මානස (Completed)

By NirMad238

58.7K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

18

790 177 192
By NirMad238

සීතලම සීතලක් ඇඟට දැනෙද්දි මං පුළුවන් තරම් ගුලි ගැහෙන්න බැලුවා. ඔළුව හිරි වැටිලා වගේ. මූණෙ පැත්තක්ම රිදෙනවා ඉවසගන්න බෑ.
මොකද්ද මට වුනේ?

මං ඇස් දෙක අරින්න හැදුවට ඇරගන්නත් බෑ.

"ම්....හ්!"

කැක්කුමටම මට කෙඳිරිත් ගෑවුනා.

"Thambaru...?"

ඒ අයියා නේද?
ඒ කොහොමද?
එතකොට මේ මං කොහෙද ඉන්නෙ?

මං ඉන්නෙ නම් උකුලක් උඩ.
ඇත්තටම අයියගෙ උකුල උඩ.
එයාගෙ සුවඳටම මාව මත් වෙලා වගේ.

ඒ වුනාට ඇස් අරින්නවත් කතා කරගන්නවත් මොනවත්ම කරන්න බෑ. පුදුම විදියට රිදෙන්නෙ.
මගේ ඇස් වලින් කඳුළුත් ගලාගෙන යන්න ගත්තා.

මේක නම් ලැජ්ජාවක්.
Superman අඬන කොල්ලෙක් නෙමෙයි!

"Don't worry sweet heart
Nothing's gonna happen to you!
Everything's gonna be ok!
You are ok!
You are ok!
You are ok!
.............................."

අයියා එක දිගටම මන්තරයක් වගේ මතුරනවා යාන්තමට මට ඇහෙනවා.
I'm ok ayye!
Please don't worry!
කියා ගන්න ඕනෙ වුනත් මට කියාගන්න බෑ. එච්චරටම රිදෙනවා හෙල්ලෙන්නවත් බෑ.

ඔළුවයි බෙල්ලයි මූණ පුරාමයි සීතලට මොනවද වැක්කෙරෙනවා වගේ.
අයියා එයාගෙ අත් මගේ නලලට තද කරගෙන.
මොකද්ද ඇත්තටම වුනේ?
මං කොහොමද අයියා ලඟට ගියේ?

හැබැයි මොකක් වුනත් කමක් නෑ.
දැන් අයියා මගේ ලඟනෙ.
Car එකක නැගලා කොහේ හරි යනවා වගේ අපි.
සමහරවිට අයියා මාවත් එක්කගෙනම යනවද දන්නෑ!

මං අත උස්සලා අයියගෙ අතින් අල්ලගත්තා.

"Thambaru....
Are you awake?
Are you ok?
Can you feel me?
Can you open your eyes?"

අයියා මන්තරේ වෙනුවට ප්‍රශ්න පත්තරයක් අහනවා. ඔයා විභාග ශාලාධිපති කෙනෙක් වෙන්න අයියෙ ලොකු වෙලා. එතකොට හිතේ හැටියට ප්‍රශ්න අහන්න පුළුවන්.
නැත්තම් ලෝයර් කෙනෙක් වුනත් කමක් නෑ. කොර වෙලා යන්නම ප්‍රශ්න අහන්න පුළුවන්!

"නාලක!
ටිකක් ඉක්මන් කරලා යමු මනුස්සයෝ!!!"

ඒ අස්සෙ ඩ්‍රයිවර් අංකල්ටත් මෙයා කෑගහනවා.
කෑගහන්න එපා අයියෙ මගේ ඔළුව රිදෙනවා.
කියන්න ඕනෙ වුනත් කියාගන්න බෑ.
රිදෙනවා දෙයියනේ!
Supermanටත් මෙච්චර දෙයක් කරපු අඳුරු බලවේගෙ මොකාද?!!!

