මානස (Completed)

By NirMad238

59K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

46

533 129 74
By NirMad238

"දීපං හු#තො මටත්!"

ජිනාගෙ ලඟ තිබ්බ ඒවයින් ටිකක් මාත් බලෙන්ම ඇදලා ලඟට ගත්තා.
ඌට දැන් සිහියක් නෑ මොකද්ද වෙන්නෙ කියලා දැනගන්න තරම් කොහොමත්.
ඉතින් අවුලක් නෑ.

"ම්...හ්!"

මං ඇඟිල්ල පාමුල තිබ්බ කුඩු ටික නහය දිගේ උඩටම ඇද්දා.
වාහ්!
දැන් තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ.
ලෝකෙම පට්ට ලස්සනක්නෙ තියෙන්නෙ. බිත්තිවලින් සුවඳ හමනවා, සින්දු වලින් පාට වෑහෙනවා. ගස් ගල් කතා කරනවා.
මං හිතුමතේ පියාඹනවා.
ම්...
මේකට තමයි දිව්‍ය ලෝකෙ යනවා කියලා කියන්නෙ.

"තෝ විදගන් නැද්ද කවියො?"

අරූ අසිහියෙන්ම කියවනවා.
ඌ විදගත්ත ඉන්ජෙක්ශන් කට්ට එතනම බිම වැටිලා.
මං ඒක පිහලා පුටුවක් උඩට දැම්මා.
නැත්තම් ඊලඟට ඕක හොයන්න cid එකෙන් ගෙන්නන්න වෙනවා.
ඒත් හිරේ යන්න බලාගෙන මිසක් ඒක කරන්න බෑනෙ.
ඒ කියන්නෙ ඉතින් කම්මැලි නැති එකෙක් ෆාමසියට ගිහින් කට්ටක් ගේනකල් අපි හැමෝටම වේලි වේලි බලං ඉන්න වෙනවා.

"ම්හු!
නෑ..
දැනට මේක ඇති.
විල්සන් අයියගෙ වැඩක් තියෙනවා කිව්වා.
ඒක කරලා රෑ වෙලා එන්නම්!"

ජිනාට කියාගෙනම මං එලියට බැස්සා.
ඕවා ගානට අරගන්න ඕනෙ. වැඩිපුර ගත්තොත් වැඩක් කරන්න යන්න බෑ.
පස්සෙ හිතේ හැටියට ගහන්න බැරියැ වැඩ ඉවර වෙලා.

දැන් යන්න ඕනෙ විල්සන්කාරයා කිව්ව එකා හොයාගෙන. ඒකට දෙකක් දීලා සල්ලි ටික ගන්නෝන.
විල්සන් අයියා හිත හොඳ මිනිහා නිසා මටත් සෑහෙන ගානක් ලැබෙයි. ඒවයින් ඉතින් තවත් අලුත් අලුත් ජාති ටිකක් ගෙන්නගෙන ගහන්න තමයි තියෙන්නෙ!

ම්...හ්!
මේ තරම් සතුටක් මට කවදාවත්ම දැනිලා තියෙනවද?
මොකා කොහොම කුඩු ගහන්න හොඳ නෑ කිව්වත් උන් දන්නවද මේකෙ තියෙන රස!
ජීවිතේට මෙව්වා කටේ තියාගන්න නොලැබෙන එව්වො ගැනයි මට දුක.
කොච්චර ලස්සන ලෝකයක්ද උන්ට මගෑරෙන්නෙ.

හැබැයි ඉතින් එකාතකට උන්ට මගෑරෙන එව්වා ගැන මට පාංද?
ලෝකෙ ඉන්න අනිත් කාලකණ්ණි ඕනෙ එකක් කරගත්තාවෙ. මට අදාල මගේ වැඩ විතරයි!

"කවී!!!
උඹ යන්නද යන්නෙ?"

"ම්..."

"වරෙන් මාත් එන්නම්!"

"හ්ම්...
යමං!"

ඒ ආවෙ මීරා.
ඉස්සර විදියට නම් තිමිර.
හැබැයි මෙහේදි අපි අලුතින් ඉපදුනා.
ඌ මීරා.
මං කවියා.

