NIRNAMIKA | සිංහල | (Anonymou...

By BTS_taesite_

3.6K 720 232

~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව... More

"නිර්නාමික-01"
"නිර්නාමික-2"
"නිර්නාමික-3"
"නිර්නාමික-5"
"නිර්නාමික-6"
"නිර්නාමික-7"
"නිර්නාමික-"8
"නිර්නාමික-9"
"නිර්නාමික-10"
"නිර්නාමික-11"
"නිර්නාමික-12"
"නිර්නාමික-13"
"නිර්නාමික-14"
" නිර්නාමික-15"
" නිර්නාමික-16"
" නිර්නාමික-17"
" නිර්නාමික-18"
" නිර්නාමික-19"
" නිර්නාමික-20"
" නිර්නාමික-21"
" නිර්නාමික-22"
" නිර්නාමික-23"
" නිර්නාමික-24"
" නිර්නාමික-25"
" නිර්නාමික-26 "
" නිර්නාමික-27 "
" නිර්නාමික-28 "
" නිර්නාමික-29 "
" නිර්නාමික-30 "
" නිර්නාමික-31 "
" නිර්නාමික-32 "
" නිර්නාමික-33 "
" නිර්නාමික-34 "
" නිර්නාමික-35 "
" නිර්නාමික-36 "
" නිර්නාමික-37 "
" නිර්නාමික-38 "
" නිර්නාමික-39 "
" නිර්නාමික -40 "
" නිර්නාමික -41 "

"නිර්නාමික-4"

111 24 4
By BTS_taesite_


එහෙම කිව්ව තුහින එතනින් නැගිටලා ගියේ අනිත් බඩු ටික ගේන ලොරිය ආව නිසා . තුහින ඒ පැත්තට ඇවිදගෙන යනකොට ආධිල් බලං ඉදියෙ ඒ ස්ටේජ් එක දිහා .

" ඔව් ඇත්තටම , තුහින කිව්වෙ ඇත්ත. මේ ස්ටේජ් එක හරිම සන්සුන් පාටයි . කලබල ගතියක් නෑ . අනේ මංදා මොකද්දෝ හිත නිවන ගතියක් මේ පාට වල තිබ්බා . එළියෙ හොද හුළගකුත් තිබ්බා . ග්‍රවුන්ඩ් එක වටේම තිබ්බෙ ලොකුම ලොකු පිහිඹියා ගස් යායක් . ඇත්තටම කැම්පස් එකේ තිබ්බ පරිසරය හරි අමුතුම විදියෙ එකක් ."

තුහින : යා ආධිල් .... ආධිල් ... යකෝ මනුස්සයෝ....

බැරිම තැන තුහින කිව්වෙ කල්පානාවක ගිලිලා ඉදපු ආධිල්ගෙ කන ළගටම නැවිලා කෑ ගහලා.

ආධිල් : අප්පටසිරි... මං වෙන කල්~

තුහින : දැක්කා දැක්කා... සිහින කල්පනා ලොවක තනිවෙලා හිටියෙ කියලා . මෙහෙ වරෙන්කො. මේක බරයි....

අතේ තිබ්බ තඩි බෆල් එක බදාගෙන තුහින කෑ ගැහපුවම ආධිල් පස්සත් පිහදාගෙන දුවලා ගිහින් ඒකෙ පැත්තකින් අල්ල ගත්තා . ඒකත් ගිහින් ස්ටේජ් එක පිටිපස්සෙ තිබ්බ ලොකු හට් එක යටින් තියලා දෙන්නා එක්කම ආපහු ආවෙ ඉදගෙන ඉදපු තැනට .

......... : අයියෙ මෙතන ලයිට්ස් ටික හයි කළාම අපිට යන්න පුළුවන් නේද... ? සවුන්ඩ්ස් කොහොමත් හෙට සෙට් කරනවා කිව්වෙ ....

ටීම් එකේ ළමයෙක් ඇවිල්ලා තුහිනගෙන් ඇහුවා . කොහොමින් කොහොම හරි ඒ වෙද්දි රෑ අටත් පහු වෙලා තිබ්බෙ . එවෙලෙ තමයි තුහින නිකමට වගේ බැදගෙන ඉදපු වොච් එකෙන් වෙලාව බැලුවෙ .

තුහින : අහ්... ඔව් මල්ලි . මේ ටික ඉවර උණාම පලයන් . අනිත් උන්ටත් කියපන් . අහ් මේ හත වෙද්දිවත් මෙතෙන්ට වරෙම් හෙට ඔක්කොමලම හොදේ.... මොකද ෆ්ලවර්ස් ටික ඇරේන්ජ් කරන්න ඕන .

