•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 �...

De Emma_lulu

4.3K 570 864

"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්... Mai multe

✓. 𝐈𝐍𝐓𝐑𝐎 :)
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 1🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 2 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 3 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 4 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 5 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 6 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 7 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 8 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 9 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 10 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 13 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 14 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 15 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 16 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 17 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 18 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 19 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 20 🔞🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 21 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 22 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 23 🌙✨
-Oneshot story-
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 24 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 25 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 26 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 27 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 28 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 29 🔞 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 30 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 31 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 32 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 33 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 34 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 35 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 36 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 37 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 38 🌙✨ (𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙘𝙝𝙖𝙥𝙩𝙚𝙧)
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 39 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 40 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 41 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 42 🌙✨

✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 12 🌙✨

80 12 19
De Emma_lulu







කුකී!!!

ටේ කඩිමුඩියෙ දුවන් ඇවිත් රූම් එකෙ දොර එහාට කරනවා එක්කම කුකී ඇගිල්ල කටට තියලා සද්ද කරන්න එපා කිව්ව.. පව්... සේහියාට අඩල අඩලා කුකීගෙ තුරුලෙම නින්ද ගිහින්.. ටේට ඇහුන දේවල් එක්ක ඔලුව විකාර වෙලා තියෙද්දි එහෙම්ම කුකී ලගට ගිහින් එ උනුහුමෙ ගුලි වෙලා ඉන්න සේහියා දිහා බලාගෙනම එයත් ඇදෙන් වාඩි උනා. කුකීට එහා පැත්තෙන්.. කුකී කට පුරා හිනාවකුත් දාගෙන හිටියෙ ටේ ගිහින් ඔම්මගෙන් සේහිව නවත්තගන්න අවසර අරන් කියලා හිතාගෙන.

"සද්ද කරන්න එපා ටේ.. අඩලා අඩලම නින්ද ගියා. මොනාද ඔම්මා කිව්වෙ."

"ඔයාට අමාරු ඇතිනෙ. දෙන්නකො මං තියාගන්නම්"

"එපා ටේ..  මට අමාරු නැ මෙහෙම හිටපුවාවෙ.. දැන් ඔයාගෙ ලගට ගත්තොත් ඇහැරේවි"

"ඇහැරෙන එකක් නැ.. දෙන්නකො කුකී.. හෙට මෙයා ගියාම ආයෙ කාලෙකින් අපි ලගට එන්නැහ්නෙ"

ටේගෙ ඇස් දෙක යන්තමින් තෙත් වෙලා තියෙනවා කුකී දැක්කා. ඔම්මලා එක්ක කතා කරන්න ගියපු ටේගෙ මූන මැලවිලා තියෙනකොට හෙට සේහි යනව කියන පනිවිඩෙ කුකීට ඇහෙනකොට කුකී ටේගෙ දිහා බැලුවා.


"ඒ... ඒ. කියන්නෙ... සේහි නවතින්නෙ නැද්ද ටේ. ඔම්ම කිව්වද සේහිව නතරකරගන්නැ කියලා.?"

"ඔම්මලත් කැමැත්තකින් නෙවෙයි කුකී සේහිව යවන්නෙ. මං ඔම්මල එක්ක කතා කරෙ නැ.. ඒගොල්ලො කතා කරපුව ඇහුනා. සේහි ඉන්නෙ අනතුරක කුකී"


සේහි දිහා බලාගෙන එයාගෙ ඔලුවත් අතගාන
ගමන් කිව්ව ටේ ඊලගට ජන්කුක්ගෙන් සේහිව තමන්ගෙ ලගට ගත්තා. ඒ ගන්නකොට නින්දෙන්ම හෙමීට කෙඳිරි ගාපු සේහි "අ....අ. අනේ... ය්... යන්න.. බෑ ඔම්මා..ම්ම්" කියනවත් එක්කම ටේ ඒ කම්මුලක් සිපගෙන හිමීට උරහිසට තට්ටු කරාම සේහිට ආයෙ නින්ද ගියා. ඒත් ජන්කුක්ට හිතාගන්න බැරි මොකද්ද සේහිට තියෙන අනතුර. ඔම්මලා මොනා කියනවද ටේට ඇහුනෙ.

