මානස (Completed)

由 NirMad238

57.8K 11.1K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... 更多

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

45

508 120 86
由 NirMad238

ඉතින් ආයෙම මං පාරට බැස්සා.
ඒ වුනාට කරන්නෙ මොකද්ද, යන්නෙ කොහෙද කියන එක ගැන කිසිම අදහසක් මට නෑ.
මං දන්න එකම දේ, මටත් බඩගිනි වෙනවා කියන එක. අව්වෙන් වැස්සෙන් කොහොම හරි බේරුනත් මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න ලේසි නෑ කියන එක.
ඉතින් දැන් එක්කො මං තවත් පන්සලක් හොයාගෙන යන්න ඕනෙ. නැත්තම් සල්ලි ටිකක් හොයාගන්න විදියක් හදාගන්න ඕනෙ.

හැබැයි ඒ මොකක් කරන්නත් කලින් මෙතනින් පුළුවන් තරම් ඈතකට යන්න ඕනෙ.
ඉතින් මං ඉස්සරහට හම්බුන පළවෙනිම බස් එකේ නැග්ගා.
ඒක ගිහින් ගිහින් නැවැත්තුවෙ පුංචි ටවුමක. මේ වගේ තැන්වල ඉන්න එක භයානකයි. මොකද මේ මිනිස්සු හැමෝම එක්කෙනාට එක්කෙනා අඳුරනවා. එතකොට මං වගේ පිටින් ආපු එවුන්ව ටක් ගාලා වෙන් වෙලා පේනවා.
දැන් මාව tv එකෙත් දාලා හොයන නිසා එහෙම වුනොත් මාව මේ මිනිස්සු අම්මලට අල්ලලා දෙයි.
ඒත් ඒක එහෙම වෙන්න දෙන්න බෑ මං මැරුනත්.
ඒ නිසා ලොකු town එකකට යන එක තමයි හොඳ. ඒ වගේ තැන්වල මිනිස්සු කොහොමත් එකාට එකා අඳුරන්නෙ නෑනෙ.

ඉතින් මං තවත් දුර ගියා. අන්තිමේ හිතට හරියන town එකකට ආවම එතන නැවතිලා රස්සාවල් හොයාගන්න බැලුවා.
ඒත් ඒවා එහෙම හොයන්න ලේසි නෑ.
දවස්ගානක් බලාගෙන ඉඳලා ඉඳලා තමයි කඩෙකට බඩු අදින්න සෙට් වුනෙත්.
ඒත් උදේ ඉඳන් රෑ වෙනකල්ම කොන්ද කැඩෙනකල් බඩු ඇදලත් රුපියල් දෙසීයයි ලැබුනෙ.
ඒකෙන් එකවේලක අමාරුවෙන් කන්න පුළුවන් වෙයි. එතකොට ඉතුරු ටික?

මං බඩගින්නට මිනිස්සු විසි කරලා යන කෑමත් කෑවා. වෙලාවට කෑම කඩේක අයියා කෙනෙක් එහෙම ඉතුරුවෙන කෑම මට වෙනම පිඟානකට දාලා කන්න දුන්නා.
උලත් එකයි පිලත් එකයි නිසා හොඳයි ඉතින් මට.
ඕනම තැනක ඕනෙම දෙයක් කාලා බීලා ජීවිතේ ගැට ගහන්න පුළුවන්.

මේ කාලෙ පුරාවටම මට අයියට කෝල් එකක්වත් ගන්න ලැබුනෙ නෑ. කිසිම කෙනෙක් මට phone එකක් දෙන්න කැමති වුනේ නෑ. වැරහැලි ඇඳගෙන කුණු නාගෙන ඉන්න හිඟන්නෙක් ඉල්ලුවට මිනිස්සු phone දෙන්නෙ නෑනෙ කොහොමත්.
ඉතින් මටම සල්ලි හොයාගෙන phone එකක් ගන්න තමයි වෙන්නෙ.
ඒත් වැඩේ කියන්නෙ phone ගන්න තියා වේලක් ඇර වේලක් කන්න තරම්වත් සල්ලියක් මට නැති එක.

අයියෙ ඔයාට මාව අමතක නෑ නේද?
ඔයා ඇවිල්ලා මාව හොයාගන්නවා නේද?
හැමදාම මට මේ අපායෙ ඉන්න වෙන එකක් නෑ නේද?
අයියෙ ඔයා මට ඇත්තටම ආදරෙයි නේද?

