මානස (Completed)

By NirMad238

58.9K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

2

1.3K 257 146
By NirMad238

"Good morning අයියේ!
හොඳට පාඩම් කරන්න.
Congratulations!
Good luck!
God bless you!
Good bye!"

මං හැදුවෙ ආයෙම බැල්කනියෙන් එහා පැත්තට හැරිලා ගෙදර දුවන්න. මේ ඌරු තඩියා මාව කෑමටවත් ගත්තොත් නැත්තං. ඒත්,

"ආ...ව්!"

මේ යකාත් අපේ අම්මා වගේම කන ඇඹරුවා අනිත් පැත්තටම.

"උඹ හොරෙක් නේද?
ගෙදර කවුරුත් නැති වෙලේ ගේ අස්සට පනින්න නේද හැදුවෙ?"

"න්.. නෑ අයියෙ!
මං.. මං මේ ළමයෙක්!"

"ළමයි බැල්කනි දිගේ ගෙවල්වල්ට එනවද? උඹ ඇවිල්ලා හොරෙක්!
මෙන්න මෙහේ එනවා.
I should call the police!"

මේ ධ්‍යාන්කාරයා ඉස්කෝලෙ 6ට යනකල්ම රටනෙ ඉඳලා තියෙන්නෙ. ඒ නිසා මූ සිංහල කතා කරන්නෙත් අමුතුවට. ඒ අස්සට ඉංග්‍රීසි කෑලිත් දානවා. හරිම පොශ් කියලා තමයි පෙන්නන්න හදන්නෙ!
මේවා ඇවිල්ලා මල විකාර!

"නෑ නෑ අයියෙ!
සද්දයක් ඇහුනා.
ඒකයි මං ආවෙ. ගෙදර කවුරුත් නෑ කිව්වනෙ අම්මා ඊයෙ.
ඒක නිසා මේ කරදරයක්වත්ද කියලා බැලුවෙ"

"අම්මා? ඇයි උඹලගෙ පවුලම හොරුද?
අනික උඹ කවුද? මං කලින් උඹව දැකලත් නෑ. අර oliver twist එකේ වගේ ගෙවල් කඩන්න ආපු එකෙක් නේද උඹ?
කියනවා ඉතින් මොකාද වගේ බලං නොයිඳ!
Or shall I call the police?"

යකෝ මූ!!!
දවස් ගනන් මේ ගේ අස්සෙම ලැගගෙන හිටපු මාව දන්නෙ නෑ කියන්නෙ!
මුදුම ප# ලයින් තමයි මේව නම්!
හැබැයි එක්කො මුගේ ඔළුව විකල් වෙලා ඇත්තෙ දැන් විභාගෙ ගැනම හිත හිත ඉඳලා. ඒ නිසා වෙන කිසිම දෙයක් ඔළුවට යන්නෙ නැතුවැති.
පව් අසරණයා!

හැබැයි ඒවා මේවා කොහොම වුනත් දැන් නම් එන පොට හරියන්නෙ නෑ. පොලීසියට කිව්වත් කමක් නෑ. අපේ අම්මා මේවා දැනගත්තොත් මං විනාසයි.
බයටම මගේ ඔළුව කැරකෙන්න වගේ ගත්‍තා. අත පය පණ නැති වෙලා මං බිමටම ඇදගෙන වැටුනා.

"Hey! Get up little man!
මාත් එක්ක සෙල්ලම් කරන්න එපා!"

අනේ වැඩේමයි මේ ඌරු මොටා එක්ක සෙල්ලම් කරන්න! පොත්වල කුරුටුගාන එක ඇරෙන්න වෙන මොනාද දන්නෑ මේ අලි ඔළුවා දන්නෙ? පුටුවක වාඩි වෙලා පස්ස රත් කරගන්න දන්නවා ඇති ඕන්නං.

ඇත්තටම දැන් මට ගොඩාක් මහන්සියි. ඒකයි බිම වැටුනෙ. තට්ටු හයක් ගෙයක් දිගේ උඩට බඩගානව කියන එක ලේසි වැඩක් නෙමේනෙ ඉතින්.

"Ayye, I'm so tired.
Can I have some water?
Please...!"

