මානස (Completed)

Від NirMad238

59.3K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... Більше

Introduction
1
2
3
4
5
6
7
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

8

968 209 142
Від NirMad238

"Little thief!
How about your homework these days?"

බල්ලත් එක්ක දුවලා දුවලා ඌත් එක්කම බිම වැටිලා හති ඇර ඇර හිටපු මගෙන් ඌරු තඩියා එකපාරටම ඇහුවා. ඇත්තටම මූට මාත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද දන්නෑ. නැත්තම් මේ වෙලාවෙ ඔය වගේ තේරුමක් නැති කරුමක්කාර ප්‍රශ්න අහනවද? Superman ඔය වගේ දෙකයි පනහෙ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑනෙ. එයා උත්තර දෙන්නෙ වැදගත් ප්‍රශ්න වලට විතරයි. ඒ සම්ප්‍රදාය කඩන එක බොහොම වැරදි වැඩක්. ඉතින් මායි superdogනුයි අපේ ඊලඟ missions ගැන සාකච්ඡාව දිගටම කරගෙන ගියා. පුස් ඌරා දැනගන්න ඕනෙ ඒකව ගනන් ගන්න එවුන් මෙතන නෑ කියලා. නිකම්ම නිකං නරඹන්නෙක්නෙ ඌ!

"Little thief,
I won't be able to be there like before.
There's so much work now.
So will you help me by doing your work well?"

මේ යකාත් මාර කතා කියන්නෙ!
අම්මා නම් කියලා තියෙන්නෙ උඹ ඉගෙන ගත්තොත් උඹට තියෙයි. ඉගෙන ගත්තෙ නැත්තම් පාරෙ හිඟාකන්න වෙයි. ඒ නිසා ඕනෙ මගුලක් කරගනින් කියලා. හැබැයි ඉතින් පොඩ්ඩ වැරදෙද්දි ඔය කිව්වට හැඳි මිටවල්, කොහු මිටවල් උස්සගෙන එන්නෙ.
ඒ අස්සෙ මේ යකා කියන හැටියට මං ඉගෙනගන්න එක ඌට කරන උදව්වක්ලු!

"උඹ හරි හොඳයි අයියෙ!
ඒ වුනාට ඉතින් මං දන්නවා, මං ඉගෙන ගත්තොත් මට වැඩක් වෙයි. උඹට ඒකෙන් වෙනසක් වෙන්නෙ නෑනෙ!"

"Mmm..... Clever boy!
Ok then, let me ask something else!
What do you want to be, once you grow up?"

"I don't know!
Maybe I just want to be me!"

මං කිව්වෙ ඉතින් මං කොහොමත් superman නිසා. Superman කියන්නෙ ලොකු වගකීමක් තියෙන මනුස්සයෙක්නෙ!

ඒත් පුස් ඌරා නම් හිනා වෙවී මගෙ කොණ්ඩෙ අවුල් කලා.
හැබැයි ඌ ඒක හරියට කලේ නෑ. නිකන් ඔහේ ලාවට ඇඟිලි ටික කොණ්ඩෙ උඩින් අරන් ගියා විතරයි. වැඩක් කරද්දි හරි විදියට කරන්න මේකා ඉගෙන නෑනෙ ඇත්තටම. ඇඟිලි තට්ටෙ දිගෙත් ගෑවීගෙන යන්න ඕනෙ ඔළුව අතගාද්දි. නැත්තම් ඉතින් නිකං ඔළුව උඩින් හුලඟක් හමාගෙන ගියා වගේ විතරයිනෙ!

"You are so unique!
I really like it!"

අනේ ඉතින් අපේ අම්මගෙ හරක් පැටියට ඔහොම කියන්න ඉන්නෙ මේ පුස් ඌරම විතරයි.
ඒකනෙ ඉතින් මොන වැරැද්ද තිබුනත් මං ඌට මගේ helper තනතුර දීගෙන ඉන්නෙ!

"දැන් එතකොට අයියා කවුරු වෙන්නද හිතාගෙන ඉන්නෙ?"