දවස් ගානකට පස්සෙ කඩේක මනුස්සයෙක් මාත් එක්ක දිග කතාවකට වැටුනා. මං ඒකාටත් කිව්වෙ පන්සලේ හාමුදුරුවොන්ට කිව්ව කතාවමයි.
ඌත් ඉතින් ඒක පිළිගත්තද නැද්ද මං දන්නෙ නෑ. හැබැයි ඌ මට කිව්වා මෙහේ ඉඳන් දුක් නොවිඳ කොළඹ යන්න කියලා. පිටකොටුවෙ එක එක වැඩ සෑහෙන්න තියෙනවලු.
ඒක එහෙම නම් ලොකුම ලොකු දෙයක්.
මොකද මට කන්න නැතත් කමක් නෑ අයියට කතා කරන්න පුළුවන් වෙනවා නම්!
කොච්චර හොඳින් කතා කලත් මේ යකාත් මට phone එක දුන්නෙ නෑනෙ. ඌට phone එකක් නැතිලු.
ඔය කෙබර හොඳයි කිරි මැටි ගිලින කිඹුලන්ට!
ඒත් මං හිනාවෙලා නිකං හිටියා.
මොකද රණ්ඩු වෙලා ප්‍රශ්න දාගන්න බෑ. අයියා එනකල් මං පරිස්සම් වෙලා ඉන්න ඕනෙ.

ඉතින් මං ඉතුරු වෙලා තිබුන අන්තිම සල්ලි ටිකත් අතට අරන් ඒ town එකටත් සමුදුන්නා. මෙච්චර කල් නිදාගත්ත බස් ස්ටෑන්ඩ් එකේ සුපුරුදු ස්පොට් එක අතෑරලා කොළඹ යන බස් එකකට නැගලා වාඩි වුනා.

එහෙම නම් පිටකොටුව!
මට එතනදිවත් සැනසීමක් ලැබෙයිද බලමු.
.
.
.
.
.
.
.
.
පිටකොටුව කියන්නෙ ලේසි පාසු තැනක් නෙමෙයි. බුදු අම්මෝ එතන ලොකු.
මං මොකෙද්ද වගේ ඉවරයක් නැතුව එහා මෙහා යන වාහන මිනිස්සු දිහා බලාගෙන හිටියා.
එක එක විදියෙ මිනිස්සු ඉන්නවා.
හරිම අමුතුයි.

බඩගින්නටම මැරෙන්න වගේ දැනෙද්දි මං වටේපිටේ කුණු කූඩවලට ඇහැදැම්මා. කවුරුම හරි කෑමක් විසි කරලා තිබුනොත් හොඳයි.
හැබැයි වැඩේ කියන්නෙ කුණු කූඩ තිබුනෙ කඩවල් ඇතුලෙ විතරයි. ඒත් ඒ කඩවල්වලට මට යන්න දුන්නෙ නෑ.
හිඟමනේ ආවා කියලා බැනලා එලෙව්වා.

ඒත් මට බඩගිනී යකුනේ!!!

අන්තිමේදි මං දැක්කෙ පාර අයිනෙ බනිස් ගෙඩියක් වගේ එකක් කකා ඉන්න පොඩි එකෙක්. උගෙ තාත්තා වගේ මිනිහෙකුත් එතනම හිටියා. හැබැයි ඒ මිනිහා ඉන්නෙ phone එක දිහා බලාගෙන.
ඉතින් මං එතනින් වේගෙන් යනගමන් කොල්ලගෙ කෑම එක උදුරගෙන දුවන්න පටන් ගත්තා.

"ඒයි!!!
හොරෙක්! හොරෙක්!!!"

මිනිස්සු කෑගහගෙන මගේ පස්සෙන් දුවන්න ගත්තද කොහෙද!
ඉතින් බනිස කටේ ඔබාගෙනම මාත් දුවන්න පටන් ගත්තා. ඉස්සරහට හම්බෙන මිනිස්සු පෙරලගෙන, කඩවල් අස්සෙන් රිංග රිංග මොකාද වගේ මං දිව්වා.
අන්තිමේදි තවත් දුවාගන්න පණක් නැති තැන මං නවතිද්දි ඇවිල්ලා තිබුනෙ පුංචි පුංචි ගෙවල් පිරුණු අමුතුම තැනකට.

