•
•
•
"ඇයි ඔයාලා මට කිව්වෙ නැත්තෙ...??"
"ඔයා බය වෙයි කියලානෙ ඉතින්."
"ඉතින් කියන්නෙ.. ඇයි මං දැනගත්තම මොකක් වෙනවද. මං බය නැ අනික."
"හරි හරි ඉතින් දැන් ඔයා දන්නවනෙ."
"මං එ උනාට තරහයි ඕගොල්ලො එක්ක. කවුරුත් කිව්වෙ නැ මට. හැමෝම මගෙන් හංගනවා. තව මොනා තියෙනවද දන්නැ මගෙන් හංගන."
ටේ සද්ද නැතුව හිටියා. ඇත්තම කිව්වොත් තව ගොඩක් දේවල් තියෙනව සේහි දන්නෙ නැති. ඒත් ජියාගෙ සහ ජූන්ගෙ බල කිරීමට එ කිසි දෙයක් සේහිට නොකියා ඉන්න ජන්කුක් , ටේ වග බලා ගත්තා.
ඒත් අද උන දේ ඉස්සරහ ජන්කුක් කරපු දේ නොකලානම් සේහිට නරකක් වෙන්න ඉඩ තිබුනා.
"මෙ අහන්න සේහි. ඔයාට මෙ ගැන කාටවත් කියන්න බැ. ඔයා දැන් මේ දේ දැනගත්ත නිසා තව දේවල් ටික්ක් ඔයා දැනගන්න ඕන.
ඉස්කෝලෙ ගිහින් කාත් එක්කවත් මේවා කියන්න එපා. මොකද අපි ඉන්නෙ මිනිස්සු ඉන්න මිනිස් වාසෙකනෙ. අපි වගෙ අයත් ඉන්නවා. ඒත් එයාලත් පිට අයට ඇවිල්ලා කියන්නැ එයාලා වුල්ෆ්ලා කියල.
එයාලා දැනගත්තොත් වුල්ෆ්ලට ශිෆ්ට් වෙන්න පුලුවන් අය ඉන්නවා කියලා. නැත්තං වෘක මිනිස්සු ඉන්නවා කියලා ඒගොල්ලොන්ගෙන් අපිට කරදරයි"
"අපිට කිව්වෙ.. එතකොට ඔයත්...??"
ටේ කියවගෙන යනකොට ඉබේම කියවුන දේ නිසා ටේ තොල් තද කරලා කට පියාගත්තා. දැන් සේහිට උත්තර දෙන්නෙ කොහොමද.
"ම්ම්ම්..ඔ..ඔව්. මමත් ජන්කුක් වගේම ශිෆ්ට් වෙන්න පුලුවන් කෙනෙක්."
"ඇයි ටේ ඔයාලා මට එහෙම කරේ..?"
"සේහි අඩන්න එපා. අපිට වුවමනාව තිබ්බා ඔයාට කියන්න. ඒත්.."
"ඒත් මේත් කියන්නෙ මොකද්ද ටේ.."
"ඔයා ජියා ඔම්මගෙන් මේවා අහන්න යන්න එපා. ඒගොල්ලො තමයි කිව්වෙ සේහිට දැන්ම මේ දේවල් දැනගන්න තියන්න එපා හරි කාලෙ ආවම අපිම කියන්නම් කියලා."
"හරි කාලෙ කියන්නෙ මොකද්ද. ඇයි කලින් කියලා තිබ්බනම් මොකද්ද වෙන්නෙ"
"මං දන්නැ සේහි. උත්තර දන්නෙ නැති ප්‍රශ්න අහන්න එපා."
"එයාලා හිතන්න ඇති අපි ඔක්කොම වුල්ෆ්ලා කියලා දැනගත්තම ඔයාට බය හිතේවි. ඔයා වෙනස් වෙයි කියලා."
"ම්..මො...මොකද්ද... ඔක්කොම කිව්වෙ? එතකොට ජියා ඔම්මායි නම්ජුන් අප්පයිත්..???"
"ආහ්! ඉවරයිනෙ දැන්."
"මං යනව ටේ."
සේහි කදුලු පිහදාම ගමන් වේගෙන් ගියා එතනින්..
"සේහි ඔහොම ඉන්න. සේහි මේ අහන්නකො"
"හෝව් හෝව්. කොහෙද මෙ යන්නෙ. මං මෙ ඕගොල්ලොන්ට යමු කියලා කියන්න එක්කන් යන්න එන්න හැදුවෙ."
