මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

18

327 62 86
By zara-N1111

වර්තමානය.
......රයන්.......

යිබෝව apartment එකේ drop කරලා එන ගමන් අපි කැෆේ එකක නැවැත්තුවේ මොනව හරි බීලා යන්න.
Lele එයාගෙ ෆෝන් එකේ තිබුන Atrani වල ෆොටෝස් අපට පෙන්නුවා. ඒක හරිම ලස්සන මුහුදුබඩ නගරයක්.

" cottage එක තිබුනේ මුහුද ලගමයි. අපි හවසට මුහුදු වෙරල පැත්තේ ගියා. යිබෝව කවුරුත් හදුනාගත්තෙත් නෑ. ඒ දෙන්නට කවදහරි නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක් ඒ.."
Lele කිව්වා..
" ඒ දවස් වල යිබෝ බොස් හිත් වේදනාවෙන් හිටිය හින්දා පරිසරයේ කිසිම ලස්සනක් පෙනුනේ නැතිව ඇති.."

" ම්ම්ེ..අපේ zhan බොසුත් ගොඩක් අවුල් වෙලා හිටියේ.."

" ඔව්.. මම දන්නවා. එයා නිතරම මට කෝල් කලා ඒ දවස් වල"

Lele අවුරුදු ගනනාවක් පුරා යිබෝගේ ආරක්ෂක නිලධාරියා , යිබෝගෙ කාර්‍යමණ්ඩලයේ විශ්වාසවන්තම සාමාජිකයෙක්. ඔහු යිබෝට වගේම zhan ටත් එකවගේ ආදරෙයි. එක වගේ ගරු කරනවා.

ඔයාලා 2019 sina tv එකේ ප්‍රෝග්‍රම් එක, tencent award ඊට පස්සේ zhan ට yibo ට කතාබහ කරන්නවත් ඉඩක් තිබුනෙ නැති weibo night එක දිහා බැලුවොත් සමහරවිට හිතෙයි lele යිබෝගේ නෙවෙයි, zhan ගේ ආරක්ෂක නිලධාරියා කියලා.
Sina tv program එකේ යිබෝ තනියම පිටිපස්සෙන් එද්දී , lele zhan ගෙ ලගින්ම ඇවිදිමින් ආරක්ෂාව දුන්න හැටි ඔයාලට මතක ඇති.

හැබැයි යිබෝම තමයි එහෙම කරන්න කිව්වේ කියලා lele කිව්වේ
" කොයි බොස්ද ඔයාට ඇත්තටම පඩි ගෙවන්නෙ lele ? " කියලා අපි එයාට හිනාවුන දවසක.

අද මේ කැෆේ එකේ වාඩිවෙලා කෝපි එකත් නිවෙද්දීම lele ලොකු කල්පනාවක ඉන්නවා..එයාට දුකයි zhan yibo අතර ප්‍රශ්නයක් ඇති වුනා කියලා හිතන කොට.

" දුක් වෙන්න එපා lele , දැන් ඒ දෙන්නා හමුවුනානේ.. දැන් ප්‍රශ්න ඔක්කොම ඉවර වේවි. "
මම කිව්වේ ලොකු විශ්වාසයකින්.

............❤️💚.............

2021 අප්‍රේල්/ මැයි

Xiao zhan pov

" zhan ge, එහෙනම් පොඩි වීඩියෝ ක්ලිප් එකක් රෙකෝඩ් කරල මට එවන්නකො. අර බර්ත්ඩේ විශ් එක."

රූගත කිරීමක ලැබුනු පොඩි විවේකයක යිබෝ මට කෝල් එකක් ගත්තා..

" හා හරි .. බොබෝ.. , ඒත් Tao මගේ ලගම යාලුවෙක් නෙවෙයි නිසා කට්ටිය හිතයිද දන්නෙ නෑ ඒක අමුතුයි කියලා. මම දවස් දෙකයිද කොහෙද එයාව හමුවෙලා තියෙන්නෙ."

" හ්ම්ම්.. ඔව් ..ඔව්..කට්ටිය අනිවාර්යයෙන් හිතයි ඔයා wish කලේ Tao මගේ යාලුවෙක් නිසා තමයි කියලා"

" බොබෝ..!! " තර්ජනාත්මකව වගේ එහෙම කියලා මම හිනාවුනා.

