මානස (Completed)

By NirMad238

66.6K 12.3K 11.4K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

48

614 125 41
By NirMad238

අයියගෙ අත සීතල වෙලා ගිහින්.

එයා ඇදගෙන වැටෙද්දි මගේ අතේ ඇඟිලි අස්සට එයාගෙ ඇඟිලි ඔබාගෙමයි වැටුනෙ.
හරියට ඉස්සර අපි දෙන්නා තුරුල් වෙලා ඉද්දි වගේ!
එයාගෙ උරහිස උඩ මගේ ඔළුවයි
මගෙ ඔළුව උඩ එයාගෙ ඔළුවයි තියාගෙන ඉද්දි වගේ!

ඒත් දැන්..
දැන් එයාගෙ අත ඉබේම කඩා වැටෙනවා!

අනේ අයියෙ!
මගෙ රත්තරං රත්තරං අයියෙ!
මාව ආයෙමත් හයියෙන් අල්ලගන්නකො!
තදම තද කරලා හයියෙන්ම හයියෙන්!
Please.....!
මට කවදාවත්ම ඔයාගෙ ලඟින් යන්න බැරි වෙන්න හයියෙන් අල්ලගන්නකො!

මං මහ මෝඩයෙක් අයියෙ!
මෝඩම මෝඩම මෝඩම මෝඩයා ඔයා නෙමෙයි මං!
මොනවා වුනත් ඔයා හැමදාමත් මං ලඟ හිටියා.
මං කඩාගෙන වැටෙන හැම වෙලාවකදිම හයියක් වුනා.
ඒ වුනාට මං ඒ හැමදේටම පයින් ගහලා ගිහින් මගේ ජීවිතේම විනාස කරගත්තා.
ඒ මදිවට ඔයාගෙ ලස්සන ජීවිතෙත් විනාස කලා.

මං වගේ කාලකණ්ණියෙකුට මෙච්චර හොඳ වෙන්නෙපා මගෙ අයියෙ!
ඔයාගෙ ලස්සන ජීවිතේ මං නිසා විනාස කරගන්න එපා!
ඕන දෙයක් කරගෙන මකබෑවිලා පලයං කියලා අයින් කරලා දාන්න.
ඔයාගෙ ජීවිතේ ලස්සනට හදාගන්න.
හැමදාම සතුටින් හිනා වෙලා ජීවත් වෙන්න!

මං ලස්සන සුවඳම සුවඳ අයියෙ!
ඔයාට මාව ඇහෙනවද රත්තරං?

ඒත් එයාගෙ ලස්සන බෝල ඇස් දෙක පියවිලානෙ.
රෝස පාට තොල් දෙක සුදුමැලි වෙලා.
අනේ මලකටත් වඩා ලස්සන මගෙ රත්තරං චූටියෝ...
ඔයා ඔහොම ඉන්නවට මං කැමතිම නෑනෙ.

මං කිව්වා නේද ඔයා හැමදාමත් හිනාවෙලාම ඉන්න ඕනෙ කියලා!
ඔයාගෙ හිනාව මගේ ජීවිතේට එළිය අරන් එනවා කියලා.

ඉතින් චූටි පැටියෝ,
ඇයි මෙහෙම ඉන්නෙ?

මාත් එක්ක ඉස්සර වගේම හිනාවෙන්නකො!
My sweetest sweetest Snowdrop කියලා මාව බදාගෙන තුරුල් කරගන්නකො!
මං කියන විකාර වලට මූණ රතු කරගෙන කෑගහන්නකො!

අනේ මගේ රත්තරං පැටියො,
මගෙ දිහා ඔය ලස්සනම ලස්සන ඇස් වලින් එකම එක පාරක් බලන්නකො!

ඔයාට මොකුත් වුනොත් එහෙම මං එතනින් එහාට ජීවත් වෙන්නෙ කොහොමද මගෙ චූටියෝ???
ඇයි මෙහෙම කලේ?
හැමදාමත් මං කිව්වා නේද ඔයාට මෙහෙම රණ්ඩු මැද්දට පනින්න එපා කියලා.
ඇයි ඒක අහන්න බැරි?
දැන් බලන්න මේ සිද්ද වෙච්ච දේ?

Naughtyම naughty චූටියෙක් පැටියො ඔයා නම්!

හැබැයි ඉතින් ඔයාට මොනවම හරි වුනොත් නම් මාත් ඔයාගෙ පස්සෙන් ඔයත් එක්කම එනවා හොඳේ.
මතකයිනෙ මං කිව්වා හොඳින් බැරිනම් නරකින් කොහොම හරි ඔයාව මගේම කරගන්නවා කියලා!

