මානස (Completed)

By NirMad238

58.7K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

1

2.6K 276 197
By NirMad238

"තරූ.. තරූ...
මෙහෙ වරෙන්!"

අම්මාගෙ සද්දෙට කාමරේට වෙලා පොතක් කියව කියව හිටපු මං ගැස්සිලා ගියා. අම්මගෙ සද්දෙ හැටියට නම් යකාම නැගලා ඉන්නෙ.
මට චූ බරක් වගෙත් දැනෙන්න ගත්තා.

ඒත් අම්මා කාමරේට එන්න කලින් මං එලියට යන එක ඇඟට ගුණයි. නැත්තම් පාඩම් නොකර පොත් කියව කියව ඉන්නවා කියලත් ගුටි කන්න වෙනවා අන්තිමේ.

ඉතින් මං සද්ද නැතුව එලියට ගිහින් අම්මා ඉස්සරහින් හිට ගත්තා. එච්චරයි.

'ඇයි අම්මෙ?'
'මොකද වුනේ?'
ඕවා අහන්න යන්නෙ නෑ මං. අම්මා වුනත් මට මෙහෙම වහලෙකුට වගේ කතා කරන එක ගැන මට තියෙන්නෙ තරහක්. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වැදගත් විදියට කතාබස් කරන්න ඕනෙ. ඒත් ඕවා අපේ අම්මලාට උගන්නන්න පුළුවන් නම් බැරියැ.

"තරූ! උඹ මොකද අද සේරසිංහ මහත්තයලගෙ ගෙදර ගියේ?"

අම්මා අහන්නෙ ගිනි පිඹ පිඹ.

"මං විතරක් නෙමේ. ලකල්, සඳලි, සෙහස් හැමෝම ගියා. දිදුනි තමයි එන්න කියලා කතා කලේ."

"ඒත් දන්නවා නේද ධ්‍යාන් අයියට විභාගෙ ලඟයි කියලා. ඔය ළමයි එහේ කෑගහ ගහ දැඟලුවාම ඒ ළමයා කොහොමද පාඩමක් කරගන්නෙ?
අද මූණටම මුණ ගැහිලාත් සේරසිංහ මහත්තයයි නෝනයි දෙන්නම ඔරවගෙන ගියේ. මං බැලුවා මොකද කියලා. පස්සෙනෙ දන්නෙ උඹලා කරලා තියෙන විනාසෙ!"

අපෝ ඉතින් අපේ අම්මටත් මල විකාර! ඒ මිනිස්සුන්ට පණ බය!
අපි දිදුනිගෙ කාමරේ ඇතුලෙ ඉඳන් සෙල්ලම් කලා ඇරෙන්න කෑගැහුවෙ කවද්ද? ඒ මහා සාගරේ වගේ ගේ අස්සෙ කෑගැහුවා තියා එක කාමරක් අස්සෙ මිනිහෙක්ව මැරුවත් අනික් කාමරවල එවුන්ට ඇහෙන එකකකුත් නෑ.
මේ බොරු මගුලක් අල්ලගෙන නටනවා ඉතින් මෙයා. අපරාදෙ මගේ පොත කියවගන්න තිබ්බ වෙලාව!

ඕවා හිතින් හිතුවට මං කටින් කියන්න යන්නෙ නෑ. මොකද ඊලඟට එකට එක කියන්න ගත්තා කියලා මෙතන තොයිල් පහක් විතර නටන්න ගන්නවා අම්මා. එයා කියන එක අහගෙන ඉඳලා මට ඕනෙ එක කරන එක ඊට මීට ලේසියි.
ඉතින් අම්මගෙ දේශනාව ඉවර ඇති කියලා හිතාගෙන මං හෙමීට එතනින් මාරු වෙන්න හැදුවෙ.

"ආ....ව්!!!"

