මානස (Completed)

By NirMad238

59K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

47

559 121 54
By NirMad238

"අඩෝ මීරෝ....
ඉන්න බෑ #කෝ
ජොනාගෙන් හරි ටිකක් ඉල්ලං ගෙනත් දියංකො බං!
ආ...හ්!
ඌ...හ්!!!"

"මොකද්ද හු#තො තෝ කලේ රෑ තිස්සෙ?
හැ#නෙන්න ගියාද මොකෙක් එක්ක හරි?
යකෝ මෙච්චර අමාරු වෙනකල්?
උඹට නම් පයිත්තියං හු#තො!!"

"කටපියාගෙන ගිහින් ගෙනෙං බල්ලො!
නැත්තම් මං තොගෙ ඇ# දෙක මිරිකරලා හරි බොනවා.
ඉන්න බෑ හු#තො මැරෙන්න වගේ!
ආ....හ්!"
.
.
.
.
.
"ආ!
කෙලින්ම විදගනිං!
අමාරු අඩු වෙලා යයි.
මොකද්ද උඹ රෑ තිස්සෙ කලේ?"

"මොකුත් නෑ බං!
බීච් ගියා...හ්
දන්නෙම නැතුව එතන නින්ද ගිහින්.
ආ...හ්!!
අමාරු වෙද්දිනෙ #කෝ ඇහැරුනේ."

මීරා මගේ දිහා බැලුවෙ අමුතුවට.
ඔව් ඉතින් ඒ බොරුව අතේ පැලවෙන එකක්.
ඒත් දැන් ගැලපෙන බොරුවක් ගැන හිතන්න තරම්වත් ඔළුව හොඳ නෑ මගේ.

ඇඟ රිදෙනවා මැරෙන්න වගේ.
හැබැයි හිත රිදෙනවා ඊටත් වඩා.

ඇයි මට අරූව ආයෙම මුණ ගැහුනෙ?
ඇයි මං ඌව ආයෙම ලං කරගන්න හැදුවෙ?
ඇයි ඒ මූණ දිහා බලාගෙන භාවනා ක‍ර කර හිටියෙ?
ඇයි ඌ හීනෙන් ඉකි ගහ ගහ අඬද්දි ඒ කඳුළු පිහිදැම්මෙ?
ඇයි? ඇයි? ඇයි?
ඇයි මං එහෙම කලේ?

ඌ මෝඩයෙක්!
ගොනෙක්!
පො#නයෙක්!
සේරටමත් වඩා මහා රැවටිලිකාරයෙක්!
ඌ මාව විනාස කලා!

හැබැයි...
හැබැයි මීටත් කලින් විනාස වෙන්න ගිය මාව බේරගත්තෙත් ඌම නෙමෙයිද?
කාත් කවුරුත් නැතුව තනි වෙන වෙලාවට,
මුළු ලෝකෙම එක පැත්තක් වෙලා මාව කොන් කරන වෙලාවට හැමදාමත් මං වෙනුවෙන් හිටියෙ ඌම නෙමෙයිද?
සිද්ද වෙච්ච දේවල්වලට මං ඌටම බනින එක හරිද?

ඇත්තටම ඌ ඌට පුළුවන් උපරිමේ කලානෙ.
මං ඌට ආදරේ කලාට ඌ ආදරේ කලේ අර කෙල්ලට වෙන්නත් පුළුවන්!
මං උන් දෙන්නගෙ මැද්දට පැන්නා වෙන්නත් පුළුවන්!
අරූගෙ පො#නකමට ඌට මට දෙකක් දීලා අයින් වෙයන් කියන්න බැරි වුනා වෙන්නත් පුළුවන්!

ආ...හ්!
මං දන්නෑ!
මට දැන් ඕවා වැඩකුත් නෑ.
ඌ උගේ ජීවිතේ ගෙනියයි.
මං මගේ ජීවිතේ ගෙනියනවා.
පරණ හැමදෙයක්ම වලලලා දාන්නයි තියෙන්නෙ.

ආයෙම වැරදිලා හරි ඌව පාරකදි දැක්කත් මගෑරලා යන්න ඕනෙ.
මොකද ඌටයි මටයි එකතු වෙලා ලියන්න කතාවක් තවත් ඉතුරු වෙලා නෑනෙ.