ජීවිතේ ඇත්තම තත්වෙ මං තේරුම් ගත්ත දවසෙ ඉඳන්ම,
එහෙමත් නැත්තම් මෙහෙට ඇවිත් අලුතින් ඉපදුන දවසෙ ඉඳන්ම මගේ ලඟ දුකට සැපට හැමදේටම හිටපු එකා තමයි ඌ.

එදා අන්ත අසරණ වෙලා යනඑනමං නොතිබුන අපි විල්සන් අයියා ලඟටම ආයෙත් ආවා.
ඊට පස්සෙ මීරාට කුද ගහගනින් කියලා මං මිනිහගෙන් රස්සාවක් ඉල්ලගත්තා. මිනිහත් දෙහිතක් නැතුව මට රස්සාවක් දුන්නා.

ඒක එච්චර අමාරු එකක් නෙමෙයි.
හෝටල් කාමරේකට බියර් බෝතලයක් ගෙනියන්න තිබුනෙ. මීරා නම් මැරෙන්න හැදුවා මට යන්න එපා කියලා.
ඒත් මාත් කාලා බීලා ඇඳලා ඉන්න සල්ලි හොයාගන්න ඕනෙ. ඉතින් ඌට අඬාගන්න කියලා මං කිව්ව තැනට ගියා.

දොර ඇරියෙ සුද්දෙක්!
ටිකක් වයස එකෙක්!
ඌට ඕන වෙලා තිබ්බෙ බියර්ම නෙමෙයි කියලා තේරෙන්නෙ මට තත්පර දහයක්වත් ගියේ නෑ.
ඒ තරම් කෑදර බැල්මක් ඌ මගේ දිහාවට දැම්මෙ.

මිනිහා මාව කාමරේ ඇතුලට ඇදලා අරන් දොර ලොක් කලා.
එතන ඉඳන් ඌට පුදුම හදිස්සියක් තිබුනෙ.
ඒකගෙ ජරා දිව මගේ ඇඟ පුරාම ගෑවෙද්දි මට දැනුනෙ කැරපොත්තෙක් ඇඟ පුරාම දුවනවා වගේ හිරිකිතයක්!

මං ඌව තල්ලු කරලා දාලා උගේ ප#යටම ඇන්නා පයින් එකක්.
ඊට පස්සෙ බියර් බෝතලෙන්ම ගැහුවා ඔළුවට!
කාමරේ දොර ඇරගෙන පණ කඩාගෙන දුවගෙන කෙලින්ම ගියේ විල්සන්කාරයා ලඟට.

"අයියේ!
උඹ මාව යවන්නෙ ඒවට නම් ඒ යන තැන්වල එවුන්ට හෙල්මට් දාගෙන ඉන්න කියපං.
මොකද මං උන්ව මරනවා.
අනික මට හු#න්න වෙන එකෙක්ට මං ඉඩ තියන්නෙ නෑ.
හු#නවා නම් හු#න්නෙ මං විතරයි!"

මං කෙලින්ම කිව්වා.
මාත් එක්ක මගේ අකමැත්තෙන් දේවල් කරන්න නම් හුඟක් එවුන්ට එලොව ගිහින් ඉගෙනගෙන එන්න තමයි වෙන්නෙ.

"මොකද්ද පොඩි එකෝ උඹ කිව්වෙ?"

විල්සනයගෙ හෙංචයියෙක් කෑගහගෙන ආවට විල්සනයා ඌව නැවැත්තුවා.

"ම්...
එහෙමද?
එහෙනම් උඹට සුද්දියො සෙට් කරන්නද?"

"වැඩක් වෙන එකක් නෑ.
මොකද ගෑණු දැක්කට මට නගින්නෙ නෑ!"

"ම්....
ඒකත් එහෙමද?
හොඳයි.
කොහොමත් උඹට ඒ වැඩේට වඩා හොඳ වැඩක් මගෙ ලඟ තියෙනවා.
ජොනා!
මෙන්න මූ හොඳයි අර වැඩේට.
ට්‍රේන් කරලා ගනින්!"

විල්සන් අයියා මාව යැව්වෙ කොල්ලෙක් ලඟට.
කොල්ලෙක් වුනාට ඌ යෝධයෙක් වගේ එකෙක්.
මුඩුක්කුවේ නොම්මර එකේ මැරයා කිව්වට වරදක් නෑ.

