අදූර් || Yizhan

By RadhithReyshan

24.8K 3.4K 393

සීතලයි පොද වැස්සයි කියලා බලන්නේ නැතිව හොදට නාගත්තේ මේ ඔලුගෙඩිය ඇතුලේ තියන කුණු කන්දල් මතු පිටෙන්වත් හේදුවොත්... More

පෙරවදන
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20 (අවසාන කොටස)

Chapter 14

936 160 17
By RadhithReyshan

කෝල් එක කට් උන වෙලාවේ ඉදලා මම ඇති වෙන්න අඩුවා.... මම මගේ ජීවිතේ මීටත් වඩා පහලට වැටිලා තියන අවස්තා අනන්තවත් තිබුනත් කවදාවත් මේ තරම් මානසිව වේදනාවකට, කඩා වැටීමකට පත් වෙලා නෑ.... හැමදේටම වඩා මට දරාගන්න බැරි එයාට ලංවෙන්න බැරි නිසා..... අපි කොච්චර ලොකු කතා කිව්වත් ආදරේ කියන්නේ අයිති කරගෙන, හිර කරගෙන තියාගන්න එක නෙවෙයි කියලා සමහරක් වෙලාවට ඒවා සුරංගනා කතා කියලා හිතෙනවා... ආදරය හිතේ හැටියට විදින්න පුලුවන් අයිති කරගත්තට පස්සෙයි... මුලින්ම තමන්ගේ ආදරේ අයිති කරගන්න ඕනේ ඒ හැගිම ලගට වෙලා හිතේ හැටියට විදින්න නම්.... ඒත් මගේ හැගිමට ඒ කිසිම අයිතියක් නෑ...... ඉවසන් ඉන්න බැරිම තැන මම ආයමත් හතරට විතර අයියට කෝල් එකක් ගත්තා.....

"හොලෝ........"

"අයියා......"

"කියන්න මල්ලියා...."

එයා වේදනාව දරාගන කතා කරන්නේ කියලා දැනුනා... ෂුවර් එකට අපේ මිනිහා බෙහෙත් ටික වෙලාවට දිලා නෑ.... නැත්නම් මේ ආඩම්බරකාර පිස්සා දුන්නු බෙහෙත් බීලා නෑ.....

"ඔයා බෙහෙත් බිවිවේ නෑ නේද අයියා.... ඒකයි ඔය වේදනාව...."

"අතේ වේදනාව හිතේ වේදනාවට ලගින්වත් යන්නේ නෑ මල්ලි..... මට මුන් එක්ක ඉන්න බෑ දෙයියෝ... මාව මැරිලා යයි අනේ මාව ඇවිත් අරගෙන පලයන්න මල්ලියෝ.... මගේ මුලු ජීවිත කාලේම මම උබත් එක්ක ඉන්නම්......"

අයියා කිව්වදේත් එක්ක මගේ හුස්ම හිර කරගෙන කදුළු ඉස්සර උනා.... මට එච්චර පිනක් නෑ මගේ දෙයියෝ.... මේ හිගන්නට කුමාරයෙක් මාලිගාවෙන් අරගෙන පැල්පතට අරගෙන එන්න තරම් වාසනාවක් වත් වත්කමක් වත් නෑ..... මොකද මම දන්නවා රත්තරනේ උඹ දාඩිය ගදට පුදුම විදිහට අකමැතියි කියලා.... හැම වෙලාවෙම නාගත්ත ගමන් පිරිසිදුවට ඉන්නේ ඒකයි... එක ඇදුමක් එක පාරයි අදින්නේ... අපි වගේ ඩෙනිම් කලිසම් එහෙම හෝදන්නේ නැතුව පට්ට ගහන්නෙ නෑ.... එක පාරක් ඇන්දොත් අනිවාර්යෙන් ඊලග පාර හෝදනවා.... උඹට ඒසී නැත්නම් රෑට නින්ද යන්නේ නෑ.... උබට බස්වල ගිහිල්ලා පුරුදුත් නෑ.... බස් වල යන්න කැමතිත් නෑ... මිනිසුන්ගෙ ගදයි.... දාඩියයි... දූවිල්ලයි.... කන පැලෙන්න සද්දෙයි කියලා.... ඉතින් කොහොමද මගේ මැණික මම උඹව මලිගාවෙන් බස්සලා මේ පැලට එක්ක එන්නේ.... මම විදපු දුක් වලින් දශමයක් උබ විදලා නෑ.... උබට විදින්නත් බෑ කියලා මම දන්නවා..... කොල්ලෙක් උනාම ඕවට පුරුදු වෙන්න ඕනේ කට්ට කාලා තැනකට එන්න ඕනේ කිව්වත් උබ මලක් වගේ පිවිතුරු තැලිලා පොඩි නොවුනු කෙනෙක්..... උබව ආත්මාර්ථකාමීකමට මගේ ලගට අරන් ආපහු හිටියටත් වඩා දුකක් විදින්න දෙන්න බෑ.... උබේ ජීවිතේට එන හැම කරදරයක්ම මට ඇවිත් සතුට සැනසිම විතරක් උඹ ලග නතර වෙයන්..... මගේ එකම ප්‍රාර්ථනාව ඒකයි.... මට ඒක ඉටු උනොත් ඇති... මම දුර ඉදලා උඹ දිහා බලලා හිත හදා ගන්නම්.....

