මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

19

279 60 104
By zara-N1111

වර්තමානය.
...... රයන් .......

අද beijin වල එයාලගෙ apartment එකේ අපිට dinner එකක්. අපේ ජෝඩුව අපිට ආරාධනා කලා. මම. Lele , wu chang , liu min , සහ xin yi..

Zhan ඇවිද්දෙ කොර ගහමින් වගේ..
හා.. ඔයාලා වෙන දේවල් හිතන්න එපා.. එයාගෙ වම් කකුලේ ankle එක ටිකක් ඉදිමිලා.. Sofa එක ලග stool එකේ හැපුනා කියලා කිව්වේ .

පහුගිය දවස් අපි හැමෝටම අමාරු කාලයක් වුනා. රාජකාරී වැඩ වලින් කොයිතරම් බිසී වුනත් ප්‍රශ්නයක් නෑ.. අපි කැමතියි වැඩ කරන්න . ඒත් zhan සහ yibo හිත් වේදනාවෙන් ඉන්න කොට අපි හැමෝටම ඒක බෝවෙනවා වසංගතයක් වගේ .
අද නම් අපි හැමෝම හිටියේ සැහැල්ලුවෙන්. සතුටින් .

හෙටින් පස්සේ ආයෙත් zhan , yibo දෙන්නම වැඩ පටන් ගන්නවා.

"හෙට නේද wu chang අලුත් නාට්‍යයේ booting ceromony එක ? "
Zhan ඇහුවේ ෆෝන් එකෙන් schedule එක බලන ගමන්.

" ආ..yang yang ඉන්නවා කිව්වා නේද ඒකේ ? Second lead එකට?? "
යිබෝ උනන්දුවෙන් වගේ ඇහුවා .

"ඔව්. ඉන්නවා." xiao zhan කීවෙ යිබෝ දිහා 'බැල්මක්' දාන ගමන් .

" ම්ම් .. Yang yang හරි හැන්ඩ්සම් නේද Xin Yi ?? "
Zhan ගෙ බැල්ම ගනන් ගන්නෙ නැතුව එහෙම ඇහුවේ යිබෝ.

" අම්මෝ.. ඔව්..ඔව්ེེ. " අපේ ඇසිස්ටන්ට් Xin Yi කෙල්ලත් එක හඩින් එකග වුනා.

මට හිතෙන්නේ යිබෝට ඕන zhan ව ටිකක් අවුස්සා ගන්න ..

" ඔව්..ඔව්.. මට මතකයි එදා tencent awards දවසේ එක්කෙනෙක් yang yang ට වශී වෙලා හිටිය හැටි. ස්ටේජ් එක උඩදීම handsome කියලත් කිව්වේ .."
බාගයක් හිනාවෙමින් බාගයක් සැරෙන් zhan එහෙම කිව්වා.



" zhan ge නම් ඉතින් තාම Sehun ටනෙ crush . තාමත් එයාවනෙ exo එකෙන් follow කරන්නෙ. "
ඒපාර යිබෝ .

මේ කියන්නෙ exo group එකේ sehun ගැනද?? හැබැයි එයාට නම් පොඩ්ඩක් යිබෝගෙ මූණේ හැඩහුරුකම තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද??



" එතකොට කවුද Rossi ලග හිටිය ගෑණු ලමයගෙ මූණ උඩින් තමන්ගේ මූණ photoshop කරලා ඒක ප්‍රසිද්ධියේ පෝස්ට් කලේ?. ඒකත් වැලන්ටයින් දවසක?? "
Zhan ටත් කියන්න දේවල් තව තිබුනා.

දෙයියෝ සාක්කි.
මේ යිබෝ කරලා තියෙන වැඩ.. !!
Rossi කියන්නෙ Valentino Rossi , අර Italian මෝටර් බයික් ධාවන ශූරයා වෙන්න ඕන .

" හරි හරි .. Love birds ලා දෙන්නා දැන් ඕක නවත්වන්න"
හිනා වෙවී කියපු මැනේජර් Wu Chang ඒ වාදය නැවැත්තුවා.

මේ Wu Chang මැදට පැන්නෙ නැත්නම් තව රසකතා ටිකක් අහගන්න තිබුනා හැබැයි .


................❤️💚..............

2021 - මැයි
....රයන්....

