මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

21.1K 3.7K 4.3K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

7

501 97 66
By zara-N1111

2020 දෙසැම්බර්

" wang yibo ?? ඔයා මොකක්ද අදහස් කලේ රයන්?? Yibo මට කල වරද මොකක්ද ?? "

Xiao zhan මගෙන් අහන්නෙ ඇස් දෙකත් ලොකු කරන් , හරියට මම හතරබීරි කතාවක් කීවා වගේ look එකකින්.
දීපල්ලකො ඉතින් උත්තර.

" ම්ම්.. මේ මම කීවෙ 227 සිද්ධිය ගැන. "

" 227?? ඒක කොහොමද yibo ගෙ වැරැද්දක් වෙන්නෙ ?"

"කලින් කොච්චර ලග යාලුවෙක් උනත් එයා බොස් කරදරේ වැටුන වෙලාවෙ මගහැරිය නේද? විශේෂයෙන්ම ඒ ප්‍රශ්නයට මුල්වුන fan fiction එකට ඔබලා දෙන්නගෙම නම් සම්බන්ධ වෙද්දී ?? "

තමන්ට ඇහෙන වචන විශ්වාස කරන්න බෑ වගේ zhan දෙපසට හිස සෙලෙව්වා.

" දෙවියනේ රයන් , ඊයේ පෙරේදා වෙනකල් 227 ගැන දැනගෙනවත්  හිටියෙ නැති ඔයාට කොහෙන්ද ඔය අදහස් ආවේ?? "

අයියෝ. හරි අමාරුයි මේවා chinese වලින් විස්තර කරන්න .

" මම කියවපු sites වල එහෙම තමයි තිබුනේ. ඒවා ඔක්කොම වගේ බොස්ගේ fansites තමයි.
අනික බොස් කිව්වේ "හොද කාලයේදී ලගින් හිටිය අය එකපාරටම අතුරුදහන් වෙනවා.. ඔයාට නියම හිතවතුන් කව්ද කියලා හොදටම හදුනගන්න පුළුවන් වෙනවා එහෙම දවසක කියලා" . මට හිතුනෙම බොස් අදහස් කලේ wang yibo ගැන කියලා?? "
මම කිව්වා.

"දෙවියනේ .. නෑ රයන් නෑ .
මම yibo ගැන නෙවෙයි අදහස් කලේ.
මාව යටකරගෙන ගියපු දුවන කෝච්චියට එයාත් පැනල වැඩක් තියෙනවද?? එයා ඒ සිද්ධිය ගැන public එන එක මමයි නැවැත්තුවේ . අනික එයා තමයි ඒ දවස් වල මට තිබුණ ලොකුම ශක්‍තිය."

ඉබේම වගේ ankle massage එකත් මගේ අතින් නැවතුනේ zhan ගෙ කතාව අහලා. ඒ වගේ දෙයක් මම කොහොමටවත් බලාපොරොත්තු වෙලා හිටියේ නෑ.

මට ඒක අහල ලොකු වරදකාරි බවක් දැනෙන්න ගත්තා. මම අවංකවම zhan ගෙන් මම කියූ දේට සමාව ඉල්ලුවා.

" අනික රයන් ඔයා ඔහොම හිතපු එක කොහොමටවත් yibo ට නම් දැනගන්න තියන්න එපා. එයා මේ මාතෘකාව ගැන තාම හරි sensitive "
රූගත කිරීමට යන්න සූදානම් වූ zhan නැවත හැරීබලා මට කිව්වා.

............❤️💚

Zhan ව හමුවෙන්න කලින් C entertainment ගැන මුකුත් නොදැන සිටි මම, XZ studio එකේ වැඩට ආවට පස්සේ Zhan ගේ fan කෙනෙක් XFX කෙනෙක් වුනා. Solo XFX කෙනෙක් වුන මම 227 ගැන internet එකේ තිබුනු දේ කියවලා ටිකක් toxic solo XFX කෙනෙක් වගේ හිතන්න අරන් තිබුනා. ඒත් zhan එක්ක කතාවෙන් පස්සේ මගේ ඒ සිතුවිල්ල නැතිවුනා. මම තාම XFX කෙනෙක් තමයි . හැබැයි toxic solo කෙනෙක් නෙවෙයි.
Yibo ගැන මගේ තිබුනු අප්‍රසාදය zhan ගෙ කතාවෙන් ටිකක් නැතිවුනා. ඒත් තවම එයා ගැන ලොකු කැමැත්තකුත් මගේ හිතේ ඇතිවෙලා තිබුනෙ නෑ.

