EVENING PRIMROSE | COMPLETED

By loffee_ee

42.3K 4.7K 1.6K

ආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන... More

🧁
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58 (අවසානයට)

39

451 58 24
By loffee_ee

"හුඟ කාලෙකින් යමන්ද kcc සුරඟනන් බලන්න"

"කවුද ඒ"

"උඹ ඕ ලෙවල් කාලේ අපි එක්ක නෙවෙයි නේ බන් හිටියේ. යමන් කො ගමනක්.උඹට වෙලා යන්නෙ නෑ නේ"

"නෑ නෑ."

සුධර්මාරාමේ කියන මහනුවර සුවිසල් උපකාරක පන්ති කදවුරට වෙලා මිහිදුම් අකිත් එක්ක ක්ලාස් කාඩ් අරගෙන එනකල් මමයි මනුතයයි ශෙහානයයි එතන බැම්මට හේත්තු වෙලා හිටියා. අරුන් දෙන්න එන්න වෙලා යන නිසා මමයි මනුතයයි සර් කෙනෙක්ගෙ පොඩි බ්ලැක් ඇන්ඩ් වයිට් පෝස්ටර් එකකට මේකප් එකක් දදා හිටියේ. වෙලා යන එක හොඳයි මේ වෙලාවේ පහලට යනව කියන්නේ අරගලේ වගේ. පොඩි පාරෙන් එකයි ළමයි. මේ එන පාරෙම තව ලන්ඩන් බ්‍රිජ් කියලා ඉන්ස්ටියුට් එකක් තියෙනව.ඒකෙයි අපෙ එකෙයි දෙකේම එක පාර ක්ලාස් ඇරියම ගෝටා ගෝ ගම වගේ සෙනඟ.අපිට පිසික්ස් රිවිශන් එක දවසට විතරක් එහෙම එකක් සෙට් වෙනවා. 

"අඩෝ අර උඩ ක්ලාස් එකේ ඉන්න සර් ඇයි බන් මෙහෙ බලන් ඉන්නේ" ෆෝන් එක කකා හිටිය ශෙහාන් අපෙන් අහනකොට අපිත් පෑන අයින් කරලා ඌ කිව්ව පැත්ත හැරුනා.

"දැකලා හුරුයි නේ බන්"

"මේ අපි දාගෙන පාට ගාන්නේ ඒ සර් වද ඕයි"

"අඩෝ..යමන් බන්.." අපි ඒ පැත්තවත් නොබලා ක්ලාස් එකේ ගේට්ටුවෙන් එළියට ඇවිත් ගාමිණි අංකල්ගේ කඩේ ළඟට වෙලා හිටියේ.

"හැබැයි සර්ට හිනා ද කොහෙදො" 

 ශෙහාන් ට හිනා. සර් ටත් හිනා ගියා ද කොහෙදෝ .අපි දෙන්න නම් ටිකක්  බය වෙලා හිටියේ. කඩේ ගාමිණී අංකල් හරි හොඳයි. පිටිපස්සට පොඩි කොණ්ඩ ගුලියකුත් ගහගෙන ඉන්න එයා අපි ගජ යාලුවෙක්. අපි විශේෂයෙන් සෙට් වෙන්නේ වැස්ස දවස් වලට ,කවුද අනේ කුඩ අරන් යන්නේ අපි වැස්ස පායකල් ගාමිණි අංකල් එක්ක රටට බැන බැන ඉන්නවා.නැත්තන් ගුඩ් මෝනින් අංකල් යන්නම් අංකල් කියාගෙන එතනින් දුවනවා.

"පයින්ම යමුද බන්" 

 අරුන් කාඩ් එක ඩිසයින් කරලා ප්‍රින්ට් කරලා තමා ඇරගෙන ඇවිත් තියෙන්නේ. නැත්තන් ඔච්චර වෙලා යනවද මං අහන්නේ.අර සර් ආවොත් එහෙම කියලා හිතේ බයකුත් තිබුණා .කොහොමහරි අද ක්ලාස් එක කලින් ඉවර වුණ නිසා අපි රස්තියාදුවක් ගහන්න ටවුන් එකට යන්න ඉන්නේ. මෙහෙම දවල්වලට වට පිටේ උන්ගෙන් මැරුන් විතරයි කන්නැත්තේ.අනික කැප් දාලා නිසා අඳුරන කෙනෙක් වුනත් දෙපාරක් බැලුවොත් ඇරෙන්න අදුරගන්න අමාරුයි.

