මානස (Completed)

By NirMad238

57.6K 11K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

39

508 104 111
By NirMad238

"Thambaru!
Is this true???"

මගෙ අම්මෝ!!!
මෙයාට ගෝරිල්ලා ගොරිල්ලා කියලා විහිළුවට වගේ කිව්වට ඇත්තටම ගෝරිල්ලෙක් වගේ කෑගහන්න පුළුවන් කියලා මං අදනෙ දන්නෙ.
රාක්ශයෙක්ගෙ වගේ ඇස් දෙකත් රතු පාට වෙලා.
මගේ මානසික බලය දරාගන්න බැරුව මෙයාට මොකක් හරි වේගෙන එනවද මන්දා

"Thambaru!!!"

"Aah???"

"What he's saying, is that true?"

"Well, Sometimes I sleep walk ayye.
Maybe during such an instance I met him!"

අම්මෝ!
හරි හුරතල් හප්පෙක් ඇවිත්!
අනේ චූටියා ඔරවනවා දමාගෙන. පව් හැබැයි. අල්ලගෙන දෙකට නමලා කිහිල්ලෙ ඔබාගන්න මට නම් හිතෙන්නෙ.

"අයියෙ,
කොයි වෙලේද ඕක වුනේ?
රෑද?"

මෙන්න බොලේ චූටියා ඒ පාර ත්‍රීවීල් අයියගෙන් අහනවා.
අනේ දෙයියනේ!
මෙයා ඇත්තටම මං හීනෙන් ඇවිදිනවා කියලා කිව්ව එක විශ්වාස කලා කියලා නම් මට කියන්න එපා.
දෙයියනේ!
දෙයියනේ!
කොහොමද චූටියො ඔයා ඔච්චරම අහිංසක වෙලා මේ ලෝකෙ ජීවත් වෙන්නෙ?

"අනේ සර්!
සර් නම් ගුණ යහපත් මනුස්සයෙක් වගේ පේන නිසා මං මේ කියන්නෙ.
මගේ අම්මා ඉන්නෙ ලෙඩ ගානෙ සර්. ත්‍රීවීලරේ දුවලා තමයි බෙහෙත් ගන්න සල්ලි හොයාගන්නෙ.
එදා මේ මල්ලි මල් මිටියකුත් අරන් වීල් එකට නැග්ගම මනුස්සකමට ටිකක් කතාබහ කලා.
තේරුමක් නැති විකාර කතා කියද්දි මුලින් මුලින් බොරුවට කියලා හිතුවත් ගොම්මන් වෙලාවෙ අයිස් වගේ සීතල අතකින් මාව අල්ලද්දි මටත් බය හිතුනා සර්.
මොකද ඔහොම ඇත්තම හොල්මන් කේස් අපේ එවුනට ඒ හරියෙදි සෙට් වෙලා තියෙනවා.
ඒත් මේ ළඟදි මේ මල්ලි ඉස්කෝලෙ ඇරිලා එනවා දකිද්දි තමයි මට තේරුනේ හයරෙකේ ගාන නොදී පනින්න කරපු වැඩක් කියලා ඒක.
ඒත් සර් මං එදා වේල හොයාගන්න රස්සාවනෙ මේක.
එදා සෑහෙන දුරකුත් ගියා. කොටිම්ම එන ගමන් ටයරෙකේ පැච් එකකුත් ගියා. බය වෙලා උණ හැදිලා පහුවදා ගෙදර නවතින්නත් වුනා!"

හත් දෙයියනේ!
තඹරු කියන්නෙ සුපිරි ගණයේ වැඩකාරයෙක්නෙ.
මේ අවුරුදු තිහත් පැනපු හාදයෙක්ව ඔච්චරටම බය කලා කියන්නෙ උඹ නම් මනුස්සයෙක් වෙන්න බෑ කොල්ලො. උඹ අනිවාර්යයෙන්ම පිටසක්වලයෙක්!
Ben10 වගේ වෙස් මාරු කරගන්නත් පුළුවන්ද දන්නෑ සමහරවිට. අයියා දීපු මුද්ද දාලා try එකක් දෙන්න ඕනෙ බලන්න.

