මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

15

310 66 71
By zara-N1111

වර්තමානය.

.....රයන්.....

අද Peng Chao ගෙ පාර්ටි එක.
එයා නිශ්පාදනය කරන the jade sword of ming dynasty ඩ්‍රාමා එකේ cast එක announce කරන එක වගේම , එයාගෙ දුවගේ 25 වන උපන්දින සැමරුමත් ඒ පාර්ටි එකට හේතු වුනා.
යිබෝත් නැති නිසා මේ දවස් වල පාර්ටි මූඩ් නැති අපේ බොස් ටක් ගාලා මූණ පෙන්නලා යමු කියලා තමයි අපිවත් ඇදගෙන පාර්ටි එකට ආවෙ.

එන්න කලින් zhan , මේ දවස් වල රූගත කරන ඩ්‍රාමා එකේ ශූටින් ඉවර වෙලා, i miss you cap එකත් දාගෙන වාහනේට නගින වෙලාවෙ එලියේ බලා සිටි ෆෑන්ස්ල zhan ගෙ ෆොටෝ ගන්නවා අපි දැක්කා . දැනටම ඒ ෆොටෝ දාලා ඇති ඉන්ටර්නෙට් එකේ.

මේ jade sword of ming dynasty නම් ලොකුම project එකක් වගේ... ලොකු බජට් එකක් තියෙන. නලු නිලියොත් ඉන්නෙ ප්‍රසිද්ධ අයම තමයි.

Wow.... මම අදනේ දන්නෙ මේකේ female lead.
දෙවියනේ එයා මාර ලස්සනයි.
Dilraba Dilmurat.. !!

මෙච්චර කල් මගේ celebrity crush එක උනේ Emma Watson . අද හම්බවුනා මගේ චයිනීස් celebrity crush එක .

උඹට girlfriend කෙනෙක් ඉන්නෙ කියලා කියන්න එපා ඉතින්. ඒකිටත් ඉන්දියාවෙ, කොරියාවෙ , චීනෙ , ඇමරිකාවේ මේ හැම තැනම celebrity crushes ඉන්නෙ ඔය යසට. මම මුකුත් කියනවද.

මේ කතාවෙ second male lead ට ඉන්නෙ කඩවසම් Yang Yang. Second lead එකකට ඒ වගේ ජනප්‍රිය නලුවෙක් ගත්ත එකෙන්ම පේනවනෙ මේ ඩ්‍රාමා එක මොන වගේද කියලා. ඔහු සුහදව xiao zhan ට අතට අත දී කතා කලා.

Xiao Zhan හැමෝමත් එක්ක සුහදව කතා කර , ෆොටෝස් වලටත් පෙනී ඉදලා ඉක්මනින් එන්න තමයි සූදානම් වුනේ.
Peng Chao ගෙ උපන්දිනය සමරපු දුව අපේ xiao zhan දිහා බලපු විදිහ නම් මට එච්චර ඇල්ලුවෙ නෑ. Zhan නම් happy birthday කියලා wish කල වෙලාවෙ ඒකි දිහා බැලුවා විතරක් නිසා වෙනසක් තේරුනේ නැතුව ඇති.
කමක් නෑ. ඔන්න ඔහේ බලපුවාවෙ. ආයිත් ලගදි එයාව හම්බ වෙන එකක් නෑනෙ . මම හිතුවා .

..................💚❤️........................

2021 අප්‍රේල්

Xiao Zhan pov

අද 2021 අප්‍රේල් 20.. දැන් උදේ 9.20යි. මම ඉන්නෙ දැනටම හැදපැලදගෙන ලෑස්ති වෙලා.
යිබෝ තාම bathroom එකේ ,.වතුර වැටෙන සද්දේ මට ඇහෙනවා.
එයාට නම් උදේ 10.30 ට විතර මෙහෙන් ගියාම ඇති.
ඒත් .. ඊට කලින් මට යන්න වෙනවා.
තව විනාඩි 20 කින් වාහනේ මෙහෙට ඒවි. මාව airport එකට ගෙනියන්න .

