පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰...

By Kim-Yuhaqwe

103K 13.5K 22.5K

ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආ... More

01-පළිඟු දිගහැරුම ♡
02-පළිඟු දිගහැරුම ♡
03-පළිඟු දිගහැරුම ♡
04-පළිඟු දිගහැරුම ♡
05-පළිඟු දිගහැරුම ♡
06- පළිඟු දිගහැරුම ♡
07-පළිඟු දිගහැරුම ♡
08-පළිඟු දිඟහැරුම ♡
09-පළිඟු දිඟහැරුම ♡
10- පළිඟු දිගහැරුම ♡
11- පළිඟු දිඟහැරුම ♡
Intro ♡
12- පළිඟු දිඟහැරුම ♡
13- පළිඟු දිඟහැරුම ♡
14- පළිඟු දිඟහැරුම ♡
15- පළිඟු දිඟහැරුම ♡
16- පළිඟු දිඟහැරුම ♡
17- පළිඟු දිඟහැරුම ♡
18-පළිඟු දිඟහැරුම ♡
19- පළිඟු දිඟහැරුම ♡
20- පළිඟු දිඟහැරුම ♡
21 - පළිගු දිඟහැරුම ♡
22- පළිඟු දිඟහැරුම ♡
23- පළිඟු දිඟහැරුම ♡
24- පලිඟු දිඟහැරුම ♡
25- පළිඟු දිඟහැරුම ♡
26- පළිඟු දිඟහැරුම ♡
27-පළිඟු දඟහැරුම ♡
28- පළිඟු දිඟහැරුම ♡
29- පළිඟු දිඟහැරුම ♡
30- පළිඟු දඟහැරුම ♡
31- පළිඟු දිඟහැරුම ♡
33- පළිඟු දිඟහැරුම ♡
34- පළිඟු දිඟහැරුම ♡
35- පළිඟු දිඟහැරුම ♡
36- පළිඟු දිඟහැරුම ♡
37- පළිඟු දිඟහැරුම ♡
38-පළිඟු දිඟහැරුම ♡
39- පළිඟු දිඟහැරුම ♡
40- පළිඟු දිඟහැරුම ♡
41- පළිඟු දඟහැරුම ♡
42- පළිඟු දිඟහැරුම ♡
43- පළිඟු දිඟහැරුම ♡
44- පළිඟු දිඟහැරුම ♡
45- පළිඟු දිඟහැරුම ♡
46- පළිඟු දිඟහැරුම ♡
47- පළිඟු දිඟහැරුම ♡
48- පළිඟු දිඟහැරුම ♡
49- පළිඟු දිඟහැරුම ♡
50- පළිඟු දිඟහැරුම ♡
51- පළිඟු දිඟහැරුම ♡
52- පළිඟු දිඟහැරුම ♡
53- පළිඟු දිඟහැරුම ♡
54- පළිඟු දිඟහැරුම ♡
55- පළිඟු දිඟහැරුම ♡
56- පළිඟු දිඟහැරුම ♡
57- පළිඟු දිඟහැරුම ♡
58- පළිඟු දිඟහැරුම ♡
59- පළිඟු දිඟහැරුම ♡
60- පළඟු දිඟහැරුම ♡
61- පළිඟු දිඟහැරුම ♡
62- පළිඟු දිඟහැරුම ♡
63- පළිඟු දිඟහැරුම ♡
64- පළිඟු දිඟහැරුම ♡
65-පළිඟු දිඟහැරුම ♡
66- පළිඟු දිඟහැරුම ♡
67- පළිඟු දිඟහැරුම ♡
68-පළිඟු දිඟහැරුම ♡
69- පළිඟු දිඟහැරුම ♡
70- පළිඟු දිඟහැරුම ♡
71- පළිඟු දිඟහැරුම ♡
72- පළිඟු දිඟහැරුම ♡
73- පළිඟු දිඟහැරුම ♡
74- පළිඟු දිඟහැරුම ♡
75- පළිගු දිඟහැරුම ♡
76- පළිඟු දිඟහැරුම ♡
77- පළිඟු දිඟහැරුම ♡
78- පළිඟු දිඟහැරුම ♡
79- පළිඟු දිඟහැරුම ♡
80- පළිඟු දිඟහැරුම ♡
81- පළිඟු දිඟහැරුම ♡
82- පළිඟු දිඟහැරුම ♡
83- පළිඟු දිඟහැරුම ♡
84- පළිඟු දිඟහැරුම ♡
85- පළිඟු දිඟහැරුම ♡
86- පළිඟු දිඟහැරුම ♡
87- පළිඟු දඟහැරුම ♡
88- පළිඟු දිඟහැරුම ♡
89- පළිඟු දිඟහැරුම ♡
90- පළිඟු දිඟහැරුම ♡
91- පළිඟු දිඟහැරුම ♡
92- පළඟු දිඟහැරුම ♡
93- පළිඟු දිඟහැරුම ♡
94- පළිඟු දිඟහැරුම ♡
95- පළිඟු දිඟහැරුම ♡
96- පළිඟු දිඟහැරුම ♡
97- පළිඟු දිඟහැරුම ♡
98- පළිඟු දිඟහැරුම ♡
99- පළිඟු දිඟහැරුම ♡
100- පළිඟු දිඟහැරුම ♡
101- පළිඟු දිඟහැරුම ♡