"වෙච්ච දේට sorry අයියෙ.
දැන් අසනීප හොඳයිද?"

"ඔව් සර්!
ඒත් ඉතින් බේත් ගන්නත් වියදමක් ගියා!"

"එතකොට අම්මට කොහොමද?
එදා වෙච්ච පාඩුව නිසා මොකුත් ප්‍රශ්නයක් වුනේ නෑ නේද?"

"අනේ සර්, දවස් දෙකක් බේත් නැතුව ඉන්න වුනා.
අසනීප හොඳටම වැඩි වුනා.
අපි එදා වේල හම්බ කරගන්න මිනිස්සුනෙ සර්. ඔහොම දෙයක් වුනාම හැමදේම ඉවරයිනෙ!"

"ඇත්තටම සමාවෙන්න අයියෙ.
මං ගාව මේ වෙලාවෙ දෙන්න සල්ලි නම් නෑ. ඒත් වෙච්ච සේරම පාඩුවට හරියන්න මගේ watch එක මං අයියට දෙන්නම්. මේක ගොඩක් වටිනවා.
අම්මට මාස දෙක තුනකම බෙහෙත් ගන්න පුළුවන් වෙයි මේක විකුණ ගත්තොත්!"

"අනේ සර්!
සරුත් මේ බොරුවක් නෙමෙයි නේද කරන්නෙ?
අපි දුප්පත් අසරණ මිනිස්සු සර්!"

"නැහැ. නැහැ.
කීයටවත් නැහැ.
මේ බලන්න. මෙන්න මේ තියෙන්නෙ ඔය watch එක. අලුත්ම එකක් ගන්නවා නම් රුපියල් පනස්දාහක් වෙනවා. ඕක අරන් මාසයක්වත් නෑ. ඒ නිසා ලොකු ගානකට විකුණගන්න පුළුවන් වෙයි."

සංසාරේ...
මේ මනුස්සයට සල්ලි වැඩි වෙලාද දෙයියනේ?
මටවත් දෙන්න එපැයි වැඩක් නැත්තම්!
රුපියල් පනස්දාහක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද?
මං ශේප් එකේ අයියගෙ ශර්ට් එකෙන් ඇද්දෙ අද පිස්සු පෙත්ත බිව්වෙ නැද්ද අහන්න.
ඒත් මෙයා මාව තල්ලු කරලා දැම්මා මිසක් ඇහැක් ඇරලා බැලුවෙ නෑනෙ.
ගෑස් පෙන්නනවා කියලා ඔහොමත් ගෑස් පෙන්නන්න එපා චූටියො, ඩැඩාගෙ හිත රිදෙනවනෙ.
.
.
.
.
.
.
"Thambaru!
Get in the car!"

අන්තිමේ අපේ වෙස්සන්තර අයියගෙයි ත්‍රීවීල් අයියගෙයි ලව් එක ඉවර වෙනකල් වේලි වේලි බලාගෙන හිටිය මට ඔන්න ඔහොමයි චූටියා කෑගැහුවෙ.
ආදරය සුන්දර වරදක් තමයි චූටියෝ...
ඒත් එහෙමයි කියලා ඔහොම හැමවෙලේම මට කෑගහන්න එපා ඉතින්!

ඒ වුනාට දැන් ගෙදර යන්නනෙ ආවෙ මං. ඉතින් ආයෙම මොකටද කාරෙකට නගින්නෙ? ත්‍රීවීල් ලව් එක නැගලා ගිහින් මාව කුණු ලොරියට දක්කන්න යනවද දන්නෙත් නෑ හැබැයි.
කමක් නෑ ඉතින් කොහේ වුනත් මගේ චූටියානෙ එක්කගෙන යන්නෙ. එතකොට කුණු ගොඩක් වුනත් මට දිව්‍ය ලෝකයක් තමයි.