මං පුළුවන් තරම් අහිංසක විදියට ඇහුවෙ. පුස් ඌරා මගේ දිහා හොඳට බැලුවා. මං බිම වැටීගෙනම බැගෑපත් විදියට බලාගෙන හිටියා.
ඊට පස්සෙ ඒකා කාමරේ ඇතුලට ගිහින් මොකද්දෝ ෆෝන් එකක් උස්සලා කනේ තියාගත්‍තා.

මගෙ දෙයියනේ!
මූ එතකොට මැරෙන්න පණාදින එකාට වතුර උගුරක්වත් නොදී පොලීසියටද කතා කරන්න යන්නෙ?

මගේ super powers activate වුනා. එකාපාරටම දුවගෙන ගියපු මං බැල්කනියෙන් පැන්නෙ පියාඹගෙන වගේ.

"Hey thief!
පැනලා ගියාට වැඩක් නෑ.
මං උඹව හොයාගන්නවා!!!!"

පිටිපස්සෙ ඉඳගෙන lex luthor කෑගහනවා. ඒත් supermanව පරද්දනවා බොරු!

හුලඟ කපා ගෙන මං ජෙට් එකක් වගේ ඉස්සරහට ඇදුනෙ.
"වි..........ශූ.........."
කෝමද මං පියාඹගෙන යද්දි එන සද්දෙ!

හැබැයි මං ආපු ගැම්ම බල්ලට ගියේ කම්බි ටික දාපු තැනට ඇවිත් බලද්දි එතන ලකල් තියා ඒකගෙ අවතාරෙවත් නැති වෙද්දි.
අර පුස් ඌරු lex luthorගෙ සාප මෙව්වා.

දැන් තනියෙම කොහොම හරි මේක දිගේ එහා පැත්තට බඩගෑමක් තියෙන්නෙ.
ඒත් එක අවුල්!
මං කම්බි ටිකට උඩට නගිද්දිම ඒවා නැවෙනවා. එහා පැත්තෙ කොනෙන් බිමට වැටෙන්න බලනවා. මොකද ඒ පැත්තෙ ටික කොටයි. කලින් ලකල් අල්ලං ඉද්දි ලොකු ගේමක් නොතිබ්බට දැන් මේක හරි භයානක වැඩක් වෙලා තියෙන්නෙ.

ඒත් supermanව පරාද කරන්න කාටවත්ම බෑ!
මොනා හරි කරලා මගේ පණ කෙන්ද බේරගන්න ඕනෙ දෙයියනේ!

පුස් ඌරගෙ ගෙදර තාප්පෙටත් වීදුරු කටු ගහලා තියෙන්නෙ. ඕකට පැන්නොත් පිටගැස්ම හැදිලා මැරෙන්න වෙන්නෙ. ඉතින් බැල්කනියෙ තිබ්බ තවත් මල් පොච්චියක් උස්සලා මං දමලා ගැහුවා තාප්පෙ වීදුරු කටු ටික aim කරලම.

"Hey thief!
ඔහොම ඉන්නවා!
දැන් මං කෙසේ වෙතත් අපේ අම්මි නම් උඹව කෙලිම්ම jail එකට යවලා තමයි නවතින්නෙ!!!"

Lex luthor පිටිපස්සෙ ඉඳන් බෙරිහන් දෙනවා. ඒත් ඒවා කොහෙද?
මේ Superman බය මැක්කෙක්වත් නෑ මේ රටේ.
මං තාප්පෙට පැනලා එතනින් බිමට පැන්නා. අලුතෙන් හදන ගේ අස්සට රිංගගෙන හැංගුනා.

"Little man, ඕකෙද උඹ ඉන්නෙ?
බලං ඉඳපං, තව ටිකකින් police jeep එක එනකල්. I have already called them!!!"

පුස් ඌරගෙ සද්දෙ කන් දෙක පුරාම දෝංකාර දෙද්දි මං අපේ ගෙදරටම දිව්වා. වෙලාවට අම්මා කුස්සියේ. නැත්තම් කකුල්වල සිමෙන්ති පිටින් ගෙට ආවා කියලා කොහොමත් මාව මරනවා.
ඉතින් කෙලීම්ම මගේ කාමරේ අස්සට පැන්න මං රෙද්දකුත් පෙරෝගෙන නිදාගත්තා. කකුල් දෙකත් රෙද්දෙම අතුල්ල ගත්තා.