"අහකට වෙනවා මගෙන් අහගන්නැතුව"
සේහි ජන්කුක්ටත් බැනලා ජන්කුක්ගෙ ඇගේ හැප්පීගෙනම එතනින් වේගෙන් යනකොට සේහි පස්සෙන් දුවන් ආපු ටේ එතනට් ආවා..
"අර මොකද අර අරකිට වෙලා තියෙන්නෙ ?"
"තමුසෙ මෙතන ඒකි ඉස්සරහ ශිෆ්ට් වෙලා බලපන් දැන්. අහන අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න සිද්ද උනා මට.
ඉතින් මටත් ඔහේ ඔක්කොම කියවෙනකොට ඒකි දැනගත්තා අපෙ ගෙදර ඔක්කොම වුල්ෆ්ලා කියලා."
"ආශ්! බොරුවක් කියාගන්න දන්නැද්ද. අනික මං ශිෆ්ට් උනෙ නැත්තං අරූ කනවා මේකිව.
යන් දැන් ඉතින් අර වසංගතෙ තනියම ගිහින් ඊලගට මොනා කරගනීද දන්නැ."
ඊටපස්සෙ මේ දෙන්නා සේහි යන දිහාත් බලාගෙන එයාගෙ පිටිපස්සෙන් යන ගමන් වෙන කතාවකට බැස්සා.
"අහ් ටේ. මෙ කැලේ වුල්ෆ්ලා ඉන්නවද? මං දන්නෙ නැහ්නෙ ඒක. අපි දෙන්නා මේකෙන් හැමදාම වගෙ යනවා අපි කවදාවත් වුල්ෆ් කෙනෙක් දැකලා නැහ්නෙ."
"මමත් ඒක කල්පනා කරා කුකී. කොහෙන්ද මෙ එක පාරට වුල්ෆ් කෙනෙක් ආවෙ. එයා මොන වගේද?"
"එහෙම වැදගත් පාටක් පේන්න නැ. බීටා කෙනෙක් වගෙ. ඇස් දෙක කහ පාටයි වගෙ. ඌ කහ මිශ්‍ර දුඹුරු වගෙ එකෙක්. මට වඩා පොඩියි හැබැයි.
තව දෙයක්.... මං නිකන් දැක්කා ඌ සේහිව ඉව කරලා නිකන් බය උනා වගේ එකක්. ඊටපස්සෙ සේහිට කරදරයක් කරන්න හැදුවෙ.."
"ම්ම්ම්. ඔයින් ගියා මදැයි. දැන් ඉස්කෝලෙ ගියාමවත් ගෙදර ගියාමවත් මෙ කතාව අපි තුන්දෙනා හැර වෙන අය ඉන්න තැන ඇදලා ගන්න එපා හොදද."
"මං ඕවා කියන්න යන්නැ අරකි තමයි.
ඒ සේහි... ඉන්නවා අපිත් එනකන්."
සේහි නිකන් කෝච්චිය වගේ තරහින් යනවා ගස්ස ගස්ස. ටේ සහ කුකිත් පස්සෙන් එනව මේ කෝලන් වලට හිනාවෙවී.
________________|•
ඉක්මනින් ඉක්මනින් ඉස්කෝලෙ ගාවට ආපු මෙ තුන්දෙනාටම දැකගන්න පුලුවන් උනේ ඉස්කෝලෙ පටන් අරන් ගේට් එකත් වහලා කියලා. තුන් දෙනාම තුන් දෙනාට රව රව එක එක්කෙනාගෙ වැරදි කිය කිය කරන්නෙ මොකද්ද කියලා කල්පනා කරන්න ගත්තා.
"හුටා..දැන් ඉතින් හැරිලා ගෙදර යමන්."
"පිස්සුද කුකී. මට අද ඩාන්සින් ප්‍රැක්ටිස් තියෙනවා. කොහොමහරි ඇතුලට පැනගමුකො."
"අපි තාප්පෙන් පනිමු.."
"අනෙ මෙහ් ගෙදර යමන්. මෙ මේකි නිසා තමයි සේරම. මලක් බලන්න ගිහින් තව පොඩ්ඩෙන් මල් වඩමක් ගෙදරට ගෙනියම වැඩක් සෙට් වෙන්න හැදුවෙ"
"මං නෙවෙයි තමුසෙනෙ. ගෙදරදි කරන්න ඕන ඒව කරලා එන්නෙ නැතුව.."
