මානස (Completed)

By NirMad238

58.9K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

5

1K 206 112
By NirMad238

බයිසිකලේට වැඩේ දීලා මං කෙලිම්ම ගියේ කැන්ටිමට. මේ වෙලාවට කවුරුත් නෑනෙ. ඉතින් ඇතුලෙ තියෙන චූටි මේසෙ වාඩි වෙලාම කාලා බීලා එන්න පුළුවන්. ඒත් වඩේ දෙකයි නෙක්ටො එකයි ගත්ත මං නිවී හැනහිල්ලෙ කන්න පටන් ගත්තා විතරයි එතෙන්ට හෙනහුරා වගේ කඩාපාත් වූනා අපේ teacher.
ඒ කිව්වෙ පන්තිභාර teacher!
මගේ මුළු ජාතකේම ගැන දන්න teacher!

මලකෙලි දහයයි ඉතින් දැන්.
හැබැයි එහෙමයි කියලා මේ necto එක දාලා නම් දුවන්න බෑ කොහොමටවත්. ඉතින් ඔන්නොහෙ කියලා ඒකත් උස්සගෙනම දුවන්න ගත්තා ඒ නිසා.

"ඒයි ඒයි පුතා!
ඔය බෝතලේ තියලා යන්න!"

ඒ අස්සෙ කැන්ටිමේ ඇන්ටි කෑගහනවා කටට රේඩියෝ එකක් සෙට් කරලා වගේ. මීට වඩා හොඳයි ඉතින් ටවුමෙ හන්දියෙ loud speaker එකක් එල්ලලා මාව ඒකටම තියලා බැඳලා ප්‍රදර්ශනේට තිබ්බා නම්.
වර්ග කිලෝමීටරයක් විතර ඇතුලෙ හිටපු හැම එකාම මගේ දිහා බැලුවෙ නිකං මේ මහා දේහදාරී පුරුශයා මොකාද කියලා බලන්න වගේ.

කරන්න දෙයක් නෑ මිනිස්සුනේ!
බලන්න විතරයි ඉඩ දෙන්න පුළුවන්. මේ අසහාය පුරුශයාට කරදර වගේම වගකීම් ගොඩාක් වැඩියි. ඒ නිසා ඔබ සියළු දෙනාගේම ආචාර සමාචාර පිලිගන්න ගමන් දුවන්න විතරයි පුළුවන්.

"තඹරු! තඹරු!!"

හපොයි දෙයියනේ! දැක්කා නේද මාව!
එහෙමයි කියලා නවතින්න හොඳ නෑ.
බීම බෝතලේ කටේ ගහගෙනම මං ඉස්කෝලෙ පුරා දිව්වා.
අන්තිමේ ටොයිලට් එක අස්සට රිංගලා තමයි පොඩ්ඩක් විතර හති ඇරියෙ.

අද නම් මහා එපා කරපු දවසක්!
අර පුස් ඌරවද මන්දා උදේ පාන්දරම දැක්කෙ. නැත්තම් මෙහෙම වෙන්න වෙන හේතුවක් නෑ.
දැන් ඊලඟ පීරියඩ් එකේ ඉංග්‍රීසි. ඒකෙදි කැන්ටිමේ මොකද කරේ කියලා අහයිද දන්නෑ teacher.
එකාතකට ඕවට උත්තර දෙනවට වඩා හොඳයි ඊලඟ එකත් කට් කරලා library යනවා. ඒකෙ තිබුනා marvel comics වගයක්. සුපර් මෑන් තමන්ගෙ ඉතිහාසය, වගතුග ගැන දැනගෙන ඉන්න එක කොහොමත් වැදගත්නෙ ඉස්කෝලෙ වැදි බණ ඉගෙන ගන්නවට වඩා.

