මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

20

273 62 79
By zara-N1111

වර්තමානය.
Xiao Zhan pov

යිබෝ වැඩ ඉවර වෙලා කෝල් එකක් ගන්න කල් මම අපේ කතාවේ මතක අතර සැරිසැරුවා.

අද තිබුනු මගේ අලුත් ඩ්‍රාමා එකේ booting ceromony එකෙන් පස්සෙ මට ඉබේටම හිතට ආවේ යිබෝයි මායි නාදුනන දෙන්නෙක් වගේ හිටිය 2018 ජූනි මාසෙ තිබුන අපේ the untamed booting ceromony එක .

ඒ වුනාට අපි දෙන්නා ගොඩක් හිනාවෙවී , සතුටින් හිටිය සෑහෙන්න close කියලා හැමෝටම පෙනුනු script reading එක තිබුනේ ඊට කලින් දවසේ.

එදා script reading එකෙන් පස්සේ අපි නැවතිලා හිටිය හෝටලේට ගියා. යිබෝට තිබුනේ මගෙ room එකට යාබද room එක.

" zhan ge , ඔයා එනවද මගේ රූම් එකට?? අපි වීඩියෝ ගේම් එකක් play කරමු?? "
කාමර දෙකට වෙන් වෙලා යන්න ලෑස්ති වුන වෙලාවේ එයා ඇහුවා.

" ම්ම්.. හොදයි. මම wash එකක් දාගෙන එන්නම්.."

...
ඇගපත සෝදගෙන එහෙම ඉවර වෙලා , එහා කාමරයට වීඩියෝ ගේම් සෙල්‍ලම් කරන්න යන්න මම ඕනෑවට වඩා ලෑස්ති වුනාද මන්දා.  ටීශර්ට් කීපයක්ම ඇදලා අන්තිමට එකක් තෝරගත්‍තා කලු පාට ශෝර්ට් එකත් එක්ක . මගේ perfume බෝතලෙනුත් ටිකක් හලාගෙන මම යිබෝගෙ කාමරයට පිටත් වුනා.

.......................

ඉතින් යිබෝගෙ කාමරයේදී අපි රෑ කෑම ගත්තා. වීඩියෝ ගේම් සෙල්ලම් කලා.. කතා කර කර හිටියා..
සාමාන්‍ය විදිහට ..
ඕනැම යාලුවො දෙන්නෙක් කරනවා වගේ.

එච්චරයි..
වෙන මුකුත් නෑ..

විහිලුවක් කරල හිනාවෙනකොට උරහිසට පාරක් ගැහුවා හැරෙන්න අතින් වත් ඇල්ලුවෙ නෑ අපි.
මට මෙච්චර කල් දැනුන දේවල් බොරුවක්ද.
Wechat කරන කොටයි , call කරන කොටයි තිබුනු flirting කොහෙ ගියාද??

එක අතකට මෙහෙම හොදයි. අපි දෙන්නම කොල්ලො. දෙන්නම industry එකේ..
අනික එයා මම වගේ නෙවෙයි. යිබෝ ලොකු තරුවක් දැනටම.
Industry එකට ආවේ අවුරුදු 14 දි විතර.. මම ඇවිත් වැඩි කාලයක් නැති වුනාට.
අනික.. ඒ වගේ සම්බන්ධයකට මෙහේ මොන අනාගතයක්ද??

ඒත් පහුගිය කාලය පුරාම දැනුන දේවල් මම විතරක් හිතේ මවා ගත්ත ඒවද??
Weibo එකෙන් සැගවුනු තේරුම් එක්ක දාපු පෝස්ට් ? ඒ kadian ? ඒ පැණි බේරෙන කතාවල්??
වෙන කවුරුත් ඔයාගෙ lan zhan වෙනවට මම කැමති නෑ කියලා එයාගෙ fanbase එක නැති වුනත් කමක් නෑ කියලා , තුන් පාරක්ම try කරලා මේ role එක ගත්ත එක???
එහෙම නැත්නම් ඒ යිබෝගෙ හැටිද?? එහෙම ලේසියෙන් flirt කරන එක?? හැමෝමත් එක්ක ඒ විදිහටද chat කරන්නෙ?

