මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

12

307 63 77
By zara-N1111

වර්තමානය.

යීබෝ හෙට පිටත් වෙනවා Milan fashion week එකට Chanel වෙනුවෙන් සහභාගි වෙන්න . ඒ නිසා වෙන්න ඇති අද හැන්දෑවෙ Hengdian වලට එනව කියලා තිබ්බේ zhan හමු වෙලා යන්න .

2023 පෙබරවාරි වල තිබුන milan fashion week එකට නම් xiao zhan ත් සහභාගි වුනානෙ,  gucci සහ Tods brands වෙනුවෙන්.

ඒකට zhan යනවද නැද්ද කියල fansලට අවසාන මොහොත වෙනකල්ම දැන ගන්න හම්බ වුනේ නෑ. ඒත් කැස්බෑවො නම් guess කරල තිබුනේ zhan ඒකට යයි කියලා.
මොකෝ wang yibo ඊට දවස් කීපයකට උඩදි douyin එකක් දැම්මනෙ Milano Made කියලා ගහපු hoodie  එකක් ඇදන්. ඇත්තටම ඒක පරණ රෙකෝඩ් කරපු වීඩියෝ එකක් ..
ඉතින් ඒ වෙලාවේ ඒක පෝස්ට් කලේ zhan මිලාන් යන බව කියන්නම තමයි .


ඉතින් අද යිබෝ ආවා.
අපි ගැමෝම හිටියේ ජයග්‍රාහී මානසිකත්වයේ.. Celebrations mood එකේ..!!
ඒ interview එක තියෙන magazine එක issue කරන එක අපි වැලැක්වුවා.
බියර් සහ dinner  දැනටම ඇවිත් .අද japanese food තමයි බොස් order කරල තියෙන්නෙ .

Yibo එක්ක ආවේ Lele විතරයි .
යිබෝ ඇතුලට එනකොටම zhan නැගිටල ගිහින් එයාව වැලද ගත්තා දොර ලගදිම.

" බොබෝ අපි ඒක කලා .. ඒ interview එක මේ ලෝකෙ කවුරුත් දකින්නෙ නෑ දැන්"

" well done zhan ge.."
යිබෝ කිව්වා.. ඒත් එයාගෙ හිනාව ආයාසයෙන් ගත්ත එකක් කියල මට හිතුනා.
ඒ හිනාව ඇස් දක්වා පැතිරුනේ නෑ.
ඇස් වල රැදිලා තිබ්බේ ශෝකී බවක්ද??

ඒ වෙනස අපිට වඩා ඉක්මනින් zhan ගෙ ඇස් වලට අහුවුනා.

" බොබෝ.. ඇයි මුකුත් ප්‍රශ්නයක්ද?? "

යිබෝ නිහඩව හිටියා..

" බොබෝ...?? ඇයි?? Lele මොකක්ද ප්‍රශ්නය ? "
zhan ඒ පාර lele දිහාවට හැරුනා.
Lele මුකුත් උත්තරයක් දෙන්නෙ නැතුව බිම බලා ගත්තා.

" zhan ge, අපි ටිකක් කතා කරමු."
යීබෝ හෙමිහිට කිව්වා.
" අපි ඇතුලට යමුද? "

.........................❤️💚........................
වර්තමානය.
Xiao Zhan POV

මගේ නිදන කාමරය තුලට ඇතුල් වූ විට යීබෝ දොර අගුලු දැම්මා .
ඒ විගසම මම ඔහුව සිප ගන්න කොට මට ඒ දෙතොල් වලින් ඒ තරම් ප්‍රතිචාරයක් දැනුනේ නෑ.

" බොබෝ .. ඔයාට අසනීපයක්ද? හෙට පාන්දර flight එක නේද? "
මම ඇහුවේ සිත් කරදරයෙන්

" නෑ zhan ge. අසනීපයක් නෑ".
එයාගෙ ඇස් දෙකේ තියෙන ශෝකී බව මට හදුන ගන්න පුළුවන් .

" බොබෝ.. මොකක්ද ප්‍රශ්නය ? මට කියන්න. අද අපිට සතුටු දවසක් නේද?? දැන් ලෝකෙ කිසිම කෙනෙක්ට අර මෝඩ ඉන්ටර්වීව් එක කියවන්න බෑ"

එයා ටිකක් වෙලා නිහඩව හිටියා..
ආපහු කතා කරන කොට එයාගෙ කටහඩ ඇසෙන නෑහෙන තරම් පහත් හඩක් වුනා.

