•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 �...

De Emma_lulu

4.3K 570 864

"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්... Mais

✓. 𝐈𝐍𝐓𝐑𝐎 :)
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 1🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 2 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 3 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 4 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 5 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 6 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 8 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 9 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 10 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 12 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 13 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 14 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 15 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 16 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 17 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 18 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 19 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 20 🔞🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 21 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 22 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 23 🌙✨
-Oneshot story-
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 24 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 25 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 26 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 27 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 28 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 29 🔞 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 30 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 31 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 32 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 33 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 34 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 35 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 36 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 37 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 38 🌙✨ (𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙘𝙝𝙖𝙥𝙩𝙚𝙧)
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 39 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 40 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 41 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 42 🌙✨

✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 7 🌙✨

88 12 6
De Emma_lulu

සේහියා චේන්ජ් කරගෙන ආවත් ජන්කුක් හිටියෙ නැ ඩාන්සින් රූම් එකෙ.

"මූ මොන තූත්තුකුඩියක ගියාද ඒ පාර"

සේහි ඩාන්සින් ට්‍රැක් එක දාලා අනිත් ලමයින්ට ප්‍රැක්ටිස් කරන්න කියලා ක්ලාස් රූම් එක පැත්තෙ ගියා එයාගෙ නමට අද ප්‍රසන්ට් දාගන්න.
ක්ලාස් ටීචත් ඇහුවම මොකද පරක්කු කියලා සේහියා කලින් තැන්වලට කිව්ව වගෙ ඔහේ කටට එන එකක් කියලා දැම්මා. ඊටපස්සෙ ඉතින් සේහි ලගට දුවන් ආවෙ එයාගෙ අතිජාත මිතුරිය යෝශි.

"සේහියා....."

"ආහ් ශුඩු නෝනා..."

"මොකද අද තමුසෙ පරක්කු.."

"හයියො විසාල කරදරයක් උනානෙ මේක😒 දැන් මට කියලම ඇති වෙලා.."

"යකො මේකිගෙ ලයින්. කියන්න බැරිනම් නිකන් ඉදපන් මනුස්සකමට ඇහුවෙ."

"හාරි හාරි මං නිවි සැනසිල්ලෙ කියන්නම් පස්සෙ. මොකද යකු මූන හට්ටියක් කරගත්තෙ."

"අනෙ මෙ යනව යන්න. දැන් තමුසෙ ඩාන්සින් රූම් එකට ගිහින් නටල එනකන් තනියම ඉන්න එපැයි මං."

"ඒක තමයි කිව්වෙ යමන් නැටුමකට දාලා දෙන්නම් කියලා. නටන්න පුලුවන් කම තියෙද්දි ඉන්නව මෙතන පුටු රත් කර කර."

"අනෙ බන් මට බැහ්. මට කට්ටියක් ඉස්සරහ නටන්න බැ කියලා දන්නොනෙ. "

"උබත් හරියට අපෙ ජන්කුක්ගෙ පාට්නර්ට හිටපු කෙල්ල වගෙ."

"එ මොකො."

"එ කෙල්ල හරි අහිංසකයි. ඉතින් කපල් ඩාන්ස් එකෙදි ජන්කුක් එක්ක නටනකොට එ කෙල්ලට ලැජ්ජයි වගෙ."

"ඉතින් මොකද ඒක ඩාන්ස් එකක්නෙ."

"ඒක තමයි කියන්නෙ. ඊටපස්සෙ අපෙ එකත් කියනො මට බැහ්ලු එ කෙල්ල එක්ක නටන්න. ට්‍රැක් එක පටන් ගන්නකොටම ඒකිට දාඩිය දාලා කලන්තෙ දාන්න වගෙ යනවලු😂"

"අනෙ පව්.."

"එ කෙල්ල නෙවෙයි දැන් මමයි පව් 🤧"

"එ පාර මොකද."