32- පළිඟු දිඟහැරුම ♡

1K 129 180
By Kim-Yuhaqwe

"ඇත්තටම ඔයාට හිමින් යන්නම බැරිද ?"

"බෑ "

"මොකෙක්ද මන්දා!"

"මොකක්ද ?"

"මුකුත් නෑ "

මිනාගිට රේන්ජ් රෝවර් එකට නගින්නත් පොඩි හෙල්ප් එකක් දීලා වාහනේට නැග්ග රෙහානා හැටට යන්න පුලුවන් පාරේ එකසිය විස්සට ගියා මම අහන්නේ පොලිස් කාරියක් කියලා නීතිය අතට ගන්න එක වැරදි මේ කෙල්ල උනත් ඔය දැන් උනත් වලියක් දාගෙන ආතල් එකේ දෙන්නා එක්ක ඩබල් දාන් නුගේගොඩ යනවා කිව්වට දැන් ඉන්නේ අනුලා එක ගාව තව පොඩි දුරයි

"මිනාගි "

"ම්ම් ?"

පාරේ යන එන වාහන දිහා බලන ගමන් ජිවීතේට මේ වගේ වාහනේක යන්න බලාපොරොත්තු නොවුන මිනාගි රෙහානා දිහාවට හැරුනා

ඇත්ත මිනාගිගේ අත මිට සරුයි සල්ලි තියෙනවා නැත්තේ නෑ හැබැයි එහෙමයි කියලා වාහන අරන් නටන්න තරන් එයාට වත් කමක් නෑ එයා හරි චාම් අහිංසක ළමයෙක් බස් එකේ ගමන බිමන ඔය හැමදේම හරියටම තිබ්බත් මිනාගිට කාත් කවුරුත් නෑ ඒක මතක් වෙන හැම පාරම එයා ඉස්සර අනාථ නිවාසෙදි උනත් කරේ අඩපු එක

මිනාගි බොළඳ නෑ හැබැයි එයා ගොඩක් ස්ට්‍රෝන්ග් කෙනෙකුත් නෙමේ අර fb හෑලි ලියන අයියලා කියන විදිහට හෙන ගැහුවත් දරාගන්න මිනාගිට අකුණු සන්නායක හයි කරලා නෑ ඉතින් දුක හිතුනම අඩනවා සතුටු හිතුනම උඩ පැන පැන හිනාවෙනවා ඒ තමයි සරලවම මිනාගි

"........"

"ඔයා මොකක්ද කියන්න ගියේ "

"පාසල් ප්‍රේමයක් තිබිලා තියෙනවද ?"

"ඇහ් "

"ස්කූල් ලව් එකක් ?"

"අම් .......නෑ ක්‍රශ් එකක් හිටියා හැබැයි එයා දැන් බැදලා අවුරුදු දෙකක බබෙකුත් ඉන්නවා "

මිනාගි ඔලුවත් කස කස කියනකොට රෙහානා ලාවට හිනා වුනා ඒක සමච්චලේට කරන හිනාවක් වත් මුකුත් නෙමේ හරියට මීට අවුරුදු ගානකට කලින් හිටිය රෙහානා වගේ එයා හිනා වුනා සැහැල්ලුවෙන්

"ඉතින් ඔයාට හිටියද ?"

"ම්ම් හිටියා තාමත් ඉන්නව මගේ නොවන මගේ ආදරේ "

මිනාගිට හිතා ගන්න බැරි වුනා හැම වෙලේම ගිනි පුක් ගාය වගේ කෑගහන කේන්ති ගන්න රෙහානා වන් සයිඩ් ලව් එකක් නිසා දුක්මුසු හිනාවක් පා කරලා යවනකොට

"ඉතින් මට කියනවද ?"