සූටි පුතාට උණ හැදිලා!
අද දවසම හිටියෙ කාමරේ!
.
.
.
.
.
.
.
.
.
.
.
.
නිවාඩුවෙ ඉතුරු දවස් ටිකත් ගෙවුනෙ හෝන්දු මාන්දුවෙන්. Superman වැඩි පරිස්සම තකා ගෙවල් ඇතුලෙ ඉඳන්ම සෙල්ලම් කරන්න පුරුදු වුනා. හොඳ මිනිස්සුන්ටලුනෙ කරදර වැඩිම. මටත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්.
නපුරු බලවේග හැමතැනම!
Superman වුනත් පරිස්සම් වෙන්න ඕනෙ කාලයක් මේක.

නිවාඩුව ඉවර වෙන්න ලං වෙලා දිදුනිලා ගෙදර ආපු දවසෙ නම් මට බඩේ අමාරුවක් හැදුනා. ටොයිලට් එක අස්සෙමයි හිටියෙ පැලවෙලා. කෝපි බීලම මගේ බඩවැල් ගැටගැහීගෙන එන තත්වයක් තිබුනෙත්. ඒ ඇරෙන්න වෙන මොකුත් ප්‍රශ්නයක් නම් වුනේ නෑ හැබැයි. යහපත් බලවේග අඳුර පරාජය කරයි කියන්නෙ ඒකනෙ.

ඉතින් අන්තිමේ ඉස්කෝලෙ පටන් ගන්න දවසත් ආවා. Superman දැන් හතේ ලොකු කොල්ලෙක්!
පට්ට ගැම්මක්!
අපි ඔක්කොමලා දැන් ලොක්කො වෙලා ඉන්නෙ.
හැබැයි අර පුස් ඌරා නම් තාමත් දොළහෙමයි. හොඳ වැඩේ ගෝනි බිල්ලෙක් වගේ අහිංසක ළමයි බය කරනවට. දැන් ඌට වඩා පහයි මං අඩු. පොඩ්ඩ පොඩ්ඩ ඔය ගැප් එක අඩු කරගෙන ගිහින් මං ඌව පහු කරලම දානවා. එතකොට එයි අඬාගෙන මගේ පස්සෙන්
"Superman! Help me...."
කියාගෙන.
පයින් ගහලා එලවන්නෙ එදාට පයින්!

ඒ අස්සෙ දැන් ඒ පුස් ඌරා මාව දැක්ක දැක්ක තැන වෙනම ලයින් එකක් දෙන්නෙ. ඇඟිලි දෙකක් උගේ ඇස් දෙකට දික් කරගෙන ඊලඟට ඒක මගේ පැත්තට දික් කරනවා.
ඇහැටුල්ලා!
මගේ powers activate වෙනකල් ඉන්නවකො. ඔය ඇස් දෙක උගුල්ලලා සුප් හදලා බොන්නෙ මං!

කොහොම හරි ඉතින් පළවෙනිම දවසෙ අලුත්ම uniform එකත් ඇඳගෙන මං ඉස්කෝලෙ ගියා. කොච්චර වැදගත් මිනිස්සු වුනත් අපි car වල යන්නෙ නෑ. අපි පොළවෙ පයගහලා ඉන්න මිනිස්සු!
ඔය බයිසිකල් කටු වලිනුත් අපිට වැඩක් නෑ. ඒවා හොඳයි චීස් කාලා කාලා බඩ තඩියො වෙච්ච පුස් ඌරොන්ට!
Superman යන්නෙ පියාඹගෙන!
'වී.....................ශ්.............."

