මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

21.1K 3.7K 4.3K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

4

544 97 92
By zara-N1111

වර්තමානය.

Chagzhou Airport එකේදී පුදුමයකට වගේ zhan ව කවුරුත් හදුනාගත්තේ නෑ වගේ. Zhan මුහුණ , කොන්ඩය එහෙම හොදට කවර් කරගෙනනෙ හිටියේ. අනික ලොකු ටීම් එකක් නෑ , මම විතරයි ඔහුට අමතරව. Beijin වලට යන domestic flight එකේ zhan ටයි මටයි එක ලග seats හම්බ වුනේ නෑ. අන්තිම මොහොතෙනේ ඉතින් බුක් කලේ ටිකට්ස්.

Flight එක අතර මම fake account එකකින් weibo log වෙලා fans ලා සහ antis ලා කියන දේවල් චෙක් කලා.
අම්මෝ.. Weibo එකේ තාම කතාව ඒකම තමයි. ඒක යුද පිටියක් වෙලා දැන්.

සමහර Solo MTJJ ලා , ඒ කිව්වේ yiboගෙ සොලෝ ෆෑන්ස්ලා බනිනවා xiao zhan ට.. , සමහරු බනිනවා BXGලට , ඒ කිව්වේ කැස්බෑවන්ට.

Solo XFX ලා, ඒ කිව්වේ zhan ගෙ සොලෝ ෆෑන්ස්ලා බනිනවා MTJJ ලටයි BXG ලටයි ..
" මේක නිකම් yibo කියපු සින්දුවක්නෙ, ඇයි තොපිට පිස්සුද මේකට මගේ zhanව ගාවගන්නෙ? "
එක XFX කෙනෙක් එහෙම කියල තියෙනවා දැකලා මට හිනාත් ගියා.

BXG ලා weibo එකේ එක පොදියට රැස් වෙලා..
එක එක විදිහට වීඩියෝ එක විශ්ලේෂණය කරනවා.
ඒක කියන්න හේතුව මොකක්ද කියලා හිතනවා.
BXG ල නම් ඇත්තටම දුකින් කියලා පේනවා.
ඒ කොහොම වුනත් ඒ කාටවත් ඒ වීඩියෝ එකට මුල්වුන හේතුව හොයාගන්න බැරිවේවි.
XZ studio එකේ වැඩ කරන මටවත් ඒක හිතාගන්න බෑ..

අනික.. ඇත්තටම xiao zhanවත් දන්නවා ඇතිද හේතුව??

...............................❤️💚❤️💚....................

2020 නොවැම්බර්

තාමත් Ace troops රූගත කිරීම් ඉවර නෑ. දෙසැම්බර් තමයි ඒක අවසන් කරන්න ප්ලෑන් කරලා තියෙන්නෙ .
අද xiao zhan ගේ දකුණු කකුලේ වලලුකර හොදටම ඉදිමිලා. යුද්ධ සීන් එකක්නෙ අද ෆිල්ම් කලේ.

දවස අවසානයේ මම ඔහුගේ ankle එකට අයිස් වලින් cold compression එක්ක treatment කර කර හිටියේ.

" රයන් දන්නවද Ace troops කියන එකේ අකුරු වලින් අදහස් කරන්නෙ මොනවද කියලා. Ask, Care, and Escort .."
Xiao Zhan ඒක කිව්වේ ඉන්ග්‍රීසියෙන්.

හසිනි නිතරම zhan ඉන්ග්‍රීසියෙන් කතාකරන කොට හරි කියුට් කියලා වැලලෙන්න හදන එක හරි කියලා මටත් ටිකක් හිතුනා හැබැයි .

" බොස්, ඔයාගෙ කකුලේ තත්ත්වය නම් අද එච්චර හොද නෑ. හෙට ෆිල්ම් කරන කොට පොඩ්ඩක් පරිස්සම් කරගත්තොත් හොදයි. Production team එකට recommend කරමුද අපි පුළුවන් නම් strenuous activities එන්නෙ නැති විදිහට කරමු කියලා?? ".
මම ඇහුවා.

" නෑ රයන් කමක් නෑ. උදේ වෙනකොට අඩුවෙයි. අනික මට මේ ඩ්‍රාමා එකේ මගේ උපරිමය කරන්න ඕන . දන්නවනේ අර සිද්ධියෙන් පස්සේ මම රූගත කරන පලවෙනි ඩ්‍රාමා එක මේකයි."
Zhan කිව්වා.