XZ studio එකේ අපි xiao zhan එක්කම beijin ඇවිත් හිටියේ එයාගෙ endorsement එකක් වුන KXZ කියන චයිනීස් food range එකේ ක්ශනික hotpot වර්ගයේ දැන්වීමක් රූ ගත කරන්න .

ඔයාලා ඒ KXZ එකේ වීඩියෝ එක බැලුවා නම් zhan වැඩ කර කර ඉන්න මේසය උඩ තිබුනු blur කරපු දේදුනු පාට pride flag එකක් දකින්න ඇති සමහරවිට . Zhan ගෙ සුරතල් පූසගෙ ෆොටෝ එකකුත් මේසය උඩ තිබුන එකේ , pride flag එක වැරදීමක් , අහම්බයක් කියලා හිතන අයත් ඉන්නවා.

අද යිබෝත් ඇවිත් එයාගෙ eleme කියන surgical masks වර්ගයක දැන්වීමක ෆොටෝ ශූට් එකකට .


මට xiao zhan කිව්වා යිබෝ ආපු වෙලාවෙ පොඩ්ඩක් එයාගෙ කකුලට treatment එකක් කරමු කියලා.

එන්න කියපු වෙලාවටම මම යනකොට living room එක පැත්තෙන් ඒ දෙන්නා කතා කරනවා ඇහෙනවා.

" අම්මෝ.. තවත් නම් මට බෑ.."
ඒ zhan ගෙ වෙහෙසට පත්වුනු කටහඩ.

" අනේ zhan ge තව එක round එකක්.!! හාද?? "

යිබෝ එහෙම කියනවා ඇහිලා මගේ කකුල් එහෙමම නැවතුනා. මම අත් ඔර්ලෝසුව දිහා බැලුවේ කෝකටත් සැක හැරගන්න. හරි මම එයාලා කියපු වෙලාවටම තමයි ඇවිත් තියෙන්නෙ .

" බෑ බෑ.. මගේ බැටරියත් හොදටම බැහැලා"
ඒ zhan ගෙ කටහඩ.
අපොයි ..අපේ බොස් කියන කතා.

" අනේ zhan ge. තව එක පාරක්!! "

" බෑ ලමයෝ. . මගෙ කොන්දත් රිදෙනවා.."

" හ්ම්ම්..අයියෝ. ..ඔයා වයසයිනේ.."
ඒ යිබෝගෙ දගකාර කටහඩ.

" හා හරි හරි. මේ පාර විතරයි එහෙනම් "

වැරදි වෙලාවක වගේ මම ඇවිත් තියෙන්නෙ. සද්දයක් නැතුවම මම ආපහු යන්න හැරුනා.

" රයන්.. ඒ ඔයාද?? "
ඇයි ඇතුලට එන්නෙ නැත්තේ?? "

මගේ අඩි සද්දෙ ඇහිලා zhan කතා කලා.

" කමක් නෑ . බොස් මම පස්සේ එන්නම්."

" ඒ මොකද?? එන්න ඇතුලට"

ඒ පාර මාත් හෙමිහිට ඇතුලට ආවා.

" අපි මේ overwatch සෙල්ලම් කර කර හිටියේ. එහෙනම් රයන් treatment එක පටන් ගන්න . "
Zhan නැගිටලා ගිහින් ෆෝන් එක charge වෙන්න ගැහුවා.

අපොයි . මේ ඩබල වීඩියෝ ගේම් එකක්නේ play කර කර ඉදලා තියෙන්නෙ .

................❤️💚...........

මම යිබෝගෙ skateboard injury එක තිබුනු කකුලට chinese acupuncture ප්‍රතිකාරයක් කරමින් හිටියේ.
අපි හිටියෙ living room එකේ.
Xiao zhan අපි ලග xin yi එක්ක ලබන සතියේ එයාගෙ වැඩ සටහන් ගැන schedule එක හදමින් හිටියා.

ඒ වෙලාවෙ යිබෝගෙ ෆෝන් එක නාද වුනා.

" zhan ge කවුද බලන්න කතා කරන්නෙ?? "
ෆෝන් එක තිබුනෙ යිබෝගෙ අත පොවන මානයෙන් ටිකක් ඈත.

" ඒ ඔයාගෙ නැන්දා. "

" ඔයා answer කරන්නකො zhan ge"

" යිබෝ බොස් , කෝල් එක ගන්න . මම එලියෙන් ඉන්නම්" මම කිව්වා.

" නෑ නෑ. අවුලක් නෑ රයන්. මේක නිකම් සැපදුක අහන්න ගන්න කෝල් එකක්."