ඉතින් ඒක නිසා කොහොම හරි ඔය ලස්සන ඇස් දෙක අරින්න මගෙ පැටියෝ...

ආයෙම මගේ දිහා ආදරේ පිරිච්ච ඇස් වලින් බලන්න!

කළුම කළු අන්දකාරයක් මැද්දෙ වුනත් මෙච්චර කල් මං ජීවත් වුනේ ඔයාගෙ ඇස් වල දිස්නෙ පිහිටෙන් තමයි.

ඉතින් මගේ චූටියෝ...
කොහොම හරි, මොනවම හරි කරලා මගෙ ලඟට ආයෙම එන්න!
Please.....



Ambulance එකේ අයියාගෙ ලඟින් වාඩි වෙලා ඒ සීතලම සීතල අතක් බදාගෙන මං ඉකි ගහ ගහ ඇඬුවා.
ජීවිතේ දරාගන්නම බැරි දේවලුත් මං දරාගෙන තියෙනවා.
ඒත් මෙහෙම වේදනාවක් නම් දරාගන්න දන්නෙ නෑ මං!

අනේ මගේ චූටියා!!!!

ඒ ලස්සන හිනාව,
ඒ හිත නිවන කතාව,
ඒ නිමක් නැති ආදරේ,
මගෙ හීනයකටත් වඩා ලස්සන හිනාමල මතක් වෙද්දි වාවගන්නෙ කොහොමද දෙයියනේ???

මෙහෙම දුකක් විඳින්න වෙනවට වඩා එවෙලෙ අර වෙඩි උණ්ඩෙ වැදිලා මැරිලා ගියා නම් සැප නැද්ද?

අනේ ඇයි මගෙ රත්තරං අයියෙ ඔයා මෙහෙම කලේ?

මම නම් කාලකණ්ණියෙක්!
රටට ලෝකෙට කිසිම වැදගත්කමක් නැති එකෙක්!
මුළු සමාජෙටම පිළිලයක් වෙච්ච කරුමක්කාරයෙක්!

ඒත් ඔයා!

ඔයා එහෙම කෙනෙක් නෙමෙයි මගෙ අයියෙ!
ඔයා හිත නිවන භාවනාවක්!
මුළු ලෝකෙටම එලිය බෙදන ඉර කුමාරයෙක්!
කුණාටුවක් අස්සෙදිත් කඩා නොවැටෙන මහා රූස්ස ගහක්!
ඉතින් කාට කොහොම වුනත්,
ඔයාට මෙහෙම වෙන්න බෑ දෙයියනේ!


Ambulance එකේ කට්ටිය අයියගෙ ලේ ගලන එක නවත්තන්න සෑහෙන්න දැඟලුවා.
ඒත් හැමතැනම ලේ ගලාගෙන ගිහින් ඉවරයි.
ඒ ලස්සන ඇඟේ තවත් ලේ බින්දුවක්වත් ඉතුරු වෙලා තියෙනවද මන්දා!

අනේ මගේ ඇඟේ තියෙන ලේ ටික ඔක්කොම එයාගෙ ඇඟට දාලා හරි කමක් නෑ එයාව බේරගන්න දෙයියනේ!
මගේ ලස්සන හිනාමලට මොකුත්ම වෙන්න දෙන්න එපා!

අයියේ!
මගෙ අයියේ!!!
ආයෙම මගේ ලඟට එනවා නේද?
Come to me my Snowdrop කියලා මාව බදාගන්නවා නේද?

ආයෙම නම් කවදාවත් මං ඔයාගෙන් ඈත් වෙලා යන්නෙ නෑ මගෙ අයියෙ!
ඇත්තමයි!
සත්තමයි!
ඔයාගෙ කකුල් දෙක ලෙව කකා බලු පැටියෙක් වගේ ඉන්න කිව්වත් මං එහෙම මුළු ජීවිත කාලෙ පුරාවටම ඉන්නවා.

ඒක නිසා ආයෙම ඔය ලස්සන ඇස් දෙක ඇරලා මගෙ දිහා බලන්න අයියෙ.

මං පණටත් වඩා ඔයාට ආදරෙයි මගෙ රත්තරං!!!
.
.
.
.
.
Hospital එකට ආපු ගමන්ම අයියව operation එකකට කියලා ගත්තා.
මං පිස්සෙක් වගේ operation theatre එක ඉස්සරහා ඇවිද ඇවිද බලාගෙන හිටියා.