"හා හා මේ දෙන්නම නවත්තගන්නවා. අපි බලමු අර පැත්තෙන් තියෙන තාප්පෙන් පනින්න පුලුවන්ද කියලා."
තුන්දෙනාම ඉස්කෝලෙ තාප්පෙ ගාවට ගියා..
"මං කොහොමද මේකෙ නගින්නෙ.."
"ඒකනෙ ටේ සේහිට නගින්න බැහ්නෙ. ගෙදර යන් නෙහ්. හී.."
"අපි උදව් කරන්නම් සේහි. ජන්කුක් නගින්න ඉස්සෙල්ලා තාප්පෙට ඊටපස්සෙ සේහිව ගන්න."
"හාපො විසාල කරදරයක් උනානෙ මේක."
කුකී.....!
ටේ තරහින් කුකිගෙ දිහා අත්දෙකත් බැදගෙන බලන් හිටියා.
"ඉදහන් ඉදහන් නගිනකන්."
ජන්කුක්ට කිසි උවමනාවක් තිබ්බෙ නැ ඉස්කොලෙට යන්න. ඇත්තම කිව්වොත් ඊයෙ රෑ නාලා සේහි සනීපෙට කොන්ඩෙ පිහිදාලා ගියාම ඇදට වැටුනා වැටුනමයි homework මුකුත් කරෙ නැ කියලා උදෙ නැගිට්ටම තමයි ජන්කුක්ට මතක් උනේ.
ජියාගෙ බලකිරීම මත ඉස්කොලෙ යන්න ලෑස්ති උනත් ජන්කුක් පරක්කු කරෙ යන්න බැරි නිසා. ඒත් ටේගෙන් බේරිල්ලක් ඇත්තෙම නැ.
"සේහි. දැන් මගෙ අත් දෙකට කකුල තියලා පරිස්සමට නගින්න. ජන්කුක් සේහිව අල්ලගෙන උඩට ගන්න."
"කෝ මෙහෙ වරෙන් ඊරි..අත දියන්"
"අනේහ්... බලන්නකො ටේ.."
"රන්ඩු වෙන්න එපා කිව්වනෙ. සේහිව උඩට ගන්න."
සේහිව පරිස්සමින් උඩට ගත්ත ජන්කුක් පරිස්සමට තාප්පෙ එහා පැත්තෙන් තිබ්බා. ඊටපස්සෙ ටේටත් අත දීලා එයාවත් උඩට ඇදලා ගත්තම දෙන්නම තාප්පෙන් එහා පැත්තෙ තියෙන පොඩි කොරිඩෝ කෑල්ලට පැන්නා.
මේගොල්ලො හිමීට ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක පිටිපස්සෙන් වැටිලා තියෙන කොරිඩෝවෙ කාටවත් ඇස ගැටෙන්නැතිවෙන්න ඇවිදන් ආවා.
ඔෆිස් එක ඉවර වෙන තැන හා ස්ටාෆ් රූම් එක අතර තියෙන පරතරයෙන් ඉතාමත් සූක්ශමව එලියට පැනගත්ත මෙ තුන්දෙනා එකිනෙකාට සමු දීලා ක්ලාස් වලට යන්න හදද්දිම......
"ඒයි ඒයි ඔය තුන්දෙනා.. මෙහෙට එනවා.."
ඉස්කොලෙ පටන් අරගෙන ලමයි ඔක්කොම පලමු කාලච්ඡේදයෙ වැඩ ආරම්භ කරලා ඉන්න අතරෙ, සුපුරුදු පරිදි ඉස්කොලෙ වටා පාද සංචාරය කරලා ආයෙ තමන්ගෙ ඔෆිස් එකට ආපු ප්‍රින්සිපස් ලීන් ශී ට මේ තුන්දෙනා හොරගල් අහුල අහුල යනකොට අහු උනා.
"හරිනෙ දැන් අමාරුව ඔය කරගත්තෙ. අච්චර කිව්ව ගෙදර යමන් කියලා ඇහුවෙ නැහ්නෙ ඇහුවෙ නැහ්නෙ.. කොහෙද ඉතින් අපිට රැව්ල නැනෙ. දැන් කාපන්කො කට්ට"
"කතා කරන්න එපා. යන් දැන් ඉතින්"
"කුටු කුටු ගාන්න නෙවෙයි මං කිව්වෙ මෙහාට එන්න කියලා."
