මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

9

412 68 112
By zara-N1111

2021 ජනවාරි.

එදා දෙසැම්බර් 31 new year eve එක දවසේ.. Zhan , yibo දෙන්නා ඒ අඩ අදුරු කාර් එක ඇතුලේ අත් පටලාගෙන ආ හැටි දැක්කාට පස්සේ ,මට පහුගිය දවස් වල වුනු ගොඩක් සිදුවීම් අලුත් ආලෝකයකින් , අලුත් කෝණයකින් පේන්න ගත්තා.

Zhan ගේ සිම්පල් බර්ත්ඩේ කේක් එක, එයාව හම්බවෙන්න රහසිගතව ආව අමුත්තා.. ඔය වගේ දේවල්.
මේ දෙන්නා සාමාන්‍ය යාලුවො දෙන්නෙක්ට වඩා සමීපයි කියලා හොදටම පැහැදිලියි.
ඒත් ඒක මොන වගේ සම්බන්ධතාවයක්ද කියලා මම දන්‍නෙ නෑ. ඒක මම හොයන්න යන්නෙත් නෑ. මොනව වුනත් zhan බොස්ට මම සපෝර්ට්..
හැබැයි ආපහු yibo ආපු දවසක මම වැඩිය ඒ පැත්තෙ යන්නෙ නැතුව ඉන්න ඕන. මම ඇණයක් වෙනවද දන්නෙ නෑනෙ එයාලට.

ඉතින් මම ඉන්න ගමන් ආයෙත් yibo ගෙ rules of my life සින්දුව new year eve performance එක බැලුවා. ඒ සින්දුව නියමයි.
ඒ අතර මට දෙයක් notice වුනා.
යිබෝගෙ කොල පාට මයික් එක.
ඔය වගේම රතු පාට මයික් එකක් අපේ බොස්ටත් තියෙනවනෙ.
Sennheiser SKM 900 මයික් එකක්.
Custom made එකක්.
මේ පහුගිය දෙසැම්බර්වලමයි බොස් ඕඩර් එක දුන්නෙ. හැබැයි මයික් දෙකකට.
මොකක්ද අනික් මයික් එක.?
Zhan ගෙ සින්දුවෙ rehearsal වලට ඒ රතු පාට මයික් එක යොදාගත්තට , පුදුමෙකට වගේ stage performance වලට ඒක ගත්තෙ නෑ.

" ඇයි බොස්., මේ අලුත් රතු පාට මයික් එක හොදයිනෙ. ඒක ගන්නෙ නැත්තෙ ඇයි performance වලට? "
මම ඇහුවා.

" මමත් ඒක අදම ප්‍රසිද්ධියේ පාවිච්චි කලොත් ඒ ගැන ලොකු කතාවක් ඇතිවෙයි රයන් . ඒක තව මාස කීපයකින් එලියට දානවා"
zhan කිව්ව එකේ තේරුම මට තේරුනේ නෑ ඒ වෙලාවෙ නම් .

ඉතින් Zhan ඒ මයික් එක ප්‍රසිද්ධ ස්ටේජ් එකකට ගෙනාවෙ ඊට මාස පහකට පස්සේ , 2021 මැයි මාසේ.

ඒත් එදා දෙසැම්බර් වල zhan ගෙ rehearsal photo අවුට් වුන නිසා රතු පාට , කොල පාට couple microphone වල කතාව කැස්බෑවෝ දැනගත්තා.. ඒ වගේම company එකත් පිලිගත්තා ඒ custom මයික් දෙකම හැදුවේ තමන් කියලා.

ඒ වගේම තව පොඩි දෙයක් මතක් වෙනවා.
2021 ට XZ studio එකෙන් කැලැන්ඩරයක් ගැහුවා.
මාස දොලහට 1, 2, විදිහට නම්බර්ස් ගහලා zhan ගෙ පින්තූර තියෙන පිටු 12 ක්..
ඒකේ ඔක්තෝබර් ඒ කිව්වේ ., 10 වෙනි මාසය උපන්දිනයක් සංකේතවත් වන විදිහට තිබ්බේ. ඒක හරි ඒ zhan ගෙ උපන්දින මාසයනේ .
ඒත් ඒ කැලැන්ඩරේ අගෝස්තු-  ඒ කියන්නෙ ස්8 වෙනි මාසයත් උපන්දිනයක් සංකේතවත් වන විදිහට තිබුනම මට හිතුනා ඒ මොකෝ කියලා.
දැන්නේ මම තේරුම් ගත්තේ ඒ මොකෝ කියලා. අගෝස්තු මාසෙ බර්ත්ඩේ තියෙන කෙනෙක් ඉන්නවනේ.