"ඇයි අයියේ මේ......"

"ප්ලිස් මට තවත් මෙහෙම ජීවත් වෙන්න බෑ බන්..... මට තවත් කාලයක් මේ හැමදේම දාරගන්න ශක්තියක් නෑ.... මගේ දරුවා පවු..... නැත්නම් මේ හැමදේම මම අතරිනවා දෙයියනේ....."

"අයියේ ඕක නතර කරගන්න ප්ලිස්.... මටත් තියෙන්නේ........"

මම කියන්න ගිය දේ ගිල ගත්තා.......

"මොකද්ද කියන්න ගියේ...."

"මුකුත් නෑ.... දැන්වත් කාලා බෙහෙත් බිව්වද......"

"මට කන්න දෙන්න විතරයි මිනිස්සු ඉන්නේ..... කවන්න කවුරුත් නෑ.... ඉතින් මම කන්නේ කෙහොමද..."

ඔන්න නාකි හුරතල් පටන් ගත්තා....

"අනේ මේ.... පොඩි බබෙක් වෙන්න එපා බන් අයියේ....... මොන මගුලක්ද...... ඇයි ඔහොම හැසිරන්නේ... ඔයාට ඔය විදිහට පිස්සු නටන්න බෑ.... ඔයා අප්පච්චි කෙනෙක්.... ඒක අමතක කරන්න එපා.... ඔයාගේ ඔලුවේ ලොකු වගකීමක් තියෙන්නේ...."

"මම අප්පච්චි කෙනෙක් වගේම මනුස්සයෙක් මල්ලි..... මගේ පුතාත් කොල්ලෙක්... පිරිමියෙක් විදිහට දවසක ඌත් තේරුම් ගනිවි පිරිමියෙකුගේ හැගිම් කොයි වගේද කියලා..... "

"අයියෝ මොනා කියවද මන්දා......."

"මගේ මුලු ඇගම රිදෙනවා මල්ලි.... ඉවසන්න බෑ සීතලයි........"

"අයියේ මට විනාඩියක් දෙන්න මම විරාන්ට කෝල් එකක් දාලා ඔයාට කෝල් එකක් ගන්නම්...."

"බලාගෙනයි තමුසේ මල්ලිට මොනා හරි කියලා තිබුනොතින්........"

"එහෙනම් පින් සිද්ද වෙයි ගිහින් බෙහෙත් බීපන් අයියේ...... "

"බෑ... දැන් බිව්වොත් බඩ දනවා... රෑටම මොනා හරි කාලා බොන්නම්....."

හරියට පොඩි එකෙක් වගේ දෙයියනේ... විකාර කරත්, හිතුවක්කාර උනත් ඒ දගකාර දඩබ්බර ගතිය මගේ පපුවටම දැනුනා..... මම සැර කරන කොට මෙච්චර සංවේදි විදිහට, හුරතල් විදිහට හැසිරෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.......

"මොකෝ උඹ නිදිද... අපරාදේ උඹට මම පඩි ගෙවන්නේ.... හිටපන් ඕවට මම උබේ පඩියෙන් අඩු කරවා..... අද හොරෙන් පැනපුවටයි ඔක්කොටොම...."

"හරි හරි කරන මගුලක් සනීප වෙලා ඇවිත් කරන්න..... ඊට ඉස්සේල්ලා මොනා හරි කාලා බෙහෙත් ටික බොන්න...."