අද ඉතින් ලොකුවට උගන්නන දවසක් නෙමෙයිනෙ. උදේ වරුවෙම ටීචර්ස්ලට ස්ටාෆ් මීටිං. දවල් වෙන්න ආපු අයත් කලේ නිවාඩු කාලෙ ආගිය විස්තර කතා කර කර හිටපු එක. පන්තියත් අලුත්. ටීචර්ස්ලත් අලුත්. ඉතින් අපිට මුට්ටිය දාලා ශේප් කරගන්න බලාගෙන විහාර මහා දේවිගෙ නංගිලා වගේ කට්ටියගෙ කතාව. ඕවට රැවටෙන කොල්ලො ඉන්නවා නම් බැරියැ ටීචර්!

ලොකු අවුලක් නැතුව ගෙවීගෙන ගිය උදේ වරුවෙම අපි කලේ කාපු එක. එක එකාගෙ ගෙවල්වල බත් එක එක රහ. ඉතින් හොඳට වෙලාව අරන් ඒ ගැන විශ්ලේෂණය කරන්න ඕනෙ. ඒ නිසා බත් ගෙඩි පිටින් කටේ ඔබාගෙන අපි රස පරීශාව කරන්න පටන් ගත්තා.
ඒත් කරුමෙ කියන්නෙ interval එක වෙද්දි කන්න රම්පෙ කෑල්ලක්වත් ඉතිරි නොවෙච්ච එක.

මෙහෙම බඩගින්නෙ ඉන්නෙ කොහොමද හැදෙන වැඩෙන super herosලට? ඉතින් අතේ තිබ්බ සන්තකේම එක්කහු කරගෙන අපි ගියා කැන්ටිමට.

අම්මෝ!!!
එතනනෙ ජනගහන වර්ධනය සිද්ද වෙන්නෙ!
අර ඇමීබලා වගේ කට්ටිය දෙගුණ තෙගුණ වෙවී යන්නෙ. මාත් කෝම හරි අස්සට ඔළුව ඔබාගෙන රෝල්ස් එක්ක යෝගට් ඩ්‍රින්ක්ස් ගත්තා අපේ සෙට් එකටම.
අරන් ඉතින් එතනම එලියෙ ඉඳන් කන්න තමයි ගත්තෙ.

ඒත් ඒ එක්කම මගේ මොලේ ඇතුලෙ ලයිට් එකක් පත්තු වුනා. මං නම් කැලෑ කපාගෙන ඉස්සරහටම ගිහින් මුන්ට කෑම හොයාගෙන ආවෙ, උන් ඒ වෙනුවෙන් මට කෙළෙහිගුණ සලකලා උන්ගෙ යෝගට් ඩ්‍රින්ක්ස් වලින් බාගෙ බාගෙවත් දෙන්න ඕනෙ නේද අඩුමගානෙ?

ඉතින් මං රෝල් එක කටට දෙකට ගිලලා දාලා යෝගට් ඩ්‍රින්ක් එකත් ගුඩු ගුඩු ගාලා බීලා දැම්මෙ අනික් එවුන් ඇස් උඩ තියාගෙන මගේ දිහා බලං ඉද්දි.

"අඩෝ මේ! අරක අස්සෙ රිංගන්න ගිහින් මගේ ශක්තිය සම්පූර්ණයෙන්ම වැය වෙලා තියෙන්නෙ. ඒ නිසා උඹලගෙ යෝගට් ඩ්‍රින්ක්වලින් බාගෙ බාගෙවත් දීපල්ලා මට. නැත්තම් මෙතනම මාව ඇදගෙන වැටෙන තත්වයක් තියෙන්නෙ!"

ඒත් මට ඉන්නෙ අපායගාමී මිත්‍රයොද කොහෙද! එකෙක් නෑ අසරණ වෙච්ච වෙලාවට පිහිට වෙන්න!

"ඇයි දැන් ගිය අවුරුද්දෙ මං කොච්චරක් ඕක අස්සෙ රිංගුවද? එතකොට උඹ මට වැඩිපුර දුන්නෙ නෑනෙ?"

"උඹට සල්ලි මදි කියලා මගෙන් රුපියල් විස්සකුත් ගත්තා නේද බල්ලො අද? දැන් එතකොට තව මගේ ඒවයිනුත් බාගෙ බාගෙ දෙන්නෙ මොන මගුලටද?"