එක කාලෙක තමන්ට කියලා කාත් කවුරුත්ම නොහිටපු බොලඳ මෝඩ කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ පස්සෙන් ගිහින් ඌට නොසෑහෙන්න වද දුන්නා.
මොකද ඒ අනිත් කොල්ලා විතරයි ඒකා වෙනුවෙන් හැමදාමත් හිටියෙ.
දරාගන්නම බැරි තැනට වැටුනමත් හිත හදවලා නැගිට්ටුවෙ.
ඉතින් අර මෝඩ කොල්ලා ඒ ආදරේ කියලා හිතුවා.
ඒ හැඟීමට ඇබ්බැහි වුනා.
අනිත් එකාව මුළු ජීවිතේම කරගත්තා.

හැබැයි ඇත්ත හැමදාම හංගන්න බෑ කියන එක ඒ මෝඩම මෝඩ කොල්ලට අමතක වුනා.
අන්තිමේදි ඇත්ත ඇස් ඉස්සරහටම ඇවිත් පේන්න ගනිද්දි තවත් අහක බලන්න තැනක් ඌට ඉතුරු වෙලා තිබුනෙ නෑ.
ඒත් ඒ ඇත්තට මූණ දෙන්න ඒ මෝඩයා දැනගෙන හිටියෙත් නෑ.
ඉතින් ඌ පිස්සෙක් වුනා.
නරුමයෙක් වුනා.
යකෙක් වුනා.
ඌ ඌවම විනාස කරගත්තා.

හැබැයි ඒක ඒ මෝඩ කොල්ලගෙම වැරැද්ද මිසක් වෙන කාගෙවත් වැරැද්දක් නෙමෙයිනෙ.
ඉතින් කාටවත් බැනලා කාටවත් වැරැද්ද පටවලා තේරුමක් නෑ.
මං කරපු දේවල් මංම ඉවසගන්න ඕනෙ.
මගේ ජීවිතේ මංම කොහොම හරි ගෙනියගන්න ඕනෙ.
.
.
.
.
.
.
තවත් කාලයක් යනකල් මං බීච් එක පැත්ත පලාතෙ ගියේ නෑ. කොටිම්ම මුඩුක්කු වත්තෙන් එලියටවත් ගියේ නෑ.
අරූව ආයෙම දැක්කොත් කොහොම මොනවා කියලා හිත හදාගත්තත් ඒවා ඔක්කොම වතුරෙ යනවා.
පැණි හැලියට වැටෙන ඇඹලයා වගේ මාත් උගේ පස්සෙන් ඇදෙනවා.
අන්තිමේ මාවම විනාස කරගත්තා මදිවට මං ඌවත් විනාස කරලා දානවා.
එහෙම වෙන්න ඕනෙ නෑ.
ඌ දැන් උගේ ජීවිතේ ලස්සනට හදාගෙන ඇති.
ඉතින් ඌ හරි සතුටින් හිටියාවෙ!

සතියක් ගෙවුනා.
දෙකක් ගෙවුනා.
අමාරුවෙන් කොච්චර හයියට හිත හදාගත්තත් කාලෙත් එක්ක ඒක පොඩ්ඩ පොඩ්ඩ දියවෙලා යන්න ගත්තා.

ඉතින් මගේම හිත මටම විරුද්ධව වැඩ කරන්න පටන් ගත්තා.

අරූ සමහරවිට ආයෙම එතෙන්ට එන්න නැතුවැති.
ඒ මං කියලා දැනගත්තා නම් කොහොමත් ඌ ආයෙම එන එකක් නෑනෙ.
ඒ නිසා ඉතින් ඉස්සර වගේම බීච් එක පැත්තට ගිහින් බැලුවට වරදක් වෙන එකක් නෑ.

ඉතින් මං ගියා.
වෙනදා වගේම හැංගිලා බලාගෙන හිටියා.
පැයක් ගියා.
දෙකක් ගියා.
තුනක් ගියා.
මං හෙව්ව සුවඳ මට දැනුනෙ නෑ.
මං හෙව්ව රූපෙ පෙනුනෙත් නෑ.
ඉතින් එහෙනම් මං හරි.
ඌ ඒ මං කියලා දැනගත්තම මේ පැත්ත පළාතම මගාරින්න හිතාගන්නැති.
කාලකණ්ණියෙක්ව තමන්ගෙ ජීවිතේට වැද්දගෙන ඉවරයක් නැති ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න කැමති මොකාද?