අපි chat කරන කොට කියපු දේවල් ගැන මුකුත් කතාවක් නෑ දැන්.
හැබැයි මම නම් කීයටවත්..කීයටවත් ...  පලවෙනි පියවර තියන්නෙ නෑ.
හරි , ඔයාට ඕනා යාලුවො වගේ ඉන්න නම් ඒක වඩා හොදයි. එතකොට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ.

මේ මොනවා හිතුවත් මගේ හිත අදුරු වලාකුලකින් වැහිලා තිබුනේ.
මොන එහෙකට මම තකහනියක්ම ගිහින් වොශ් එකකුත් දාගෙන, හොද ටීශර්ට් එකකුත් තෝරල තෝරලා ඇදගෙන , මගෙ perfume එකත් ගහගෙන ආවද එහා පැත්තෙ කාමරේට??
වොශ් එකක් දාන්න යන්නෙ නැතුවම ඇවිල්ලා වීඩියෝ ගේම් එක play කරලා ඉක්මනින් ආපහු යන්න තිබුනේ මට.

වෙනසක් පෙන්නන්නෙ නැතුව ඕනම සාමාන්‍ය යාලුවෙක් වගේ හිනා වෙවී කතා කර කර හිටියට මගේ හිත යට කලකිරීමක් , බලාපොරොත්තු කඩවීමක් වගේ මොකක් හරි හැගීමක් හැංගිලා තිබුනා.

ඒ අතරේ මම යිබෝ ඔර්ලෝසුව දිහා බලනවත් දැක්කා . මම හිටියා වෙලා වැඩිද? දැන් ගියා නම් හොදයිද?

" හෙට උදේම booting ceromony එකනෙ. මම දැන් යන්නම් යිබෝ.."
මම නැගිටලා යන්න සූදානම් වුනා.

"zhan ge යන්නද?? "  එයත් නැගිට්ටා කලබලෙන් වගේ.. මට දැන්ම යන්න එපා කියලවත් කිව්වේ නෑ.

එයත් ආවා මා එක්ක දොර ලගට .
දොරේ අගුලත් අල්ලාගෙන ආයෙත් එයා දිහා හැරිලා බලපු මම
" එහෙනම් මම යන්නම් යිබෝ. ගුඩ් නයිට් " කියලා කිව්වා.

" ගුඩ් නයිට් zhan ge"

ඊලගට ..
මාත් දොර ඇරගෙන යන්නෙ නැතුව එයා දිහා බලාගෙන හිටියද මන්දා..
එයාගෙ ඇස් දෙකත් සාමාන්‍ය තරමට වඩා වැඩි වෙලාවක් මගේ මුහුණ මත එහා මෙහා ගියාද මන්දා ..
අන්තිමට ඒ ඇස් දෙකේ බැල්ම මගේ තොල් දෙක  මත නතර වුන හැටි දැක්කම මගේ දෙතොලත් ටිකක් විවර වෙලා ප්‍රතිචාරයක් දැක්වුවාද මන්දා ..

මම දන්නෙ නෑ කොහොම උනාද, කවුරු පටන් ගත්තද කියලා..
ඊලග තත්පරයේ අපි දෙන්නා සිපගත්තා..

.......    .........

ඒ අපේ පලවෙනි කිස් එකේ ප්‍රතිඵලය විදිහට .. ඊලග දවසෙ තිබුන booting ceromony එකේදි අපි දෙන්නාව ගොලු වෙලා තිබුනා.
උතුර දකුණ මාරු වෙලා , මොනව කරන්නද කියන්නද කියලා හිතාගන්න බැරුව නාදුනන දෙන්නෙක් වගේ හිටියා.

............❤️💚............

වර්තමානය.
....රයන් .......

මේ දවස් වල jade sword of ming dynasty ( JSMD) වල shooting .. Shanghai film studio වලදී .