අයියගෙ අත තද කරලා මිරිකගෙන මං කැක්කුම ඉවසගත්තෙ.
අම්මෝ!!!
මෙච්චර ලොකුවට නම් කවදාවත්ම රිදිලා නෑ මට.
ගල් පතුර ඔළුව පලාගෙන එලියට ආවාවත්ද?
කල්පනා කරන්නවත් බෑ එතකොට තවත් අමාරුයි.
මං අයියට තවත් ටිකක් තුරුල් වුනා.
සැපයි මෙහෙම ඉද්දි.
අයියගෙ සුවඳත් දැනෙනවා හොඳටම.
කොහේ ගියත් මොනවා වුනත් කමක් නෑ ඔන්නොහෙ අයියත් එක්කනෙ.

ටිකකින් කාරෙක නැවැත්තුවා.
අයියත් එක්කම තව කවුරුහරි මාව උස්සගත්‍තා. ඊලඟට දුවන්න පටන් ගත්තා.

"මේ... අනේ මේ බබාගෙ ඔළුව තුවාල වෙලා.
ලේ යනවා ගොඩාක්!
පොඩ්ඩක් බලන්නකො!"

අයියා කාටද කියනවා.
කන් දෙකටත් මොනවාහරි වෙලාද මන්දා එයාගෙ කටහඬත් වෙනස් වෙලා වගේ ඇහෙන්නෙ.
අනේ මන්දා මොනවා වෙනවද කියලා.

"හරි ඉක්මනට මේ ඇඳෙන් තියන්න.
අපි බලන්නම්.
මොකක් වෙලාද ඔළුව වැදුනෙ?"

තවත් කවුද කතා කරනවා.

"එයා... මේ...
එයා බයිසිකලේ පැද පැද හිටියෙ.
ටිකක් හයියෙන් ගියේ.
එකපාරටම පාරෙ තිබුන ලයිට් කණුවක හැප්පුනා."

"ඔව්! ඔළුව පැලිලා තියෙන්නෙ.
මැහුම් දාන්න වෙනවා ඉක්මනට ලේ යන එක නවත්තගන්න නම්!
අපි දැන්මම මෙයාව ගන්නම්.
කෝ මෙයාගෙ අම්මයි තාත්තයි නැද්ද?"

"මේ... නෑ. එයාලාට කෝල් කරලා කියන්නම්!"

"පුතා! පුතා!
මාව ඇහෙනවද?"

ඒ පාර ඒ ඇන්ටි මගේ ඇඟට තට්ටු කර කර අහනවා.
මං අමාරුවෙන් ඇස් ඇරියෙ.
මේ නම් hospital එකක්!

"පුතා! ඔයාට මාව ඇහෙනවද?"

"ඔ..ව්..."

"ඔයාගෙ ඔළුව තුවාල වෙලා තියෙන්නෙ. අපිට ඒක මහන්න වෙනවා.
බය වෙන්න එපා හිරි වට්ටලා මහන්නෙ!"

එතනින් එහාට එක එක දේවල් හරිම ඉක්මනට වුනා.

මුලින්ම මාව කොහාටද මන්දා එක්කගෙන ගියා. ඊලඟට ඉන්ජෙක්ශන් කට්ටක් ඔළුව පුරා එහාට මෙහාට ගියා. හැබැයි ඒ එක්කම ටිකකින් රිදෙන එකත් අඩු වෙලා ගියා.
ඊට පස්සෙ ඔලුව පුරා කූඹි දුවවනවා වගේ එකක් කලා.
සේරම ඉවර වුනාම මාව ආයෙම කොහෙටද මන්දා එක්කගෙන ආවා.

ට්‍රොලියෙන් මාව ඇඳක් උඩට දානවත් එක්කම අයියා තමයි දුවගෙන ආවෙ.

"How are you patiyo?
Are you ok?
Can you talk?"

අයියගෙ මූණ රතුම රතු වෙලා ගිහින්.
මගේ කන්වලට ඇත්තටම මොනවා හරි වෙලාද කොහෙද එයාගෙ කටහඬත් හොඳටම වෙනස්.

"I'm.. ok... ayye..."