Zhan යිබෝ අතට ෆෝන් එක දෙන්න කලින් ඒක answer කලා..
" හෙලෝ, නැන්දා. මම zhan zhan . Wang jie නෙවෙයි. "
නැන්දා එක්ක ටිකක් කතා කරපු zhan යිබෝ අතට ෆෝන් එක දුන්නා.

ඒ දෙන්නා පවුල් වල අයත් එක්කත් තිබෙන සම්බන්ධය ඇත්තටම මට සතුටක් ගෙනාවා.
ඒත් මොකක්ද wang jie කියල කියපු කතාව.

" jie කියන්නෙ යිබෝ බොස්ගෙ nick name එක නේද? ගිය සතියෙ DDU එකේදි එහෙම කිව්වා මට මතකයි."
Xin yi කෝල් එක ඉවර කලාට පස්සේ යිබෝගෙන් ඇහුවා.

" ඔව්. මගේ පවුලේ අය මට එහෙමයි කතා කරන්නෙ. Jie කියලා"

Jie .. ඒකයි එහෙනම් යිබෝගෙ nick name එක.
එතකොට මට තව දෙයක් මතක් උනා.
පහුගිය China literature gala සම්මාන උලෙලේ zhan ට popular actor of the year award එක ලැබුනා.
ඒ වෙලාවෙ එයාට කැමති වචනයක් ලියන්න කියල කිව්වා.
Zhan ඒ වෙලාවෙ ලියපු වචනය ඔයාලට මතකද??
එක්කෙනෙක්ට සුරතලේට ගෙදරට කියන නම.
Jie...

.......... ❤️💚.........

වර්තමානය.

.... රයන්.......

අද zhan ගෙ අලුත් drama එක, jade sword of ming dynasty වල booting ceromony එක .
චීනෙ ඕනෑම නාට්‍යයක් පටන් ගන්න කලින් සාර්ථකව නාට්‍යයේ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්න ප්‍රාර්ථනා කරමින් සිදුකරන සාම්ප්‍රදායික උත්සවය.
නලු නිලියන් හැමෝම සහ production team එකේ හැමෝම ඒකට සහභාගි වෙනවා.

ගොඩක්ම ජනප්‍රිය නවකතාවක් ඇසුරෙන් හදන මේක wuxia ගනයට වැටෙන costume drama එකක්.
Xiao Zhan , Dilraba සහ yang yang තමයි ප්‍රධාන චරිත රගපාන්නෙ.

Shanghai film studio වල තමයි මේ නාට්‍යය රූගත කරන්නෙ. මාස හතරක් විතර කාලයක් වෙන් කරලා තියෙන්නෙ.

පහුගිය සතියෙ නිශ්පාදක peng chao ගෙ සාදයට හැමෝම සහභාගි වුන වෙලාවෙ රගපාන නලු නිලියක් කවුද කියලා මාධ්‍යයට කිව්වනේ.
ෆෑන්ස්ලා අතර ලොකු උනන්දුවක් ඇතිවෙලා ඒ ගැන. ප්‍රධාන තුන්දෙනාම ගොඩක්ම ජනප්‍රිය චරිත. Xiao zhan මේ වන කල් Dilraba එක්ක රගපාලා නෑනේ. ඒ දෙන්නා හොදටම ගැලපෙන on screen කපල් එකක් වෙයි කියලා කට්ටිය දැන්ම ඉදන්ම කියනවා.

ඉතින් ලස්සනම ලස්සන Dilraba සහ yang yang අපේ xiao zhan එක්ක සුහදව කතා කලා.. එකට උත්සවයේ චාරිත්‍ර වලට සහභාගි වුනා.

Peng Chao අර මැගසින් එකේ interview එකට ප්‍රශ්න හදලා දුන්න බව අමතක කරලා , ඒ වගේම එයා
අලුත් මැගසින් lot එක print කරන්න වියදම දැරුව බව නොදන්න විදිහට xiao zhan ට වැඩ කරන්න වෙනවා.
ඒක තමයි මේ industry එකේ හැටි. ඒක තමයි professionalism කියන්නෙ කියලා Wu chang කිව්වා.
බම්බුව තමයි . කමක් නෑ. කොහොම හරි peng chao කරපු වරද නිවැරදි කලානෙ .