මට තරු පෙනුනෙ අම්මා මගෙ කන අනිත් පැත්තටම අල්ලලා අඹරවද්දි

"උඹට කන් ඇහෙන්නෙ නැද්ද තරූ හැබෑට ආ? මූණත් ගල් කටස් වගේ හදාගෙන ඔහොම ඉන්නෙ ඇට්ටරකමට කියන්න මං හොඳටම දන්නවා.
හැබැයි පුතේ ආයෙම අර ගෙදරට ගිහින් ඒ මිනිස්සුන්ට වදයක් වෙලා තිබුනොත් මං උඹව හම ගහනවා දැනගනින්!"

මං අම්මටත් ඔරවගෙනම කනත් අත ගගා කාමරේට ඇවිත් පොතේ නවත්තපු තැන ඉඳන් ආයෙම කියවන්න ගත්තා. තාත්තා අද එන්න රෑ වෙනවා වගේ. එයා ඉතින් හිටියත් නැතත් මට නම් ලොකු වෙනසක් නෑ. මොකද මේ ගේ ඇතුලෙ සිද්ද වෙන්නෙ අම්මට ඕනෙ දේවල් තමයි කොහොමත්. ඒ කියන්නෙ ඉතින් හෙට ඉඳන් දිදුනිලගෙ ගෙදර ආයෙම යන්න වෙන්නෙ නෑ කියන එක තමයි අවසාන තීරණය.

දිදුනිලගෙ ගෙදර තමයි මේ පැත්තෙ ලොකුම ගෙදර. ඒක ඇත්තටම ගෙයක් නෙමෙයි මාළිගාවක්. එයාලගෙ අම්මයි තාත්තයි එයයි අයියයි ගෙදර වැඩට ඉන්න මිනිස්සු තුන් දෙනෙකුයි තමයි එහේ පදිංචි වෙලා හිටියෙ. ඒ වැඩට ඉන්න මිනිස්සුන්ට ගෙදර පිටිපස්සෙ පැත්තෙන් ඉන්න වෙනම කොටසක් තිබුනා. ගේ අතුගාලා අස් කරලා දාන්න ඇරෙන්න වෙන කිසිම හේතුවකට එයාලට පවුලෙ අය ඉන්න කොටසට එන්න තහනම්.

ඒ ගෙදර තට්ටු තුනක් උසට හදලා තිබුනට මැදින් මැදින් වෙන් කරපු පුංචි පුංචි තට්ටු වගේම පොළවෙන් ඇතුලට වගේ වෙන්න හදලා තිබුන තට්ටුවක් එක්ක ඇත්තටම තට්ටු හතක් තිබුනා. එක එක තට්ටුව වෙන වෙනම එක එක දේවල් වෙනුවෙන් වෙන් කරලා තිබුනෙ. පහලම තට්ටුවෙ තිබුනෙ දිදුනිගෙ අම්මගෙයි තාත්තගෙයි ඔෆීස් කාමර.
ඊලඟ එකේ තමයි සාලෙ වගේ කොටස තිබුනෙ. ඒ සාලෙ අපේ මුළු ගෙදරටම වඩා ලොකුයි වගේම මිදුලෙ ඉඳන් ඔෆීස් කාමර තියෙන තට්ටුවට නොගිහින් කෙලිම්ම එතෙන්ට එන්න පුළුවන් විදියට හදලා තිබුනෙ.
ඊලඟ තට්ටු හැම එකක්ම හදලා තිබුනෙ ලොකු ගෙයක් ඇතුලෙ තියෙන පුංචි පුංචි ගෙවල් වගේ.
ලස්සන කාමරයක් එක්ක බැල්කනියක්. Attached bathroom එකක්. හුරුබුහුටි සාලයක් එක්ක ඒ හැම තට්ටුවක්ම පරිපූර්ණ වෙලා තිබුන.

තුන් වෙනි තට්ටුවම වෙන් කරලා තිබුනෙ ගෙදරට නවතින්න එන අමුත්තො වෙනුවෙන්. එතකොට හතර, සේරසිංහ ජෝඩුව නැත්තම් දිදුනිගෙ අම්මගෙයි තාත්තගෙයි. පහ දිදුනිට. හය එයාගෙ අයියා ධ්‍යාන්ට. හත කියන්නෙ roof top එක. එතන ලස්සන swimming pool එකක් එක්ක party area එකක් තිබුනා.
ඉතින් සාමාන්‍ය ගෙවල්වල සාමාන්‍ය විදියට ජීවත් වුන අපිට දිදුනිලගෙ ගෙදර කියන්නෙ හීන පිරුණ පිටසක්වල ලෝකයක් වගේ වුනා. සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුද, මදි නොකියන්න ඉඩද, මේ හැමදේම එහේ තිබුනා.