එච්චරයි කියාගන්න ලැබුනෙ එකපාරටම මගේ අතින් අල්ලගත්ත අයියා ගෑණු ළමයෙක් වගේ අඬන්න පටන් ගත්තා.

"Why did you do that Thambaru?
Were you crazy?
Why are you this much careless?
Don't you have a brain to use?"

මෙයා නම් අපේ අම්මටම කියාපු පුතණ්ඩියා!
ඔළුව එකපාරක් නෙමෙයි හත්පාරකට පැලෙනවා සැපයි මේ ප්‍රශ්නවලට උත්තර දෙනවට වඩා!


"I called your mom.
She must be coming now."

ටික වෙලාවකට පස්සෙ අයියා ආයෙම කතා කලේ.
අයියෝ!
ලැජ්ජාවෙ බෑ මටත් එක්ක. කෙල්ලෙක් වගේ කඳුළු පෙරාගෙන ඇඬුවනෙ මෙයා!
දැන් නම් ටිකක් ශේප් වගේ.
නැත්තම් අඳුරන්නෑ වගේ අහක බලාගෙනම ඉන්න හැදුවෙ මං.

"Does it hurt?"

"No!"

"You wanna sleep?"

"Maybe a little!"

"Ok have a nap.
Don't worry about anything.
I'll stay here, near you!"

අයියා යාන්තමට මගේ ඔළුව අතගානවා. තුවාල වෙච්ච පැත්ත නෙමෙයි අනිත් පැත්ත.
ඒත් ඉතින් ඔය මොනවා කිව්වත් කලත් මේ අයියව මට විශ්වාස නෑ. මං නිදාගෙන ඇහැරෙන ටිකට රටත් දාලා ගිහින් ඉඳීද දන්නෙත් නෑ.
ඒක නිසා මං එයාගෙ අතින් අල්ලගෙනම ඇස් දෙක පියාගත්තා.

"Don't leave me ayye...."



මට ඇහැරුනේ සද්ද බද්ද ගොඩකට.

"පුතා...
දැන් අඩුයිද මගෙ රත්තරං?"

ඒ අම්මා. එයා කොයි වෙලේද ආවෙ?

"මොකද්ද පුතා මේ වැඩවල තේරුම. බයිසිකලේ අරන් දුන්නෙ පරිස්සමින් යන්න කියලා නේද?
දැන් බලන්න කරගෙන තියෙන දේවල්?
මොකුත් අමාරුවක් තියෙනවද?
කොහේ හරි රිදෙනවද?"

අම්මා විතරක් නෙමෙයි තාත්තත් තරඟෙට ප්‍රශ්න අහනවා.

"කෝ අයියා?"

"ධ්‍යාන් පුතාව ගෙදර යැව්වා මං.
දෙන්නටයිනෙ ඉන්න දෙන්නෙ කොහොමත්.
ඒ ළමයටත් කරදරේ මෙයා මේ කරගන්න දේවල් නිසා.
හෙට අනිද්දට රට යන්නත් ඉන්න එකේ කොච්චර දේවල් කරගන්න තියෙනවා ඇතිද?"

"අනේ අම්මේ!
ඕක නවත්ත ගන්නවද?
ඔහොම කෑගහද්දි මගේ ඔළුව රිදෙනවා හොඳටම!"

මං ඔළුව බදාගෙන කෑගැහුවෙ ඉවසගන්න බැරි තරම් කැක්කුමක් දැනෙද්දි.

"අනේ පුතා ඇයි අමාරුද ගොඩක්!
අනේ තේමිය කාටහරි ඉක්මනට ගිහින් කියන්නකො!"

අම්මා ආයෙම කෑගහනවා.
මට මගේ පාඩුවෙ ඉන්නම දෙන්නෙ නෑනෙ.
ඒ පාර ඔන්න කවුද මන්දා ඔන්න දුවගෙන ආවා. එක එක ඒවා අත්වල බැඳ බැඳ ඔබ ඔබ මොනවද විකාර කලා. බොන්න බෙහෙත් ජාති අහුරක් විතර දුන්නා.

