෆොටෝස් වලට වඩා වෙනස්නේ.
කමක් නෑ.. බලමුකො fandom එක ඒක දකියිද කියලා..

...................❤️💚..............

වර්තමානය.

රයන්..

අදත් jade sword of ming dynasty ශූටින්.
අද මෙතන පොඩි කලබලයක් .
Producer peng chao ට ඕන වෙලා කතාවෙ නම වෙනස් කරන්න. ..
මේක දිග වැඩියි කියලා hit වෙන නමක් දාන්න ඕනලු.
" undying love". " everlasting love" වගේ ..

අනික Peng Chao ට ඕනලු මේකේ අවසානය වෙනස් කරන්න . මොකද මේකෙ අවසානය ශෝකාන්තයක් නිසා.
ඔව් මේක ලස්සන කතාවක්. ඒත් මේක ශෝකාන්තයක් . Tragedy එකක්.

ඒකට director වගේම xiao zhan වුනත් කැමති නෑ .
මොකද මේක නිකම්ම නිකම් romantic කතාවක් නෙවෙයි.

හොදයි. මේක කොහොමත් ජනප්‍රිය නවකතාවක් නිසා කතාව ගොඩක් අය දන්නව ඇති.
ඒ නිසා කතාව ගොඩක් spoil වෙන්න විදිහක් නෑනේ.
මේකයි කතාව.. බොහොම කෙටියෙන්.

Xiao Zhan තමයි prince shen yuan කියන්නෙ. එයා මුලු චීනෙම ප්‍රසිද්ධයි ලස්සන රූපය නිසා. කරුණාවන්ත කම නිසා.

එයාට පොඩි කාලෙම , හිතවත් රාජකීය පවුලක දුව Dilraba ව විවාහ යෝජනා කරල තියෙන්නෙ . හැබැයි පොඩි කාලේ dilraba එච්චර ලස්සන කෙනෙක් නෙවෙයි. 

Xiao zhan අවුරුදු 16 දි විතර martial arts එහෙම ඉගෙන ගන්න යනවා උතුරු චීනෙට. එහේදි ගොඩක්ම  ලස්සන ගැහැනු ලමයි එයාට ආදරේ ප්‍රකාශ කලත් එයා විවාහ යෝජනාව ගැන දන්න නිසා ඒවා එකක් වත් පිලිගන්නෙ නැතුව , සාමාන්‍ය පෙනුමක් තිබෙන dilraba කුමරිය වෙනුවෙන් කැප වෙලා ඉන්නවා.. අවුරුදු ගාණකින් කතා කරලවත් නැතුවට එයාට සිතින් ආදරේ කරනවා.
ආයෙත් එන්නෙ අවුරුදු  20 දී..

මේ විවාහ යෝජනා කතාව dilraba දන්නෙ නෑ.. එයා පොඩි කාලෙ ඉදලම ලගින් හිටිය යාලුවා yang yang එක්ක ආදරෙන් බැදෙනවා. Yang yang නුත් රාජකීය පවුලක.
දැන් පොඩි කාලේ වගේ නෙවෙයි. Dilraba ගොඩක් ලස්සන තරුණියක්.

කොහොම හටි xiao zhan ආපහු ආවට පස්සේ තමයි dilraba විවාහ යෝජනාව ගැන දැනගන්නෙ.  එයාගෙ හොද ගතිගුණ , පෙනුම , දක්ශකම් නිසා Dilraba ගෙ හිතත් zhan ට බැදෙනවා. ඒත් yang yang ව අමතක කරන්නත් බෑ.

Zhan කොයිතරම් හොද ගතිගුන තියෙන කෙනෙක් වුනත් එයාගෙ හිතේ dilraba ගෙ ආදරය සොරා ගත්ත yang yang ගැන වෛරයක් ඇති වෙනවා.
කොහොම හරි Ming dynasty එකේ විශේෂ මායා බලයක් තියෙන jade sword එක හොයන්න mission එක භාරවෙන්නෙ zhan ට සහ yang yang ට.  ඇත්තටම zhan තමයි yang yang ව ඒ මෙහෙයුමට ගන්නෙ.
මොකද Zhan ගෙ බලාපොරොත්තුව ඒ mission එක අතරෙදි yang yang ව මරා දාන්න .ඒක එයා සැලසුම් කරනවා.

අසිපත ගන්න යනකොට ගොඩක් අනතුරු , අදුරු මායාවල් හම්බ වෙනවා. මේ කුමාරවරු දෙන්නාත් එකට මුහුණ දෙනවා ඒවට.  එකිනෙකා හදුනාගන්නවා. තේරුම් ගන්නවා.

අන්තිමට කොහොම හරි zhan තමන්ගේ ජීවිතේ පූජා කරලා, yang yang ව බේරා ගන්නවා.

.....................

ඕක තමයි කතාව Original novel එකේ හැටියට .
මම මෙහෙම කිව්ව්ට වෙන සිදුවීම් පෙලත් එක්ක මේක ලස්සන plot එකක්.
මේකේ zhan ගෙ චරිතය flat සුදු චරිතයක් නෙවෙයි. මුලින් කොච්චර හොද වුනත් එයා yang yang ව මරන්න ප්ලෑන් කරනවනෙ.
ඒ චරිතයෙ තියෙන සංකීර්ණ කමටමයි zhan කැමති වුනේ..

දැන් peng chao ට මේක වෙනස් කරන්න ඕනලු.
අන්තිමට zhan මැරෙන්න නැතුව. Zhan ගෙ චරිතයෙ තව ටිකක් සුදු කරන්න ඕනලු.
Zhan සහ dilraba එකතු කරන්න ඕනලු අන්තිමට . Happily ever after අවසානයක් දෙන්න..

