පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰...

By Kim-Yuhaqwe

103K 13.5K 22.5K

ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආ... More

01-පළිඟු දිගහැරුම ♡
02-පළිඟු දිගහැරුම ♡
03-පළිඟු දිගහැරුම ♡
04-පළිඟු දිගහැරුම ♡
05-පළිඟු දිගහැරුම ♡
06- පළිඟු දිගහැරුම ♡
07-පළිඟු දිගහැරුම ♡
08-පළිඟු දිඟහැරුම ♡
09-පළිඟු දිඟහැරුම ♡
10- පළිඟු දිගහැරුම ♡
11- පළිඟු දිඟහැරුම ♡
Intro ♡
12- පළිඟු දිඟහැරුම ♡
13- පළිඟු දිඟහැරුම ♡
14- පළිඟු දිඟහැරුම ♡
15- පළිඟු දිඟහැරුම ♡
16- පළිඟු දිඟහැරුම ♡
17- පළිඟු දිඟහැරුම ♡
18-පළිඟු දිඟහැරුම ♡
19- පළිඟු දිඟහැරුම ♡
20- පළිඟු දිඟහැරුම ♡
21 - පළිගු දිඟහැරුම ♡
23- පළිඟු දිඟහැරුම ♡
24- පලිඟු දිඟහැරුම ♡
25- පළිඟු දිඟහැරුම ♡
26- පළිඟු දිඟහැරුම ♡
27-පළිඟු දඟහැරුම ♡
28- පළිඟු දිඟහැරුම ♡
29- පළිඟු දිඟහැරුම ♡
30- පළිඟු දඟහැරුම ♡
31- පළිඟු දිඟහැරුම ♡
32- පළිඟු දිඟහැරුම ♡
33- පළිඟු දිඟහැරුම ♡
34- පළිඟු දිඟහැරුම ♡
35- පළිඟු දිඟහැරුම ♡
36- පළිඟු දිඟහැරුම ♡
37- පළිඟු දිඟහැරුම ♡
38-පළිඟු දිඟහැරුම ♡
39- පළිඟු දිඟහැරුම ♡
40- පළිඟු දිඟහැරුම ♡
41- පළිඟු දඟහැරුම ♡
42- පළිඟු දිඟහැරුම ♡
43- පළිඟු දිඟහැරුම ♡
44- පළිඟු දිඟහැරුම ♡
45- පළිඟු දිඟහැරුම ♡
46- පළිඟු දිඟහැරුම ♡
47- පළිඟු දිඟහැරුම ♡
48- පළිඟු දිඟහැරුම ♡
49- පළිඟු දිඟහැරුම ♡
50- පළිඟු දිඟහැරුම ♡
51- පළිඟු දිඟහැරුම ♡
52- පළිඟු දිඟහැරුම ♡
53- පළිඟු දිඟහැරුම ♡
54- පළිඟු දිඟහැරුම ♡
55- පළිඟු දිඟහැරුම ♡
56- පළිඟු දිඟහැරුම ♡
57- පළිඟු දිඟහැරුම ♡
58- පළිඟු දිඟහැරුම ♡
59- පළිඟු දිඟහැරුම ♡
60- පළඟු දිඟහැරුම ♡
61- පළිඟු දිඟහැරුම ♡
62- පළිඟු දිඟහැරුම ♡
63- පළිඟු දිඟහැරුම ♡
64- පළිඟු දිඟහැරුම ♡
65-පළිඟු දිඟහැරුම ♡
66- පළිඟු දිඟහැරුම ♡
67- පළිඟු දිඟහැරුම ♡
68-පළිඟු දිඟහැරුම ♡
69- පළිඟු දිඟහැරුම ♡
70- පළිඟු දිඟහැරුම ♡
71- පළිඟු දිඟහැරුම ♡
72- පළිඟු දිඟහැරුම ♡
73- පළිඟු දිඟහැරුම ♡
74- පළිඟු දිඟහැරුම ♡
75- පළිගු දිඟහැරුම ♡
76- පළිඟු දිඟහැරුම ♡
77- පළිඟු දිඟහැරුම ♡
78- පළිඟු දිඟහැරුම ♡
79- පළිඟු දිඟහැරුම ♡
80- පළිඟු දිඟහැරුම ♡
81- පළිඟු දිඟහැරුම ♡
82- පළිඟු දිඟහැරුම ♡
83- පළිඟු දිඟහැරුම ♡
84- පළිඟු දිඟහැරුම ♡
85- පළිඟු දිඟහැරුම ♡
86- පළිඟු දිඟහැරුම ♡
87- පළිඟු දඟහැරුම ♡
88- පළිඟු දිඟහැරුම ♡
89- පළිඟු දිඟහැරුම ♡
90- පළිඟු දිඟහැරුම ♡
91- පළිඟු දිඟහැරුම ♡
92- පළඟු දිඟහැරුම ♡
93- පළිඟු දිඟහැරුම ♡
94- පළිඟු දිඟහැරුම ♡
95- පළිඟු දිඟහැරුම ♡
96- පළිඟු දිඟහැරුම ♡
97- පළිඟු දිඟහැරුම ♡
98- පළිඟු දිඟහැරුම ♡
99- පළිඟු දිඟහැරුම ♡
100- පළිඟු දිඟහැරුම ♡
101- පළිඟු දිඟහැරුම ♡