"Me?
Mmm... I was thinking about aerospace engineering. But එහෙම නම් මට uk යන්න වෙනවා A levels වලින් පස්සෙ."

පුස් ඌරා එහෙම කියද්දිම මොකෙක් හරි villain කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් මට attack කලාද කොහෙද! මොකද එකපාරටම ඇඟට පණ නැති ගතියක් ආවනෙ. ඉතින් මං superdogවත් ඇදගෙන ඒ හැංගිලා ගේම ඉල්ලන එකාව දඩයම් කරගන්න යන්න හැදුවෙ.

"Hey! You both are so tired now.
Rest for a while.
We have to walk back home."

පුස් ඌරා ඉතින් මගේ missions successful කරගන්න දෙන්නෙ නෑනෙ.
Superdog, ඔයා කැමති නැද්ද ඌරු කොටුව දාලා අපේ ගෙදර එන්න? එහෙම ආවොත් ඔය අලි ඔළුකාරයො වගේ මං නම් උඹව කූඩුවක දාන්නෙ නෑ. මගේ කාමරේ තියාගෙන ඇඳේම නිදි කරවගන්නම්!

මායි superdogනුයි ඇස් වල laser beams වලින් කතාබහ කලේ. ඕවා ඌරො දැනගන්න ඕන නෑනෙ.

"Thambaru!"

පුස් ඌරා ඒ පාර එක සැරේටම මගේ නම කිව්වා කවදාවත් නැතුව. මූට අද මොකද්ද හත් දෙයියනේ වෙලා තියෙන්නෙ? ඒ වුනාට මෙච්චර කාලෙකට මගේ නම ලස්සනටම අමුතුවටම කිව්ව එකා මූද කොහෙදෝ.
තම්බරු!
මාත් පුරුදු වෙන්න ඕනෙ මගේ නම එහෙම කියන්න!

"Being yourself is great!
But it's impossible, if you don't gain a basic amount of knowledge.
ඔයාම විදියට ඉන්න ඕන නම් ඔයා decision maker කෙනෙක් වෙන්න ඕන. For that you have to study well.
නැත්තම් වෙන අය කියන විදියට තමයි ඉන්න වෙන්නෙ."

පුස් ඌරත් kryptonවල ඉඳන්ම මගේ තනියට ආපු එකෙක්ද කියලා මට දැන් නම් සැක හිතීගෙන එන්නෙ හැබැයි. ප්‍රාථමික පෘථිවි ජීවියෙක්ට ඔච්චර මොළයක් නම් තියෙන්න විදියක් නෑ නැත්තම්.

"So do your work well.
And the other thing is cutting classes.
You are not gonna gain anything from that except making the teachers angry.
Don't let that happen.
Having their goodwill would make things easier!"

"Mm... I know!
But it's boring. ඔන්න අයියා කියලා දෙන ඒවා නම් අහගෙන ඉන්න හිතෙනවා. Teacher ඔහේ කියවගෙන යද්දි තේරෙන්නෙත් නෑ. එපා වෙනවා."

ආයෙම පුස් ඌරා හිනා වෙවී මගේ කොණ්ඩෙ අවුල් කලා. මූ පොඩ්ඩ පොඩ්ඩ හරි ක්‍රමේ ඉගෙන ගන්නවා වගේ හැබැයි.
කවුරුහරි ඔළුව අතගාද්දි සනීපයි අප්පා!

"Come! Let's go now.
We can continue the chat on our way!"

පුස් ඌරා හොඳ අයියා කෙනෙක්. මට අතත් දුන්නා අල්ලගෙන නැගිටින්න. යාලුවො ඉද්දි දාන පඩ ශෝ නොවෙන්න මං උඹේ දරුවෙක් වෙන්න කැමත්තෙන්ම එනවා අයියෙ. ඒත් උඹේ කටුසු ගති නිසාම මට තව ටිකක් හිතලා බලන්න වෙනවා.

"You know, I too feel the same.
I don't get what teachers are saying most of the time. Reading things myself is way more better.
So, what I do is, ignore the teacher completely and study on my own.
මාත් සතුටින්. මං අහගෙන ඉන්නෙ කියලා හිතාගෙන ඉන්න teacherත සතුටින්.
I'll help you when I have time. But you have to try things on your own too.
Can you do it?"