වර්තමානයේ මම මේ කතාව කියන මොහොත වෙනකොට මම ඔයාලා හදුන්වන විදිහට කැස්බෑවෙක්. ඒ වගේම zhan ට yibo ට එක වගේම හිතවත්කමින් සලකන කෙනෙක්. ඒත් මම ඒ අවබෝධයට ආවේ පියවරින් පියවර , ටිකින් ටික තමයි.

...... .........❤️💚.............

වර්තමානය.

Pub එකේ ඉදන් Beijin වල එයාලගෙ ගෙදරට එනකොට zhan ට හොදටම නින්ද ගිහින් තිබුනේ. එක දිගටම වැඩ කරලා, ඊට පස්සේ පැය 14 ක flight එකකට පස්සේ කෑමක් වත් නැතිව zhan හොදටම වෙහෙසට පත්වෙලා හිටියේ. මම driver ට යාබද ඉදිරිපස ආසනයේ හිදගෙන යනකොට yibo , zhan ගේ හිස එයාගේ උරහිස මත තබාගෙන ආවේ ප්‍රවේසමෙන්.
Yibo ගේ මුහුණේ තාම සලකුණු වෙලා තිබුනේ වේදනාවක්.
ඔහුගේ හිත හැදෙන්න මොනවගේ දෙයක් කිවයුතුද කියලා මට හිතාගන්න බැරි වුනත් මට ඔහුගේ වේදනාව තේරුම් ගියා .
හසිනි මුලු ලෝකෙටම ඇහෙන්න මට boyfriend කෙනෙක් නෑ, මම single , හරි කෙනෙක් ලැබුනම විවාහ වෙනවා වගේ දේවල් කිව්වොත් මට කොයිතරම් දුකක් වේවිද.

.......................❤️💚.........

දෙසැම්බර් 2020

අද දෙසැම්බර් 14 වෙනිදා. මාස 4 කට ආසන්න කාලයක් රූ ගත කිරීම් තිබුන Ace troops අද නිල වශයෙන්ම අවසන් වුනා.
227 සිද්ධියට පසුව zhanගේ පලවෙනි drama එකේ රූගත කිරීම් ඉවර වුනු නිසා zhan , oasis වල ලස්සන ඒ වගේම හැගීම්බර post එකක් දාලා තිබුනා. ඒක කියවන කොට boss ගැන මගේ ගවුරවය තවත් වැඩි වුනා.

අද ඉතින් ace troops එකේ wrap party එක. අපි කීපදෙනෙකුත් zhan සමග ඊට සහභාගි වුනා.

සාදය නිම වන තෙක් ඉන්නේ නැතිව zhan ඉක්මනින්ම ආවේ හදිසි වැඩක් යෙදී ඇති බව කියමින්.
Wu Chang සහ මමත් ඉතින් ඔහු එක්ක ආවා.
කාලෙකට පස්සේ ඇතිතරම් එක එක වර්ගයේ "බොන දේවල්" එහෙම පිරුණු සාදයෙන් ඉක්මනින් එන්න සිදුවීම ගැන මම Wu Chang එක්ක පොඩ්ඩක් කුනු කුනු ගගා හිටියේ. එයා නම් හිනාවුනා විතරයි.

ඉතින් එදා රෑ කලු පාට ලොකු වාහනේකින් ලොකු hoodie එකක් ඇදලා, මූණ කට කොන්ඩේ ඔක්කොම වහගත්ත කවුරු හරි ආවා බොස්ව හමුවෙන්න .
හොදයි මේකයි එහෙනම් ඉක්මනින් පාර්ටි එකෙන් එන්නට හේතුව.
ඒ අමුත්තා වාහනයෙන් බැහැලා ඇතුලට එන වෙලාවට හොටෙල් lobby එකේ ලයිට්ස් එහෙම ඔක්කොම off කරන්නත් Wu Chang  කටයුතු arrange කරලා තිබුනා.

.................💚❤️

ඊලග දවසේ Wu Chang මට කතාකරලා කිව්වා බොස් මටත් එන්න කිව්වා කියලා ඔහුගේ hotel suite එකට lunch එකට.

මම එහි යනකොට  Wu Chang වගේම Xin Yi ත් බොස් එක්ක සෝෆා එකේ වාඩිවෙලා කතා කරමින් හිටියා.

"එන්න එන්න , රයන් වාඩිවෙන්න . " zhan මට කතාකලා.
" මම කෑම order කරලා තියෙන්නෙ ."

Ace troops රූගත කිරීම් යන්‍තම් ඉවර වුන හින්දද කොහෙද zhan ගේ මූණ ගොඩක් එලිය වැටිලා තිබුනේ.