"මොකද්ද ටේ.. මොකද්ද සේහිට තියෙන අනතුර. බය කරන්නෙ නැතුව කියන්නකො"

"අපි එදා කැලේට ගිය එක, අපි වුල්ෆ්ලා කියලා සේහි දන්න එක. ඔම්මලා දැනගෙන කුකී"

"මොකක්.. එ කොහොමද ඒ.."

"මටත් හිතාගන්න බැ.. ඒත් සේහි ගැන අපි දන්නැති දෙයක් ඔම්මලා දන්නව වගේ"

"අනෙ ටේ.. පොඩ්ඩ පොඩ්ඩ කියන්නැතුව කියන්න මොකද්ද පල්ලෙහා උනෙ කියලා"

"මං පහලට ගියාම ලිවින් රූම් එකෙ හයියෙන් ටීවි එක දාලා. ඊටපස්සෙ කිචන් එක පැත්තට වෙන්න කටහඬක් ඇහුනම මං ඒ පැත්තට ගියා. එ යනකොට මට ඇහුනා ජියා ඔම්මගෙ අඩන සද්දෙයි නම්ජූන් අප්පගෙ කටහඬයි.."

"ඉතින් මොකද උනේ"

"ජියා ඔම්ම කිව්ව සේහිව තියාගන්න බැරිද.. නොදන්න තැනකට නොදන්න මිනිස්සු අතරට සේහිව මාස පහකට යවන්නෙ කොහොමද කියලා අඩ අඩ කිව්වා.. අප්පා කිව්වා සේහිව තව මාස පහකින් දහඅට සම්පූර්ණ වෙනකන් අපි එයාව පරිස්සම් කරන්න ඕන.. යෝජුන්ගෙ ගෝලයෙක්ට සේහි ගැන ඉව වැටිලා. එ අය සේහිව හොයනවලු"

"කව්ද යෝජුන් කියන්නෙ.. අනික අපි දෙන්න හැම වෙලේම මෙයත් එක්කනෙ හිටියෙ. කාටවත් ඉව වැටුනෙ කොහොමද? සේහි කියන්නෙ මනුස්සයෙක්නෙ."

"යෝජුන් කියන්නෙ කව්ද කියල මමත් දන්නැ කුකී.. එදා කැලේට ගියපු වෙලාවෙ තමයි ඒක වෙලා තියෙන්නෙ.. බැරිවෙලාවත් ඔය යෝජුන් කියන කෙනාගෙ ගෝලයෙක්වත්ද සේහිව එදා හැපුවෙ"

"අනේ දෙයියනේ.. ටේට මතකද මං කිව්වා ඌ සේහිව ඉව කරා කියලා.."

"ඔව්ව්.. එතකොට .. එතකොට.. ඒ වුල්ෆ් අනිවාරෙන් යෝජුන් කියන කෙනාගෙ ගෝලයෙක් වෙන්නැති.. එතකොට කව්ද මෙ යෝජුන් කියන කෙනා"

"අපි කැලේට ගිය එක එයාලා දැනගෙන තියෙන්නෙ කොහොමද ටේ.. අපෙන් ඇහුවෙත් නැහ්නෙ. අනික. අපි වුල්ෆ්ලා කියලා සේහි දැනගෙන බව එගොල්ලො දන්නවනම්... ඇයි අපි දෙන්න මේට්ලා බව සේහිගෙන් හංගන්නෙ..? අනික සේහි මනුස්සයෙක්නම් මොකද්ද ඒගොල්ලොන්ට ඔච්චරටම සේහි ගැන තියෙන උනන්දුව."

