මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

21.1K 3.7K 4.3K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

2

656 113 80
By zara-N1111

2020-ඔක්තෝම්බර්

මම XZ studio වල වැඩට ආවා.
Chagzhou වල Ace Troops රෑගත කරන තැනට. එන්න කලින් ඉතින් document වැඩ ගොඩක් තිබුනා. විශේෂම දේ NDA එක. ඒ කිව්වේ non disclosure agreement එක අත්සන් කරන්න ඕනා XZ studio එකේ වැඩට එන ඕනෑම එක්කෙනෙක් . ඒක ගොඩක් strict . ගිවිසුම කැඩුවොත් ලේසි නෑ.
( අනික් celebrities ලත් එහෙම කරනව ඇති ) ඒ idols ලගෙ පුද්ගලික තොරතුරු, රහස්‍ය බව රකින්න.

( හැබැයි මම මේ කතාව දැන් ඔයාලට කියන්නෙ මගේ බොස්ගේ අනුමැතිය ඇතිව හොදේ.. ඒ විස්තර මම පස්සේ කියන්නම් )

XZ studio එක පටන් අරන් දැනට ලොකු කාලයක් නෑ කියලා මට තේරුනා . තාම මාස කීපයයි. කලින් zhan ඉදලා තියෙන්නෙ wajiiwa කියන company එකත් එක්කලු.
පොඩි ටීම් එක හොද team work හැගීමෙන් , එක පවුලක් වගේ වැඩ කලා. Zhan හොද බොස් කෙනෙක් කියලා මට වැඩි දවසක් යන්නෙ නැතුවම තේරුනා .

එක දවසක් රෑ මම ඔහුගේ රූගත කිරීම් ඉවර වුනාට පස්සේ zhan ගෙ ankle එකට treatment කර කර හිටියේ.
එයාගෙ ෆෝන් එක ශබ්ද උනා. කෝල් එකක්. Zhan ගේ මුහුණ එලිය වැටුනු හැටි මට හොදටම පෙනුනා.
" අනේ excuse me , Mr. රයන්. මේ කෝල් එක මම ආන්ස්වර් කරන්න ඕනා. " ඔහු කීවා.
" හොදයි මම එලියෙන් ඉන්නම්". මම එහෙම කියලා එලියට ආවා.
කෝල් එක පැය බාගයක් විතර තිබුනා.

Zhan මගෙන් සමාව ඉල්ලුවා මට බලන් ඉන්න වුනා කියලා.

" ඒ කෝල් කල එක්කෙනා අද දවසටම free උනේ දැන් විතරයි. ඒ නිසා මට ඒ කෝල් එක ගන්නම උනා.". එයා කීවා .

මම කිව්වා මගේ ජොබ් එක එහෙම strict time table එකකට කරන්න ඕන නෑ, මගේ client ඔබ නිසා ඔබට පහසු ඕනෑම වෙලාවක මට treatment කරන්න පුළුවන් ..මට ඔබේ කාර්යබහුල බව තේරෙනවා. මට නම් කිසි ප්‍රශ්නයක් නෑ වෙලාව ගැන. ඔබට නිදහසක් ලැබෙන ඕනෑම වෙලාවක අපිට physiotherapy session එක කරන්න පුළුවන් කියලා.

ඔහු ඒ උත්තරයට සතුටු වුනා. මට ස්තූති කලා. ඔහු ගොඩක් නිහතමානීයි.

කෝල් එකෙන් පස්සේ zhan ගේ මූණේ අමුතු එලියක් වැටිලා තිබ්බේ.
" රයන් ඔයාට girlfriend කෙනෙක් ඉන්නවද? ". ඔහු මගෙන් එක පාරටම ඇහුවා.

" ඔව්. එයා ලංකාවේ ඉන්නෙ. "

" ඔයාට එයා ලග නැතුව ගොඩක් පාලු ඇති නේද?? "

" ඔව්.. පාලුයි . ගොඩක් .".