ටිකෙන් ටික එලිය මැකිලා ගිහින් රෑ වුනා.
තැන තැන විනෝද වෙවී හිටපු මිනිස්සු අඩු වුනා.
තැනින් තැන බීලා සින්දු කියන එවුන් විතරක් ඉතුරු වෙලා හිටියා.

මං වැල්ලෙ බිම දිගා වුනා.
අහස දිහා බලාගෙන කල්පනා කලා.

රෑ අහස!
හුඟක් වෙලාවට හැම හිතේ අමාරුවකටම බෙහෙත් අහසයි, මුහුදයි ලඟ තියෙනවා.
ඒත්...

ඒත් මං මෙහෙම හිතේ අමාරු ගැන හිත හිත ඉන්න එකෙක් වුනේ කවදා ඉඳන්ද?
කවියා කියන්නෙ එහෙම එකෙක් නෙමෙයි.
කවියා කියන්නෙ එන හැටියකට ජිවිතේට මූණ දෙන එකෙක්.
ඌට එක එක වේදනාවල්, හිත් අමාරුකම් ගැන හිත හිත ඉන්න වෙලාවක්වත් වුවමනාවක්වත් නෑ.

මේ සේරම වුනේ අරූ නිසා.
මොකට මට ඌව ආයෙම හම්බුනාද?
කමක් නෑ.
වෙච්ච දේවල් වෙලා ඉවරයි.
කොහොමත් ඌත් දැන් මාව මුණ නොගැහෙන්න පරිස්සම් වෙයි.
මාත් ඌව මුණ නොගැහෙන්න පරිස්සම් වෙනවා.
කාලෙත් එක්ක ආයෙම මට පරණ විදියටම ජීවත් වෙන්න පුළුවන් වෙයි!

කඩා බිඳගෙන වැල්ල දිහාවට එන රැල්ලට මාව නෑවිලා ගියා.

හරියට කොච්චර උඹ මාව මගාරින්න හැදුවත් මං උඹව හොයාගෙනම එනවා කියන්න වගේ,
හොයාගෙන ඇවිත් මගෙන්ම උඹව වහගන්නවා කියන්න වගේ,
රැල්ල නැවතිල්ලක් නැතුවම ඇවිත් වැල්ල තුරුල් කරගන්නවා.
කොච්චර හිත තද කරගෙන පොළව බදාගෙන හිටියත් දන්නෙම නැතුව පුංචි වැලි ඇටෙන් වැලි ඇටේ රැල්ලත් එක්ක ඈත මුහුදටම යන්න යනවා.

ආදරේ!
මිනිස්සුන්ට නොලැබුනාට අහසට, මුහුදට හරිම ලස්සන ආදර කතා තියෙනවා.
.
.
.
.
.
.
.
.
.
තවත් රැල්ලක් ඇවිත් මාව ඔළුවෙ ඉඳන්ම නෑවිලා යද්දි මං නැගිට්ටා.
මෙතන ඉඳලා කොහොමත් වැඩක් නෑ.
දැන් යන්න ඕනෙ.
මොනා හරි කාලා, කොතන හරි අයිනක් අල්ලගෙන නින්දක් දාන්න ඕනෙ.

ඒත් මගේ ඔළුවට උඩින් බලාගෙන ඉන්න කවුරුම හරි දෙයියා මං හොඳින් ඉන්නවට කැමතිම නෑ.
ඌට ඕනෙ මං පැත්තක් ගහගෙන කල්පනා කර කර ඉන්න පිස්සෙක්, මන්ද බුද්දිකයෙක් වෙනවා දකින්න.
විනාස වෙන්න තියෙන අන්තිම කොනටම මාව විනාස කරලා දාන්න.
සැනසීමක් කියලා නාමයක් උරුම නැති කාලකණ්ණියෙක් කරලා දාන්න.