..............❤️💚..........::ེ..

වර්තමානය.

" zhan ge, මම හදිසියේ zixun ව එක්ක ගෙන ආවෙ එයාට මේ ගැන information එකක් ලැබුනු නිසා. මේක plan කරපු දෙයක්ද කියලා මටත් හිතෙනව.."

යීබෝ එහෙම කිව්වා

" මේ writer ට ඒ ප්‍රශ්න ටික අහන්න කියලා කොලේ එවලා තියෙන්නෙ production department එකෙන්. වෙනදා එහෙම දෙයක් වෙන්නෙ නෑ.
editorial department එක විතරයි , සගරාවෙ ඇතුලෙ තියෙන article වල content handle කරන්නෙ. Production එකෙන් ඒවට ඇගිලි ගහන්නෙ නෑ"
Zixun කිව්වා. එයා යිබොගේ යාලුවා, editorial assistant කෙනෙක් .

" පොඩ්ඩක් හොයලා බලද්දී සගරාවෙ  production manager , ඔය කියන දවස් වල Peng Chao ව හම්බවෙන්න ගිහින් තියෙනවා. දවස් කීපයක්ම. ඒ වගේම ඔය photoshoot එක කල දවසේ උදේත් "
" ඔයාලා දන්නවද Peng Chao කියන්නෙ කව්ද කියලා??"
Zixun තව දුරටත් කියා සිටියා.

Peng Chao කියන නම මට හොදට හුරුයි.
ඒ Zhanට  ඊලගට රගපාන්න ආරාධනා ආව ඩ්‍රාමා එකේ නිශ්පාදක නේද. ?
චීනේ ලොකු අත්තක්.
මම හිතන්නෙ industry එකේ ගොඩක් influential කෙනෙක්.

" බොස් ඒ Jade sward of Ming Dynasty ඩ්‍රාමා එකේ producer! ".
Wu Chang කීවා. ඒක තමයි ඒ zhan ට ආරාධනාව ආපු ඩ්‍රාමා එක.

" ඒ ප්‍රශ්න ටික දුන්නෙ ඔහුද?
එහෙනම් ඒකේ අරමුණ මොකක්ද? " zhan ඇහුවා.

" එයා කැමතියි එයා නිශ්පාදනය කරන ඩ්‍රාමා වල CP promote කරන්‍න. එයා කලින් නිශ්පාදනය කරපු ඩ්‍රාමා එකේ female leadට බල කරලා තිබුනා එයාගෙ engagement  එක රහසක් විදිහට තියාගන්න drama එක broadcast කරලා ඉවර වෙනකල්ම. "
Zixun එයා දන්න කරුනු දැක්වූවා.

" එතකොට ඒ ප්‍රශ්න අහන්න උපදෙස් දුන්නේ ඔහුද?
ඒක ඩ්‍රාමා එක නිසා කල වැඩක්ද? Main lead තනිකඩයි කියලා කියන්න? "
යිබෝ විමසුවා.

ඒක අපිට හිතාගන්න බැරි වුනා.

" මාත් අහල තියෙනවා ඔහු main leads වලින් ගොඩක් fan service බලාපොරොත්තු වෙනවා කියලා"  Wu Chang කීවා.

" මම තාම ඒ screenplay එක කියවන ගමන් ඉන්නෙ. තාම මම contract මුකුත් සයින් කරලා නෑ. " zhan කිව්වා.

තාම zhan ට ඒකට ආරාධනා ආවා කියලා කවුරුත් දන්නෙ නෑ. සෑහෙන්න ලොකු බජට් එකක් වෙන්කරල තියෙන ලොකු project එකක්. හැමදේම confirm වෙනකල් media වලින් තොරතුරු හංගාගෙන ඉන්නෙ.

" ඒක අපිට වාසියට ගන්න පුළුවන් .තවම බොස් contract sign කරලා නැති එක. " මම කිව්වා.

