මානස (Completed)

By NirMad238

59.2K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

19

847 178 195
By NirMad238

"Couldn't leave a cute little puppy!"

අයියා කියද්දි මට දුක හිතුනා.
මංවත් ගිහිල්ලා බැලුවෙ නෑනෙ බලු කොල්ලව. එයා සෙල්ලම් කරන්න කෙනෙක් නැතුව දුකෙන් ඉන්නැත්තෙ.

"Snowyට මොකුත් වෙලා නෙමෙයි නේද?
එයා හොඳින් නේද?"

"Hmm..Yes,
He's ok.
But I didn't stay for Snowy.
I stayed for the cutest snow drop ever!
For the snow drop named after a lotus!
My cute little white lotus!"

අයියා නම් හිනා මලක්ම තමයි.
එයාට කටක් ලැබිලා තියෙන්නෙ හිනා වෙන්න විතරයි.
කන්න බොන්නත් පාවිච්චි කරන්න පුළුවන් ඇති ඕන නම්.
ඒත් ඒ කටින් කතා කරන එක කිසිම තේරුමක් නැති වැඩක්. එහෙනම් මූණ වටේ රෙද්දක් බැඳගෙන වගේ තමයි කතා කරන්න ඕනෙ.
මොකද කියන දෙයක් ඔළුවට යවා ගන්න විදියක් නෑනෙ ඒ මූණෙ ලස්සන බලනවා මිසක්!

කොහොම හරි මොනවම හරි වෙලා ඔයා ආයෙම ආවනෙ ඉතින් අයියෙ. ඒ ඇති හොඳටෝම මට.
මං එහෙම්මම නැවිලා අයියගෙ කම්මුලට කිස් එකක් දුන්නා.
හිතලම නෙවෙයි ඉතින්.
නොදී ඉන්න බැරි වුනා එහෙම හිනා වෙද්දි.
කොහොමත් අයියා ඉතින් ගෑණු ළමයා වගේ අඬන කොල්ලෙක්නෙ. ඒ නිසා කිස් එකක් දුන්නට කමක් නෑ.

ඒත් ඊලඟට අයියා මගේ කම්මුලටත් කිස් එකක් දුන්නා. ලැජ්ජයිත් එක්ක ටිකක්.
කොල්ලො මෙහෙම කිස් කරගන්නවද අප්පා!
අනික මේ පාර මැද්දෙ.
මං අත් දෙකෙන්ම මූණ වහගෙන අයියගෙ බෙල්ල අස්සට මූණ ඔබා ගත්තා.

සුවඳයි ඉතින්!
මෙයා නම් මේ ගෙදරටත් සෙන්ට් පවුඩර් දාගෙනද කොහෙද ඉන්නෙ කවුද වගේ!
මල කෝලං!

අයියා ඒ අස්සෙ මගෙ ඔළුවත් කිස් කරනවද කොහෙද?
දාඩියයි දාලා ගඳත් ඇති මං.
අන්තිමට නෑවෙ කවද්ද කියලා මතකත් නෑ.
මං හෙමීට දඟලලා බිමට බහින්න හැදුවෙ. ගඳ ඉවසගන්න බැරුව ඊලඟ ප්ලේන් එකේම නැගලා මෙයා යන්න ගියොත්!

"You are too heavy now!
My back hurts when you move!"

දඟල දඟල හිටපු මාව බිමින් තියන ගමන් අයියා සීයා කෙනෙක් වගේ කොන්ද අල්ලගෙන කෙඳිරි ගානවා.

"Ok, don't worry!
I'll carry you ayye!
Come!
Climb on my back!"

අයියා ගාව ඉස්සරහට ගිහින් බිමින් වාඩිවෙන ගමන් මං කිව්වෙ.
පොඩි කාලෙ ලුණු ගෙනිච්චා වගේ උස්සගෙන යන එකනෙ! Supemanට බැරි වැඩ නෑ මේ ලෝකෙ!

"Oh My god Thambaru!
Are you even real?
How can you be this cute?"

අයියා පිස්සෙක් වගේ හිනා වෙවී මගේ අතින් ඇදලා ගත්තා. මොන cuteness එකක්ද අප්පා!
මෙයාට නම් හොඳටම පිස්සු තද වෙලා තියෙන්නෙ දැන්!
Supermanට cute කිව්වෙ මොකාද මේ ලෝකෙ?

"Come on Cutie!
Let's go!"

එකපාරටම අයියා මාවත් අතින් ඇදගෙන දුවන්න පටන් ගත්තා.