"හරි හරි මේ ලොකු මල්ලි කතා කරනවා.... මම පහලට ගිහින් එන්නම්...."

"අයියේ මේ....."

මම කතා කරලා ඉවර වෙන්න ඉස්සේල්ලා ෆෝන් එක තියලා ඉවරයි...... අයියා කියපු හැම වචනයක්ම කන්දෙක ඇතුලේ දෝංකර දෙනකොට පපුව හිරිවැටිලා යනවා.... අනේ මට උඹව පන වගේ බලාගන්න පින නැතිව ගියානේ.... මම ආයේමත් කොට්ටේ අස්සේ මූන ඔබාගත්තා.....

"අනේ අම්මෝ අදූර්.... බලහන් රවුම් බෝල පස්සත් උඩ දාගන ඉන්න ලස්සන.... මුන් අපිවත් කොල්ලෝ ගහන්න හුරු කරවනවා..... පිස්සු හැදෙනවා ඉන්න විදිහට..... බිම දාගන අරින්නමයි හිතෙන්නේ....."

එක පාරම විරාන් වලත්ත කතා ටිකකුත් කියාගන කාමරයට කඩා පාත් වෙලා මගේ පස්සට හයියෙන් පාරක් ගැහැව්වා..... ඇත්තටම මම දන්නේ නෑ මම ඇදෙන් නැගිට්ටේ කොහොමද කියලාවත්.... පැනපු ගමන් මම අරූගේ බෙල්ලෙන් මිරිකලා අල්ල ගත්තා....

"ඈ... හුත්තිගේ පුතෝ.... මම උබට කිව්වා නේද අයියාට වෙලාවට බෙහෙත් ටික දීපන් කියලා..... ඔය  උඹ වෙලාව බෙහෙත් දීලා තියන හැටිද ආහ්....."

"ම්...ම්...ම්ක්...මොකද්ද යකෝ වෙලා තියෙන්නේ..... මගේ බෙල්ල අත ඇරලා ඉදන්..."

මම ඌව අත අරලා දැම්මා..... විරාන් ටිකක් වෙලාවක් නැමීගන හුස්ම අල්ල අල්ලා කැස්සේ මම ටිකක් තදින් බෙල්ල අල්ලගන හිටපු නිසා....

"කැහ්...කැහ්හ්..... අම්මෝ.....පිස්සු හැදිගෙන එනවද පකයෝ..... තව ටිකක් එහේ මෙහෙ උනා නම් උගුර දණ්ඩ මැදින්ම කැඩිල යනවා....."

"ඇයි උඹ දිමාන් අයියට බෙහෙත් ටික දුන්නේ නැත්තේ...."

"අයියෝ දෙයියනේ කීපාරක් කියන්නද... මම මිනිහගේ අතට බෙහෙත් ඔක්කොම දුන්නා... බොන්න ඕන වෙලාවලුත් කිව්වා... ඉතින් තව මොනාද මම කරන්න ඕනේ.... අතින් අරගෙන බෙහෙත් ටික කටට දාලා වතුරත් දීලා පොවන්නද කියන්නේ......"

අනේ දෙයියනේ..... ඒක නේන්නම් මම උඹට මගින් මගටම කිව්වේ දෙයියනේ.... ඇයි උඹට එක තේරුනේ නැත්තේ..... මම සද්ද නැතිව ඇදේ වාඩි උනා.....

"හරි..... හරි..... ඒවා හරි..... මේ ඇදුමක් දාගනින් අද අපේ ගෙදර යන්න..... හවස පොඩි පාටියක් දාමු කියලා අප්පච්චි කිව්වා...."

මට විරාන් කියපු දේ අල්ලුවේ නෑ..... මෙතන ඌ මට නොකියන මොකක් හරි දෙයක් තියනවා.....

"මොකද්ද බන් විශේෂත්වය.... උඹලා ලෙඩෙක් බලන්න ඇවිත් දැන් පාටිත් දාන්නද යන්නේ....."

"නෑ.... මේ.... ලොකු අයියට කෙනෙක්ව පෙන්නන්න ඕනේ කියලා අප්පච්චි කියනවා... ඉතින් ඒ ෆැමිලි එකේ අය හවස එනවා...."

අනේ අර අහිංසකයට උගේ පාඩුවේ ඉන්න දියන් දෙයියනේ කියලා මට කෑගහලා කියන්න හිතුනා....