අපේ පුංචි ගෙදරත් තරම් මේ ගෙවල් විස්සක් තරම්වත් ලොකු ඇති. ඒ වුනාට මේ එක ගෙදරකත් මිනිස්සු පිරිලා.
ඒ අස්සෙ හැමතැනකම මිනිස්සු ළමයි කෑගහන සද්ද.
පාර අයිනෙ වතුර ටැප් වලින් හෝ ගාලා වතුර ගලාගෙන යනවා.
මිනිස්සු එක එක තැන්වල පෝලිම් ගැහිලා මොන මොනවදෝ කියව කියව ඉන්නවා.
අපේ අම්මලා වගේ නෙමෙයි,
ගෑණු අය නයිටි පිටින් ඔහේ එහේ මේහේ ඇවිදිනවා.
මං හිතන්නෙ මේවට වෙන්න ඕනෙ මුඩුක්කු කියන්නෙ!

"මල්ලේ!
උඹට මොකද්ද කෙරෙන්න ඕන?"

ටිකකින් උස මහත මිනිහෙක් ඇවිත් මගෙන් ඇහුවෙ. මට මල්ලි කිව්වට මොකද මූ අපේ තාත්තටත් වඩා වැඩිමල් ඇති.

"මේ...
මේ... රස්සාවක් හොයාගන්න කියලා බැලුවෙ!"

"හහ් හහ් හා...!!!
ඒයි මේ ඇහුනද උඹලට?
රස්සාවක් හොයාගෙනලු ආවෙ!
හහ් හහ් හහ් හහ් හා...
මෙහේ රස්සා නම් තියෙනවා කොල්ලො.
හැබැයි ඒවා කරන්න තරම් උඹට හයිය තියෙනවද නම් මං දන්නෙ නෑ."

"මොකද්ද කරන්න තියෙන්නෙ?
ඕනම දෙයක් කමක් නෑ.
හැබැයි මහන්සියෙ හැටියට ගෙවන්න ඕනෙ!"

මං කෙලින්ම ඒ මිනිහගෙ මූණ දිහා බලාගෙනමයි කියලා දැම්මෙ.
මොකද දැන් කුණු කොල්ලෙට වැඩ කරලා කරලම මට එපා වෙලා තියෙන්නෙ. සල්ලි ලැබෙන හැටියට තමයි වැඩ බාරගන්න ඕන.

"ම්ම්....
හොඳයි!
මොනවද උඹට කරන්න පුළුවන්?"

"ඕන දෙයක්!
බැරි දෙයක් නම් ඉගෙනගන්නම්!"

"හ්ම්...
මං උඹට කැමතියි.
සිරා!
මෙන්න මූව අරන් බලපං අපේ වැඩ වලට සෙට් වෙයිද කියලා.
බලන්න දෙයක් නෑ.
මූ කොහොමත් සෙට් වෙනවා.
මූව පුරුදු කරලා ගනින්!
කොල්ලො,
උඹේ නම මොකද්ද?"

"මං...
මං...."

"විල්සන් අයියේ...
මූ ආවෙ වැඩ වලට නෙමෙයි.
මාව බලන්න.
ඒ නිසා මූව ගන්නෙපා.
උගේ අම්මලා මූව හොයාගෙන එයි!"

එකපාරටම කොහෙන්ද මන්දා කොල්ලෙක් කෑගහගෙන එද්දි මං ගල් ගැහුනා.
අම්මලා මාව හොයාගෙන එයි කියලා දන්නෙ කවුද?
මොකාද ඒ?
එතකොට අම්මලා මෙතනත් හොයාගෙනද?

"මීරා!
උඹ මොකද මෙතන කරන්නෙ?
උඹට ටාගට් එකක් දීලා නේද තියෙන්නෙ?
ඒක කරපං ගිහින්!"

"විල්සන් අයියෙ,
මූ..
මූව ගන්නෙපා!
මූ මාව හම්බෙන්න ආවෙ. ටික දවසකින් ගෙදර යයි."

යකෝ!
තිමිරයා!!
මූ කොහොමද මෙතන ඉන්නෙ?

"ම්...
ඒකත් එහෙමද?
එහෙනම් මූ මොකටද බං රස්සා හොයන්නෙ?"

"ඒ මේ මුගේ විහිළුනෙ අයියෙ.
මෙහෙම හිටියට මූ හොඳ විහිළුකාරයා!
නැද්ද මචං!"

මේකා යකෝ ඒ ඩිංගට මාව joker කෙනෙකුත් කලාද?
ඔක්කොම කරලා තව විරිත්තගෙන මගෙ දිහා බලනවත් එක්ක.
අනේ උඹම විරිත්තං හිටපං.
මට පාංයැ.

හැබැයි මට මේ රස්සාව නම් ඕනෙ.
උඹට මං නිසා පොල්ල වැදුනත් කරන්න දෙයක් නෑ. Phone එකක් ගන්න මං සල්ලි හොයාගන්න ඕන.
ඊටපස්සෙ නම් ඔන්න සේරම උඹටම බාර දීලා යන්න මගේ අකමැත්තක් නෑ.