අන්තිමේ ඉතින් කොහොම හරි මං පන්තියට ගියේ interval එකේ. ඊලඟට මොනාද දන්නෑ තියෙන්නෙ. ගෙදර වැඩ දීපු එකක් නම් ඒකටත් ටටා බායි කියන්න තමයි වෙන්නෙ.
මේ පෘථිවිවාසීන්ට මොලේ නෑනෙ. ඉස්කෝලෙ එන්නෙ ඉගෙන ගන්න. එතකොට කියලා දෙන මගුලක් ඉස්කෝලෙදි කියලා දීලා ඉවරයක් කරලා දාන්න ඕනෙ. ගෙදර තියෙන්නෙ ෆන් එකේ ඉන්න. ඉස්කෝලෙ teachersලගෙ නොහැකියාවට කරගන්න බැරි වෙන වැඩ ගෙදරදි කරන්න දෙන එක මහා අසාධාරණයක්.
මං වගේ ලෝක වීරයොන්ට කොහොමටත් අසාධාරණයක්.
ඇයි දෙයියනේ කීයක් කීයලා දේවල් මේ ඔළුව ඇතුලෙ තියාගෙන ඉන්නද?
Supermanට වුනත් ඉතින් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා.

හැබැයි අන්තිම periods හතරෙ teachersලගෙ වෙලාවට ගෙදර වැඩ දීලා තිබුනෙ නෑ. ඒ නිසා එයාලට වාසනාව ලැබුනා මේ මහා යුග පුරුශයාව දැක බලාගෙන අනික් එවුන්ගෙ මොලේ පොඩ්ඩක් පාදවන්න. හැමෝටම ලැබෙන වාසනාවක් නෙමෙයි ඒක.

ඒත් ඉස්කෝලෙ ඇරිලා ගෙදර යද්දි නම් මගේ හෙනහුරා ආයෙම ඇක්ටිවේට් වෙලා තිබුනෙ. අම්මා ගෙදර ආවෙ කාලි අවතාරයක් ආවේශ කරගෙන. ගෙනාපු බෑග් එක බිමින් තියන්නෙත් නැතුව තමයි මට ගහගෙන ගහගෙන යන්න පටන් ගත්තෙ. අපෝ!!!
එයත් එක්ක ජීවත් වෙන්න ලේසි නෑ.
බැරිම තැන මං එලියට බැහැලා පණ එපා කියලා දුවන්න ගත්තා.
Supermanගෙ අගයක් තේරෙන මිනිස්සු නෑනෙ අප්පා මේ ලෝකෙ.

පාර අයිනෙ හිස් ඉඩමකට වෙලා හති ඇර ඇර ඉද්දි දාඩිය නාගෙන ජම්බු ගෙඩියක් වගේ පාර දිගේ ඇවිදගෙන එන පුස් ඌරව දැක්කම මගේ නැති වෙලා ගිය ජවය බලය ශක්තිය සේරම ආයෙත් ලැබෙන්න ගත්තා.
අමතකත් වෙලානෙ තිබුනෙ මගේ වීර ක්‍රියාව ගැන!

"ආ.... මේ ඉන්නෙ!
Little thief! උඹ මොකද්ද මගේ බයිසිකලේට කලේ?"

මෙන්න ඒ පාර මූත් ගේමට එනවා.

"බයිසිකලේ?
උඹට බයිසිකලේකුත් තිබුනද අයියෙ?
මං දැකලත් නෑනෙ."

පුස් ඌරා මාව උයාගෙන කන්න වගේ ලුක් එකක් දැම්මෙ. ඒත් අයියෙ අපි නම් බය නෑ ඕවට!

"හ්ම්... ඒ කියන්නෙ උඹ දන්නෑ.
Ok, කෝ දැන් එතකොට ගණන් ටික?
කලාද?"

"අනේ මේ අයියෙ!
උඹට ලබන අවුරුද්දෙ විබාගෙ නම් ඒ වැඩක් බලාගනින්කො බං අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව.
ඇයි උඹ ළමා අවයව ජාවාරමක් කරන්නද ප්ලෑන් එක හැමවෙලේම මාව ගේ අස්සට රිංගවගන්නෙ?"

"උඹේ කට වැඩියි පොඩි එකා හරිද?
But think about it!
උඹ කරපු සේරම අම්මා දැනගත්තොත් what would happen?"

මං කිව්වෙ!
එහෙං මූ තාමත් ඉන්නෙ අම්මගෙ රෙද්ද අස්සෙ.
අනික් අතට මුගෙ කට ඇදයි.
අපරාදෙ!
පාට විතරයි තියෙන්නෙ. කිසි හැඩකුත් නෑ. අඟ පසඟ කෙලින් පිහිටලත් නෑ.
පව් අසරණයා!