සේහිවත් පස්සට කරගෙන අර දෙන්න ඉස්සර වෙලා බිම බලාගෙන ප්‍රින්සිපල් ලගට ගිහින් හිටගත්ත මෙ තුන්දෙනා දැන්නම් හිටියෙ හීන් දාඩිය දාලා.
"හරිම ආදර්ශමත් prefectsla තුන්දෙනෙක්නෙ. බොහොම හොදයි ඉස්කෝලෙට එන වෙලාව..
මං හිතනවා පරක්කු උන එකට තමුන්ලට හොද සාධාරන හේතුවක් ඇති කියලා. ම්ම්ම්?"
ඒ තියුනු රුද්‍ර බැල්ම එ තුන්දෙනාට එල්ලවෙන ගමන් එහෙම ඇහුවම තුන්දෙනා මාරුවෙන් මාරුවට මූනවල් දිහා බැලුවා දැන් ඉතින් හේතුවට මොකක්ද කියන්නෙ කියලා හිතාගන්න බැරුව...
චටස්.......
අතේ තිබ්බ වේවැල වේගෙන් එතන තිබ්බ ඩෙස් එකකට වැදුනු වෙලාවෙ මෙ තුන්දෙනා ගැස්සිලා ගියා. එයාලට තේරුනෙ ඒගොල්ලොන්ගෙ ඇග හරහා අකුනක් ගියා වගෙ..
"කටවල් නැද්ද ආහ් තමුන්ලගෙ. කතා කරනවා. මං ඇහුවෙ ඇයි පරක්කු කියලා. එනවා ඔෆිස් එකට.."
තුන්දෙනාම බය වෙලා ලීන් ශීගෙ මූන දිහා බැලුවා.
"මගෙ මූන දිහා බලන්න නෙවෙයි ඔෆිස් එකට එන්න කිව්වෙ තමුසෙලාට."
"ම්ම්ම්. දැන් කියන්න. ඇයි පරක්කු උනේ.. Head prefect Teahyung.. කතා කරන්න.
Games captain Jungkook..හේතු ඉදිරිපත් කරන්න බලමු. ඒ වගේම Junior prefect Sehiya. සද්ද නැතුව ඉන්න එපා ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න."
ඔව්. ඉස්කෝලෙ හැමෝම දන්න තුන්දෙනෙක් උන මේ තුන්දෙනාම වගකීම් සහගත ප්‍රිෆෙක්ට්ස්ලා තුන්දෙනෙක්.
|ටේහ්‍යුන් ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට්. එයා තරම් ඩිසිප්ලීන් තියෙන දක්ශ ලමයෙක් මෙ ඉස්කොලෙ නැති තරම්.
-IQ level එක ඉතාමත් හොද මට්ටමක තියෙන පිට පිට හැම සැරේම බැජ් ටොප්
-ඉස්කෝලෙ ගිටාර් ක්ලබ් එකෙ කැප්ටන්,
-හොදම විනය,
හැම ගුරුවරයෙක්ගෙම ආදරය දිනාගත් කීකරු ශිෂ්‍යයෙක් සහ ඒවගේ නායකත්වයට ගැලපෙන හොද ගාම්භීර කඩවසම් පෙනුමකුත් ටේහ්‍යුන්ට තිබුන නිසා ප්‍රධාන ශිෂ්‍යනායක තනතුරට මීට වඩා ගැලපෙන කෙනෙක් හිටියෙ නැ.|
|ජන්කුක්.. ඉස්කෝලෙ ගේම්ස් කැප්ටන්. ජන්කුක් තරම් ස්පෝට්ස් වලට දක්ශ ලමයෙක් මේ ඉස්කොලෙ විතරක් නෙවෙයි වෙන ඉස්කෝලවල පවා හිටියෙ නැති තරම්.
සූක්ශමව මොලේ පාවිච්චි කරලා ඕනම ක්‍රීඩාවකින් ජය ගන්න ජන්කුක්ට හැකියාව තිබ්බා
-The fastest runner of the year
-Best volleyball player, best basketball player, best cricketer....see more
-ක්‍රීඩාවටම සරිලන විදියට හැඩගස්වාගත් ශරීරය
ජන්කුක්ගෙ දඟකාරකම් වලට සෙල්ලක්කාර කතා වලට ටීචර්ලත් හරි ආදරෙයි. ඒ නිසා ජන්කුක්ත් ගුරුවරුන්ගෙ අතරෙ කතාබහට ලක්වෙන හුරුබුහුටි කෙල්ලෙක් වෙලා හිටියා.