" ඔව්. මට තාම ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් . "

" zhan ge, ඒ drama එකේ script එකට ගොඩක්  කැමතියි කිව්වා නේද??  ඒ ඩිරෙක්ටර් ගිය අවුරුද්දෙ best director විදිහට tencent awards ගත්‍තා නේද? ඔයා එයා එක්ක වැඩ කරන්න කැමැත්තෙන්නෙ හිටියේ?? " yibo කිව්වා
" ඒ නිසා ඔය producer නිසා හොද project එකක් නැති කරගන්න එපා"

" ඒත් දැන් මම debut වුන කාලේ වගේ නෙවෙයි. Drama එකක් promote කරන්න ඕනෑම දෙයක් කරන්න මම කැමති වෙන්නෙ නෑ දැන්. මම කොහොමත් fan service හෝ CP promote කරන්නෙ නෑ.. "
Zhan කිව්වේ ස්ථිර හඩින්.

" ඔය Peng Chao ට magazine එකට බලපෑම් කරන්න හැකියාවක් තියෙනවා. සල්ලි සහ බලය ඕනෑ තරම් තියෙනවනෙ" zixun කිව්වා.

.

..................❤️💚.....................

202 ජනවාරි

අද ජනවාරි 8 වෙනිදා. මට දවස හොදට මතකයි.
අපි හිටියේ බෙයිජින් වල.
Zhan ටත් ලොකු projects තිබුනෙ නෑ මේ දවස් වල. අද උදේ එයාගෙ endorsement එකක් වුන Rose only එකේ 8 වන anniversary එකේ advertiestments එකකට ගිහින් ආවේ.

හවස් වරුවේ අපි physiotherapy session එකක් දාගෙන හිටියේ . කලින් ප්ලෑන් කරගත් session එකක් නිසා වගේම zhan එයාගෙ රූම් එකේ ඉන්නවා කියලත් දන්න නිසා මම ඒ පැත්තට ගියා.
කවදාවත් security එකෙන් මාව නවත්වන්නෙ නෑ. මම, Wu Chang , Xin Yi, Liu Min එහෙම zhan ගෙ ලගම inner circle එක වගේ හිටියේ දැනටමත්.

Zhan ගෙ hotel suite එකේ දොර වහලා තිබුනට ලොක් කරල තිබුනේ නෑ..
මම ඉතින් සුපුරුදු විදිහට දොරට තට්ටු කරන්නෙත් නැතුව ඇරගෙන ගියා..

දෙයියනේ..

මගේ බොස් සෝෆා එක උඩ කොල්ලෙක්ව කිස් කරනවා පිස්සුවෙන් වගේ..
ඒ කොල්ලා ඉතින් wang yibo තමයි කියලා ඊලග තත්පර 0.2 දී මගේ මොලේට තේරුනා.

දොර අරින සද්දෙට දෙන්නම හැරිලා බැලුවා.

" සමාවෙන්න .. සමාවෙන්න .. දොර ලොක් වෙලා තිබ්බේ නෑ .. මම පස්සේ එන්නම්"
ගොත ගගහා කියාදාලා මම එන්න හැදුවේ.

මේ වෙනකොට දෙන්නා සෝෆා එකේ වාඩිවෙලා ඉන්නවා මුකුත් වුනේ නෑ වගේ.
Zhan t-shirt  එකක් හා short එකක් ඇදලා.
Yibo බැගී කලිසමකින් හා කලු පාට ටීශර්ට් එකකින් සැරසිලා.
එයාගෙ ජැකට් එක, කැප් එක එහෙම බිම වැටිලා. යීබෝ තාම ආපු ගමන් වගේ .
යීබෝ අත හෙමිහිට තමන්ගේ බෙල්ල පිටිපස්සට යවලා අතගෑවා , අර ලැජ්ජ හිතුනම කරනවා වගේ.
දෙන්නම රතු වෙලා හිටියේ.

" sorry රයන්,  මට treatment session එක කැන්සල් කරනවා කියන්න බැරිවුනානේ " ඒ zhan .

" හරි හරි.  ඒක අව්ලක් නෑ. මම ගිහින් එන්නම්. "
මට ඕන ඉක්මනින් යන්න තවත් ඇණයක් නොවී.

" ok රයන් . මම ඔයාට කතා කරන්නම්."
මම දොර වහගෙන යනකොට zhan කියනවා ඇහුනා.

...................  ❤️💚........

" බොස් කියපු විදිහට මම GQ magazine එකේ chief editor ට කතා කලා. ඔහු කැමතියි interview එක වෙනස් කරන්න . ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ දැනටම සගරා ඔක්කොම print කරලා."
Wu Chang කිව්වා.

" Production එකෙන් කොහොමත් කැමති වෙන එකක් නෑ , ඒ ටික අයින් කරලා අලුත් සෙට් එකක් print කරන්‍න"
Zixun කීවා.