"I know it's you, who punctured my tires.
And you are definitely gonna pay for that.
But let's keep it aside for now.
within an hour කැමති නම් පොත ගෙනත් පෙන්නනවා. නැත්තම් අම්මගෙන් ගුටි කනවා!"

පුස් ඌරා හෙන ලයින් එකක් දීගෙන ගියේ. ඌ කොහොමද කියන්නෙ බයිසිකලේට ගේම සෙට් කලේ මමමයි කියලා. ඔය තියෙන අලි ඔළුවෙ හැටියට හතුරො ඇති පෝලිමේ කොහොමත්.
ඒ එකෙක් ඕක කරන්න ඇත්තෙ!

හැබැයි එකාතකට දැන් අද රෑ අම්මා මගේ සේරම පොත් ටික අදියි. ගණන් ටිකවත් කරලා තිබ්බා නම් ඔළුවෙ කෙස් ගස් ටිකවත් බේරගන්න පුළුවන් වෙයි. පුස් ඌරට බැරිද දන්නෑ මාව එහේම නවත්ත ගන්න.
එහෙනම් කිසි අවුලක් නෑ ඌටම ගේම් සෙට් කර කර පට්ට ආතල් එකේ ඉන්න තිබුනා.

අපේ අම්මා ටවුන් එකේ ක්ලාස් කරනවනෙ. ඒ නිසා දැන් ගෙදර ඉන්න විදියක් නෑ. මං ටක් ගාලා ගෙට රිංගලා උඩින් පල්ලෙන් බත් ටිකක් ගිලලා පොත් මල්ලත් උස්සගෙන පුස් ඌරව හොයාගෙන ගියා.

"ආ... little thief මේ ඇවිත් ඉන්නෙ!
එනවා එනවා!
දැන් පෙන්නවා බලන්න කරපු ඒවා මට."

"මේ අයියෙ, ඉස්කෝලෙ වැඩ ගොඩයි.
ඉස්සර වගේ නෙමේනෙ දැන්. සිලබස් වෙනස්. වැඩ අමාරුයි.
ඉස්සරම නම් හතේදි හෙන අයිස්ලු නේද? දැන් නම් අම්මෝ පට්ටම වැඩ ගොඩක් තියෙන්නෙ!"

පුස් ඌරගෙ මට අල්ලන්නෙ නැති ලොකුම සීන් එක තමයි උගේ ඇද වෙච්ච කට. ඇත්තමයි උඹේ දත් ටික බඩට යන්නම දෙනවාමයි අයියෙ වැඩිකල් නොගිහින් මම!
ඔය කටේ ඇදේ හරියයි ඉබේටම එතකොට.

"Ok ok!
So show me your homework then!"

"එහෙම පෙන්නන්න ධාතු ප්‍රදර්ශනයක් නෙමේ බං අයියෙ ඒක. ඉස්සෙල්ලා ඒ ටික කරලා ඉන්නෝන. ඉස්සර හතේ එවුන් කරපු විදියට ගොන්පාට් කරන්න බෑ දැන්.
මං ඒ ටික කරලා උඹට පෙන්නන්නම්. එතකල් උඹේ වැඩක් කරගනිංකො අයියෙ වදයක් නොවී මෙතන!"

කෝම හරි ඉතින් පුස් ඌරගෙ පැය ඉවර වෙද්දි ගණන් ටික සේරම මං හදලා ඉවර කලා. Supermanට බැරි වැඩ මේ ලෝකෙ කොහෙද තියෙන්නෙ.
ඒත් හැබැයි පෘථිවියෙ වැඩ කෙරෙන්නෙ එහෙම නෙමෙයි කියන්නෙ. අපරාදෙ මාත් මෙහෙම පහත් ජීවීන් ඉන්න ලෝකෙකට සෙට් වුනේ. මේකෙ ඉන්න එවුන්ගෙ මොලේ හැටියට වැඩ කරන්න වෙලානෙ තියෙන්නෙ ඒකෙන්.

"Little thief, I don't have time now.
But if you can come around 6.30 I'll be here!"