මගෙ පපුව පැලෙන්න වගේ දෙයියනේ!

මගේ හිනාමල!
මගේ චූටියා!
මගේ Happy pill!
මොකද්ද දෙයියනේ මං මගේ කොල්ලට මේ කලේ?

"You are a good boy පැටියෝ!"

ඔයා එහෙම නේද චූටියො මට කිව්වෙ.
ඒත් මං good boy කෙනෙක් නෙමෙයිනෙ රත්තරං.
මං හරිම කාලකණ්ණියෙක්!
ඒත් ඔයා මං good boy කෙනෙක් කියලා ඇත්තටම විශ්වාස කරනවා නම් මං කොහොම හරි ඔයාගෙ good boy වෙන්නම්.
ඒ නිසා මගේ ලඟට ආයෙම එනවා නේද?
ඔයා වෙනුවෙන් මට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියලා දන්නවා නේද?

මං ඕනෙම දෙයක් කරන්නම් මගෙ පැටියො!
ඔයා කියන ඕනෙම දෙයක්!
ඒත් මාව තනි කරලා දාලා යන්න නම් හිතන්නවත් එපා!
මතකයි නේද මං දවසකුත් කිව්වා,
ධ්‍යාන් නැත්තම් තඹරු කෙනෙක් නෑ කියලා!
මං ඉපදුනා නම් ඉපදුනෙත්, ජීවත් වුනා නම් ජීවත් වුනෙත් ඔයා නිසාම විතරයි!
මගේම අම්මටයි තාත්තටයිත් කරුමක්කාරයෙක්, වදකාරයෙක් වෙච්ච මාව මේ ලෝකෙ තියෙන වටිනම වස්තුව විදියට දැක්කෙ ඔයාම විතරයි!
මං වෙනුවෙන් ජීවිතේ වුනත් නැති කරගන්න දෙපාරක් නොහිතුවෙ ඔයාම විතරයි!

ඒත් එහෙම කරන්න එපා මගෙ චූටියෝ!
ආයෙ කවදාවත්ම එහෙම කරන්න හදන්න එපා.
කවමදාකවත්, කිසිම හේතුවකට මාව තනි කරලා දාලා යන්න එපා!
යනවා නම් අපි දෙන්නම යං මගෙ රත්තරං!
ඉස්සර වගේම ඔයාට තුරුල් වෙලා ඔය ලස්සන හිනාව දිහා මං බලාගෙනම ඉද්දි අපි දෙන්නම යං!
.
.
.
.
.
.
විනාඩි එකින් එක පැය වෙවී ගෙවිලා ගියා.
ඒත් Operation theatre එකෙන් කිසිම කෙනෙක් එලියට ආවෙ නෑ.

මට මේක තවත් දරාගෙන ඉන්න බෑ දෙයියනේ!!!
මගේ මුළු ජීවිතේමයි ඔය ඉස්පිරිතාල ඇඳක් උඩ සිහිය නැතුව වැතිරිලා ඉන්නෙ!
මේ ජීවිත කාලෙ පුරාවටම මං කරපු නරක දේවල් වැඩියි තමයි.
ඒත් එකම එක පොඩිම පොඩි හොඳක් හරි කරලා ඇති නේද?
අනික මං මොන තරම් වැරදි වැඩ කරන නරුමයෙක් වුනත් ඒ ඇඳ උඩ සිහියක් නැතුව ඉන්න එක පට්ටම අහිංසකයෙක්!
මේ ලෝකෙ ඌ තරම් හොඳ මිනිස්සු නෑ දෙයියනේ!
මං වගේ කාලකන්නි පිරිච්ච නරුම ලෝකෙකට ඌ වගේ හොඳ එවුන් ඕනෙ. නැත්තම් මේ ලොකෙ වැඩිකල් නොගිහින් විනාස වෙලාම යයි.
ඒ නිසා මගේ පණ ටික අරගෙන හරි ඌව බේරලා දෙන්න මගෙ දෙයියනේ!

ඉවරයක් නැතුව කඳුළු ගලාගෙන ගලාගෙන ගිහිල්ලම මාව හෙම්බත් වුනා.
ඔළුව ගිනි අරන් පපුවට බෝම්බ පිට බෝම්බ පාරවල් වැදෙනවා වගේ දැනුනා.
අන්තිමේදි ඇඟට පණ නැතුව මාව බිමටම ඇදගෙන වැටුනා.

මුළු ඇඟම කපලා දාලා වගේ වේදනාවක් එක්ක මාව ගැහෙනවා.
බඩ කැලතීගෙන කටට ඇඹුල් රහට වමනෙ පිරෙනවා.