Flight එක තියෙන්නෙ Wuhan වලට. අනිද්දා a dream like a dream පලවෙනි වතාවට වේදිකා ගතවෙනවා.
ඒක මට ලොකු දවසක්.
අනේ එදාට බොබෝත් ඉන්නවා නම්!!!

ඒත් එයා හරි බිසී මේ දවස් වල.
මටත් ඒ වගේ. හුස්ම ගන්න වත් විවේකයක් නැති දවස්..
ගොඩක් දවසකට පස්සේ අපි දෙන්නා හමුවුනේ..
ඊයෙ රෑ යිබෝ එනකොටත් රෑ 11.00 ත් පහුවෙලා..ඒත් දැන් උදේ අපි දෙන්නම දෙපැත්‍තකට පිටත් වෙනවා.

එක රැයකට හරි , ඇත්තම කියනව නම් පැය කීපයකට හරි එයා දුවගෙන ආවෙ ADLAD පලවෙනි දර්ශනයට කලින් මට සුබ පතන්න.

" zhan ge ,.." යිබෝ තෙත කොන්ඩය පිසදමමින් මා වෙතට ආවා.
" ඔයා ලෑස්තිත් වෙලා ඉවරද?? "

" ඔව් ..බොබෝ.. විනාඩි විස්සකින් වාහනේ ඒවි."

" මාත් කොහොම හරි එන්න උත්සහ කරනවා zhan ge , 22 වෙනිදට. මට එදාට ඔයාව stage එකේ බලන්න ඕන"

" ඒත් බොබෝ.. ඔයා එන්නෙ කොහොමද ? ඔයාට Anta එක්ක contract එක sign කරන්නයි , ඒකේ commercial එක shoot කරන්නයි තියෙනව නේද? අනික Wuhan වලට එනකොට ඔයාට Covid test එකත් කරගෙන එන්න වෙනවා"

මම එහෙම කිව්වට හිත යටින් මම එයාට එන්න පුළුවන් නම් ගොඩක්ම කැමතියි .. ඒ දවස මට ඒ තරම් විශේෂයි..

යිබෝව Anta කියන sportswear brand එකේ global chief brand ambassador විදිහට එයාලා තෝරාගෙන , ඒකේ වැඩ තියෙනවා හෙට අනිද්දා දවස් දෙකේම.
ඒක ලොකු අවස්ථාවක්, Anta තමයි 2022 winter olympics සහ winter paralympics වල official sports apparel partner .

" මම මැනේජර්ට කිව්වා. පුළුවන් නම් commercial එකත් අනිද්දා උදේ වරුවේ ඉවර කරන්න schedule වෙනස් කරගන්න උත්සහ කරන්න කියලා."
එයා එහෙම කියන කොට එයාගෙ ෆෝන් එක රින්ග් උනා.

" හරි , ඇතුලට ගේන්න " යිබෝ කෝල් එක answer කරමින් කිව්වා.
සේවකයෙක් ඇතුලට ආවේ food delivery එකක පාර්සල් එකක් අරගෙන.
Kempi Deli කියලා ඒ කඩදාසි බෑග් එකේ ගහලා තිබ්බා.
ඒ Yansha centre එකේ Kempinski hotel pastry shop එක. මම ආසම තැනක්..
‍යිබෝ ඒ කවරෙන් එලියට අරන් ප්ලේට් එකක තිබ්බේ කන්නම හිතෙන. , mouth watering පෙනුම හා සුවද තියෙන පේස්ට්‍රි කීපයක්.

" එන්න zhan ge , යන්න කලින් කමු"

" බොබෝ, ඔයා දන්නවනෙ මම diet plan එකක ඉන්නෙ කියලා.."
මම pouty look එකක් අරගෙන කිව්වා.