"මට ගෙදර යන්න ඕනෙ!"

"ගෙදර යන්න නම් හෙට හවස් වෙනකල් ඉන්න වෙනවා.
ඔළුවමනෙ වැදිලා තියෙන්නෙ. ඒ නිසා මොළේට හානියක් නෑ කියලා හරියටම දැනගන්න කල් යන්න දෙන්න බෑනෙ පුතා"

ආපු එක්කෙනා එහෙම කියාගෙන යන්න ගියා.

එතකොට හෙටත් රෑ ගෙදර යන්න වෙන්නෙ.
හෙට කියන්නෙ අලුත් මාසයක්.
අයියා යන මාසෙ!
මං ගෙදර යද්දි අයියා නැතුව ඉඳියිද?

අනේ අයියව ආයෙම බලන්න වෙන්නෙ නැති වෙයිද මට?
එයාගෙ phone number එකවත් ඉල්ලගන්න බැරි වුනානෙ!
දැන් එතකොට මොකද කරන්නෙ?

මං හැදුවෙ එල්ලලා තියෙන අඬු බඬු ටික ගලවලා දාලා නැගිටින්න. මට ඉන්න ඕනෙ නැත්තම් බලෙන් තියාගන්නෙ කොහොමද එහෙම?
ඒත් අම්මලත් එක්ක බෑනෙ.
ඒ දෙන්නා රට වටේටම කෑගහ ගහ මාව අල්ලගෙන ආයෙම ඇඳට දැම්මා.

රෑ හැමෝම නිදාගත්තමවත් පැනලා යන්න ඕනෙ.

රෑත් වැඩේ කරන්න ලැබුනෙ නෑ ඒ වුනාට.
අත දිගේ ලේ බේරි බේරි යද්දි කොරිඩෝ එකේ ඇවිදගෙන ගිය නර්ස් කෙනෙක් මාව අල්ලගත්තා. බලෙන්ම මාව ආපස්සට ඇදගෙන ගියා.
Supermanගෙ superpowersවලට ගිය කලක්!

පහුවදා උදේ හරි අයියා එයිද කියලා මං බලාගෙන හිටියා. ඒත් එයා ආවෙ නෑ.
ඒ කියන්නෙ එයා යන්න ගිහිල්ලද?
අනේ මට හරියට කතා කරන්නවත් වුනේ නෑනෙ!
Telephone number එක හරි ඔයාට දීලා යන්න තිබුනනෙ අයියෙ!
දැන් ඉතින් මීට පස්සෙ මං ඔයා නැතුවද ඉන්න ඕනෙ?

ටිකෙන් ටික හවස් වෙද්දි මට තිබුණ අන්තිම බලාපොරොත්තුවත් නැති වෙලා ගියා.

අයියා එන්නෙ නෑ!

"අම්මෙ,
මට ගෙදර යන්න බෑ.
මාව අච්චිලගෙ ගෙදරවත් නවත්තන්නකො!"

"අනේ තාත්තෙ,
ගෙදර ගියත් ඔයාලට වැඩනෙ.
මගේ  තුවාලෙත් රිදෙනවා.
ඒ නිසා ආච්චිලගෙ ගෙදර යන්නංකො මං!"

මං අම්මලට නොවඳිනා වැන්දා.
ඒත් වැඩක් නෑ.

"පිස්සුද ළමයො!
ඔය තුවාලෙත් තියාගෙන ආච්චිලට කරදර කරන්න බෑ.
අපි නිවාඩු දාලා ගෙදර ඉන්නම් අමාරු නම්!"

ඔන්න ඕක තමයි දෙන්නම කිව්වෙ.

ඉතින් අපි ගෙදර ගියා.
යන ගමන් මං අයියලගෙ ගේ පැත්ත බලාගෙනමයි ගියේ. ඒත් එයා පේන්න හිටියෙ නෑ.

ගෙදර ගියාට පස්සෙත් බැලුවා එයිද කියලා,
ඒත් නෑ.