"අනේ මට එන්න බෑ බන්... මම ඉන්නම්...."

මම කොහොමද ඒ අහිංසකයා පෝරකේට යනවා මගේ ඇස් දෙකෙන්ම බලාන ඉන්නේ.... මට යන්න බෑ.....

"ඇයි උබට එන්න බැරි..... උබ අපේ අයියට ලවුද...."

"ඔවු යකෝ..... ඔව්.... මම උබේ අයියට ආදරේ කරනවා තමයි.... ඇයි උඹ මොනා කරන්නද..."

විරාන් විහිලුවට ඇහුවත් හිතේ තිබ්බ ආවේගෙට මම මගේ හිතේ මෙච්චර කල් විදව විදව හිටපු දේ කෑගහලා කිව්වා..... මම දන්නේම නැතිව මගේ ඇස්වලින් කදුළු පැන්නා.... විරාන් කීයටවත් හිතපු නැති දෙයක් එක පාරම මගේ කටින් පිටවුනේ.... ඇත්තටම මම ඒ ආඩම්බරකාරයට ආදරය කරනවා...... විරාන් බය වෙලා මගේ දිහා ටිකක් වෙලා බලාන ඉදලා එක පාරම මාව තදින් බදාගත්තා......

"උඹ මගේ මස්සිනා වෙනට මම තරම් ආසා වෙන එකක් මේ කොහෙවත් නෑ...... ඒත් මට දැන් කියන්න තියෙන්නේ උබේ හිත වෙනදා වගේම ගලක් කරගනින් අදූර්..... නැත්නම් උඹ විනාශ වෙලා යාවි..... උඹ විසින්ම උඹේ වල කපා ගනියි... පිච්චෙනවා කියල දැන දැනම ගින්දරට ඇදෙන පලගැටියෙක් වෙන්න එපා බන්....."

"මමත් පලගැටියෙක් වගේම ඒ ගින්දරටම ආදරය කරලා ඒ ගින්දරෙන්ම පිච්චිලා මැරිලා යන්න ආසා කරනවා බන්......."

"ඇත්තද... එහෙනම් උඹ මෙහෙටම වෙලා හිටහන්...... මම යනවා....."

"බෑ...... අනේ ප්ලිස් මචං.... අයියාගේ අත හොද වෙනකම් හරි මට ඌව බලාගන්න අවස්ථාවක් අරන් දියන්... ප්ලිස්.... උඹට පින් සිද්දවෙයි....."

දරාගන්න බැරිම තැන විරාන්ගේ කකුල් දෙක බදාගන බිම වැටීගන එහෙම කියන කොට ඌටත් ඒක දරාගන්න බැරි උනා.... විරාන් එහෙම්මම බිමට නැමිලා විනාඩි ගානක් තදින් මාව බදාගෙන හිටියා.....

"පිච්චෙන්නනේ ඕනේ..... හරි යමන්.... ලෑස්ති වෙයන් ඉතින්......"

මම අතට අහුඋන අහු උන දේවල් බෑග් එකේ ඔබාගෙන වාහනේට නැග්ගා.....

මෙතෙක් කල් ජීවිතේ කිසිම දෙයක් කාගෙන්වත් අඩලා කරලා ඉල්ලා නෑ..... ලැබෙන්නේ නැත්තම් හිත හදාගන ජීවත් උනා මිසක්.... ජිවිතේ දන්න කියන තේරෙන කාලේ ඉදලා කාටවත් වදයක් වෙලා නෑ.... ඒත් ඒ නොකරපු නොවෙච්ච හැමදේම දිමාන් අයියා මගේ ජීවිතේට ආවත් හරි ඇති තරම් සිද්ද වෙන්න පටන් ගෙන වගේ කියලා මට දැනුනා.....

"බුදු අම්මෝ මේ මොකද බන් මේ..... මම කිව්වේ පාටියට අදින්න හොද ඇදුමක් අරගෙන එන්න කියලා.... උඹ නවතින්නම යන්න බෑග් එක පැක් කරගෙන වගේනේ...."

"මාව එලෙව්වත් බලෙන් හරි නවතින්නම යන්න තරම් මම අසරණ වෙලා බන්.... ප්ලිස් මාව තේරුම් ගනින්..."