"Thambaru,
Why did you do that?"

කුණු ගොඩක් අස්සෙ නම් රිංගන්න වුනේ නෑ. කාරෙකට නැගලා දොර වහගත්ත ගමන් අයියගෙ ප්‍රශ්න පත්තරේ දිගෑරගත්තා.

"Do what?"

"Why did you scare that man?
And why didn't you pay him?"

"Well, he was a headache.
He asked me if I had a girlfriend!
I hate that!
I have the most wonderful boyfriend in the whole world Happy Pill.
So why should he ask me about such nonsense?"

ඇත්තටමයි මම කිව්වෙ.
ඔය චීත්ත වගේ හැම මගුලම අවුස්සන ඩයල් මට පේන්නම බෑ. අනික කෙල්ලෙක් නැද්ද කියලා අහන එවුන්!
මෙච්චර මේ හුරතල් බෝලයක් මගෙ ලඟ ඉද්දි මට මොකටද # කෙල්ලො!

"Thambaru!
He was just making conversation!
It's a normal thing to do.
If you didn't like it you could have just ignored!
Why do you have to scare and cheat on people?"

"It was just for fun
He didn't have to make such a big fuss about it!"

"Patiyo!
What you did is wrong.
I know you wasn't thinking it through.
But you should never make fun of others.
That man's mom is sick.
And he's the only one looking after her.
If he loses one hire, things are gonna be difficult for both of them."

"He was lying ayye!
You are just too good.
You don't understand how people manipulate you!"

"Yes, it could be.
But what if he said the truth?
What if something terrible happened to his mother because of what you did?
We have to give back what we took Thambaru.
We have to be honest in what we do.
Others may lie and try to cheat.
That's ok.
They may not have got the chance to learn good manners.
But we shouldn't be like that Patiyo...
We have to respect everybody.
Even if they are terrible we have to respect them.
Because all of us go through so much.
We always have to be kind!"

"Why did you give that watch to him?
You could have given it to me!"

"Yes,
I will!
Actually I will give you a better watch!
But only if you promise me to respect others.
Promise not to harass or make fun of people!"

හ්ම්....
ඉඳලා හිටලා පොඩි ෆන් එකක් ගත්තට මක් වෙනවද අප්පා!
චූටියත් එක්ක බෑනෙ ඉතින්.

"Can you promise me Snowdrop?"

"I.... I don't know!"

"Ok think like this.
What if someone prank me on a weekend saying they are really sick and need to go to the hospital?
So I had to postpone seeing you and had to take care of this person only to find out the whole thing was a lie.
This someone thinks it was funny and would keep doing it repeatedly.
How would you feel then?"

"I'd feel you are too dumb to believe this someone!"

ඇයි අනේ!
මොන මගුලක්ද!

"Why am I even trying this Thambaru???!!!
Ok!
Do as you wish!
But just remember I'm heart broken.
Each time you wrong someone, I'd pay them back a hundred times more.
I'd even work myself to death.
But I'd never let anyone call you a cheater!

Wear your seat belt Thambaru.
It's already dark and I don't want you to walk alone."

"But what if your father sees you?"

"I don't mind.
I have bigger problems in my mind.
Problems like you ignoring me completely and repeatedly!"

"Ayye...."

"Mmm....."

"I don't ignore you!
I love you a lot!
More than anything and everything!"

"If so, you wouldn't trouble others.
You'd remain the same little sweetest boy I first laid my eyes upon!"

අනේ ඉතින්!

"There are better ways to have fun Snowdrop.
Bullying others is a crime you know.
It breaks hearts.
We shouldn't be such people!"

"Ok! Ok!
I wouldn't do it again!
But help me ayye.
Sometimes I don't know what's wrong and what's right.
I just get carried away!"