ඒ හුරුබුහුටි කම නිසාද කොහෙද ඉතින් කොලේජ් එකෙ මෙයා පස්සෙ වැටුනු කෙල්ලොන්ගෙනුත් අඩුවක්නම් තිබ්බෙ නැ.
කොහොම උනත් Games captain කියන බැජ් එක වෙන ලමයෙක්ගෙ uniform එකට වඩා ජන්කුක්ගෙ uniform එකට perfect විදියට මැච් වෙනවා..|
|සේහියා....තාම ජූනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් නිසා සේහියාට අර දෙන්නට තරම් පෝස්ට් එකක් තිබ්බෙ නැ. හැබැයි එයත් මෙ කොලේජ් එකෙ කැපී පේන ලමයෙක් තමයි.
-Leader of the college Dancing club
-Leader of the college girls' Western band
-Leader of the college nature club (සේහි හේතුවක් නොදැනම පොඩි කාලෙ ඉදලා පරිසරයට අසීමිතව ආදරය කරන කෙනෙක්)
-කොලේජ් එකේ විනය සම්බන්ධව හොයලා බලන ශිෂ්‍යනායක මන්ඩල කමිටුවෙත් නායකත්වය ගත්තෙ සේහි...
ඒ වගේමයි සේහිට අසාමාන්‍ය ලස්සනක් පිහිටලා තියෙන නිසාත් කොලේජ් එකෙ බාල වැඩිමල්, ගෑනු පිරිමි භේදයකින් තොරව ලමයින්ගෙ ආකර්ශනය සේහි දිනාගෙන තිබ්බා. සේහි බාහිර ලස්සනින් වගේම හිතිනුත් හරිම කරුනාවන්ත, සුහදශීලී ලමයෙක් උනා..|
"ප්..ප්‍රි..ප්‍රින්සිපල් ස්..සර්. අ. අපි මේ. පරක්කු උනේ"
"තමුසෙලා මගෙන් හැමෝම ඉස්සරහ වේවැල් පාරක් කන්න ඕන්නැත්තං ඇත්ත කියනවා"
"සර්. මං කියන්නම් මොකද්ද උනෙ කියලා"
සේහි ගොත ගහ ගහ කියන්න බොරුවක් හොයනකොට ප්‍රින්සිපල් සර්ට කේන්ති ගිහින් කටහඩේ ශබ්දය ටිකක් උස් කරාම සේහි තව බය උන නිසා සේහිට කතා කරන්න දෙන්නැතුව ටේ කතා කරන්න ගත්තා.
"හහ් කියනවා බලන්න. හැබැයි ටේහ්‍යුන් මං විශ්වාස කරනවා ඔයා මට ඇත්ත කියයි කියලා"
"sure sir. අපිට අද පොඩ්ඩක් වේලාසන රෙඩි වෙන්න බැරි උන නිසා පයින් තමයි ස්කූල් එකට ආවෙ. ඒ එන අතරමගදි පාර පනින්න යනකොට හරිම careless විදියට ජිප් එකක් ආවා. ඉස්සෙල්ලම පාර පනින්න ඉස්සර උනෙ සේහි..
ඒ ජිප් එක සේහිගෙ ඇගේ ගෑවි නොගෑවි වගෙ ගියා. සේහි බය උන පාරට බිම වැටුනා. ඒ එක්කම එ ජිප් එක ඇතුලෙ හිටපු කෙනෙක් බීලා ඉවර උන වයින් බෝතලේකුත් එලියට විසි කරා. ඒක වැටුනෙත් සේහි වැටිලා ඉන්න තැනටමයි.
ඉතින් මමයි ජන්කුක්තුයි සේහිව නැගිට්ටන්න එතනට යනකොට සේහි තනියම නැගිටින්න උත්සාහ කරපු එකෙන් උනෙ එයාගෙ වැලමිට අර බිදුනු වයින් බෝතලේ වීදුරුවකට පොඩ්ඩක් තුවාල උන එක.
මම අනුමාන කරනවා සර් ඒ ජිප් එකෙ ඉන්න ඇත්තෙ අනිවාරෙන්ම ඩ්‍රින්ක්ස් ගත්ත අය. අපි ඊටපස්සෙ සේහිව නැගිට්ටවලා එහෙන්ම ෆාමසි එකකට ගිහින් සේහිගෙ තුවාලෙට බෙහෙත් දාගත්තා.