"හරි... හරි... මම විහිලුවක් කලේ... අනික මට තේරුම් ගන්න තරම් ලොකු දෙයක් මෙතන නෑ.... මට ලොකු බයක් දැනෙනවා මේ හැමදෙයක්ම අවසානයේ උඹ ගොඩක් වේදනාවට පත් වෙයි කියලා..."

"මම දන්නවා.... ඒ දේ දැනගෙන තමයි මම මේ යන්න ලෑස්ති වුනේ.... මේක පිච්චෙනවා කියලා දැන දැනම පිච්චෙන්න බලාගන යන ගමනක්..... "

"හරි හරි විකාර කියෙව්වා ඇති.... යමු..."

"පොඩ්ඩක් හිටහන්.... මම රිද්මට කියලා එන්නම්....."

මම ඔෆිස් එකට ගිහින් රිද්මට කියලා... ආවා.... ඒත් මගේ පපුව වේගෙන් ගැහෙනවා වගේ දැනෙනවා... මට අයිති නැති දෙයක් වෙනුවෙන් මම මේ තරම් වේදනා විදින්නේ ඇයි කියලා මම මගේ පපුවෙන්ම ඇහැව්වා.... බැරි වෙලා හරි එයා මැරි කරන්න කැමති නම්... ඊට පස්සේ මම කොහොමද ජීවත් වෙන්නේ..... ජීවිතේ දලා යන අයට හරි ලේසියි.... මොකද හැමදේම එක මොහොතක අත ඇරලා යන්න සිද්ද වෙනවා කැමති උනත් නැතත්..... ඒ මොහොතේ දැනේන වේදනාව විතරක් අරගෙන යන්න තියෙන්නේ... ඒත් ජීවත් වෙන කෙනා ගාව ඉතිරි කරලා යන වේදනාව ජීවත් වෙන්න ගන්න හැම හුස්ම පොදක් පොදක් ගානේ ජීවිතේ එපා කරවනවා..... ඒ මිනිස්සු හැම තත්පරේම විදවනවා.... මටත් අන්තිමේට ඒ වගේ ජීවිතයක් තමයි උරුම වෙන්නේ.....

"මොකෝ බන් වෙලා තියෙන්නෙ.... බහින්න කල්පනාවක් නැද්ද...."

හිත කොයි තරම් දුරට අවුල් වෙලාද කියනවා නම් දිමාන් අයියලගෙ ගෙදර එනකම්ම දන්නේ නෑ.... මම වාහනෙන් බැහැලා ඇතුලට ආවේ හරියට පලවෙනි පාරට මේ ගෙදරට එනවා වගේ හැගීමකින්......

"අනේ..... මම ඒත් බැලුවා කවුද කියලා.... දෙයියනේ... එන්න... එන්න රත්තරනේ.... මම උදෙත් විරන් මහත්තයා එක්ක මතක් කලා.... නේද මහත්තයා...."

රානි අම්මා ඉස්සරහට ඇවිත් මගේ මූන අතගාලා කතා කරනකොට මට මාර විදිහට ඒක දැනුනා.... ඒත් මුලු ගෙදරම කියාගන්න බැරි විදිහට පාලුයි.....

"රානි අම්මා..... කෝ ගෙදර අනිත් අය......"

මම අහගෙන ඇතුලට එන කොට රානි අම්මා... ගැස්සිලා වගේ විරාන් දිහා බැලුවා.......

"ඔක්කොමලා මම හිතන්නේ අර අක්කලාගේ ගෙදර යන්න ඇති........ "

"එතකොට දිමාන් අයියා..."

" මහත්තයා ගියේ නෑ පුතේ.... අමාරුයි කියලා නතර උනා.... කාමරේ ඇති....."

"දරුවා කෝ රානි අම්මා....."

"දෙවනි මහත්තයා එක්කන් ගියා... "

මගේ හිතට ලොකු පාලුවක් වේදනාවක් දැනෙන්න ගත්තා... මේ ගෙදර මීට ඉස්සෙල්ලා එනකොට මගේ හිත පුරවපු සතුට හොරු අරගෙන ගිහින් වගේ..... මම හෙමිහිට උඩට ගියා.... අයියාගේ කාමරේ දොර ඇරලා... ඒත් කාමරේ කවුරුත් නෑ... මම ආපහු හැරිලා එලියට එන්න හදන කොට අයියා බාතෲම් එකේ ඉදන් ආවා....

"මල්ලි......."