"අර සිද්ධිය කිව්වේ ?? "

" 227 සිද්ධිය ".

" 227? ඒ මොකක්ද ? "
මම ඇහුවෙ හොදටම කොයිල් වෙලා.

Zhan මා දිහා පුදුමෙන් වගේ බලලා, ඊලගට හයියෙන් හිනාවුනා.

" අය්යෝ. මට අමතක වෙනවනෙ රයන් මේ මුකුත්ම දන්නෙ නෑ කියලා. ඒකත් හොදයි හැබැයි .
කමක් නෑ , දැන් මට කවදාටත් වඩා මගේ උපරිමය නිර්මාණයකට දෙන්න ඕන කියලා ඔයා දැනගෙන ඉන්නකෝ.. " ඔහු කීවා.

.... ..........

Zhan එහෙම කිව්වට මට 227 සිද්ධිය මොකක්ද කියලා දැනගන්න ඕනම වුනා.
එදා රෑ මගේ රූම් එකට ඇවිත් නිදි නැතුව internet එක පීරලා ඒක මම හොයාගත්තා.
2020.02.27 වුන සිද්ධියක්.
Zhan සහ the untamed එකේ එයාගෙ costar චරිත වලට දාලා ලියපු fan fiction එකක zhan - sex worker කෙනෙක් .. Yibo  අඩු වයස් පිරිමි ලමයෙක්. මේක දැකලා zhan ගෙ ෆෑන්ස්ලාට තරහ ගිහිල්ලා ඒ fan fiction එක report කරන්න අරගෙන. ඒ කලබලය නිසා ඒ explicit fiction එක තියෙන website එක chinese government එකටත් note වෙලා, ආණ්ඩුවෙන් ඒක., ඒවගේ තව sites එක්කම තහනම් කරල දාලා. ඒක ගොඩක් ජනප්‍රිය site එකක්ලු. ඒක තහනම් වුන තරහට, ආණ්ඩුවට බනින්න බැරි නිසා ඒ sites වල ෆෑන්ස්ලා  zhan පිට වරද පටවන්න අරන්, එයාගෙ කිසිම වරදක් නැති වුනත් .
කට්ටියත් එක්කම zhan ගේ නිර්මාණ, endorsements වර්ජනය  කරන්න අරන්. . අන්තිමට zhan ගෙ endorsements පවා නැතිවෙලා. සමහර celebrities ලා එයා වැටුන එකෙන් තමන්ට වාසි අරගෙන. එයාට movies, dramas නැතිවෙලා. ගොඩක් කල් නිහඩව ඉදලා තමයි ආයෙත් එයා වැඩ කරන්න අරන් තියෙන්නෙ .

මේ විස්තර කියවලා මට හරි දුකක් එක්ක තරහක් දැනුනා.. Xiao Zhan ට ලොකු අසාධාරණයක් වෙලා තිබුනේ . එයා නොකරපු වරදකට.
Chinese entertainment industry එක කියන්නෙ මාර තැනක්. හරි අමාරුයි වගේ ඉහ ගහගෙන ඉන්න මේකේ. Toxic fans and opportunistic මිනිස්සු පිරිලා. ආණ්ඩුවත් ඕන දේටයි එපා දේටයි ඔක්කොටම ඇගිලි ගහනව වගේ. 

ඒත් දැන් ඒ අමාරු කාලෙන් පස්සේ zhan ආයෙත් වැඩ කරන්න අරන්. එයාගෙ ජනප්‍රියත්වය තාම එහෙමමයි. එයාගෙ කරැණාවන්තකම තාම එහෙමයි.
මගේ බොස් ගැන මට ආඩම්බරයි.

..............💚❤️

" බොස්, මම 227 ගැන ඊයේ රෑ කියවලා දැනගත්තා..".
ඊලග දවසේ treatment session එකේදී මම zhan ට කිව්වා.

" ආ රයන් .,ඒක homework එකක් කියලා හිතුනද? "
Zhan හිනාවෙලා ඇහුවා.