ටික වේලාවක් නිහඩතාවය රජ කලා.

"මම කැමතියි ඒ වියදම දරන්න. අලුත් print එකේ" zhan කිව්වා.

" ඔයාට පිස්සුද zhan ge. ඒගොල්ලො නේද වංචාකාර ප්‍රෝඩාවක් කලේ? මොන ජරා වැඩක්ද එයාලා කලේ? ඔයා මොකටද ඒ පාඩුව දරන්නෙ? "
Yibo කිව්වේ තරහෙන්.

ඒක ඇත්ත නේන්නම්.
අපි හැමෝම ආයෙත් කල්පනා කලා.

" ඔයා හරි bobo. මේකට වෙන plan එකක් හිතන්න ඕන." zhan කිව්වා.

" අපිට විදිහක් නැද්ද , ඒකේ ගින්නක් ඇති කරවන්න?? ඔක්කොම magazine ටික අලුවෙලා යන්න ? "
ඔන්න මට ආව අදහස.
අනික් හැමෝම කටවල් ඇරලා මා දිහා බැලුවා. පස්සේ බැලුමක් පිපිරුවා වගේ හැමෝම හයියෙන් හිනා වෙන්න ගත්තා.
ඇයි වදේ ඕක ඔච්චර හිනායන අදහසක්ද??

" රයන් ඔයා හොලිවුඩ් ඇක්ෂන් ෆිල්ම් බලනව වැඩියි." zhan කිව්වා හිනා වෙවී..

" ඒත් ඒකෙන් මට අදහසක් ආවා පොඩි plan එකක් ගැන.
Wu Chang , ඔයා ගිහින් ඔය producer ,  Peng Chao ව මුණගැහෙන්න. Unofficial විදිහට .
ඒ interview  එක issue කරන එක වැලැක්වුවොත් විතරක් මම ඔය drama එකේ රගපාන බව ඔහුට වක්‍රව කියන්න..
ඊලගට අපි GQ magazine එකේ staff එකත් හමුවෙන්න යන්න ඕන..
සාමයෙන් කතා කරලා විසදන්න බැරි නම්.. පොඩි ගින්නක් ඇති කරමු".

..... ................❤️💚...............

2021 ජනවාරි

එහෙනම්.. මට හිතුනු එක හරි..
හරි හරි.. මම දන්නවා.. ටියුබ් ලයිට් එකක් වගේ මේක දැන   ගන්න මට මාස තුනකට වඩා ගියා තමයි..
ඒත් එදා දෙසැම්බර් 31 වෙනිදා මට හිතුනනේ මේ දෙන්නා සාමාන්‍ය යාලුවො නෙවෙයි කියලා. මොකද මම කවදාවත් , බීලා හිටිය වෙලාවකවත් කොල්ලෙක් එක්ක ඔහොම අත් අල්‍ලාගෙන ඉදලා නෑ .

වැරදියට වටහා ගන්න එපා. මම homophobic මෝඩයෙක් නම් නෙවෙයි. Homosexual හැමෝටම සමාන අයිතින් තියෙන්න ඕනා, ඕනනම් විවාහ වෙන්න උනත් පුළුවන් වෙන්න ඕන කියලා කියලා හිතන කොල්ලෙක්.

අනික මගේ බොස්.. කොල්ලෙක් එක්ක නෙවෙයි කකුල් අටක් තියෙන පිටසක්වල ජීවියෙක් එක්ක යාලුවුනත් මගේ සම්පූර්ණ  support එක හම්බ වෙනවා..

යිබෝ ගැන මගේ අමනාපයක් නැහැ .
ඒත් ඔයා ගොඩාක් අගය කරන ,හිතේ ඉහල තැනක ගෞරවය ලබන කෙනෙක් කාත් එක්ක හරි යාලු වුනා කියලා දැනගත්තම එන සිතුවිල්ල මටත් ආවා..
Zhan ට මීට වඩා හොද එක්කෙනෙක් හොයාගන්නත් තිබුනනෙ හැබැයි කියලා.

.......   ........❤️💚..................

පැය දෙකකට විතර පස්සේ zhan මට call කරා. Treatment session එක කරමු කියලා.
සමහරවිට zhan ට මට කතා කරන්නත් ඕන වෙන්න ඇති.

Zhan සෝෆා එකේ වාඩි වෙලා හිටියා. යිබෝ පේන්න හිටියේ නෑ.