ඒ හඩේ ලොකු වේදනාවක් පිරිලා තිබ්බා..... මම අතේ තිබ්බ බෑග් එක ඇදෙන් තියලා එයා ගාවට ගියා.....

"අනේ දෙයියනේ.... අයියේ ඔයාට හොදටම උණනේ..."

"උණ නෙවේ..... අයියේ උඹට උන දේ කියල කියහන් බන්... "

"මේ.... පිස්සු කෙලින්නේ නැතිව යමු බෙහෙත් ටිකක් ගන්න.... "

"මට බෑ බන්.... උඹවත් මට මගේ පාඩුවේ ඉන්න දියන්...."

"විකාර කරන්න එපා අයියේ.... මේ බලන්න.... ඇග ගොඩක් රස්නෙයි...... ගිනි කබලක් වගේ...."

"අනේ මගේ පාඩුවේ මට මැරෙන්නවත් උඹලා ඉඩ දෙන්නේ නෑනේ දෙයියනේ... මොන කරුම ජීවිතයක්ද මේක.... ඇයි උඹලා හැම එකාම මගේ ජීවිතේට මේ තරම් මැදිහත් වෙන්නේ... මට බෙහෙත් ගන්න යන්න බැරි නම් ඇයි පොඩි එකෙක්ට වගේ උඹලා සේරම මට වද දෙන්නේ..... ඇයි පොඩි එකෙක්ට වගේ සලකන්නේ......"

අයියා කෑ ගහ ගහ බනිද්දී මට දෙන්න උත්තරයක් නෑ.... මම අල්මාරිය ඇරලා අහුවෙන ඇදුමක් ඇදට විසි කරා.......

"විකාර කරන්නේ නැතිව මේක ඇදගන්න අයියේ...."

"ඇයි ඇදගත්තේ නැත්නම් උබ මොනා කරන්නද....."

මට කරන්න දෙයක් නෑ... උබේ ජිවිතේට බලපෑම් කරන්න මට ලෙකු ශක්තියක් නෑ...... මම කියන දේ උඹ සද්ද නැතිව කරන්න තරම් අපි අතරෙ ලොකු බැදිමකුත් නෑ...... කරන්න පුලුවන් උපරිම දේ අඩන එක විතරයි අයියේ..... මට එකපාරම ඇඩුනම අයියා බය උනා....

"අයියෝ මල්ලි..... ඕයි.... පිස්සෝ මේ බලහන්.... මොකද බන් මේ..... අනේ... අනේ... මේ කෙල්ලෙක් වගේ අඩන එක නතර කරගනින්කෝ......"

අයියා නැගිටලා ඇවිත් මගේ කරට අතක් දාලා උරහිසට තට්ටු කරන ගමන් කිව්වා....

"අනේ අපි බෙහෙත් ගන්න යමු අයියේ...."

අයියා ලොකු හුස්මක් හෙලුවා....

"උඹලා හැමෝම මගේ හුස්ම තද කරලා අල්ල ගන්නේ මගේ දුර්වලම තැනින් බන්.... එක අතකට ඒක උඹලාගේ වරද නෙවෙයි..... සීමාව ඉක්මවා අධි සංවේදි වෙලා ඉපදුනාම හැම මිනිහගේම හැගිම් වලට යටත් වෙන්න වෙනවා නිකම්ම.... අනිත් එකාගේ වේදනාව මගේ වේදනාට වඩා වැඩියෙන් දැනෙනවා..... අන්න ඒ දුර්වලකමම තමයි මගේ ජීවිතේ මේ තරමට මාව විනාශ කරලා දැම්මේ... මට මාව නැති වෙන තරමට හැමදේම සිද්ද වුනේ.... හරි හුස්ම වැටෙනකම් විතරයිනේ මේ හැම රෙද්දම.... යමන්..."

"මම එහෙම දෙයක්..."

"උඹලා හැමෝම හිතලා කරත් නොහිතා කරත් සිද්ද වෙන්නේ එකම දෙයයි..... හරි හරි ලැස්ති වෙමු... ගිහින් මූන හෝදගන ගෙන එන්න......."

මම මූන හොද ගෙන එන කොට අයියා බැරි මරගාතේ කලිසම දාගෙන.... ඇදේ කොනක තිබුන අයියගේ ටවල් එක අරගෙන මම මූන පිහද ගත්තා... එයාගේ ඒ පිරිමි සුවද ඒක පුරාම පිරිලා තියනවා කියලා මට දැනුනා........