"මං එහෙම කරනවා අයියෙ විබාගෙ ලං වුනාම. ඒ වුනාට ඉතින් මං ඒ හිතන ඒවා සේරටම වැරදි දාලනෙ එවන්නෙ ලකුණු දෙනකොට!"

හම්මෝ!
මෙන්න මේකා අද හිනා වෙවීම මගේ ඔළුව තුන් වෙනි පාරටත් අත ගෑවා. දැන් නිදිමතකුත් හැදීගෙන එන්නෙ මුගෙ ඔළුව අතගෑවිල්ලටම.

"I have a solution for that.
Workbooks තියෙනවා හැම subject එකකටම. හෙට school ඇරිලා bookshop එකෙන් ගන්න. ඔක්කොම ඒව කරන්න බැරි නම් choose only the important ones.
ඒවා වල ප්‍රශ්න උත්තර දෙකම තියෙනවා. You can first answer on your own and compare later.
That's what I do!"

පුස් ඌරගෙ ක්‍රමේ අනුගමනය කරන්න පොත් කඩේට යන්න ඕනෙත් නෑ හැබැයි. ගෙදරත් තිබුනා අම්මා ගෙනාපු ගණන් විද්‍යාව එහෙම පොත් වගයක්. පොත් මේසෙ ලාච්චුවක් අස්සට ඒවා දැම්ම දැම්මායි මේ වෙද්දි කාවො කාලා ගිහිල්ලද දන්නෙත් නෑ ඒ වුනාට.

"හ්ම්... I'll try අයියෙ.
හැබැයි ඉතින් මට එක තැනකට වෙලා ඕවා කරන එක තමයි එපාම වෙන්නෙ!"

එකපාරටම මූණට බෑ කියන්නත් හොඳ නෑනෙ මනුස්සයෙකුගෙ. ඔන්න ඔහොම දෙපැත්තටම නැති උත්තර දුන්නම කාගෙත් හිත හොඳින්!

ඒත් ඒපාර මේ යකා එකපාරටම මගේ ඉස්සරහට ඇවිත් පාර මැද්දෙම මගේ ගානට නැවිලා වාඩි වුනා.

"If you behave well in the classroom and do your homework, you'll get a surprise!
Something you like!
I won't predict when, but it would happen from time to time.
Deal?"

මගේ අත් දෙකෙනුත් අල්ලගෙන ඒකා එහෙම හිනා වෙවී කියද්දි මගෙ ඔළුව ඉබේටම උඩට පහලට වැනුනා. කොහොමද එහෙම වුනේ?
මේක මහ අසාධාරණයක්!
Surprise තියා මොන මගුල දුන්නත් ඔය වැදි බණ කතා ගැන කියවන්න ඕනෙ නෑ මට.

"Good boy!
So this is for accepting my offer.
But if you do well you'll get better things in the future!"

ඒපාර මෙන්න superman key tag එකක් මගේ ඉස්සරහා වැනි වැනී ඉන්නවා. අම්මෝ!!! මේකක් අම්මගෙන් කී දවසක් ඉල්ලුවද! අරන් දුන්නෙ නෑනෙ.
පුස් ඌරා නම් දෙයියෙක් දෙයියනේ!!!

"Ok අයියෙ!
I promise, I'll try my best!
But can I come again from time to time and play with Snowy?"

"Why not?
As long as you keep your promise, the gates are always open!"

හතරවෙනි පාරටත් පුස් ඌරා මගේ ඔළුව අත ගෑවා. සනීපයි අප්පා!
අද නම් ගෙදර ගිහින් කෙලිම්ම නින්දක් තමයි. හෙට ඉඳන්ම ඔන්නොහේ වැඩ පටන් ගන්න බැරියැ.

"Ok then, good bye little thief!
Remember your promise and finish your homework before sleeping!"

යකඩෝ! දැන් නම් මට කිසිම සැකයක් නෑ. මේකත් මං වගේම krypton වල එකෙක් තමයි. නැත්තම් ඉතින් කොහොමද මං ගිය ගමන් නිදාගන්න plan කලා කියලා දැන ගන්නෙ.

