පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰...

De Kim-Yuhaqwe

112K 14.6K 23.9K

ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආ... Mai multe

01-පළිඟු දිගහැරුම ♡
02-පළිඟු දිගහැරුම ♡
03-පළිඟු දිගහැරුම ♡
04-පළිඟු දිගහැරුම ♡
05-පළිඟු දිගහැරුම ♡
06- පළිඟු දිගහැරුම ♡
07-පළිඟු දිගහැරුම ♡
08-පළිඟු දිඟහැරුම ♡
09-පළිඟු දිඟහැරුම ♡
10- පළිඟු දිගහැරුම ♡
11- පළිඟු දිඟහැරුම ♡
Intro ♡
12- පළිඟු දිඟහැරුම ♡
13- පළිඟු දිඟහැරුම ♡
14- පළිඟු දිඟහැරුම ♡
15- පළිඟු දිඟහැරුම ♡
16- පළිඟු දිඟහැරුම ♡
17- පළිඟු දිඟහැරුම ♡
18-පළිඟු දිඟහැරුම ♡
19- පළිඟු දිඟහැරුම ♡
20- පළිඟු දිඟහැරුම ♡
21 - පළිගු දිඟහැරුම ♡
22- පළිඟු දිඟහැරුම ♡
23- පළිඟු දිඟහැරුම ♡
24- පලිඟු දිඟහැරුම ♡
25- පළිඟු දිඟහැරුම ♡
26- පළිඟු දිඟහැරුම ♡
27-පළිඟු දඟහැරුම ♡
28- පළිඟු දිඟහැරුම ♡
29- පළිඟු දිඟහැරුම ♡
30- පළිඟු දඟහැරුම ♡
31- පළිඟු දිඟහැරුම ♡
32- පළිඟු දිඟහැරුම ♡
33- පළිඟු දිඟහැරුම ♡
34- පළිඟු දිඟහැරුම ♡
35- පළිඟු දිඟහැරුම ♡
36- පළිඟු දිඟහැරුම ♡
37- පළිඟු දිඟහැරුම ♡
38-පළිඟු දිඟහැරුම ♡
39- පළිඟු දිඟහැරුම ♡
40- පළිඟු දිඟහැරුම ♡
41- පළිඟු දඟහැරුම ♡
42- පළිඟු දිඟහැරුම ♡
43- පළිඟු දිඟහැරුම ♡
44- පළිඟු දිඟහැරුම ♡
45- පළිඟු දිඟහැරුම ♡
46- පළිඟු දිඟහැරුම ♡
47- පළිඟු දිඟහැරුම ♡
48- පළිඟු දිඟහැරුම ♡
49- පළිඟු දිඟහැරුම ♡
50- පළිඟු දිඟහැරුම ♡
51- පළිඟු දිඟහැරුම ♡
52- පළිඟු දිඟහැරුම ♡
54- පළිඟු දිඟහැරුම ♡
55- පළිඟු දිඟහැරුම ♡
56- පළිඟු දිඟහැරුම ♡
57- පළිඟු දිඟහැරුම ♡
58- පළිඟු දිඟහැරුම ♡
59- පළිඟු දිඟහැරුම ♡
60- පළඟු දිඟහැරුම ♡
61- පළිඟු දිඟහැරුම ♡
62- පළිඟු දිඟහැරුම ♡
63- පළිඟු දිඟහැරුම ♡
64- පළිඟු දිඟහැරුම ♡
65-පළිඟු දිඟහැරුම ♡
66- පළිඟු දිඟහැරුම ♡
67- පළිඟු දිඟහැරුම ♡
68-පළිඟු දිඟහැරුම ♡
69- පළිඟු දිඟහැරුම ♡
70- පළිඟු දිඟහැරුම ♡
71- පළිඟු දිඟහැරුම ♡
72- පළිඟු දිඟහැරුම ♡
73- පළිඟු දිඟහැරුම ♡
74- පළිඟු දිඟහැරුම ♡
75- පළිගු දිඟහැරුම ♡
76- පළිඟු දිඟහැරුම ♡
77- පළිඟු දිඟහැරුම ♡
78- පළිඟු දිඟහැරුම ♡
79- පළිඟු දිඟහැරුම ♡
80- පළිඟු දිඟහැරුම ♡
81- පළිඟු දිඟහැරුම ♡
82- පළිඟු දිඟහැරුම ♡
83- පළිඟු දිඟහැරුම ♡
84- පළිඟු දිඟහැරුම ♡
85- පළිඟු දිඟහැරුම ♡
86- පළිඟු දිඟහැරුම ♡
87- පළිඟු දඟහැරුම ♡
88- පළිඟු දිඟහැරුම ♡
89- පළිඟු දිඟහැරුම ♡
90- පළිඟු දිඟහැරුම ♡
91- පළිඟු දිඟහැරුම ♡
92- පළඟු දිඟහැරුම ♡
93- පළිඟු දිඟහැරුම ♡
94- පළිඟු දිඟහැරුම ♡
95- පළිඟු දිඟහැරුම ♡
96- පළිඟු දිඟහැරුම ♡
97- පළිඟු දිඟහැරුම ♡
98- පළිඟු දිඟහැරුම ♡
99- පළිඟු දිඟහැරුම ♡
100- පළිඟු දිඟහැරුම ♡
101- පළිඟු දිඟහැරුම ♡
102- පළිඟු දිඟහැරුම ♡
103- පළිඟු දිඟහැරුම ♡
104- පළිඟු දිඟහැරුම ♡
105- පළිඟු දිඟහැරුම ♡
106- පළිඟු දිඟහැරුම ♡