මේ අතර උත්සවයේ අතරමැද ඉක්මනින් ඇවිත් ඒකට එක් වුන කෙනෙක් මම දැක්කා .
කවුද බොල මේ උත්සවය බාගයක් යනකොට දිග හදුන්කූරු මිටියක් උස්සගෙන දුවගෙන ආවේ.. ? චාරිත්‍ර වලට බාධා වෙනකොට ඒක අසුභ ලකුණක්නෙ . මට ඒක ඇල්ලුවෙ නෑ.

" ඒ Peng Yue නේද?? Peng chao ගෙ දුව?? "
Xin Yi මගෙ කනට කරලා කිව්වා.

ඔහ්. එතකොටයි මම එයාව අදුන ගත්තෙ. එයාගෙ 25 වන උපන්දින පාර්ටියටනෙ අපි එදා ගියේ. කෙල්ල ලස්සනයි හැබැයි . ඒත් ඒකි මොකද මෙහෙ කරන්නෙ.

" xiao zhan , මතකයි නේද මගේ දුව peng yue ? එයා සහය නිශ්පාදිකාවක් විදිහට මේ ඩ්‍රාමා එකට එකතු වෙනවා. මේ එයාගෙ පලවෙනි ඩ්‍රාමා එක."
Peng chao අපේ බොස්ට එයාව හදුන්වා දුන්නා.
Xiao zhan එයාගෙ ලස්සන හිනාවත් එක්ක peng yueට සුභ පැතුවා.

........... .❤️💚.................

වර්තමානය.

Xiao Zhan pov

jade sword of ming dynasty වල booting ceromony එක ඉවර වෙලා හොටෙල් එකට ඇවිත් මම බොබෝට කෝල් එකක් ගත්තා.

" මම තාම වැඩ zhan ge. පස්සේ ඔයාට කෝල් කරන්නම්"
එයා කෝල් එක කට් කරලා මට මැසේජ් එකක් දැම්මා .

එයා අද intercross movie එකේ dubbing වලට ගිහින්..
ඒ movie එකේ මගේ කොල්ලව දිය කිදුරෙක් වගේ දකින කොට එයාගෙ රසිකයන්ට සිහිය නැතිවේවි. ඒක මට විශ්වාසයි.

අද booting ceromony එකට ගියාට පස්සේ මට මතක් වුනේ බොබෝ එක්ක මම සහභාගි වුන එකම එක booting ceromony එක.

The untamed booting ceromony එකට සහභාගි වුන අපි දෙන්නා හිටියේ නාදුනන දෙන්නෙක් වගේ..

ඒත් ඊට දවස් දෙකකට කලින් තිබුන script reading එකේදි අපි ගොඩක් සමීපව , සෑහෙන්න හිනාවෙවී තමයි හිටියේ.
ඉතින් cast එකේ කට්ටියටත් හිතෙන්න ඇති මේ දවස් දෙකට අපිට මොකක්ද වුනේ කියලා..

හැබැයි ඇත්තටම එහෙම ඉන්න අපිට හේතුවක් තිබුනා.. !!

.......
2017 මාර්තු ඉදලම අපි දෙන්නා weibo එකෙන් chat කරන එක තමයි කලේ..
හමුවෙන්න ඕනෑකම තිබුනත් අපි දෙන්නම කාර්යබහුල වුනා.

ඔය කාලේ අපේ xnine group එකේ company එකත් වෙනස් වුනා. මුලින් තිබුනු EE media එකෙන් ඒක Wajijiwa ent.company එක ගත්තා. Wajijiwa company එකට ඕන වුනේ xnine group එකේ අපිව ගායකයන්ට වඩා නලුවො විදිහට promote කරන්න .

මගේ wolf, jade dynasty , battle through the heavens වගේ production වල රූගත කිරීම් මාස ගානක් තිබුනා. ඒවා වල මම ප්‍රධාන චරිත නෙවෙයි රගපෑවෙ . ඒත් wolf රූගත කරන කොට තමයි මට හිතුනේ මට නලුවෙක් වෙන්න ඕන කියලා.
ඔය අතරේ මගේ xnine group එකේ වැඩත් තිබුනනෙ. සින්දු කීපයක් release කලා.