ඉතින් එදා ඉඳන් මට ලේසි වුනේ නෑ.
මොකද ජොනා එක්ක ගිහින් විල්සන් අයියගෙ කප්පම්, පොළී සල්ලි එහෙම එකතු කරගන්න තමයි මට සෙට් වුනේ. ඒක පට්ට ගේමක්!
ගුටි කෙලි හැමදාම.
අඬු කඩාගෙන,
මූණ නිල් කරගෙන,
තොල් පලාගෙන තමයි හැමදවසක්ම ගෙවිලා ඉවර වුනේ.

මීරා රෑ තිස්සෙ මගේ තුවාල උණු වතුරෙන් තැව්වා.
එතකොට මීරගෙ ඇඟේ තිබුන තැලුම් හීරුම් පාරවල් මං උණු වතුරෙන් තැව්වා.
ඒ ඇරෙන්න වෙන මොන බෙහෙත්ද අපිට!

ටිකෙන් ටික වැඩේ අල්ලගෙන ගුටි නොකා ගුටි ගහන්න මං ඉගෙන ගත්තා.
ජොනා නැතුව තනියම වුනත් ගේම දෙන්න පුළුවන් මට්ටමට ආවට පස්සෙ මං මීරවත් ඉල්ලගත්තා.
මොකද ඌ කරන වැඩේ දිගටම කලොත් ඌට පස්සක් කියලා එකක් ඉතුරු වෙන එකක් නෑ.
අන්තිමේ # හැලි හැලි තියෙයි බිම පුරා හැමතැනම.
මට තමයි ඒකෙනුත් කරදරේ.
ගන්දස්කාරෙ ඉන්නවා මදිවට කක්කා අදින්නත් වෙයි.

ඉතින් දැන් මීරයි මායි එක ටීම් එකක්.
ජොනා අලුත් එකෙක්ව ට්‍රේන් කරගත්තා.
අපි හතර දෙනා තමයි හැමපැත්තම හොඳට බලලා උඩ දාගෙන එන එවුන්ට උන්ගෙ තැන මොකද්ද කියලා මතක් කරලා දෙන්නෙ.
මිනිහෙක්ගෙ දත් ඇන්දම කඩලා යන්න මූණට ශොට් එකක් දෙන එක මේ කවියට දැන් නතිං!

විල්සන් අයියා ලෝබ නැතුව අපිට ගෙව්වා. මොකද ඌට ලෝබ වෙන්න දෙයක් තිබුනෙ නෑ.
අපිට ලැබෙන සේරම සල්ලි අපි වියදම් කලේ කුඩු වලට.

කුඩු අදින්න,
විදගන්න,
රෝල් කරලා උරන්න,
ඔය හැම විදියටම අපි කුඩු ගත්තා.
තව ඉතින් කසිප්පුද, අරක්කුද, සිගරට්ද, බීඩිද, ඔය කිසිම දේකින් අඩුවක් තිබුනෙත් නෑ.
ජීවිතේ මෙච්චර විඳින්න දේවල් තියාගෙන නාකි වගේ ගෙවල් අස්සට වෙලා පුටු රත් කර කර හිටියා නම් මොන අපරාදයක්ද?
මගේ වෙලාවට මට මුංව සෙට් වුනේ.

කොහොම හරි අපි හම්බ කරපු සල්ලි සේරම ආයෙම ගියේ විල්සනයා ලඟටම තමයි.
මොකද ඕවා සේරම ගෙන්නන්නෙ ඌනෙ.
කෙහෙන් ගියත් ඌ දිනලා.
හැබැයි අපිටත් පාඩුවක් තිබුනෙ නෑ.
උගේ වැඩේ කරලා දුන්නට පස්සෙ අපිට අපේ නිදහස ඕනවටත් වඩා තිබුනා.
මොකෙක්වත් ඒවට ඇඟිලි ගහන්න ආවෙ නෑ.

ඒකත් ලොකු දෙයක්!
මොකද අන්තිමේදි හරි මං හොයපු මගේ නිදහස මට ලැබුනා!
.
.
.
.
.
"අඩෝ..ව්!
කෝ මේකෙ මහ එකා??"