"එයාට නින්ද ගිහින්. "
Zhan මගේ හිතේ ප්‍රශ්නය තේරුනා වගේ කිව්වා.

ඒකට හිස වැනූ මම , සිදු වූ දේ ගැන මුකුත් කතා කරන්නෙ නැතිව zhan ගේ වලලුකර exercise කරන්න ගත්තා.

" මම කලින් වචනයෙන්ම නොකීවට රයන් දැන ගෙන හිටියා නේද? " zhan ඇහුවා.

ඒකට මොනව කියන්නද කියලා මම කල්පනා කලා.

" ඇත්තම කියනව නම් මට එහෙම හිතුනේ සතියකට විතර කලින්.. New year eve දවසේ"

" එච්චර පහුවෙලා?? " zhan  හිනාවුනා .
" rooms දෙකක් බුක් කරල තිබුනට අපි දෙන්නා එක රූම් එකක් විතරක් use කල හින්දද? "

ඒක මම දැනගෙන හිටියේ නෑනෙ.
" නෑ . මම අහම්බෙන් දැක්කා ඔය දෙන්නා අත් දෙක අල්ලාගෙන ඉන්නවා කාර් එක ඇතුලේ"

ඔන්න මම ඇත්තම කිව්වා.
ඒකට zhan හයියෙන්ම හිනාවුනා.

" රයන් වැඩට ආපු දවසෙම මම දැන ගත්තා ඔයාව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් කියලා"
බොස්ගෙ tone එක serious වෙලා තිබුනා.

" ඕනැම දේකදි මගේ සහයෝගයයි .. විශ්වාසයයි ගැන කිසිම සැකයක් තියාගන්න එපා බොස්"
මම කිව්වම zhan එය පිලිගන්න බව හගවමින් හිස සැලුවා.
ඊට පස්සේ එදා දවසට අපි ඒ ගැන කතා කලේ නෑ.

Zhan මේ දැන් නාලා වගේ හිටියේ, කොන්ඩෙ තාම තෙතයි වගේ. නැවුම් ටීශර්ට් එකක් හා ශෝර්ට් එකකට මාරු වෙලා. වෙනදා මම දැකලා නැති blush එකක් කම්මුල් වල ලාවට තිබුනා.

Ankle exercise කරන්න සමීප වෙලා හිටිය නිසා zhan ගෙ මිල අධික shower gel, shampoo සුවද අතරින් වුනත් එන Faint musky smell එක කොල්ලෙක් වුන මට අදුනගන්න පුළුවන් .
That's the smell of sex!!

........  ...❤️💚........

කොහොම හරි, මේ දවස් ටික දෙන්නටම කාලෙකින් ලැබුනෙ නැති එකම නගරයේ ඉන්න පුළුවන් වුන දවස් කීපයක් .
2021- ජනවාරි 8 ඉදන් 11 වෙනකල්ම දෙන්නම Beijin වල එක්ව කාලය ගත කලා.
හිතාගන්නත් බැරි තරම් වේගයෙන් ඒ දින ටික ගෙවී ගිය  බව zhan කීවා.

........❤️💚.............

To be continued...

....     ....           ........

ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම..

අද ගොඩක් බිසී..ඒ නිසා ගොඩක් පරක්කු වුනා.
Love you All so much ...🥰🥰🥰🥰

Continue Reading

You'll Also Like

4.4K 837 13
මන්දාරම් අහසටත් තිබුනා කියන්නට එක් කතාවක්. ..
2.8M 109K 48
Ares Collin He's an architect who live his life the fullest. Money, fame, women.. everything he wants he always gets it. You can consider him as a lu...
46.1K 790 19
𝙰 𝚌𝚑𝚒𝚕𝚍𝚑𝚘𝚘𝚍 𝚋𝚎𝚜𝚝𝚏𝚛𝚒𝚎𝚗𝚍 𝚝𝚘 𝚊 𝚟𝚎𝚛𝚢 𝚜𝚙𝚎𝚌𝚒𝚊𝚕 𝚏𝚛𝚒𝚎𝚗𝚍 𝚝𝚑𝚊𝚝,𝚢𝚘𝚞 𝚠𝚒𝚕𝚕 𝚕𝚘𝚟𝚎 𝚠𝚒𝚝𝚑 𝚠𝚑𝚘...
6.2K 551 24
සමහර බැදිම් ලස්සනයි නමක් නොදෙනතාක් !.. 2024.1.22