" ඔයා මේ දවස් වල ගොඩක් මහන්සි වෙනවනේ. ඊයෙ රෑටත් ඔයා සැලඩ් විතරයි කාලා තියෙන්නෙ . කලාතුරකින් ආස දෙයක් කෑවට කමක් නෑ gege.."

" කලාතුරකින් තමයි ඉතින් ආස දේවල් දැන් කන්න හම්බවෙන්නෙ.."
මමත් අර pouty look එකෙන්ම කිව්වම එයා හිනාවෙලා මාව සිපගත්තා.

.........

" මම 22 වෙනිදට කොහොම හරි එන්න try කරනව zhan ge..". මම යන්න පිටත් වෙන වෙලාවේ අවසාන වතාවට මම එයාව සිපගන්න කොටත් බොබෝ එහෙම කිව්වා.

....................................

ඉතින් මම
" small breads are back to harm me again 😭"
කියන Caption එකත් එක්ක ඒ පේස්ට්‍රි හතරක ෆොටෝ එකක් oasis එකේ දැම්මා.

අපි දෙන්නගෙ සමහර ෆෑන්ස්ලා මම small bread කියලා අදහස් කලේ යිබෝට කියලා සාකච්ඡා කරනවා කියලා රයන් කිව්වා.
ශා.. එයාලට නියම අදහස් තියෙන්නෙ .. ඒකත් හරි තමයි .

........................❤️💚..............................

වර්තමානය.
......රයන් ........

ඊයේ යිබෝගේ යාලුවා zixun කෝල් කල වෙලාවෙ කියපු දේ මගෙ ඔලුවේ වැඩ කරනවා.

"රයන්, යිබෝ එහෙම zhan ගෙන් break එකක් ගත්තා කියන එක හිතාගන්න බැරි දෙයක් . මම එයාව පොඩි කාලේ ඉදන් දන්නවනෙ. ඒක එයාට out of character දෙයක්.
මම හිතන්නෙ ඒකට වෙන හේතුවක් ඇති.."

එහෙම නම්..මොකක්ද ඒ හේතුව ??
Zhan එක්ක මේ ගැන කතා කරන්න ඕනද? නැද්ද ?
ඒක කියලා මම බොස්ගෙ මූඩ් එක තවත් අප්සෙට් කරයිද?
නැත්නම් තව දවස් කීපයකින් යිබෝ එයිනෙ. එතකල් ඉදලා බලනවද..?

.......................❤️💚...........................

වර්තමානය.

.......රයන් .....

ඒ පාර්ටි එකට ගිහින් ඇවිත් , මහ රෑ zhan ට අදහසක් ආවා douyin එකට video එකක් පෝස්ට් කරන්න .

අපේ computer boy, Liu Min තමයි ඒක වීඩියෝ කලේ..
Zhan ට ඕන උනේ සිංදුවක් කියන්න.
සින්දුවෙන් කොටසක් ඉතින්.
එයා තෝරගත්තෙ english song එකක් .
පරණ .. ඒත් ගොඩක් ලස්සන එකක්.
Richard Marx ගෙ right here waiting .

Xiao Zhan ඉංග්‍රීසි සින්දු කියනකොට හරිම ලස්සනයි.

එයා සුදු පාට සිම්පල් ටී ශර්ට් එකක් ඇදලා මේකප් එහෙම මුකුත් නැතුව හිටියේ .

අම්මෝ.. ඒකෙ lyrics . පපුවටම දැනෙනවා මට.
හරියට ඉංග්‍රීසි දන්නෙත් නැති අපේ ඇසිස්ටන්ට් කෙල්ල Xin Yi ඇඩුවා ඒක වීඩියෝ කලාට පස්සේ.

" I took for granted all the times
That I thought would last somehow
I hear the laughter, I taste the tears
But I can't get near you now

Oh, can't you see it, baby?
You've got me goin' crazy

Wherever you go, whatever you do
I will be right here waiting for you
Whatever it takes or how my heart breaks
I will be right here waiting for you.."