"මේ ඒකට වෙලාව නෙවේ මිනාගි දවසක් එයි අන්න එදාට මම හැමදේම කියන්නම් හැබැයි එතකන් මම අද මේ කියපු පොඩි දේත් රහසක් විදිහටම තියා ගන්න මම මැරුන දාට එළියට දාන්න "

"ඇති දැන් මැරෙන කතා කියන්නේ මොකද කියන්නේ තාම තිහ පැනලත් නෑ මැරෙන්න කතාව "

ආයෙමත් ඒ මූනට කොහෙත්ම ගැලපෙන්නැති හිනාවක් මූනට ගත්තම මිනාගි ඔරවගෙන එළිය බලාගත්තා කොටට

"අපි ආවා "

ගේට් එක ඉස්සරහින්ම රේන්ජ් රෝවර් එක නවත්පු රෙහානා ඒකෙන් බැහැලා ඇවිල්ලා මිනාගිට බහින්න උදව්ත් කරා

"ගන්න ඕනි ඒවා ඉක්මනට ගමු මට වැඩක් තියේ රෑට කරන්න "

"අහ් හරි මම සාරි දෙකකුයි ගවුම් දෙකකුයි අරගෙන දාගෙන එන්නම් "

"ම්ම්"

මිනාගි කකුලත් බැලන්ස් කරන් පරිස්සමට ගිහින් ඇදුම් ටිකත් පැක් කරලා ලෑස්ති උනේ රෙහානට පරක්කු වෙනවා කිව්ව නිසා එයා එක්ක යන්න

"ඔක්කොම ගත්තනේ ආයේ මගට ගිහින් ඤං පඤං ගාන්නෙපා උබට ගහනවා මම "

එක්කෝ රෙහානා මේ මරාගෙන මැරෙන ටයිප් එකේම ඉන්න එක හොඳයි එක අතකින් රෙහානා සීරියස් උනාම ඇගත් එක්කම රිදෙන්න ගන්නවා මිනාගිගේ

කොහොමෙන් කොහොම හරි දෙල්කද ට්‍රැෆික් එකවිනාඩි විස්සක් විතර .....ඒකේ තැප තැප ඉන්නකොට අහිංසක ආච්චි කෙනෙක් මිනාගිගේ ශටර් එක පැත්තට තට්ටු කරලා කන්න කීයක් හරිදෙන්න කිව්වා

මිනාගි සද්දයක් වත් කලේ නෑ එයාට සල්ලි දෙන්න ඕන හැබැයි එයා වොලට් එක ගෙනාවේ නෑ

"ඔය ලොකර් එකේ ඇති මගේ වොලට් එක අරන් රුපියල් දාහක් දෙන්න "

මිනාගිව ටක්කෙටම තේරුම් ගත්තා වගේ රෙහානා කියනකොට ට්‍රැෆික් ලයිට් නිවෙන්න කලින් දඩි බිඩි ගාලා පර්ස් එක ඇරලා දාහේ කොළයක් ගත්ත මිනාගි අර වයසක අම්මට ඒක දුන්නා

"අනේ මේ නෝනටයි මහත්තයටයි ජාති ජාතිත් පිං මගේ අසරන බඩ වියත රකින්න උදව් කරාට "

"ගංජා කසිප්පු ගහන්න බෑ ඕවගෙන් හරිද අම්මේ "

ගංජා...... කසිප්පු...... මේ වයසක අම්මා ......මේකිට මොංගල්ද ? මිනාගි එහෙම ලුක් එකකින් රෙහානා දිහා බැලුවම අර අම්මා හිනාවෙලා ඔලුව දෙපැත්තට වැනුවා

"අනේ නෑ මහත්තයෝ මේක මට වේල් පහකට විතර පිරිමහගත හැකියි ජාති ජාතිත් පිං "

"පාරෙන් අයිනට වෙන්න ආච්චි අම්මේ ඔයාව හැප්පෙයි "

"එහෙමයි නෝනා "

ඒත් එක්කම ගම්සභා මන්ඩපේ ට්‍රැෆික් ලයිට් එක කොල පාට උනා ගම්සභා හන්දිය පැන්නට පස්සේ මිනාගි කට ඇරියා හැබැයි ඒ කට ආයෙම වැහුනේ වහන්න ගිය පර්ස් එක අස්සේ දැක්ක ෆොටෝ දෙකක් නිසා