" ඒක කවුරු කියෙව්වත් මට කමක් නෑ zhan ge.. ඔයාට ඒක නවත්වන්න ඕන වුන නිසයි මම උදව් කලේ..
ඒත්..  ඒත්. .. ලෝකෙ වෙන කාටවත් ඒක කියවන්න බැරි වුනාට, ඔයාට අමතක වුනාද zhan ge ඒක මම කියෙව්වා කියලා?? "

දෙවියනේ ...
එතකොටයි මට තේරුනේ..
ලෝකෙ හැමෝම ඒක කියවන එක වලක්වන්න මම මගේ ටීම් එක එක්ක  පිස්සු හැදිලා වගේ වැඩ කරන කොට,  මට වැදගත්ම දේ අමතක වුනා කියලා.
ඒ වගේ දේවල් මම ඉන්ටර්වීව් එකකදී කිව්වොත් හිත රිදෙන මේ ලෝකෙ එකම එක්කෙනා... !!
මෙච්චර කල් නිහඩව හිටියට එයා හිත බිදිලා, ගොඩක් දුක හිතිලා  ඉන්න ඇත්තේ...

................❤️💚................ེ.......

2021 පෙබරවාරි

අද බොස් රූ ගත කිරීමකට එලියට ගිහින්.
මම කම්මැලිකමෙන් ඇවිද ඇවිද ඉදන් Liu Min ලගට ආවා.
ඒකා laptop එකත් දාගෙන වීඩියෝ එකක් edit කරනවා.

" zhan බොස්ගේ douyin එකක්. "
Liu  Min මට කිව්වා.
මම දැක්කා එයා ඒක තත්පර 18 ක් වෙන විදිහට එඩිට් කරන්නෙ කියලා.
ආයෙත් පාරක් 18.
මම පොඩ්ඩක් douyin එකේ zhan ලගදි පෝස්ට් කරලා තියෙන වීඩියෝ ටික බැලුවා.
ඔක්කොම තත්පර 18 යි.

" Liu Min, ඇයි බොස්ගේ පෝස්ට් වලට ගොඩක් වෙලාවට 18 ඉලක්කම සම්බන්ධ කර ගන්නෙ ඇත්තටම ?? "
මම ඇහුවා.

" රයන් දැන් යිබෝ බොස් ගැන දන්නවා වුනාට , තාම kadian ගැන දන්නෙ නෑ නේද? බලන්න 18 කියන එක pronounce කරන කොට yi-bo වගේනේද ඇහෙන්නෙ? "

Wow!! ඒක මරු. එදා තමයි මම kadian ගැන දැන ගත්තෙ. මට චයිනීස් භාශාව පුළුවන් නිසා ඒක ඉක්මනින් තේරුම් ගත්තා.

" මොකක්ද මේ පාර douyin එකට දාන background music එක? ".
මම ඇහුවා.

" මේක . Find my way. "

" මේ සින්දුව china වල douyin වලට දාන ජනප්‍රිය සින්දුවක්ද?? "

" එහෙමත් නෑ. ඒක මේ skateboard වීඩියෝ වල තමයි ගොඩක් පාවිච්චි කරලා තියෙන්නෙ "
Liu Min කිව්වා.
බොස්ට එහෙනම් කොහොමද මේ සින්දුව හුරුපුරුදු වුනේ කියන එක පැහැදිලියි.

...............................❤️💚..........................

වර්තමානය.
Xiao Zhan POV

" අනේ.. බොබෝ... මැණික මට සමාවෙන්න "

මම ගිහින් එයාගෙ අත් දෙකම  අල්ලාගෙන කිව්වා.

" නෑ zhan ge. ඒක ඔයාගෙ වරදක් නෙවෙයි. ඒ ඉන්ටර්වීව් එකේ වුන දේ මට පැහැදිලියි. ඒත්..."

" ඒත්?? "

" ඒත් ඒක කියෙව්වම මගේ හිත රිදුනා zhan ge. "

" අනේ බොබෝ..."

" මේ දවස් වල මම මේ ගැන කතා කලේ නැත්‍තෙ ඔයා ඒ මැගසින් ටික issue වෙන එක වලක්වන්න දිවා රෑ නැතුව මහන්සි වුන නිසා.ඒත් මම ගොඩක් කල්පනා කලා.. අපේ සම්බන්ධය ගැන.."

මට ටිකක් බය හිතුනා..