දිදුනිගෙ අම්මයි තාත්තයි දෙන්නම ලෝයර්ස්ලා. උසාවියට මෙහේ ඉඳන් ගොඩාක් ලඟ එක එයාලට පහසුවක් වෙන්න ඇති. නැත්තම් එයාලගෙ සමාජ ආශ්‍රයට අපිව ඇත්තටම ගැලපෙනවද කියලා මට නම් සැකේකුත් දැනුනා.

අපේ අම්මා English ටීචර් කෙනෙක්. තාත්තා බැංකුවේ මැනේජර් කෙනෙක්. අපි ලංකාවෙ සාමාන්‍ය පවුලක්. මහා සල්ලි ගොඩවල් නොතිබුනාට හොඳට කාලා බීලා ඇඳලා කරලා ඉන්න අපිට සල්ලි තිබුනා. අපේ ලඟ පාත ගෙවල් වල හිටපු හැමෝම එහෙමයි. වැදගත් විදියට ජීවත් වුන සාමාන්‍ය මිනිස්සු.
හැබැයි අපි හිටියෙ ඉනිමගක අඩි දෙකක් උඩට නැගලා නම් දිදුනිලා හිටියෙ අඩි පනහක්වත් උඩින් වෙන්න ඕනෙ. ඒ තරම් හිතාගන්න බැරි දේවල් එයාලට තිබුනා.

කොහොමත් ඉතින් එයාලා අපි එක්ක එහෙම ඇයි හොඳැයියක් තියාගන්න උත්සාහ කලෙත් නෑ. හැබැයි දිදුනි ඇර අනිත් අය ඒ. දිදුනි ඒ පවුලෙ කෙනෙක්මද කියලා කියන්නත් බැරි තරම් වෙනස්. එයා නිතරම අපිත් එක්ක සෙල්ලම් කරන්න ආවා. ලෝබ නැතුව කට පුරා හිනා වුනා කතා කලා.

මට වඩා අවුරුදු දෙකක් බාල දිදුනියි එයාගෙ අයියයි අතර අවුරුදු අටක වයස පරතරයක් තිබුනා. ඒ නිසාමද මන්දා ඒ දෙන්නා අතර ලොකු බැඳීමක් පේන්න තියෙන වගක් නම් තිබුනෙ නෑ. සේරසිංහ ජෝඩුවත් උදේ පාන්දර ගෙදරින් ගියාම හුඟ වෙලාවට එන්නෙ ගොම්මනත් අතින් අරගෙන. ගෙදර වැඩට ඉන්න ගෑණු කෙනා දිදුනිගෙ තනියට වගේ හිටියත්, ඒ මනුස්සයා හරිම පරිස්සමින් රොබෝ කෙනෙක් වගේ තමයි එයා එක්ක හැසිරුනේ. එයාට පවරලා ගිහින් තිබුන වැඩ ටික අකුරටම වගේ ඉශ්ට කලා ඇරෙන්න පොඩි ළමයෙක්ට ඕනෙ අවධානය, ආදරය දිදුනිට ලැබුනෙම නෑ. කොහොමත් ඒ මිනිස්සුන්ව පවුලෙ අයගෙන් සෑහෙන්නම වෙන් කරලා වගේනෙ තිබුනෙත්. ඒ නිසා දිදුනිට ලොකු පාළුවක් දැනෙන්න ඇති.