"My good boy!
I love you so...... much!
It's ok to get confused sometimes.
We all are learning.
If something confusing happens let's contact each other and discuss about it ok?
But most of the time deciding right and wrong isn't that hard.
Whatever is painful for you is painful for others too!"

හ්ම්....
ඔව් ඉතින්!
බුද්ධාගමටත් ඉගැන්නුවෙ ඔහොම කෙහෙම්මලක් තමයි.
මේ අයියට නම් එක්කො ආගම් ප්‍රචාරය කරන්න යන්න තියෙන්නෙ.
යස අගේට මිනිස්සු හරව ගනියි ඕනෙම ආගමකට.

"Ayye!
I'm not a baby or I'm not a girl.
I can walk this bit.
I don't want you to get in trouble Happy pill!"

"But I want to come with you.
Because I want to hug and kiss this cutest boy!
I'm over the moon Thambaru!
I'm so...... happy coz you are such a kind boy!
Come jump to the back seat!"

වාහ්!
දෙයියනේ මෙයා!
රෝමියෝගෙ නැවත උපතක්ද?

මගේ කට කෑවා හම යනකල්මද කොහෙද!
පුදුම අසහනේකින්නෙ බලද්දි චූටියත් ඉඳලා තියෙන්නෙ.
ඔහොම තමයි ඉතින් සුදු පිරුවට දාගෙන ඉන්න හුඟක් මිනිස්සුන්ගෙ ඇත්ත ස්වරූපය. දැන් මේ පේන්නැද්ද!
බණ නම් කියන්නෙ ලෝකෙටම ලොක්කා එයා වගේ.
ඒ වුනාට අසරණ මනුස්සයෙකුගෙ කටටවත් නිවනක් නෑනෙ.
කනවා! කනවා!! කනවා!!!
මංම නිසා හොඳයි ඉතින් මේවා දරාගෙන ඉවසගෙන ඉන්න.
කොළඹ කියලා සෝමාලියාවෙ ගිහින් හාමත් වෙලා ඉඳලා ඇවිල්ලද මන්දන්නෑ.

බුදු ආච්චි අම්මේ!!!
ඔයාගෙ කොලුවා මාව මිරිකලම මරන්නද කොහෙද ඒ පාර හදන්නෙ!
බදාගෙන වෙලාගත්ත පිඹුරොත් හොඳ ඇති මීට වඩා නම්!
සංසාරේ!!!
ලෝක අමාරුවෙන් උළුවහු දිගේ බඩගාලා දික් කරගත්ත මගෙ ඇටකටු ටික නේද මේ චප්ප වෙලා යන්නෙ!!!

"Mmm.....wah!
I love you my Snowdrop!
I love you so... so much!
Take care and look after yourself well!
Call me everyday and do all your school work like a good boy!
Now run home ok?
I'll watch from here.
Ring me once you are in!"

ඒ වුනාට මට යන්න බෑනෙ අයියෙ!
ඔයාව මට ඕනෙනෙ.

"Ayye!!!
I can't!
I want to stay with you.
Please........."

"I know Patiyo!
I feel the same.
But if we have patience today, we'll have a lot of better tomorrows.
So run home darling.
I promise I'd keep you with me forever after a few more years!"