"දන්නැ කුකී.. මගෙ ඔලුවත් එක්ක විකාර වෙලා.."

"එයලා තව මොනාද කිව්වෙ.. ?"

"අහ්.. තව කිව්වා මෙන්න මේ නෙක්ලස් එක ගැන. මේක එයාලා දැකලලු. ඉතින් සේහි ගැන ඉව වැටිලා මේ දවස්වල මේ හරියෙ කැරකෙනවලු. සේහිගෙන් මේ නෙක්ලස් එක ගලවන්නත් බැරි නිසා එයාව යවන්නම වෙනවලු.. සන්හි... ඔව් ඒ නම සන්හි තමයි.. සන්හි කියන්නෙ...??"

"සේහිගෙ ඔම්මා නේද ටේ.. ඔව් සේහිගෙ ඔම්මා තමයි. මෙ නෙක්ලස් එක සන්හි දුන්න කියලා සේහි කියවනවනෙ.. ඒත් ඇයි මේක ගලවන්න හොද නැත්තෙ.. අනික සේහිට දහ අට උනාම මොකද්ද වෙන්නෙ..?"

"මං දන්නැ කුකී... මං දන්නැ.. මට තේරුන එකම දෙ තමයි කොච්චර අකමැති උනත් හෙට අපිට සේහිව යවන්න වෙනවා කියන එක.  ජියා ඔම්මා අඩනවා කුකී... සේහි මෙහෙන් යන්න බැ කියලා අඩනව වගේම ජියා ඔම්මා අඩනවා සේහිව යවන්න බැ කියලා.. ඊටපස්සෙ අප්පා කිව්වා යෝශිගෙ ඔම්මා මෙරීඩා ඇන්ටිත් යන නිසා බය වෙන්න දෙයක් නැ.. මෙරීඩා ඇන්ටි සේහිවත් හොදට බලාගනී කියලා.."

"එතකොට අපිට මෙයාව තියාගන්න වෙන්නැද්ද.. අනෙ සේහි කැමැත්තකින් නෙවෙයිනෙ යන්නෙ ටේ.."

"ටේ.....!! කුකී.....!!"

"ඕ ඔම්මා.. කියන්න.."

"ආහ්.... ඇයි මෙ සේහි මෙතන.. එයාට නින්ද ගිහින්ද.? පව් මගෙ කෙල්ල හෙට යනවා. දෙන්න ටේ. මං ගිහින් එයාව එයාගෙ රූම් එකෙන් තියන්නම්.."

"අනේ එපා ඔම්මා.. එයා අද මෙ කාමරෙ හිටපු දෙන්.. ප්ලිස්.."

"එහෙම කරන්න බැහ්නෙ දරුවො.. ඔය දෙන්නටත් දැන් තනියම ඉන්න ඕනනෙ නේද ටේ? දෙන්න මං සේහිව අරන් යන්නම්. ජූන්...!! එන්නකො සේහිව කාමරේට ගෙනියන්න"

"කියන දේ අහන්නකො ඔම්මා.. එයා මෙතන හිටපු දෙන්.. ටේ දැන් කිව්වනෙ.. අනික මෙ මෙච්චර කල් එකට හිටපු අපි දෙන්නට අද විතරක් සේහි හිටියා කියලා මුකුත් වෙන්නැහ්නෙ.. ඔයාලා අපෙන් ගොඩක් දේවල් හංගනවා ඔම්මා.. අපිට ඒව කියන්නෙ නැත්තං සේහිව අපෙන් ඈත් කරන එකවත් නවත්තන්න.."

"කුකී.. එපා.."


"නැ ටේ... දේවල් හංගන එකෙ උනත් සීමාවක් තියෙන්න ඕනනෙ. අපි පොඩි ලමයි නෙවෙයිනෙ දැන්.. අනික අපි අහන්නෙ දැනගන්න ඕන දේවල්නෙ."


"මොකද්ද මොකද්ද මෙ සද්දෙ.."