" හොදයි... කමක් නෑ. මොන වගේ මැසේජ් එකක්ද මම දෙන්න ඕන ?? කවදාද ඕන ඒක?? " මම ඇහුවා

" මැයි 2 තමයි Tao ගෙ birthday එක"

" ඔහ්..තව දවස් කීයද? "

" කලබලයක් නෑ....නිකම් පොඩි වීඩියෝ එකක් රෙකෝඩ් කරල, මට දෙන්නකො. එතකොට හරි."

" ආ.. හරි..ok ."

(( a fake rumor -yibo saying " No need to rush . Just record a small piece and give to me is ok))

යිබෝ ඒ කෝල් කරල කිව්වේ Huang Zitao ඒ කියන්නෙ Tao ගෙ birthday එකට සුභ පතලා video message එකක් රෙකෝඩ් කරලා එවන්න කියලා. Artists ලා එයාගෙ උපන්දිනේට wish කරලා video messages වල එකතුවක් එයාගෙ බර්ත්ඩේ දවසට දානවලු Tao ගෙ fanmeet එකකදි.

Tao ඉතින් yibo ගෙ යාලුවෙක්.
produce 101 වල ඒ දෙන්නම mentors ල වෙලා හිටියනෙ.
මම එයාව හමු වෙලා තියෙන්නෙ නම් දවස් දෙකයිද කොහෙද. එයින් එකක් produce 101 එක එපිසෝඩ් එකකට මාත් සහභාගි වුන දවස.

Tao ත් එක්ක අපි දෙන්නා dinner එකකටත් ගියා එදා.
ගිය අවුරුද්දේ Tao ගෙ තාත්තත් නැතිවුන නිසා Tao තවම ටිකක් අවුලෙන් ඉන්නෙ, අපි පොඩි දෙයක් හරි කලොත් එයා සතුටු වේවි. යිබෝ එහෙම කිව්වා.

.....................❤️💚

ඉතින් මැයි 2 , Tao ගෙ උපන්දිනේ දවසෙ තිබුන fanmeet එකේ මම, යිබෝ ඇතුලු එයාගෙ යාලුවො wish කරපු වීඩියෝ එකක් play කලා එයාට surprise එකක් විදිහට ..

මෝඩ බොබෝ මට කිව්වේ නෑනෙ හැමෝම අන්තිමට
" සැලියුට්" කියලා කියන්න ඕන කියලා.
මම විතරයි Tao Tao , happy birthday .. Be happy forever කියලා අත් දෙක වැනුවෙ. අනික් හැමෝම සැලියුට් කලේ..

කොහොම හරි Tao නම් හොදටම surprise වුනා මගෙ සුබපැතුම දැකලා. තව පොඩ්ඩෙන් අතේ තිබුනු මයික් එකත් වැටෙනවා.

Tao මට ස්තූති කලේ Thank you zhan ge.. කියලා.
යිබෝ මට කතා කරන හැටි ඇහිලා එයාටත් එහෙම කියවෙන්න ඇති.
නැත්නම් මට industry එකේ අය කතා කරන්නෙ
zhan zhan, xiao zhan ge, xiao ge වගේ නම් වලින්. මම හිතන්නෙ යිබෝ විතරයි මට zhan ge කියන්නෙ .

..............❤️💚..................

වර්තමානය.
Xiao Zhan pov

තාමත් වේගයෙන් හුස්ම ගනිමින් , ඇලෙන සුලු සිරුරු වලින් යුතුව අපි එකිනෙකාට තුරුලු වෙලා සෝෆාවේ වැතිරී සිටියා.. මම ලොකු හුස්මක් අරගෙන බොබොගේ සුවද ඔක්කොම මගේ පෙනහලු වලට පුරවා ගන්න උත්සහ කලා..

" zhan ge..,, "

" ම්ම්..."

" අපි wash එකක් දාන්න යමුද? "

" තව චුට්ටක් ඉමු බොබෝ.."
මම එයාව තව ටිකක් තදින් තුරුලු කර ගත්තා..

" zhan ge ...මම පහුගිය දවස් වල weibo එකේ ඔයාගේ ෆොටෝස් දැක්කා .. හැමදාම.
කොහෙන්ද හදිසියේ ඒ වගේ කැප් එකක් හොයා ගත්තෙ??"