ඒ පාළුව නැති කරගන්න දිදුනිට තිබුන ලොකුම වත්කම තමයි අපි. එයාලගෙ ගේ වටේට තිබුන ගෙවල් ටිකේ ළමයි. ලකලුයි මමයි හයේ. සෙහස් හතේ. සඳලි සෙහස්ගෙ නංගි හතරෙ. ඒ කිව්වෙ දිදුනිගෙ වයසෙ වගේම එකම ඉස්කෝලෙ හැබැයි පන්ති දෙකක. ඒ නිසා සඳලිට වාසියි. හැමදාම උදේට දිදුනි එක්කම එයාලගෙ car එකේම ඉස්කෝලෙ යන්න වගේම ඉස්කෝලෙ ඇරුනම ගෙදර එන්නත් එයාට පුළුවන්.

අපි කොල්ලො තුන් දෙනා වෙන ඉස්කෝලෙකනෙ. ඒකටම තමයි අර අලි ඔළු ධ්‍යාන්කාරයත් ගියේ. හැබැයි ඌ ඉන්නෙ ඉලන්දාරිකම ඔළුවට ගහලා. ඒ නිසා car එකේ නෙමෙයි බයිසිකලේ තමයි ඉස්කෝලෙ ගියේ. හැබැයි ඉතින් ඌ car එකේ ගියානම් වුනත් අපිව නම් ඒකෙ දාගෙන යන්නෙ නෑ. ඒ තරම් අලි පු#න් ආපු එකෙක් ඌ!

ඒ පුස් ඌරා දැන් දොළහෙ. A/L Maths කරන්නෙ. Island rank එකක් දාන්නද කොහෙද කල්පනාව. මොකද බැලුවොත් ඇත්තම් යාළුවො රොත්තක් ගෙදෙට්ට උස්සගෙන ඇවිත් පාඩම පාඩම පාඩමම තමයි. බලං ඉන්න අපෙත් ඔළු විකාර වෙනවා.

හැබැයි ඉතින් A/L එහෙම වෙන්නැති සමහරවිට. ගොඩක් ලොකුයිනෙ එයාලා. අමාරු පාඩම්නෙ තියෙනවා ඇත්තෙ. එතකොට මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ ඇති. ඒත් ඉතින් ඒ නිසා අපිට සෙල්ලම් කරන්න තියෙන එක නැති කරනවට නම් මට තරහයි.

දිදුනි තමයි වැඩිපුරම පව්. එයාට ඉස්කෝලෙ ඇරිලා ආවම අපේ ගෙවල්වලවත් එන්න දෙන්නෙ නෑ. එතකොට ඉතින් අපි එහේ ගියොත් තමයි. දැන් හෙට ඉඳන් අපි එකෙක්ටවත් එහේ යන්න වෙන්නෙත් නෑ. මොකද අපි යාළුවො ටිකගෙ අම්මලා සෙට් එක ලිඳ ලඟ සංගමේ වගේ තමයි. කට්ටියම එකට සෙට් වෙලා ගේම දෙන්නෙ අපිට.

ඔය සෙට් එකෙන් ඉතින් ආම්බාං කරන්න අමා‍රුම එකා ඉන්නෙ අපේ අම්මට. මොකද මට එපා කිව්වට වැඩක් නෑ. මට ඕන්නම් මං ඒක කරනවා. ගුටි කෑවත්, ගෙදරින් එලියට දාලා දොර ලොක් කලත් මං බය නෑ. අම්මට වුනත් එහෙම ඕන ඕන විදියට මාව පාලනය කරන්න දෙන්න බෑනෙ.

කොහොම හරි ඉතින් එදයින් පස්සෙ අපි දිදුනිලගෙ ගෙදර ගියේ නෑ. අනිත් එවුන් ඔක්කොම බෑ කියද්දි මට විතරක් තනියම යන්නත් බෑනෙ. හැබැයි අපි හැමෝටම ධ්‍යාන් අයියත් එක්ක නම් මාරම තරහක් තිබුනෙ. ඕකා තමයි අපි සතුටින් සෙල්ලම් කරනවා බලාගෙන ඉන්න බැරුව ගේම දෙන්න ඇත්තෙ.

ඉතින් අපි ඔක්කොම එක හිතින් හිතාගෙනමයි හිටියෙ ඒ ඔළු බක්කට ගේමක් දෙනවමයි කියලා. දවස් එකින් එක ගෙවිලා ගිහින් දෙසැම්බර් නිවාඩු කාලෙ ආවෙ මේ අතරෙ. දැන් ඉතින් අපි උදේ ඉඳන් ගෙවල්වලනෙ. එතකොට කට්ටිය එක්ක රට පුරා ඇවිද ඇවිද තමයි ඉන්නෙ.