" ඒ මම ලොකු පාඩමක් ඉගෙන ගත්ත සිද්ධියක් රයන්. ඒ වගේ කරදරයක් වුනාම ඔයා කවදාවත් නැති විදිහට තනිවෙනවා.. හොද කාලයේදී ලගින් හිටිය අය එකපාරටම අතුරුදහන් වෙනවා.. ඔයාට නියම හිතවතුන් කව්ද කියලා හොදටම හදුනගන්න පුළුවන් වෙනවා එහෙම දවසක".
Zhan ඒ ටික කිව්වේ හැගීම්බරව සීරියස් ටෝන් එකකින්.

එතකොට මේ සිද්ධිය වුනාම zhan ගේ යාලුවො , හිතවතුන් එයාව තනිකලාද?
එදා රෑත් මම තව දුරටත් 227 ගැන search කලා.
Industry එකේ ගොඩක් අය ඒ ගැන නිහඩව ඉදලා , zhan වෙනුවෙන් වචනයක්වත් කියන්නෙ නැතුව.. සමහරු zhan වැටුනු එකෙන් වාසි අරගෙන ..සමහරු තත්ත්වය තවත් නරක් කරන්න යටින් ගේම දීලා..
එතකොට zhan වෙනුවෙන් පෙනී සිටිය අය , එයා වෙනුවෙන් හඩක් නගපු අය ගණන අතේ ඇගිලි ගනනටත් අඩුයි.
The untamed එකේ ඩිරෙක්‍ටර්. , තව ඒකේ cast එකේ කීපදෙනෙක් විතරක් zhan වෙනුවෙන් කතා කරලා තිබ්බා.

එතකොට wang yibo??
මේ ප්‍රශ්නයට මුල් වුන fan fiction එකේ එයාගෙ character එකත් තිබුනනේ.
එයා මොකද කලේ??
The untamed කාලේ zhan ගේ ලගම යාලුවෙක් වගේ  කියලා පෙනුනු wang yibo මොකද කලේ zhan කරදරයක වැටුනම?  විශේෂයෙන් තමනුත් සම්බන්ධ fan fiction එකක් නිසා.. ??

එයා මුකුත් කරල නෑ.

Zhan වෙනුවෙන් එක වචනයක් කතා කරල නෑ..

Yibo ට මේ fan fiction වැඩේ නිසා කිසි ප්‍රශ්නයක් වෙලාත් නෑ.
The untamed වල සාර්ථකත්වය නිසා zhan සහ yibo තමයි top artistsලා වෙලා හිටියේ .
Zhan වැටුනු වෙලාවේ එයාට industry එකේ තිබුන තරගය නැතිවෙලා , yibo එයාගෙ career එකේ හොදම තැනකට ගිහින් නම් තියෙනවා.
මට දැනුනේ yibo ගැන ලොකු කලකිරීමක් එක්ක තරහක්..
මේ විස්තර වැඩි හරියක් හොයාගත්තෙ මම zhan ගෙ fansites වලින්..
solo XFX ලා කියන දේවල් ඇත්ත කියලා මට හිතුනා..
ඇත්තටම මාත් solo XFX කෙනෙක් බවට පත්වෙලා හිටියේ ඒවා කියවලා .

"හොද කාලයේදී ලගින් හිටිය අය එකපාරටම අතුරුදහන් වෙනවා.. ඔයාට නියම හිතවතුන් කව්ද කියලා හොදටම හදුනගන්න පුළුවන් වෙනවා එහෙම දවසක".
Zhan ගේ ඒ වචන වල තේරුම මට හරියටම අවබෝධ වුනේ දැන් තමයි කියලා මට හිතුනා.

...... ..........❤️💚..............
2020 නොවැම්බර්

Changzhou වල වැඩ ඉවර කරලා අපේ ටීම් එක Shenyang වලට ආවා Ace troops ඉතිරි රූ ගත කිරීම් වලට.
එක දවසක් zhan ගේ හොටෙල් එක පැත්තට security එක ගොඩක් වැඩි කලා අපේ මැනේජර් Wu Chang . මගේ physiotherapy session එකත් cancel කලා එදාට තිබුන. Zhanගෙ වාහනයත් වෙනදාට වඩා ගොඩක් කලින් ආවා. අද ඉක්මනින්ම වැඩ ඉවර කරලා වගෙයි. Zhan රූම් එකට ගිහින් ටික වේලාවකින් කලු පාට ලොකු කාර් එකකින් කවුරුහරි ආවේ හදුනාගන්න බැරිවෙන්න hoodie එකක් දාලා, masks . කලු glasses දාලා.. Zhanගේ මැනේජර් එයාව හම්බවෙන්න පෙරමගට ගිහින් අමුත්තාව එක්කගෙන ගියේ zhan ගේ රුම් එක තියෙන floor එකට. මැනේජර් Wu Cheng කාරයාත් මූණ කට ඔක්කොම වහගෙන අදුනගන්න බැරිවෙන්න. මොකක්ද බොලේ මෙච්චර අභිරහස් විදිහට කරන දේ.