"නෑ..."

"අයියෙ මං මූවත් එක්කගෙන යනවා එහෙනම්.
ටාගට් එක ගැන බය වෙන්න එපා.
මං ඒක දවස ඇතුලත කම්ප්ලීට් කරනවා."

මට වචනයක් කතා කරන්න නොදී මූ මැදින් පැන්නා.
ඊට පස්සෙ මාවත් ඇදගෙන දුවන්න හදන්නෙ.
ඒවා කොහෙද මාත් එක්ක.
මං සිංහ සෙයියාවෙන්ම හිටියා හෙල්ලෙන්නෙ නැතුව.

"අයියෙ මට...."

"වරෙන් මචං අපි යමු එහෙනම්!"

"අයියෙ......."

"අඩෝ මම උඹට කන්න කියලා බූන්දිත් ගත්තා බං. උඹ ආසයි කිව්වනෙ!"

මේ මොන හු#තක්ද දෙයියනේ!!!
මූ මට කතා කරන්න දෙන්නෙම නෑනෙ.
මං එරෙව්වා ඌව පිච්චිලා අළු වෙලා යන්නම. හැබැයි ඌට නම් ගානක්වත් නෑ.

"හරි එහෙනම් කොල්ලො අපි යන්නම්.
යාළුවා ආවට කමක් නෑ, උඹේ වැඩේ හරියට කරපං.
එතකොට අලුත් එකා,
උඹට වැඩක් ඕනෙ නම් ඕන එකෙක්ගෙන් විල්සන් අයියා කොහෙද කියලා අහපං.
මගේ ලඟට එක්ක එයි.
එහෙනම් අපි කැපුනා පුතා!"

බඩ තඩියා යන්න ගියා.
මේ කාලකණ්ණියා නිසා අතටම ලැබුන රස්සාවනෙ වතුරෙ ගියේ.

"මොකද්ද හු#තො තෝ ඒ කලේ?
මං රස්සාවක් නැතුව කොච්චර දුක් වින්දද කියලා දන්නවද?
අපරාදෙ එදා මං උඹව බේර ගත්තෙ.
තරු පේන්නම කන්න දෙන්න තිබුනෙ!"

මං බැන බැනම යද්දි තිමිරයා එක පාරටම මගේ මූණ දිහා බැලුවා. උගේ මූණෙ කඳුළු පිරිලා.
යකෝ මූ අඬනවද?

"ඔව්!
උඹ මාව බේරගත්තෙ අපරාදෙ තමයි.
උඹට තිබුනෙ මාව අහු කරලා දෙන්න.
මාව බේරගන්න කියලා උඹ වැරැද්ද බාර ගත්ත එකෙන් දැන් අපි දෙන්නම දුක් විඳිනවා."

"ඇයි උඹට මොකද වුනේ?
උඹ කොහොමද මෙහේ ආවෙ?"

"දිග කතාවක් කෙටියෙන් කිව්වොත් පණ බේරගන්න මට එන්න වුනා.
අපේ තාත්තා යකෙක්.
ඌ මාව මරන්න යද්දි විල්සන් අයියගෙ යාළුවෙක් මාව බේරගෙන මූ ලඟට යන්න කිව්වා.
ඉතින් මං ආවා."

"හ්ම්...
ඉතින් ඌ උඹට රස්සාවක් දුන්නද?"

"ඒකට රස්සාවක් කියන්න පුළුවන් නම්,
ඔව් ඌ මට රස්සාවක් දුන්නා!"

"ඉතින් බල්ලො,
මටත් එකක් ගන්න තිබ්බ චාන්ස් එක නැති කලේ ඇයි උඹ?"

පාර දිගේ ඇවිදගෙන යන ගමන් හිටපු තිමිරයා එක පාරටම නැවතුනා.

"තඹරු!
උඹේ නම මෙහෙදි කවීශ කියපං.
ඇත්‍ත විස්තර දැනගන්න තියන්න එපා.
උඹ මට එක පාරක් උදව් කලානෙ.
ඒ නිසා ඒ වෙනුවෙන් මට මේක කරන්න ඉඩ දීපං.
මේ අපායට නොවැටි ඉන්න බලපං.
උඹට මොකද්ද වුනේ කියන්න මං දන්නෙ නෑ. හැබැයි පුළුවන් ඉක්මනින් මෙතනින් පිට වෙලා ගෙදර පලයං.
මෙතන ඉන්න ඉන්න, උඹට මෙතනින් ගැලවිලා යන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා.
ඒ නිසා ඉක්මන් කරපං!"