දැන් වෙලාව පහු වෙලා!
ඒකයි මේ!!!
ආ..හ්!
ඇයි මං මෙහෙම කරුමක්කාරයෙක් වුනේ දෙවියනේ???

දැන් කොහොමද මං කොච්චර අමාරු වුනත් මගෙ කොල්ලව මෙහෙම දාලා මොහොතකටවත් පිට වෙලා යන්නෙ?
එයා වෙනුවෙන් කොයි තරම් ලොකු වේදනාව වුනත් දරාගන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි මට.
ඒත් මාව තව ටිකකින් සිහිය නැතුව ඇදගෙන වැටුනොත් එහෙම මං කොහොමද මගෙ කොළු පැටියව බලාගන්නෙ?
එයාට කරදරයක් වෙන්න නොදී පරිස්සම් කරගන්නෙ?
.
.
.
.
"මීරා!
ඉස්පිරිතාලෙට අරවා ටිකක් අරන් වරෙං බං!"

ඉන්නම බැරි තැන මං මීරට කෝල් එකක් අරන් කිව්වා.

"මොකක්?
තොට මෝල්ද හු#තෝ?
ඕවා උස්සං ඔහොම රට වටේ යතැහැකිද?
අහුවුනොත් දෙන්නම ගස්!"

"යකෝ!
ඕක උඹ ලඟ තියෙනවා කියලා මොකෝ උඹ බෝඩ් එකක් ගහං එනවද?
බයිලා නැතුව අරං වරෙන් ප#!
නැත්තම් කෝ ජොනා?
ඌට කියපං!"

"උඹට මොකද්ද බල්ලො දැන් ටික දවසක ඉඳන් වෙලා තියෙන්නෙ?
ගෑණියෙක්වත් සෙට් වුනාද?"

"මට ගෑණුත් එක්ක ගනුදෙනු නෑ කියලා උඹ දන්නවනෙ!
බයිලා නැතුව ඔන්න ඕක අරං වරෙං!
මට පට්ටම අමාරුයි හු#තො!!!"

"ගෑණු නැත්තම් පිරිමි එක්ක හරි ගනුදෙනු තියෙන්න එපැයි බං.
උඹට ඒ මොකවත් නැති එකනෙ ප්‍රශ්නෙ!"

මීරා කුටු කුටු ගගා තනියම කියව කියව phone එක තිබ්බා.
මොනා කියවලා හරි කමක් නෑ මට බඩු ටික ඉක්මනට ගෙනත් දෙනවා නම්.
නැත්තම් මගේ හිනාමල ඇස් අරිද්දි මගේ ඇස් දෙක පියවිලා තියෙයි මේ යන හැටියට!

ඉතින් මගෙ ලස්සන හිනාමල,
ඔයා නැගිටිනවා නේද?
කොහොම හරි කොහොම හරි
මං වෙනුවෙන්,
අපි වෙනුවෙන් නැගිටිනවා නේද?
කොච්චර කාලයක් හරි මං ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නම් මගෙ චූටියො!
ඒත් ඔයා ආයෙම ඔය ලස්සන ඇස් දෙක ඇරලා මගේ ලඟට එන්නම ඕනෙ.
මාව තුරුල් කරගෙන my sweetest Snowdrop කියලා කියන්නම ඕනෙ.
නැත්තම් ඇත්තමයි මං මේ කියන්නෙ,
මං මුළු ලෝකෙම විනාස කරලා සුන්නද්ධූලි කරලා දානවා.
ඊට පස්සෙ මාත් මැරිලා යනවා.

එහෙම වෙනවට ඔයා කැමති නෑ නේද චූටියො?
එහෙනම් ආයෙම කොහොම හරි මොනවම හරි කරලා මගේ ලඟට එන්න හොඳේ!
මං ආදරෙයිනෙ මගෙ පැටියට!
ඔයා වෙනුවෙන් අපායට හරි යන්න මං ලෑස්තියි.
මුළු අපායම ගිනි තියලා හරි ඒකෙන් ගැලවිලා එන්නත් ලෑස්තියි.
ඉතින් මගේ ඒ බලාපොරොත්තු හීන සේරම ඔයා විනාස කරලා දාන්නෙ නෑ නේද මගෙ රත්තරං?