"හිතේ හැටියට හමු වෙන්න තියෙනවා නම් ගොඩක් හොදයි කියලා හිතෙනවා නේද?? "
ඔහු ඇහුවා.
ඒ වෙලාවෙ තමයි මට හිතුනෙ කලින් කෝල් කලේ zhan ගෙ girlfriendවත්ද කියලා. කවුරු වුනත් ගොඩක් බිසී එක්කෙනෙක් වගේ. රෑ 9.30 වෙනකල්ම කෝල් එකක් වත් දෙන්න බැරිවෙන්න තරම් දවසටම..
හසිනි නම් washroom ගියත් මට wattsapp message එකක් දානවනෙ.

මට ශුවර් නෑ කව්ද කෝල් කලේ කියලා. ඒත් ඒ කෝල් එකෙන් පස්සේ zhan හිටියේ ගොඩක් සතුටින්...
මම ankle එකට exercise කර කර ඉන්න කොට මට පේනවා ඒක..

......................ེ..❤️💚............

ඊලග දවසේ අපි ගියා ෆොටෝ ශූට් එකකට. Physiotherapy treatment නැති වෙලාවට මාත් අනික් දේ වලට පුළුවන් විදිහට දායක වෙනවා. XZ studio කියන්නෙ පවුලක් වගේ තැනක්.
Zhan ගෙ උපන්දිනේට තව දවස් තුනයි. එයාගෙ 29 වන උපන්දිනේ.
එදාට පෝස්ට් කරන්න ෆොටෝස් ගන්න ගියේ.  Zhan සුදු පාට sleeveless  top එකක් එක්ක නිල් පාට ඩෙනිම් ඇදුමක් තමයි ඇදන් හිටියේ. Ace troops රූ ගත කිරීම්වලට ඕන නිසා military එකේ වගේ කොට කොන්ඩයක් තමයි තිබුනේ මේ දවස් වල. 
කොල පාට ගස්කොල එක්ක ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා cameraman .

ෆොටෝ ශූට් එකේ පොඩි break එකකදී zhan කාත් එක්ක හරි chat කර කර හිට්යේ wechat එකේ.  ෆෝන් එක දිහා බලාගෙන සතුටින් හිනාවෙවී.

Xin Yi , ඒ කිව්වේ zhan ගේ ඇසිස්ටන්ට් ඇවිත් කිව්වා ෆොටෝ ශූට් එකේ ඊලග session එකට යමු කියලා.

" Ok.. Ok. . අපි යමු.. ආ..Xin Yi.. මේ සිකුරාදා DDU බලන්න  අමතක කරන්න එපා.. ඔයාලගෙ පොඩි බොස් කේක් අයිසින් කරන්න ඉගෙන ගන්නවා ඒකේ".
Xiao zhan  ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන් කිව්වෙ හිනාවෙවී ..

" අම්මෝ.. ඇත්තටම? පොඩි බොස් මොනවා කරයිද දන්නෙ නෑ..".  Xin Yi කිව්වේත් හොදටම හිනාවෙවී ..

මොකක්ද DDU ?? කවුද පොඩි බොස් ?? XZ studio එකේ තව බොස් කෙනෙක් ඉන්නවද??

මම Xin Yi ගේ blouse එකේ දිග අතින් අල්ලලා කතා කලා හෙමිහිට .
" මේ. .. Xin Yi, මොකක්ද DDU කියන්නේ?? "

ඒකි මා දිහා බැලුවේ මේ මොන මෝඩයෙක්ද කියලා වගේ බැල්මක්.
මගෙන් කවුරුහරි " මේ රයන් මොකක්ද knee joint එක කියන්නෙ " වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මාත් ඔහොම බලයි.

" ඒ කිව්වේ Day Day Up.. ඒක talk show එකක්.. Hunan television network එකේ . එයාලගෙ 12 වන anniversary එක මේ අවුරුද්දෙනේ " 
හැබැයි ඒකි ඉවසීමෙන් මට කියා දුන්නා.
හරිනෙ ඉතින් මම ඒක දැනගන්න විදිහක් නෑනෙ.. Chinese talk show එකක් තියා news වත් බලන්නෙ නෑ tv එකේ මම .

ඊලගට, කව්ද පොඩි බොස් කියන්නෙ කියලා අහන්න වුනේ නෑ , වැඩ පටන් ගත්‍තා.

.......................❤️💚❤️💚.....................

වර්තමානය.