දැකලා පුරුදු ඇස් දෙකක් ඔව් මිනාගි දන්නවා මේ ෆොටෝ එකේ රෙහානා එක්ක ඉන්න අනික් කෙනාව ඒත් එක්කම සැකයක් නැති වෙන්න පර්ස් එක වහලා ආයෙම වොලට් එක ලොකර් එකට දැම්මා

"එයා ඔයාව අදුරගත්තේ නෑ "

"හාහ් හා එයාට මාව අදුරගන්න පුලුවන් උනානම් හෙට ඉඳන් මම ගවුම් අදිනවා "

රෙහානා විහිලුවකුත් කරලා හයියෙන් හිනා වුනාම මිනාගිත් හිනා වුනා දෙන්නම නාවින්නට එනකන් එකම විහිලුව ඇද ඇද හිනා වුනා හම්බෙලා මාස දෙකකටත් වඩා වැඩි ඇති ඒත් අද තමා මිනාගි රෙහානාගේ හිනාව දැක්කේ
කම්මුල් වල ගැහෙනවා රෙහානා හිනා වෙනකොටත් එතකොට අර ගොම.කොල පාට වගේ ඇස් ......ඒක පිස්සුවක් අපි කතා නොකර ඉමු ඒ ගැන

ඉතින් කොහොමහරි මිනාගිවත් වාහනෙන් බස්සපු රෙහානා යන්න හැරිලත් මිනාගි ගාවට ආවා

"මගේ පුංචි රහස රකිනවද ?"

"ජීවිතේ තියෙන තාක්කල් !"

"Can we be frinds "

"Of couese Reshni ..... As your wish "

හිනාවෙලාම හැරිලා යන රෙහානා දිහා බලාගෙන ඔළුව වනන ගමන් ඇගටත් එක්ක දැනෙන අමුතු වේදනාවට මිනාගි ඔලුව අල්ල ගත්තා

සමහර විට ඒක රෙහානා ගැන දුක් වෙන නිසා වෙන්නත් පුලුවන් නැත්තං වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවන.....

______________________________

පපුවත් එක්ක හිරිවැටිලා යන වෙලාවක හිත සනසගන්න මේ කොළඹ හරි හමන් තැනක් නෑ කිව්වොත් විශ්වාස කරනවද තාම හය වෙලත් නෑ නාවින්නෙන් කෙලින්ම හයිලෙවල් රෝඩ් දාලා පාදුක්ක පැත්තට වාහනේ එලවගෙන ආපු රෙහානා පන්නිපිටියේ බේස් නයිට් එකට ගිහින් වොඩ්කා එකක් අරගෙන වාහනේට නැග්ගේ යන්න තැනක්වත් අඩුම හිතාගන්න බැරුව අවුරුදු දහතුනක්.... අවුරුදු දහතුනක් රෙහානා මේ දුක මදි නොකියන්න විඳිනවා මේ ලගක් වෙනකනුත් ලොවට හොරෙන් හරි මේ දේවල් විදගත්ත රෙහානාගේ හැම සීමාවක්ම කඩන් යනවා පැත්තකින් රාජකාරි ජීවිතය තව පැත්තකින් යට ගිය අවනඩුවක් , ඒ ඔක්කොම පැත්තක දැම්මම තනි කෙල්ලෙක්...... අවුරුදු දහතුනක් ඉස්කෝලේ අට වසරේ ඉඳන් හරි හැටි දැනුම් තේරුමක් වත් නැතිව කරපු එයාගේ ඒකපාර්ශවික ආදරේ .....හරියටන කිව්වොත් එයාව මරන එයාගේ පණ පිටින් ඉන්න විස සහිත රෝස මල

දැන් සමහරු කියයි ඒක පාර්ශවික ලව්නම් මොනාද අවුරුදු ගනං ලව් කරලත් නැති වෙනවනේ කියලා

මම කියනවට ඒක විදලා බලපන් මචං එතකොට තේරෙයි වේදනාවේ තරම !

Rehana pov

මම දන්නෑ දැන් කොහෙට යන්නද කියලා මට ඕන උනේ කොහේහරි යන්න ඈතකට මට ඊයේ ඉදන්ම ඕන උනේ ඒක .....