හුලඟට අයියගෙ කොණ්ඩෙ පාවෙනවා.
එයාගෙ කකුල් දිගයිනෙ.
එවා ලස්සන නැටුමක වගේ එහාට මෙහාට යන්නෙ.
වටේම සුවඳයි.
හැමතැනම එලියයි.
අයියා නම් ලස්සන හීනයක්මයි!



"So tell me,
What happened to your face?"

අයියා ඇහුවෙ මාවත් ඇදගෙන එයාගෙ කාමරේ ඇතුලටත් ආවට පස්සෙ.
එයාටත් ඉතින් ඕපදූප සේරම දැනගන්න ඕනෙ. මෙයා අයියෙක්ද අක්කෙක්ද මන්දා!

"Just a small accident!"

"Did you get into a fight?"

අයියා කෙලිම්ම මගේ දිහා බලාගෙන අහන්නෙ.
මෙයත් එක්ක නම් ලේසි නෑ වගේ.
අනික් හැමෝම මගේ බොරුවට අහුවුනා.
මෙයා නම් පොලිස්කාරයෙක්ද කොහෙදෝ!

"See...
Your eye has gone purple!
And the lip is broken too!
Are you ok?
Does it hurt?"

"Yes yes
I'm ok and it doesn't hurt at all!
Really it's nothing!
But what about you ayye?
ඔයා ගියේ නැති එක අවුලක් නැද්ද?
ඊලඟට මොකද කරන්න ඉන්නෙ?
Are you going later?"

"No more talking till you go and have a bath!
We need to apply something to your wounds!"

මගේ කම්මුලක් ලාවට මිරිකන ගමන් අයියා කියන්නෙ.
අනිවාර්යයෙන් ගඳ දැනිලා වෙන්නැති.
අයියෝ ඉතින්!
Superman කෙනෙක් පොඩ්ඩක් ගඳ වුනාට කමක් නෑ. ඇත්තටම ඒ ඇවිල්ලා ජීවන සුවඳ.

"Ok! But you aren't going anywhere, are you ayye?
I'll come back soon!
Please stay here till then!"

"I can't promise that!
If you leave, I might go away!'

අයියත් එක්ක බෑනෙ ඉතින්.

"Then come with me.
Let's go to my place.
I can take a bath while talking with you!"

"Mmm....
No!
I don't want to!
I'm too tired waiting for you.
So I need my bed!"

"Then I'll stay too!
Am I smelly ayye?
එහෙනම් මං ටිකක් ඈතින් ඉන්නම්.
නැත්තම් ඔයාගෙ සෙන්ට් බෝතලේ දෙන්නකො, ඒකෙන් ටිකක් දාගන්නම්.
But don't ask me to leave!
Plea.....se!!!"

"No!
You aren't smelly at all!
You are my white lotus, remember?"

අයියා ආයෙම කිස් එකක් දුන්නනෙ ඉතින්.
ලැජ්ජාවෙ බෑ!
මෙයා හිතාගෙන ඉන්නෙ මං ගෑණු ළමයෙක් කියලද දන්නෑ.
කන් දෙකත් ගිනි ගන්නවා වගේ එහෙන්!

"But you'll feel better after having a shower.
Here!
This is for you!
Use my bathroom,
Remember! only hot water!"

අයියා බෑග් එකක් මගේ අතට විසි කරන ගමන් කිව්වෙ.
මං ඒක අල්ලගෙන ඇරලා බැලුවා.
Wow!
T shirt එකකුයි කලිසමකුයි.
T shirt එකේ චූටියට superman logo එකත් ගහලා.

"Thank you ayye!
I love this!"

මං bathroom එකට පැන්නා.
අම්මෝ ඉතින්!!!
මෙහෙම bathroom එකක් තියෙනවා නම් හැමදාම හැම වෙලේම නාන ගමන් ඉන්න බැරියැ.
මං tub එකට වතුර පුරෝගෙන ඒකෙ බැහැලා ඇති වෙනකල් හිටියා. එතන චූටි චූටි සෙල්ලම් බඩුත් තියෙනවා. අයියා මෙච්චර ලොකු වෙලත් සෙල්ලම් කර කරද දන්නෑ නාන්නෙ.
බබෙක් වගේනෙ බලං ගියාම!
අයියත් සෙල්ලම් කරනවා නම් ඉතින් මං සෙල්ලම් කලාම මොකද?