53- පළිඟු දිඟහැරුම ♡

920 119 280
De Kim-Yuhaqwe

"මචං උබේ කවසාකිය අරන් වරෙන් ආයේ කතා එපා එච්චරයි "

මම දත් මදින ගමන් වීඩියෝ කෝල් එකෙන් බලන් හිටියේ අන්ඩර්වෙයාර් එක පිටින් පරල වෙලා වගේ කොට්ටෙන් කන් දෙක වහන් නිදාගෙන ඉන්න ආරුට කෑ ගහන ජොඑලා දිහා

"මිනිහෝ තමුසේගේ මිනිහව නැගිට්ටවපාආආආආන් "

"ජොඑල් ඔය ඇති මගේ කනත් රිදෙනවා "

නුරා එයාගේ නිල් පාට ශර්ට් එක මදින ගමන් කෑ ගැහුවේ මම ශෙවින් ක්‍රීම් එකක් අරන් හොදට ශේක් කරද්දි

"බල්ලෝ උඹලා දන්නැද්ද ලංකාවටම කවසාකි පහයි එකක් අර මහත ගෑනි ගාව අනික අර වෙඩි** ගේ පුතා ගාව තව එකක් ඇවගාඩ්‍රෝ එකේ තව එකක් මර්** සිල්වාගේ පුතාගේ අවසාන එක මූගේ "

"යකෝ උබ කවසාකි ඉතිහාසේ හෙව්වද බං "

ශ්වින් ක්‍රීම් එක මූනේ ගාන ගමන් මම කෑ ගහලා ඇහුවේ ජොඑලාගෙන්

මේකනේ මචං සීන් එක .... අද උදේ නවයාමාරට තමා බිග් මැච් එකේ රෝඩ් ශෝ එක ... දැන් වෙලාව අටයි ... මායි නුරායි ජොඑලයි වීඩියෝ කෝල් එකක ඉඳන් මදිපාඩු හද හද ඉන්නකොට තමා ආරු නින්දෙන්ම ඇවිත් එයාව ඇවිත් එක්ක යන්න කියලා මට කිව්වේ ...... ඔන්න එතකොට තමා ජොඑල් පරල උනේ කවසාකියෙන් එන්නෑ කියලා රෝඩ් ශෝ එකට

"ශෙහානයා අරන් වරෙන් මා දෙයියෝ අරුන්ට නෑ නේ කවසාකියක් මගේකෝ රෝඩ් ශෝ වලට "

දැන් මේ ඔක්කොම ඇහෙන්න මේ මිනිහා නැගිටලා කියලද හිතන්නේ ....... මොන පිස්සුද කට කපලා ආයෙම නිදි අර ත්‍රිබල් මෙට්‍රස් එකේ වැටිලා

"ආරු නැගිටිනවා දැන් ඇති ඔය අටත් පහු වෙලා "

"ම්ම්"

දැන්නම් මට සාදාරන සැකයක් එනවා මූ රෑට රෑට හොර පොල් කඩනවද කියලා එහෙමත් නැත්තං කුඩු බිස්නස් කරනවද කියලා බැලුවොත් එකොළහට කලින් වැටිලා නිදි හැබැයි පහුවදා දවසෙත් බැලුවොත් කට කපලා නිදි ....පූසෙක් වගේනේ යකෝ ....බැලුවොත් නිදි