මම ගිහිල්ලා විනාඩි දහයකින් විතර ඇතුලේ room එකේ ඉදන් තෙත කොන්ඩයක් සුදුපාට ටවල් එකකින් පිසදමමින් ආවේ Wang Yibo .

එහෙනම් ඔහුද ඊයේ රාත්‍රියේ ආව අභිරහස් අමුත්තා??

තාමත් තෙත වගේ පෙනුනු , අවුල් වුන කොන්ඩය එක්ක , සුදුපාට t-shirt එකක්, කලු පාට කොට කලිසමක් ඇදගෙන හිටිය ඔහුගෙන් දිස්වුනේ නැවුම් වගේම teenage look එකක්.

" ඔන්න දැන් තමයි අවදිවුනේ., පොඩි කම්මැලියා" zhan ඔහුට විහිලු කලා

" දැන් නෙවෙයි, දැන් පැය බාගෙකටත්  කලින් "
එහෙම කියූ yibo අපි තුන්දෙනාටත් greet කරලා සෝෆා එකේ zhan ලගින් වාඩි වුනේ , zhan ගේ උරහිසටත් කෙලිලොල් විදිහට පහරක් දෙමින්.
මේ දෙදෙනා එකිනෙකා සමග හරි comfortable කියලා මට අදත් සිතුනා.

" yibo , අර skateboard injury එක කොහොමද ? "

මම yibo ගෙන් අහන කොට  , නිරායාසයෙන් මගේ ඇස් එදා injured වුන පාදය වෙත යොමු වුනා.
Zhan සහ yibo දෙන්නාම shorts ඇදලා එක ලගින් හිදගෙන හිටිය නිසා ඒ දෙදෙනාගෙ කකුල් වල වෙනස් කම් කැපී පෙනුනා . Yibo ගේ කකුල zhan ට වඩා shades කීපයක් පැහැපත් වූ අතර එහි leg hair ත් ගොඩක් අඩු වුනා.

"  එදාට පස්සේ මට කකුලෙ injured වුන තැනින් වේදනාවක් ආවේ නෑ. ඔයාට ස්තූතියි රයන් ."
Yibo කිව්වා.

ඒ අතර zhan හිට්යේ එයාගේ ෆෝන් එක හරව හරවා yibo ගෙ නාපු ගමන් වූ මේකප් මුකුත් නැති bare face එකේ ෆොටෝස් ගන්න ගමන්.

" zhan ge ඕක නවත්වන්න .." ෆෝන් කැමරා එක අතින් cover කරමින් yibo හිනාවුනා.

" ඉන්න ඉන්න . දගලන්නෙ නැතුව. "
Zhan එහෙම කියමින් තමන්ගේ ඇගිලි yibo ගේ මුහුණේ කම්මුල් හා නිකට මත තබමින් ෆොටෝස් කීපයක්ම ගත්තා.

Yibo ත් කමක් නෑ ඕනෑ දෙයක් කරගන්න කියලා වගේ ඒකට ඉඩ දීලා හිටියා.

හැබැයි ඒ ගත්ත ෆොටෝස් නම් ඔයාලා හැමෝම දකින්න ඇති.
ඒ ඊට සති දෙකකට පස්සේ , 2020 දෙසැම්බර් 30 වෙනිදා release කරපු yibo ගේ
" rules of my world" සිංදුවේ cover photo එකේ.

Yibo ගේ මුහුණ මත ඒ තිබුනේ කාගෙ ඇගිල්ලද කියලා solos ලා සහ කැස්බෑවො  weibo එකෙයි twitter එකෙයි දාපු  පිස්සු හැදෙන analysis දැකලා මට හොදටම හිනා.
දැන් ඉතින් ඔයාලා දන්නවනෙ උනේ මොකක්ද කියලා..

.......................❤️💚...........

වර්තමානය.

Beijin වල ගෙදර ආවට පස්සේ , ආයෙ zhan ට rest කරන්න වෙලාවක් තිබුනෙ නෑ.
Flight එකට පැය දෙකකට වත් කලින් ඉන්න ඕනනෙ airport එකේ.
එයා ටක්ගාලා නාලා, ඇදුම් මාරුකරගෙන yibo හදලා තිබුනා කෑමත් කාලා ලෑස්ති වුනේ ආපහු එන්න.
අපිට තිබුනේ කාලයත් එක්ක තරගයක්.
ඒ දෙන්නට නිදහසේ මේක කතා කරගනවත් වෙලාවක් තිබුනෙ නෑ.