"Bye අයියේ!
Bye superdog! I'll come tomorrow to play with you!"




අම්මා මට අහල පහල ගෙවල් සේරම තහනම් කරලා තියෙන්නෙ. සෙහස්, ලකල් එක්ක එහෙම එලියෙදි විතරයි දැන් සෙල්ලම් කරන්න පුළුවන්. එයාලගෙ අම්මලා ඉන්නෙ ගෙදර නිසා කොහොමත් මං ගියොත් අහු වෙනවා. ඒත් පුස් ඌරගෙ ගෙදරත් අපේ ගෙදර වගේනෙ. දවල්ට වගකිව යුත්තො නෑ.
අනික මං ගේ ඇතුලට යන්නෙත් නෑනෙ. එතකොට වැරැද්දක් කරලා නෑ අහුවුනත්.

ඉතින් මං ආයෙම මගේ superdog එක්ක එකතු වෙලා ලෝකෙ බේර ගන්න කරන missions පටන් ගත්තා. දෙන්නම ඉද්දි powerful වැඩි නිසා සෑහෙන villainsල විනාස කරලා දාන්න පුළුවන්!

මට ලස්සන superman key tag එකක් ගෙනත් දුන්න පුස් ඌරවත් ඉතින් අමතක කලේ නෑ මං. ඇත්තටම ඒ key tag එක මරු එකක්. අම්මගෙන් ඉල්ලපු එකට වඩා ගති. මේ supermanගෙ අත පය නවන්නත් පුළුවන්. ඌව ගානට හිටවලා තියන්න, ඇවිද්දවන්න, fight කරවන්න සේරම පුළුවන් ඒ නිසා. එහෙම එකේ නියම superman වශයෙන් පුස් ඌරගෙ හිත රිද්දන එක වැරදීනෙ. ඉතින් මං ඉස්කෝලෙ ගියාම පන්තියට වෙලා පොත් වල බලි කුරුටු ඇඳ ඇඳ ඉන්න පුරුදු වුනා. ගෙදර ඇවිල්ලා මෙලෝ මගුලක් නොදන්න subjects තනියෙම කියවගෙන homework කරන්නත් පටන්ගත්තා. අපේ ලොකු අයියා ගුරු මුශ්ටිත් නැතුව කියලා දීපු කෙම් ක්‍රමනෙ මේවා. හරි ගියොත් එහෙමයි. වැරදුනොත් එහෙමයි.
පුස් ඌරා කිව්වෙ කරන්න කියලා විතරනෙ කොහොමත්. ඒවා හරියන්නම ඕනෙ කියලා කිව්වෙ නෑනෙ.

ඉඳහිට පුස් ඌරත් මට තේරෙන්නෙ නැති ඒවා කියලා දුන්නා. ඔන්න ඒකා කියලා දෙන ඒවා නම් කටාරම් කෙටුවා වගේ තමා. කිසි ගින්නක් නෑ ඔක්කොම ගානට සෙට් වෙනවා. මේකව අපේ පන්තිභාර teacher කරලා සේරම විශයන් ටික බාර දෙන්න බැරිද දන්නෑ. ඉඳලා හිටලා ටොක්කක් ඇන්නට එහෙම රිදෙන්න අනින්නෙත් නෑනෙ. අම්මා පාඩමක් කියලා දුන්නොත් ඉතින් මගේ ඔළුව ඊට පස්සෙ පිටි හලන්න ගන්න පෙනේරෙක මට්ටමේනෙ තියෙන්නෙ. ඒ අතින් මේකා මරු කොල්ලා!

මාසෙකට විතර පස්සෙ මට superman comic book එකකුත් ගෙනත් දුන්නා. ඒක මරු! මං මේවා මෙහේ තියෙනවා දැකලත් නෑ. මූ කොහෙන් හොයාගන්නවද මන්දා. මේවා හෙන ගණන්ද දන්නෙත් නෑ. අහන්න යන්න නම් හොඳ නෑ ඒත්. ගාණ වැඩියි කියලා හිතිලා ආයෙම ඉල්ලගත්තොත් දෙයියෙක්වත් ඉන්න එකක් කියලයැ මගේ උදව්වට!