22- පළිඟු දිඟහැරුම ♡

1.1K 154 103
By Kim-Yuhaqwe

මට මතක හැටියට උනේ මොකක්ද කියලා මටම හිතාගන්න බැරි උනා මාම්ට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා කියලා දැනගත්තම බැලන්ස් එක නැත්තටම නැති වෙලා ගිය මාව ආරු අල්ල ගත්තත් මට පැවිලියන් එකේ ගෙස්ට්ලාට වෙන් වුන තැනම දණ ගැස්සුනේ හදවත ගැහෙන වේගේ මටම දරාගන්න බැරි උන නිසා එක විසිදාහකට වැඩි පිරිසක් ඉස්සරහා ඉස්කෝලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඒ විදිහට කඩන් වැටෙනකොට නට නට හිටිය ටවීශයා වගේම ජොඑලත් එතනට දුවන් ආවේ වෙච්චි කෙරිච්ච දේවල් මෙලෝ දෙයක් නොදැන

"මචං ඇයි මේ .......මොකක්ද උනේ "

"මොකක්ද උනේ ඇයි රොනාල් අඩන්නේ මචං බය කරන්න එපා "

"දෙයියන්ගේ නාමෙට එකෙක් හරි කියපල්ලා මේ කොල්ලා අඩන හේතුව !"

ටවීශ් කෑ ගහනවා ඇහෙනකොට මෙච්චර වෙලා ආරුගේ අත් අස්සේ හිටිය මම එයා දිහාවට මගේ ඇස් ගෙනිච්චේ වැටෙන්න ඕන අන්තෙටම වැටිලා

"මාම් ....මාම්...."

"මොකක්ද වෙලා තියෙන්නේ ඔව් ශෙරින් ආන්ටිට මොකද ?"

"ටවීශ් මිසිස් ශෙරින්ට හාට් ඇටෑක් එකක් ඇවිත්ලු "

"වට්ද ෆක් ගෝඩ්"

මට වචනයක් වත් කියාගන්න බැරුව ඉකිගැහෙනකොට කලබල වෙලා හිටිය අයියා ෆෝන් එකෙන් කාටද බනිනවා ලාවට ඇහුණා ටවීශ් ඒ අස්සෙන් අහන ඒවට උත්තර දෙනවට වඩා මාව මේ වෙලාගන්න අමුතු හැඟීම , අහිමි වෙලා යයි කියන බය , තනිවෙයි කියන බයෙන් පැනලා දුවන්න බැරි තැන මම තව තවත් මං ගාව ඉන්න මට දැනෙන උනුහුමට තුරුල් උනේ ඇස් වලින් වාන් දාන කඳුළු වලට ඔහේ ගලන් යන්න ඉඩ දීලා

"ජොඑලා සසිතයා ගාවට පුලුවන් වේගෙන් දුවපන් ගිහින් ඒ යකාට කියපන් එකෙක් මේ පැත්තට අවධානය දෙන්නේ නැති වෙන්න DJ එක දාන්න කියලා "

ජොඑල් දුවලා සසිත ගාවට යනකොට කෝල් එකේ හිටිය අයියා ෆෝන් එක ඇසිස්ටන්ට විසික් කරලා මම ලගට ආවා

"නැගිටපන් උඹ ඔහොම වැටිලා ඉන්නකොට මාව ඉබෙම වැටෙනවා යකෝ "

අයියා කෑ ගහලා මගේ කොලර් එකෙන් ඇදලා නැගිට්ටවනකොට ඇගේම බර ආරධ්‍යට දීලා හිටිය මම පරඩැල වගේ ඇදිලා ගියේ අයියා ගාවට හැබැයි තත්පරයයි ආයෙම මම හිටියේ ආරධ්‍ය ගාව

"ආරධ්‍ය කාර් එක එලවන්න පුලුවන්නේ මෙයාව අරන් නවලෝකෙට එන්න "

"ඉන්න මිස්ටර් රිද්වින් මමත් එන්නම් "

එච්චරයි අයියා කිව්වේ පඩි තුනෙන් තුනට බැහැලා පැවිලියන් එකෙන් වේගෙන් දුවලා ඈතට ගිය එයාගේ පස්සෙන් ශෙහානි අක්කත් සාරි පොට උස්සන් දිව්වේ මගේ බැක් පැක් එකේ තිබ්බ කාර් කී එක ටවීශ් ආරධ්‍යට විසික් කරද්දි

"ශෙහාන් පුතා මමත් එන්නම්ද ?"