" රයන් , wu chang එක්ක Hengdian වල කඩවල් පීරලා පීරලා හොයාගත්තෙ"

බොබෝගෙ පුංචි හිනාව, පුංචි chuckles මට ඇහුනේ නැතුවට මගේ පපුවට දැනෙනවා. එයාගෙ මුහුණ ,කම්මුල් මගේ පපුව උඩ වැතිරිලානෙ තියෙන්නෙ .

" ඊලගට අර සින්දුව .. Right here waiting ..ඒක .. ඒක ලස්සනයි zhan ge.."
එයා හිනාව නවත්තලා කිව්වා වෙනස් හඩකින්..
එයා දන්නවා මම ඒ සින්දුව තෝර ගත්තෙ ඇයි කියලා. එයා දන්නවා මම ඒකෙ හැම වචනයක්ම ඇත්තටම අදහස් කල බව.

" Wherever you go, whatever you do
I will be right here waiting for you
Whatever it takes or how my heart breaks
I will be right here waiting for you.."
මම හෙමිහිට තාලයට කිව්වා..

එයා නිහඩව ඒක අහන් හිටියා, මට තුරුලු වෙලා.

"ඉතින්.. ඒ break එකේ ඔයා කල්පනා කලාද අපි ගැන ?? ඔයාගෙ හිත clear උනාද?? "
මම එයාගෙ හිසකෙස් ඇගිලිතුඩු වලින් පිරිමදින ගමන් ඇහුවා..
එයා නිහඩයි..

" බොබෝ .. ඔයාට ඇත්තටම break එකක් ඕන වුනාද?"

එයා තාමත් මුකුත් කියන්නෙ නැතුව නිහඩව හිටියා.

" බොබෝ.. පහුගිය දවස් වල මම ගොඩක් කල්පනා කලා..
ඇයි මට හිතෙන්නෙම නැත්තේ ඔයාට ඇත්තටම break එකක් ඕන වුනා කියලා.. ? "

එයා දිග සුසුමක් හෙලුවා..
" ඔයාට හිතුන දේ හරි.. zhan ge.. මට ඇත්තටම break එකක් ඕන වුනේ නෑ.. මට .. මට ඕන වුනේ.. ."
එයා ඊලගට කියන දේ කල්පනා කලා..

"පැටියො.. මට කියන්න.. , ඇත්තටම ඔයාට ඕන වුනේ ,මට අපි දෙන්නා ගැන හිතන්න වෙලාවක් දෙන්නද?? ඔයාට ඕන වුනේ මට break එකක් දෙන්නද?? "

මගේ පපුව උඩින් එයාගෙ හිස මදක් ඔසවා බොබෝ මගේ ඇස් දෙක දිහා බැලුවා..

" zhan ge.."

" මගේ පැටියෝ . මගේ Gouzaizai.. ..මට අපි දෙන්නා ගැන ආයෙමත් හිතන්න වෙලාවක් ඕන නෑ.. මටත් ඕන අවුරුදු 81 ක් වෙනකල් ඔයා ලග ඉන්න විතරමයි.. මට ඕනා ඔයා විතරමයි.. "

එයාගෙ ඇස් දෙකෙන් කදුලු බින්දු මෝදුවෙන හැටි මට පේනවා..
ඒ වගේම ඒක මටත් බෝවෙන හැටිත් මට දැනෙනවා..

" zhan ge, මට ඔයාගෙන් break එකක් ඇත්තටම ඕන වුනේ නෑ තමයි .. මට ගිය වෙලාවෙ ඉදන් පාලුවෙ ඉන්න බැරුව හිටියේ...
ඒත්.. ඒත් .. මට හිතුනා ඔයාට නිදහසේ අපි දෙන්නා ගැන තව ටිකක් හිතන්න වෙලාවක් තිබුනොත් හොදයි කියලා.
මට ඕන නෑ ඔයා කවදාවත් මේ ගැන පසුතැවෙනවා කියලා හිතන්න.."
එයා බිදුනු කටහඩින් කියනවා..

" මට කවදාවත්ම පසුතැවෙන්න හේතුවක් නෑ පැටියෝ.. මට ආයෙත් දෙපාරක් හිතන්න දෙයක් නෑ ..
ඔයා තමයි මට ලැබුනු හොදම දේ.. My brightest star of the sky.."

එයා කදුලු අතරින් ටිකක් හිනාවෙනවා..

" මට සමාවෙන්න බොබෝ. අර මෝඩ interview එකට හරියට උත්තර දෙන්න බැරිවුනාට. මම ඒකෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්තා..
මට සමාවෙන්න බොබෝ ඔයාගෙ හිත රිද්දුවාට.."

" ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි zhan ge. මම කලිනුත් කිව්වනේ.."
එයා මගේ කම්මුලට පොඩි හාදුවක් දුන්නා.

" මටත් සමාවෙන්න zhan ge .. ඒ interview එක කියවපු ගමන් කලබල වෙලා weibo එකේ වීඩියෝ එකක් දැම්මට. ඒක මම විනාඩි ගානකින් ඩිලීට් කලත් ඒ වෙනකොටත් hot topic එකක් වෙලා ඉවරයි. මාත් ඔයාගෙ හිත රිද්දුවා "

"ඒක අමතක කරන්න පැටියෝ . මට තේරෙනවා අර විකාර article එක කියෙව්වම ඔයාට දැනුන දේ.. ඔයාගෙ වැරැද්දක් නෑ"

මේ කතාවෙන් පස්සේ හිතේ තිබුනු ලොකුම බරක් අයින් කලා වගේ මාරම නිදහසක් අපි දෙන්නටම දැනුනා..
බොබෝ මගේ පපුවෙන් උඩට ඇවිත් මගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලාගෙන දෙතොල් සිපගත්තා.
ආයමත් හදගැස්ම වැඩි වෙවී... අපි දෙන්නා ආයෙමත් සැරයක් අපි තුලම අතරමං වුනා...

..........❤️💚......

2021 මැයි
--- රයන්----

අද Rose only වල live stream එක xiao zhan එක්ක .
අපිත් කැමරාවට පිටිපස්සේ ඉදලා zhan දිහා බලාගෙන හිටියේ.
Rose only කියන්නෙ බොස්ගෙ endorsements වලින් මම කැමතිම එකක්. 227 වෙලාවෙ සමහර company zhan එක්ක තිබුනු contracts අවලංගු කරද්දී වෙනස් නොවී ඔහු එක්ක හිටිය company එකක් තමයි rose only කියන්නෙ.

ඉතින් live stream එකේදි zhan මොනවද crafts වගයක් හදන ගමන් host එයාගෙන් ප්‍රශ්න අහනවා.

" zhan zhan ගෙදරදී මේ වගේ crafts හදනවද? "

" නෑ එහෙමත් නෑ." zhan උත්තර දෙනවා.

" එතකොට ගෙදරදි lego එහෙම හදනවද? "
හොස්ට් ආයෙත් අහනව.

" ආහ් .. ඔව් ලෙගෝ නම් සමහර වෙලාවට හදනවා"

ඒක ඇහිලා කැමරාව පිටිපස්සේ හිටිය මායි , Xin Yi යි මූණට මූණ බලා ගත්තා. Zhan කවදද ලෙගෝ හදන්නේ ගෙදරදී. ??

හැබැයි යිබෝ නම් lego වලට හරිම කැමතියි. එයාගෙ විනෝදාංශයක් ඒක . එයා නම් සංකීර්ණ lego sets ගෙනැත් හදන හැටි අපිත් දැකලා තියෙනවා.

ඒ අතරේ මගේ ෆෝන් එකට message එකක් ආවා Liu Min ගෙන්.
" රයන් මේ xz studio weibo එකට දාන අලුත් පෝස්ටර් එක. බොස්ගෙ අදහස් තමයි වැඩිපුර තියෙන්නෙ . හොදයිද??"

Xin Yi සහ මම දෙන්නම ඒක ලස්සනයි කියලා හිතනවා කියලා මම මැසේජ් කලා.

මෙහෙමයි මට ඔය artwork ගැන ලොකු දැනුමක් , අවබෝධයක් නෑ. ඒත් ඒක දැක්ක ගමන් මට මතක් වුනේ මීට මාස පහකට විතර කලින් යිබෝගෙ rules of my life cover photo එක.

...........❤️💚..............

වර්තමානය.

Xiao Zhan  pov

අන්තිමට කොහොම හරි, අපි දැන් wash එකක් දාන්න ඕන කියලා හිතලා අපි දෙන්නා සෝෆා එකෙන් බිමට බැස්සා.

" අම්මෝ.. ඌයි.. ඌයී.." 
ඒ වෙලාවෙ ඉවසිල්ලක් නැති කමට ,කකුල සෝෆා stool එකේ වැදුන එක දැනුයි රිදෙන්නෙ..