ඉතින් මෙහෙම ඇවිද ඇවිද ඉද්දි මට ආවා හොඳ අදහසක්. දිදුනිලගෙ ගෙදරට එහා තිබුන හිස් ඉඩමෙත් දැන් ගෙයක් හදන්න පටන් අරන්. ඒක තට්ටු දෙකකට හදන ගෙයක්. තාම ස්ලැබ් එක දාලා විතරයි. ඒත් දැන් සතිගානක් තිස්සෙ ගෙයි වැඩ නතර කරලා. බාස්ලත් නෑ. ඉතින් මං අනික් එවුන් ටිකත් ඇදගෙන ගියේ ඒ අලුත් ගේ අස්සට. සිමෙන්ති ගඳ හැමතැනම. සඳලිට හචිං යන්න ගත්තා හෝ ගාලා. මේ ගෑණුත් එක්ක නෑ අප්පා. සේරම වැඩ වරදිනවා මෙහෙම ගියොත්.

"සෙහා.. උඹ මේකිත් අරන් පලයං බං. නැත්තම් අරූට වැඩක් දෙන්න වෙන්නෙ නෑ. දෙන්න කලින්ම අහු වෙනවා."

මං සෙහස්ට කෑගැහුවෙ සඳලිත් එක්ක ආපු තරහටමයි. එහෙමයි කියලා කෙල්ලොන්ට කෑගහලා උන් අඬන්න ගත්තම නලවන්න යන්න බෑනෙ. ඒ නිසා කොල්ලෙක් හොයාගෙන ඌට දෙසන එක තමයි ලේසි.

"නංගි, යනවකො ගෙදර. මේක මේ කොල්ලො කරන වැඩක්. දැන් දිදුනිත් නෑනෙ. ඒ නිසා ගෙදෙට්ට වෙලා තනියෙන් සෙල්ලමක් කරපං!"

සෙහස් ඒ අස්සෙ සඳලිට කෑගහද්දි ඒකි හූ තිය තියා අඬන්න ගත්තා. අනේ මෙහෙමත් කරුම යාළුවොනෙ මටත් ඉන්නෙ. ඉතින් උන්ට ඕන මගුලක් කරගන්න කියලා මං අලුත් ගෙදර පඩිපෙල දිගේ උඩට නගින්න ගත්තා. ලකල් නම් මගේ පස්සෙන්ම ආවා.

ස්ලැබ් එක උඩ ගේ හදන්න ගෙනාපු බඩු ගොඩ ගහලා තිබුනා. අර දිග හයිය කම්බි කූරුත් බර ගානක් තිබුනා. ඉතින් මායි ලකලුයි දාඩිය පෙරාගෙන පණ දාගෙන ඒ කම්බි ටික තල්ලු කලා. තියෙන පැත්තට නැතුව අනිත් පැත්තට කැරකෙව්වා.

දිදුනිලාගෙ ගෙදර බැලකනි වල ගහලා තිබ්බ අත් වැටවල් අස්සෙන් සිදුරු තියෙනවා. ඉතින් ලෝක ගේමක් ගහලා අපි කම්බිවල එක කොනක් ඒ සිදුරු අස්සෙන් එහා පැත්තට යවා ගත්තා. දැන් හරි.
පන යනකල් හති ඇර ඇරම කම්බි ටිකේ එක කොනක් ලකල් අල්ල්ගෙන ඉද්දි මං ඒක දිගේ සීරුවට බඩ ගාගෙන ගිහින් එහා පැත්තට පැන්නා.