පුස් ඌරා ආයෙම මනමාලයා වගේ ඇඳගෙන යන්න ගියා. කාමරේ නිකං හරියට මල් විකුණන කඩයක් වගේ සුවඳ.
අනේ අපෙනුත් මල් ගන්නකෝ!!!
අපෙනුත් මල් ගන්නකෝ!!! කියනවා කියනවා වගේ ඇහෙනවත් එක්ක මට!

ඇත්තටම මූ මෙහෙම යන්නෙ නම් කෙල්ලෙක් සෙට් කරගන්නම වෙන්න ඕනෙ. නැත්තම් කවුද යකෝ ඔච්චර හැඩ වැඩ වෙලා ක්ලාස් යන්නෙ?

ඒකා අද car එකේ class ගියෙත්. බයිසිකලේ වින්කලේට දාලා වෙන්නැති. එකාතකට මං අපරාදෙ උගෙ බයිසිකලේට ගේම සෙට් කලේ. ගේම දෙන්න තිබුනෙ මේ සෙන්ට් බෝතලේට. එහෙනම් තමයි ඌට ඇඬෙන්නෙ. කෙල්ල දාලා යනවා දෙකක් නෑ උගේ සැබෑ ගඳ දැනුනා නම්.

පුස් ඌරා ගියාට පස්සෙ මට එහේ ඉන්න කම්මැලි හිතුනා. ඉතින් මං අනික් එවුන් ටිකත් එක්ක සෙල්ලම් කරන්න එලියට ආවා. හැබැයි ඌ ආවට පස්සෙ ආයෙම එහේ යන්න හිතාගෙන හිටියෙ. ඒත් ඌ ගෙදර ආවෙ උගෙ යාළුවො සෙට් එකත් එක්ක. ඒ කියන්නෙ දැන් කට්ටිය එකතු වෙලා පාඩම් කරන්නනෙ යන්නෙ. ඉතින් මං ආයෙම එහේ ගියෙ නෑ.
පුස් ඌරටත් අමතක වෙලා යන්නැති මට එන්න කිව්වා කියලා. රෑ වෙනකල් නටලා නටලා මාත් ඔන්නොහේ ගෙදර ගියා.

ඊට පස්සෙ තමයි supermanට හොඳ හෙල්මට් එකකයි strong armor එකකයි අවශ්‍යතාවය තදින්ම දැනෙන්න ගත්තෙ. මොකද අම්මගෙන් ටොකු කාලම මොලේ හිරි වැටිලා ගියා. අන්තිමේදි හදාගන්න ගාණක් අම්මට තනියෙම්ම හදාගන්න කියලා මං කාමරේට ගිහින් නිදාගත්තා.
Superman කවුද කියලා ප්‍රසිද්ධ වෙච්ච දවසට දුක හිතෙයි අම්මෙ සෑහෙන්න මේ කරන වැඩ වලට!

හැබැයි වැඩේ කියන්නෙ පහුවදා උදේ ඇහැරෙද්දි අම්මා හොටු පෙරාගෙන අඬනවා. අම්මා වුනත් ඉතින් ගෑණුනෙ කියන්නෙ ඕකයි. අඬන්න ගත්තම නලවන වැඩ කරන්න මට තේරෙන්නෙ නෑ.

"මං පන්තියට ගිහින් ගණන් ටික හදන්නම්!"

කෑගහගෙනම මං උදේ පාන්දර ඉස්කෝලෙට දිව්වා. අම්මෝ ඒක සහනයක්!
Supermanට දැන් ලෝකෙ බේරගන්න පටන් ගන්න පුළුවන් ගේමක් නැතුවම. තාම හුඟක් ළමයි ඇවිත් නෑනෙ. ඒ නිසා මං මගේ secret mission එකක් ඉවර කරගත්තා ඊයෙ කරගන්න බැරි වෙච්ච.
Villainsලව අල්ලලා හොල්ලලා පරාද කරලා හිරේ විලංගුවෙ දාලා බලද්දි ඩිනාලයත් ඇවිත්. ඉතින් උගේ පොත බලාගෙන මං ගෙදර වැඩ ටික සේරම කරගත්තා. බලන්න ඉතින් බොරුවටනෙ අම්මා කෑගහ ගහ සන්නි නටන්නෙ. මේවා විනාඩි දහයෙ සිම්පල් වැඩනෙ!