"මාව දැම්මා කුකීගෙ පාට්නර් විදියට 😫"

"😂😂😂 ඉතින් හොදයිනෙ බන්. අයියනේ"

"අනෙ උගෙ හැටි මමනෙ දන්නෙ. හරි හරි මෙ මං දැන් යනව. "

"හා හා බන්."

"ඒක නෙවෙයි යෝශි.. වුල්ෆ්ලා ගැන මොනා හරි දන්නවද.."

"ව්..වුල්ෆ්ලා? ම්.. මං දන්~~"

"සේහියා.....ඊලගට කපල් ඩාන්ස් එක පටන් ගන්න යන්නෙ යමු අපි"

"හරි යමු. මං පස්සෙ එන්නම් යෝශි.."

යෝශි උත්තර දෙන්න කලින්ම එක ලමයෙක් ඇවිල්ලා සේහිව එක්කන් යනකොට යෝශිට උත්තරෙ සම්පූර්ණ කරන්න උන්නැ.  සේහි ආයෙ ඩාන්සින් රූම් එකට යනකොට ජන්කුක් ඇවිල්ල හිටියා.

"කොහෙද මෝඩයො ගිහින් හිටියෙ."

"මං ගියා ස්පෝට් රූම් එකට."

"ආහ් එහෙමද? ඕකෙ ගායිස්. පටන් ගමු නේද.."

"සේහි.. සේහි.. කපල් ඩාන්ස් එක නෙවෙයි ඊටකලින් අපි girls ලගෙ ඩාන්ස් එක එකපාරක් කරල ඉමුකො. මට දැන් ක්ලාස් එකට යන්න වෙනවා. අනෙ ප්ලීස් ප්ලීස්.."

කපල් ඩාන්ස් එකේ මියුසික් එක ප්ලේ වෙන්න දැම්ම ගමන් වගෙ එක කෙල්ලෙක් ඇවිල්ලා සේහිට එහෙම කිව්වම සේහි ආයෙමත් කට්ටියව සන්සුන් කරලා ඒ කෙල්ල කිව්ව මියුසික් ට්‍රැක් එක දැම්මා..

"ඕකෙ එහෙනම් ඉස්සෙල්ල මේක ඩාන්ස් කරල ඉමු.. "

girls team එක ඩාන්ස් කරන්න පටන් ගනිද්දි ජන්කුක් සහ කපල් ඩාන්ස් එකෙ අනිත් කොල්ලො ටික සයිඩ් උනා. මේ ඩාන්ස් එක අතරෙ හිටියා සේහිත් එක්ක තරහ එක කෙල්ලෙක්.. ඒ මින් යෝරා.

       මින් යෝරා
       Rate:-බීටා

සේහි ඩාන්ස් එකට ගැලපෙන විදියට කට්ටිය වෙනස් කරා.

"ඔය චූටි නංගි. ඔයා මෙතන්ට එන්න. මං ඔයාගෙ පිටිපස්සට යන්නම්.."

"අනෙ ඕන්නැ සේහි අක්කෙ. ඔයා ඉස්සරහ ඉන්න. ඔයාට ලස්සනට නටන්න පුලුවන්නෙ."

"නැ නැ නංගි ඔයාව පේන්නෙ නැහ්නෙ මෙතන මැදට එන්නකො මං එහා පැත්තට යන්නම්."

හැමෝම ට්‍රැක් එකට එක පාරක් නැටුවා. ආයෙ බලන්න දෙයක් නැ ඩාන්ස් එක පර්ෆෙක්ට්. ජන්කුක් ඇතුලු කොල්ලො ටික ඩාන්ස් එක ඉවර වෙද්දි අත්පුඩි ගැහුවා. හැබැයි කට්ටියටම ඩාන්ස් එක සැටිස් වෙච්ච නිසාමද කොහෙද ආසාවට තව එක පාරක් ඩාන්ස් කරමු කියලා කිව්වා.

හැබැයි ඒ පාර ඩාන්ස් නොකර හිටියනම් හොදයි කියලා කට්ටියටම අවසානෙට හිතෙන්න ඇති. සේහිගෙ ලස්සනට, දක්ශතාවෙට ඉරිසියා කරපු යෝරා. අර සේහි ඉස්සරහට දාපු චූටි නංගිට තමන් හිටපු තැනට යන්න කියලා යෝරා මැදට ආවා.