"අක්කා ශර්ට් එක මැදලා ලොන්ඩ්‍රි රූම් එකේ එල්ලලා ඇති ... කරුනාකරලා කියන්නේ කලු පාටනම් අදින්න එපා ලලනාවියෝ ඔක්කොම කට පුක ඇරන් බලන් ඉන්නෙර් ඊළඟට "

"එහෙනම් ඔයත් ශේඩ්ස් දෙකක් දාන් එන්න "

"ක්...හැක්....හා හා හා "

"උබ කට වහපන් ජොඑල් එතකොට මට කියපන් ඇයි මම ශේඩ්ස් දාන්න ඕන කියලා .....ආරු නැගිටිනවකෝ "

"ඇයි උබේ අර නිල් ඇස් ආන් ඒ මගුලට සමනලයෝ ආකර්ශනේ වෙනවා කියන්නේ "

"ජොඑල් තෝ තමා මේවා මූට fb වලින් පෙන්නන්නේ මම උබව කනවා යකෝ "

"කැලික්ටස් දන්නවද ....! හම්මෝ මට බෑ යකෝ "

"මේ මම යනවා ජොඑල් මගෙන් ගත්ත කරාබුව අරන් වරෙන් මම ආයේ කියන්නෑ මම හෝමාගමට එනවා මාව ගනින් එතනින් "

"ඈස් යුඅර් විස් සුදු නෝනාහ් "

"පල හුට්ටා යන්න "

ඒ ඔබ අවසානයෙදි සවන් දුන්නෙර් ජොඑලාගෙයි නුරාගෙයි ප්‍රසිද්ද වලියට ... නුරාගේ කාර් එක තාත්තා ඇක්සිඩන්ට් කරලා නිසා ඒකේ සෝ තැවුලට නුරා ජොඑලාගේ වාහනේන් එන්නම් කිව්වා උන් දෙන්නා.. ඉතින් උන් දෙන්නා වලියෙන්ම කෝල් එක කට් කරලා ගියා දැන් ඉන්නේ මමයි ආරුයි විතරයි

"බයික් එක අරන් එනවද ?"

"හම් අරන් එන්නම් ඔයා ?"

"රෝඩ් ශෝ එකට ෆෙරාරිය අරන් යන්න කියලා ඩෑඩ් කිව්වා "

"රෝඩ් ශෝ එකට ඩෑඩ් එනවද ?"

"නෑ එයාලා VIP ඒරියා එකට කෙලින්ම යනවා ඕබී එකේ ගෙස්ට්ලානේ අයියා නම් එනවා කිව්වා "

"ම්ම්..... මූන කැපෙයි පරිස්සමින් "

"හරි හරි ලෑස්ති වෙන්න ඔයත් ස්ටේඩියම් එකේදි හම්බෙමු බායි love "

"ම්ම් "

කෝල් එක කට් කරපු මම හොඳට නාගෙන එළියට ඇවිත් මේරි ආන්ටි මැදලා තියලා තිබ්බ ස්කූල් ලෝගෝ එක තියෙන සුදු ශර්ට් එකට කලු ඩෙනිමක් ඇදගෙන ස්නික්‍ර්ස් දෙකකුත් දාගෙන ශේඩ්ස් දෙකත් ශර්ට් එකේ බොත්තම් අස්සෙන් දාගත්තා .... බයකට එහෙම නෙමේ හොදේ අර ලුක් එක ගන්න වගෙ  දේකට ශේඩ්ස් දෙක ගත්තේ නැත්තම් ගනී මම හම්......

කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මගේ ස්කින් කෙයාර් ප්‍රඩක්ට්ස් ටිකත් මූනේ ගාගෙන ලිප් බාම් එකත් පොඩ්ඩක් ගාගෙන කොන්ඩෙත් පොඩ්ඩක් අව්ල් කරලා මූනට වැටෙන්න හදාගත්ටා .... දෙයියනේ මම මටම වසී උනා ඒ තත්පරේට ... අම්නේ බලන්නකෝ මගේ ලම්සන ......

කණ්ණාඩිය ඉස්සරහා ඉඳන් වටයක් කැරකුනු මම මග්‍රෙ නිල් කිරිල්ලිගේ යතුරත් අරන් පල්ලෙහාට බැහැලා මාම්ගේ කම්මුලට තොත්තුවක් දීලා අයියට පයින් පාරක් ගහගෙන දුවගෙන වාහනේ ගාවට ගියා ..