ප්‍රින්සිපල් සරුත් බය වෙලා වගේ බලන් ඉද්දි ආරධ්‍ය මාවත් වත්තන් කරන් පඩි ටික බැහැලා යන්න හදනකොට මිනාගි මිස් අහනවා ඇහුනත් එයා දිහා බලන්නවත් සිහියක් නොතිබ්බ මම කාර් පාක් එකට එනකන් ඇවිදන් ආවේ මොන ලෝකේ ඉදන්ද කියලා වත් දැනන් හිටියේ නෑ ආරු කාර් එක අන්ලොක් කරලා පිටිපස්සේ දොරත් ඇරලා දුන්නම ඒකට නැග්ග මම කාර් එකේ කොනටම ගුලි උනේ බ්ලේසර් එක ගලවලා විසික් කරන ගමන් ඒත් එක්කම පිටිපස්සට මිනාගි මිසුත් නැග්ගා

"රොනාල් මගේ පුතේ නාඩා ඉන්නකෝ ඔයාගේ මාම්ට මුකුත් වෙන්නෑ රත්තරන් "

"මිස් මගේ මාම් අ......ඉහික් "

"ශ්...ශ්.....මුකුත්ම වෙන්නෑ රිලැක්ස් මා බෝයි මාම් හොදින් ඕකේ නාඩා ඉන්නකෝ "

මිනාගි මිස් ශීට් එකේ කොනේ ගුලිවෙලා හිටිය මාව අත් දෙක අස්සට ගන්නකොට බොරු කියන්න ඕන නෑ මට අක්කාවත් ළඟ හිටියනම් කියලා දැනුණා ඒත් එක්කම මට අක්කා ගැන ආවේ තරහක් එයා නිසයි මාම්ට මෙහෙම උනේ එයාගේ ඔය ලබ්බේ රස්සාව නිසයි මාම්ට හාට් ඇටෑක් එකක් ආවේ කියන මතේ මගේ ඇගේ ලේ කකාරගෙන වගේ ඉස්මතු වෙලා මට දැනෙනකොට මට මරාගෙන මැරෙන්න තරන් කේන්තියක් ආවත් මිනාගි මිස්ව දැක්කම මට ඒ කේන්තිය නැති වෙලා ගියා

"අ.ක්ක්....කා "

"ඔව් මම අක්කා කියලා හිතන්නකෝ දරුවෝ එව්‍රිතින් ඉස් ඕකේ "

මිනාගි මිස් මාව බදාගෙන ඉන්න එක අතෑරලා දාලා මගේ ජෙල් කරලා උඩට කරලා තිබ්බ කොන්ඩේ අස්සෙන් අත දාලා එයාගේ කෙට්ටු පොඩි ඇගිලි වලින් ඔළුව දිගින් දිගටම අත ගාන්න පටන් ගත්තා

"ශෙහාන් ස්පීඩ් වැඩි ලමයෝ හැප්පේවී" ..

මට එතකොටයි මතක් උනේ ආරු කාර් එකේ ඉන්නවා කියලා ඇස් වලින් වැටෙන කඳුළු නවත්තගන්න බැරි උන තැන ඇස් වහගෙන මිනාගි මිස්ගේ අතේ පහසට නතු වෙලා හිටිය මම ගැස්සිලා බැලුවේ එයා දිහා rearviwe එකෙන් එයාගේ වගේම මගේ ඇස් ගැටෙනකොට එයාගේ ඇස් වල තිබ්බ හැඟීම් මට අදුරගන්න බැරි උනා අද සමහරවිට ඒ මම කලබලෙන් ඉන්න නිසා වෙන්න පුලුවන් ඒ ඇස් වල තිබ්බ හැඟීම් ඔක්කොම පහත දාගෙන බය කියන හැඟීම විතරයි මට කියවගන්න පුලුවන් උනේ

"ආරු ප්ලීස් හිමින් "

මෙච්චර වෙලා 150 ට ගිය එයා වේගේ අඩු කරලා මම දිහා බලලා හිනාවුනේ හරියට හැමදේම හොදින්බය වෙන්න එපා කියලා කියන්න වගේ !