........ : අහ් හරි අයියෙ....

ඌ එතනින් දුවලා යන ගිහින් තවත් පැය භාගයක් විතර යනකොට ලයිට්ස් වල වැඩත් සේරම ඉවර කරගන්න පුළුවන් උණා .

ඉදගෙන ඉදපු තැනින් නැගිටපු ආධිල් වගේම තුහින ලයිට්ස් ටික දාපුවහම ටික වෙලාවක් ඒ දිහා බලං ඉදියෙ හරිම සන්සුන් විදියට. ඒ ලයිට්ස් හැම එකක්ම කහයි සුදුයි ඒවා . හරිම ලස්සන විදියට ඒවා එල්ලලා තිබ්බා . පිහිඹියා ගස් වල පවා හරිම චාම් වගේම minimal ගතියක් පේන විදියට ලයිට්ස් දාලා තිබ්බෙ.... .

ආධිල් : අඩෝ... මේකනම් පට්ට බල්ලො....

තුහින : මාත් හිතුවෙ නෑ මේ තරම් ලස්සන වෙයි කියලා .

ආධිල් : උඹ ඉති දම්සයානෙ...ඒක නෙවෙයි දැන් වැඩ ඉවරයිනෙ. යමන් මං දාගෙන යන්නම්.

තුහින : ඕන නෑ බං උඹ පලයන් . මං ටැක්සියක යන්නම්. අනික මුන් ඔක්කොම යනකන් ඉන්න ඕන මම . නැත්නම් මේකුන් මොන ඉලව්වක් නටයිද දන්නෑ .

වනාගෙන ඉදපු බිල්ස් එකතු කරලා පොතක් අස්සට දාන ගමන් තුහින එහෙම කිව්වෙ හෙල්මට් එකත් අරගෙන යන්න නැගිටපු ආධිල්ට .

ආධිල් : ඒත් බං මං කො~

තුහින : උඹ පලයන් . බැරි උනොත් මං ශෙවොන්ට හරි කියලා දා ගන්නම්. ආ කාලා ගිහින් බුදිය ගනින් . හෙට කලින් වරෙන් .

ආධිල් : ආ.... එහෙමද . හරි එහෙනම් මං යනවා....

තුහින : ම්ම්....

ආධිල් එතනින් යන්න ගියේ තවත් රෑ වෙන්න බැරි නිසා . තුහින ආධිල් එක්ක නොගියෙත් තමන්ට තව වැඩ ටිකක් බලන්න තිබ්බ නිසා .

ආධිල්'s pov

" මැං ශෙවොන් ගෙන්නැ ගැන්නැම් යැයි යැයි යැයි ... අනේ යන්නෙ නැතැයි . ඇයි මගෙ බයිසිකලලේට තියෙන්නෙ රෝද නෙවෙයිද . සමහර විට උගේ එකට තටු ඇත්තෙ . ඒකනෙ ඔය .... පුහ් "

ආධිල් තුහිනට බැන බැනම එතනින් යනකොට තුහින තමන්ගෙ ටීම් එකට කතා කරන ගමන් ඉදියෙ . තවත් පැය භාගෙයක් පැයකට විතර පස්සෙ තුහිනත් ටැක්සි එකක ගෙදර ගිහින් ඉක්මනින් වොශ් දාගෙන නිදා ගත්තෙ හෙටත් උදේම කැම්පස් එකට යන්න ඕනෙ නිසා .

නිදා ගන්න පැය කීපය ගෙවිලා ගියේ ඊතලයක වේගෙන් . උදේ හයට විතර ඇහැරපු තුහින ආපහු ලෑස්ති වෙලා හත වෙනකොට කැම්පස් එකට ගියේ තමන්ගෙ බයික් එකෙන් . බයික් එකත් කැම්පස් එක ඇතුළෙ ලොකු පිහිඹියා ගහක් යට නවත්තපු තුහින ඉකමනින් තමන්ගෙ වැඩ පටන් ගත්තා .

කොහොම හරි උදේ නවය එකොළහ විතර වෙනකොට සවුන්ඩ්ස් සෙට් කරලා ඉවර කළා . ඒ වෙද්දිනම් සේරම අංගසම්පූර්නව සරසලා තිබ්බා. තවත් ටික වෙලාවකට පස්සෙ ආධිල් එතනට ආවෙ තමන් හවසට අදින ඇදුමත් උස්සගෙනම .

තුහින : අහ්.... උඹ ආවද ?

ආධිල් : ඔව් බං . කොහොමද වැඩ ටික.... හිතුවට වඩා නියමෙට තියෙනවනෙ බං .