මම දැක්කා ඌ මැද ඇඟිල්ල දිග් කරන් වන්නමක් නටනවා ...

අපෝ ඌ නම් සැක් යෝධයෙක් වගේ උගේ වාහනේට නැග්ගේ ඇයි දෙයියනේ උන් දෙන්නවම යෝධයෝ කරලා මම කොටෙක් කරේ...... කොට නෑ ...කොට නෑ රොනාල් .ඔයා පහයි දහයක් උසයි ... ටවීශ්ට වඩා උසයි ඔයා ... කොට නෑහ්

සිත නිවන කතා

මගේ ඔළුව ඇතුලේ අර දේවදූතයා වගේ එකා ඔයා කොට නෑ කියලා මගේ හිත හදනකොට

අන් තියෙන එකා සිත නිවන කතා කියලා හිත කැඩුවා මේවා කරුම දාර කරුම ..... හම්

කොහොමෙන් කොහොම හරි රෝඩ් ශෝ එක පැය ගාණක් ඇදුනා හැව්ලොක් සිටි මෝල් එක ගාවින් එහාට පාරේ වාහනේකට වත් යන්න බෑ ඒ තරමට බ්ලොක් අපරාදේ කියන්න බෑ මගේ කිරිල්ලිට ලොකු ඉඩක් ලැබුණා අයියගේ රේන්ජ් රෝවර් එකට වඩා හැබැයි ටික වෙලාවයි ..... මගේ මනුස්ස ප්‍රානියා ආපු ගමන් කිරිල්ලි ගාව තිබ්බ ඇස් ඒකගේ බ්ලැක් බියුටියට ඇදිලා ගියා..... ඉදපන් තොට ... මට ඒකව පේන්නෙත් නෑ ඌ මගේ පිටිපස්සේ ඉන්නේ ඒක නිසා පේන්නෑ මමත් වැඩියහිතන්නැතුව රේස් කරලා කාර් එක ස්පීඩ් එකේ පැදගෙන ගියා ස්ටේඩියම් එක ගාවට වෙනකං

අම්මටෞඩු මේන් සුරංගනාවියක් ..... කාර් එකේ යතුරත් අරන් බැහැලා ඇතුලට එනකොටම ගේට් එකගාව කනුවකට හේත්තු වෙලා කහපාට ගවුමක් ඇඳන් ඉන්න ශෙහානි අක්කව හම්බුනා .... ම්ම්ම් නයිස් අද දෙන්නම් පැනියට වැඩක්

"අක්කේ ඔයා මෙතන ?"

"අහ් මල්ලි මම මේ අයියා එනකන් ඉන්නේ "

"දෙයියනේ දෙයියනේ මේ මිනිහා .... ඔයාට කියන්න අක්කේ මාත් එක්ක රෝඩ් ශෝ ආවා ඕකා හරිද එකටමයි ආවේ හැබැයිඑයා මගින් නැවතුනා අර *** එකේ ඕජී එකේ අක්කලා වගයක් දැකලා ..... ඔයාට කියන්න අක්කේ ඇස් දෙක පල්ලයි ඔයාට නිසයි මේ කියන්නේ මෙයා පටව ගත්තනේ අර උඩටත් නැති යටටත් නැති ඇදුම් ඇදගෙන හිටිය නගර සෝබිනියෝ ටිකව "

"මොකක් !"

"ඔව් අනේ ... යන්නාම් අක්කේ "

ම්ම්ම් අද බඩු හරි වගේ බොසාට ..... ශෙහානි අක්කා බලන් ඉද්දි පුපුරන්න ගන්නකොට මම යන්නාම් කියාගෙන ඇතුලට දුවගෙන ආවේ කාගේ කරුමෙටද මන්දා අයියා ඇත්තටම ගෑනියෙක්ව දාගෙන ඇවිල්ලා බස්සනවත් ඇහැ කොනින් දකිද්දි

උබ ඉවරයි හැලයෝ ..... අනිවාරෙන් කජු නැති දානයක් උබට දෙන්නම් මම

ඇතුලට කඩාගෙන ආපු මම එකපාරට ශොක් වෙලා ගියේ ඊලගට දැක්ක දේ නිසා .... කිව්වට විශ්වාස කරන්න අපේ ජොඑලා කියන්නේ මහසෝනාටත් හායි කියන ජතියේ එකෙක් එහෙම එකා නුරාගෙන් හොඳටම බැනුම් අහනවා .... ඒ කරත් කමක් නෑ වෙනදා වගේ බැනුමටම උගේ විහිළුවක් සෙට් වෙනවා නම් .....ඒ මුකුත් නෑ අරු බැනගෙන බැනගෙන යනවා මූ බැනුම් අහගෙන බිම බලාගෙන ඉන්නවා

"නුරා මොකෝ සීන් එක "

"මෙන්න මූගේ කන පලපන් රොනාල් මගේ ඔළුව රිදෙනවා මූ එක්ක ඉඳලා  "

"මොකක්ද උනේ ?"