"ශෙහාන් පුතා ඔයා රොනාල්ව පොඩ්ඩක් බලන්න"

එහෙම කියලා මිනාගි මිස් බැහැලා සාරි පොට ඉනේ ගහගන්නකොට මගේ පැත්තේ දොර ඇරලා මට අත දුන්න එයා මගේ අත බලෙන්ම එයාගේ අත උඩ තියාගෙන මාව එළියට ඇදලා අරන් මගේ ශර්ට් එකේ උඩබොත්තම් දෙක ගලවලා ඇස් දෙක දිහා බැලුවා

"මාම්ට මොනවත් වෙන එකක්........"

මට එතනින් එහාට මුකුත් කියාගන්න බැරි උනා රලු නමුත් සුදු ඇගිල්ලක් මගේ තොල් උඩ නැවතුණා . එයා ඔළුව වනලා කාර් එක ලොක් කරලා මගේ ඉන වටේ අතක් දාලා මාව එයාගේ පැත්තට වාරු කරගත්තා

"ශෙනාන් පුතා I.C.U එක ගාවට යං "

මිනාගි මිස් අඩියට දෙකට I.C.U එක ගාවට දුවගෙන වගේ යනකොට මමත් ආරුත් එතනට ලං වුනා ඒත් එතන එකම රන්ඩුවයි අක්කා ඩොක්ටර් කෙනෙක්ගේ කොලර් එකෙන් අල්ලන් ඒ මිනිහට බයිනකොට අයියා වගේම අයියගේ අතකට තට්ටු දදා හිටිය ශෙහානි අක්කා ශොක් වෙලා වගේ බලන් හිටියා

"තමුසේ මොකක්ද පාහරයෝ කිව්වේ ! තොට ඕන කීයක්ද මිලියන ගාණක් උනත් මම දෙන්නම් හැබැයි මේ ඔපරේශන් එක සක්සස් නොවුනොත් මම උබව මරනවා දෙයියන්පා මරනවා "

"මැඩම් අපි 50:50 හෝප්ස් තොයන් ඉන්නේ "

"මට ඒවගෙන් ආදාලතාවයක් නෑ හුත්*ගේ පුතා........"

චටාස් ......

ඒ තමා මගේ අවසාන ඉවසීම මෙච්චර වෙලා ආරධ්‍යට තුරුල් වෙලා හිටිය මම අඩියට දෙකට අක්කා ගාවට ගිහින් ඇදලා අරන් කම්මුලට ගැහුවේ අක්කා අඩි දෙකක් විසි වෙලා යද්දී

"මයින්ඩ් යුවර් ලැන්වේජ් රෙශ්නි රෙහානා "

මම ආයෙම අත උස්සන්න හදනකොට මමත් අක්කත් ඉස්සරහට පැන්න මිනාගි මිස් අක්කව කවර් කරගන්නකොට ආරධ්‍ය මාව ඇදලා අරන් ආයෙම තුරුල් කරගත්තේ එයාගෙන් එන සුවදට කැකැරෙමින් තිබ්බ කේන්තිය දශමෙන් දශමෙට අඩු වෙලා යද්දි

දැන් බලන්න එපා ඇයි ගැහුවේ කියලා ඒකට ලොකුම හේතුව මාම්ගේ බයිපාස් එක කරන ඩොක්ටර්ව නවත්තන් එයා හැ*නුනා කියලා මාම්ට හොද වෙන්නෑ ඉන්න තත්වෙනුත් පහලට වැටුණා මිස ඒක නිසා මට කලින් ඉදන්ම තිබ්බ තරහ නිසයි මම එයාට ඒ වෙලේ ගැහුවේ ජීවිතේ පළවෙනි වතාවට ......මාව මේ තරම් අහිමි වීමේ භය ගාව අසරනම වෙලා ගියා බය වැඩි කමට ආයෙම කේන්තිය ඇවිස්සුනාම කම්මුලට අත තියන් පුටුවෙන් ඉඳන් හිටිය අක්කා ගාවට කිට්ටු උන මම ආයෙම එයාව කොලර් එකෙන් ඇදලා ගත්තා

"දැනගනින් උඹ නිසයි මාම්ට මෙහෙම උනේ හැබැයි මාම්ට මොකක් හරි උනොත් මම තෝව මරනවා අක්කේ පුලුවන් දෙයක් තියෙනවා නම් කරපන් මම මාම්ට උබගේ හෙවනැල්ලක්වත් වැටෙන්න දෙන්නේ නැති වෙන්න උබෙන් ඈත් කරනවා . මට දැන් උඹ මකබෑවිලා ගියත් එකයි "

"දැන් ඇති රොනාල් "

මම අච්චර බැනලත් කට කොනෙන් හිනා උණ අක්කා මමම ගහපු පාරට තොල අගිස්සෙන් රූට්ටන ලේ බිංදු ගැන සත පහකට වත් ගනං නොගෙන එයාව මගෙන් බේරගන්න මැදින් පැනපු මිනාගි මිස්වත් තල්ලු කරන් එළියට ගියා ඒත් එක්කම මෙච්චර වෙලා තිබ්බ මගේ ගට් එක නැති වෙලා ගිහින් මම පුටුවෙන් ඉදගත්තා

"අයියා !"