ඉතින් මට දුවන්න වුනා.
මොකද මගේ ලස්සන Happy pill එක ගිනි කන්දක් ඇතුලට පනින්න කිව්වත් මට ඒක කරන්න වෙනවනෙ. ඒ තරමටම අසරණයි මම ඒ පිස්සු හැදෙන magic එක ඇතුලෙදි.
ඒත් මගේ චූටියෝ...
ඔයාව දාලා මට කවදාවත්ම කොහේවත්ම යන්න ඕනෙ නෑ.
ඔයා ඉන්න ලඟ පාතක පඹයෙක් වෙලා හරි ඉන්න තියෙනවා නම් එච්චරමයි ඕනෙ.
.
.
.
.
.
.
.
ඉතින් දවස් එකින් එක ගෙවිලා ගියා. ඒකට මං කැමති නෑ.
අයියා ටිකෙන් ටික ටිකෙන් ටික මගෙන් ඈත් වෙලා යන්න ලඟයි. එයා නැතුව ඇත්තටම මට ඉන්න පුළුවන් වෙයිද?
සිදුහත් කුමාරයා යන්න ගියාම පපුව පැලිලා මැරිච්ච කන්ථක අස්සයා වගේ මගෙත් පපුව පැලිලා මැරිලා යයිද? හැබැයි එහෙම වුනත් කමක්නෑ. මට හොල්මනක් වෙලා හරි එයාගෙ පස්සෙන් යන්න පුළුවන් එතකොට.
හැමදාම තුරුල් වෙලා නිදාගන්නත් පුළුවන්. ඒ ඇඟ ඇතුලටම රිංගගෙන ඉන්නත් පුළුවන්.
ඒත් මගේ ලස්සන අයියා බබෝ,
ඔයාට ගොඩක් දුක හිතෙයිද මං මැරුනොත්?

මං ඉස්කෝලෙ ගියා. ක්ලාස් ගියා. Sports කලා. ඔක්කොම දේවල් balance කරගෙන ලස්සනට කරන එකෙක් කියලා තමයි මට කට්ටිය කිව්වෙ. ඉස්සර හිටපු හැමඑකාටම එපා වෙච්ච නසරානි ඩයල් එක යාන්තම් මනුස්ස පාටකට හැරිලා තිබුනා. ඒත් ඇත්තටම නම් මං කරපු balance කිරිල්ලක් නෑ. චූටියා තමයි මගේ පිටිපස්සෙ ඉඳන් හැමදේම ලස්සනට සෙට් කලේ. මං කලේ එයා කිව්ව විදියට කරපු එක විතරයි.

හැබැයි මම එහෙම කවුරුත් කියන දේවල් අහන්න කැමතිත් නෑ. මං කරන්නෙ මට ඕන දේ.
ඒත් දැන් මට ඕනෙ චූටියට ඕන දේ කරන්න විතරයි. හිතලා බලද්දි ඒක මටම මාර පුදුමයක්. මොකද එයා කැමති මොනවම හරි කලාට පස්සෙ හිතට දැනෙන්නෙ පිස්සු හැදෙන්න තරම් සතුටක්.

"Wow Thambaru....!!!
How lucky am I to have you Patiyo?
I can't thank you enough for coming and lighting up my life!"

ඔන්න ඔහොමයි හැමදාම එයා කිව්වෙ.
හරියට මේ ලෝකෙ තියෙන හොඳම ලස්සනම දේ මං වගේ.
ලෝකෙ තියෙන හොඳම දේට හොඳම දෙයක් වෙනවා කියන එක හිතාගන්නවත් පුළුවන්ද?
මාත් ඉන්නෙ අන්න ඒ වගේ මගේම luck එක ගැන අදහගන්නවත් බැරුව.

ඉස්සර චූටි කාලෙ වගේ හැමදාමත් ලස්සන ලස්සන තෑගි අරන් එන්න දැන් අයියට සල්ලි තිබුනෙ නෑ. ඒත් එයාගෙ එකම එක හිනාවක්,
එකම එක වචනයක් මේ ලෝකෙ වටිනම තෑගි ඔක්කොම එකතු කලාටත් වැඩිය වටිනාකමින් වැඩියි මට.
අයියගෙ සතුට ඇරෙන්න වෙන කිසිම සතුටක් කොහොමත් මට ඕනෙ නෑ.