ජියා ඇවිල්ලා සේහිව අරන් යන්න හදනකොට නින්දෙ හිටපු සේහි තවත් ටේගෙ පපුව අස්සට ගුලි උනා. කුකීවත් ටේවත් කැමති උනෙ නෑ සේහිව අරන් යනවට. එ දෙන්නම කිව්වෙ අදට සේහි මෙහෙම හිටපු දෙන් කියලා වෙනකොට ජියා හැදුවෙම සේහිව අරන් යන්න. එ තරහට ජන්කුක් ජියාගෙන් අහන්න ගත්තා මොනවද ඒගොල්ලො හංගන්නෙ කියලා... ටේ කුකීව නවත්තන්න හැදුවත් කුකී දිගටම කියවනකොට අහක බලාගෙන හිටපු ජියා ලගට ජූන් ආවා..


"අප්පා.. ඔයාවත් කියන්න මොනවද ඔයාලා අපෙන් හංගන්නෙ කියලා.. අපි දැනගත්තම මොකද වෙන්නෙ"

"හංගන්නෙ හංගන්න ඕන නිසා කුකී.. කිව්වම තේරුම් ගන්න. ඔයාලා මේවා දැනගත්තම අනතුරෙ වැටෙන්නෙ ඔයාලමයි. වුල්ෆ්ලා සේහිව හොයනවා.. ඒකයි අපි සේහිව යවන්නෙ. නැත්තං ෆයිනල් එක්සෑම් මෙහෙදිම ලියවන්න පුලුවන්නෙ..

ඔයාලට ඕන සේහිව නැති කරගන්නනම්, ඔයාලට පුලුවන් සේහිව මෙහෙ තියාගන්න.. ඕකේ?? දැන් කියන්න බලන්න. ඔයාලට ඔයාලගෙ නංගිව ඕනද නැද්ද??"

"ජූන් අනේ මොනාද මෙ කියන්නෙ.. සේහිව තියාගන්න බැ"

"නැ ජියා ඉන්නකො. මෙයාලාට සේහිව ඕනද නැද්ද කියලා බලන්න එපැයි.. කියනවා. සේහිව යවනවද? නැත්තං තියාගන්නවද?"


ජූන් සැර උනා.. ටේටයි කුකීටයි සැර උන.. සේහිව නැති කරගන්න කැමතිනම් මෙහෙ තියාගන්න කියනකොට එ දෙන්න බය උනා.. මොකද ඒ දෙන්නම සේහිව නැති කරගන්න හීනෙන්වත් කැමති උනේ නෑ. ජූන් එහෙම කියනකොට ටේ එයාගෙ තුරුලෙ හිටපු සේහිව තවත් ඇගට තද කරගත්තා.. කුකී පවා ටේට ලංවෙලා සේහිගෙ උරහිසක් උඩින් අත තිබ්බා.. ජූන් මේ දිහා බලන් ඉදලා කුකීගෙනුයි ටේගෙනුයි කිසිදු ප්‍රතිචාරයක් නැති තැන ආයෙ කතා කරන්න ගත්තා.

"ඔය... ඔය පේනවනෙ.. ඔය දෙන්නට සේහිව නැති උනොත් ඔය දෙන්නා මොනා කරයිද කියලා අපිවත් දන්නැ. එ තරමට ඔය දෙන්න සේහිට ආදරෙයි.. දැනට ඕගොල්ලොන්ට මේ ටික කියන්නම්.. වුල්ෆ් පැක් විනාශ උනා කියලා තිබ්බට නපුර රජ කරන එක වුල්ෆ් පැක් එකක් තාමත් මෙ හැමෝගෙන ඇස් වහලා හැංගිලා තියෙනවා. ඒගොල්ලොන්ගෙ ඊලග පියවර මොකද්ද කියලා අපි කවුරුත් දන්නෙ නැ..