"තිමිර!
මෙතන වෙන්නෙ මං හිතන දේමද?"

"ඊටත් නරක දේවල්!
උඹට උඹවම විකුණන්න වෙයි.
උඹට කියලා තියෙන හැමදේම නැති කරගන්න වෙයි.
සල්ලි විතරක් අතට ලැබෙයි.
හැබැයි උඹේ ආත්මෙම විනාස වෙලා තියෙයි!"
.
.
.
.
.
.
තිමිරයා මාව පුංචි කාමරයක් අස්සට දාලා කොහෙදෝ යන්න ගියා.
හැබැයි යන්න කලින් පත බත් එකක් ගෙනත් දීලා ගියේ.
ඉතින් මං දවස් ගානකට පස්සෙ බඩ පැලෙනකල්ම කෑවා.
කෑවට පස්සෙ තමයි ඉන්නෙ කොහෙද කියලවත් බැලුවෙ.

මේක පුංචිම පුංචි කාමරයක්. කොච්චර පුංචිද කිව්වොත් අත්දෙක කාමරේ අස්සෙ ඉඳන් දිගාරින්න බෑ. මේකට එකම එක ජනේලයක්වත් ඇත්තෙත් නෑ. එක අයිනක ලෑල්ලක් වගේ මොකද්ද ගහලා ඒක උඩින් කහ ගැහිච්ච බෙඩ් ශීට් එකක් එලලා තිබුනා. ඊට පස්සෙ ඉතුරු වෙලා තිබ්බ ඉඩ ටිකේ අත් කකුල් සේරම අකුලගෙන යාන්තමට හැරෙන්න විතරක් පුළුවන්.
කාමරේට තිබුන එකම දොර වැහුවොත් මේ මහ දවාලෙ වුනත් මේක ඇතුල කට්ටම කට්ට කරුවලයි.
ඒ වගේම පෝරණුවකට වඩා රස්නෙයි.

කාමරේ දොර ඇරුනෙ කුණු කාණුවකට. ඒකෙ පණුවො මැස්සො පිරිලා. බැරි වෙලාවත් අසිහියෙන් අඩිය තිබ්බොත් කෙලින්ම කාණුව ඇතුලෙ තමයි නවතින්නෙ. පුංචි බ්ලොක් ගල් දෙකක් කාණුවයි දොරයි අතරෙ පාලමක් වගේ තිබුනා. කාණුව ඉවර වෙද්දිම තිබුනෙ ටොයිලට් පේලියක්.
ඉතින් ඇත්තටම බැලුවොත් මං කෑවෙ ටොයිලට් එකක් ඇතුලෙ ඉඳන් වගේ තමයි.
මොකද ටොයිලට් එකයි කාමරෙයි අතරෙ තියෙන්නෙ අඩියක් විතර පළල කුණු කානුව විතරමයි.

මේ මුළු මුඩුක්කුවේම එවුන් ටොයිලට් යන්න එන්නෙ මෙතෙන්ටද කොහෙදෝ.
සෙනග සූ ගාලා හැමතැනම.
ඒ අතින් තිමිරයා ලකී, දොර ඇරපු හැටියෙ ලැට් එක අස්සට පැන ගත්තැහැකි.

වටපිටේ සිරි නරඹලා මං අර ලෑලි කෑල්ලට පැනලා නිදාගත්තා. කකුල් දෙක වක ගහගෙන ඕන ඉතින් නිදාගන්න.
ලේසි නෑ.
දැන් තිමිරයා ආවම මටත් මේක අස්සෙ ඉන්න කොහොමත් ඉඩ නෑ. ආයෙම ඉන්න තැනක් හොයාගෙන යන්න තමයි වෙන්නෙ.

හැබැයි යන්න කලින් අයියට කෝල් එකක් දීලා බලන්න ඕනෙ.