අන්තිමට මම නැවතුනේ ඉංගිරියෙන් .... වැඩි සද්දයක් බද්දයක් නෑ නිවි හැනහිල්ලේ ඉන්න ඕන නම් එන්න ඕන මේ පැත්තට

පොඩි ඇලක් ගාවින් වාහනේ නවත්තපු මම බොනට් එක උඩට නැගලා වොඩ්කා එක කඩලා අරන් අමුවෙන්ම ගැහුවා ....ම්ම්ම් හිතුවද උගුර පිච්චෙනවා කියයි කියලා නෑ දැන් මට උගුරෙන් ලේ රහක් ආවත් අදුරගන්න බෑ ....

මම ෆෝන් එක අන්ලොක් කරලා එයාගේ ෆොටෝ එකක්දිහා බැලුවා

මම අහන්නේ මම ආසම මල උබට මගේ අතට එන්නැතුව වෙන කෙනෙක්ගෙම අතට යන්නම ඕන උනාද ?

එබ එදත් කලේ ඒක කවදාවත් ඇයි මගේ දිහා එහෙම නොබැලුවේ

ඒකත් මගේ අයියගේ අතට ...අනේ ඇයි යකෝ මම ගාවට නැතුව ඌ ගාවට යන්නේ .....?

මට කියපන් අයියා නිසා උබව අතාරින්නද නැත්තං උඹ නිසා අයියව අතාරින්නද ?

මම කොහොමද යකෝ එහෙම කරන්නේ එක බඩවැල කඩන් ආපු එකාට එහෙමෙයි කියලා අවුරුදු දහතුනක් තිස්සේ හිතේ ඉන්න උබව අමතක කරන්නේ කෝමද ?

උබට මතකවත් නැතුව ඇති ඒ කාලේ උඹ ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්නෙත් මගේ කම්මුල කිස් කරලා එහෙව් උඹ දොලහෙදි මම වෙනුවට අයියව තෝරගත්තේ ඇයි

එක්කෝ උබට තිබ්බා මට බලාපොරොත්තු දෙන්නැති විදිහට හැසිරෙන්න ....

වොඩ්කා එක සම්පූර්නෙන්ම බීලා ඉවර කරන ගමන් මම කල්පනා කරේ ඒ දවස එතකොට මම දොළහේ එයත් දොලහේ අපි හයේ ඉඳන් හොද යාලුවෝ ශෙහානි ගැන මට හැගීමක් ඇති වුනේ කවදද කොහොමද කියන්න මම දන්නෑ හැබැයි අට වසරේ ඉඳන් මට ඕනි උනේ එයාව මඒ ළඟ තියාගන්න

එයා ඒ කාලේ හරි හුරතල් බෝනික්කෙක් වගේ රත්තරන් පාට කොන්ඩෙත් වන වන මම ගාවටම වෙලා හිටියා හැමවෙලේම හැමදේකදිම මම නැත්තං එයාටත් බෑ මමම ඕන කියපු උඹ ඇයි වෙනස් වුනේ මගේ රෝස මල

හැමදේම පටන් ගත්තේ දොලහෙදි ශෙහානි මගේ ආශි එයා දැනන් හිටියා මට නිවුන් අයියෙක් ඉන්නවා කියලා ඒත් එයා දැකලා තිබ්බේ නෑ අපේ එක ගර්ල්ස් එකක් නිසා

දවසක් ඉන්වෙන්ටර්ස් ක්ලබ් එකේ වැඩකට රදීශ් අපේ එකට ආවම තමා උඹ එයාව දැක්කේ

මම හිතුවේ නෑ මගේම අයියා නිසා උඹ මාව අමතක කරයි කියලා

උඹ එදයින් පස්සේ අනන්ත වෙනස් වුනා ආශි උබ කොච්චර කිව්වත් නෑ කියලා උබ වෙනස් වුනේ එද  ඉඳන් උබ අයියා ගැන හොයන්න පටන් ගත්තා උඹ මාව ආශ්‍රේ කරා හැබැයි උබට ඕන උනේ මගේ අයියාත් එක්ක කතා කරන්න මාව මාර්ගයක් කරන්න

මට හැමදේම තේරුනත් උබනේ කියලා හිටියා හරි මම ගොනා උනා දැන් සතුටුද යකෝ

බෝතලේ බදාගෙන කියව කියව හිටිය මම අනික් පාර කකුල් දෙක පපුව ගාවට අරන් තද කරගත්තා

මම හැමදේම උඹ වෙනුවෙන් කාලයක් අරන් වෙනස් වුනා

ජිම් ගියා ඇග හදාගත්තා ආසාවෙන් වවපු කොන්ඩේ කැපුවා බයික් පැද්දා උබ ආස මොනාද ඒ හැමදේම කලා ඒත් උඹ වෙනුවෙන් මට මිනිහෙක් වෙන්න බෑ අන්න ඒ අඩුපාඩුව උඩ උඹ මට කවදාවත් ලං වෙන්නෙත් නෑ

උබට මතකද දන්නෑ එදා ජනී අහපු කතාවට උබ දුන්න උත්තරේ හැබැයි එදා අහම්බෙන් ඇහුන කතාව මට අද වගේ මතකයි ආශි

"ශෙහානි මේහ් "

"ඔව් කියහම් ජනී "

"උඹ මොකද රෙහා ගැන හිතන්නේ "

"එයා ගැන මොකක්ද ?"