"Happy birthday to you...
Happy birthday to you...
Happy birthday my sweetest sweetest Snowdrop!
Happy birthday to you...."

මෝඩයෙක් ලඟ පාතකම ඉඳන් කෑගහනවා.
රෑ 12ත් පහු වෙලාද ඒ කියන්නෙ?
මෝඩයෙක් එක්ක එක රැයක් ගෙව්ව පලියට මාත් මෝඩයෙක් වගේම පැත්තක් බලාගෙන පැය ගනන් කල්පනා කර කර ඉන්න පුරුදු වෙලාද?

"Snowdrop!
My darling!
I know you are somewhere here!
I want to believe you are somewhere here!
If you hear me please come to me patiyo!
Please please come to me!
If you have got a new wonderful life, I won't disturb it.
But let me see you for once.
Just once.
So I might be able to at least die in peace!"

මෝඩයා පිස්සෙක් වගේ කෑගහනවා.
වටේපිටේ ඉන්න එවුන් සේරම වැඩ නවත්තලා පුදුමෙන් වගේ ඌ දිහා බලාගෙන ඉන්නවා.
මේකට මං මෝඩයෙක් කියන්නෙ නිකං නෙමෙයිනෙ.
උගේ මොළේ තියෙන්නෙම මැටි.

"Snowdrop!
You are 17 today.
Just one more year towards all our dreams!
The dreams I tried so hard to make true.
But the ones I miserably failed at!
Snowdrop,
How are you doing?
Are you living happyly?
Don't you even remember this old man at least once in a while?
I miss you patiyo!
I miss you like crazy!!"

මූ නම් මහා බේබද්දෙක් පාටයි.
කෑගහනවා කෑගහනවා පිස්සෙක් වගේ.
කොයි වෙලාවක හරි මේ කන්දොස්කිරියාව ඉවසගන්න බැරුව මොකෙක් හරි ඇවිත් මූව අංගොඩට අතෑරලා එන්න වුනත් බැරි නෑ.
එහෙම වෙනවා නම් හොඳයි හැබැයි.
එතකොට මට වදයක් නැතුව නිවී හැනහිල්ලෙ ඉන්න පුළුවන්.

"Snowdrop!
Do you know?
I learnt baking cakes, so that I could make cakes for you.
Cakes are your favourites, aren't they?
So come and have a bite!
Please.....
Last year I tried making a superman.
But you didn't even come to take a single bite.
So I ate it all alone.
Coz I couldn't make up my mind to throw it away patiyo.
It's your cake and how could I throw it away!"

මූ නම් මහ අඳෝනාවක්!
මේවා අහගෙන ඉන්න තරම් මෝඩයොත් මේ ලෝකෙ ඉන්නවද අප්පා!
මොන කරුමක්කාරයොද?

"This time I made 'you' patiyo!
My sweet sweet baby!
Will you taste at least this one?
A teeny tiny bite?
It might not be good, so it's ok not to eat a lot.
But just a teeny bite?
Please...."

ගොනා!
ගොන් බූරුවා!
මූ ගෑණියෙක්ද මන්දා!
පුදුම කරුමක්කාර ඇඬියාවක්නෙ මේක.

උඹේ Snowdrop මැරිලා ගෝතයෝ!!!
ඌ ඔහොම නෙමෙයි කොහොම ඇඬුවත් ආයෙම එන්නෙ නෑ!
මැරිච්ච මිනිස්සුන්ට පණ දෙන්න බෑ කියලා දන්නෙ නැති මෝඩයා!
.
.
.
.
.
.
.
.
ආයෙම හුඟ වෙලාවකට මෝඩයගෙ සද්දයක් ඇහුනෙ නෑ.
මූ මුහුදට ගහගෙන ගියාවත්ද?
කියන්නත් බෑ ඉතින්.
ගොනානෙ!

මං හෙමීට ඉස්සිලා උගේ සද්දෙ ආපු පැත්ත දිහා බැලුවා.
කේක් එකක් තියෙනවා වැලිගොඩ උඩ.
මෝඩයද කොහෙද ඉන්නවා එතන බිම වැටීගෙන.
මෙතන ඉඳන් හරියටම කිසිම දෙයක් නොපෙනුනාට මොකද මෝඩයා හෙල්ලෙන්නෙ නෑ කියලා නම් පේනවා.
බීලා බීලා වැඩි වෙලාම ඌව ඇදගෙන වැටිලා වගේ.
මෝඩයා!
බේබද්දෙක් වෙලා ජීවිතේ විනාස කරගන්නද මන්දා යන්නෙ.