ඉතින් සර් සේහිගෙ අව්ල් වෙලා පොඩ්ඩක් දූවිලි ගෑවිලා තියෙන uniform එකයි, එයාගෙ අතෙ තියෙන තුවාලෙයි දැක්කම මං හිතනවා සර් මං කියන දෙ ඇත්ත කියලා පිලිගනි කියලා."
(A/N = කෝමද සට සට ගාලා dramatic ලෙස බොරු කීමෙ හැකියාව 😌)
ටේහ්‍යුන් බොහොම සන්සුන්ව එකම ඉරියව්වෙන් ලින් ශී දිහා බලාගෙන පැහැදිලිව කතා කරගෙන ගියා. ලින් ශී ඊටපස්සෙ ටේහ්‍යුන් කිව්ව දේවල් අනුව සේහිව පරීක්ශා කරා..ඇත්ත තමයි සේහිගෙ ඇදුම පොඩ්ඩක් පොඩි වෙලා දූවිලි ගෑවිලා තිබුන අතර එයාව වුල්ෆ් සපා කාපු තුවාලෙ සීරීමක් වගෙත් පෙනුනා.
ඉතින් ප්‍රින්සිපල් ලින් ශීට ටේහ්‍යුන් කිව්වෙ බොරුවක් කියලා හිතන්න තරම් සාක්ෂි තිබ්බෙ නෑ. මේ අතරෙ ජන්කුක් සහ සේහියා නම් හිටියෙ ඒ කතා කරේ ටේද කියලා හිතාගන්න බැරුව.
නිකමටවත් බොරු කියන්නැති ටේ එක දිගට ඇත්තම කතාවක් වගෙ හරියටම ගලපලා පත බොරුවක් කිව්වෙ කොහොමද කියලා ඇස් දෙක එලියෙ දාගෙන ඒ දෙන්න බලන් හිටියා.
"ම්ම්ම්.. I can understand this situation පුතා. මං පිලිගන්නව ඇත්ත ඕක තමයි කියලා. සේහි.! දරුවො ඔයාට අමාරුනම් ඔයා sick room එකට ගිහින් ටික වෙලාවක් විවේක ගන්න පුලුවන්. uniform එකත් චේන්ජ් කරගන්න පුලුවන්නෙ එතකොට.
ඔය දෙන්නා එහෙනම් නංගිව සික් රූම් එකට දාලා ක්ලාස්වලට යන්න. ඒ වගේමයි පාරෙ එනකොට මීටවඩා තවත් සැලකිලිමත් වෙන්න ඕන. උදෙන් නැගිටලා ස්කූල් එකට එන්න ඕන.
ආයෙ මෙහෙම දෙයක් නොවෙන්න වග බලා ගන්නවනම් හොදයි. මොකද ඔය තුන්දෙනාම කොලේජ් එකෙ අනිත් අයට ආදර්ශමත් විදියට හැසිරෙන්න ඕන වගකීම් තියෙන අය..."
"Ok sure sir..ආයෙ මෙහෙම දෙයක් වෙන්නෙ නැ"
"හොදයි එහෙනම් දැන් තුන්දෙනාට යන්න පුලුවන්."
tea, kookie, sehi :- "Thankyou very much sir!"
ප්‍රින්සිපල්ට තෑන්ක් කරලා මේ තුන්දෙනා ඔෆිස් එකෙන් එලියට ආවා. කොරිඩෝ එකෙ ටික දුරක් සද්ද නැතුව ඇවිදපු තුන්දෙනා ඊටපස්සෙ ජන්කුක්ගෙ හඩ අවදි කිරීමෙන් ඒ නිශ්ශබ්දතාවෙන් බිදුනා..
"කොහොමද එච්චර ලස්සනට තාත්විකව බොරු කියන්න පුරුදු උනේ🥲?"
•
•
•
•
ʜᴇʏ ʙᴇᴀᴜᴛɪᴇꜱ 🌝🌹
කොහොමද ඉතින් ඔයාලට. අනෙ මන්ද කට්ටිය කියෙව්වට වෝට් එකක්, කමෙන්ට් එකක් දාන්නැති නිසා මට හිතෙනවා කතාව හොද නැද්ද දන්නැ කියලා ☹️
එ නිසා අප්ඩේට් දැම්මෙත් නැතුව හිටියෙ. unpublished කරනවද කියලා හිත හිත ඉන්නෙ. බලමුකො.
ඒනම් පරිස්සමින් ඉන්න... කියවන බෙයා බබාලට ආතරෙයි ගොඩක් 🫢🧸❤️🩹...!
bye ☽♡☾