තුහින : දැන් නම් ඉවර වෙන්න ළගයි බං . මල් ටික එයි හවස හතර වෙද්දි . ඒ ටික විතරයි තියෙන්නෙ කරන්න .

ආධිල් : ම්ම්... උඹ කැරෝකේ එක දුන්නද යුනිට් එකට ?

තුහින : ඔව් බං දුන්නා . උඹ ඔය ඇදුම අරන්තියලා වරෙන් . නැත්නම් සවුත්තු වෙලා ගියොත් කෙළවෙනවා .

ආධිල් : හරී එහෙනම් .

ආධිල් ඇදුමත් අරගෙන දුවගෙන ගියේ ඩ්‍රෙසින්ග් රූම් එක දිහාට . සවුන්ඩ්ස් ටිකත් හයි කරලා ඒ ටිකත් දෙතුන් සැරයක්ම චෙක් කරලා බලපු තුහින ගිහින් ලොකු පිහිඹියා ගහක් යටින් ඉද ගත්තෙ පැය දෙක තුනකට තමන්ට රෙස්ට් එකක් ලැබුණ නිසා .

ඒ වෙද්දිත් වෙලාව දොළහට ලං වෙලා තිබ්බත් උදේ ආධිල්ව දැක්කට පස්සෙ තුහින ආධිල්ව මේ වෙනකන්ම දැක්කෙ නෑ . තුහිනට ඒ ගැන ගානක් ගියෙත් නැත්‍තෙ වැඩ ගොඩක් අස්සෙ හිර වෙලා තිබ්බ නිසා . තුහින තමන්ගෙ කලිසම් සාක්කුවේ තිබ්බ ෆෝන් එක අරගෙන ආධිල්ට කෝල් එකක් ගත්තත් මෑන් ආන්සර් කළේ නැති නිසා තුහින ආපහු නැගිට්ටෙ ඩ්‍රෙසින්ග් රූම් එක දිහාට ගිහින් බලලා එනවා කියලා හිතා ගෙන .

ඉදපු තැනින් නැගිටපු තුහින ඇවිදගෙන ගියේ ඩ්‍රෙසින්ග් රූම් එක දිහාට . ඒත් ආධිල් එතනත් නොහිටපු නිසා තුහින ආපහු එන්න හැරුණා .

ආධිල් : යා....තුහින ! උඹේ වැඩ ඉවරද ?

තුහින : මොන ලබ්බෙද යකෝ මකබෑවුණේ ?

ආධිල් : ආ නෑ මං මේ නිකං . උඹේ වැඩ ඉවරද ?

තුහින : ම්ම්... ඔව් ඔව් . උබ සීයට සීයක්ම ලෑස්ති නේද ආධිල් ?

ආධිල් : ඔව් බං ..... ඒක අවුලක් නෑ .

තුහින : ම්ම්... හරි මං යනවා අර පැත්තට .

එහෙම කිව්ව තුහින ආපහු ඇවිදගෙන ගියේ එයාලගෙ ඩීන් ආව නිසා...
ආධිල් ඉදියෙ හිතේ සන්සුන් කමකින් නෙවෙයි . ඒ නොසන්සුන් කමට හේතුව අශ්වින් . දැන් පැය දෙක තුනකට විතර කළින් ආධිල්  ඉදියෙ ඩ්‍රෙසින්ග් රූම් එකට වෙලා නිදහසේ ආපහු සිංදුව බලා ගන්න ගමන් උණත් ඒ නිදහස නැති වෙලා ගියේ එතනට ආව අශ්වින් නිසා .

අශ්වින් : මොකද්ද බබා.... බැලුවොත් සිංදුවකට මූණ ඔබාගෙනනෙ... You are very boring darling .

ආධිල් : ඔව් අශ්වින් . මං මේ කෝකටත් ආපහු මේක බලා ගත්තා . මට පුරුදු වෙන්න තිබ්බෙත් සති දෙකක වගේ පුංචි කාලයක්නෙ . ඒකයි .

අශ්වින් : කොච්චර කළත් ඔච්චර තමා බබා . මං ඒකනෙ කිව්වෙ ඔය මගුල් වලට යන්න ඕනෙ නෑ කියලා .

ආධිල් : ඇයි ඔයා ඔච්චරටම මං සිංදු කියනවට , Music කරනවට අකමැති අශ්වින් ?

අශ්වින් : සංගීතය ....මහ විකාරයි ආධිල් .

ආධිල් : ඒත් ඒ විකාර දේ තමා මගේ ජීවිතේම අශ්වින් . ඔයා ඒක දන්නවා . සංගීතය නැතුව මට ජිවත් වෙන්න බෑ .