"ම්ම්ම් ?"

"මාත් එක්ක තරහද ?"

"ඇයි මම තරහ වෙන්න ඕන මගේ මල්ලි එක්ක ?"

"මම අක්කට ගැහුවානේ "

"අමතක කරන්න එයාගෙන් පස්සේ ගිහින් සමාව ගන්න එයා ඉන්න ටෙන්ශන් එක අපි දන්නෑ බබා "

"ම්ම්ම්"

මම හිමීට කොදුරලා වගේ අයියට කියනකොට මගේ එහා පැත්තෙන් ඉදගත්ත ආරු මගේ උරහිස වටේ අත දාලා මාව මාව සයිඩ් හග් කරලා මගේ ඔළුව එයාගේ උරහිස උඩින් තියාගෙන එයාගේ නිකට මගේ ඔලුව උඩින් තියාගත්තා වෙනදට එයාගෙන් එන සීතල අද නැතිම තරන් එයා හරි උණුසුම් අද බයටම සීතල වෙලා ගිහින් හිටිය මගෙ බය වචනයක් වත් නොකිය ස්පර්ශයෙන් විතරක් නැති කරලා දාන්න එයාට පුලුවන් උනා සමහර විට මේකට වෙන්නැතිද ආදරේ කියන්නේ ? .......මාම් නැගිටින්න චූටි බබා බලාගෙන ඉන්නේ ......තවත් මගේ හිත රිද්දන්න එපා මාම් මම ඔයාට ආදරෙයි ! මගේ ඇස් අගිස්සෙන් කඳුළු බින්දුවක් රුටලා ඇවිල්ලා එයාගේ ශර්ට් එක අස්සෙන් අතුරුදහන් වෙලා යනකොට කොන්ඩෙට දැනුන උනුහුම් හුස්ම නිසා මම ගැස්සිලා ගියා හැබැයි මම නැගිට්ටේ නෑ මොකද අයියත් මේ වෙනකොට ශො එකටම ශෙහානි අක්කගේ බඩට ඔළුව තියන් ඔහේ බලාගත්තු අත බලන් හිටියා

"අනේ ආන්ටි ශෙරින්ට කොහොමද ?"

"අපි අරහේ බැලන්ස් කරපු ගමන් ආවේ මේ !"

"ප්‍රින්සිපල් සර් රෑ එන්නම් කිව්වා !"

ටවීශ් , ජොඑල් , නුරායු වගේම සසිත මල්ලිත් දුවගෙන ආවේ වැඩ කන්දක් කරලා පණ ගිහිල්ලා තිබ්බත් මාව බලන්න

"ඔපරෙශන් එකක් යනවා මල්ලි "

අයිය කියනකොට උන් හතර දෙනත් පුටු වලින් ඉඳගෙන බලාගෙන හිටියේ ජොඑල් එහෙම ප්‍රේ කරන්න පටන් ගන්නකොට මම මෙ වෙනකොට හිතින් දහස් වාරයක් ප්‍රේ කරන්න ඇති මගේ පපුව කොනක ඉඳන් ඇවිලිලා ගිහින් නැත්තටම නැති වෙයි කියන බය නිසාම මම තව තවත් ආරුට ගුලි උනා

දන්නවද මට මාම් නැති ලෝකයක් ගැන හීනයක් වත් බලන්න ඕනිකමක් නෑ මම බයයි මට හැම වෙලේම හැම මොහොතෙම මාම්ව ඕන... දරුවෙක්ට අම්මා කියන්නේ ලෝකයක් බුදු සාදු උනත් ඒක කියලා තියෙනවා ජේසු තුමාත් කියලා තියෙනවා අම්මා කියන්නේ දරුවෙක්ගේ රැජින කියලා... මගේ ලෝකේ රැජිනත් මගේ අම්මම තමා ඉතින් කොච්චර පෞර්ශයක් තිබ්බත් ඔටෝමැටිකලි මම කඩාවැටෙන්නේ මේ තැනදි ඇත්තම කතාව මම අම්මට අසීමිතිකව ආදරෙයි මම ආරධ්‍යට තුරුල් වෙලාම ආයෙම ජීසස්ට ප්‍රේ කරනකොට මගේ ඔලුවට ආයෙම අර හුස්ම ධාරාව වැදුනා මම එහෙම්මම ඇස් පියාගෙන ආයෙම ප්‍රේ කරන්න පටන් ගත්තා

____________________________________________________________

"ශිට් මේ හැමදෙම මගේ වැරදි " ....