මං හෙමින් හෙමින් ඌ ඉන්න තැනට ලං වුනා.
හැබැයි ඌට වගේ වගක් නෑ.
ඔහේ බිම වැටිලා නිදි.
මෝඩම මෝඩම මෝඩම මෝඩයා!

එතෙන්ට ලං වෙන්න වෙන්න කේක් එක මට හොඳටම පේන්න ගත්තා.
ඒක සුදු පාටයි.
රවුම්.
අයිසින් වලින් හදපු කොල්ලෙක්ගෙයි, football එකකයි පින්තූරයක් තිබුනා මැද.
කොල්ලා ෆුට් බෝල් කප් එකක් උස්සගෙන!
හරියට...
හරියට අර මැරිලා ගිය මෝඩ කොල්ලා ඉස්කෝලෙ football match එකකදි best player වෙච්ච දවසෙ ගත්ත photo එක වගේ!

මේ කේක් එක ගිහින් දානෙකටවත් දීපං මෝඩයො.
ඒ මැරිච්ච කොල්ලට පිනක් හරි ලැබෙයි.
උඹ මෙතන වැලලුනා කියලා ඌට සිද්ද වෙන දෙයක් නෑනෙ දැන්!

මෝඩයා හෙල්ලෙන්නෙවත් නැති නිසා මං එතෙන්ටම ලං වුනා.
කේක් එකෙන් පුංචි කෑල්ලක් කපලා ගත්තා.
මේක අයිසිං විමානයක්!
අතේ ගෑවිච්ච අයිසිං ටික මං මෝඩයගෙ මූණෙ ගෑවා.
ඒකවත් දන්නෙ නෑ.
මෝඩම මෝඩම මෝඩම මෝඩයා!

ම්...
මේ කේක් එක!
මේක පට්ටම රසයි.
අයිසිං විමානෙ වුනාට සීනි ගානට.
හුඟක් කේක් වගේ පැණි රහටම වමනෙ යන්න වගේ දැනෙන්නෙ නෑ.
මෝඩයා එහෙම හරි වැඩක් පුරුදු වෙලා තියෙනවා මදෑ ඉතින්.
ගොන් නාම්බා!

කේක් එකෙන් තවත් ලොකු කෑල්ලක් කපාගෙන කාලා මං එන්න ආවා.

ඒත්...

එකපාරටම මාව පිටිපස්සට ඇදිලා ගියා.
කවුදෝ මාව බදාගත්තා.
මගේ පිටට පරණ ලදරං බස් එකක් වගේ දඩ දඩ ගාලා ගැහෙන පපුවක් හේත්තු වුනා.
ඉණ වටේට අත් දෙකක් එතුනා.

"Patiyo!
Please...
Come to me!
It's not what you think.
I'm only yours Thambaru.
Only only yours!"

පරණ ලදරං බස් එකේ ලෙඩේ දැන් මගේ පපුවටත් බෝ වෙලා තියෙන්නෙ.
බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන්නෙ ඒකනෙ.

"Snowdrop!
I love you!
I really really love you a lot!"

"ම්...හ්!"

Kiss එකක්.
බෙල්ලට!
ඉස්සර වගේම!
අයියේ!!!
මගෙ අයියේ!!!
එහෙනම් ඔයා මාව හොයාගෙන ආවද?
මාව මෙතනින් බේරගෙන යනවද?

නෑ.. නෑ.. නෑ..
මෝඩ කොල්ලා!!!
මගෙ අයියා කියලා එකෙක් නෑ.
ඉන්නෙ මාව රවට්ටපු මිනිහෙක් විතරයි!
අනික මාව බේරගන්නෙ මොකටද?
දැන් තමයි මං ජීවිතේ වැඩියෙන්ම විඳින්නෙ.
වැඩිපුරම සතුටින් ඉන්නෙ.
ඉතින් මේ මෝඩයට මගේ සතුට විනාස කරලා දාන්න දෙන්න හොඳ නෑ.