ඔහොම ඔහොම ගිහින් මගේ birthday එකත් ආවා. දිදුනිලගෙ ගෙදර වගේ පට්ට පොශ් පාටි නැතුවට ලකලුයි, සෙහසුයි, සඳලියි, එයාලගෙ අම්මලයි, දිදුනියි, මගේ ඉස්කෝලෙ යාළුවො තුන් දෙනයි නම් අනිවාර්යයෙන් එනවා එදාට. මෙච්චර කල් නම් පුස් ඌරා ආවෙ නෑ. ඒත් දැන් මිනිහා supermanගෙ helper නිසා එන්න ඕනෙ ඒ වගේ වැදගත් අවස්ථාවකට.

"අයියෙ, සෙනසුරාදා මගේ birthday එක.
හවසට අපේ ගෙදර එනවද?"

මං සඳුදා දවසම මග රැකගෙන ඉඳලා class ඇරිලා එන ඌරු තඩියව අල්ලගත්තෙ.

"Oh wow!
Little thief දැන් big thief කෙනෙක් වෙන්නද යන්නෙ?
That's great!
But... I'm not sure කොල්ලො! Don't be upset even if I can't make it ok?
Let's celebrate some other day!"

ආයෙම මොකෙද්දෝ එකෙක් supermanට invisible attack එකක් දුන්නා. ඇඟට පණ නැති වෙලා යනවා එක පාරටම නිකං වැටෙන්න වගේ. මේක හරියන්නෑ. මෙහෙම කරන එකාව හොයාගන්නම වෙනවා. නැත්තං ඉතින් superman දන්නෙම නැතුව බිම ඇදගෙන වැටිලා පණ ඇද ඇද ඉඳියි.





දවස් ගිහින් සෙනසුරාදත් ආවා. එදා පාටිය හොඳට තිබුනා. මං කේක් කැපුවා. හැමෝම happy birthday කිව්වා. අම්මයි තාත්තයි මට ලොකු බයිසිකලේකුත් දුන්නා.
හැබැයි දැම්ම ඒකෙ ඉස්කෝලෙ යන්න බෑ. ගේ ලඟ පාරෙ විතරයි පදින්න පුළුවන්. ඒත් කමක් නෑ ඉතින්. පස්සෙ හෙමීට ඉස්කොලෙම යන්න බැරියැ.

අනිත් හැමෝමත් පාට පාට තෑගි පෙට්ටි ගෙනත් තිබුනා. ඒත් අනේ මන්දා අද උදේ ඉඳන්ම මට උණ හැදෙන්න වගේ නිකං. උගුර කට වේලිලා ගිහින් වගේ. එහෙමයි කියලා ඉතින් අම්මා කොහෙන්ද මන්දා order කරලා ගෙනත් තියෙන කෑම නොකා පුළුවනෑ. මං බැරි බැරි ගානෙම තියෙන සේරම ගිලලා දැම්මා.

කට්ටිය ගියේ හොඳටම රෑ වෙලා. හෙට කොහොමත් ඉරිදා නිසා ඉස්කෝලෙ යන්නත් නෑනෙ. ඇත්තටම මගේ birthday එක ලබන සඳුදා තියෙන්නෙ. Weekend එකක් වුනාම හැමෝටම ලේසි නිසා අම්මා සෙනසුරාදාවක් අල්ලලම තමයි පාටිය දාන්නෙ.
ඉතින් කට්ටිය ගිය ගමන්ම මං තෑගි ටික ඇරලා බලන්නෙත් නැතුව ඇඳට පැනලා නිදාගත්තා. Supermanට මහන්සියි දෙයියනේ හැමෝටම පේන්න විරිත්තගෙන ඉඳලම!