සතියක් දෙකක් ගෙවුනට පස්සෙ අයියා මාව බලන්න ආවෙ බස් එකේ. එයාගෙ ලඟ තියෙන සල්ලි ටික පරිස්සම් කරගන්න ඕනෙනෙ ඉතින්. කෑම කඩේක එයා part time වැඩ කරන්නත් අරන් තිබුනා. English හොඳයි නම් එහේ jobs හොයාගන්න කරදරයක් නෑලු.  Campus එකේ වැඩත් එක්ක කරදරයක් නොවෙන්න කරගන්න පුළුවන් ලේසිම job එකක් නිසා එයා ඒක තෝරගත්තලු.

ඒත් මට දුකයි.
මාව මේ ලෝකෙට පරක්කු වෙලා එව්ව මොකා හරි එකා එක්ක තරහයි.
අයියා ලඟ එයාව බලාගන්න මමනෙ ඉන්න ඕනෙ. එයා තනියම දුක් විඳිද්දි මම ගෙදරට වෙලා කකා බිබී සැපට ඉන්න එක වැරදියි.
මට ඕනෙ එයාට කිසිම දුකක් නොදැනෙන්න බලාගන්න.

Car එක නැති නිසා අපි දෙන්නට හිතෙන හිතෙන හැමතැනම යන්න ලැබුනෙත් නෑ ඉතින් අයියා ආවම. අඩුම ගානෙ අතින් අල්ලගන්නත් පුදුම කට්ටක් කන්න වුනේ. අඳුරන මිනිස්සු හැමතැනම පිරිලනෙ.
සෙනග අඩු තැන් හොය හොය අපි දෙන්නා හැතැම්ම ගනන් ඇවිද්දා. ලාබම කෑම තියෙන පෙට්ටි කඩවලින් මොනවා හරි ගිල ගිල ඉස්සරහට කරන දේවල් ගැන කතා කලා.
ඇත්තටම නම් මම නෙමෙයි අයියා තමයි අපේ plan maker.
Uk ගිහින් එහේදිම job එකක් හොයාගෙන settle වෙන එක තමයි එයාගෙ plan එක වුනේ. ලංකාවෙ වගේ නැතුව අපි දෙන්නට ඇත්තටම එකට ඉන්න එහේදි පුළුවන්ලු.
ලස්සනම ලස්සන wedding එකක් church එකක් ඇතුලෙදි ගන්නත් පුළුවන්ලු.

එයා එහේ settle වෙන්න පාර හදාගන්න කල්, මට තිබුනෙ පුළුවන් උපරිම හොඳින් ඉගෙනගන්න. එතකොට මගේ A/L results වලින් එහේ university එකකට apply කරලා එයා මාව ගන්නවා කියලා තමයි කිව්වෙ.
ඇත්තටම ඉතින් ඔය කිසිම මගුලක් ගැන මං දන්නෙ නෑ.
University ගියත් නැතත් ඒකෙන් මට වෙනසකුත් නෑ.
හැබැයි අයියා සතුටින් හිනා වෙනවද, දුකෙන් මූණ එල්ලගෙන ඉන්නවද කියන එකේ නම් ලොකුම ලොකු වෙනසක් තියෙනවා. එයාගෙ එක හිනාවක් කියන්නෙ මගේ ecstasy එකක්. 
සතුට කියන එකේ අනන්තයක්!
හිතාගන්න බැරි තරම් ලස්සන හීනයක්!
ඉතින් ඔය හිනාවක් වෙනුවෙන් මට කරන්න බැරි මොනවද මගෙ චූටියෝ...?

අමාරුවෙන් ගෙවිච්ච මාස දෙක තුනකට පස්සෙ හැබැයි අපිට ලොකුම ලොකු සැනසිල්ලක් ලැබුනා. අංකල් තීරණය පොඩ්ඩක් විතර අකුලගෙන තිබුනා.
අයියට අවුරුදු විසි පහක් වෙනකල් කසාදෙකට බල කරන්නෙ නෑ කියලයි, engagement එකක් මේ හදිස්සියෙ කරන්න ඕනෙ නෑ කියලයි එයා තීරණේ කරලා.
ඇන්ටි කොහොම හරි අංකල්ගෙ හිත වෙනස් කරන්න ඇති කියලා තමයි අයියා කිව්වෙ.