මං super pirate කෙනෙක් වෙලා treasures hunt කලා. එක එක sea monstersලත් එක්ක නැති වෙනකල් fight කලා. Jack Sparrow වගේ නියම කොල්ලෙක් මාත්!
ඕන එකක් ඔට්ටුයි!
Fight එක තදටම කරගෙන යද්දි තමයි අයියා දොරට ගහන්න ගත්තෙ.

"Thambaru!!!
Are you ok?
Can I come in?"

මාව සබන් පෙණ වලින් සම්පූර්ණයෙන්ම වැහිලා ඉන්නෙ. අනික මෙතන curtain එකකුත් තියෙනවා. ඉතින් මං ඒක වහලා අයියට කෑගැහුවා.
නැත්තම් පාළු හිතුනා කියලා යන්න ගියොත් එහෙම!

"I'm ok ayye!
You can come in if you want!"

"What are you doing little thief?
I'm so hungry!"

අයියා දොර අස්සෙන් මූණ ඔබාගෙන කෑගහන්නෙ.

"I'm in a middle of an important mission.
But I can finish it in.... like 5 minutes!"

"Oh! Ok ok!
Make sure my bathroom is safe.
I'm so scared of bathroom monsters!
But I forgot something.
Let me come in for a moment ok?
I won't look at you. Will just leave it and go!"


අයියා ටිකකින් මොකද්දෝ ඇතුලට අරන් ඇවිත් එහෙම්මම යන්න ගියා. පේන්නෑනෙ මොකුත් මේ curtain එක නිසා.
මොකද්ද දන්නෑ.

"ආ...!"

මං බිමට පැන්න පාර ලිස්සලා ගිහින් වැදුනා කොන්දම බිත්තියේ.
දැන් නම් අයියටත් කලින් සීයෙක් වෙන්නෙ මං තමයි.
අපරාදෙ මැරෙන්න කලින් අයියව ලුණු ගෙනියන්න හිතාගෙන හිටියෙත්!

"Thambaru...
Are you ok?!!"

එහෙන් අයියත් කෑගහනවා.
Bathroom එක පුරාම වතුරනෙ බලං ගියාම. මං නාලද හාලද මන්දා.

"I'm ok ayye!
Coming out now...."

මං බිම බදාගෙනම කෑගැහුවා ඉතින්.
මේ සබං ගොඩේ අයියත් ලිස්සලා වැටුනොත් එහෙම මොකක් කරන්නද?
උස්සගන්නවත් බෑනෙ මේ කොන්දත් කඩාගෙන මට!

බඩගාගෙනම මම අයියා ගෙනාපු මොකද්දෝ මගුල ලඟට ගියා.
අම්මෝ!
ඒක ලස්සන bathrobe එකක්!
ඇත්තම එකක් දැක්කෙත් අදමයි මම නම්.
මේක රතු පාටයි.
Supermanගෙ පාටක්නෙ ඉතින්.
අයියා නම් නියමයි දෙයියනේ!

ඒකත් ඇඳගෙන අයියගෙ towel එකෙන්ම ඔළුවත් පිහගෙන මං එලියට ආවෙ.

"Wow!!!
Look at this cutie!!!
My sweetest cherry plum!"

අයියා මාව දැක්ක ගමන් කෑගහද්දි මට ලැජ්ජත් හිතුනා ඉතින්. බබෙක් වගේද දන්නෑ මාව පේන්නෙ.
කෝ ඉතින් කොච්චර කෑවත් ලොකු වෙන පාටකුත් නෑනෙ. පන්තියෙන් බාගයක්ම උසයි මට වඩා.
ඩිනාලයගෙ නම් සද්දෙත් බල්ලො කාගෙන එන්නෙ. එකෙක් දෙන්නෙක්ගෙ රැවුලුත් වැවීගෙන එනවා.
මගේ මේ ඇටකටු ටිකවත් දික් වෙන පාටක් නෑ ඒ වුනාට.
අයියට වඩා ඉක්මනටම උස යාගන්න ඕනෙ දෙයියනේ!

"Come!
I asked Malanie to arrange our lunch here."

අයියා එයාගෙ කාමරෙන් එලියෙ තියෙන සාලෙ වගේ කෑල්ලට යන ගමන් කිව්වෙ. දැන් එතකොට අද මම කන්නෙත් අයියත් එක්කද?
අම්මගෙන් ගුටි කන්න වෙයිද දන්නෑ හැබැයි එයාගෙ කෑම කෑවෙ නෑ කියලා.