මගේ අලුත් චයිනීස් celebrity crush එක Dilraba ඒ costumes වලට සුරංගනාවියක් වගේ ලස්සනයි. මම ශේප් එකේ ගත්ත එයාගෙ පින්තූරයක් හසිනිට යැව්වම මම හිතුවෙ කෙල්ලට ඉරිසියා හිතෙයි කියලා. ඒත් ඒකි කියනවා ඔය විදිහට zhan ගෙයි යිබෝගෙයි පින්තූරයකුත් එවන්නකො කියලා.

මේ කතාවෙ හැටියට zhan , yang yang දෙන්නාම Dilraba ට කැමතියි. Yang Yang ගෑණු ලමයගෙ පොඩි කාලෙ ඉදන්ම යාලුවා.
හරි හරි..වැඩිය කතාව කියන්න බෑ. තාම රූගත කරන කතාව spoil කරන්න බෑනෙ ඔයාලට කියල.

මේ දවස් වල weibo බලන කොට මට පේනවා zhan - dilraba දෙන්නව ෆෑන්ස්ලා ටිකක් ship කරනවා කියලා. Booting ceromony එකේ පින්තූරත් පලවුනානෙ පහුගිය දවස් වල.

අද ඒ මදිවට තව දෙයක් වුනා.
මෙච්චර සෙකියුරිටි එකක් තියෙද්දි අද රූගත කිරීම් වල ෆොටෝ වගයක් ලීක් වෙලා.
කොහොම හරි පැපරාසින් ෆොටෝ  අරගෙන ,ඒවා දැන් ඉන්ටර්නෙට් එක පුරාම තියෙනවා.
ඒක weibo වල hot topic එකකුත්  වෙලා.

ඒක zhan ගෙයි Dilraba ගෙයි සීන් එකක් . Dilraba රෝස පාට, සුදු පාට මිශ්‍ර  ඇදුමක් ඇදගෙන අර ලස්සන කුඩයක් ඉහලගෙන ඉන්නවා.. Xiao Zhan ලගට ඇවිත් එයාට බ්‍රේස්ලට් එකක් තෑග්ගක් විදිහට දෙනවා .. Historical  drama එකක්නෙ , එයත් විග් එකකින් දිග කොන්ඩයක් එහෙම දාලා සුදු පාට , දුඹුරු පාට robe එකක් ඇදලා හිටියේ .
පිටිපස්සේ තිබුනු සුදු පාට මල් පිරුණු ගහේ background එකත් එක්ක .. ඒ ෆොටෝස් ගොඩක් ලස්සනට ඇවිත් තිබුනා ,
Weibo එකේ එක දිගට ඒවා share උනා.

හැබැයි අපේ මැනේජර් wu chang වගේම xiao zhan ඒ ගැන වැඩි කැමැත්තක් තිබුනෙ නෑ.

" director laoshi , security එක මීට වඩා වැඩි කලා නම් හොදයි නේද?? Shooting කරන එකේ ෆොටෝස් ලීක් වෙන එක production එකට හොද මදි කියලා මට හිතෙනවා."
Xiao Zhan ඩ්‍රාමා එකේ ඩිරෙක්‍ටර්ට යෝජනා කලා.

" ඔව් ඔව්.. ඒකෙන් කතාව spoil වෙනවත් එක්ක. මම Production team එකත් එක්ක මේක කතා කරන්නම්."
ඩිරෙක්‍ටර් ඒ කතාවට එකග වුනා.

...........❤️💚.............

2021 මැයි

.... රයන්..

අද 2021 මැයි 31 .
Xiao Zhan අද Jingdong 618 boiling night එකට සින්දු දෙකක් performe කරනවා.
පහුගිය දෙසැම්බර් වල rehearsal වලට විතරක් ගත්ත රතු පාට customized මයික් එක අද තමයි zhan ප්‍රසිද්ධ වේදිකාවක මුලින්ම පාවිච්චි කරන්නෙ.
යිබෝ නම් එයාගෙ කොල පාට මයික් එක දෙසැම්බර් 31 new year eve show එකේ පාවිච්චි කලානෙ.
එදා zhan ඒක use කලේ නැත්තේ දෙන්නම එක දවසෙ ඕක එලියට දැම්මොත් fandom දෙකම ටිකක් කලබල වෙයි කියලා. ඒත් ඉතින් zhan ගෙ rehearsal photos ලීක් වුනානේ. ඉතින් කට්ටිය දැන ගත්තා රතු කොල මයික් ගැන කතාව ඒ දවස් වලම .
ඇත්තටම ඒ package එකේ රතු කොල මයික් විතරක් නෙවෙයි. රතු කොල ear pieces දෙකකුත් තියෙනවා. කොල පාට එකේ wyb කියල රතු පාටින් ලියලා, රතු පාට ear piece එකේ zhan ගෙ නම කහ පාටින් ලියලා. මේවා අහම්බෙන් තෝරා ගත්ත පාටවල් නෙවෙයි.