"ඩිනාල්! තඹරු!
දෙන්නම නැගිටිනවා!
කවුද කාගෙන්ද කොපි කලේ කියනවා මට?"

ගෙදර වැඩ බල බල අපේ පේලියට ආපු teacherට භූතාත්මයක් වැහුනා. ඔය වගේ වෙලාවට කතා කරන්න නරකයි. සද්ද නැතුව ඇස් දිහා බලාගෙන මතුරන්න ඕනෙ. හැබැයි ඩිනාල් ගොනා ඕවා දන්නවා නම් බැරියැ.

"තඹරු මගේ පොත ඉල්ලගත්තා teacher!"

ඔන්න ඉතින් හරි!
මුන් වගේ යාළුවො කපා ගන්න පුළුවන් අර පුස් ඌරා වගේ සුද්දො කියලා හිතාගෙන ඉන්න එවුං පස්ස පිහින සර්වියට් කෑලි
වලිනුත්.

"තඹරු! මේ ඇත්තද කියන්නෙ?"

"ඔව් teacher, ඒ පොත ලස්සනයි.
ඒ නිසා මං පොත අරගෙන ඒ දිහා බලාගෙන හිටියා."

"දෙන්නම යනවා එලියට!
එලියට ගිහින් හිටගෙන පාඩම අහන් ඉන්නවා අද. ඊලඟට හෙට මුලින්ම homework බලන්නෙත් මං ඔය ළමයි දෙන්නගෙ. Term test එකේ ලකුණු වලින් 10ක් කපනවා වැඩ ටික හරියට කරලා නැත්තං!"

මහා දරුණු භූමිකම්පාවක් ඇති වෙලා නිහඬ වෙලා ගියා. මං නම් එලියට ගියේ ගැම්මෙන්!
Teacherගෙ නාකි මූණ බල බල ඉන්නවට වඩා කොච්චර ෆන්ද මේ වැඩේ! පිස්සු ඩිනාලයා නම් කට ටොයිලට් එක කරගෙන හිටියෙ.
උබච ආයෙ නං පොච ජෙන්ඥෑ!
උබච ආයෙ නං පොච ජෙන්ඥෑ!
ඔච්චර තමයි ඒ මොටා දන්නෙ.

ඒ අස්සෙ හවස් වෙද්දි ස්පෝට්ස් මීට් එකේ ඉවෙන්ට්ස් වලට නම් දෙන්න කියාගෙන සෙට් එකක් ආවා. ඒක නම් මං කැමති වැඩක්.
දුවන්න නම් මං අනිවාර්යයෙන් යනවා. ෆුට් බෝල් වලටයි, ක්‍රිකට් වලටයිත් නම දීලා මං හෙන ගැම්මෙන් හිටියෙ. Superman කෙනෙකුට ගැලපෙන විදියෙ sports තමයි ඒවා. ඔය කැරම් , badminton, tennis වගේ ඒවා හොඳ අර පුස් ඌරා වගේ මෙලෝ රහකට නැති එවුන්ට. අවුවෙ අඩි දෙකක් ගියාම රතු වෙන සමයං වලට!

ඒ අස්සෙ drill එකට ළමයි නෑ කියලා කොල්ලෙක් නහයෙන් අඬනවා. අනේ මගෙ නම් බල්ලාවත් යන්නෙ නෑ ඕකට. ගෑණු වගේ පාට පාට පටි උස්සන් නටන්න යන්න මොලේ විකල් වෙච්ච එවුන්ට හොඳයි.



"Hey little thief!
Why didn't you come yesterday?"

පුස් ඌරා කරුමෙටම ඉස්කෝලෙ ඇරිලා යද්දි සෙට් වුනා. වෙන්දට වඩා අද පරක්කු වුනානෙ cricket team එක ගැන පොඩි මීටමක් තිබිලා. නැත්තම් මං මීට කලින් ගෙදර ගිහින්.