ඉතින් මම කාටවත් පේන්නෙ නැති තැනකට වෙලා headset එකත් දාලා wang yibo පෝස්ට් කරලා, ඉක්මනින් delete කරපු .. ඒත් ඩිලීට් කරන්න කලින් මගේ ලන්කාවෙ ඉන්න girlfriend save කරගත්ත video එකේ link එක click කලා...
ඔව් අන්තර්ජාලය කලඹපු වීඩියෝ එක.

තත්පර 33 ක පොඩි වීඩියෝ එකක්.
Yibo ගිටාර් එකක් වයමින් සින්දුවක් කියනවා.
සින්දුවක පොඩි කෑල්ලක් .
මම chinese සින්දු දන්නෙ නෑනෙ. ඉතින් ඒක මොන ගායකයෙක් කියන එකක්ද , අලුත්ද පරණද කියලා දන්නෙ නෑ.
Yibo ට තියෙන්නෙ ගැඹුරු කටහඩක්නෙ. සින්දුව slow ලයාන්විත එකක්. Ballad එකක් වගේ..
ඒකෙ පොඩි verse එකක් කියලා, එයාම ෆෝන් එකේ කැමරා එක ඕෆ් කරනවා.

මේකද අප්පා මේ internet break කරපු වීඩියෝ එක.
මේකා ගිටාර් එකක් ගගහා සින්දු කෑල්ලක් කියනව විතරනෙ.
Yibo කලාතුරකින්නෙ මෙහෙම එකක් දාන්නෙ, ඒ නිසාද ?? .
නෑ නෑ..
මොනව හරි තියෙන්න ඕන මේකෙ. නැත්නම් මේක මෙච්චර hot search වෙන්නේ නෑනෙ weibo එකේ..
ඒ නැතත් zhan !! මේ තරම් කලබල වෙලා beijin යන්න හදන්නේ කලබලේ..

බලමු පොඩ්ඩක් , repeat කරලා.. Analyze කරන්න try එකක් දීලා. කැස්බෑවන්ගෙ analyze කරන පුදුම හැකියාව මටත් ඇවිල්ලද බලමු කෙල්ලගෙන්වත්..

මේක Uniq-wang yibo account එකෙන් update කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ yibo ගෙ personal account එක.
Yibo මේකප් මුකුත් එහෙම නැතුව සිම්පල් ටී ශර්‍ට් එකක් ඇදන් ඉන්නෙ. මූණේ එච්චර සතුටක් පේන්නෙ නෑ.. ඒත් yibo ෆොටෝ වලට , වීඩියෝ වලට වැඩිය හිනා වෙන්නෙ නෑනෙ.
මේක වීඩියෝ කරල තියෙන්නෙ ගෙදර ඉදන්ද? හොටෙල් රූම් එකක ඉදන්ද? ඒක මට පැහැදිලි නෑ..

මට තාම තේරෙන්නෙ නෑ..මොකක්ද මේකේ විශේෂත්වය කියලා.

හොදයි.. බලමු සින්දුවෙ වචන ..

Chinese සින්දුව මට පුළුවන් විදිහට සින්හලට පරිවර්තනය කරන්නම් එහෙනම්.

" අවුරුදු 21 දී මම තෝරාගත් දෙය
81 තෙක් රැක ගන්න සිතුවත් මම..
ලෝකයේ අන් බොහෝ දේ මෙන්ම
එයත් නොපෙනී යන දිනයක් එනු ඇත..."

❤️💚
To be continued...

.............................
බොහෝම ස්තූතියි යාලුවනේ ඔයාලගෙ ප්‍රතිචාර වලට..
ඔයාලා කැමති නම් මම දිගටම මේක ලියන්නම් එහෙනම්??
Love you all 🥰🥰🥰

Continue Reading

You'll Also Like

976K 19.4K 72
Daisy Cohen, a 17 year old with a dream is finally getting recognition for her amazing leading role in an indie film. Her entire life is changing, an...
2.8M 125K 60
*C O M P L E T E D* "This isn't like that stupid book, Oliver." "What do you mean by that?" "I mean this isn't a love story." - - - - Oliver Green is...
2.8M 109K 48
Ares Collin He's an architect who live his life the fullest. Money, fame, women.. everything he wants he always gets it. You can consider him as a lu...
441K 13.9K 52
"NEVER GIVE UP ON YOUR DREAMS" is what my mother always told me. Ava has always had it tough in life, when she was about the age of twelve her father...