" ඇයි බොස් අද දවසම තෝර ගත්තේ මේ මයික් එක use කරන්න ?? "
නිකමට වගේ මම ඇහුවා.

" අද සින්දු දෙකෙන් එකක් මම බොබෝ වෙනුවෙන් කියන්නෙ. එයානෙ ඒ සින්දුව තේරුවෙ. ඒ නිසා මම හිතුවා මේ මයික් එක අද ගන්නවා කියලා"
Performance වලට කලින් කරන ෆොටෝ ශූට් එකට ලෑස්ති වෙන ගමන් xiao zhan හිටියේ .

" wow .. නියමයි.. මොන සින්දුවද අපේ යිබෝ බොස් වෙනුවෙන්?? "

" let me stay by your side එයා වෙනුවෙන්.. ඊට පස්සේ bamboo rock මං වෙනුවෙන්."
Zhan කිව්වා.

....................❤️💚

අද xiao zhan ගොඩක් ලස්සනට සින්දු දෙකම perform කලා. 
එයා තමයි අද Jingdong 618 boiling night එකේ ප්‍රධාන ආකර්ෂණය.

ඔක්කොම ඉවර වෙලා මැදියම් රෑත් පහුවෙලා අපි apartment එකට ආවා.
අපේ Liu Min මයික් එකයි, ear piece එකයි එහෙම හොදට clean කරලා box එකේ දාන්න යනකොට මම දැක්කා ඒකේ කොල පාට මයික් එකත් තියෙනවා.

" Wow..යිබෝ බොස්ගේ මයික් එක!!! "
බැලු බැල්මට ඒකෙ zhan ගෙ මයික් එකට වඩා අනම් මනම් ලියලා තියෙනවා පෙනුනා.

" ලස්සනයි නේද? ඒක අතට අරගෙන බලන්න ."
Liu Min මට කිව්වා. අපේ computer boy ට කොහොමත් electronic devices ලස්සනයි ගෑණු ලමයින්ට වඩා.

" රයන්ට තේරුනාද මේකේ තියෙන දේවල්?? "

මම ඒක අතට අරගෙන හැඩ බලලා ආපහු තියන්න යනකොට Liu Min ඇහුවා.

" black panther .. ඒ කියන්නෙ යිබෝගේ logo එකනේ?? අපේ බොස් design කරල දුන්න?? "
මම කිව්වා.

" ඔව් .ඔව්.  හැබැයි ඒක විතරක් නෙවෙයි. මේ බලන්‍න.."
Liu min මයික් එක අතට ගත්තා.

" මේ Thrasher කියලා තියෙන්නෙ famous skateboard magazine එකක්..
මේ valentino Rossi ගෙ sticker එක. The doctor කියන්නෙ එයාගෙ nick name එකනෙ.."

"ශා.. මයික් හොදටම customized කරලා..අපේ බොස්ගෙ christmas present එකලු නේද මේ??
ඒක නෙවෙයි liu min.,මොකක්ද මේ date එකක් ගහල තියෙන්නෙ ?? 2019-10-11?? "

ඒක මයික් එක හැදුවට වඩා ගොඩක් පරණ දිනයක්නෙ.

" ඒක නම් මම හරියටම දන්නෙ නෑ රයන්. ඒත් ඒක තමයි Hunan Tv double eleven gala show  එක තිබුන දවස."

" ඒ කිව්වේ ?? ඒක විශේෂ දවසක්ද? "
ඒ වෙනකොට මම xiao zhan ව දන්නෙ වත් නෑනෙ.