"හරි යමු.... ආ... කාර් එකේ යතුර...."

"ඇයි දැන් මම ඩ්‍රයිව් කරනවට බය නැද්ද....."

"නෑ....."

"ඒක හොදයි..."

"නෑ උබේ ඩ්‍රයිවින් ගැන විශ්වාස නිසා නෙවෙයි නෑ කිව්වේ..... මම දැන් මැරෙන්න බය නැති නිසයි නෑ කිව්වේ......"

අනේ අම්මපා මට මූට ගහන්න හිතෙනවා මූන එකතැන රවුම් තුන හතරක් කැරකෙන්න..... මට හිතාගන්න බෑ..... මනුස්සයෙක්ට මේ තරමටම ජීවිතේ එපා වෙන්න පුලුවන්ද.....

මම පරිස්සමෙන් වාහනේ ගෙනිච්චා... වෙනදා පුරුදු ඩොක්ටගෙන් තමයි බෙහෙත් ගත්තේ.....අපි බෙහෙත් අරගෙන එන්න ආව...

"මල්ලි.... අන්න අර කඩේ ලගින් පොඩ්ඩක් නතර කරන්න කෝ......"

පාර අයිනේ පොඩි කදු ගැයක්ට මායිමේ තියන පොඩි තේ කඩයක් ලගින් මම වාහනේ නතර කලා....

"අදූර් බහින්න..... මම රිද්ම එක්ක ගොඩක් වෙලාවට එලියට ආවම කන්නේ මෙතනින්...."

හිතේ ඇතිවෙන ඊසියාවට මුකුත් කියන්නේ නැතිව මම අහක බලා ගත්තා.....

"මෙතන කෑම හරිම රසයි.... ගමේ විදිහට රසට තියනවා..... මොනා හරි කමුද....."

හිතේ තිබ්බ ඉරිසියාවට මට බඩගිනි නෑ අයියා කන්න කියලා මූව පොඩ්ඩක් රිද්දන හිතුවා... ඒත් මූ උදේ ඉදන් කාලා නැති නිසා කොහොම හරි මොනව හරි කව්වගෙන බෙහෙත් ටික දීගන්න තියන නිසා මම ඔලුව වැනුවා....

"මොකද මිනිහෝ කටේ පිට්ටුද..."

"කටේ පිට්ටු තියෙන්න ඔයා තාම පිට්ටු ඔඩර් කලේ නෑනේ...."

"අනේ.... මරු ජෝක් එක........ හරි හරි ඉන්නවා.... මොනාද තියෙන්නේ කියල පොඩ්ඩක් බලනකම්....."

අයියා කෑම ඕඩර් කරනකම් මම වට පිට ලස්සන බල බල හිටියා... යන්තමින් අදුරත් එක්ක වැටෙන පොද වැස්සේ ඒ පරිසරයේ අමුතුම ලස්සනක් තියනවා....

"මල්ලි අපි දෙන්නගේ වෙලාව තමයි.... කෑම ඉවර වෙලා..... දැන් තියෙන්නේ බිත්තර රොටි විතරයි... අපි බිත්තර රොටි කාලා තේ බිලා යමු...."

මම හා කියලා ඔලුව වැනුවා.... උඹ ගාව ඉන්න කිසිම මොහෙතක බඩගින්න දැනේන නෑ අයියේ... සමහරක් විට බඩගින්න නැති කරන්න තරම් දරුනුවට පපුවට ගින්දර දැනෙන හින්දා වෙන්න ඇති......

"කමු.... එන්න......"

පිගානක් පිරෙන්න පොඩියට කපලා දාලා තියන බිත්තර රොටී කෑලි වැහෙන්න අයියා චිකන් කරි එකයි පරිප්පුයි කරි එකයි දැම්මා... මාරම සුවදයි.... එහෙම කරලා මගේ ඇස් දිහා බලාන හිටියා... උඹ පුලුවන් නේද මට කවන්න කියලා කියන්න වගේ....

"හරි ඉස්සෙලාම මේ වතුර ටික බීලා ඉන්න..... නැත්නම කටක් දෙකක් කන කොට හිරවෙයි...."

