මානස (Completed)

By NirMad238

59.3K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

13

867 194 136
By NirMad238

"අයියෙ,
Canteen එකේ දැන් තියෙනවා අලුත් බීම පැකට් වගයක්. ඒවා මාර රසයි.
මේ මං ඔයාටත් ගත්තා. ගෙදර එද්දි දිය වේගෙන ඇවිත් හැබැයි. ඒක නිසා ෆ්‍රිජ් ඒකේ දාලා තියලා අරන් ආවෙ නම්. අවුලක් වෙලා නැතුව ඇති."

මං අයියගෙ අතට චූටි බීම පැකට් එකක් දෙන ගමන් කිව්වෙ.
දැන් අයියගෙ විභාගෙට ගොඩක් ලඟයි. ඒත් මං superdog එක්ක සෙල්ලම් කරන්න යන හුඟක් දවස්වලට විනාඩි දහයක් විතරවත් එලියට ඇවිත් අයියත් අපිත් එක්ක සෙල්ලම් කරනවා.
එතකොට හිතටයි, ඇඟටයි දෙකටම හොඳයිලු.
නැත්තම් එකම තැනට වෙලා පාඩම්ම කරලා ඔළුව රිදෙන්න ගන්නවලු.

"Oh! Thank you little thief!
ඉතින් කොහොමද ඔයාගෙ වැඩ?"

"හොරු අල්ලන ඒවද?
ඒවා superman and superdog ගානට කරනවා. ඔයාට බය වෙන්න දෙයක් නෑ.
පාඩම් කරන ඒවට කරදර කරන්න කාටවත්ම එන්න දෙන්නෙ නෑ අපි."

ඔන්න එතකොට අයියා හිනා වෙනවා. අනේ මන්දා මට හිතෙන්නෙ අයියා හිනා වෙද්දි වලාකුළු අස්සෙන් ඉරත් එබිලා බලනවද කොහෙද එයා දිහා. එලිය වැටෙනවා වටේපිටේ හැමතැනම. බලාගෙන ඉන්නමයිනෙ හිතෙන්නෙ ඒ මූණ දිහා.

"You are the cutest little thing you know."

එයා බීම පැකට් එක කටේ ගහගෙන හිනා වෙවීම කියවනවා.
ඒ කියන්නෙ මොනවද කියලවත් මගේ ඔළුවට යන්නෙ නැති තත්වයක් දැන් තියෙන්නෙ.
ඇයි අම්මෝ ඒ හිනාව නම් මැජික් එකක්. අයියට එකාතකට විභාගෙට පාඩම් කරන්න කියලා ඔච්චර මහන්සි වෙන්න ඕනෙත් නෑ. පේපරෙක බලන ටීචර් ලඟට ගිහින් ඔහොම හිනාවෙන්න විතරයි තියෙන්නෙ. එතකොට සේරම ලකුණු ටික නිකම්ම දෙයි.

"But little thief, tell me about your school work."

"ආ... මං ඉතින් පන්තියට වෙලා ඉන්නවා අයියා කිව්වා වගේ. ඉඳලා හිටලා බෑම වගේ හිතුනොත් තමයි එලියට පනින්නෙ. ඒ කිව්වෙ සතියකට පීරියඩ්ස් එකක් දෙකක් වගේ විතරයි."

මං හොරාට අයියා දිහා බලන ගමන් කිව්වෙ. ඇත්තටම කියන්න නෙමෙයි හිතාගෙන හිටියෙත්. ඒත් ඉතින් මේ හිනාවට ඔළුව ඇතුලෙ තියෙන සේරම ඒවා ඉබේම ඇදිලා එලියට එනවනෙ.

"So you are a rule breaker ha..?
It's ok. But make sure you do your work well.
I want my superhero to achieve all his dreams!'

"හා ඉතින්. ඔයා කියන විදියට මං කරන්නම්.
දැන් මං ක්ලාසුත් යනවනෙ. අයියා ඉස්සර ගිය ඒවටමයි අම්මා දාලා තියෙන්නෙත්. ඔයා නේද අයියෙ හොරා වගේ අම්මට කිව්වෙ?"

අයියා ආයෙම හිනා වෙනවා.
මං ඉතින් බලාගෙන ඉන්නවා.
අයියව හිනා ගස්සන්න පුළුවන් දේවල් ඔක්කෝම ටික මතක තියාගෙන ඉන්න ඕනෙ.

"Yes I did.
But if they are not good enough, you can always switch or stop them."

"නෑ නෑ
එහෙම නෑ.
ඒවා හොඳයි. මං ආසයි!"