"උඹට මාසයක් බඩයන්න ඕනෙ අසරණයගෙ යෝගට් ඩ්‍රින්ක් එකට කෙල හලනවට!"

ඔන්න කලණ මිතුරු ඇසුර!
එකෙක් නෑ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න දන්න. ඒත් superman ඕවට සැලෙන්නෙ නෑ. ඩිනාල් ගේ අතේ තිබ්බ යෝගට් ඩ්‍රින්ක් එක මං මගේ පැත්තට අදින්න ගත්තෙ ඌ ඒක උගේ පැත්තට අදිද්දි. මහ කුණු ලෝබයෙක් මූ නං.
මාත් ගේම අතෑරියෙ නෑ. ගැම්ම දාලම ඇද්දා.
ඒත් මේ ලෝකෙ අපි වගේ අහිංසක ළමයින්ට කිසිම සාධාරණයක් සිද්ද වෙන්නෙ නෑ!

බෝතලේ එකපාරටම අපි දෙන්නගෙම අත් වලින් අතෑරිලා විසි වුනා. හැබැයි බිමට වැටුනත් ඔක්කොම හැලෙන්නෙ නෑනෙ. ටිකක් හරි ඉතුරු වෙනවා. මං හැදුවෙ දුවලා ගිහින් බෝතලේ අහුලගෙන ඉතුරු ටික බොන්න.

ඒත් ඒ එක්කම ඇහුනෙ

"හහ් හහ් හා!!!!
අඩෝ නෝ!!!"

කැකිරි නෙමේ කුණු බිත්තර පලන හිනාවක්!
ඒ මොකාටද ඒ එච්චර ගඳ කටක් තියෙන්නෙ කියලා මං හැරිලා බැලුවෙ. ඒත් හැරිලා බැලුවෙ වැරදිලා.
ඒක delete කරලා දාන්න ක්‍රමයක් නැද්ද?

මොකද අපේ ලඟ හිටියෙ පුස් ඌරා!
ඌ ඔළුවෙ ඉඳන් යෝගට් නාගෙන!

"අඩෝ ධනා උඹට control නැති වුනාද?
ඇද්ද වේගෙට ඉස්ම ටික ඔලුවටම බේරුනාද?
හහ් හහ් හා!!!!"

කුණු බිත්තරයා තවත් හිනා වෙනවා. උගේ කටට ඔබන්න බැරි වෙයිද දන්නෑ ටොයිලට් එක සුද්ද කරන්න ගන්න brush එක ගෙනත්!

එහෙන් පුස් ඌරා මාව කන්න වගේ මං දිහා බලං ඉන්නවා.
Superman කවද්ද lex luthorට බය වුනේ. මාත් ගැම්මට හිට ගත්තා සීරුවෙන්ම.
අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඇහිපිය ගැහුවෙත් නෑ. එහෙම තමයි සතුරා අඩපණ කරන්න ඕනෙ. මගේ ඇස් වලින් මං laser beams විද්දෙ.

හැබැයි දැන් මුගේ මොළේ විකල් වෙලා විභාගෙ ෆේල් වුනොත් ඒකෙ පව මගේ පිටින් යයිද දන්නෙ නෑ. ඒ නිසා මං මගේ power එක පොඩ්ඩක් විතර අඩු කලා. නැත්තම් අද මේකා මෙතනින් යන්නෙ අන්ධයෙක් විදියට!

"Sorry අයියෙ sorry!
අපි දැක්කෙ නෑ."

ඒ අස්සෙ ඩිනාල්කාරයා අරූගෙ ඉස්සරහා වැඳ වැටෙනවා. අනේ මෙහෙමත් ලැජ්ජ නැති කමක්. අපේ අතේ කිසිම වරදක් නෑ. මේ පුස් ඌරා දැනගන්න ඕනෙ තමන්ට අයිති තැන්වල ඉන්න රට පුරා කරක් ගහන්න නොගිහින්. මෙතෙන්ට මුලින්ම ආවෙ අපිනෙ!

ඒ එක්කම බෙල් එකත් වැදුනා. දැන් පන්තියට දුවන්නත් ඕනෙ. මං හැදුවෙ මූට බුකෝගෙනම ඉන්න කියලා පන්තියට දුවන්න. ඒත්,

"ආ...හ්!"