ඉස්සර අපි දෙන්නා එකතු වෙලා මවපු හීන සේරම මැකිලා ගියේ නෑ මගෙ පැටියො.
අපි ඒවා ආයෙ අළුතෙන්ම පාට කරමු.
අළුතෙන්ම හීන මවමු.
ඔයත් එක්ක අත් අල්ලගෙන ඕනෙම අමාරු පාරක ඕනෙම දුශ්කර හීනෙකට යන්න මං එන්නම්.
ඕනෙම දෙයක් කරන්නම්.
අනේ කවමදාකවත් මාව දාලා නම් යන්නෙපා!
.
.
.
.
.
ටිකකින් බැනම බැනම හරි මීරා මට ඕනෙ කිව්ව ජාති ටික ගෙනාවා.
මං ඒ ටිකත් අරන් හෙමීට මාරු වෙන්න හැදුවා.
හැබැයි මීරට තිබුනා ප්‍රශ්න පත්තරයක්!

ජොනාගෙන් වෙච්ච සිද්දිය ගැන දැනගෙනනෙ ඌ ඇවිත් තිබුනෙ.
ඉතින් ඒ කොල්ලා කවුද?
ඌ කොහොමද එවෙලෙ එතෙන්ට ආවෙ?
ඌ ඇයි එහෙම කලේ?
ඌව මම දන්නෙ කොහොමද?
මගෙයි උගෙයි අතරෙ තියෙන සම්බන්දෙ මොකද්ද?
ඔහොම ඔහොම cid එකේවත් නැති ප්‍රශ්න හැට හුටහමාරක් ඒ!

හැබැයි ඔය එකකටවත් උත්තර දෙන්න මං මේ වෙලාවෙ ලෑස්ති නෑ මීරො.
මුලින්ම මං දැනගන්න ඕනෙ මගෙ කොල්ලා හොඳින් නේද කියලා.
එහෙම නැති වුනොත් මං මැරෙනවා.
ඌටයි මටයි මෙහෙම කරපු හැම එකාවම මරාගෙන මැරෙනවා.
ඉතින් ඒ ගොඩේ උඹේ ලොක්කා විල්සනයයි උගේ හෙන්චයියො ටිකයිත් ඉන්නවා මීරො!!.

අනික් අතට මගෙ එකා මගෙ ලඟට ආයෙම ආවොත්, මං ඌව පරිස්සම් කරගන්න ඕනෙ.
උඹේවත්, උඹේ කරුමක්කාර බජව්වෙ එවුන්ගෙවත් හෙවනැල්ලක්වත් වැටෙන්න නොදී ඌව රකින්න ඕනෙ.
ඒ වගේ හුරතල් කොල්ලෙකුට උඹලා වගේ කාලකණ්ණි එක්ක මුහු වෙන්න දෙන්න බෑ හීනෙකින්වත්.
ඉතින් ඒක නිසා මගෙයි මගෙ කොල්ලගෙයි අතර සම්බන්දෙ රහසක් විදියටම තිබුනාවෙ.
ඒ ගැන උඹ දැනගන්න ඕනෙ නෑ.

මං මීරට කුණුහරුපෙන්ම දෙසලා ඌව එලවගත්තා.
ඌ එන්න ඕනෙ නෑනෙ කොහොමත් මගේ වැඩ වලට ඇඟිලි ගහන්න.
තඹරු කියන්නෙ එක එකාගෙ රෙදි අස්සෙ නැටවෙන රූකඩයක් නෙමෙයි.
තඹරු නැටවෙනවා නම් නැටවෙන්නෙ එකම එකෙක් ලඟ විතරයි.
අන්න ඌ මේ වෙලාවෙ ඉන්නෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ.
ජීවිතෙයි මරණෙයි අතර කොහේදෝ මැද්දක.
හැබැයි මාරයාටවත් ඌට ඕන විදියට නටන්න දෙන්න ලෑස්ති නෑ මං.
මගෙ එකාව ඌ ගත්තොත් මං උගේ අපාය දරාගන්න බැරි වෙන්නම පුරවලා පුරවලා පුපුරවලම දානවා.
මාරයා කියන එකාවත් විනාස කරලම දානවා.
.
.
.
.
.
.
මීරා ගෙනාපුවා ටික මං toilet එකක් අස්සට ගිහින් ඇද්දා.
හ්..ම්...හ්!
අම්මෝ!
දැන් නම් යන්තම් හුස්ම ගන්නවා වගේ දැනෙනවා.
ඉතින් බය වෙන්නෙපා මගෙ චූටියො!
මං කොහේවත්ම යන්නෙ නෑ.
ඔයා ලඟම ලඟම ඉන්නවා.
.
.
.
.
.
.
.
පැය ගානකට පස්සෙ theatre එකෙන් එලියට ආපු දොස්තරයෙක්ද නර්ස් ගෑණියෙක්ද මන්දා, operation එක ඉවරයි කිව්වා.
හැබැයි මගෙ කොල්ලව icu දැම්මලු.
ලේ පයින්ට් හයක් දුන්නලු.
වෙඩි උණ්ඩෙ නූලෙන් heart එක miss කරගෙනලු ගිහින් තිබුනෙ.
තව එක සෙන්ටි මීටරයක් එහා මෙහා වුනා නම් කොල්ලා එතනම ඩවුන්ලු!