කම්පියුස් උන්ගා බුන්ගා මූනක් දාගෙන මම ජොඑලාගේ පැත්තට හැරුණේ මොකද උනේ කියලා අහගන්න ජොඑලා මුකුත් කියන්නැතුව අහක බලාගත්ත නිසා ආයෙම නුරාගේ පැත්තට හැරුණු මම දෙන්නගෙන් එකෙක් කියනකන් ඉනටත් අත් දෙක තියාගෙන බලාගෙන හිටියේ දැන් කට අරි දැන් කට අරි කියලා හිතාගෙන

"කියපියව් හුට්ටනේ තව වැඩ තියෙනවා කරන්න ...."

"මෙන්න මූ පාරේ ඉන්න කෙල්ලෙක්ට කාර් එක ස්ලෝ කරලා විසිල් එකක් ගහුවා ඒකට තරහ ගිය ඒ ගොන් බඩුව කටේ හප හප හිටිය චුයින්ගම් එක ගලවලා කාර් එක ඇතුලට විසික් කරා මූ බේරුනා ඔළුව නවලා ඒ ජරාව මගේ ඇගෙ "

නුරාට මල පැනලා නුරා යනකොට ජොඑලට ඇහැකුත් ගහගෙන මම ඇතුලට ඇවිත් මාම්ගේ අතින් ඒශ්ව ගත්තේ අක්කා ඇවිත් සොෆීව අරගෙන අපි ඉන්න ඒරියා එකට එන්නම් කියපු නිසා

"ඒශ් බබා "

කොල්ලා වැඩිය සෙනග ඉන්න තැනට කැමැති නෑ කියන්න වගේ ඇස් බෝල කරලා පුංචි කට ඇරලා මොනාදෝ කියලා මගේ බෙල්ල අස්සේ ඔළුව ගහගත්තා .... කොල්ලට කරදරයිද දන්නෑ අනේ

"චූටි මැනිකට දොයි මතද ?"

ආයෙම මගේ බෙල්ලෙන් ඔලුව උස්සපු එයා මගේ කම්මුලට ඇඟිල්ලෙන් ඇනලා ආයෙම ඔලුව හිමීට පහත් කරළ බෙල්ල අස්සේ ගහගෙන මොන මොනාදෝ කියන්න පටන් ගත්තා.... මෙයා එක්ක කතා කරන්න තේරෙන්නේ ආරුටම තමා .... ඒ දෙන්නනේ ඉතින් බුදු ෆිට් දෙක ....

මාම්ගේ අතින් ඒශ්ගේ බෑග් එකත් අරන් මම වීඅයිපී ඒරියා එකෙන් එළියට ඇවිත් අපේ ඒරියා එකට ගියේ ඒශ්ව ඇගටම තුරුලු කරන් එයා සද්ද බද්ද වලට ටිකක් බයද මන්දා .....

මම උඩට නැගලා බලාගෙන හිටියේ පාක් එක දිහා මොකද රෝඩ් ශෝ ගියපු මිනිහයි මිනිහගේ ළඟදි ඉදන් හොර මිනිහා වෙච්ච මගේ හොඳම යාලුවගේ මිනිහයි දෙන්නම තාම මිසින් ඒ අස්සේ තාමත් පාකින් ඒරියා එකේ මූන එල්ලන් ඉන්න ශෙහානි අක්කවයි හොට බිම ඇනන් ඉන්න අපේකාවයි පේනවා .... හොද වන්නමක් නටයි වgay

පොඩ්ඩක් ඉදපන් අර එන්නේ අපේ උන් දෙන්නා නේද ...?