ඒ ගැනයි අද වාද විවාද.

..... . .....❤️💚..............

වර්තමානය.
Xiao zhan pov

දැන් රෑ 7.30 යි. තාම shooting ඉවර නෑ.
බොබෝ නම් අදට වැඩ ඉවර කරලා එයාගෙ මමා පපාගෙ ගෙදර ගිහිල්ලා Henan වල.
හෙටත් තියෙනවලු එයාගෙ tourism promotion documentary එකේ තව shooting වගයක්.

වැඩ ඉවර කරලා හොටෙල් එකට ගිහිල්ලාම එයාට වීඩියෝ කෝල් එකක් ගන්න ඕන.

අද peng chao ට කතාවෙ නමයි, ඒකෙ අවසානයයි දෙකම වෙනස් කරන්න ඕන වුනානෙ. මම ඒකට කැමති නැතිවුනාට නලුවෙක් විදිහට මට ඒකට ලොකු දෙයක් කරන්න බෑ. Agreement අත්සන් කරලත් ඉවරයිනෙ. Director ගෙත් ලොකු කැමැත්තක් නෑ . තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නෙ . හෙටත් වැඩිපුර කතා කරමු කියලා කිව්වේ . සමහරවිට ending දෙකටම හරියන සීන් රූගත කරලා පස්සේ තෝරගනීද දන්නෙ නෑ.
මම නම් කැමතියි මේ නවකතාවෙ තියෙන shen yuan කුමාරයගෙ සිතුවිලි වල සංකීර්ණ ගතියට. බලමු මොකද වෙන්නෙ කියලා.

තාම shooting බව බොබෝට message එකකින් කියලා ෆෝන් එක assistant xin yi ට දෙනකොට මේ පැත්තට ආවේ Dilraba සහ Yang Yang ..

" zhan zhan , කමුද potato chip එකක්?? "
Yang yang මට අතේ තිබුනු පැකට් එක දිගු කලා.

" thank you . thank you .."
මොන ඩයට් ප්ලෑන් එක තිබුනත් මම පොඩි පොඩි snack ජාති කන්න නම් දක්ශයි. විශේෂයෙන් රූ ගත කරන අතරෙදි .

" plot එක ගොඩක් වෙනස් කරයිද zhan zhan ?? "
ඒ ඇහුවේ Dilraba .

" ඒක තමයි . අපි බලමුකෝ . තාම තීරණයකට ඇවිත් නෑනෙ." මම කිව්වා.

ඒ දෙන්නත් දැනට තියෙන plot එකට කැමතියි කියලා තමයි කිව්වේ . ඒ කිව්වේ original novel එකේ කතාවට. ටිකක් වෙලා අපි කතා කර ඉන්න කොට back ground එක හදලා ඉවර කරලා අපිට ඊලග scene එක ශූට් කරන්න කතා කලා.

" zhan zhan , හෙට හවස 6.00 ට විතර වැඩ ඉවර වෙනවා නේද? අපි dinner එකකට යමු?? අපි තුන්දෙනාම?? "
Dilraba යෝජනා කලා.
ඒකත් හොද අදහස . Yang yang නුයි, මායි ඒකට එකග වුනා.

....... .....................

වර්තමානය.
රයන්.

‍යන්තම් රෑ 8.30 ට විතර ඉවර වුනා අද වැඩ.
Xiao Zhan ඇදුම් එහෙම මාරු කරගෙන cast එකට ගුඩ් නයිට් කියලා වාහනේ ලගට එනකොට සහය නිශ්පාදිකා peng yue දුවගෙන ආවා zhan ව හම්බ වෙන්න .

" xiao zhan , ඔයාලා plot එක වෙනස් කරනවට අකමැතිද,?? එහෙනම් මම ඒක තාත්තා එක්ක කතා කරන්නම්?? "
එයා කිව්වා.

" ස්තූතියි peng yue . original කතාවට සාධාරණයක් වෙන විදිහට නම් වෙනස් කලාට කමක් නැති වේවි. හෙටත් ටීම් එකත් එක්ක ඒ ගැන කතා කරමුකෝ"

හැම විටම හොද manners ඇතිව කතා කරන zhan කිව්වා. අපේ බොසුත් සද්ද දානවා , රවනවා මම දැකල තියෙන්නෙ යිබෝට විතරයි.

" අපි යන්න හැදුවෙ එහෙනම් . ගුඩ් නයිට් peng yue"
Zhan එහෙම කියලා වාහනේ දෙසට ඇවිදගෙන ආවා.

" ගුඩ් නයිට් zhan ge.."

Peng yue එහෙම කියපු ගමන් මමයි ,,xin yi යි මුහුණට මුහුණ බලා ගත්තා.
ඉදිරියට යමින් හිටිය zhan ගේ කකුල් දෙකත් එක පාරට නැවතුනා .

" peng yue, මට සමාවෙන්න මෙහෙම කියනවට. ඔයා මට වෙන කැමති විදිහකට කතා කරන්න . ඒත් zhan ge කියලා කියන්නෙ නැතුව ඉන්න පුළුවන්ද?? "

...........❤️💚...............

To be continued.....

.............................
අද ගොඩක් රෑ වුනා .
කතාව කියවන ඔයාලාට ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි ...
Wo ai ni
520..

Continue Reading

You'll Also Like

48.9K 6.4K 24
I know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...