ඒත් ඉතින් අයියා ඔය කිව්වට ඇත්තටම මාව හොයාගෙන එයිද?
අනික එයා ආවා කියලත් මොකද කරන්නෙ?
මට තාම පහලවයි.
අම්මලට තමයි නීතියෙ හැටියට මාව අයිති.
ඒත් මාව මැරුවත් එයාලා ලඟට නම් මං ආයෙම යන්නෙ නෑ.
.
.
.
.
.
.
.
.
රෑ වෙලා තිමිරයා ආයෙම කෑම දෙකක් අරන් ආවා.
ඉටිපන්දමකුත් පත්තු කරගෙන අපි දෙන්නත් එක්ක ඒක කෑවා.
මං ඇඳ උඩ වාඩි වෙලා කද්දි තිමිරයා හිටියෙ බිම.
නිදාගත්තෙත් එහෙමමයි.
මං බිමට යන්න හැදුවත් අරූ ඒකට කැමති වුනේ නෑ.
මං අමුත්තෙක් නිසා මටලු ඇඳ අයිති.
ඉතින් මං වාද කරන්න ගියේ නෑ.
වාද කරන්න තරම් මට පණකුත් නෑ.
ඒත් හැමදාම මට මෙහෙම ඉන්නත් බෑ.
අනේ මන්දා මොකක් කරන්නද කියලා.

අයියට කෝල් එකක් ගන්න තිමිරයා ලඟත් phone එකක් නෑ.
ඌ කිව්වෙ වෙන එවුන්ගෙන් phone ඉල්ලන්න තියා උන් එක්ක කතා බහට යන්නවත් එපා කියලා.
ඉතින් මං ඌ කිව්ව හැටියට කලා.
මොකද තවත් ප්‍රශ්න ගොඩක් පැටලෙන්න ඕන නෑ මට.
අයියා එනකල් මම පරිස්සම් වෙන්න ඕන.

දවස් දෙක තුනකට පස්සෙ තිමිරයා කොහෙන්ද මන්දා phone එකක් උස්සගෙන ආවා. හැබැයි ඒක පැයක් ඇතුලත ආයෙම ගෙනිහින් දෙන්න ඕනලු.
ඉතින් මං ඒ මුළු පැයේම අයියට කෝල් කලා. ඒත් එයාගෙ phone එක වැඩ කලේ නෑ.
දැන් මං මොකද කරන්නෙ?
අයියට කරදරයත්වත් වෙලාද?අනේ එහෙම නම් වෙන්න එපා දෙයියනේ!

කවදාවත් නොදැනුන තරම් ලොකු බයක් මට දැනෙන්න ගත්තා.
ඉතින් අන්තිමේදි මම තීරණයක් ගත්තා.
ගෙදර යන එක කොච්චර භයානක වුනත් මං ඒ පැත්තට ගිහිල්ලා බලන්න ඕන.
අයියට මොකද්ද වුනේ කියලා එහෙමවත් හොයන්න ඕන.

මේ ගැන තිමිරට කිව්වම ඌ කිව්වෙ ඌත් මාත් එක්ක යන්න එන්නම් කියලා. ඒ වුනාට ඇත්තටම මං ඔක්කොම විස්තර ඌට කිව්වෙ නෑ.
අයියා ගැන කිසිම දෙයක් කිව්වෙ නෑ.
කලින් වෙච්ච දේවල්වල හැටියට ආයෙම කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බයයි මට.
මගෙ අයියව ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ව විශ්වාස නෑ මට.

මං තිමිරට කිව්වෙ ගෙදර තත්වෙ ගැන බලන්න යනවා කියලා. බැරි වෙලාවත් තත්වෙ අවුල් නම් ආයෙම රස්සාවක් හොයාගෙන පාරට බහිනවා කියලා.
ඉතින් ඌත් සපෝට් එකට එන්නම් කිව්වා. හැබැයි මං වගේම ඌත් ගන්නෙ අවදානමක්.
මොකද උගේ තාත්තට ඌව අහුවුනොත් අනිවාර්යයෙන්ම මරලා දායි.
ඒත් ඌට මාත් එක්ක එන්නම ඕනෙ කිව්වා. මොකද අම්මව බලන්න ඕනෙලු.
එකාතකට ඌ වාසනාවන්තයි.
අම්මා හරි ඉන්නවනෙ ඌ වෙනුවෙන්!
ඒ වුනාට ඉතින් මාත් වාසනාවන්තයි.
මගේ අයියා ඉන්නවනෙ මං වෙනුවෙන්!

ඉතින් අපි පිටත් වුනා.
මේ වෙද්දි අයියට අන්තිමට කතා කරලා මාස දෙකකටත් වැඩියි.
එයා ලංකාවට ආවද දන්නෙත් නෑ.
මාව හොයනවද දන්නෙත් නෑ.
කමක් නෑ.
ඔක්කොම දේවල් ගැන අද හොයාගන්න ලැබෙයි කියලා හිතනවා.