කමක් නෑ ඔන්නොහේ!
අම්මගෙ කෑම හැමදාම කනවනෙ.
ඒ වගේද අයියගෙ කෑම.
අනික ඉතින් හැමදාම කොහොමත් ගුටිත් කන එකනෙ. අයියත් එක්ක ඉඳලා ගිහින් ගුටි කෑවත් රිදෙන්නෙ නෑ.

මං ඇඳුමුත් මාරු කරගෙන කාමරෙන් එලියට ගියා. අයියා මට තඩිම තඩි බත් පිඟානක් බෙදලා දුන්නා. අම්මෝ මෙහේ එලවළුවල රස!
දිව්‍ය ලෝකෙ පරාදයි වගේ.
චිකන්, මාළු, සොසේජස් තුනමත් තිබුනා.
ඉතින් මං බඩ පැලිලා මැරෙන්න යනකල්ම කෑවා.
ජූතක බමුණට වෙච්ච දේ දැන් මට තේරෙනවා. මෙහෙම කාලා මැරුනට ප්‍රශ්නයක් නෑ. මං නම් හොල්මනක් වෙලත් ඉතුරු ටික කනවා.

මෙහේ කුස්සියෙ මීයො අල්ලන්න වගේ රස්සාවක් නැද්ද දන්නෑ හොයාගන්න.
එහෙම වුනා නම්, හැමදාම පට්ටම කෑමක් කන්නත් පුළුවන්. අයියත් එක්කම ඉන්නත් පුළුවන්!

"Now come here!
We have to take care of your face."

කාලා කාලා හුස්ම ගන්න බැරුව ඉන්න මගේ පුටුවෙන් ඇදලා අයියා මාව එයාගෙ ලඟට ගත්තා.
ඊලඟට සීතලම සීතල ජෙල් එකක් අරන් මගේ මූණෙ තැනින් තැන ගාන්න ගත්තා.

"So tell me,
Who hit you?"

අයියා හෙමීට තුවාල වෙච්ච තැන් අතගාන ගමන් අහන්නෙ!

"A boy in another class.
But really I started the fight!"

"Mmm...
Why was that?"

"Just...
I don't know.
I was completely mad!"

"But you know, I don't like you getting hurt.
Because it hurts me a lot!"

අයියා gel tube එක පැත්තකින් තියන ගමන් මගේ දිහා කෙලින්ම බැලුවා.
එයාගෙ ඇස් ලාවට වගේ දුඹුරු පාටයිද මන්දා.
ඒ නිසා තවත් ලස්සනයි.
ලස්සනම ලස්සනයි.

"I'm sorry.
I'll try to be good from now on."

පව්නෙ ඉතින් අපේ අඬන බබා.
ඒකයි මං කිව්වෙ.
නැත්තම් ඉතින් එදා අර ඉස්පිරිතාලෙදි වගේ අඬන්න ගත්තොත් ගවුමක් අන්දන්න තමයි වෙන්නෙ.

"You know sometimes I get really angry and feel like smashing everything down.
Do you feel the same?
So shall we both find a way to control it?"

Wow!
අයියටත් එහෙම වෙනවද?
මං හිතුවෙ මට විතරක් තියෙන ලෙඩක් කියලනෙ ඒක.

"Ok,
I'm in!"

"Great!
What if we start thinking about something really sweet?
Something that's gonna make us happy no matter what?
Do you have anything like that?"

"Well....
I'm not trying to be cheesy!
But I think it's your smile ayye!"

එහෙම කිව්වට මට නිකං ලැජ්ජයිත් වගේ. අයියා හිතයිද දන්නෑ මං නිකං බටර් ගාන කොල්ලෙක් කියලා.
ඒත් ඉතින් ඇත්තනෙ මං කිව්වෙ.

"No, it's not cheesy at all!
And for me it's my snowdrop!"

කවුද දෙයියනේ මේ snow drop?

"Can you show me too?
I mean this snowdrop!"

"Ok, why not!
But we have a deal now Thambaru!
We both have to try our best.
If anyone gets angry and hurt something or someone, he has to write a journal about that incident.
Is that ok?"

"Ok ok!
But tell me,
Aren't you really going ayye?
Are you really staying?"

"Hmmmm......"

අයියා සාලෙ බිම තිබුන ලොකු කුශන් මෙට්ටයක් වගේ එකක් උඩින් හාන්සි වෙලා ඇස් දෙක පියා ගත්තා.
අතක් නවලා එයාගෙ නලල උඩින් වැටෙන්න දාගත්තා.
ලස්සන පින්තූරයක් වගේ එයා නම්!