අශ්වින් : මල විකාර උඹේ ඔළුවෙ තියෙන්නෙ ආධිල්... එහෙනම් ඔයාගෙ යාළුවා එයාගෙ කලාව නැතුව ජීවත් වෙන්නෙ කොහොමද ?

ආධිල් : ඒ කිව්වෙ ?

අශ්වින් : ඒ කිව්වෙ . මිනිහගෙ දක්ශකම තියෙන්නෙ චිත්‍ර අදින්නලු නෙහ්.... ඔය අපූරුවට වෙන ඩිග්‍රි එකක් කරන්නෙ .

ආධිල් : ම්ම්... ඒක නෙවෙයි ඔයා එනවද කොන්සට් එකට ?

අශ්වින් : මොකක් ? අපෝ බෑ ආධිල් . අපි අද ක්ලබ් එකට යන්න ඉන්නෙ .

ආධිල් : මං සිංග් කරනවා බලන්න වෙන්නෑනෙ එතකොට .

අශ්වින් : ඔයා සිංග් කරන එක මට ඕන වෙලාවක බලාගන්න පුළුවන් නෙ ආධිල් . අනික මේ කොන්සට් වගේද බං එහෙ . වෙනම ආතල් එකක් ගන්න පුළුවන් තැනක්....

ආධිල් : එහෙමද ? හරි කමක් නෑ අශ්වින් . ඔයාගෙ කැමැත්තක් කරන්නකො එහෙනම් .

ඉදගෙන ඉදපු තැනින් නැගිට්ට ආධිල් ගියේ කැම්පස් එකේ වෙන පැත්තකට . එත්ස්න තිබ්බ තනකොළ බිස්ස උඩ ඉදගත්ත ආධිල් ඇස් වලට උණපු කදුළු පිට අත්ලෙන් පිහදාලා බැලුවෙ ඉස්සරහා තිබ්බ වතුර මල දිහා .

ආධිල්,s pov

"අශ්වින් .... ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ ? එක දවසක්වත් , එක මිනිත්තු තුන හතරක වෙලාවක් වත් මං වෙනුවෙන් වෙන් කරන්න බැරිද ඔයාට . අඩු ගානෙ මං ප්‍රෆෝම් කරන ටික වෙලාවවත්.... ඒ තරමටවත් උබට මාව වටින්නෙ නැද්ද අශ්වින් ."














ඔය දේත් එක්ක ඈත ඩීන් දිහාට යන තුහින ගැන ආධිල්ට හිතුනෙ අමුතු දෙයක් . තමන්ගෙ ජීවිතේම උණ දේ අත ඇරලා මෙහෙම අනුන්ට ඕන දේ කරන්න තරම් තුහින ශක්තිමත් කෙනෙක් . තමන්ට ඒ දේ උණානම් ආධිල් කොහොම ඒ දේට මූණ දෙන්නද කියන්න එයා දැනගෙන හිටියෙ නෑ . ඔව්... ආධිල් දැනන් හිටියා තුහින එයාට වඩා හිතෙන් ශක්තිමත් බව . ඒත් ආධිල් දැනන් උන්නෙ නෑ ඇයිද තුහින එහෙම උණේ කියලා .



________________________

කියවීම ඔබේ කැමැත්තම්ක්💁‍♀️
ලිවීම මම්ගේ ශම්තුටක් .💆‍♀️
සෝ මං ලියනවා .
හැබැයි.... කියෝලා හොර පාරෙන් යන එක බම්ලු වැම්ඩක්🖕.
වෝට් නොකරන එකත් බම්ලු වැම්ඩක් ඉතිම්....

බායි එහෙනම් .🙋‍♀️
හැකි විගස එන්නම් පියඹාලා චැප්ටරයක නැගලා ල ලලා 🧚🏼‍♀️

Continue Reading

You'll Also Like

1.1K 141 2
සමහරවිට කලු හිසකෙස් අස්සෙන් යාන්තමට පෙනුණ එයාගේ ඒ කෝපි පාට ඇස් අතරේ...එහෙම නැත්නම් මගේ මූණට වැටෙන එයාගේ ඒ උණු හුස්ම පොදවල් අතරේ... එහෙමත් නැත්නම් ගුල...
4.2K 697 11
""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අදත් පිට කලා.ජීවිතයේ අමාරුම සීත ඍතුව ගෙවම...
21.6K 513 4
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...
13.2K 389 9
When the Marauder era got a letter from golden era saying that there is second wizarding war, and they are going to watch the life of two Potter in o...