ලස්සනට නටන්න පුලුවන් නම් මැදට ආවත් කමක් නැ කියලා හැමෝටම හිතෙද්දි සේහි යෝරට කිව්වා කලින් හිටපු තැනට ගිහින් එ නංගිට ඉස්සරහට එන්න කියන්න කියලා. හැබැයි යෝරා නෙවෙයි ඇහුවෙ.

"ඉතින් තමුසෙ පිටිපස්සට ගිහින් එ නංගිව ඉස්සරහට දානවකො ඔච්චරටම අමාරුනම්. මං තරම් මැදට ගැලපෙන කෙනෙක් නැහ් මේකෙ."

සේහි ආයෙ කතා කරන්න ගියේ නෑ.. සේහි දැක්කා ජන්කුක්ගෙ අත මිට මෙලවෙනවා. තවත් කතා කරන්න ගියොත් ජන්කුක් යෝරගෙ දත් දෙකක් බඩට යවයි කියන බයට සේහි මුකුත්ම ආපස්සට කිව්වෙ නැ.

සේහි කෙලින්ම ජන්කුක් ගාවට ගිහින් හෙමීට කනට කොදුරල කිව්ව.

" ඒක අව්ලක් නැ කුකී. ඔය අත මිටමොලවගත්ත එක ලිහිල් කරගන්න මං එයා ගැන බලාගන්නම්"

එහෙම කියපු සේහි අර නංගිව තමන් හිටපු ඉස්සරහ ප්ලේස් එකට දාලා ඩාන්ස් එකෙ කලින් යෝරා හිටපු තැනට ගියා. හැමෝම කලින් ආසාවෙන් බලන් හිටපු ඩාන්ස් එක මේ පාරනම් කිසි ලස්සනක් නැ. යෝරා ඔලුව උදුම්මගත්ත ආඩම්බරේකින් ඩාන්ස් එක ඉවර කරත් කවුරුත් ගනන් ගත්තෙ නැ.

ඊලගට කපල් ඩාන්ස් එක. හැමෝම ෆෝමේශන් අනුව ලෑස්ති වෙලා ට්‍රැක් එක දැම්මා. යෝරා මේ ඩාන්ස් එකට හිටියෙ නැ. යෝරට ජන්කුක් එක්ක නටන්න අමාරුවක් තිබ්බා.

"ඔච්චර තදින් ඉනෙන් අල්ලන්න එපා මට කිති"

"තමුසෙ පරඩැලක් වගේනෙ.. ලාවට අල්ලගෙන නැටුවොත් උබ බිම ඉදී මං ඇදලා ගන්න විදියට"

"යාහ් කුකී. අර කෙල්ලවම පාට්නර්ට දාන්න කියනව මං. තමුසෙ එක්ක බැහ්"

"හා හා මේ. ඔන්න අත තද කරලා අල්ලගන්න මේ ස්ටෙප් එකේදි, කරකවන්න යන්නෙ"

"හෙමින් හෙමින්.. ආහ්~~"

සේහියා විසිවෙලා බිම වැටුනා. ජන්කුක් නිසාද? නැහ් එයා නිසා නෙවෙයි.. යෝරා ඒ ස්ටෙප් එකේදි සේහියා ජන්කුක්ගෙ අතින් අල්ලන් එහාට යවද්දි ඒ මැද්දෙන් පැනලා සෙහියාගෙ අත අයින් කරා. ජන්කුක්ගෙ අතින් ගිලිහුන සේහිය ගිහින් පැත්තකට වැටුනෙ ජන්කුක්ගෙ ඉහෙ ඉදන් රත් වෙලා යද්දි..

"සේහි...! හොදින් නේද?
ඕයි තමුසෙට පිස්සුද ගෑනියේ.."

සේහිව නැගිට්ටපු ජන්කුක් විදගෙන යෝරා ගාවට ගිහින් යෝරව බිත්තියට තියලා තද කරා.