Liu Min ඒ ටික දැම්මා douyin එකට.
වීඩියෝ එකේ legth එක තත්පර 28 යි.

....... .................❤️💚.....................

2021 අප්‍රේල්

....රයන් ...

Xiao Zhan ගෙ ටෙලිඩ්‍රාමා එකක් හරි movie එකක් හරි දැකලා ඔහු හරිම දක්ශ නලුවෙක් කියලා ඔයා හිතනවද??

එහෙම නම් ඒක වැරදියි.

Xiao Zhan සජීවී වේදිකාවේ කරපු රගපෑම ඔයා දැකලා නැත්නම් තාම ඔයාට ඒක කියන්න බෑ.

Xiao Zhan වේදිකාවේ patient no 5 ට පණ දෙනවා දැකලා නැත්නම් ඔයා තාම xiao zhan කියන නලුවව දැක්කෙ නෑ..
ඇත්තටම ඔයාට කතා කරන්න වචන නැතිවේවි.
ඔයාගෙ ඇස් වලින් කදුලු වැටේවි.

අද 2021- අප්‍රේල් 22 .
Wuhan වල තිබුනු A dream like a dream මංගල දර්ශනය .

ඒක Wuhan වලම තිබුනේ කෝවිඩ් වසංගතයේදී සෑහෙන්න කැපකිරීමක් කල සෞඛ්යය කාර්යමණ්ඩලයට උපහාරයක් විදිහට. ඔයාලට මතකනේ 2020 මුල පලවෙනි කෝවිඩ් රැල්ල පටන් ගිනි ඇවිලුනා වගේ පටන් ගත්තේ වුහාන් වලින්නෙ.

Xiao Zhan ගෙ චරිතය patient number 5 . එයා terminally ill අසාධ්‍ය රෝගියෙක්. කලින් එයාගෙ බබාත් අසනීපයකින් මියගියා . එයාගෙ බිරිද එයාව හැර ගියා.
Patient number 5 තමයි මෙතන කතාව කියන්නෙ .. The Narrator ..

සමහරවිට එයාට දැනෙන දේවල් සිහිනයක්ද සැබෑවක්ද කියලා එයාටවත් හිතා ගන්න බෑ.

වෙලාවකට ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් පිරුනා.. එයාට wife ව මුලින්ම හමු වුන දවසෙ වෙච්චි දේ දැකලා..
වෙලාවකට ඔවුන් ඇස් වල කදුලු ලේන්සු වලින් පිහිදා ගත්තා.. එයා මගේ දරුවා බේර දෙන්න කියලා ඩොක්ටර්ට බැගෑපත් වන හැටි දැකලා..
වෙලාවකට ප්‍රේක්ෂකාගාරය මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුනා...එයා සිහිනයක අතරමං වෙලා ඉන්න හැටි දැකලා...
එයාගේ මේ tragic කතාව නරඹන්නන්ගේ හදවතේ ගැඹුරටම ගැඹුරටම දැනෙන්න කියන්න පුළුවන් වුනා.
ඇත්තටම මට නම් ඇඩුනා. නාට්‍යයක් බලලා පලවෙනි වතාවට.

පැය අටක් පුරා දිවගියා මේ masterpiece එකෙන් පස්සේ , අද විචාරකයන් , විවේචකයන් හැමෝටම දැන ගන්න ලැබුනා Xiao Zhan කියන්නෙ traffic star කෙනෙක් විතරක් නෙවෙයි කියලා. ලස්සන මුහුණක් විතරක් නෙවෙයි කියලා. අද ලෝකෙටම දැන ගන්න පුළුවන් වුනා Xiao Zhan කියන නලුවාගෙ සැබෑ මුහුණ.