පහුවදා අම්මා මාත් එක්ක ගෙදර නැවතුනා. මං බැල්කනියෙන් එලියට වෙලා අයියලගෙ ගේ පැත්ත බලාගෙනම හිටියා.
දැනුත් එයා පේන්න නම් නෑ.

ටිකකින් අම්මා කුස්සිය අස් කරන්න පටන් ගත්තා. ඒක හොඳයි.
ඔහොම අස් කරන්න ගත්තම පැය ගානකට නවතින්නෙ නෑ.
ඉතින් මං අයියලගෙ ගෙදරට දුවගෙන ගියා.

හැබැයි ඉස්සරහා දොර වහලා.
ලොක් කරලා!
අනේ මං හිතන දේ නම් වෙන්න එපා!
අයියෙ ඔයා මට කියන්නෙත් නැතුව,
අඩුම ගානෙ phone number එකවත් දෙන්නෙ නැතුව යන්නෑ නේද?

මං කුස්සිය පැත්තෙන් ගිහින් එහේ වැඩට ඉන්න ඇන්ටිට කතා කලා.

"ඇන්ටි අයියා නැද්ද?"

"ආ තඹරු බබා!
ඔක්කොමලා ඊයෙ ගියානෙ පුතේ!"

මගේ ඔළුවෙ පපුවෙ හැමතැනකම එක පේලියට අකුණු පුපුරගෙන ගියා.

අයියෙ,
ඔයා ඇයි එහෙම කලේ?

මට මතක මං හීනෙන් වගේ ගෙදර යනවා විතරයි. ඊට පස්සෙ ඇඳට වැටුනා.
ඇහැරුනේ අම්මගෙ සද්දෙට.

"තරූ..
පුතා අමාරුයිද?
ගින්දර වගේ උණනෙ!"

"අම්මෙ, මට ආච්චිලගෙ ගෙදර යන්න ඕනෙ."

මුළු දවසටම මට ඇඳෙන් නැගිටගන්න පණක් තිබුනෙ නෑ.
කන බොන දේවල් සේරම වමනෙ ගියා.
අම්මා බය වෙලා තාත්තටත් එන්න කියලා මාව ආයෙම doctor ලඟට එක්කගෙන ගියා.
Superman මෙහෙම ලෙඩෙක් වෙච්ච එකයි දරාගන්න අමාරු!

අන්තිමේ අම්මලා මාව ආච්චිලගෙ ගෙදර එක්කගෙන ගියා. අම්මත් මාත් එක්ක එහේ නැවතුනා.
දවස් තුනකට පස්සෙ මට උණ හොඳ වුනේ. ඒත් කෑම කන්නම බැරි වුනා. නින්ද ගියත් ඇහැරෙනවා රෑ මැද්දෙ හැමදාම.

ඒ හීනයක් දැකලා.
මං එපා කිය කිය අඬද්දි අයියා මාව දාලා යන්න ගියා. අර ඇඟේ ඇලෙන අක්කවත්  බදාගෙන එයා ගියේ.
මං දීපු බෑගෙක කුණු ගොඩකට වීසි කරලා තිබුනා.
මං බිම වැටිලා ලැජ්ජ නැතුව කෙල්ලෙක් වගේ අඬද්දි එයාලා මට පයින් ගැහුවා.
මගෙ තුවාලෙටම පයින් ගැහුවා.
ඉතින් මං ගැස්සි ගැස්සි හැමදාමත් ඇහැරුනා.

අයියෙ,
ඔයාට ඇත්තටම මං කරදරයක් වුනාද?
පයින් ගහලා එලවලා දාන්න හිතුනද?
ඒකද කියන්නෙත් නැතුවම ගියේ?


සතියකට පස්සෙ ආච්චිලගෙ ගෙදර ලඟ ඉස්පිරිතාලෙටම ගිහින් මගේ ඔළුවෙ මැහුම් කැපුවා.
මැහුම් දහ නවයක් තිබුනලු.
එහෙම තමයි superman මැහුමක් දාගත්තත් දාගන්නෙ බෙදන්න බැරි ප්‍රථමක සංඛ්‍යා වලින්!