"කුකී එයාව අතාරින්න මට ප්‍රශ්නයක් නෑ"

"තමුසෙගෙ කට කෝ ඕයි මේවට. මේ ගෑනි කියන කියන පදේට නටන්න ඕනද. මමත් දැන් හෙන වෙලාවක් තිස්සෙ බලාගෙනනෙ හිටියෙ"

" ඇයි ජන්කුක් ඔයාට තරහ ගිහින්. ඒ ඔයාගෙ නංගි විතරයි නෙ. ගෙදරදිත් ඔය දෙන්න එකට ඉන්න එකේ ඉස්කොලෙදි විතරක් මං ඔයා එක්ක ඩාන්ස් කරාම මොකද්ද වෙන්නෙ😏"

යෝරා එහෙම කියද්දි ජන්කුක්ගෙ අත තවත් යෝරගෙ බෙල්ලට තද උනා. සේහි ජන්කුක් ඈත් කරන්න හැදුවත් වැඩක් උන්නැහ්.

"නංගිට වඩා එහා ගියපු එකක්වත් තියෙනවද දන්නැ. අපි දන්නැති උනාට"

ජන්කුක්ගෙ අතේ නහර ඉලිප්පිලා. එ කියපු ජරා කතාවට උපරිමේටම මල පැනපු ජන්කුක් යෝරගෙ කම්මුල රත් වෙන්න පාරක් ගැහුවා. යෝරා කම්මුලත් අල්ලන් එතන වැටෙනකොට ඩාන්සින් ටීචර් ආවා.

"ජන්කුක්. මොකද්ද මෙතන වෙන්නෙ ආ? "

___________________

"ඕකෙ ලමයි. ලස්සනට ඩාන්සින් අයිටම් ටික තියෙනවා. ඔක්කොටම කලින් ඔයාලා මතක තියාගන්න ටැලන්ටඩ් ඩාන්සර් කෙනෙක් වෙන්න විනය තියෙන්න ඕන හැමෝම ලග. ඩිසිප්ලීන් තමයි අංක එක. අනිත් එක තමයි හැම කෙනාටම අයිතියක් නැ තමන් ඉන්න තැන් හිතුමතෙ මාරු කරන්න

මේක කොලේජ් එකෙ තියෙන උත්සවේට හැම කොලේජ් එකකින්ම වැදගත් අය එනවා. තමන්ගෙ ගෙදර පාටියක් නෙවෙයිනෙ හිතෙන හිතෙන දේවල් කරන්න නෙහ්"

ටීචර්වාක්‍ය යෝරා දිහා බලන් කියනකොට යෝරා ඇස් දෙකත් රෝල් කරල අහක බලාගත්තා.

"මෙතන වගකීම තියෙන්නෙ මට. ඕගොල්ලො ඉන්න ඕන තැන් හදන්නෙ මම. ඊට අමතරව ඔයාලගෙ ලීඩර් සේහියා. සේහියාව පත් කරෙ මම ඕගොල්ලො දැනගන්න ඔන එයාගෙ තීරනේට ගරු කරන්න. එයා කියන දෙ අහන එක මගේ වචන වලට කීකරු වෙනවා හා සමානයි.

තව දෙයක්. මොකක් හරි ප්‍රශ්නයක් උනාම ඔයාලා මෙතන ගහ මරාගන්නෙ නැතුව මට ඇවිල්ලා කියන්න ඕන තේරුනාද? මං ඒ ප්‍රශ්නෙ විසදන්නම්. ආයෙ කියන්න තියෙන්නෙ. සේහියා ඩාන්ස් දෙකෙ මැද ඩාන්ස් කරනව. එච්චරයි. මං එයාව එතන්ට දාන්නෙ එයා එ ස්ථානෙ ඉන්න සුදුසු තරම් ටැලන්ටඩ් නිසා.