ජීප් එකේ රෝදෙට බූට් සපත්තු දාපු කකුලින් ගහන ගමන් කෑ ගැහුව රෙහානා එහෙම්මම එහෙම්මම ජීප් එකට බර වුනා එයාට ආයෙ ආයෙම මතක් උනේ එයාගේ මල්ලි එයාට කිව්ව කතාව

"දැනගනින් උඹ නිසයි මාම්ට මෙහෙම උනේ හැබැයි මාම්ට මොකක් හරි උනොත් මම තෝව මරනවා අක්කේ පුලුවන් දෙයක් තියෙනවා නම් කරපන් මම මාම්ට උබගේ හෙවනැල්ලක්වත් වැටෙන්න දෙන්නේ නැති වෙන්න උබෙන් ඈත් කරනවා . මට දැන් උඹ මකබෑවිලා ගියත් එකයි "

විහිලුවට රොනාල් රෙහානා එක්ක අනන්තවත් මරාගත්තට කවදාවත් මෙහෙම කියලා නෑ ඒක නිසාම එක හරි තදට රෙහානගේ හිතට කා වැදුනා ඊටත් තමන්ව කවුරුත් සනසවන්න නෑ තමනුයි මෙතන තනිවෙලා ඉන්නේ කියන හැඟීම් තමන් වැඩිපුරම ආදරේ කරන අය වෙන අයව සනසන්න ගියාම දැනෙන හැගිම තමන්ගේ අයම තමන්ට වෛර කරන්න ලෑස්ති වෙනවා කියලා දැනෙනකොට දැනෙන හැඟීම රෙහානව පිස්සෙක් කරන්න සමත් උණ

තත්පරයක් යන්නත් කලින් නැගිටලා පාකින් ලොට් එකේ තියෙන බිත්තියට අතින් ගහගෙන ගහගෙන ගිය රෙහානා නැවතුනේ පිටිපස්සෙන් ආපු කෙනෙක් එයාව ඇදලා ලගට ගත්ත නිසා

"තමන්ට රිද්දගන්න එක හැම එකටම විසඳුමක් නෙමේ "

ලස්සන නිල් දම් සාරියක් කොන්ඩේ බන් එකක් දාලා හැබැයි දැන් තැනින් තැනින් මූනට වැටිලා හුරතල් ලොකු බලල් ඇස් හීනි ඇහිබැම කෙට්ටු පිරිපුන් පැහැපත් ශරීරයක් තමන්ට වඩා දෙගුණයක් පොඩි කෙල්ලෙක් තමන්ව නැවැත්තුවා ! වෙන වෙලාවක වගේනම් රෙහානා තමන්ගේ අතින් අල්ලන් තමන්ව ඇදලා ලගට ගත්ත කෙල්ලගේ කොන්ඩෙන් අල්ලලා විසික් කරන්න තිබ්බා ඒත් දැන් ..........දැන් එහෙම උනේ නෑ !

අහිමි වීමේ බිය
රොනාල්ගේ වචන
හැමෝගෙන්ම තමන් තනිවෙලා කියලා දැනෙන හැඟීම
තමන් නිසා හැමදේම වුනේ කියලා දැනෙන කොට දැනෙන හැගීම

මේ හැම හේතුව නිසාම මිනාගිගේ අතට තම තුවාල අත තදකරගෙනම බිම දන ගැහුව රෙහානා මිනාගි ඉස්සරහම මහ හයියෙන් අඩා වැටුනා

"මම ඔයාව බදාගන්නද මිස් රෙශ්නි "

ඉතින් මේක නෙවේද ඕන උනේ රෙහානට කවුරු හරි තමන්ටත් අස්වැසිල්ලක් වෙයි කියන බලාපොරොත්තුව නෙවේද මුල ඉදන්ම තිබ්බේ ඒ අස්වැසිල්ල මිනාගිගෙන් රෙහානා බලාපොරොත්තු නොවුනත් වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු උනා හැබැයි .........ඕන නෑ ඒක

ඉතින් මිනාගි අහපු පමාවට රෙහානා ගානට පහත් උණ මිනාගිව බදලා අල්ලගත්ත රෙහානා ඉකි ගගහා ඇඩුවේ තමන් කවුද තමන්ගේ නිලය මොකක්ද මේ ඉන්නේ කවුද කියන හැමදේම අමතක කරලා සාමාන්‍ය ගෑනියෙක් විදියට

මොකද මේ හැමදේම පැත්තක තිබ්බම එයාත් සාමාන්‍ය ගෑනු කෙනෙක් හැඟීම් දැනිම් තියෙන !