" එදා ඒකට xiao zhan , wang yibo දෙන්නම සහභාගි වුනා. Yibo ගෙ performance එකෙන් පස්සේ schedule එකේ තිබුනේ yibo ට xiao zhan ව හදුන්වා දෙන්න. ඒ කිව්වේ zhan වේදිකාවට එනකොට එයාගෙ නම කියන්න.. . ඊට පස්සේ zhan එක්ක interview එකක්. ඒත් එයාට ඒ වෙලාවෙ මයික් එකක් හම්බ වුනේ නෑ.."

" ඔහ්.. දෙවියනේ .."
මට යිබෝ ගැන, ඇත්තටම එදා ඒ දෙන්නා ගැනම ගොඩක් දුක හිතුනා.

" යිබෝ ගොඩක් ඒකට අවුල් වෙලා හිටියේ . Han ge එයාව සනසන හැටි හැමෝටම පෙනුනා"
Liu Min කිව්වා.
" මේ මයික් එකේ ගහලා තියෙන දිනයෙන් ඒක ගැනද අදහස් කරන්නෙ කියලා මම දන්නෙ නෑ රයන්. මම බොස්ගෙන් ඒක කවදාවත් අහලත් නෑ. ඒත් ඒ දවස ඒ දෙන්නා විතරක් නෙවෙයි මුලු fandom එකම දුක් වුන දවසක්."

...................❤️💚.................

වර්තමානය.
Xiao zhan  pov

අද දවසෙම රෑ ගත කිරීම් කරලා හරිම මහන්සියි. Historical drama වල costumes, hair and make up එක්ක දවසක් ඉන්න එක modern drama වලට වඩා අමාරුයි. යිබෝ අද beijin වල. එයාගෙ වැඩ ඉවරද දන්නෙ නෑ.
මම එයාට වීඩියෝ කෝල් එකක් ගත්තා..

" zhan ge, මම ඔයාට කෝල් කරන්න ලෑස්ති වුනා විතරයි..".
ෆෝන් එකේ රින්ග්ස් දෙකක් යනකොටම answer කරපු යිබෝ කිව්වා ඒ හුරතල් හිනාව එක්ක .. ඒක අයිති මට විතරයි.

" zhan ge, ඔයා අලුත් ඩ්‍රාමා එකේ costumes වලට ලස්සනයි. "

එහෙනම් යිබෝ ෆොටෝස් දැකලා. නොදැක ඉන්න විදිහක් නෑනෙ. Weibo එක පුරාම ඔය තිබුනේ.

" ඒ hair style එක මට ගැලපෙනවද? "

" ඔව් ඔව්.. ටිකක් the longest promise එකේ වගේ නේද?? ඔයාට ඕන hairstyle එකක් ලස්සනයිනෙ zhan ge.."
මම දැනගෙන හිටියා yibo ගෙන් සීනි වගේ පැණි රස උත්තරයක් ඒකට ලැබෙන බව.

" කොහොම වුනත් බොබෝ ,  මම ඩිරෙක්‍ටර්ට කිව්වා security එක වැඩිකරමු කියලා. Shooting කරන තැන ඔහොම ෆොටෝ ලීක් වෙන එක හොද නෑ "

" ඒක හරි zhan ge. එකක් දෙකක් කමක් නෑ. ඕනෑවට වඩා උනොත් කතාවේ අගය අඩු වේවි. "

" ඉතින් බොබෝ අද ඔයාගෙ shu uemura එකේ live stream එක හොදින් කෙරුනද?? "

" ඔව් ..අවුලක් නෑ.
ආ.. Host මගෙන් ඇහුවනේ පහුගිය නිවාඩුවේ ගෙදරදී හදලා කාපු කෑමක්. මම Suan la fen ( a hot and sour rice noodles) කියලා කිව්වා.  ඔයා හදලා දුන්නනේ ඒවා. කිව්වට පස්සේ මතක් වුනේ ඒක Chongquin වල විශේෂ කෑමක් කියලා" 
එයා එහෙම කියලා හිනා වුනා.