ඕගොල්ලො හිතින් ලොකු උනාට ඇග පතින් ලොකු උනාට අපිව තාම ඔගොල්ලොන්ව පේන්නෙ පොඩි අය වගේ.. මේ දේවල් ගැන දැන්ම කියලා ඕගොල්ලොන්ව අවුස්සන්න ඕනෙ නෑ.. දැන් ඔය ආදරෙන් තුරුල් කරගත්ත සේහිව කවුරුහරි ඇවිල්ලා මරලා දැම්මොත් ඔය දෙන්නගෙ හැසිරීම මොන විදියටද වෙනස් වෙන්නෙ කියලා ඔය දෙන්නව හදපු අපි දෙන්න දන්නවා. එ වගේම ඔයාලා දෙන්න වියරුවෙන් හැසිරෙද්දි එ අයට වාසී.. එයාලා දන්නවා ඔය දෙන්නගෙ දුර්වලකම සේහි වගේම.. සේහිගෙ දුර්වලකම ඔය දෙන්න බව..

එදා කැලේට ගිය එක අපි දන්නැ කියලා හිතුවද. එ සේහිව කන්න පැන්නෙ යෝජුන්ගෙ බට කණ්ඩායමේ ඉන්න වුල්ෆ් කෙනෙක් වෙනකොට ඌ ගිහින් ඔය තුන් දෙනා ගැන සේරම වමාරලා.. කී සැරයක් කිව්වද කැලේ පැත්තෙ පස් පාගන්න එපා කියලා.. ආ?? මොකටද කියනවා එ පැත්තට ගියේ.. අනික ඇයි සේහිව එක්කන් ගියේ.."


ජූන් මේ දෙන්නට නොබැන බනිනව වගෙ වෙද්දි ජියා පැත්තක ඉදන් අහන් හිටියා වගේම ටේ කුකී දෙන්න මූනට මූන බලාගත්තා. එදා කැලේට ගියේ මොකටද කියලා අහද්දි. සේහිව එක්කන් ගියෙ මොකටද කියලා අහද්දි එ දෙන්නට දෙන්න උත්තරයක් නැති උනා..

"මං ප්‍රශ්නයක් ඇහුව ඔය දෙන්නගෙන්"

"අනෙ අප්පා. ඇයි අපි දෙන්නව බය කරන්නෙ ඔයා. හිමින් අහන්නකො... සේහිටනම් කිසි සද්දයක් දාන්නැ"

"ඔය දෙන්නව හුරතල් කරපු කාලෙ ඉවරයි කුකී.. අනික මං දන්නවා කුකීගෙ කටේ තරම.. හුරතල් කරන්න ගත්තොත් මටත් නොදැනි මගෙ හදවතත් ගලවයි"

"හපෝ මොනාද අප්පා මෙ කියන්නෙ. බලන්නකො ඔම්මා. මේ ගෙදර ඉන්න අහිංසකම ලමයා මං තමයි..  ආව්හ්.. ගහන්නෙ.."

"කෑ ගහන්න එපා මෝඩයො... සේහි ඇහැරේවි"

"හරි හරි ඉතින් ගහන්න ඕනද.. තට්ටු කරලා කටින් කියන්න බැරිද... ඒක නෙවෙයි අප්පා.. එතකොට අප්පට කව්ද කිව්වෙ අපි කැලේට ගියා කියලා"




ජූන්ගෙ ප්‍රශ්නෙ හෙමීට මග ඇරපු කුකී වෙන කතාවක් කියන්න ගද්දි කටේ සද්දෙ වැඩි උන නිසා ටේ කුකීට පාරක් ගැහුව වගේම කුකී ආයෙත් නම්ජුන්ව කතාවට ඇදල ගත්තා.