" ඒ ගැන මොකක්ද,?"

"දැන් අපි යාලු වෙලා අවුරුදු කීයක්ද zhan ge. ඒත් interview එකකදී අහන ප්‍රශ්නයකදී අපිට කෙලින් උත්තරයක් දෙන්න පුළුවන්ද?? ඒ ඉන්ටර්වීව් එකේ ඔයා ගැලපෙන කෙනෙක් හමු වූ දාක බදිනවා කියන එක මට ගොඩක් හිතට වැදුනා"

"අනේ බොබෝ.. ඒක ඇත්ත නෙවෙයිනෙ"

"මම දන්නවා. ඒත් තව අවුරුදු ගානක් ගිහින් ඔයාට අවුරුදු හතලිහකට වගේ කිට්ටු වුනාම, අපේ සම්බන්ධය ගැන කොහොම හිතෙයිද? අපේ සම්බන්ධයට තියෙන අනාගතය මොකක්ද ??
මැදි වයසට එනකොට ඔයාට ගෑණු ලමයෙක් බැදලා පවුලක් ගොඩ නගන්න හිතේවිද?? අපේ වගේ සම්බන්ධකම් තිබුනු ෆීල්ඩ් එකේ ගොඩක් අය ඒක නේද කලේ,?? මට මේ වගේ දේවල් කල්පනා වෙන්න ගත්තා.."

" දෙවියනේ bobo .. ඔයා මේ මොනවද හිතන්නේ?? ඒක එයාලා මාව හිර කරන්න plan කරපු ඉන්ටර්වීව් එකක්. ඒකෙන් ඔයා ඔච්චර දේවල් හිතන්නෙ ඇයි දෙවියනේ ?? "

" අනික.. අනික.. Zhan ge.. "
මගෙ බොබෝගෙ කටහඩ හැඩුම්බර වුනා..
" තව අවුරුදු ගානක් ගිහින් ඔයාට ඒ වගේ දෙයක් හිතුනොත් මට ඒක දරා ගන්න බැරිවෙයි . දැනටත් වඩා ඒක අමාරු වේවි"

මම එයාව සැනෙකින් වැලදගත්තා..

"Shut up බොබෝ . මොනවද ඔයා මේ කියන්නෙ
Bobo .. මගෙ මැණික , gouzaizai.. මම ඔයාට ආදරෙයි"

" මම දන්නවා zhan ge.. මම දන්නවා.
ඒවා විකාර සිතුවිලි තමයි ..
ඒත් මේ සිතුවිලි මගේ හිතට වද දෙනවා. "

එයාව වැලදගෙන හිටිය මාව yibo අත් දෙකෙන් අල්ලලා ටිකක් ඈත් කලා.

" මේක අහලා කලබල වෙන්න එපා.
ඒත්.. මට පොඩි break එකක් ඕනා gege.."

............❤️💚............. .....

2021 පෙබරවාරි

Lantern festival එකට තව දවස් පහක් හයක් ඇති.
Chinese new year එකෙන් දවස් 15 කට විතර පස්සෙනෙ lantern festival එක එන්නෙ.
තාම new year celebrations වගේ නිසා zhan ට ලොකු වැඩක් තිබ්බේ නෑ.
Wang yibo ත් ඇවිත් හිටියා අද.
අපි කාර්ඩ් ගේම් එකක් සෙල්ලම් කර කර හිටියේ.
අපි කිව්වෙ මම, Wu Chang , Xin Yi , සහ Liu Min .

Zhan සෝෆා එකේ ඉදන් i-pad එකත් තියාගෙන මොනවද කර කර හිටියා.
Yibo ත් එයාගෙ උරහිසට හේත්තු වෙලා ඉදන් ඒ
i pad එක දිහා බලාගෙන " එහෙම හොදයි.. " ඒක කියුට්" " ඒ font එක දාමු " වගේ දේවල් කිය කිය හිටියා.
ඒක හරිම ලස්සන  cozy , domestic scene එකක්.

අන්තිමට xiao zhan අපි දිහාවට හැරෙව්වා i-pad එක.

" මේක හොදයිද බලන්න "

ඒ මොකක්ද.
යිබෝගේ ෆොටෝ එකක් වටේට එක එක බලි කුරුටු ටිකක් ඇදලා.

" අනේ. .. සෝ.. කියුට් .."
ඒ අපේ ඇසිස්ටන්ට් Xin Yi.
කෙල්ලොනෙ!!