"උඹේ යාළුවො ඉද්දි disturb කරන්න හරි නෑනෙ අයියෙ"

"Wow! උඹ එහෙනම් mannersනුත් දන්නවා නේද thief කෙනෙක් වුනාට! Well disciplined thief කෙනෙක් ආ!!"

හිනා වෙයං අයියෙ හිනා වෙයං!
ඔය දත් ටික කටේ තියෙනකල් හිනා වෙයං! ඊට පස්සෙ සුප් බිබීම ජීවිත කාලෙ ගෙවපං!

"But you should have come.
I had already invited you, hadn't I?
කොහොම හරි homework ටික කලාද?"

"මං දන්නෑ බං අයියෙ.
දැන් කොහොමත් sportsmeetනෙ ඉතින්."

"එහෙම කියලා බෑ. මෙච්චර කල් කරපු ඒවා දන්නෙ නැත්තම් next lessons කොහොමත් අමාරු වෙනවා. If you want I can give you one hour three days a week.
Today from 5 to 6.
You can come if you wish."

මූණටම සෙට් වෙලා කිව්ව එකේ ඉතින් නොසලකා හරින එක හරි නෑනෙ. ඒ නිසා හවස් වෙලා ගණන් පොතත් උස්සගෙන මං ආයෙම ඌරු තඩියා හොයාගෙන ගියා. හැබැයි ඇත්තටම ඌ මොලේ ලාවට වගේ තියෙන එකෙක්.
මොකද මගේ krypton මොලේ පෘථිවියෙ ප්‍රාථමික මට්ටමට වට්ටගන්න හැටි ඌ ලස්සනට කියලා දුන්නා. ඉතින් මාත් teacherට ඕනෙ කරන මෝඩ උත්තර ටික කොහොම හරි කරලා දාගත්තා.

හැබැයි පුස් ඌරා supermanට ටොකු දෙකක් ඇන්නා. රිදුනෙ නැතුවට ඒක ලොකු අපහාසයක්.
ඒ වගේ දෙයක් කලාට පස්සෙ නිකං ඉන්න එක supermanගෙ තත්වෙට හරි නෑ.

මං ඌ bathroom එකට යනකල් ඉඳලා permanent marker එකක් අරන් bed sheet එක පුරා තඩියට DHYAN IS A BLOODY FOOL! කියලා ලියලා දුවගෙන ගෙදර ආවා.
දැන් හොඳ වැඩේ ඇලි හිවලට. ගෙදර වැඩට ඉන්න මිනිස්සුත් දැන ගනියි ඒකා තමයි bloody fool කියලා. ඔය රෙද්ද ගලවලා චීත්තයක් මහගන්න තමයි වෙන්නෙ.

පුස් ඌරට ගේමක් දුන්න ගමන් මට ලැබෙන්නෙ අමුතුම ජවයක්! ඉතින් මං පහුවදා ඉස්කෝලෙ ගියෙත් ගැම්මෙන්.
කොහොමත් ගණන් පීරියඩ් එකත් අවුලක් නොවී ගෙවිලා ගියා. Teacherත් හොල්මන් වෙලා හිටියෙ මගේ ගැම්ම දැකලා.

ඉන්ටවල් එකෙන් පස්සෙ ඩ්‍රිල් එකට ඉන්න එවුන්ට එන්න එන්න ගගා ඉවරයක් නැතුව පණිවිඩ එන්න ගත්තා. පව් ඉතින් ඒක බාරව ඉන්න එකා. ඇඬිලා ඇත්තෙ. කොල්ලො යනවද අප්පා ඕවට ගෑණු වගේ නටන්න? මොන මගුලකට දාගන්න ඒවද මන්දා.

"මෙන්න මේ නම් තියෙන ළමයි ටික ඉක්මනට ground එකට එන්න, drill එක practice කරන්න පටන් ගන්න කලින් ඒකට ගන්න ඕන කරන දේවල් ටිකක් ගැන කියන්න තියෙනවලු"

ඒ අස්සෙ teacherත් කෑගහනවා.

"තරුල් දිසානයක, මෙනිත් පෙරේරා................................................., තඹරු සඳතැන්න...................................."

....................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

116K 12.7K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
8.5K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
6.3K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
1.3M 21.6K 30
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...