"යෝජුන්ගෙ පැක් එකෙ ඉන්න්  මගෙ ඔත්තු කාරයෙක් ඊට දවස් තුනකට හතරකට පස්සෙම ඇවිල්ලා කිව්ව.. දන්නවද එයාට උන දේ.. දැන් මාසෙකට කලින් එ මගෙ ඔත්තුකාරයෙක් කියලා දැනගත්ත යෝජුන් ඒකව මරලා දාලා.. දැන් ඔය දෙන්න වගේම සේහිව හොයනවා.. ඔය දෙන්නව ආරක්ශා කරගන්න ඔය දෙන්නට පුලුවන්.. ඇල්ෆලා කියලා දැනගත්ත නිසා ඔය දෙන්නට කරදරයක් කරන එක එගොල්ලොන්ට අවදානම්.. එ නිසා හොදම දේ සේහිව ආරක්ශා කරගන්න එක..

මට ඔය තුන්දෙනාම වටිනවා පැටව්නේ... සැරින් සැරේම අහන්න එපා මොනාද හංගන්නෙ කියලා.. අවශ්‍ය කාලෙ ආවම අපි නොකියම ඕගොල්ලොම දැනගනී.. සේහියාව දහඅට වෙනකන් පරිස්සම් කරන්න කිව්වෙ සන්හි.. එ හැර අපි දන්නෙත් නැ ඒකට හේතුවක්.. අපි එ පොරොන්දුව රකින්න ඕන. එ නිසා මෙ මාස පහ විතරක් ඉවසන්න. ඔයාලගෙ නන්ගිගෙම ආරක්ශාව වෙනුවෙන්.. පුලුවන් නේද??"


"හ්ම්ම්ම්.. අප්පා.. සමාවෙන්න. හිත රිදෙන දෙයක් කියවුනානම්"

"ඒකට කමක් නැ පොඩ්ඩො. මං දන්නව ඔය තුන්දෙනාට ඔය තුන්දෙනා නැතුව බැ කියලා. අපිටත් එහෙමයි... සේහි නැතුව මේ ගේ පාලුවෙන් පිරිලා යාවි. ඒත් අපි ඉවසමු.ම්ම්ම්?

එහෙනම් දෙන්නා අද සේහිව තියාගන්න හොදද... මෙ පොඩි කෙල්ලව තියාගෙන ඔය දෙන්නා වෙන වෙන ඒව එහෙම කරන්න යන්න එපා..."


නම්ජූන් එහෙම කියලා ජියාවත් එක්කගෙන රූම් එකෙ දොරත් වහන් යද්දි එ කියපු කතාවට ටේකුක් දෙන්නගෙම මූනවල් රතු වෙලා ගියා..


"මොකද ඔහොම බලන්නෙ"

"කව්ද තමුසෙ දිහා බැලුවෙ. මං බැලුවෙ සේහිගෙ දිහා"

"අහ් එහෙමද... ඔය කට තිබ්බෙනම් නැ හැබැයි අර කකුල පොත් රාක්කෙ වැදුන වෙලේ.."

"මොන වෙලෙ?.. ආහ්.. එ.. එවෙලෙ.. යාහ් ටේ.. අමතක කරන්න ඒක."


"හ්ම් හ්ම්🌚"


"මෙහෙ දෙනවා සේහිව.. හරියටම මැද්දෙන් තියන්න ඕන.. තමුසෙ එහා පැත්තෙ නිදා ගන්නවා.. මං මෙහා පැත්තෙ නිදාගන්නම්."


"මට බයද?"


"න්.. නෑ... නෑ.... පිස්සුද... මං බය වෙන්න? පුෆ්ෆ්.. පිස්සු හැදෙයි"


"තමුසෙ හිතන ඒව දැන්ම වෙන්නැ කුකී. හදිස්සි වෙන්න එපා.. කො ඔන්න එහාට වෙන්න මට සේහිව තියන්න."


ටේ දිගින් දිගටම ජන්කුක්ට හින්ට් පාස් කරද්දි ජන්කුක් හිටියෙම මූන රතු කරගෙන වෙනකොට ජන්කුක්ගෙ එක කම්මුලක් මිරිකපු ටේ සේහිව පරිස්සමෙන් ඒ දෙන්නගෙ ඇඳ මැදින් තිබ්බා..