හැඟීම් නිසාම රෙහානා අසරණ නොවුනානම් තමන්ගේ මල්ලිගේ ක්ලාස් ටිචර්ව බදාගෙන පාකින් ලොට් එකක බිම ඉඳන් අඬන්න තරන් එයාගේ සිහි කල්පනාව නරක අතට නොහැරෙන්න තිබ්බා

"දැන් ඇතිනේ රෙශ්නි තව ඇඩුවොත් ඔයාට හුස්ම ගන්න බැරි වෙයි "

අතේ තිබ්බ ලේන්සුවෙන් රෙහානගේ කදුලුත් පිහදපු මිනාගි නැගිටලා රෙහානට අත දුන්නේ නැගිටින්න ඇත්තම කතාව මිනාගිට රෙහානව අදින්න තියා හිතන්න වත් බෑ ඒත් මිනාගිගේ ඒ මනුස්ස ගතිගුනයට රෙහානා ගරු කලේ හිසත් නවලා

"මට සමාවෙන්න ටීචර් මම හිතලා නෙවේ ......."

"ඉට්ස් ඕකේ රෙශ්නි මෙතනදි මම ඔයාගේ මල්ලිගේ ක්ලාස් ටීචර් නෙවේ "

"ම්ම්ම් "

"කෝ බලන්න අත !"

මිනාගි රෙහානගේ තුවාල අත පරිස්සමින් අල්ලලා බැලුවේ ඇස් දෙකත් ලොකු කරලා

"ඇත්තමයි පොඩි ළමයි වගේනේ ඔයා "

"ස්තූතියි කවුරුත් මාව කෙයා නොකරන වෙලාවේ මං ගාවට ආවට "

"ස්තූතියි කියලා බෑ මට කෑමක් අරන් දෙන්න ඕන හයේ හතරේ කෙනෙක්ගේ කදුලු නෑවට "

කටත් ඇද කරන් සාරි පොටත් ඉනේ පටලන් කිව්ව මිනාගි දිහාවට ලා හිනාවක් දාලා ඔළුව වැනුව රෙහානා ආයෙම ඉස්සරහ බලාගත්තා

"බෙහෙත් දාන්න යං "

"ඕන නෑ මිස්......."

"මිනාගි මම මිනාගි !"

"අහ් මිනාගි මට පොඩ්ඩක් අමතක උනා "

"ඕන නෑ කියලා බෑ යං "

"පොඩ්ඩක් ඉන්න "

රෙහානවත් ඇඳන් යන්න ගිය මිනාගිව නවත්ත ගත්ත රෙහානා ඉනේ ගහලා තිබ්බ සාරි පොට ගලවලා උරහිස වටා විහිදුවලා දැම්මා

"මගේ අතේ ලේ පැල්ලම් සාරි ජැකට් එක පුරා වැටිලා "

"අහ්"

අන්තිමට රෙහානාවත් ඇදගෙන ගිහින් OPD එකෙන් බෙහෙත් දම්මව ගත්ත මිනාගි ඩොක්ටත් එක්කත් කතා කරා

"මිස් ලැනරෝල් තව දවස් දෙකින් එන්න වම් අත නිසා ඔයින් ගියා මදැයි ඇටකටු වලටහානියක් නම් නෑ ඒවුනාට නකල්ස් උඩ නිසා හම පැලිලා ගිහින්.......ඔයිට වඩා සැලකිලිමත් වෙන්න "

"ඩොක්ටර් මට ආයේ එන්න පුලුවන් වෙයිද දන්නෑ අනික මට බෙහෙත් අමතක වෙයි ක්‍රීම් එකක් තියේනම් දෙන්........"

"නෑ එයා එනවා ඩොක්ටර් !"

ඩොක්ටර්ට හිනාවක් දාලා රෙහානා දිහා ඔරවලා බලපු මිනාගි දිහාවට එක ඇහිබැමක් උස්සලා රෙහානා බැලුවා

"යං එළියට "

අන්තිමට රෙහානව එළියට ඇඳන් ආව මිනාගි මූනට වැටුන කොන්ඩේ කෑල්ලකටත් කටින් පිබලා ඉනේ ගහන් හිටිය ෆෝන් එක ඇදලා අරන් සාරි පොටෙන් පිහදලා රෙහානාගේ අතට දුන්නා

"ඇයි මේ ?"