Wuhan වල theater එක ඉස්සරහ එකම මල් යායක් වගේ.
ඔහුගේ fansලා zhan වෙනුවෙන් ගෙනා මල් පොකුරු වලින් ඉදිරිපස පිරී ගියා.
Fans ලා විතරක් නෙවෙයි. Zenith, rose only , Tods, Li Ning වගේ zhan ගෙ endorsements වලින් extreme විදිහට කරපු මල් සැරසිලි වලින් බිල්ඩින් එක හැඩවුනා.

අද xiao zhan ට ගොඩක් විශේෂ දවසක්. අද yibo ටත් එන්න පුලුවන් වුනා නම් ඔහු ගොඩක් සතුටු වේවි. ඒත් යිබෝට එන්න බැරි තරම් කාර්යබහුලයි කියලා zhan මට කීවා.

යිබෝට එන්න සෑහෙන්න ඕන කමක් තිබුනා.
ඔහු උදේ ඉදන් සැරෙන් සැරේ මට කතාකරනවා. Zhan ගොඩක් බිසීනෙ ඉතින්. එයාගෙ අතේ ෆෝන් එකත් තිබුනෙ නෑ.

" රයන් , හවස් 2.00 ට නේද පටන් ගන්නෙ? මම shooting එක ඉක්මනින් ඉවර කරගෙන කොහොම හරි එන්න බලන්නම්. Zhan ge ලෑස්තිද දැන්??"

" ඔව්. Zhan සූදානම් වෙනවා. හොදයි , ඔයා එන්න උත්සහ කරන්නකෝ". මම කිව්වා.

අන්තිමට මට යිබෝ කතා කරන කොට හවස 2.30 යි.

" රයන්, තාම shooting ඉවර නෑ. ඉර බහින වෙලාවට වගේ shoot කරන්න scene දෙකකුත් තියෙනවා. මට එන්න වෙන එකක් නෑ .".

ඔහුගේ කටහඩ පරාජිත ස්වරයක් ගත්තා .

" කමක් නෑ yibo . එයා දන්නවනෙ ඔයා අද දවසෙම වැඩ කියලා" මම theater එකෙන් එලියට ඇවිල්ලා හිමින් එයාගෙ කෝල් එක ආන්ස්වර් කලේ .

" රයන්.. මම දැක්කා zhan ge ට සුභ පතලා මල් පොකුරු පිරිලා තියෙනවා.."

" ඔව්.. මෙතන හරිම ලස්සනයි.."

" රයන්, මට උදව්වක් කරන්න "

" ඕන දෙයක් කියන්න පොඩි බොස්".
දැන් මමත් සමහර වෙලාවට යිබෝට පොඩි බොස් කියලා කියනවා.

" කාව හරි යවලා shop එකකින් , එක රතු පාට රෝස මලක් ගෙන්වා ගෙන, ඒක මම වෙනුවෙන් zhan ge ට දෙන්න පුළුවන්ද ?? "

අනේ.. මගේ හිත මේ ආදරවන්තයො දෙන්නා නිසා melt වෙන්නෙ මේ වගේ වෙලාවට..

" sure.. යිබෝ... මම එහෙම කරන්නම්"

....................... ...............

ඉතින් , ඊලග දවසේ , 2021-04-23 zhan ගෙ oasis update එක ඔයාලට මතකද??
පෝස්ට් කල වෙලාව 23:58 ..

2+3+5+8 = 18

Caption එක ..
with love sun warms the spring..

ෆොටෝ එකේ තිබුනේ එක රතු රෝස මලක්..

.....................💚❤️...............................

To be continued..

.........
මගේ පුංචි කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තූතියි.
Love you all ❤️❤️
Wo ai ni
我爱你
521

Continue Reading

You'll Also Like

4.4K 837 13
මන්දාරම් අහසටත් තිබුනා කියන්නට එක් කතාවක්. ..
198K 19.2K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
1.1M 38.2K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
426K 16.3K 25
Tae and Jungkook have an arranged marriage, but was it really forced and did they actually like the news... however Jungkook isn't popular and gets a...