අද සල්ලි ගන්න තිබුනෙ නාකියෙක්ගෙන්.
උගේ ගෙදරට ඇවිත් බලද්දි හෙළුවැලි කොල්ලො දෙන්නෙක් එක්ක කෙල්ලෙක් ඉන්නවා දැලි කුණු ඇඟ පුරා පෙරාගෙන.
මුන්ගෙ තාත්තා කොහේ මක බෑවිලාද?

"තාත්තා නෑ!"

ඒ එක ඇඹිටිල්ලෙක්.

"තාත්තා නැත්තම් ඌට එන්න කියපං.
නැත්තම් මං උඹේ බෙල්ල තමයි ගලවන්නෙ!"

මං කොල්ලට කෑගහද්දි කෙල්ල බය වුනා.
ඒකි කොල්ලවත් උස්සගෙන ගේ ඇතුලට ගිහින් නාකි ගෑණියෙක්ව ඇදගෙන එලියට ආවා.

"අනේ අපේ එක්කෙනා, එද්දි රෑ වෙයි මහත්තයා. අද කොහොම හරි සල්ලි දෙන්නම් කියලා තමයි කිව්වෙ."

ඒ ගැණි අඳෝනාව පටන් ගනිද්දි මං මීරට සිග්නල් එක දුන්නා. අරුන් ටික විලාප තියද්දි අපි ගේ ඇතුලට පැනලා සේරම බඩු ටික බිමට ඇදලා දාලා ගේ විනාස කරලා දාන්න පටන් ගත්තා. මොනවම හරි වටින දෙයක් ලැබුනා නම් ඒවා අපේ සාක්කුවලට ඔබා ගත්තා.

"කවියා!
අන්න අරූ පිටිපස්සෙන් පැනලා යනවෝ!!!"

මීරගෙ සද්දෙට මං පිටිපස්සෙ දොරෙන් එලියට පැන්නා.
නාකියා පනින්න තමයි හදන්නෙ.
මං එතනම තිබුන ගල් ගෙඩියක් අරන් උගේ කොන්දටම දමලා ඇරිලා.
ඌව එතනම ඇදගෙන වැටුනට පස්සෙ ඇදලා අරන් චූ යනකල්ම නෙලුවා.

"පො#න හු#තො දැනගනින්,
හෙට රෑ 12 වෙන්න කලින් සල්ලි ටික ගෙනත් නොදුන්නොත් උඹත් එක්කම උඹේ මුළු පවුලම බාවනවා හරිද?"
.
.
.
.
.
.
.
.
.
අර ගේ අස්සෙ තිබිලා හම්බුන පොඩි කරාබු ජෝඩුවකුත් අරන් අපි විල්සන් අයියා ලඟට ගිහින් අරූගෙ විස්තරේ ඌට කිව්වා.
දැන් හෙට අරූ සල්ලි ටික නොගෙනාවොත් උගේ ගෑණිව හරි ළමයෙක්ව හරි කුදලගෙ ඇවිත් විල්සන් අයියගෙ පුංචි කාමරේට දාන්න තියෙන්නෙ.
අරූ සල්ලි ගේන්න පරක්කු වෙන හැම පැයකටම ඒ පුංචි කාමරේ ඉන්න එකාට ජීවිතේ කියන්නෙ අපායක් කියන එක හරියටම තේරෙයි.
ඒවා ඉතින් අපේ ප්‍රශ්න නෙමෙයි.
උන් ඒවා බලාගනී.
අනුන් ගැන හිත හිත ජීවත් වෙන්නෙ මෝඩයො!

අද දවසට වෙන වැඩක් සෙට් නැති නිසා මං බීච් එකට ගියා.
කොච්චර අකමැති වෙන්න try කලත් මට අකමැති වෙන්න බැරි තැනක් තමයි මුහුද කියන්නෙ.
මොකද්දෝ හේතුවකට මං මෙතෙන්ට ඇදිලා එනවා.

කාටවත් බැලූ බැල්මට නොපෙනෙන තැනකින් වාඩි වෙලා මං රැල්ල ගහන හැටි බලාගෙන හිටියා.
ලස්සනයි.
ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්!

ඒත්...
ඒත් එකපාරටම මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.
ඒ...
ඒ සුවඳ!!?
ඒක වෙන්න පුළුවන්ද?