අයියා මගේ ඔළුව අතගාන්න ගත්තා ඒ පාර. දැන් නම් ඇත්තටම එයා ඔළුව අතගානවා නෙමෙයි. එයාගෙ ඇඟිලි මගේ තට්ටෙ දිගේ තල්ලු වෙවී පාවෙනවා. එහෙම වෙලාවට ඇස් දෙකත් පියාගත්තම නියමයි. දිව්‍ය ලෝකෙ ගිහින් වගේ. මාරම සනීපයි.
අයියා ඇත්තටම මැජික්කාරයෙක්ද දන්නෑ. සමහරවිට අර harry potter එකේ වගේ එයා මේ magic විභාගෙකට වෙන්නැති පාඩම් කරන්නෙ.



දවස් ගෙවිලා ගෙවිලා ගිහින් අයියගෙ විභාගෙත් ලඟටම ආවා. පව් එයා හොඳටම බය වෙලා ඉන්නෙ.

"I feel like I'm gonna explode little thief!"

විභාගෙට දවස් තුනක් විතර කලින් අන්තිමට හම්බුනාම එයා එහෙමයි කිව්වෙ.

"බය වෙන්න එපා. අයියා හොඳටම කරයි."

මං තමයි මේ පාර එයාගෙ අත උඩින් මගේ අත තිබ්බෙ. එතකොට අයියා මගේ අත හයියෙන් අල්ලගත්තා.

ඒත් මගේ ඇඟේ නම් ලොකු ලෙඩක් තියෙනවා අනිවාර්යයෙන්ම. මොනවා කරන්නද මන්දා.
ගල් පතුර ඇඟ පුරාම දුවනවා වගේ.
මොකද අයියා මගේ අත අල්ලගත්තා විතරයි ඔළුව ඇතුලෙ විදුලියක් කෙටුවා වගේ එකක් වුනා. පපුවත් ගැහෙන්නෙ අමුතු විදියකට. මැරෙන්න ලඟයි වගේ හොඳටම. කමක් නෑ ඉතින් මොනවා කරන්නද. මැරෙන්න කලින් අයියගෙ විභාගෙ ඉවර වෙලා එයත් එක්ක අර එදා වගේ ඇති වෙනකල් පිස්සු නටන්න තිබුනොත් ඇති.

"What if I couldn't?
What if I fail everything miserably?"

"Then let's try again."

අයියා මගේ දිහා හොඳට බැලුවා. මං කිව්ව එක හරි නෑද?

"I can't.
I don't want to.
I never ever want to go through this again."

"Ok. Then don't do it."

"But how?
I can't live off my parents forever.
We all have to find our own living!"

ඔව් ඉතින් අයියා කියන්නෙත් ඇත්ත තමයි. ලොකු වුනාම කරන්න රස්සාවකුත් හොයාගන්න ඕනෙනෙ.

"Can't we run away?
I don't want to see you sad ayye.
If things are too much let's go away.
I'll come with you.
We'll go somewhere and live somehow!"

අයියගෙ ඇඟිලි අස්සට මගේ ඇඟිලි ටික ඔබාගන්න ගමන් මං කිව්වෙ. අපි දෙන්නයි බලු තඩියයි තුන් දෙනාම තණකොළ ගොල්ලෙ බිම දිගා වෙලා හිටියෙ. මේ බලු කොල්ලා නම් මෝටරයක් හයි කරලා වගේ හති අරින්නෙ. පිස්සු කෝලමක් මහ!

එකපාරටම අයියා මගේ ඇඟිලි ටික එයාගෙ ඇඟිලි අස්සට තවත් තද කරලා ගුලි කරගත්තා. මගේ මුළු ඇඟම වෙව්ලලා ගියා. කරන්ට් එකක් වැදුනා වගේ. තව මාසයක් ජීවත් වෙන්නවත් ඉඩ ලැබෙයිද?

"Someday, after everything, if you still feel the same, let's run away ok?
Thank you my superman.
Thank you for keeping me whole.
But I have to go now.
Take care ok..?"

අයියා මගේ ඔළුව අතගාගෙනම ගියා. දැන් එයා ඉඳලා ගියාම මාරම පාළුයි ඉතින්. ඉන්නෙත් විනාඩි දහයක් විතර. ඒ වුනාට එයා නැතුව උදේට ඇහැරෙන්නත් බෑ වගේ දැනෙන්නෙ අන්තිමට. කොහොම කරනවද මන්දා එහෙම. මාත් අහගන්න ඕනෙ ඒ ක්‍රමේ. එතකොට පිස්සු වැටෙයි මාව දකිද්දිත් වටේපිටේ ඉන්න හැමෝම.