තමන්ව තෝරගත්තෙ නැති ඩාන්ස්වලට කාටවත් බලෙන් ඇතුල් වෙන්න බැ. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන අය ගැන මං ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරනව. කාටවත් එ ගැන ප්‍රශ්න තියෙනවනම් දැන් කියන්න පුලුවන්?"

කට්ටිය මීක් නැතුව බලන් හිටියා.

"හරි එහෙනම් අදට ප්‍රැක්ටිස් ඉවරයි. ක්ලාසස් වලට යන්න පුලුවන්"

හැමෝම ක්ලාස් වලට යද්දි සේහියාගෙ මත ඇස් දෙකක් වැටිලා තිබ්බා සේහි දැක්කෙ නැ.

"මං බලාගන්නම් තමුසෙ ගැන. තමුසෙ මං කව්ද කියලා දන්නැ. මනුස්ස පැටියා"

_________________________

ඉන්ටවල් එකේදි සේහි යෝශිවත් ඇදගෙන ගියා ජන්කුක්ගෙයි ටේගෙයි ක්ලාස් පැත්තට.

"සේහි. මොකද්ද අද උදෙ උනෙ."

"අයියෝ ටේ. ක්ලාස් එකට ගොඩ වෙන්නවත් දෙන්නැහ්නෙ"

"ටේ. සේහිව මෙතන්ට එක්කන් එන්න"

"මේ බටු ආච්චි මොකද මෙ පැත්තෙ"

"ඇ ජිමිනෝ.. මමද බටු ආච්චි. තමුසෙනෙ දොඩම් ගෙඩි දෙකක් තරම්වත් නැතුව ඉන්නෙ"

"අනෙ පලයන්"

"ඇද්ද උබට අහගත්තා"

ජන්කුක් හිනාවෙලා එහෙම කියද්දි ජිමින්ගෙ මූන ඇද වෙලා ගියා. ජන්කුක්ගෙ හොදම යාලුව ජිමින්. ටේහ්‍යුන්ගෙ හොදම යාලුවා යුන්ගි. යෝශි සේහියයි මෙ හතර දෙනා ලගින් වාඩිවෙලා එකට කන්න පටන් ගත්තා. සේහි කතා කරන්න පටන් ගත්තා.

"කුකී. මොකද්ද ඔය මට කියන්න තියෙනව කිව්වෙ."

"ම්ම්. හැමෝම මෙතන ඉන්න වෙලාවෙ මේක කතා කරමු. නේද ටේ?"

"ඔව් එහෙම හොදයි"

"සේහි. ආයෙ තරහ අරන් ගනන් උස්සගෙන යන්න හදන්න එපා. මේ දේවල් තවත් හංගන එකෙ තේරුමක් නැ"

"ඉතින් කියන්න"

"අපි ඔක්කොම වුල්ෆ්ලා"

"මොකක්? ඔක්කොම කියන්නෙ"

"මම, ටේ, ජිමින්, යුන්ගි එතකොට යෝශිත්"

මොනවා??? ඒත් ඒත්. ඇයි.. අනේ.!

සේහිගෙ කම්මුල් දිගේ කදුලු ගලාගෙන ගියා.. දැනිලා තියෙනවද මේ ලොකේ තමන්ගෙ ලගින්ම ඉන්න අය තමන්ට ගොඩ කාලයක් තිස්සෙ හංගපු රහසක් දැනගත්තම දැනෙන වේදනාව. කවුරුත් තමන්ට නැ,තමන් තනිවෙලා කියන හැගීම, තමන් අනිත් අයගෙන් වෙනස් කියන හැගීම. කාටවත් එ හැගීම දැනෙන්න එපා. ඒක හරිම වේදනාකාරී

"සේහි.. සේහි. අනෙ අහන්නකො. අඩන්න එපා බන්."

"එහාට වෙන්න යෝශි. මගෙ හොදම යාලුවා වෙලත් නිකමටවත් ඔයාට මට කියන්න හිතුන්නැද්ද."

"මං කියන්න හැදුවත් ඔයාගෙ අයියල දෙන්න මට එපා කිව්ව සේහි"

සේහි ඉබේටම බැලුනෙ ටේ කුකී දිහා.