ඒක අමතක වෙලා කිව්වා කියලා මට නම් sure නෑ. යිබෝ ඕනෑකමින්ම chongquin වල කෑමක් නම් කරන්න ඇති.

" එහෙනම් ඒක weibo එකේ hot topic වෙලා ඇති. "
මාත් හිනාවුනා.

" ඒක නෙවෙයි. Zhan ge.. මතකද මේ jacket එක?? "
එයා ඇද උඩ ගලවලා දාලා තිබුන කලු පාට ජැකට් එක පෙන්නලා ඇහුවා.

" ඒ මොකක්ද ? ඔයා live stream එකට ඇන්දේ වෙන ඇදුමක්නේ?? "

" ඔව්. Live stream එකට ඇන්දෙ stylist දීපු ඇදුමනෙ.
මේ මම studio එකට ඇදන් ගිය එක. මතකද ඔයා oasis වල පෝස්ට් එකක් දැම්මේ මේ ගැන."
බොබෝ හිනාවුනා

" කෝ බලන්න "

යිබෝ කලු පාට jacket එකේ පිටිපස්ස side එක කැමරාවට පෙන්නුවට පස්සේ තමයි මට මතක් වුනේ.
එයාගේ Amiri jacket එක.
Los Angeles , april 14 , 2021 කියලා print කරලා තියෙන.

ඒ jacket එක මතක් වෙලා මම 2021 අප්‍රේල් 14 වෙනිදා los angeles වල අර ප්‍රසිද්ධ පාලම දැම්මා මගේ oasis account එකේ..
බොබෝට විතරක් තේරෙයි කියලා හිතලා දැම්මත් , BXG ලට ඒ දවස් වලත් තිබුනේ මාර රහස් පරීක්ෂක ඉවක්.

...........❤️💚.......

" ඉතින් හෙට flight එක කීයටද තියෙන්නෙ ? "
පැයක් විතර වීඩියෝ කෝල් එකේ හිටිය මම එයාගෙන් ඇහුවා.

" උදේ 6.00 ට විතර zhan ge."

" පරිස්සමෙන් යන්න පැටියෝ .. මමාව , පපාව මම ආදරෙන් මතක් කලා කියන්න හොදේ.."

බොබෝ හෙට Henan යනවා. එයාගෙ home town එකේ tourism ambassador එයානෙ. ඒකේ promotional documentary එකක් shoot කරන්න යන්නෙ. ඒ ගමන් එයා ගෙදරත් ගිහිල්ලා ඒවි. මටත් යන්න තිබුනා නම්..!
ඒත් අලුත් ඩ්‍රාමා එකේ වැඩ මේ දවස් වල දිගටම.

හෙට ඉදන් එයා Henan වල , මම Shanghai වල .කිලෝමීටර් 950 ක් විතර දුරින්.. !!

.............❤️💚.............

To be continued .

.....  ....................

Do u like their first kiss?? 🥰😊

මේ පුංචි කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි.

Love you all so.. So.. Much ..🥰🥰🥰

Continue Reading

You'll Also Like

469K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
46.1K 790 19
𝙰 𝚌𝚑𝚒𝚕𝚍𝚑𝚘𝚘𝚍 𝚋𝚎𝚜𝚝𝚏𝚛𝚒𝚎𝚗𝚍 𝚝𝚘 𝚊 𝚟𝚎𝚛𝚢 𝚜𝚙𝚎𝚌𝚒𝚊𝚕 𝚏𝚛𝚒𝚎𝚗𝚍 𝚝𝚑𝚊𝚝,𝚢𝚘𝚞 𝚠𝚒𝚕𝚕 𝚕𝚘𝚟𝚎 𝚠𝚒𝚝𝚑 𝚠𝚑𝚘...
945K 71.6K 46
သစ္စာ ဖောက်တဲ့ ex ကို ကလဲ့စားခြေဖို့ အဖေကို ယူ......... ငါ့ကို သစ္စာဖောက်တဲ့ အတွက် မင်းက ငါလေးကို Mom လို့ခေါ်ဖို့သာ ပြင်ထားတော့ ဝမ်ရီလျှို့ ~~ရှောင်...