තඹරු මගේ ලඟින් වාඩි වෙයං!
නෑ නෑ මගේ ලඟට වරෙන්!
තඹරු නියමයි!
තඹරු මාර දක්ශයිනෙ!
වාව්! තඹරු ඉන්නවා නම් බය වෙන්න දෙයක් නෑ.
අම්මෝ තඹරුගෙ ලස්සන!

මිනිස්සු කතා වෙනවා මට ඇහෙනවා ඇහෙනවා වගේ. Supermanට වැඩක් කරගන්නත් බැරි වෙයිද දන්නෑ හැබැයි අන්තිමේ ඔහොම ගිහින්.
එක්කො ඔය කරදර ඇඟට දාගන්න නරකයි.
දැන් අයියට නම් වද දෙන ගොඩක් අය ඉඳියිනෙ. මොකද ඉතින් එයා එච්චරටම මැජික් එකක්නෙ. එතකොට ඒ කරදර කරන අයගෙන් එයාව බේරගන්න වැඩේ මං කලා නම් හරි. කොහොමත් ඒ වගේ අනිත් අයට ආස හිතවන මැජික් කරන්න පුළුවන් අයියටම විතරයි.
මං නැති වුනා කියලා නම් අපේ අම්මටවත් පාළු හිතෙයි කියලා මට හිතෙන්නෙ නෑ.



අයියට පළවෙනි දවසෙ exam තියෙන්නෙ පොඩි වෙලාවයි කිව්වා. අපිට නිවාඩුනෙ ඉතින්. මං අයියා යනකල් ගේට්ටුව ලඟට වෙලා බලාගෙන හිටියා. එයා car එකේ ගියේ. මාව දැක්කෙ නැතුව ඇති.

හොඳින් පරිස්සමින් exam කරන්න අයියේ...
කරන්න බැරි වුනත් බය වෙන්න එපා. එදා කතා වුනා වගේ අපි කොහේට හරි පැනලා යමු!

අයියා ආයෙම ගෙදර එනකල්ම මං ගෙට්ටුව ලඟ ඉඳන් එකේක ඒවා කර කර හිටියා. එයාට ලේසි නම් හොඳයි. ඒත් අමාරු නම් දුකෙන්නෙ ඇත්තෙ. ඒ නිසා කඩේට ගිහින් අයිස්ක්‍රීම් කෝන් එකක් ගෙනත් ෆ්‍රිජ් එකේ දැම්මා. ඒක කාලා මූඩ් ෆික්ස් කරගෙන ඊලඟ එකට පාඩම් කරන්න පටන්ගන්න පුළුවන්නෙ.

අයියා ආවෙත් කාරෙකේමයි. කාරෙක කෙලිම්ම වත්ත ඇතුලට ගියා එයාලගෙ. අයිස් ක්‍රීම් එකත් අරන් මාත් ඒ පස්සෙන්ම ගියා.

"Thambaru, why are you here?"

අපෝ! අංකල් අද ගෙදර වගේ.
එයාට මාව දැකලා තරහා ගිහින්. ඒ නිසා මං මොකුත් කියන්න ගියේ නෑ. සද්ද නැතුව හිටියා.

"Dhyan has a big exam.
Don't trouble him.
Please let him do his studies in peace!"

"Sorry uncle.
I didn't come to make any trouble.
I'll be leaving just now.
But can you give this to ayya?"

අයිස්ක්‍රීම් එක අංකල්ට දීලා මං ආපහු එන්න ආවා. අයියට විභාගෙ අමාරු නැතුවැති. එයා හොඳට පාඩම් කලානෙ. ඉතින් හොඳට පාස් වෙයි.

අයියලට exam තිබුනට අපිට නම් මේ දවස් නියමයි. උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කර කර ඉන්න තමයි තියෙන්නෙ. අයියා ලඟ තිබුන flims හෙන තොගේකුත් මට දුන්නානෙ. ඒවා බල බල සෙහස්ගෙ අලුත් වීඩියෝ ගේම් එක ගහ ගහ අපි නම් ජොලියෙ හිටියෙ. අම්මා කිව්වා ඉස්කෝලෙ වැඩ හොඳට කලොත් මටත් වීඩියෝ ගේම්ස් සෙට් එකක් අරන් දෙනවා කියලා. එහෙම වුනොත් නම් මරු! ගෙදර ඉඳන්ම ඇති වෙනකල් සෙල්ලම් කරන්න පුළුවන්.