මං කැප් එකකුයි මාස්ක් එකකුයි දාගෙන හවස් වෙලා තමයි අපේ ගෙවල් පැත්තට ගියේ.
කාගෙවත් මූණට මුණ නොගැහෙන්න මං සෑහෙන්න පරිස්සම් වුනා.
අයියලගෙ ගෙවල් ලඟට ඇවිත් මං වටපිට බැලුවා.
කවුරුත්ම පේන්න හිටියෙ නෑ.
ඉතින් මං තාප්පෙකට පැනලා තාප්ප දිගේම ගිහින් ඉස්සර වගේ අයියගෙ බැල්කනියට පැන්නා.
පුදුමෙකට වගේ බැල්කනියෙ දොර ලොක් කරලා තිබුනෙ නෑ. ඒ කියන්නෙ එයා ඇවිත්ද?

මං හිතේ බලාපොරොත්තු පුරෝගෙන කාමරේ ඇතුලට ගියත් අයියා පේන්න හිටියෙ නෑ.
ඒත් අයියගෙ සුවඳ නම් එදා වගේම තාමත් හැමතැනකම තියෙනවා.
මගේ චූටියා!
මගේ Happy Pill!

ඒත් එයා නැත්තම් මෙතන ඉඳලා වැඩක් නෑනෙ. එයා ඉන්නෙ කොහෙද, මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා වෙන විදියකට හොයාගන්න වෙනවා.
ඉතින් මං ටිකක් වෙලා කාමරේ ඇතුලෙ තිබුන එයාගෙ ලස්සන සුවඳ විඳගෙන ඉඳලා එලියට යන්න හැදුවා.

ඒත් එකපාරටම කවුදෝ මගෙ අතින් අල්ලගත්තා.
බලද්දි දිදුනි.
මේකි කොහොමද මෙතෙන්ට ආවෙ?
දැන් නම් මහ ජංජාලයක් වෙන්නෙ!

මං ඒකිව තල්ලු කරලා දාලා දුවගෙන යන්න හැදුවෙ.
ඒත්,

"තඹරු!
අයියට කතා කරන්න ඕනෙද?"

දිදුනි අහද්දි මට දෙපාරක් හිතන්න ඕනෙ වුනේ නෑ. අයියට කතා කරන්න ලැබෙනවා නම් මං අපායට වුනත් යනවා.
ඉතින් මං ඔව් කිව්වා.

"එහෙනම් එන්න!"

දිදුනි මාවත් ඇදගෙන පහලට බහිද්දි මාත් සද්ද නැතුව එයාගෙ පස්සෙන්ම ගියා.
එයා කාමරේට ගිහින්  phone එකත් අරන් මගේ ලඟට ආවා.

"අයියගෙයි සාරා අක්කිගෙයි engagement එක ගත්තා!"

දිදුනි phone එකේ තිබුන photos වගයක් open කරලා මට පෙන්නුවෙ මං කෝල් එක ගන්න ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉද්දි.
මොකක්?
Engagement එක?
අයියගෙයි සාරගෙයි?

ඔළුව ගිනි ගන්නවා වගේ දැනෙද්දි මාත් phone එකේ screen එක අස්සට එබුනා.
ඔව්!
එතන තිබුනෙ engagement photos වගයක් තමයි.
ඒවා වල හිටියෙත් අයියයි සාරයි තමයි.

නෑ!
නෑ!!
මේක වෙන්න බෑ!
මේ බොරු!

"අයියා එයාගෙ ලෝකෙ හොයාගෙන ගියා තඹරු.
ඔයා මෝඩ වෙන්න එපා.
දැන්වත් මගෙ ලඟට එන්න.
මං ඔයාට මේ ප්‍රශ්න වලින් බේරෙන්න උදව් කරන්නම්."

දිදුනි මගේ අතින් අල්ලගන්න හැදුවත් මං එහාට පැන්නා.

"නෑ!
මේ බොරු!
අයියා කවදාවත් මෙහෙම කරන්නෙ නෑ.
මට එයාව විශ්වාසයි!"

"හරි එහෙනම් ඉන්න!"

දිදුනි අයියට කෝල් එකක් අරන් speaker එක on කලා.

"Hello, ayya,
I love your engagement photos.
They look wonderful!"

"Thanks Diduni!"

දෙයියනේ නෑ නෑ!
මේක ඇත්‍ත වෙන්න බෑ.

"අයියේ....???"

"Snowdrop.....???
Is that you???"

"Is this true ayye?
Did you have your engagement?"

"Snowdrop!
Listen to me!"

"JUST TELL ME AYYE!
IS THIS TRUE????"

"Please,
Let me explain!"

"AFTER EVERYTHING I WENT THROUGH,
IS THIS WHAT I GET?
DID YOU FORGET ME THAT EASILY?
HOW COULD YOU AYYE?
HOW COULD YOU DO THIS TO ME?
I ONLY HAD YOU!!!"