"Aa...h!
Snowdrop!
Please...."

මෝඩයගෙ බඩට වැලමිටෙන් ඇන්න මං එහෙම්මම උගේ අත අඹරවලා දාලා ඌව බිමට වැට්ටුවා.
ඊට පස්සෙ ඌව එහාට විසිවෙලා යන්න පයිං පාරක් ගහලා පැනලා දුවන්න ගත්තා.

"Thambaru!
It's ok if you don't want me.
But at least let me know you are fine patiyo.....
Please don't kill me alive!
I can't take this any more!!!
Every second feels like burning alive!
Please patiyo...
At least let me see your face!!!"

මෝඩයා විලාප තියනවා.
මගේ මොළේ දිය වෙවී ඇස් දෙකෙන් වැක්කෙරෙනවා.
ඇයි මෝඩයො මෙහෙම කරන්නෙ?
මං හොඳින් ඉන්නවා.
උඹ මගේ ජීවිතේට සැරින් සැරේට එබිලා බලන්නෙ නැත්තම් මං හොඳටම හොඳින් ඉන්නවා.
ඒක නිසා මගෙන් ඈත් වෙලා හිටපං.
ආයෙම මගේ ජීවිතේට එන්න හදන්න එපා!
.
.
.
.
.
.
.
.
.
මං ආයෙම බීච් එක පැත්ත පලාතක ගියේ නෑ.
මොකද ගියොත් එහෙම මට මාව control කරගන්න බැරි වෙනවා කියලා මං හොඳටම දන්නවා.
මෝඩයෙක් නිසා දෙවෙනි පාරටත් මගේ ජීවිතේ විනාස කරගන්න මට බෑ.
මේ ඉන්න විදිහ ඕනවටත් වඩා හොඳයි.

ඒ වුනාට ඉතින් හිතේ නිදහසේ කාලෙ ගෙවාගන්න තිබිච්ච එකම තැන තමයි මට ඒ නැති වෙලා ගියේ!
උඹව මොන කරුමෙකට මට ආයෙම හම්බුනාද මන්දා මෝඩයෝ!!!

"කවී...හ්!"

ඒ ඩයනා.
වත්තෙ කෙල්ලෙක්.
අපිත් එක්ක ජොයින්ට් ගහන්න, කුඩු විදගන්න ඔක්කොටම සෙට් වෙන කෙල්ලෙක් ඒකි.
ඒ වගේම ඕන කොල්ලෙක් එක්ක නිදාගන්න!

කොහොමත් මේ වත්තෙ ගෑණු පිරිමි හැම එකාම හැම එකා එක්කම නිදාගත්තා.
එහෙමත් එකෙක් දෙන්නෙක් තමයි ඕවට නැතුව හිටියෙ.

මීරා එක එකාගෙන් හු#ගෙන ආවම ඌට ආයෙම වත්තෙ එවුන් එක්ක නිදාගන්න පණක් ඉතුරු වෙලා තිබුනෙ නෑ.
එතකොට මට වෙන එවුන් එක්ක නිදාගන්න වුවමනාවක් තිබුනෙ නෑ.
අපි වගේ එවුන් හතර පස් දෙනෙක් ඇරෙන්න අනික් එවුන්ට මොකා එක්ක නිදාගත්තත් ඒකෙ වෙනසක් තිබුනෙත් නෑ.

හැබැයි කාට නැතත් ඩයනට තිබුනා අමුතුම උණක්.
ඒකිට මගේ ඇඟේ නගින්නමයි ඕන කලේ.
කොණ්ඩෙ ස්ට්‍රේට් කරලා පාට ගාලා නහයට කරාබුවක් දාලා හිටපු ඒකිගෙ පෙනුමෙත් වැරැද්දක් තිබුනෙ නෑ. ඒත් ඉතින් මට ගෑණු එක්ක ගනුදෙනු නෑනෙ.
ඒ නිසා ඒකිට ඕනෙ කරපුවා මගෙන් නම් කරගන්න ලැබුනෙ නෑ.