අයියගෙ විභාගෙ තියෙන දවස්වලට ආයෙම අංකල්වත් ආන්ටිවත් ගෙදර ඉන්නවා දැක්කෙ නෑ මං. ඒත් ඉතින් මං එහේ යන්න ගියෙත් නෑ. ඇත්තටම අයියට පොඩි වෙලාවක් වුනත් පාඩු වුනොත් අපරාදෙනෙ.
ඒ වුනාට අයියගෙ ආසම අයිස්ක්‍රීම් කෝන් එක හැමදාම විභාගෙ ඉවර වෙන්න කලින් එහේ වැඩකරන ඇන්ටිගෙ අතට දීලා ආවා.
චූටි චිට් එකකුත් ලියලා ඇලෙව්වා හැම එකේම. මේවා මහ ගෑණු වැඩ කියලා හිනා යයිද දන්නෙත් නෑ අයියට. ඒත් කමක් නෑ ඔන්නොහේ එයා හිනා වෙනවා නම් ඒ මදෑ.

'Good luck ayye'
'It's gonna be ok'
'Cheers to you!'
'You did well!'
'Proud of you!'




අයියව දකින්නවත් නැතුව සති දෙකක්ම ගෙවුනා. අයියා නැති නිසාද මන්දා අහසත් මහ අළු පාටක් වෙලා වගේ. සෙහස්ගෙ වීඩියෝ ගේම් එක නොවෙන්න කම්මැලිකමටම මැරෙන්න තමයි වෙන්නෙ.

විභාගෙ අන්තිම දවස වෙනකල් ඉවසිල්ලක් නැතුව මං හිටියෙ. ඒ මොකටද කියලා තමයි හිතාගන්න බැරි. අයියා කොහොමත් මාත් එක්ක සෙල්ලම් කරන්න එන කෙනෙකුත් නෙමෙයිනෙ. එහේ ගියාම පොඩ්ඩක් කතා කරලා යන එක කරන්නෙත්. ඒ වුනාට විභාගෙ ලියන්නෙ මං වගේ මං ඒක ඉවර වෙනකල් බලං ඉන්නෙ.

ගල් පතුර මොළේටත් බලපාලා මං හිතන්නෙ. තව ටික දවසකින් අනුන්ගෙ විභාග ඉවර වෙනකල් බලාගෙන ඉන්නවා මදිවට අනුන්ගෙ කුණුගොඩවලුත් ගෙනල්ලා අපේ ගෙදර අස්සෙ දාගනීද දන්නෑ. එහෙම වුනොත් සෙහස්ට කියන්න ඕනෙ වීඩියෝ ගේම් එක කුණු ගොඩට දාලා තියන්න කියලා පොඩි වෙලාවකට වගේ. මොළේ අමාරුවෙන්වත් ගේම් සෙට් එකක් අයිති කරගන්න පුළුවන් ඒ ක්‍රමේට.

අයියගෙ විභාගෙ ඉවර වෙන දවසෙ මං කොහේවත් ගියේ නෑ. එයාලගෙ ගේට්ටුව ලඟටම වෙලා දවසම බලං හිටියා. මොකට ඉන්නවද කියලා superman දන්නෙත් නෑ. Superdog දන්නෙත් නෑ. දෙයියො දන්නෙත් නෑ.

අයියා car එකේ ඇතුලට ගියාම මාත් ඒ පස්සෙන් අයිස්ක්‍රීම් එකත් අරන් ගියා. ඒත් අයියා මාව දැක්කෙ නෑ. එයා ගේ ඇතුලට ගියා. වෙනදා පුරුද්දටම කුස්සිය පැත්තෙන් ගිහින් මං අයිස්ක්‍රීම් එක එහේ වැඩට ඉන්න ඇන්ටිට දුන්නා. Superdogගෙ කූඩුව තියෙන්නෙ ඒ හරියෙමයි. එයාට නම් මාව දැකලා මාරම සතුටුයි.
පව් අනේ මගේ කොල්ලා!
අයියට විභාගෙ පටන් ගත්තට පස්සෙම එයා එයා එක්ක සෙල්ලම් කලේම නෑනෙ.

ඉතින් මං එයාව එලියට අරන් පොඩ්ඩක් වෙලා සෙල්ලම් කලා. වෙනදා වගේ සෙල්ලම් කරන්න හිතෙන්නෙ නෑ මට අද. අයියව බලන්නනෙ ආවෙ. ඒත් ඉතින් අද විභාගෙ ඉවර වෙච්ච දවසෙ එයාට ඕනෙ ටිකක් වෙලා තනියෙම ඉන්න හරි, යාළුවො එක්ක හරි ඉන්නද දන්නෑනෙ. අර ඉස්සර දවසක වගේ දැන් කතා කරන්න බෑ යන්න කියලාවත් කිව්වොත්!
ඊලඟට මටත් තරහා ගිහින් යකෙක් වැහෙනවා. අන්තිමේ මොනවා හරි එපා කරපු වැඩක් කරලා අයියා හැමදාටම තරහා වෙලා නවතින්නත් බැරි නෑ. ඒ නිසා සද්ද නැතුව එයා කතා කරනකල්ම පැත්තකට වෙලා ඉන්න එක හොඳයි අමාරුවෙන් වුනත්.