මගෙ රත්තරං!
ඔය ගෑණු මොනවා කිව්වත් මං දන්නවා.
ඔයා කවදාවත් මාව අතාරින්නෙ නෑ.
ඔය සෙන්ටි මීටරේ නෙමෙයි මිලි මීටරේ, කිලෝ මීටරේ වුනත් ඔයා මාව දාලා යන්නෙ නෑ.
මගෙ පැටියා!
මගෙ චූටියා!
කොහොම හරි හුස්ම අල්ලගෙන ඉන්න.
මං පොරොන්දු වෙන්නම් ආයෙම කවදාකවත් ඔයාගෙ හිත නොරිද්දා ඉන්න.
ඔයාට ඕනෙ හැමදේම කරලා දෙන්න.
මුළු ලෝකෙම වුනත් ඔය ලස්සන කකුල් දෙක ලඟට ගෙනල්ලා දෙන්න!
අවුරුදු එකහමාරක් තිස්සෙ මට දෙන්න බැරි වෙච්ච ආදරේ ඔයාට පිස්සු හැදෙනකල්ම දෙන්න!
.
.
.
.
.
.
.
අයියව එදා දවසටම බලන්න දුන්නෙ නෑ මට.
හැබැයි මං ඒ icu එක ලඟින් හෙල්ලුනේවත් නෑ කොයි වෙලාවකවත්.
පේන්න නැතත් කමක් නෑ මගෙ එකා ඉන්න ලඟ පාතක හරි ඉන්න ලැබෙන එක ඇති මට!

අයියෙ,
එදා ඇත්තටම මොකද්ද වුනේ?
අපිට ඇයි මෙහෙම වුනේ?
මං බොරුවට කලබල වුනාද?
ඔයාට හැමදේම පැහැදිලි කරලා දෙන්න එකම එක ඉඩක් හරි මට දෙන්න තිබුනද?
මං මෝඩයෙක් වගේ අපි දෙන්නවම විනාස කරගත්තද?

ඒත් කමක් නෑ පැටියො.
දැන් ආයෙම අපිට අපි ඉන්නවනෙ.
අපි හැමදේම අලුතින් පටන් ගමු!

ඔයා මට ඇත්තටම ආදරෙයි නේද මගෙ අයියෙ?
ආදරේ නැත්තම් කවුද මෙහෙම කරන්නෙ?
කවුද මං වගේ කාලකණ්ණියෙක් වෙනුවෙන් ජීවිතේ වුනත් නැති කරගන්නෙ?
මගේම අම්මයි තාත්තයි වුනත් එහෙම කරයිද අයියෙ?
ඔයා ඇරෙන්න වෙන කවුරු වුනත් මාව විශ්වාස කරයිද අයියෙ?

ඔයා තමයි මගේ පහන!
මගේ එලිය!
මගේ හුස්ම!
මගේ හැමදේම!
ඉතින් මට මගේ ආදරේ ඔප්පු කරලා පෙන්නන්න එකම එක අවස්ථාවක් දෙනවා නේද අයියෙ?

මේ පාර නම් කිසිම හේතුවකට මං කිසිම දෙයක් වරද්ද ගන්නෙ නෑ.
ඔයා අපේ හීන එකින් එක ඉස්සර වගේම plan කරන්න.
මං කොහොම හරි ඒ ඔක්කොම හැබෑ කරන්නම්!
ඇත්තමයි!
සත්තමයි!
.
.
.
.
.
.
.
ඉස්පිරිතාලෙන් අයියගෙ භාරකාරයො ගැන මගෙන් ඇහුවා.
හැබැයි මං විස්තර දුන්නෙ නෑ.
මොකද මං පට්ටම පට්ටම ආත්මාර්තකාමීයි.
ඒ වේ# පවුලෙ එවුන් මේවා දැනගෙන ඇවිත් අපිව ආයෙමත් වෙන් කරනවා බලන්න තරම් මගේ හිත හයිය නෑ.
උන් ආවා කියලා අයියගෙ හිත රිද්දන එක ඇරෙන්න වෙන දෙයක් කරන එකකුත් නෑ කොහොමත්.
සේරටමත් වඩා අර බැබුනියි පැස්බරයි හු#තියො දෙන්නා මගෙ එකාගෙ ලඟටවත් එන එක මට කොහොමටවත් ඉවසන්න බෑ.