"ටහිකෙන්ඩ අර එන්නේ ශෙහානයයි සසිත ඇටයයි කියලා කියන්න එපා රොනාල් මට "

"මාව කොනිත්තපන් ජොඑලා "

ලමයවත් උස්සන් වීදුරු කවර් එක ගාවට ගිය මම කවසාකියෙන් ඇවිත් බැහැපු සෙරිබිටි කපල් එක දිහාවට ඇස් යැව්වා .... හෙන ගහපන් මූ මං එපා කියපු ලබ්බමයි ඇඳන් ඇවිත් තියෙන්නේ.... කලු කාගෝ පෑන්ට් එකකට සුදු ටී ශර්ට් එකක් දාලා ඒකටම කලු ලෙදර් ජැකට් එකක් දාලා කලු බූට් දෙකකුත් දාලා මදිවට මාස් එකකුත් දාගෙන ඒකටම හරියන්න ඇටයා ඌ සුදු හූඩ් එකකට සුදු පැච් ඩෙනිමක් ඇඳන් සුදු ස්ලීපර්ස් දෙකුත් දාගෙන ..... අනේ යකෝ මුන්නේ කපල් බලන් ගියාම .... සැහ්

"රොනාලයා මුන් දෙන්නව ඈත් නොකරොත් උබටයි ටවීශයටයි හුලං වත් ඉතුරු වෙන්නෑ පුතේ "

ශෙහානි අක්කයි අයියයි එක්කම උඩට එන දෙන්නව පෙන්නන ගමන් ජොඑලා ආයෙම මගේ කනට මුමුනද්දි මට හිනාවක් ගියා ....

"සසිතයා ඔක්කොම කරන්නේ ආරුගේ මනස නිදහස් කරන්න බං "

"දන්නවා ඌ කැමැති නෑ ඌ වටේ ඉන්න උන් අවුලින් ඉන්නවට "

මම ඔළුව උඩ පහල කරලා උඩට ආපු සසිතයායි ආරුයි දිහාවට හැරුනා .... හැරිච්ච පමාවට සසිතයා දුවගෙන ඇවිත් ඒශ්ගේ කම්මුලකට කිස් එකක් දුන්නේ කොල්ලා බය වෙලා වගේ මගේ මූම දිහා බලන් ඉඳලා පස්සේ ආරුගේ අතට යන්න පොරකන්න පටන් ගනිද්දි

"ගන්නවා ඉතින් අඩන්න කලින් "

මගේ අතේ ඉඳන් එයාගේ අතට පනින්න පොරකන කොල්ලව අත් දෙකෙන්ම උස්සලා කම්මුල් දෙකටම කිස් දෙකක් දීපු එයා නහයටත් ඇබිති කිස් එකක් දීලා මගේ කම්මුලටත් කිස් එකක් දුන්නේ මගේ ඇසුත් ලොකු වෙලා යද්දි

හුට්ටෝ අයියයි ශෙහානි අක්කයි මෙතන කියලා මූට මතක නැද්ද

"ඒයි අයියා ඉන්නවා "

"මට කමක් නෑ !

මෙලෝ සිහියක් පතක් නැතුව ශෙහානි අක්කග වැදගෙන ඉන්න අයිය දිහාවට ඇස් දෙක කරකන ගමන් එයාගේ කොන්ඩේ පොඩ්ඩක් උස්සලා හදපු මම ඊලගට සසිත දිහා බැලුවා

ටහිකේ ..... මූ යකෝ කොන්ඩේ මූනට වැටෙන්න හදලා අයිලයිනර් එකකුත් ඇදලා අයි ශැඩෝ වගයකුත් ගාලා ..... අම්මෝ අම්මෝ හිච්චි කොරියන් ඔප්පා කෙනෙක්

"ඈ බොල උඹ පැජන්ට් එකකටද ආවේ "

"ඉරිසියා කරන්න එපා ඔවා ශෙහානයියත් කිව්වා ලස්සනයි කියලා ....."

"අමෝ අමෝ වෙන නැත්තම් හොදයි "

"මේහ් මම කායි අයියව බලලා එන්නම් සුටුස් ගාලා "

"පරිස්සමින් සෙනඟ හරියට දරුවෝ "

"හරී "

මම සසිතයට පරිස්සමින් යන්න කියලා ඇවිත් ආරුගේ පුටුවෙන් ඉදගත්තා

"උදේට කෑවද පැටියෝ "

"මහ්ම් "

"ඒශ්ගේ බෑග් එකේ ස්නැක් එකක් තියේ ඕනිද ?"

"එපා "

ඒශ්ව කකුලක් උඩ තියාගෙන හුරතල් කරන ගමන් එයා ඔලුව හිමින් මගේ උරහිස උඩින් තියාගත්තා .... ඒත් එක්කම මට කෝල් එකක් ආවා අක්කගෙන්

"කොහෙද ඉන්නේ "

"පැවිලියන් බ්ලොක් සී එකේ උඩම තට්ටුවේ "

"ම්ම් කෑම මොනවා හරි ඕනද ?"