ඉතින් අම්මෝ......
හැමෝටම වඩා සතුටු වුනේ මං වෙන්නැති.
ආයෙම අයියව හිතේ හැටියට තුරුල් කරගෙන නිදාගන්න පුළුවන් මට.
තව මාස දෙකයි.
ඊට පස්සෙ අයියා යනවා.
ඒක මට දරාගන්න පුළුවන් වෙයිද එතනින් එහාට මගේ ජීවිතේ ඉතුරු වෙලා තියෙයිද කියලා මං ඇත්තටම දන්නෙ නෑ. ඒ නිසා මේ ගෙවෙන හැමදවසක්ම අයියගෙ වටිනම දියමන්තියකටත් වඩා මට වටිනවා.

ඒත් ඉතින් මහා සද්දන්ත පරාල ඇණ දෙකක් අපායත් දෙදරවාගෙන ඇවිත් අපේ පස්සෙන් වැටිලා තිබුනා.
එක පැස්බරා.
අයියා ගෙදර ආපු හැටියෙ ඒ හොල්මනත් එහේ ආවා. පලවෙනිම දවසෙ එහේ නැවතිලත් තිබුනා. ඉතින් මගේ අයියා බබා යුධ ප්‍රකාශ කරලා කාරෙකේ නැගලා ආයෙම කොළඹ ගියා.
කොළඹ කිව්වට ලඟපාත හොටෙල් එකකට ගියේ.
වේලි වේලි ඉඳලා එයාව හම්බුන ගමන්ම මේ කොහෙවත් ඉන්න පිස්සු ගෑණියෙකුට අපේ ලස්සන දවස් නැති කරන්න දෙන්න පුළුවන්ද?

ඉතින් අපි දෙන්නා ඒ දවස් දෙක ප්‍රේමයෙන් වෙලිලා ගත කලා. පැසබරා අඬා දොඩාගෙන ගෙදර යන්න ගිහින් තිබුනා.

පරාල ඇණ අංක දෙක වුනේ බැබුනි.
හැමදාම මං ඉස්කෝලෙ ඇරිලා එනකල් අපේ ගෙවල් වලට යන පාරෙ ඒ හොල්මන නැවතිලා බලං ඉන්න ගත්‍තා. ඊට පස්සෙ මාත් එක්කම එකම ගානට ඇවිදගෙන එන්න ගත්තා.
පාරෙ ඇවිදින්න එපා කියලා මිනිස්සුන්ට කියන්න මට බෑනෙ.
ඉතින් මං ගෙදර නෑවිත් කෙලින්ම class යන්න පුරුදු වුනා.

ඊට පස්සෙ ඒ හොල්මන ළමයි අතරෙ මං ඒකිත් එක්ක යාළුයි කියලා ප්‍රචාරය කරවලා තිබුනා.
ඒවා විශ්වාස කරලා මට අනංමනං කියන්න ආපු එවුන් ලව්වම මං ඒකිට ඇඬෙන්නම කියලා යැව්වා.
හාමතේ මලත් ගොම් බෙටි කටේ දාගෙන කන එවුන් ඉන්නවද?
පිස්සු නැත්තම් ශෝක්!

අන්තිමේ කොහොම හරි අයියටත් මේ සීන් කෝන් එක නෝට් වුනා. මොකද ඉතින් පේන්න හිටියොත් මේ මල හොල්මන ඇඟේ නගින්නමනෙ බලාගෙන ඉන්නෙ.

"මං උඹට කැමති නෑ යකෝ!
මගෙන් ඈත් වෙලා හිටපං!"

ඕක කොච්චර කිව්වත් වැඩක් වුනේ නෑ. මගේ කරුමෙටම ඒකි මන්දබුද්දිකයිද කොහෙදෝ.