මම නිකමට වගේ අයියා ගැන දැනුන දැකපු දෙයක් කිව්වේ..... ඒත් එයා මාර විදිහට ගැස්සිලා මගේ දිහා බැලුවා..... බලන් ඉදලා දීපු වීදුරුවෙන් වතුර උගුරක් බීලා මගේ දිහා අමුතු විදිහට බැලුවා......

"උඹ හරි භයානක මිනිහෙක් බන්... අම්මෝ.... මෙච්චර කාලයක් රානි ආන්ටි තමයි මගේ ලගින්ම හිටියේ... ඒ මනුස්සයාවත් දන්නේ නෑ මම කන්න හදන හැම වෙලාවකම වතුර බොන්න අමතක උනාම හිරවෙනවා කියලා...."

මටත් කියන්න දෙයක් නෑ.... ඒක වෙන්න ඇති මට උඹව මටත් වඩා දැනෙනවා කියන්නේ අයියේ..... මම එයා කියන දේ ඇහුනේ නැති ගානට කවාගෙන ගියා..... පොඩි එකෙක් වගේ රස කර කර කන විදිහ දැක්කම බලාගන ඉන්න හරිම ලස්සනයි....

"මල්ලි... සොරි මේ වම් අතින් වුනාට...."

එක පාරම අයියා ලග තිබ්බ බෝල් එකෙන් අත හෝදගන මටත් කටක් කවන්න අත දික් කලා... මට හිතා ගන්න බෑ අයියා මට කවනවා කිව්වම...... උබේ කිසිම දේක කැතක් මට දැනෙන්නේ නැතිකොට මොන අතින් කැව්වාම මොකද.... මම සද්ද නැතිව කවපු කට කැවා.... පපුව හිරකරගෙන යනවා වගේ දැනෙනවා.... මට උඹ නැතිව ජීවත් වෙන්න බැරි තරමට ලංවෙන් බයයි අයියේ..... මට මෙහෙම ඈතින් ඉන්න ඉඩ දියන්..... මම උබෙන් ඉල්ලන්නේ එච්චරයි...... මොකද මම මැරි මැරි හරි තව කාලයක් ජීවත් වෙන්න ඕනේ.... උඹ ගෙදරින් හොයන අක්කට කැමති උනොත් උබ නෑ කියලා මේ ජිවිතේ මට බලෙන් නැති කරගන තවත් පව් පුරවගන්න බෑ..... උබ නැතිවුනා කියලා මම සියදිවි හානි කරගත්තොත් මට සංසරේ කල්ප ගානකට ආයෙත් මනුස්සයෙක් වෙන්න බැරිවෙයි.... මට කල්ප ගානකට ආපහු මතු ආත්මෙක හරි උඹව හොයාගෙන මෙ අනන්ත වූ සසරෙදි එන්න බැරිවෙයි.... මේ වේදනාව, තනිකම මේ ආත්මය පුරාම ගෙවලා දාලා මම ඊලග ආත්මෙක උඹේම වෙන්න පතාගන උඹවම හොයාගෙන එනවා.....









✍️-RR-✍️

කතාව කියවන, වෝට් කමෙන්ට් කරන හැමෝටම ස්තුතියි. 🙏🙏🙏

අදහසක් කියාගන යන්න. ❤❤❤

Continue Reading

You'll Also Like

324K 6.5K 42
𝘴𝘶𝘮𝘮𝘦𝘳 𝘥𝘳𝘦𝘢𝘮𝘴 𝘳𝘪𝘱𝘱𝘦𝘥 𝘢𝘵 𝘵𝘩𝘦 𝘴𝘦𝘢𝘮𝘴. 𝘣𝘶𝘵, 𝘰𝘩, 𝘵𝘩𝘰𝘴𝘦 𝘴𝘶𝘮𝘮𝘦𝘳 𝘯𝘪𝘨𝘩𝘵𝘴 Beatrice May Henderson is a normal...
1.8K 211 11
මට මතක් උනේ ඒ නපුරු ඇස් දෙක... අදටත් දන්නෙ නෑ ඇයි එයා මට මෙච්චර නපුරු කියලා... ඒත් ඒ නපුරු ඇස් දැනටම මාව පිස්සෙක් කරලා ඉවරයි... ඒ ඇස් දෙක නම් මට කවදා...
6.8K 262 7
{Buzz Lightyear x Reader} Y/n of Tangea, a Galactic Princess Warrior from Andy's favorite movie (Lightyear), was gifted as an early present from his...
762K 28.2K 103
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...