අයියගෙ ෆෝන් එක මට ලැබුනා.
ඒක දැක්කහම මට කෑගැහිලා ඇඬුනා.
ඉස්සර අපි දෙන්නා ඉන්න photo එකක් කිසිම හේතුවකට wallpaper එකට දාගන්න බෑ කිව්ව මනුස්සයගෙ phone එක පුරාම හිටියෙ මම විතරයි.
මම නසරානියා වගේ එයාගෙ මූණ ලෙව කන photo එක තමයි එයාගෙ wallpaper එක!
හරියට මේ ඉන්නෙ මගෙ කොල්ලා කියලා මුළු ලෝකෙටම කියන්න වගේ!

මං මේ මොකද්ද කලේ මගෙ අයියෙ?
මං හැමදේම පටලවා ගත්තද?
මාව විතරක් නෙමෙයි, ඔයාවත් විනාස කරලා දැම්මද?

මට සමාව දෙන්න පුළුවන්ද මගෙ අයියෙ?
කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.
ඔයාටම විතරක් ආදරේ කරනවා කිව්ව කටින්ම මං ඔයාට සාප කලා අයියෙ.
ඔයාගෙන් පලිගන්නවා කිව්වා.
ඔයා මහ නරුමයෙක් කිව්වා.
හැබැයි මං ඒ සේරම කරද්දිත් ඔයා මං වෙනුවෙන්ම පේ වෙලා හිටියද?
මටම විතරක් ආදරේ කලාද?
කොහොමද අයියෙ මං මේ ණය ගෙවන්නෙ?
කොහොමද මගේ වැරැද්දට මං වන්දි ගෙවන්නෙ?

ඇයි දෙයියනේ අපිට මෙහෙම වුනේ???
.
.
.
.
.
.
.
පහුවෙනිදා මගේ අයියට සිහිය ඇවිල්ලා තිබුනා.
මට දැනුනෙ අපායෙ පිච්චි පිච්චි ඉඳලා එක සැරේටම දිව්‍ය ලෝකෙ යන්න ලැබුනා වගේ සහනයක්!
හරියට නිකං වතුරෙ ගිලිලා හුස්ම හිර වෙලා මැරෙන්න ඔන්න මෙන්න ඉඳිද්දි කොහොම හරි වතුරෙන් උඩට මතුවෙන්න ලැබුනා වගේ!

Thank you මගේ Happy pill!
Thank you!
Thank you!
Thank you so much!
දැන් ඉතින් අපිව ආයෙම වෙන් කරන්න කාටවත්ම කවදාවත්ම බැරි වෙයි.
මොකද මං දැන් එදා හිටපු මෝඩ කොල්ලා නෙමෙයි.
මේ අවුරුදු එකහමාරට මං අවුරුදු සීයක දේවල් ඉගෙනගත්තා.
සර්පයා, දේව දූතයා කවුද කියන්න අඳුරගත්තා.

ඉස්සර නොතේරුම කමට කිව්වා වගේ නෙමෙයි මින් ඉස්සරහට මං ඇත්තටම ඔයාව බලාගන්නම්!
ඔයා වෙනුවෙන්ම මගේ ජීවිතේ වෙන් කරන්නම්!

මොකද කවදා කොහොම කොයි කාලෙදි වුනත් මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ වෙනස් වුනේ නෑ මගෙ අයියෙ.
හැමදාමත් මං පිස්සෙක් වගේ ඔයාට ආදරේ කලා.
හැබැයි ඒ පිස්සුව හරි විදියට හසුරව ගන්න,
ඒක අපි දෙන්නගෙම යහපත වෙනුවෙන් යොදවගන්න මට තේරුමක් තිබුනෙ නෑ.

හැබැයි දැන් මම දන්නවා.