බල්ලත් එක්ක පැයක් විතර ඉඳලා මං ගෙදර ගියා. අයියට අපේ සද්දෙ ඇහුනද නැද්ද නම් දන්නෙ නෑ. කොහොම හරි එයා එලියට ආවෙ නම් නෑ.

ගෙදර ආවට මොකද මට ඉන්න බෑ කියලමයි හිතෙන්නෙ. පිස්සු හැදිලා වගේ. මොකක් වෙලාද මන්දා.
ඇත්තටම මට වෙලා තියෙන්නෙ මොකද්ද කියලා මටම නොතේරෙන එක තමයි මෙතන තියෙන ලොකුම අවුල.

ඉන්නම බැරි තැන බයිසිකලෙත් අරන් මං පාර දිගේ යන්න ගත්තා. අම්මලා එන වෙලාවට ගෙදර ආවම ඇතිනෙ. එතකල්ම රවුං ගහනවා.

කළුවර වැටෙනකල්ම රස්තියාදු ගහලා ගහලා මං ගෙදර ආවෙ. එන ගමන් මං හොඳට බැලුවා, අයියා නම් එලියෙ පේන්න හිටියෙ නෑ.
මටත් ඇත්තටම මොනවා වෙලාද මං දන්නෑ. අයියා කොහොමත් පාර අයිනවල්වල බලං ඉන්නවයැ මං වගේ. එයා හෙන වැදගත් කොල්ලානෙ.

ඒ වුනාට මං දන්නෑ මට මොකද්දෝ වෙලා. දැන් ඒ පාර මොනවා හරි ගහලා ගහලා කුඩු කරලා දාන්න ඕනෙ වගේ. එක්කො කරගන්න බැරි තරම් අමාරු වැඩක් කරලා සිහිය නැති වෙලා ඇදගෙන වැටෙන්න ඕනෙ වගේ.

ඉතින් මං ගෙදර ගිහින් කාමරේ බිත්තියත් එක්ක ෆයිට් එකක් පටන් ගත්තා. අත් කකුල් හම ගිහින් පැලෙන කල්ම, මහන්සිය ඉවසගන්න බැරුව බිමට ඇදගෙන වැටෙනකල්ම මං බිත්තියට ගහ ගහ දැඟලුවා.
දැන් හොඳයි.
හුස්ම ගන්නවා ඇරෙන්න වෙන මොනවත්ම කරන්න විදියක් නෑ කොහොමත්.

ඒ වුනාට අනේ මන්දා මට මාරම මාරම පාළුයි!


පහුවදාත් මහා කළුවර දවසක්. වහින්නත් වගේ. ෆිල්ම් බලන්න, වීඩියෝ ගේම්ස් කරන්න, මොනවත්ම කරන්න ආසාවක් දැනෙන්නෙ නෑ දැන්. මට මොකද්ද දෙයියනේ මේ වෙලා තියෙන්නෙ?

ඇඳට වෙලාම ඉන්නත් බෑ ඇඟ ඇතුලෙ අර ගල් පතුර මොකද්දෝ එකක් කරනවා. එක විදියකට ඉන්නත් අමාරුයි. ඉතින් බයිසිකලෙත් අරන් ඊයෙ වගේම යන්න කියලා මං හැදුවෙ.
ඒත් බයිසිකලෙත් අරන් එලියට ආවා විතරයි heart එක කෙලිම්ම ගැහුවෙ කරණමක්!
දෙයියනේ මගෙ පපුව!

"Oh my god!
Finally caught you!
Where were you my little thief?
Don't grow up so fast and leave me.
I was waiting ages for you!"

අයියා ගේට්ටුව ලඟ අයිස්ක්‍රීම් කෝන්ස් දෙකකුත් අතේ තියාගෙන හිනා වෙවී හිටියා.

............................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


















Continue Reading

You'll Also Like

8.5K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
608K 48K 51
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
6.4K 872 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
9.8K 1.9K 12
නරක තාත්තලා 😳😳 තාත්තලා කවද්ද නේද නරක උනේ 🥰 Yizhan Zhanyi ඕන එකක්