මගේ කටහඬ බිඳිලා ගියා.
මේ ලෝකෙ මට කියලා තිබුනු එකම එක බලාපොරොත්තුව!
එකම එක සැනසීම!
ඔයාටත් මාව එපා වෙලා ගියාද අයියේ???

"That's what I said Thambaru.
He's gone now.
But you have me.
I'm not like him.
Let me help you!"

දිදුනි මගේ ලඟට එද්දි මං ඒකිගෙ බෙල්ලෙන්ම අල්ලලා ඔළුව බිත්තියෙ ගැහුවා.
වේ# ගෑණි!
තොපි සේරම එකතු වෙලා තමයි මට මෙහෙම කලේ.
මං උඹලා හැමෝමවම මරලා දානවා යකුනේ!!!

"ආ...හ්!
තාත්තී..."

පො#න වේ# කෑගහද්දි මං ඒකිව අතෑරලා දාලා පැනලා යන්න හැදුවෙ.
ඒත් මේ බැල්ලි මගේ දණිස්සට පයින් ගැහුවා. ඒ එක්කම අංකලයා කොහෙද ඉඳන් දුවගෙන ආවා.

"Neetha!
Call the police!
It's that rascal!"

දැන් ඉතින් මට කොහොමත් ජීවිතයක් නෑ.
ඒ නිසා හෙටක් ගැන හිතලා දුක් වෙන්න ඕනෙත් නෑ.
ඉතින් මං අංකලයගෙ ඔළුවට එතන තිබුන පුටුවක් අරන් දමලා ගැහුවා.
දිදුනිගෙ ඔළුවත් පැලිලා යන්නම ආයෙත් පාරක් බිත්තියෙ ගහලා උඩට නැගලා බැල්කනිය දිගේ ගිහින් තාප්පෙට පැන්නා. කකුල් වලට පණ තියෙනකල්ම පුළුවන් දුරට දුවගෙන දුවගෙන යන්න ගියා.

තඹරු!
උඹ මහ මෝඩයෙක්!
දැන්වත් ඔය මෝඩ හීනෙන් එලියට වරෙන්!
මේ ලෝකෙ ආදරේ කියලා දෙයක් නෑ.
ඒක බොරුවක් විතරයි!
උඹ වෙනුවෙන් කියලා කිසිම කෙනෙක් මේ ලෝකෙ ඇත්තෙත් නෑ.
ඒ නිසා උඹ ජීවත් වුනත් මැරුනත් ඒකෙන් කාටවත් වෙනසකුත් නෑ.
හැබැයි උඹ මැරුනත් මතක තියාගනින්,
උඹට මෙහෙම කරපු හැම එකාගෙන්ම පලිගනින්!
හැම එකාගෙන්ම!
මොකද හොඳ මිනිස්සු කියලා ජාතියක් මේ ලෝකෙ කොහොමටත් නෑ..!!!

...........................................................................................................

සමාවෙන්න මගේ පැටවුනේ! 🥺

තව ගොඩක් දුක් දෙන්නෙ නෑ!

මටත් දුකයි 😭

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ඔයාලගෙ ලස්සනම ලස්සන comments වලටත් ගොඩාක් පින්!
තඹරුට අයියා වගේ මගේ ජීවිතේට බලාපොරොත්තුවක් දෙනවා ඔයාලා.
ආදරෙයි.... 🥰🥰🥰🥰🥰🥰

(තනූ සරූ මතක් වෙලා nostalgic වෙන අය වෙනුවෙන් ආදරේම ආදරෙයි onhold කරනවා! 🤭)

继续阅读

You'll Also Like

87.3K 8.7K 36
အိပ်မက်ရှည်ကြီးတစ်ခုမက်တယ် ။ ကျောခိုင်းထားတဲ့နောက်ကျောပြင်တစ်ခုကို ငါက တစ်ဖက်သတ် ဖက်တွယ်ဖို့ကြိုးစားနေခဲ့တာတဲ့ ။ ဟင့်အင်း.. မင်းငါ့ကိုမချစ်ဘူး ။ ...
109K 12.1K 107
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
18.6K 3.5K 25
එන්න මාත් එක්ක මගේ ආදරය හොයාගෙන යන්න.......... මම වන්ග් ඊබෝ........ මගේ mateව මට හොයා ගන්න ඕනෙ මගේ pack එකේ අනාගත lunaව මං ඉක්මනට ගේන්න ඕං මගේ pack...
56.3K 14K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...