දවස් පහකට පස්සේ lantern festival එකට සුභ පතලා yibo official එකෙන් දැම්මේ ඔය පින්තූරය තමයි.

කට්ටිය හෝ ගාලා weibo එකේ zhan ගේ පරණ චිත්‍ර ඇදපුවා එක්ක මේ doodles සන්සන්දනය කරනවා එක එක විදිහට.
මොකට ඔයතරම් මහන්සි වෙනවද. ඒ artist ඔයාලා හිතන  එක්කෙනාම තමයි...

........... . ....❤️💚.....................

වර්තමානය.
Xiao Zhan POV

" මේක අහලා කලබල වෙන්න එපා.
ඒත්.. මට පොඩි break එකක් ඕනා gege.."

ඒක අහල මට ඇත්තටම ඇඩුනා ඒ වෙලාවෙ.

" අනේ බොබෝ.  ඒක නම් හිතන්නවත් එපා.. ..හිතන්නවත් එපා .. මම ඔයාට ආදරෙයි දෙවියනේ"
මම කිව්වේ කදුලු පෙරෙන ගමන්..

" zhan ge.. පැටියෝ.. මාත් ඔයාට ආදරෙයි..
Break up වෙනවා නෙවෙයි අපි..
මට ඕන පොඩි break එකක් විතරයි ..මගේ හිතට සැනසීමක් නෑ මේ දවස් වල.
මට ඕන මේ හැමදේම ගැන  , අපි දෙන්නා ගැන නිදහසේ හිතන්න"
එයාගෙ ඇස් දෙකෙනුත් කදුලු බේරෙනවා.

" එතකොට ? "

" මම හෙට Milan fashion week එකට ඉතාලියට යනවනෙ. දවස් හතරකින් ආයෙත් එන්න හිතාගෙන හිටියේ. ඒත් මම ඒක extend කලා. සතියකින්.
එහේ වැඩ ඉවර කරලා මම සතියක් Atrani වල cottage එකක් book කරන්න කිව්වා.
ඒක ඉතාලියෙ පොඩි costal village එකක්. "

" හ්ම්ම්.. ඒ සතියේ එහෙනම් ඔයා නිවාඩුවක් ගන්න "

" zhan ge.."
එයාගෙ කටහඩ ආයෙත් ඇසෙන නෑහෙන තරම් පහත් වුනා..
" ඒ සතියෙ මට ඕන හැමදෙයින්ම ඈත් වෙලා ඉන්න . අපි දෙන්නත් එතකොට . කතා නොකර..Contact නොකර ඉමු."

මම ආයෙත් කලබල වුනා..

" බෑ බෑ බොබෝ ඒක නම් මට කරන්න බෑ.. "

" zhan ge.. ඒ සතියෙ අපි දෙන්නම අපේ සම්බන්ධය.. අපිට ඕන දේවල්, අපි බලාපොරොත්තු වෙන අනාගතය  ගැන හිතමු . ඒ සතියේ අපේ සිතුවිලි අපිට clear කර ගන්න පුළුවන් වේවි.
මම ඔයාට ආදරෙයි . ඒක ගැන සැකයක් හිතන්න එපා"

එයා කිව්වා ආදරණීය හඩකින්..

" මට නම් අමුතුවෙන් හිතන්න , clear කර ගන්න දෙයක් නෑ බොබෝ.. මට ඕන ඔයා විතරයි. මට එකග වෙන්න බෑ එහෙම කතා නොකර ඉන්න "

" gege.. , මගෙ හිත හදාගන්න මේ break එක ඕන පැටියෝ . අපිට මුකුත් වෙන්නෙ නෑ..."

" බෑ බොබෝ.. ඒක හරියන්නේ නෑ"

" zhan ge.. මම ආයෙත් ඔයා ලගටමයි එන්නේ.
මතකද ඔයාටත් මෙහෙම break එකක් ඕන වුනා දවසක්.. ??
එදා මාත් මුලින්ම ඔයා වගේ බෑ බෑ කිව්වා. ??
ඒත්  මම ඔයාට ඒ break එක ගන්න දීලා, ආයෙත් ඔයා එනකල් බලා හිටියා?? "

...................................❤️💚.........

To be continued.....

මම දවසක් ඇර දවසක් update එකක් දාන්නම්. Daily ලියන්න ටිකක් අමාරුයි මේ දවස් වල.

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.
Love you all so much .. 🥰🥰🥰

Continue Reading

You'll Also Like

1.1M 38K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
468K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...