ඒ ආවේ zhan ගේ girlfriend වත්ද??
මොනවා වුනත් කියන්න පුළුවන් එකම දේ ඒ ආවේ උස එක්කෙනෙක් කියලා විතරයි.

ඊලග දවසෙත් security එක දිගටම තිබිද්දි, zhan නම් ආවා රූගත කරන වැඩ වලට.. අමුත්තිය නම් තාම රූම් එකේ වෙන්‍න ඕනා.
මෙහේ work ethics , බොස්ට තියෙන ගරු කිරීම ඒ වගේම NDA ගිවිසුම් නිසා staff එකේ කවුරුත් ඕපදූප කතාකරන්නෙ නෑ .

ඒත්...අම්මෝ.. Zhan ගෙ මූණ අමුතුම glow එකකින් බැබලි බැබලි තිබුනේ එදා උදේ..

එදා රෑත් physiotherapy session එක කැන්සල් වෙලා තිබ්බේ.
ඒත් මගෙ ෆෝන් එකට zhan ගෙන් කෝල් එකක් ආවා.  වෙලාව රෑ 9:30 ට විතර ඇති.

" රයන් , ඔයාට එන්න පුළුවන්ද මගේ රූම් එකට දැන්? Wu Chang security එකට කියලා තියෙන්නෙ , ඔයාට එන්න දෙයි"

" හොදයි බොස්.මම දැන් එන්නම්"

එහෙනම් දැන් එයාගෙ guest ගිහිල්ලා ඇති.

ඉක්මනින් ලෑස්ති වෙලා බොස්ගේ හොටෙල් suite එකට ගිය මට දකින්නට ලැබුනු දෙයින් මම පත්වුනේ ලොකුම පුදුමයකට ..

.................❤️💚.........................

වර්තමානය.

පැපරාසින් හා ෆෑන්ස්ලාගෙ ඇස් වලින් බේරිලා අපි ආවා beijin වලට. Airport එකේ  VIP exit එකෙන් එලියට එනකොට කලින් පිලිවෙල කරගත් විදිහට සුපුරුදු වාහනේත් ඇවිත් තිබුනා..

බෙයිජින් වල ජනාකීර්ණ වීදි දිගේ ගිහින් , නගරයේ හොදටම sophisticated , expensive පැත්තකට ආවා. වාහනේ නැවැත්තුවේ මාර high security system එකක් තියෙන super luxury residence complex එකක පිවිසුමේ.

Zhan ලග apartment එකේ key card එක තිබුනා. එයාගෙ finger prints වලින් දොර ඇරුනා..
ඒක ගොඩාක් විශාල නැති හරි ලස්සන , ඒ වගේම super luxury apartment එකක්. 

" වාඩිවෙන්න රයන් "

" මේ බොස්ගේ apartment එකද? "
මම කවදාවත් මෙහෙ ඇවිල්ලා නැහැ.

Zhan වෙහෙස හා දුක කැටිවූ සිනහවක් පෑවා.
" මේ අපි දෙන්නගෙ ගෙදර රයන්...
මම දන්න විදිහට එයාට අද වැඩක් නෑ.. අපි එයා එනකල් බලන් ඉමු.."

To be continued......❤️💚

ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම..
Lots of love ❤️💚

Continue Reading

You'll Also Like

976K 19.4K 72
Daisy Cohen, a 17 year old with a dream is finally getting recognition for her amazing leading role in an indie film. Her entire life is changing, an...
441K 13.9K 52
"NEVER GIVE UP ON YOUR DREAMS" is what my mother always told me. Ava has always had it tough in life, when she was about the age of twelve her father...
2.4M 126K 42
Jessica Brown is a twenty-five year old surgical technician, newly heartbroken and dragged out to get out of her feelings. In the mist she meets Majo...
4.6M 105K 31
[SEXUAL CONTENT AND PROFANITY WILL BE USED IN THIS BOOK] commenttttt give me yall feedback//still under construction ...