"හරි එයා උබට කැමැති කිව්වොත් උබ මොකද කියන්නේ "

"මම ආස නෑ ඕවට ආසනැ කියන්නේ රෙහාට එහෙම ආස නෑ යාලුවෙක් විතරයි බං ඇරත් මම කැමැති එයාගේ අයියට "

"අඩෝ "

එච්චරයි මම දන්නවා උඹ මගේ ඇත්ත හැඟීම් දනන්වනම් අද මූනට වත් කතා කරන්නැ  කියලා ඒත් මමත් මනුසායෙක් මගේ ආශි

උබට ඇයි බැරි වුනේ එකම එක පාරක් මම වෙනස් වුනේ ඇයි කියලා හොයලා බලන්න  ?

අතේ තිබ්බ බෝතලේ එතනම පොලේ ගහපු මම මගේ කොන්ඩේ ඇද ගත්තා

මට තරහයි ඊට වඩා දුකයි අවුරුදු දහතුනක් මම ආදරේ කලා මම පිස්සෙක් වෙයි ආශි

මම පිස්සෙක් වෙයි !

එකම එක පාරක්වත් ඇයි මම දිහා අයියා දිහා බලනවා වගේ බැලුවේ නැත්තේ

හහ් මොකටද මම කෙල්ලෙක් නේ ඌ කොල්ලෙක් නේ

මට ඇති වෙලා අශි මට හරි මහන්සී අදටත් උඹ හිනාවෙනවා බලලා මම සැනසෙන අවස්ථා නැතුව නෙමෙයි

උඹ එදා ඉදන් ආස කලා වගේම ලගදිම හැමදේම හරියට ලස්සනට වෙයි !

බය වෙන්න එපා මම මිනීමරුවෙක් වෙලා හරි උබගේ ලස්සන ජීවිතේ තව ලස්සන කරනවා

උඹ අයියා එක්ක සතුටින් ඉන්නවා නේ ආශි .....මගේ ආශි අහ්ම් නෑ වැරදුනා අයියගේ ආශි

මම දන්නවා කොලේ වැහුවට දෙන්නා දෙන්නට කැමැති කියලා ඒ වගේම මම ලගදිම අන්තෙටම වැටෙන ඒ ලස්සන මැසේජ් එක මට ලැබෙනවා කියලත්

මට දුක නෑ මට සතුටුයි !

කිසිම දෙයක් නොදැනුනා ගානට හිටියට ඔයාගේ සමහර දේවල් පපු කඩාගෙන යන්නම වැදුනා !

දන්නවද ආශි !

බොනට් එක උඩ දිගෑදුන මම අහස දිහා බැලුවා අටටත් ලගයි ෆෝන් එක රින් වෙනවා මම ආන්සර් කරන්නෑ

ඔයා වගේම ලස්සනයි එයත් ඒත් මේ හිතේ ඔයාට තියෙන ඉඩ නෑ ඒක කාටවත් නෑ

ඇයි දෙවියන්ට බැරි වුනේ මාව කොල්ලෙක් කරන්න

උබට මාව අප්පිරියයි කියලා නේ එදා නොකිය කිව්වේ

අයියා අයියා අයියා මම ඌට වෛර කරන්නද ?

නෑ කවදාවත් නෑ ඌව නැතුව මට බෑ

මිනාගි හරි අහිංසකයි ඉක්මනට රැවටෙයි ඒකයි බයටම මම යාලුවෝ කියන ලේබල් එක ගැහුවේ හරියට ඔයා ඉස්සර කරා වගේ මතකද ?