මොලේට විරුද්දව මගේ හිත මාව පාලනය කරන්න පටන් ගත්තා.
මං පිස්සෙක් වගේ වටපිට බැලුවෙ ඒ සුවඳ එන තැන හොයාගන්න.
එකපාරටම මැරිලා වලලලා පොළවට පස් කරලා දාලා හිටපු පොඩි කොල්ලෙක් හිත ඇතුලෙ ඉඳන් විලාප තියද්දි මං පපුව තද කරලා මිරික ගත්තා. මේ දැනෙන හැඟීම දරාගන්න මට තේරෙන්නෙ නෑ.

ඒ...
ඒ ඉන්නෙ එයාමද?

නෑ!
නෑ!
ඒ ඉන්නෙ එයා වුනත්, එයා නොවුනත් ඒකෙන් උඹට ප්‍රශ්නයක් නෑ කවියො.
උඹ දැන් අලුත් මිනිහෙක්!
උඹට අලුත් ජීවිතයක් තියෙනවා.
අන්න ඒ ජීවිතේ ගැන හිතපං!
උඹව රිද්දලා විනාස කරලා දාපු අතීතය දිහා හැරිලාවත් බලන්න එපා.

ඒත්...
ඒත්..
ඒ ඉන්නෙ මගෙ අයියා නේද?!
අනේ දෙයියනේ එයා මාව හොයාගෙනවත්ද මේ ඇවිත් තියෙන්නෙ?!

මැරිච්ච පොඩි කොල්ලගෙ අවතාරෙ හිත ඇතුලෙ ඉඳන් හොල්මන් කරනවා.
මේ මොන කරුමයක්ද?
මට කනක් ඇහිලා ඉන්න දීපං මෝඩයෝ!!!
මැරිලා ගිහිල්ලවත් උඹ මට සැනසිල්ලෙ ඉන්න දෙන්නෙ නැද්ද?
ඒ මිනිහව මාව වැඩක් නෑ පොඩි එකෝ.
ඌ මාව රැවැට්ටුවා!!!

ඒත්...
ඒත්...
ඒ ඉන්නෙ අයියා!
ඒ ඉන්නෙ මගේ අයියා!
ඒ ඉන්නෙ එයා තමයි.
අනේ!
එයා ඇත්තටම ඉන්නවා!

නෑ මෝඩයො නෑ.
මගේ අයියා කියලා එකෙක් නෑ.
මතක නැද්ද ඌ අර ගෑනියෙක් එක්ක හැ#නුනා. ඌ මුල ඉඳන්ම කලේ බොරුවක්.
ඌ මාව රැවැට්ටුවා.
මාව විනාස කලා.
මට තිබුන එකම බලාපොරොත්තුවත් උදුර ගත්තා.
ඒ නිසා ඌව මට වැඩක් නෑ.

හැබැයි...
හැබැයි මං උගෙන් පලිගන්න ඕනෙ.
ඔව්!
මට කරපු හැමදේටම මං ඌව විනාස කරලා දාන්න ඕනෙ.

බලාගෙන ඉඳපං ධ්‍යාන්!
මේ කවියා, එහෙමත් නැත්තම් ඉස්සර තඹරු උඹේ මාරයා වෙලා එන්න වැඩිකල් යන එකක් නෑ.
එතකල් ඔහොම නිවීසැනසිල්ලෙ ජීවිතේ විඳපං!
මොකද දෙයියොන්ටවත් මෙතනින් එහාට මගෙන් උඹව බේරගන්න වෙන එකක් නෑ.

මං ඇහිපිය ගහන්නෙත් නැතුවම ඌ දිහා බලාගෙන හිටියා.
ඌ හිටියෙ beach එකත් එක්කම තිබුන පුංචි කඩයක් ඇතුලෙ.
තනියම.
Beer can එකක් අතේ තියාගෙන.

පැය ගානක් ටිකෙන් ටික ගෙවිලා ගියා.
කොච්චර බලාගෙන හිටියත් මට මහන්සියක් දැනුනෙ නෑ.
පලිගැනීම කියන එක ඇඟටම කා වැදුනම එහෙම වෙනවා මං හිතන්නෙ.