අයියෙ!
ඔයා දියමන්තියක්!
දියමන්තියකට කළු ගලක් ගැලපෙන්නෙ නෑ.
ඉතින් ඒක නිසා ඔයාගෙ Snowdrop ඔයාට ගැලපෙන විදිහෙ දියමන්තියක් වෙනවාම තමයි!
මේ කළු ගල් පර්වතෙන් කැඩිලා වෙන් වෙලා පස් වලට යට වෙලා ඕනෙම දුකක් විඳලා මං ඔයාට ලැජ්ජාවක් නොවෙන විදියට වෙනස් වෙන්නම්!
එතකල් මාව අත් නොඇර පුළුවන් නම් මාත් එක්ක ඉන්න.
ඒත් මම බලකරන්නෙ නෑ.
මොකද මං වගේ එකෙකුට ලං වෙලා ඔයා ඔයාගෙ ජීවිතේටත් ප්‍රශ්න ඇති කරගන්න ඕනෙ නෑනෙ.
හැබැයි මං පොරොන්දු වෙන්නම් මගෙ අයියෙ,
මං කොහොම හරි ඔයාට ආඩම්බර වෙන්න පුළුවන් ඔයාගෙම Snowdrop වෙනවාම තමයි!
.
.
.
.
.
.
එදාම දවල් මට අයියව බලන්න යන්න ඉඩ ලැබුනා.
ඉතින් අපායෙ ගත වුන පැය විසිහතරකට පස්සෙ මට දිව්‍ය ලෝකෙට යන්න ඉඩක් ලැබුනා.
මගේ රත්තරං මැණික,
ඔයා මාත් එක්ක තරහා නෑ නේද?
මං එනකල් බලාගෙන ඉන්නවා නේද?

සතුට දරාගන්න බැරුව icu එක ඇතුලට අඩිය තිබ්බට මොකද,
එක තත්පරේකින් මාව කඩාගෙනම වැටුනා.

අයියා ඉන්නවා කියලා පෙන්නපු තැන එයාගෙ මූණවත් පේන්න තිබුනෙ නෑ.
මහා මැශින් ගොඩක් එක්ක ඇඳක් උඩ සුදු පාට ගුලියක් වගේ එකක් විතරයි තිබුනෙ.
මැශින් සීයකින් විතර කීං කීං ගගා ඇහෙන පුදුම කන්දොස්කිරියාවක් තිබුන තැනක් ඒක.
අනේ මගේ චූටියගෙ කන් දෙකත් රිදෙනවද දන්නෙත් නෑ මේ මල මූසල සද්ද ඇහිලම!

මං අඩිය තිබ්බෙත් හෙමින් පරිස්සමින්.
මගේ හිනා මල නිදි නම් එයාව ඇහැරවන්න බෑනෙ.
එයාට සැපට, සනීපෙට ඉන්න තියෙන්න ඕනෙ.

හැබැයි ඒ ඇඳ ලඟට ටිකෙන් ටික කිට්ටු වෙද්දිම ඒ සුදු පාට ගුලිය ටිකෙන් ටික එහා මෙහා වෙන්න වුනා.
මගේ පැටියා!
ඔයා ඇහැරිලාද?

තවත් ටිකක් එතෙන්ට ලං වෙද්දි සුදුමැලි වෙලා ගිය ඇස් දෙකේ කඳුළු පුරෝගත්ත ලස්සන දේව දූතයෙක්ගෙ මූණක් ඇඳ රෙදි අතරින් මගේ දිහා බලාගෙන ඉන්නවා මං දැක්කා.
ඒත් ඒ ලස්සන හිතේ හැටි‍යට විඳගන්න විදියක් නෑ.
Mask එකකින් මුළු මූණම වැහිලා.
අමාරුවෙන් වුනත් මං ඒ හිනාමලත් එක්ක හිනා වුනා.

"Snowdrop!
Are you ok මගෙ පැටියො?
Were you hurt?

වෙව්ලන හීනි කටහඬකින් ඇහෙද්දි මගෙ පපුව හිල් වෙලා ගියා.
කටු ගහලා ගහලම හිල් වෙලා ගිය නිල් පාට අතක් බදාගෙන මං ඉකි ගහ ගහ අඬන්න පටන් ගත්තා.

........................................................................................................

අනේ දැන් හරි යාළු වෙනවද ඉතින්?
🥺

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

286K 22K 186
Eldest Daughter Was Reborn အကြီးဆုံးသမီး Description အရင်ဘဝတွင် ကျန်းယန်ရှန့် သည် သူမ၏ သုံးစားမရသည့်ဖခင်နှင့် မိထွေးဖြစ်သူကို အရွဲ့တိုက်ပြီး ဆေးလိပ...
58.7K 14.4K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
1.3M 64.3K 128
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
52.4K 7.1K 110
မပိုင်း၄၅၆ကနေစပြီးဖတ်ပေးကြပါဦး