" ඇයි, zhan ge ? " 
යිබෝ පහත් වෙලා මගේ කකුල දිහා බැලුවා..
" වලලුකර ලග ටිකක් ඉදිමිලත් එක්ක "

" අව්ලක් නෑ.. ඕක අඩුවෙයි.."

" එන්න මම ඔයාව බාත් රූම් එකට වඩාගෙන යන්නම්.."
යිබෝ lan zhan වගේ ඉදිරිපත් වුනා..
මාත් ඉතින් එයාගෙ බෙල්ලේ එල්ලුනා..
ඒත් එක්කම මට මතක් වුනා අද හරිනම් මමයි එයාව උස්සගෙන යන්න ඕන කියලා.
" බොබෝ ඔයාට අමාරු ඇති.."
මම දඩබඩ ගාලා බිමට බහින ගමන් කිව්වා..

" නෑ නෑ.. මට අමාරුවක් නෑ..".
එයා ආපහු මාව බලෙන්ම වගේ උස්සා ගත්තා..

.........   ...........❤️💚..................

Overhead waterfall shower head එකෙන් එන වතුරෙන් අපි දෙන්නට සනීපදායක උණුසුමක් දැනුනා. හිතේ තිබුනු බර ඉවත් වෙලා අලුත් සැහැල්ලුවකින් අපි දෙන්නම පාවෙවී වගේ හිටියේ..

" බොබෝ... ඒක නෙවෙයි. ඔයාට මාව හමුවුන පලවෙනි දවසෙම හිතුනද මේ තමයි හරිම එක්කෙනා කියලා?? "
එයාගෙ ගෙල වටේ මගේ දෑත් පටලා ගනිමින් මම ඇහුවා.
මට යිබෝගෙ love at first sight කතාව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..

" එදා කහපාට මල් යාය මැද ඔයාව දැක්ක දවස?? ඔයා සුදුපාට ඇදගත්ත සුර දූතයෙක් වගේ හිටිය දවස??"

" ම්ම්"
අපොයි මේකගෙ වචන වලින් මාව රතු වෙනවා..
ඊලගට යිබෝගෙ මූණට දගකාර හිනාවක් ආවා..

" එදා නම් හිතුනේ මේ ලස්සන කොල්ලව කොහොම හරි මගේ ඇදට ගන්න ඕන කියලා"

" මොකක්??" මම අත දිග ඇරලා පාරක් දුන්නා ඒකාගෙ පිට මැදට රිදෙන්නම.
" ඒ දවස් වල ඔයාගෙ වයස 19 යි හරිද?? "

යිබෝ මහ හයියෙන් හිනා වුනා..
මම දන්නවා මේකා විහිලු කරනවා කියලා..
වෙනදා ඒ ප්‍රශ්නය මම ඇහුවම දෙන රොමැන්ටික් උත්තරේ අද නම් ඒ කටින් ගන්න බැරිවෙයි.

" බොබෝ .. මේ අහන්න .."
මම සීරියස් ටෝන් එකකින් කිව්වම එයා හිනාව නතර කරලා මා දිහා බැලුවා.

" zhan ge.."

" අපේ ආදරේ සුරංගනා කතාවක් නෙවෙයි.. අපි මෝඩකම් කරයි.. වැරදි වැටහීම් ඇතිවෙයි.. පිටස්තර බාධක ඒවි.."

" ඒක හරි zhan ge.. කලිනුත් ආවා. ඉස්සරහටත් එහෙම වේවි. ඒත් වැදගත්ම දේ .. අපි අපිට ආදරෙයි. අපිට අපි දෙන්නව නැතුව බෑ.."

" ඔව්.. ඒ ඕනම දෙයක් අපිට කතා කරල , අපි දෙන්නා එකතු වෙලා විසදගන්න පුළුවන් හරිද? "

" ම්ම්.. Zhan ge.. Didi ai ni.."
එයා මගේ මුහුණ දෝතට අරන් පුංචි හාදුවක් දුන්නා.

" මගේ gouzaizai.. මාත් ඔයාට ගොඩක් ආදරෙයි..!! "

................❤️💚..................

To be continued

...

Love you all so much හොදේ.. 🥰🥰🥰

Continue Reading

You'll Also Like

1.4M 59.1K 106
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
62.2K 10.3K 29
ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය.. මැරෙනකල...
1.1M 38.2K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...