"ඔයා ඇතුළෙ නෙවේ නම් ටාකෝ බෙල් එකෙන් බ්‍රෙක්ෆස්ට් මීල් එකක් අරන් එනවද ?"

"හා "

Call end

මේ පාර ප්‍රදාන ආරධිත අමුත්තා අනුරාධයා මම බලාගෙන ඌයි ප්‍රින්සිපල් සරුයි අතට අත දුන්නේ අද පළවෙනි පාරට දැක්කා වගේ ආගන්තුක විදිහට .......කොහොම උනත් ඒ මිනිහා ආපු එකට ආරධ්‍යගේ හොද අදහසක් තිබ්බේ නෑ එයාගේ පස්සෙන් තව සුදු සරම් ඇදගත්තා තුන් දෙනෙක් විතර ආවා බොඩිගාඩ්ලා පහක් විතර එක්ක .......

කොහොම හරි ඒ වැඩේ ඕබි එක බාරගත්ත නිසා අපේ උන් ඕකට සහභාගි උනේ නෑ ඒකනම් ලොකු දෙයක්

පස්සේ අක්කා විනාඩි දහයකට විතර පස්සේ සොෆීවත් අරන් උඩට ආවේ පිටිපස්සෙන් ලස්සන ගෑනු කෙනෙකුත් හිමීට අඩි තිය තිය එද්දි

ටෞකන්ඩ මිනාගි මිස්

"ටෞකන්ඩ මිනාගි මිස් නේත ?"

මම බැලුවේ හිතපු එක මගේ කටින් එළියට පැන්නද කියලා බැලුවම මම නෙමේ ජොඑලා ඒ කැගහලා තියෙන්නේ.... ඇත්තටම මිස් ලස්සනයි තනි කරලට කොන්ඩේ ගොතලා පැත්තකින් දාලා ගොතලා තියෙද්දිත් ඒ කොන්ඩේ දනිහ ගාව විතර ... ලා නිල් පට කකුල ගාවට දිග ගවුමක් ඇදලා කොන්ඩේ පුංචි මලකුත් ගහලා .... හරිම ලස්සනයි ...

"එහාට පලයන් අක්කේ "

ජොඑලා නැගිටලා ගිහින් අක්කව පැත්තකට කරලා මිනාගි මිස් ගාවින් දනගැහුවේ අතකුත් දිග් කරන්

" ආදරේට ගුරු සිසු සබදතා බාධාවක් නෙවේ මිස් මම ඔයාට...... ආව්......... ආව්ව්ව් අතෑරපන්කෝ අක්කේ රිදෙනවා "

අක්කා ජොඑලාගේ කන අනික් පැත්තට හරවනකොට මගේ හිනාවයි අයියගේ හිනාවයි දෙකම පුපුරලා ගියේ නුරා ඔලුවේ අත ගහගත්තේ මූවනම් හදන්න බෑ කියන්න වගේ

මිනාගි මිස්ටයි ශෙහානි අක්කටයි දෙන්නටත් හිනා අපේ අක්කා ජොඑලාගේ පිටට දඩාං ගාලා පාරක් ගහලා සොෆීව මිස් අතට දීලා ඒශ්ව වඩාගත්තා

"මම්මා "

"මගේ මැනික !"

අක්කා අත් දෙකෙන්ම කොලු පැටියා තුරුල් කරන් ඉබගෙන ඉබගෙන ගිහින් ලොකු හුස්මක් අරන් කොල්ලගේ නහයත් කෑවා ..... ඔය එයා ඒශ්ව දකිනේ දවස් තුනකින් විතර .... කොල්ලත් එයාගේ මම්මාගේ කොන්ඩේ ගස් තද කරන් අල්ලන් මොනාද කියනවා හතර අතම පෙන්න පෙන්න

නෙහාන් යොහාන් ඩබලත් අපේ ඒරියා එකෙන්ම ඉදගෙන හිටියා පිටි පස්සෙන් මේ නාඩගම් බල බල ඒත් එක්කම මුලු පිට්ටනියෙම සද්ද නැති වෙලා ගිහින් ජාතික ගීය ප්ලේ උනා .... හැමෝම සීරුවෙන් හිටගන්නකොට ජොඑලා විතරක් ඔලුවට අත තියාගත්තා ..... අම්මට උඩු හිච්චි සිස්ස බටයා බලන්ඩෝන උගේ ක්‍රියාකලාපේ