උබට තිබ්බා බං මං ගැන හොයලා බලන්න

වාහනෙන් බිමට පැනපු මම බිදිලා තියෙන වීදුරු කටු ගාව දන ගහගත්තා

" උඹ මාව ආයේ නැගිටින්න බැරි වලකයි තල්ලු කෙරුවේ මගේ රෝස මල අදටත් අවුරුදු අටක් තිස්සෙත් මම බලනවා උබෙන් ඈත් වෙන්න උබව මගාරින්න ඒත් සැරින් සැරේ මගේ ඉස්සරහට ඇවිල්ලා ඇස් නටවලා කතා කරනකොට උබව අමතක කරන්නේ කොහොමද බං මම "

"එක්කෝ මට කියපන් උබව අමතක කරන බෙහෙත "

බිම තිබ්බ වීදුරු කට්ටක් අහුල ගත්ත මම අහස දිහා බැලුවා

තරුවක් කඩාගෙන වැටෙනවා !

මම උබව ඉල්ලන්නද කඩාගෙන වැටෙන තරුවෙන්

එක්කෝ එපා නේද එයාටත් එයාව දරාගන්න බැරි තැන කඩාගෙන වැටෙන එයාගෙන් උබව ඉල්ලන්න පුලුවන්ද මට !

ඇයි මෙච්චර අසරණ කරේ මාව මගේ ලස්සන සුරංගනාවී

උඹ වෙනුවෙන් මරු කටේ දැනටමත් මං උබට ගාණක් වත් නෑ ම්ම් කමක් නෑ උඹ සතුටින්නේ

මේ හැමදේම මාත් එක්කම වැලලුන දෙන් ඉවරයි එතකොට

ලගදිම ටිකට් එකත් ඇදෙයි මට හහ් හා

කඩාවටෙන තරුවෙන් උබව ඉල්ලන්න තරන් අසරන කරා උඹ මාව

ලබන ආත්මේ මගේ වෙනවද?

ඒ ආත්මෙත් අයියගේ වෙයිද බං උඹ ?

ඇයි මට මෙහෙම කලේ මගේ සුරංගනාවි .....

අතටම තද වුන වීදුරු කට්ටෙන් අත කැපෙනවට වඩා පැලිලා යනවා දැනුනත් ලේ ගලං යනව  දැනුනත් මුකුත්ම නොකරපු මම වාහනේ අරන් මේන් රෝඩ් දැම්මා

ලේ යනවා මට ගාණක් නෑ මම එළ කෙල්ලෙක් වෙඩි වැදිලත් බයික් එක පැද්දා ......

____________________________

පැලිච්ච අතෙන් ගඟක් වගේ ලේ ගලනවා ඒක කොච්චරද කිව්වොත් ස්‍ටියරිං වීල් එකට තද වෙලා තියෙන අත දිගේ බේරුන ලේ එයාගේ ක්‍රීම් පාට ශෝටෙන් පදාසයක්ම තෙත් කරලා දැනටමත්

ඒත් රෙහානා ......නෑ එයා හොද සිහියෙන් නෙමේ!

අඩුම තරමින් කඳුළු වලින් හරි එයාගේ වේදනාව පිටට ආවනම් එයාට මෙච්චරටම වේදනාවක් නැති වෙන්න තිබ්බා

නෑ කඳුළු දුර්වල කම කරන් ඉන්න එයාට අඩන එක පේන්න බෑ ඒකමයි එදත් මිනාගිව බදාගෙන අඩලා අන්තිමට අත ඇන ගත්තේ බිත්තියේ

හිතුනද රිදුනා කියලා නෑ එයාට රිදෙන්නේ ඇඟ පත නෙවේ එයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන සුරංගනාවි ඉන්න හිතයි එයාට රිදෙන්නේ

හැබයි එකක් තාම මහරගම තව කිලෝමීටර් දෙකහාමාරක් යන්න තියෙනවා ගෙදරට මේ වෙනකොට ලේ පනිට්ටුවකටත් වඩා කලිසමටත් උරගෙන වම් කකුලෙන් බාගයක් තෙමිලා මදිවට කකුල දිගේ බේරිලා ගිහින් කාපට් පවා තෙමිලා

"ඩෙකර්....... මේ දොර .....අරි..........න........වා මි........නිහෝ "

එලියේ ඉදන්ම කෑ ගහගහ කිව්ව රෙහානා වාහනේ ඇතුලට දැම්මේ විදුලි වේගෙන් එච්චරයි එතනින් එහාට එයාට කෙලින් හිටගන්නවත් පණක් තිබ්බෙ නෑ එහෙමෙයි කියලා එයා දිහාවට යක්ශ බැල්මක් දාන් ඉන්න ඩෑඩ්ව වගේම රොනාල්ව වත් ගනං ගත්තේ නෑ