මට වඩා කාර්යබහුල වුනේ යිබෝ. එයාට love actually , my strange friend වගේ ඩ්‍රාමා වල රූගත කිරීම් වලට යන්න තිබුනා. ඊට පස්සේ day day up, තව එක එක සම්මාන උත්සව, tv program .. ගොඩක් දේවල් තිබුනා. මේ අවුරුද්දේ 2017 දි, එයා best new actor , best new idol සම්මාන දෙකම දිනා ගත්තා. ඇත්තටම එයා මේ වනකොටත් චීනයේ ජනප්‍රිය කෙනෙක්. එයාට මේ වන කොටත් හොද fan base එකක් තිබුනා..

ඉතින් මම කියන්න හැදුවේ අපි පලමු හමුවීමේ ඉදලා chat කලා විතරයි. Chat කරන අතරේ flirt කලා කියලත් අපිට දැනුනා. අපි weibo වල එකිනෙකාව තාම follow කලේ නෑ..
යිබෝට xnine group එකෙන් මාව විතරක් follow කරන්න බෑනෙ. මටත් DDU සෙට් එකෙන් යිබෝව විතරක් follow කරන්නත් බෑනෙ.
ඒත් අපි සමහර weibo post දැම්මේ අනික් එක්කෙනා වෙනුවෙන්ම තමයි.. Kadian , එක වගේ පින්තූර , සැගවුනු messages ඔය වගේ දේවල් අපි පාවිච්චි කලා. ඒකත් හරි රසවත් දෙයක්..

ඉතින් 2018 ජූනි වල අපි the untamed රූගත කරන්න හමු වෙද්දී අපි wechat එකෙන් ගොඩක්ම සමීප වෙලා හිටියේ. යාලුකමකට එහා ගිය හැගීමක් එතන තියෙනවා කියලා මම හිතන්නෙ අපි දෙන්නටම තේරිලා තිබුනේ. විශේෂයෙන්ම යිබෝට lan zhan චරිතය කරන්න තිබුනු ඕනකම නිසා මට ඒක හිතිලා තිබුනේ..

මුලින්ම තිබුනු script reading එකේදී අපි දෙන්නා ආයෙත් හමුවුන එක ගැන, එකට මාස ගානක් වැඩ කරන්න පුළුවන් වෙන එක ගැන මාර සතුටකින් , excite වෙලා හිටියේ.

අපි දෙන්නා කලින් ඉදන් හදුනන බව නොදැන හිටි cast එකේ හැමෝටම පුදුමයි පලවෙනි දවසෙම අපි close වුන හැටි දැකලා. විශේෂයෙන් යිබෝ ඉක්මනට open up වෙන්නෙ නෑ කියලා ප්‍රසිද්ධයිනෙ.

ඉතින් script reading එකෙන් පස්සේ අපි නැවතිලා හිටිය හෝටලේට ගියා. යිබෝට තිබුනේ මගෙ room එකට යාබද room එක.

" zhan ge , ඔයා එනවද මගේ රූම් එකට?? අපි වීඩියෝ ගේම් එකක් play කරමු?? "
කාමර දෙකට වෙන් වෙලා යන්න ලෑස්ති වුන වෙලාවේ එයා ඇහුවා.

" ම්ම්.. හොදයි. මම wash එකක් දාගෙන එන්නම්.."

...
ඇගපත සෝදගෙන එහෙම ඉවර වෙලා , එහා කාමරයට වීඩියෝ ගේම් සෙල්‍ලම් කරන්න යන්න මම ඕනෑවට වඩා ලෑස්ති වුනාද මන්දා. ටීශර්ට් කීපයක්ම ඇදලා අන්තිමට එකක් තෝරගත්‍තා කලු පාට ශෝර්ට් එකත් එක්ක . මගේ perfume බෝතලෙනුත් ටිකක් හලාගෙන මම යිබෝගෙ කාමරයට පිටත් වුනා.

..............❤️💚.....

To be continued...

..............

මේ චූටි කතාව කියවන ඔයාලට ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි.. 🥰🥰🥰

Continue Reading

You'll Also Like

4.4K 837 13
මන්දාරම් අහසටත් තිබුනා කියන්නට එක් කතාවක්. ..
426K 16.3K 25
Tae and Jungkook have an arranged marriage, but was it really forced and did they actually like the news... however Jungkook isn't popular and gets a...
1.1K 128 10
" දෛවය සමහර මිනිස්සුව මුනගස්සනවා හැමදාටම නෙවෙයි - හමුවෙලා වෙන්වෙන්න!" 🤍🌻 ''ඉතිං පැතුමක් පතමි එ හදවත් එකතු වේවා කියලා!''💚❤️