මීරටත් හැබැයි ඒකිව පෙන්නන්න බෑ.
ඌ හිටියොත් ඒකිව එලවනවාමයි.
හැබැයි ඌ නැති දාට ඒකි මගේ ඇඟ උඩ හිටියෙ.
කුඩු ඇද්දට පස්සෙ ඒකි මොනා කරනවද නැද්ද කියන එක මටත් අදාල වුනේ නෑ.
මොකෝ ඒකි මට හු#න්න කියලයැ.
එහෙන් මෙහෙන් ගෑවිලා හු#න අමාරුව යවාගන්න එකනෙ.

හැබැයි දැන් මට ඒකිව අප්පිරියයි.
ඒ ඇයි කියන එක මටත් තේරෙන්නෙ නෑ.
එක්කො තේරුනත් නොතේරුනා වගේ ඉන්න මං කැමතියි.

ඉතින් ඒකි ඇස් දෙකත් බාගෙට වහගෙන මගේ ඇඟේ නගින්න එද්දි මං ඒකිව එහාට තල්ලු කරලා දාලා එලියට ගියා.
ජොනයි උගේ එකයි ඒ එක්කම කාමරේ ඇතුලට රිංගුවා.
දැන් අරකිගෙ අමාරුව බහියි!
.
.
.
.
.
.
.
.
"අඩෝ කවියා!"

"ඕ.. විලසනයියා!"

"උඹට වැඩක් තියෙනවා කොල්ලො කරන්න!"

"හ්ම්..
කියපං!"

"මේක වෙනදා වගේ නෙමෙයි.
ටිකක් ලොකු වැඩක්.
ඒ නිසා උඹයි ජොනයි පලයං.
ඇටෑක් කරන්න තියෙන එකා ලේසි එකෙක් නෙමෙයි.
ලොකුවට ගේම දීගෙන ආවොත් කෙලින්ම තියපං ඔළුවට.
මං ඕනෙ කරන බඩු ටික දෙන්නම්!"

"හරි!
වැඩේ දෙන්න ඕනෙ එකාවයි, තැනයි, වෙලාවයි කියපං එහෙනම්.
කවියා ඕන දේකට රෙඩී!"
.
.
.
.
.
.
.
.
අපිට ගේම දෙන්න තිබ්බ එකා විල්සන්කාරයගෙ හතුරෙක්. කලින් ඌත් එක්ක ඉඳලා පස්සෙ කැඩිලා ගිය එකෙක්.
දැන් පොලීසියට ඔත්තු දෙනවලු.
ඉතින් එහෙම එවුන්ව තියාගන්න බෑ තමයි.
ඉවරයක් කරලා දාන්නම වෙනවා.

විල්සනයා ඒක කිව්ව වෙලේ ඉඳන්ම මං හිටියෙ පට්ටම ගැම්මෙන්.
මොකද ගුටිබැට වලට ඇරෙන්න මිනිස්සු බාවන වැඩවලට මීට කලින් මාව යවලම නෑ.
ඉතින් මේක පට්ටම special.
විල්සන්කාරයට මාව හොඳට හිතට අල්ලලා කියන එකනෙ මේකෙන් කියවෙන්නෙ.
වැඩේ හිස් තැනක් නොතියෙන්න ගානටම දෙන්න ඕනෙ ඒ නිසා.
.
.
.
.
.
ජොනයි මායි කිව්ව දවසෙ අරූව හොයාගෙන ගියා.
ජොනාට විල්සන්කාරයා පිස්තෝලෙකුත් දීලා තිබුනා. කොහෙන් හොයාගත්ත මල ජරාවද මන්දා මේවා.
ඒත් ඉතින් වෙඩි තියන්න චාන්ස් එකක් ලැබුනොත් නං මරු!

අපි දෙන්නා ගියේ බයික් එකේ.
කිව්ව තැන නවත්තගෙන අරූ එනකල් බලාගෙන හිටියා.
ටිකකින් එක කොල්ලෙක් වෙනුවට බයික් තුන හතරක නැගගෙන කොල්ලො සෙට් එකක්ම අපිව වට කරගත්තා.