ඊට පස්සෙ අම්මා නම් ගෙදර ගියා. මං ආච්චිලගෙ ගෙදරම නැවතුනා.
මෙහේ ඉස්කෝලෙකට මාව මාරු කරන්න කියන්න ඕනෙ අම්මට.
ගෙදර ගියා කියලා මට කවුරුත් නෑ දැන්.
ඒ නිසා මෙහේ හොඳයි.

ආච්චියි සීයයි එක්ක සැපසේ හුරතල් වෙවී මං හිටියා. මෙහේදි නම් ගස් ගල් බඩගාලා, කුඹුරු පුරා නටලා ඕන තරම් දේවල් කරන්න පුළුවන්. බනින්න ගහන්න කවුරුත් නෑ. කේලම් කියන අයත් නෑ.

ඒ වුනාට ඒ මොනවා තිබුනත් අයියගෙ හිනාව තරම් ලස්සන දේවල් නම් මෙහෙත් නෑ, මුළු ලෝකෙමත් නෑ!

අයියෙ කොහොමද ඉතින් ඔයාට?
කැම්පස් එකේ වැඩ පටන් ගත්තද?
අපරාදෙ ඔයත් එක්ක ඉන්න තිබුන අන්තිම දවස් ටික මං නැති කරගත්තනෙ.
ඒ නිසා ඔයා මාත් එක්ක තරහා වෙලාද ගියේ?
ඉගෙනගෙන ඉවර වෙලා ලංකාවට ආව දවසකදිවත් ඔයාට මාව මතක් වෙයිද?


තවත් සතියකට පස්සෙ අම්මලා මාව එක්ක යන්න ආවෙ. මට නම් යන්න බෑම කියලා මං කෑගැහුවා.
ඒත් වැඩක් නෑ.
අම්මලා බලෙන්ම මාව කාරෙකට දාගෙන ගෙදර යන්න ගත්තා.
හෙට ඉඳන් ඉස්කෝලෙ යන්න ඕනෙලු.

මට ඉගෙනගන්න ඕනෙ නෑ දෙයියනේ!
මට ඕනෙ පාරවල් අයිනෙ කාණු කපන්න!
නැත්තම් ගමේ ගිහින් කුඹුරක් කොටාගෙන ඉන්න.
කැලේ මැද්දෙ හේනක් වුනත් කමක් නෑ.

ඉස්කෝලෙයි,
ඉස්කෝලෙ වැඩයි,
ගෙදරයි,
මගේ කාමරෙයි,
පාරයි,
බීච් එකයි,
පිට්ටනියයි,
මේ සේරම පුස් ඌරු පාටයි.
මං ඒ ඌරු පාටට ආසම නෑ!!!!

ඒ වුනාට අම්මා මාව බලෙන්ම ඉස්කෝලෙ යැව්වා. ඉතින් මං උදේ පාන්දරින්ම කොල්ලෙක්ව අල්ලගෙන ඌට ගහගෙන ගහගෙන ගියා.
හැබැයි උගේ හොම්බ සමතලා කරලා දාන්න කලින් ඒකා අඬාගෙන ගිහින් teacherට කිව්වා.
මහ ගෑණු හෝන්තු!

Teacher මට බැන්නා.
පාරවල් දෙක තුනක්ම ගැහුවා.
ගිහින් අම්මටත් කිව්වා.
ඊලඟට අම්මත් මට බැන්නා.
ගෙදර ගියාම ඊලඟ ශොට් එකත් දෙනවා කිව්වා.
කමක් නෑ!
මට අවුලක් නෑ!

මං interval එකේ තව එකෙකුට ගැහුවා.
ඌ නම් කලින් එකා වගේ නෙමෙයි.
කොල්ලෙක් වගේ ගැම්මට ඉන්න එකෙක්.
මටත් දුන්නා හීක් ගෑවෙන්නම.
Teachersලට කොලේ වහලා ගුටි කෙළිය ඇදගත්තට, මගේ තොල පැලිලා ඇහැ නිල් වෙලා තිබුනා.
ටොයිලට් එකේ බිම ඇදගෙන වැටුනා කියලා අහන teachersලට කියලා මං ශේප් වුනා.