හැබැයි ඉතින් ඒ මන්දබුද්දිකකම නරකටම හිටියෙත් නෑ. මොකද මගෙ චූටියා පට්ටම posessive පෙම්වතෙක් කියලා මට තේරුම් ගියේ ඒ නිසානෙ.
මගෙ අම්මෝ දිදුනියා අයියගෙන් චූ යන්නම විතර බැනුම් අහලා අහලා අන්තිමේදි අඬලා වැලපිලා නිශ්චල වෙලා ගියා. දෙයියනේ කියලා මට නිදහසේ හුස්මක් කටක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතුවා.
ඒත් ඒක thinking mistake එකක්.
මොකද සිද්ද වුනේ මාව ලස්සන හීනයක් මැද්දෙ අතරමං වෙච්ච එක.
චූටියා එතන ඉඳන් මාව එක තත්පරයක් ඇස් මානෙන් අයින් කරලා තිබ්බෙ නෑ. කොටිම්ම වෙනදට කාමරේ අස්සට වෙලා මං එනකල් මොන මොනවා හරි වැඩ කර කර ඉන්න එකා බැල්කනියට වෙලා අපේ ගෙවල් පැත්ත බලාගෙන රැය පහන් කරන්න වුනත් ලෑස්ති පිට හිටියෙ.

සඳුදා උදේ කොළඹ ගියෙත් ඇඟෙන් ඇටයක් ගලවලා දාලා යනවා වගේ.
අනේ ඉතින් මේක හරිම විනෝදයි.
බැබුනියා ගොම් බෙට්ටක් වුනත් ගිහින් කිස් එකක් දීලා එන්න තරම් හිතෙනවා.
චූටියගෙත් ඉතින් මහා පරිමාණෙන්ම තියෙන්නෙ ලයින් කියලා දැනගත්ත එකම මදෑ. ඇත්තටම නම් මෙයා මටත් හපන් පිස්සෙක් වගේ.

වෙනදට msg එකක් විතරක් දාලා සඳුදා පාන්දරට යන්න යන එකා, උදේ තුනට හතරට තාප්ප දිගේ බඩගාලා මගේ කාමරේට කඩා වැදිලා හෙන පත අඳොනාවක් දිගාරිද්දි මං හිටියෙ කරන්ට් වැදිච්ච වවුලෙක් වගේ. ඇත්තටම මේවා මේ සිද්ද වෙන දේවල්ද නැත්තම් මගේ මොළේ වයර් මාරු ශෝට් වෙලාද?

"Snowdrop,
I'm sorry.
I know I'm acting like some clueless baby.
But I can't help it.

I...........
I'm so scared.
When I'm gone will you slowly forget me?
Will you start feeling I'm too old for you?
Will you start seeing the world differently and let some girl into your life?

I........
I tried to think that's ok.
If that happens I'll somehow makeup my mind and wish you all the best.
You are still a child and I should let you choose your life.

But.....
But now I know I can't do that.
Without you I won't exist.
I can't exist.

Thambaru, I know this is selfish.
And I shouldn't ask this from a child,
But............

Can you please wait for me?
Can you not let anyone else into your life?
Can you only love me Snowdrop?
Can you only be mine?"

..........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

9.6K 1.9K 12
නරක තාත්තලා 😳😳 තාත්තලා කවද්ද නේද නරක උනේ 🥰 Yizhan Zhanyi ඕන එකක්
604K 44.6K 46
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
4.4K 1K 16
වැටෙන්න වැටෙන්න... නැගිටින්න... ආයෙත් නොවැටි ඉන්න අත දෙන්න... මං ඉන්නව ඔබේ අසලම... ජීවිතේ සමහර දේවල් තියෙනවා දෛවයටත් පිටින් යන..අන්න එහෙමයි මං ආයෙත්...
5.3M 715K 199
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...