දිදුනිලා ගෙදර නෑ. එයාලගෙ තාත්තා ක්‍රිස්තියානිනෙ. ඒ නිසා නත්තල් ලොකුවටම සමරනවා. කොහේ හරි ගිහින් දැන් දවස් ගානක් තිස්සෙ. ඒ නිසා මේක තමයි නියම වෙලාව.
මං බැල්කනිය එක්කම තිබුන දොර අරින්න හැදුවා.
බෑ!
ඒක ලොක් කරලා.
ඉතින් මං එතන ලස්සනට තියලා තිබුන මල් පොච්චියක් බිම ගහලා කුඩු කරලා දැම්මා. දැන් කට්ටිය ආවම බය වෙයි. හොරෙක් ආවා කියලා හිතයිද දන්නෑ. හොඳ වැඩේ අලි ඔළුවො ටිකට!

ඊට පස්සෙ මං බැලුවෙ උඩ තට්ටු දිහා. එලියෙ ඉඳන් මෙහෙම බලද්දි තුන් වෙනි තට්ටුව. ධ්‍යාන් ගොන් අලියගෙ තට්ටුව. ඕකට පැනලා තමයි වැඩේ දෙන්නම ඕනෙ. මං බැලුවෙ උඩට නැග ගන්න ක්‍රමයක්. පිටින් පේන එක තට්ටුවක් ගේ ඇතුලෙදි තට්ටු දෙකක් වෙන නිසා බැල්කනි ටික තියෙන්නෙ උස අතින් ගත්තම ලඟින් ලඟින්. හැබැයි ගෙයි ප්‍රතිවිරුද්ධව පැති වල. මට කරන්න තියෙන ලේසිම වැඩේ බැල්කනියට එහා පැත්තෙ තියෙන පුංචි ස්ලැබ් කෑල්ලට පැනලා ඒක දිගේ ඇවිදගෙන ගිහින් ඊලඟ බැල්කනියට පනින්න. ඉතින් මං ඊලඟ බැල්කනියටත් පැන ගත්තා. ඊලඟ එකටත්.

මේක මාරම ෆන් වැඩේ. මාර ගැම්මක් දැනෙන්නෙ හිතට. මං මාර super hero කෙනෙක් වගේ පොරක්නෙ බලාගෙන ගියාම. කිසි ගින්නක් නැතුවම ආපු දුර බලන්න එපැයි.

පට්ට්ම ගැම්මක් හිතට දැනෙද්දි මං අන්තිම බැල්කනි එකට පනින්න අඩිය තිබ්බා විතරයි. දෙයියනේ මෙන්න එතන එලියෙ පුටුවක් තියාගෙන කවුදෝ වාඩි වෙලා ඉන්නවා.
මල කෙලියයි. කකුල උඩට දැම්ම ගැම්මටම දැන් කරගන්න දේකුත් නෑ. මං balance නැතුව ලිස්සලා යන්න ගනිද්දි බයටම මට කෑගැස්සුනා. මෙතනින් බිමට වැටිලා මං මැරෙයිද නැත්තම් අබ්බගාතයෙක් වෙයිද?
මැරුනෙ නැත්තම් අම්මා මාව හමගහලම මරයිද?

"ආ...."

ඒ එක්කම හැබැයි මාව උඩට ඉස්සුනා. කාගෙදෝ අත් දෙකක් මගේ ඇඟ වටේට එතිලා තිබුනා. ඇස් දෙක තද කරලා පියාගෙන හිටපු මං ඇස් අරිද්දි මගේ දිහා බලාගෙන හිටියෙ මගෙ පරම හතුරා.
ධ්‍යාන් අයියා!

එක වචනයක්වත් කතා නොකර ඒකා යකෙක් වගේ මගෙ දිහා බලාගෙනම ඉද්දි කරගන්න දෙයක් හිතාගන්නම බැරි වෙච්ච මං මෝඩයෙක් වගේ හිනා වුනා.

"Good morning අයියේ!
හොඳට පාඩම් කරන්න.
Congratulations!
Good luck!
God bless you!
Good bye!"

.......................................................................................................

චූටි කතාවක්ද දිග කතාවක්ද නොදන්න මොකද්දො කතාවක්.
හැබැයි ඉතින් traditional විදියටම happy ending මේකත්.

කතාව කියවන්න එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

6.3K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
18.3K 2.7K 21
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
8.5K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
300K 16.1K 53
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...