"කොමන් සෙන්ස් නැද්ද නම්බරේ දෙනවා බෙහෙත් ගන්න ඕන විදිහ මම මතක් කරන්නම් "

ගම්බිරිස් ඇටයක් පිපිරෙයි කියලා බයට රෙහානා එයාගේ ප්‍රයිවට් ෆෝන් නම්බර් එක ඩයල් කරලා මිනාගිගේ අතට දුන්නේ මිනාගි අතින් මොනවා හරි ඔබලා ෆෝන් එක ඕෆ් කරලා රෙහානව ඇදගෙන ආයෙම I.C.U එක පැත්තට යන්න පටන් ගත්තා

"මිනාගි මම යන්නම් "

"ඒ මොකටද ?"

"මල්ලි අයියා දෙන්නම මම ඉන්නවට කැමැති නෑ !"

"එහෙම නෑ මෙහේ එන්නකෝ රොනාල්ට දුක හිතිලා ඒ වෙලේ ඉදියේ දරුවෝ කාර් එකේ උනත් රොනාල් ඔයා කියලා හිතලා මාව හරි ආදරෙන් බදාගත්තා "

රෙහානා බලන් හිටියේ මේ කාරුණිකව මොන්ඩිසෝරි යන ලමයෙක්ට කියලා දෙනවා වගේ හැමදේම තමන්ට කියන ගුරුවරිය දිහා ඉතින් අවසානෙදි එයා තීරනෙ කරා ගුරුවරියගේ කැමැත්තට ඉඩ දෙන්න

එයාගේ අතේ පැටලිලා තියෙන මිනාගිගේ අත ගැන එයාටවත් මිනාගිට වත් සිහියක් තිබ්බේ නෑ ඉතින් I.C.U එක ඉස්සරහට ආයෙම ගියපු රෙහානා රොනාල්ගේ එහා පැත්තෙන් ඉදගත්තේ තාමත් ආරධ්‍යගේ උරහිසේ ඔලුවතියන් ඉන්න රොනාල්ට බාධාවක් නොවෙන්න හැබැයි එයාගේ ඉස්සරහා වෙන තවත් සිදුවීමක් එයාට දරාගන්න නම් කොහොමටවත් බැරිඋනා

"අතට මොකද උනේ "

"මුකුත් නෑ "

"මට සමාවෙන්න අ|ක්|කේ "

"ඔයා සමාව ගන්න වැරැද්දක් කරලා නෑනේ අහ්ව් ගහන්නේ මොකද "

" එකට එක කියන් යන්නැතුව සමාව දීපියකෝ "

අන්තිමට මිනාගිගෙන් ගුටිත් කාලා රෙහානා ආරධ්‍යගේ උරහිසේ ඔළුව හංගන් ඉන්න රොනාල්ගේ කොන්ඩෙත් අවුස්සලා ඇස් පියාගත්තා

හිත එකම කාලගෝටියයි

පැත්තකින් අම්මා
පැත්තකින් එයාගේ නොලැබීම

"මිනාගි මිස් මෙයා මොකක්ද කර ගත්තේ අතට "

රොනාල් මිනාගි දිහා බලලා ඇහුවේ රෙහානා මිනාගි දිහා බලලා ඔලුවෙන් එපා කියන්න කියලා අගවද්දි උනත් පරක්කු වැඩියි මිනාගි කියලා ඉවරයි

"දස්කම් පාන්න ගියා එයත් අම්මට ආදරෙයි ඒක කාටවත් පේන්නෑ කියලා "

____________________________________________________________

හායි ලමයි Good morning ❤️

ඔයාලා සැපේද ?

හිතෙන දේ කමෙන්ට් එකක් දාන් යන්න

ලබන අගහරුවාද වෙනක පස්සේ මම එන්නෑ 🌝

දැනිලා තියේද හැමෝම එක පැත්තකට ගිහින්තමන්ව තනිකරනකොට දැනෙන හැඟීම් ?

දැනිලා තියේද ඒ වගේ තනි උණ වෙලාවකට තමන්ගේ පැත්තෙන් කෙනෙක් හිටගත්තම දැනෙන හැඟීම ?

සමහර විට එක උනුහුම් බදාගැනීමකින් සිය දිවි නසාගන්න යන්න පුද්ගලයෙක්ව ජීවත් කරවන්න පුලුවන් !

යන්නාම් !

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

Hope will enjoy this story ❤️

AKESHI 𓆉︎

Continue Reading

You'll Also Like

231K 8.6K 65
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...
87K 14.7K 65
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
193K 26.9K 66
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
32K 4.3K 44
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️