"Actually I found a way to postpone my UK visit.
I'll be staying the first 2 years here and the next 2 years I'll have to go.
But even in these 2 years I won't be home all the time, as I have to be in Colombo,
However, I'll be home on all the holidays.
Is it ok Cutie?"

"When are you leaving?"

"Next week!
But I might even come home everyday.
If I won't I'll call you."

"But I don't have a phone."

"It's ok.
I'll call your landline everyday at 5pm.
And come, there's another thing we can do."

අයියා මාවත් ඇදගෙන ආයෙම එයාගෙ කාමරේට දුවලා computer එක ඉස්සරහා වාඩි වුනා.

"You have a laptop at home, haven't you?
So, we'll create an email address for you.
Then you can msg me as well."

"Ok, but don't foget to call me.
And give me your number too.
Also you have to always try your best to come home everyday"

"Aye aye Captain!"

අයියා සැලියුට් එකකුත් ගහලා හිනා වෙවී කියන්නෙ.
එයාව මටම තියාගන්න නොදීපු එක වැරදියි දෙයියො වුනත්!
එයාගෙ ඇඟ අස්සටම මටත් රිංගලා අපි දෙන්නටම එක්කෙනෙක් වෙන්න බැරිද දන්නෑ.
එතකොට ඉතින් එයාට මාව දාලා යන්නම බෑනෙ. යන යන තැන එක්ක යන්නම වෙනවා.

"Ok, so your email address is,
thambarusnowdrop@gmail.com
Suggest a good password.
It should have capital letters, simple letters, numbers and symbols."

"Mmmmm....
Dhyan100%...?"

අයියා මගේ දිහා බලලා ලස්සනම ලස්සනට හිනා වුනා. මෙයාව කන්න බැරිද මන්දා මට!
චූටි කෑල්ලක් කඩාගන්න පුළුවන්ද බලන්න ඕනෙ වෙලාවක හෙමීට.

"Ok, then.
All done.
I'll write down everything for you.
Once you go home, login and check.
I have already sent you something."

අයියා ඇහැකුත් ගහලා හිනා වෙවී කියන්නෙ.
කලින් මං කොච්චර බයේද හිටියෙ මේ හිනාව ආයෙම දකින්නවත් බැරි වෙයි කියලා. ඒත් snowdropට පින් සිද්ද වෙන්න එයා ගිහිල්ලා නෑනෙ.
Thank you චූටි puppy, snow drop!
මං ඔයාවත් අනිවාර්යයෙන්ම superdog කෙනෙක් කරන්නම්.

"Now...
There's one more thing."

අයියා කොහෙන්දෝ මන්දා මොකද්දෝ බෑග් එකක් ඇදලා ගත්තා.

"Wanna see my snowdrop?"

"He's in this room?
Oh yes yes yes!"

"Tada...."

අයියා මගේ ඉස්සරහට දික් කලේ ලස්සනට frame කරපු photo එකක්.
ඒකෙ හිටියෙ මායි අයියයි දෙන්නා හිනා වෙවී.
අයියා නම් නෙළුම් මලකටත් වඩා ලස්සනයි.
එලිය විහිදන ඉරක් වගේ.

"So, I have four copies of the same photo.
This one I'm gonna keep on my table.
And this small one, is for my wallet.
These two are yours.
You can do whatever you like with them."

"Really?
So I get to wake up everyday looking at your smile from tomorrow?
Thank you ayye....
Thank you so much!
I love love love you a lot!"

මං අයියව බදාගෙන කෑගැහුවා.
අනේ ඉතින් එයා මට එයාගෙ photo එකක් දුන්නනෙ.

"You are most welcome, cherry plum.
Now wanna see my snowdrop?
See this cutest little boy over here.
It's him!
Do you like him?"

අයියා මාවම පෙන්නලා මගෙන්ම අහනවා.
මගේ කට ඇරුනා ගෙයි වහලෙ ලඟටම.
එතකොට ඔයාටත් මාව දාලා යන්න බැරි නිසාද ඇත්තටම ආවෙ?

.........................................................................................................

කතාව කම්මැලි නෑ නේද මේ ආදර දෙබස් වැඩි වෙලා.
බාල්දිවලට තාම ලං වෙන්න හිතෙන්නෙ නෑනෙ ඉතින් ඒකනෙ වැඩේ.

ඒත් කම්මැලි වේගෙන එනවා නම්,
මොනවා හරි අඩුපාඩු තියෙනවා නම්, කියන්න හොඳේ...

ඔයලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤











Continue Reading

You'll Also Like

6.4K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
117K 12.8K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
302K 16.2K 53
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...
56.9K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...