උගේ  Beer can එක දෙක වුනා.
දෙක තුන වුනා.
තුන හතර වුනා.
අන්තිම වෙද්දි can දුසිමක්වත් ඌ හිස් කරන්න ඇති.
මට ගණන් කරගන්නත් බැරි තරම් ගොඩක් ඌ හෙමින් හෙමින් ඇදලා ඇරියා.

මූ ඇයි මෙහෙම තට්ට තනියම ඉඳන් බොන්නෙ?
කෝ එතකොට මුගේ මහ ලොකු ගෑණි?
ඒකි මූව දාලා ගිහිල්ලවත්ද?

රෑ දොළහත් පහුවෙලා තමයි මිනිහා එතනින් නැගිට්ටෙ
ඌ කෙට්ටු වෙලා.
ඇදිලා ගිහින්!
ලෙඩක්වත් හැදිලද?
ඔව් කියන්නත් බෑ.
මට කරපු බොරුවෙ හැටියට ඌට එහෙම දෙයක් හරි වෙන්න ඕන!

හැබැයි බියර් කෑන් දුසිමක් විතර බීලත් මිනිහා ඇවිද්දෙ කෙලින්.
ඒ කියන්නෙ මූට බීලා හොඳට පුරුදුයි වගේ.

මාත් ඉතින් උගේ පස්සෙන්ම ගියා.
මොකද ඌ ඉන්න තැන හොයාගන්න ඕනෙ.
ඊටපස්සෙ ප්ලෑන් කරලම ගේමක් දෙන්න ඕනෙ.

මිනිහා ගිහින් කාරෙකට නැග්ගා.
ඒ ඉස්සර කාරෙකමයි තාමත්.
මං හිතුවෙ මූට තාත්තා අලුත් එකක් අරන් දීලා ඇති කියලා.
මේක මේ අවුරුදු 18දි අරන් දුන්න කාරෙකනෙ.
දැන් අවුරුදු පහකටත් කිට්ටුයි ඒ කියන්නෙ.
හරිම පුදුමයි!
ඒ ගෙදර වාහනයක් අවුරුද්දකට වඩා කල් පාවිච්චි කලේ බොහොම කලාතුරකින්.
එහෙම එකේ...
මූව පවුලෙන් එලවලා දාලද,
නැත්තම් උන් සේරම බංකොලොත් වෙලාද?

කියන්නත් බෑ.
මට කරපුවට රිටර්න් එක ඇවිත් වෙන්න පුළුවන්.

හැබැයි දැන් වැඩේ කියන්නෙ මූ අච්චර බීලා මේකත් drive කරගෙන මේ මහ රෑ තනියෙම්ම යන්නද හදන්නෙ????

මේ පාරෙ මේ වෙලාවට වාහන යන්නෙ ආලෝකයේ වේගෙන්.
එහෙම එකේ, මුගේ කෑලිවත් ඉතුරු නැතුව තියෙයි බීගෙන මේකත් අරන් ගියොත්.
ඒක වෙන්න දෙන්න බෑ.
මට පලිගන්න ඉඩ ලැබෙන්නෙ මූ ජීවතුන් අතර හිටියොත් විතරයි!

"ටක්! ටක්! ටක්!"

කැප් එක මූණ වැහෙන්නම දාගෙන ගිහින් මං කාරෙකේ වීදුරුවට තට්ටු කලා.

"ආ...
කවුද??"

ම්...
ගමන කෙලින් වුනාට මොකද මුගේ සද්දෙ අවුල්!
මල ගෙවල්වල කුලියට අඬන එකෙක්ගෙ වගේ.

"ටක් ටක් ටක්!"

මං ආයෙම තට්ටු කරලා අතින් ඌට එලියට එන්න කිව්වා.
මේ මෝඩයා තාමත් එදා වගේම මෝඩයි.
කිව්ව ගමන් එලියට ආවා.

ගොන් තඩියො!
උඹ දන්නවද හොරෙක්ද තක්කඩියෙක්ද මොකෙද්ද කතා කලේ කියලා?
ඔහොම කතා කරපු පලියට කාරෙකෙන් එලියට බැහැලා එනවද?
මොකෙක් හරි කරදරයක්වත් කලොත් පේන තෙක්මානෙක මිනිහෙක්වත් ඉන්නවද උදව්වට!
කොහෙද ඉතින් වයස ගියාට මොළේ වැඩෙන්නෙ නෑනෙ මේකගෙ!