ඉරිදා උදේ වරුව අම්මා ගෙදර. ඉතින් කාමරේට වෙලා සද්ද නැතුව ඉන්න එක ඇඟට සෑහෙන ගුණයි. තෑගි ටික කඩලා මං පැත්තකට කරලා තිබ්බා. කතා පොත්, ඇඳුම්, ලියන පොත්, පැන්සල් පෙට්ටි ඕවා තමයි තිබුනෙ.
හවස එලියට බැස්සට superdogව බලන්න ගියේ නෑ. අද එහෙත් හැමෝම වගේ ගෙදරනෙ. එතකොට missions වලට බාධා වැඩියි. රහසිගත දේවල් ඒ විදියටම තියාගන්න ඕනෙ.

සඳුදා උදේ ඉස්කෝලෙ යාළුවන්ට ගෙනියන්න කේක් කෑලි ටිකක් තාත්තා ගෙනත් තිබුනා. ඒ ටිකත් අරන් මං ඉස්කෝලෙ ගියා. කඩි කන පස්ස හතර අතට අඹරව අඹරව ලෝක අමාරුවෙන් පැය හය ගෙවාගෙන ගෙදර එන්න පාරට  බැස්සා අන්තිමේදි යාන්තම්.

"Hey! Little thief!!!"

පාර මැද්දෙ මහ හයියෙන් පුස් ඌරගෙ කටහඬ ඇහෙද්දි මං වේගෙන වේගෙන් දුවගෙන යන්න පටන් ගත්තා. මේ මොන විලි ලැජ්ජාවක්ද? superman හොරෙක් වුනේ මොන ලෝකෙද?
අර ගොන් අලියට පාරෙ මෙච්චර මිනිස්සු ඉන්න වෙලාවෙ ඕක ඔච්චර හයියෙන් කියන්න ඕනෙද?

"Hey! Wait!!!"

ඔන්න පුස් ඌරා බයිසිකලේ මගෙ ඉස්සරහින් නැවැත්තුවා. මෙතන නම් කමක් නෑ ඔන්නොහේ, දැන් අපේ ගෙවල් වලට යන පාරට හැරිලා නිසා කවුරුත් නෑ වෙන.

"ආ! අයියට එදා එන්න බැරි වුනානෙ.
අද යාළුවොන්ට දීපු කේක් වලින් තියාගත්තෙ හැබැයි."

පුස් ඌරගෙ කතාව අහගන්න කලින්ම මං කේක් කෑල්ල දුන්නෙ නැත්තම් ඕක අමතක වෙලා ගෙදර අරන් ගිහින් මංම කන්න සෑහෙන ඉඩක් තිබ්බ නිසා. මතක් වෙච්ච වෙලේ අනික් ඔක්කොම නවත්තලා ටක් ගාලා දීලා දාන්න ඕනෙ.

"Oh! Thank you!
And I'm really sorry I couldn't make it that day.
But I have something for you too!"

කෙක් කෑල්ල එක අතකින් අල්ලගෙන අනික් අතින් බෑග් එකේ සිප් එක ඇරිය පුස් ඌරු තඩියා ඒක ඇතුලෙන් ලස්සන බෑග් එකක් අරන් මගේ අතින් තිබ්බා.

"Happy birthday little thief!

Keep on smiling everyday!!!"

..........................................................................................................

මේ වගේ අයියෙක් මටත් ඕනේ 🙁

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Продовжити читання

Вам також сподобається

9.8K 1.9K 12
නරක තාත්තලා 😳😳 තාත්තලා කවද්ද නේද නරක උනේ 🥰 Yizhan Zhanyi ඕන එකක්
6K 604 11
තවමත් නුබ නමින් .. ✨️❤ රශේනයා කිව්වා වගේ මලක් හැබැයි කැලෑ මලක් නෙමේ පින්න මලක් .. - රොන් ... ඒ නපුරු ඇස් ... ආඩම්බරයි , සෙල්ලක්කාර යි ... ඒ නපුරා වග...
5.3M 716K 199
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...
4.4K 1K 16
වැටෙන්න වැටෙන්න... නැගිටින්න... ආයෙත් නොවැටි ඉන්න අත දෙන්න... මං ඉන්නව ඔබේ අසලම... ජීවිතේ සමහර දේවල් තියෙනවා දෛවයටත් පිටින් යන..අන්න එහෙමයි මං ආයෙත්...