හැබැයි මායි ජොනයි කියන්නෙ සුපිරි ටීම් එකක්. අරුන්ට අපි සෑහෙන ගේමක් දුන්නා. අනවශ්‍ය අවධානය කරදරයට මුලක් කියලා දන්න නිසා බැරිම වෙලාවකදි ඇරෙන්න pistol එක use කරන්නෙ නෑ කියලා අපි කතා වෙලා හිටියෙ.
ඒ නිසා අතින් පයින්ම තමයි මුලදි ගේම ගියේ.
ඒත් එන්න එන්නම ඒක අමාරු වුනා.
ජොනාට තුන් දෙනෙක් වට කරගෙන ගහද්දි ඌ මට පිස්තෝලෙ විසි කලා.

"තියපං බං ඔළු කට්ට කුඩු වෙලා යන්නම!!!"

උඩින් විසි වෙලා ආපු පිස්තෝලෙ අල්ලගෙන මං මගේ ලඟ හිටපු එකාගෙ මූණ දිහා බැලුවා.
ඌ බය වෙලා.
මරණ බය දැනිලා!
මෝඩ හු#තා!
මෝඩ වැඩ කරන්න කලින් නෙමෙයිද ඕවා ගැන හිතන්න තිබුනෙ!

ඒකා මාව අතෑරලා දාලා දුවන්න පටන්ගත්තා.
ජොනා ලඟ හිටපු එවුනුත් කලබල වුනා එකසිය ගානටම.
මේක තමයි මගේ වෙලාව!
එහෙනම් අන්තිමේදි වෙඩි තියන වාසනාව ලැබුනෙ මට!

මං ජොනා ලඟ හිටපු එකාගෙ ඔළුවටම aim කලා.
කොකා ගස්සන්න තිබුනෙ තප්පරයයි වෙන්නැති මාව එකපාරටම එහාට තල්ලු වෙලා ගියා.
හිතන්නවත් ඉඩක් ලැබුනෙ නෑ.
හැමදේම සිද්ද වුන ආලෝකයේ වේගෙන් වෙන්නැති.
පෙනිච්ච දේවල් පෙනුනෙත් නිකං හරියට බොඳ වුන චිත්‍රයක් වගේ.

"ඩෝ..ං!"

වෙඩිල්ල පත්තු වුනේ කැලේට.
තල්ලු වෙච්ච වේගෙට මගේ අතින් පිස්තෝලෙ අතෑරිලා ගියා.
ජොනා ලඟ හිටපු එකෙක් පැන්න ගමන් ඒක අරන් මගේ පැත්තට aim කලා.
එහෙනම් මේක වෙන්නැති මගේ අවසානෙ.
කමක් නෑ.
කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේ මේ ලෝකෙ ඉන්නවට වඩා මේක හොඳයි.
අඩුම ගානෙ මං ජීවිතේ විඳින්න try එකක් හරි දුන්නනෙ.
අනුන්ගෙ පදේට නට නට හිටියෙ නෑ.
ඉතින් ඒ ඇති!
ඒ හොඳටෝම ඇති!

මං ඇස් දෙක පියාගත්තා.

"ඩෝ...ං!"

"ආ....හ්!"

මගේ ඇඟ ගැස්සිලා යද්දි මං ඇස් දෙක ඇරියා.

නෑ..
නෑ..
නෑ..
මේක වෙන්න බෑ!
අයියේ!
මගෙ රත්තරං අයියේ!!!

"Snowdrop!
You are a good boy patiyo!"

මගේ ඇඟ දිගේම අයියව කඩාගෙන බිමට වැටුනා.

"අයියේ!!!!
අනේ මගෙ අයියේ!!!!"

......................................................................................................

මට සමාවෙන්න! 🥺
මාත් හිතකින් නෙමෙයි මේ ටික ටයිප් කරන්නෙ.

මේක happy ending.
හිතේ කිසිම කහටක් ඉතුරු නොවෙන්න happyම happy endings මං දෙනවා කියලා ඔයාලා දන්නවා නේද?

ඔයාලා හැමෝටම ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

9.7K 1.9K 12
නරක තාත්තලා 😳😳 තාත්තලා කවද්ද නේද නරක උනේ 🥰 Yizhan Zhanyi ඕන එකක්
Spring By BD

General Fiction

152K 5.2K 50
Request (One Shots)
117K 12.8K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
54.8K 14.1K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...