"ඇ..ඇයි?
මොකද්ද වෙන්න ඕනෙ?"

වෙන්න ඕනෙ එක කරගන්න තමයි මෝඩයො එන්න කිව්වෙ!

මං එහෙම්මම මෝඩයගෙ පිටිපස්සට ගිහින් ඔලුවට ශොට් එකක් දුන්නා.

"Sn.. Snowdrop?"

සිහිය නැතුව කඩා වැටෙද්දිම ඌ මගේ අතින් අල්ලගත්තා.
මෝඩයා!
උඹේ ලඟට එන හැම එකාම උඹේ ඒ මැටිමෝල් Snowdrop නෙමෙයි ගොනෝ!
උඹේ Snowdrop මැරිච්ච තැන්වල දැන් ගසුත් පැලවෙලා ඉවරයි!

මෝඩයව ඇදගෙන කාරෙකේ පිටිපස්සෙ සීට් එකට ගිය මං ඒකව එතන හාන්සි කලා.
දැන් උදේ වෙනකල් නින්ද යයි.
මෙතන හිටියා කියලා මට කරන්න දෙයක් නෑ.
ඉතින් යන්න තමයි තියෙන්නෙ.

ඒත්...
ඒත් ඉතින් මූ බිව්ව හැටියට මෙතන හුස්ම හිර වෙලා මැරුනොත් මං පලිගන්නෙ මොකාගෙන්ද?
ඒ නිසා ටිකක් වෙලා ඉඳලම යනවා.

මාත් පිටිපස්සෙ සීට් එකෙන්ම වාඩි වෙලා මෝඩයා දිහා බලාගෙන හිටියා.
ඉස්සර වගේම තමයි.
මූට වයස යන්නෙ නැද්ද මන්දා!
කෙට්ටු වෙලා නිසාද කොහෙද ඉස්සරටත් වඩා පොඩි පාටයි.
මූට දාහතයි,
මට විසි තුනයි කිව්වත් පිලිගත්තැහැකි දැන් නම්!

හැබැයි මේ ගොන් අලියට මීහරක් ගිනියම.
ඇඟ සම්පුර්ණයෙන්ම දාඩියෙන් පෙඟිලා ටිකක් වෙලා ගිහින් බලද්දි.
ඉතින් මං කාරෙක start කරලා ac එක on කලා.
දැන් හැබැයි මේකෙ petrol ඉවර වෙලා තියෙයිද දන්නෙත් නෑ උදේ වෙද්දි.

මූ ඇත්තටම මොන සිහියක ඉන්න ගොනෙක්ද මං දන්නෑ ටැංකියෙන් කාලක් නෑ පෙට්‍රල්!
කොහෙද ඉතින් ඒ කාලෙ ඉඳන්ම සමාජ දැනුමක් කියලා එකක් තිබ්බ එකෙක් කියලයැ.

ලඟම තිබ්බ shed එකට ගිහින් මං පෙට්‍රලුත් ගහගෙන ආවා ඉතින්.
නැත්තම් මේ ගොබ්බයට කාරෙක තල්ලු කරගෙන තමයි ඉතින් හෙට උදේට යන්න වෙන්නෙ.
ඊට පස්සෙ ඒ අමාරුවට මැරිලා ගියොත් එහෙම මුගෙන් පලිගන්න කියලා මාත් මොකෝ මැරෙන්නද!

හීනෙන් Snowdrop කෙනෙක් එක්ක මොන මොනවදෝ දොඩව දොඩව මෝඩයා නම් හොඳ සැපට නිදාගත්තා.
හැබැයි මට දැන් අමාරුයි.
මොකද මේ වෙද්දි මගේ ඊලඟ dose එක ගන්න වෙලාව.
ඒත් ඒක ගන්න නම් මට දැන් යන්න වෙනවා.

හැබැයි මං ගියොත් එහෙම මූ මෙතන තනියම. පේන මානෙක මොකෙක්වත් පේන්නවත් නෑ. අන්තිමේ හොරෙක් හරි අසහනකාරයෙක් හරි ඇවිත් කාරෙකයි මූවයි දෙකම අරන් යයිද?
එහෙම ගියත් මූ නම් දන්නෙවත් නැති වෙයි.
මෝඩයා!