"කුකී.. එ කියන්නෙ තාම වුල්ෆ්ලගෙ රාජධානිය තියෙනවා?"

"ඔව්නෙ ටේ. නම්ජුන් අප්ප කියපු විදියට එහෙම තමයි.. මට බයයි ටේ.. සේහිට මොනාහරි වෙයිද?"

"නැ.. සේහිට මොකුත් වෙන්නැ.. මොකුත් වෙනකන් අපි බලන් ඉන්නෙත් නැහ්නෙ. මේ කුකී"



" ම්ම්ම්"

"සේහිගෙ මාලෙ ගැන... මුකුත් කිව්වෙ නෑනෙ?"


ටේ එහෙම කියනවත් එක්ක කුකී සේහිගෙ බෙල්ල වහගෙන තිබ්බ ලස්සන මාලෙ අතගෑවා.. ඒක සාමාන්‍ය නිල් පාටින් දිලිසෙන්න ගත්තම කුකී ටක් ගාලා ඒකෙන් අත ගත්තා..


"ටේ... ටේ.... ඔ.. ඔයා ඒක දැක්කද?."

"මොකද්ද"


"මාලේ.. නිල් පාට උනා... මං ඇල්ලුවම"


"කුකී ඒක හිතළුවක් වෙන්නැති.  අපි මෙ අහපු කරපු දේවල් එක්ක එහෙම හිතෙන්න ඇති"



"නැ නැ ටේ.. අනෙ මං ඇත්ත කියන්නෙ.. ඔන්න මං ආයෙ අල්ලන්නම්"


"එපා එපා මෙයා ඇහැරෙයි කුකී.. ඇහැරුනොත් ආයෙ දුකට අඩයි.  නිදාගන්න දෙන්න."


"ඒත් ඒක දිලිසුනා.. මට හොදටම විශ්වාසයි"

ටේ කුකීට සේහිට කරදර කරන්න එපා කියලා සේහිගෙ එහා පැත්තෙන් ටේ හාන්සි උනා.. කුකී දැකපු දේ විශ්වාස කරගෙන හිතින් හිතන ගමන් ලෑම්ප් එකත් ඕෆ් කරගෙන සේහිගෙ අනිත් පැත්තෙන් හාන්සි උනා...












hey beauties 🍓🤍"

ඔය දරුවොන්ට මොකත හිතෙන්නෙ සේහි ගැන..

සේහි පස්සෙ යෝජුන්ගෙ අය පන්නන්නෙ ඇයි?

කුකීගෙ.. ටේගෙ අම්මා තාත්තා කවුරු වෙන්න ඇතිද?

එයාලා ඇයි ජියා, නම්ජූන් ලග ඉන්නෙ..


**************

බායි...❤️








Emma..🖋️🩵✨










Continuă lectura

O să-ți placă și

3.1M 69.2K 200
I'm a new grad human in huge debt, and cheated by my Omega boyfriend. When I got wasted in a bar, I didn't expect to have the best sex ever. And the...
482K 18.6K 29
This book is a sequel to His Miracle Mate. *** **** *** Orla learns the secret of her ancestry, a secret that will make her a target if reveal...
3.7K 1K 15
"ජන්කුක් අපි ආයෙත් මුණ ගැහෙන්න ඕනි නෑ" 𝙿𝙹𝙼 𝐉𝐈𝐊𝐎𝐎𝐊 ✓ 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑𝐒 15 ✓ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✓
5.8K 586 14
අරමුණක් නැතිව ඔහේ පාලුවෙන් තනි වෙච්ච හිතකට දඩබ්බර හිතකින් ලැබිච්ච වෙනම ආදරේ ඒ තනිකම පාළුව සදහටම නැති කරලා දැම්මා දඩබ්බරයෙකුට පෙම් බැඳි ඒ අහිංසක රෝස...