"අහන්න සේහි. ජියා ඔම්මලා කිව්ව අපිට ඔයාට කියන්න එපා කියලා. හේතුව මොකද්ද කියලා දන්නැ. කොහොම උනත් වෙන කෙනෙක්ට දැනගන්න ඉඩ තියන්න එපා අපි වුල්ෆ්ලා කියලා"

"කොලේජ් එකෙ තව ඕන තරම් වුල්ෆ්ලා ඇති. ඒ අයත් ඒගොල්ලොන්ගෙ ස්වභාවය හංගන් ඉන්නෙ හේතුවක් ඇතුව."

හැමෝම සේහිව වටකරගෙන සේහිට උපදෙස් දුන්නා. එගොල්ලොන්ගෙ රාජධානි ගැන. ඒවාගෙ ඇති උන යුද්ද වලින් වුල්ෆ්ලා මැරිලා කියන එක ගැන. ඒවයින් බේරෙන්න වුල්ෆ්ලා මිනිස් වාසෙට ඇවිල්ල සාමාන්‍ය මිනිස්සු වගෙ ජීවත් වෙන එක ගැන. සේහි ඔය ඔක්කොම උනන්දුවෙන් අහන් ඉදලා ඔලුවට දාගත්තා.




         After 2 momths



කාලය ඉබේම ගෙවිලා ගියා. පහුගිය මාසෙ ටේහ්‍යුන්ට 18 සම්පූර්ණ උන අතරෙ සේහියාට අවුරුදු 17 සම්පූර්ණ උනා. අද තමයි ජන්කුක්ගෙ 18 වෙනි උපන්දිනේ. ඉතින් අර දෙන්නට පාටි තිබ්බ වගේම ජන්කුක් කැ ගහන්න ගත්තා එයාටත් පාටියක් ඕන කියලා.

වැඩි දෙනෙක්ට නැතුව යුන්ගි, ජිමින්, යෝශි ඇතුලුව එගොල්ලොන්ගෙ පව්ලෙ අයයි තව නම්ජූන්ගෙ යාලුවො කිහිපදෙනෙකුටයි ඉන්වයිට් කරලා පොඩි පාටියක් තියමු කියලා යෝජනා කරගත්තා. හවස් වෙනකොට මැන්ශන් එකෙ කට්ටිය පිරිලා. ලයිට්ස් වලින් සරසලා. ඔන්න කේක් කපන වෙලාව ලන් උනා. හැමෝම මැන්ශන් එකෙ පහල තට්ටුවට රැස් වෙලා ඉද්දි ටේහ්‍යුන්ට දරාගන්න බැරි නහය කඩාගෙන යන සුවඳක් එන්න ගත්තා. එහෙන්ම ඔලුවත් අල්ලගෙන සේහිගෙ ඇගට බර උනාම ජියාත් එතන්ට දුවන් ආවා.

"ටේ... ඇයි ටේ මොකද මේ.. අනෙ ඔම්මා ටේව බලන්නකො"



𝐁𝐞𝐚𝐮𝐭𝐢𝐞𝐬!!!

𝐯𝐨𝐭𝐞, 𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐭 🩵✨










Continue lendo

Você também vai gostar

3.7K 1K 15
"ජන්කුක් අපි ආයෙත් මුණ ගැහෙන්න ඕනි නෑ" 𝙿𝙹𝙼 𝐉𝐈𝐊𝐎𝐎𝐊 ✓ 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑𝐒 15 ✓ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✓
155K 8.3K 25
The story of a lazy heroine who doesn't want to get involved with the Male Lead at all, cause the drama will tire her, so no thanks.
4.7K 1.6K 26
Light Blue & Dark Black Spider Published date :- 2022.10.13 Finished date :- 2023.01.13
155K 4.7K 32
Alpha Female Omega Male °°°°----°°°°----°°°°----°°°°----°°°°----°°°°----°°°° ~Breaking-Stereotypes~ Alpha Arya finds her sweet little mate who happen...