ඉතින් මං හිටියා.
වමනෙ යන්න වගේ අමාරුයි දැන් නම්.
ඒත් යන්නෙ කොහොමද?
එලිවෙනකල් කොහොම හරි අල්ලගෙන ඉන්නවා.

මුළු රෑම ගෙවුනෙ පිස්සුවෙන් වගේ.
ඔළුව විකාර වෙලා.
ඇඟ රිදෙනවා.
වමනෙ යනවා.
දෙයියනේ එලි වෙන්නෙ කීයටද?
මේ ගොනා ඇහැරෙන්නෙ කීයටද?

අන්තිමේදි ඔන්න ගොනා පොඩ්ඩ පොඩ්ඩ දඟලන්න ගත්තා.
වෙලාව පාන්දර පහයි.
ඒ කියන්නෙ දැන් මට කාරෙකෙන් එලියට බහින්න වෙලාව හරි.

බැරි මරගාතෙම එලියට බැහැලා මං වීදුරුවෙන් කාරෙක ඇතුල බලාගෙන හිටියා.
දැන් නම් ඇත්තටම මට මැරෙන්න වගේ.
නැගිටපංකො මෝඩයෝ!!!

"Snowdrop!"

මෝඩයා එකපාරටම නැගිටලා සීට් එකේ වාඩි වුනා.
එහෙනම් දැන් හරි.
මං යන්න ඕනෙ.

බැරි බැරි ගානෙම මං පුළුවන් වේගෙන් ඇවිදින්න ගත්තා. දැන් නම් ඉන්නම බෑ. මීරෝ!!!
මගේ පංගුව කාමරෙන්වත් තියන්න උඹට මතක් වුනාද?
නැත්තම් ඕක හොය හොය හතර දිබ්බාගෙම ඇවිදින්න තරම් පණක් මට නෑ.

"තඹරූ!!!!"

මං ගැස්සුනා!
එහෙම්මම නැවතුනා.

ඒත් නෑ.
තඹරු කියන්නෙ මං දන්න කෙනෙක් නෙමෙයි.
මං කවීශ!
කවියා!
තඹරු කියලා කෙනෙක්ව මං දන්නෙ නෑ.

"Thambaru!!!
My Snowdrop!!
Please!!!
I know it's you!
Come to me patiyo!"

අර මෝඩයද කොහෙද කෑගහනවා.
මං දුවන්න පටන් ගත්තා.
ඒත් දුවාගන්න පණත් නෑ.

"Thambaru!!!!!
Please stop!
Please please stop!"

මෝඩයගෙ කටහඬ ටිකෙන් ටික ඈතින් ඈතට යනවා. ඒ කියන්නෙ ඌට මාව මගෑරෙනවා.
ඔව් මෝඩයො!
තමුසෙ මහම මහ මෝඩයෙක්!
තමුසෙ හැමදාමත් මෝඩයෙක් වගේම මාව මගෑරගන්නවා!

.....................................................................................................

ඔයාලා දුකෙන් නිසා කලින් ආවා.

තාම තරහයිද? 🥺

ඉතුරු ප්‍රශ්නත් ඉක්මනින්ම විසඳෙයි.
තඹරු මේ ලෝකෙ ඉන්න ගොඩක් ළමයින්ට වඩා වාසනාවන්තයි.

ඔයාලා හැමෝටම මං ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

18.7K 3.5K 25
එන්න මාත් එක්ක මගේ ආදරය හොයාගෙන යන්න.......... මම වන්ග් ඊබෝ........ මගේ mateව මට හොයා ගන්න ඕනෙ මගේ pack එකේ අනාගත lunaව මං ඉක්මනට ගේන්න ඕං මගේ pack...
Spring By BD

General Fiction

152K 5.2K 50
Request (One Shots)
104K 10.3K 36
အိပ်မက်ရှည်ကြီးတစ်ခုမက်တယ် ။ ကျောခိုင်းထားတဲ့နောက်ကျောပြင်တစ်ခုကို ငါက တစ်ဖက်သတ် ဖက်တွယ်ဖို့ကြိုးစားနေခဲ့တာတဲ့ ။ ဟင့်အင်း.. မင်းငါ့ကိုမချစ်ဘူး ။ ...
117K 12.7K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...