දැන් ගෙදර ගියාම ගහගන්න එකෙක්වත් හොයාගන්න වෙනවා. නැත්තම් ඔළුව හැරුන අතේ ගිහින් රස්සාවක්වත් බලන්න වෙනවා.
මොකද අම්මා මාව ගෙදරින් එලවන දවස වැඩි ඈතක නෙමෙයි!

ඉස්කෝලෙ ඇරුනට පස්සෙ මං පන්තියට වෙලා ඔහේ බලාගෙන හිටියා.
ගෙදර යන්න හිතෙන්නෙ නෑ මට දැන්.
ඒත් වෙන කරන්න දේකුත් නෑනෙ. මං හෙමින් හෙමින් ඇවිදගෙන යන්න පටන්ගත්තා.
අපේ ගෙවල් තියෙන පාරට හැරිලා අත් දෙකෙන්ම මූණ වහගත්තා. නැත්තම් අර මෝඩ පුස් ඌරා ඉන්නවද කියලා තාමත් බලන්න හිතෙනවා.
මාව දාලා ගිය අය ගැන හිතන්න හොඳ නෑ. ඒ නිසා ඇස් දෙක තද කරලම පියාගෙන යන එකයි හොඳ.
එතකොට මොකුත් මතක් වෙන එකකුත් නෑ!

"Thambaru!!!"

මං ගැස්සුනා.
හිතන්නත් කලින් ඇස් දෙකත් ඇරුනා.

ඒත් නෑ.
කවුරුත් නෑ.
මටත් පිස්සු!

ඇස් වැහුවට වැඩක් නෑ කන් දෙක ඇරිලා නම්.
මගේ මෝඩ මොලේට ඒක මතක් වුනේ නෑනෙ.
ඉතින් මං ඇස් දෙක පියාගෙන කන් දෙකම අත් වලින් වහගත්තා.

මං මොකුත් හිතන්නෙ නෑ.
මං මොකුත් හිතන්නෙ නෑ.
මං මොකුත් හිතන්නෙ නෑ.
මං මොකුත් හිතන්නෙ නෑ.

"Thambaru!
Thambaru!
Oh my god Thambaru!"

එක පාරටම මාව උඩට ඉස්සුනා.
මේ මොකද්ද මේ වෙන්නෙ?

මං ඇස් දෙක ඇරියා.

අයියා?!!!
අයියා කොහොමද මෙහේ ඉන්නෙ?

"අයියේ???"

"You naughty little rascal!
Where were you?
I was going crazy you know!"

අයියා මාව වඩාගෙන පිස්සෙක් වගේ කෑගහන්නෙ.
මේක මේ වෙන්න පුළුවන් දෙයක්ද?

"අයියෙ ඔයා හීනයක්ද?"

අයියගෙ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන මං ඇහුවෙ?
එයා කොහොමද මෙහේ ඉන්නෙ?

"What happned to your face?
Did you fall again?"

වැඩක් නැති ප්‍රශ්නනෙ මේ අයියටත් තියෙන්නෙ!
ඕවා අහන්න කලින් මං අහන ඒවට උත්තර දීලා ඉන්න!

"අයියෙ ඔයා ගියේ නැද්ද?"

අයියා එකපාරටම මගේ ඇස් දෙක ඇතුලටම එබිලා බැලුවා.
ඊට පස්සෙ හිනා වුනා.
අම්මෝ!!!
සති ගානකට පස්සෙ මට ඕන වෙලා තිබුනෙ මොකද්ද කියලා මට හරියටම තේරුනා.

"No, I didn't!
Couldn't leave a cute little puppy!"

..........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤



Continue Reading

You'll Also Like

54.7K 14K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...
8.4K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
56.7K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
115K 12.6K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...