"චූටි මගේ දෙවියනේ කෙල්ලේ "

"අනේ රෙශ්නි "

එලියට බැහැලා අඩියයි දෙකයි යන්න උනේ ගර්ඩ්න් එකට වෙලා පොතක් කියව කියව හිටිය මිනාගි එයාගේ ඉස්සරහට ආවේ ඇස් කටේ දාන් ඊබෙටම කෑත් ගැහෙනකොට 

ඒත් එක්කම මෙච්චර වෙලා අල්ලන් හිටිය හයිය එහෙම්මම කඩාගෙන වැටෙනකොට මිනාගිගෙම ඇගට වැටිච්ච රෙහානා අන්තිමේදි ලා හිනාවක් එක්කම ඇස් පියාගත්තා

"අනේ ආන්ටී මෙයා ෆේන්ට් උනාආආආආආආආ"

මිනාගි මහ හයියෙන් කෑ ගහනකොට රෙහානා දිහා කන්න වගේ බලන් හිටිය අය පවා දුවගෙන එතනට ආවේ බිස්නස් කෝල් එකක හිටිය රදීශ් පවා එතනට දුවගෙන එද්දි

දැනටමත් රෙහානාගේ තුවාල අත අල්ලන් හ්ටිය මිනාගිගේ අත දිගේ පවා ලේ ගලාගෙන යනවා

"අනේ රිචඩ් "

පපුවට අත තෙරපවගන්න ගමන් රිචඩ්ගේ ඇගට බර වුන ශෙරින්ට එතනම ෆේන්ට් උනේ ගලාගෙන ගියපු ලේ තොගේ දැකලා

"රොනාල් ඩොක්ටර් සමරදිවාකරට කෝල් කරන්න රදීශ් නංගිව උස්සලා ගන්න හරි අප් "

රිචඩ් ශෙරිනව උස්සලා අරන් ඇතුලට ගිහින් කාමරෙන් තිබ්බේ එයගේ හාට් එකට මේවා හොද නැති නිසා එයත් බය වෙලා ඉන්නේ පැත්තකින් වයිෆ් පැත්තකින් දුව !

"මොකක්ද ඕයි මේ කරගන්නේ "

රදීශ්ට වචන පවා පැටලුනා මේ වෙනකොට මිනාගිත් අඩනවා එයාගේ යාලුවා නිසා ඔව් යාලුවා නිසා

"අයියේ ඩොක්ටර් සමර දිවාකර කිව්වා ළඟ තියෙන රෙද්දකින් අත ඔතලා ලේ යන එක නවත්තන්න කියලා එයා එනකම් "

"මොකක් "

බරාස්ස්

ඇඳන් හිටිය තට්ටු තට්ටු තියෙන ලස්සන දනිස්සට යටින් තිබ්බ ගවුමින් වාටියක්ම ඉරුව මිනාගි රෙහානගේ අත වටේ ඒක එතුවේ රෙහානගේ ඔළුව එයාගේ උකුලට ගන්න ගමන්

"අනේ රදීශ් මෙයා සුදු මැලි වෙලානේ දෙවියනේ මගේ කෙල්ල !"

"රොනාල් ගන්නවා අයිසේ අර මිනිහට ආයෙම ......මොන ලබ්බේ රිංගලාද ඌ " ..........

____________________________________________________________

හායි 😒

කැසිල්ල වගේ නිසා තුන් වෙනි අප්ඩේට් එකත් ගෙනාව

දැන් ප්‍රස්න තියෙනවද ප්‍රස්න නෑ නේ බාගයක් විතර විසදුවා

ඕතර්ගේ සයිඩ් එකෙන් යන එක අවුල්ද ? 🙂

රෙහානා ඊලග එකෙන් මැරෙනවලු එහෙනම් අපි ගියා බායි බායි

මල් මිටක් අරන් එන්න හොදේ

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

යන්නාම් 🌝


මම ආසම මල අන්තිමට ඔබ මගේ නොවී ඔහුගේ වෙන්නයි යන්නේ  ❤️‍🩹

Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎

Continue Reading

You'll Also Like

85K 13.7K 86
පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්
226K 1.7K 9
အတုယူစရာမရှိပါ။ အသုံးအနှုန်းများမှာ 18+သာဖြစ်သည့်အတွက်အသက်ပြည့်မှဖတ်ရှုပေးပါရန်။
ELORA By osi yr

Non-Fiction

10.7K 1.9K 41
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...
110K 17.4K 54
💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්...