" bobo.. දැන් මම ගියේ නැත්නම් flight එක miss වෙනවා. ඔයාට එන්න පුළුවන්ද මාත් එක්ක airport එකට ? මට මේ සිද්ධිය වුන හැටි ඔයාට කියන්න ඕන සම්පූර්ණයෙන් "

Yibo එයාගෙ ඔරලෝසුව දිහා බැලුවා .

" zhan ge, අද Cheng Er මට එන්න කිව්වා Intercross movie එකේ final dubbing වලට. වාහනේ එවනවා කිව්වේ උදේ 8.00ට"

Cheng Er කියන්නෙ Yibo ගෙ upcoming movie එක වෙන Intercross එකේ director . ඒක ගොඩක් interesting තේමාවක් තිබෙන film එකක්.

දැන් උදේ 8.00 ට yibo පිටත් වෙන්න ඕනෑ නම් ඔහුට කොහොමත් airport එකට යන්න වෙලාව මදි.

" එහෙනම් මම යන්නම් bobo" zhan එහෙම කියලා yibo ලගට ගියා.

ඒ දෙන්නට පොඩි හරි හුදකලා වෙලාවකට ඉඩ දීලා මම පොඩ්ඩක් එතනින් එලියට ආවා.

විනාඩි 5ක් විතර ගියාට පස්සේ මට zhan ගේ කටහඩ ඇහුනා.

" රයන්, දැන් එන්න මෙහෙට. අපි යමු නේද? ඔයාගෙ ටිකට්ස්., පාස්පෝර්ට් එහෙම අරන් ලෑස්ති වෙන්න "

මම ආයෙත් living room එකට එනකොට zhan හිටියේ එයාගෙ අත yibo ගෙ ඉනවටා පටලවාගෙන.

" මම ගිහින් එන්නම් bo.  "
zhan yiboගෙ  මුහුණ අත් දෙකින්ම අල්ලාගෙන අවසන් වතාවටත් සිප ගත්තා.
" මතක තියාගන්න bobo. මම ඒ magazine එකක් වත් කාටවත් බලන්න ඉඩ තියන්නෙ නෑ. ඒක issue වෙන එක මම කොහොමහරි නවත්වනවා."
ඔහු කීවා.

" හොදයි zhange, මම Zixun එක්කත් මේක තව කතාකරන්නම්. "
Yibo කීවා. Zixun කියන්නෙ GQ magazine editorial එකේ ඉන්න yibo ගෙ යාලුවා.

" ඔයා පරිස්සමෙන් යන්න zhan ge. ඔයාට ගොඩක් වෙහෙසයි. වෙලාවට කන්න"
" එහෙනම් goodbye රයන් , ස්තූතියි. Zhan ව බලාගන්න".
ඊලගට Yibo මට  සමුදුන්නා.

.................💚❤️

නැවත Beijin airport එකට යන අතර වාහනයේදී zhan හිටියේ ලොකු කල්පනාවක.

" බොස්, දැන් Yibo බොස් එක්ක මුකුත් ප්‍රශ්නයක් නෑ නේද?? ඒක settle උනාද?? "
මම ඇහුවේ yibo ඊයේ weibo එකේ දාපු වීඩියෝ එක මතක් වෙලා. ගිටාර් එකක් වයමින් කියූ ඒ ගීතයේ lyrics මතක් වෙලා.

" මට එයාට මේ වුන magazine එකේ සිද්ධිය  කියන්න වෙලාවක් තිබුනෙ නැ දැන් . ඒක මම සම්පූර්ණයෙන් විස්තර කරලා කියන්න ඕන "
Zhan එහෙම කියමින් නැවතත් කල්පනාවේ ගිලුනා.

" මම එයාගෙ හිත රිද්දුවා රයන්"
එක්වරම එහෙම කියන විට  ඔහුගේ කටහඩ වේදනාවෙන් බිදී තිබුනා..
" ඔය magazine එක issue කරන එක මම කොහොම හරි.. කොහොම හරි නවත්වනවා!!! "

To be continued........

.............❤️💚....................

බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම
ගොඩක් ආදරෙයි ..

Continue Reading

You'll Also Like

2.1M 52K 38
Jessie Cross is a typical bad boy with the title. He loves cars and racing and is basically an adrenaline addict. He loves tattoos, music, the women...
3.1M 117K 138
Ye Zexi transmigrated as the big villain in a danmei novel, who shares the same name as him. Then, he found out that everyone regards him as an imagi...
1.2M 32.5K 20
In which a skittish human girl and an angry Alpha wolf heal together A Werewolf Romance Copyright © The Queen Slushie 2021 You do not have permission...
2.8M 109K 48
Ares Collin He's an architect who live his life the fullest. Money, fame, women.. everything he wants he always gets it. You can consider him as a lu...