ගොන් තඩියා දැම්මෙ නැද්ද මට කකුල් මාට්ටුවක්. ඉන්න බෑ වැටිච්ච පාර supermanගෙ කකුලත් වැදුනා. ලේත් එනවද මන්දා!
මේ පුස් ඌරට හැදෙන්න ඕනෙ අර්ශස්!!!!

මං ඔරවලා බැලුවෙ ඒකගෙ දත් ටිකම බඩට යවන්න අතත් මිට මොලෝ ගන්න ගමන්. වටේ පිටේ කිසි සද්දයක් නෑ. ඔක්කොම slow motion film එකක් වගේ. කොටිම්ම ගහකින් වේළිච්ච කොලයක් බිමට වැටුනා. ඒකත් වුනේ ලතාවට!
මගේ ලේ හෙල්ලුව එකට සොබා දහමත් කම්පා වෙලා තියෙන්නෙ.

ඌ නම් ඊට පස්සෙ ගානක්වත් නැතුව යාළුවො ටිකත් එක්ක එතනින් යන්න ගියා. මං මොකාද වගේ බිම වැටිලා ඉද්දි මාත් එක්ක කන්න ආපු එවුන් ටිකත් පන්තියට දුවලා තිබුනා.
අපාය සහායකයො!
මුන්ට නම් ආයෙ හූනු බිජ්#ක්වත් අරන් දෙන්න නරකයි!
අර පුස් ඌරගෙ බි#ජ කපලා ලුණු දාලා කන්න දෙන්න ඕනෙ!

මං කොර ගහ ගහ බැන බැනම පන්තියට ගියේ මට කරපු මේ අපහාසෙ දරාගන්න බැරුව ගස්වැල් පවා ඇඹරිලා යද්දි. පන්තියට යද්දි ටීචත් ඇවිත්. දැන් පීරියඩ් එක English. අපේ පන්ති භාර teacher මේ ඉන්නෙත්.
පලවෙනිම දවසෙ නඩුවක් වැටෙයිද මන්දා.

මං හූනෙක් වගේ දූවගෙන ගිහින් මගෙ තැනින් වාඩි වුනා. ටීචර් පරක්කු වෙච්ච එක ලොකුවට ගනන් ගත්තෙ නෑ. දැක්කම පේනවනෙ කොහොමත් ගොඩක් බලවත් වැදගත් ළමයෙක් කියලා.

"Excuse us teacher,
May we come?"

හත්තිලව්වයි!
පුස් ඌරා කඩා පාත් වුනේ කොහොමද අපේ පන්තියට?

"Oh Dhyan!
Yes sure putha!
Come in! Come in!"

මගේ ඇඟේ ලේ ටික වතුර වෙලා තියෙන්නෙ. මූ මට අංචියක් අදින්නවත්ද මේ ඇවිත් තියෙන්නෙ?

"Teacher, we need someone from Grade 7 to do a speech on 'World Peace' at the main assembly next Monday.
Can we choose someone from this class?"

හම්මෝ යාන්තම් මගේ ඇඟට ලේ ටිකක් ඉනුවා. ඒ කියන්නෙ මේ වෙන වැඩකටනෙ ඇවිත් තියෙන්නෙ.

"Yes sure putha,
But unfortunately I have no idea about any of them yet!"

"No worries teacher, I know the best guy for this. Thambaru Sandathenna is excellent in his speeches.
We have already chosen him!"

හත් දෙයි හාමුදුරුවනේ!!!
මං දන්න ස්පීචක් නෑ!!!!
මේ මොන මරාලයක්ද මගේ පිට කඩාගෙන වැටුනෙ????

..........................................................................................................

Introduction එක ආයෙම update කලා මං. Yizhan fansලට, Zhanyi fansලාට දෙගොල්ලටම match වෙන විදියට. එහෙම okද?

මේ කතාව දවසක් ඇර දවසක් දෙන්න බලන්නම්. හා ද?

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

18.4K 2.7K 21
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
Spring By BD

General Fiction

152K 5.2K 50
Request (One Shots)
6.3K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
54.8K 14.1K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...