කොහොමෙන් කොහොමහරි මැච් එක පටන් ගන්න කලින් අපි අපේ ටීම් එකට කෑ ගහලා චියර් කරලා ටවීශයට තම්ස් අප් එකක් දුන්නා ඌ හිස නවා ආචාර කරලා එතන ජෙන්ට්ල්මන් වෙලා එක විකාරයයි ග්‍රවුන්ඩ් එකේ

කොහොමහරි ටොස් එක *** එකට යනකොට උන් බෝල් කරන්න තීරනේ කරේ ආරම්භක පිතිකරු විදිහට අපේ එකයි දොලහේ කොල්ලෙකුයි පිට්ටනියට යද්දි

.
.
.
.
.
.
.
යෑස් හාෆ් සෙන්චරි එකක් වුට්ටෝ ජොඑලා පිස්සු බල්ලෙජ් වගේ උඩ පනින්න පටන් ගත්තේ ටවීශයා නොදැවි හාෆ් සෙන්චරියක් අරන් බැට් එක උඩ දාපු නිසා .... මමත් හිනා වෙවී සොෆ්ට් ඩ්‍රින්ක් වගයක් බිබී අක්කගේ අතින් දගලලා දගලලා ආයෙන ආරු අතට මාරු උණ ඒශ් දිහා බලාග්න හිටියා

ඒත් එක්කම මගේ ඔලුවට අකුණක් ගැහුවා වගේ දෙයක් මතක් උනේ .... මම ඔළුව හතර වටේටම හරවලා අවශ්‍ය කෙනාව හොයන්න පටන් ගනිද්දි .... ටවීශයා ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලත් දැන් පැයකට ලගයි .... මම පැය භාගෙට විතර කලින් සසිතව අන්තිමට දැක්කේ දෙයියනේ කෝ මේ කොල්ලා

"ජොඑල් කලබල නොකර නැගිටලා වින්ඩෝ එක ගාවට පලයන්කෝ "

"ම්ම් "

මමත් කලබලයක් නැතුව නැගිටලා වින්ඩෝ එක ගාවට ගියේ හදවත රේස් දුවන්න පටන් ගනිද්දි

දෙයියනේ කොල්ලා ..... මොකද උනේ මේකට ...

"ජොඑලා සසිතයා නෑ බං "

"උක්කනවානේ දාලා කලබල වෙන්න එපා රොනා හිමීට අපි වොශ් රූම් යන විදිහට පල්ලෙහාට බැහැලා බලමු"

"පකාට කිව්වා බං මම මෙතනටම එන්න කියලා

"හරි කලබල නොවි යමුලෝ බං "

කොහොමහරි වොශ් රූම් යන විදිහට පල්ලෙහාට බැස්ස මමයි ජොඑලයි ස්ටේඩියම් එකේ දෙපැත්තට බෙදිලා වෙන් වෙලා ගියේ හ්ල්‍යන්න පුලුවන් හැම තැනම කොල්ලව හොයන්න පටන් ගන්න ගමන් .....!

____________________________________________________________

ජොඑලා තමා දවසකටත් මිනිහා 😂

කවසාකියේ විස්තර නම් සීයට සීයක් හරි නෑ හැබැයි ඔතන මම කියලා තියෙන අයගෙන් මහත ගෑනු කෙනාට ඇරෙන්න අනික් ඔක්කොටම කවසාකි තියෙනවා ....... ලංකාවේ කවසාකි නැතිම තරන්

ආරධ්‍යගේ නින්ද නම් අනේ මන්දා ඒයි අපේ ගෙදර පූස් තඩියා වගේ ඌත් 😂

කැලික්ටස් මේනියාව ඉවරයි නේ ළමයි 😂💔

ඒශ් බබා වගේ එකෙක් ඕනතේ 👉👈

මිනාගි මිස් වගේ එකෙක් ඉන්නවනම් ගම්වෙකන්සි තියෙනවා ඒයි

සසිතට මොකක් වෙන්න ඇතිද ? අදහසක් තියේද ?

අද කතාව කොහොමද ?

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

යන්නාම්


Sasitha poornima

Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎











Continuă lectura

O să-ți placă și

60.5K 10.3K 48
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
271K 9.4K 66
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...
207K 28.6K 68
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
91.6K 15.2K 65
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?