"ඔව් යන්..බස් එකේ ගියත් එක හෝල්ට් එකයි නේ.මෙහ් අයිස් එකක් වත් ගමු බන් "

"අර පෙට්ටි කඩේ බලමු. උඹ කියනේ අර හිම කිරණ නේ. නැත්තන් ගහන එව්වද"

"අඩොව්..අහමුද ගිහින්" මං මනුත් එක්ක සල්ලිකාර දෙමව්පියන්ගෙ හිඟන ළමයි දුන්න විස්සෙ කොළයි දහයේ කාසි අරගෙන පාර පැනලා සිල්ලර බඩු කඩේට ගියා.

"අයියේ.අයිස් තියේද"

" ඇතුළට එන්න මල්ලිලා"

"ආපූ අයියේ.මේව නෙවෙයි.මෙව්ව අයිස් ද.. යමු වස්තුව.ඔයාට මම වෙන එකකින් අරගෙන දෙන්නම්..පොඩ්ඩ්ක් ඉවසලා ඉන්න.ම්ම්..ආදරෙයි නේ මම .." මනුත් මගේ කරට අතදාලා ක්ෂනික බෝයි ෆ්‍රෙන්ඩ් වෙච්ච ගමන් මමත් උගේ බෝයි ෆෆ්‍රෙන්ඩ් වුණා.

"අනේ මම මැරෙයිද ඒයි..මට නැතුව ඉන්න බෑ නේ"

"නෑ නෑ. වස්තු..අ.."

"මේ ළමයි ඔයාලා කරන දෙයක් එළියට ගිහින් කරගන්නවද.ශික් අප්පිරියාවේ බෑ..පිරිමිද උඹලා"

"ම්හුක්...නෑ නේ..මගෙ සැවුලවත් නැ අනේ..මේ..කටුත් නෑ..."

"අඩන්න එපා මැනික.අපි යන්"

"මල්ලිලා බඩු තියෙනවා."

අපිට සල්ලි නෑ ඕයි !

"එපා..අයියේ.. මෙයාගෙ හිත තැලුණා .අපි යන්නම්..ආයෙම එන්නම්"

මනුත් ගිය සැනින් ම මාවත් වාරු කරගෙන කඩෙන් එළියට ආවා.

"අඩොව්.ආයෙ යන්නේ කොහොමද ඕයි"

"ආයෙ යන්න ඕන් නෑ..මම නම් බස් එකේ එද්දි වත් කඩේ පැත්ත බලන්නෑ" 

අපි එනකන් පාරෙ එහා පැත්තෙ හිටිය සෙට් එකට ඒ පැත්තන්ම එන්න කියලා අපි දෙන්න ආවේ අයිස් නැති එකේ පැටිස් ගන්න. මොක වුණත් අපිට හරි අවස්ථාවක් නේ. ඕක කෑම්ප් එකට කිව්වම අයියලා දෙයි මුන්ට අයිස්. විහිලුවක් වුණත් වැඩේ මාට්ටු වුණා නේ. අනේ මන්ද ඒ කඩේ එකා එච්චර ගොන් ද

"කන්න ද මල්ලි"

"කන්නෙ නැතුව ඕක අරන් ප්.. නෑ අයියේ අරගෙන යන්න"

මං උඩ බලාගත්තා. පැටිස් කඩේ..පැටිස් කඩේ නෙවෙයි ඒක සල්ගාදු එක.ඒකේ වයස හැටක විතර වෙන්ඩ සීය කෙනෙක්ගෙන් පැටිස් පහක් ඉල්ලුවම ඒක කන්නද ඇහුව එකට මනුතයා දුන්න උත්තරේ එක්ක මට බිම බලන්න හිතුනේ නෑ.

 "අංකල් අයිස් තියෙනවද. අර පහේ ඒවා"

"පහේ ඒව කොහෙද දැන් මල්ලි. ඒක පහළොවයි"

"එපා අංකල්"

කඩේ මෑන් මල්ලි මල්ලි ගාන ගාන සැරේට මූ අංකල් කියලා අතෑරලා හීන්මිච්චන් පැටිස් ටිකක් අරගෙන අපි අනිත් අයට සෙට් වුණා.

"මෙව්වා අල්ල සයිස් වත් නෑ නේ අප්පා. බඩගින්නේ උන්නානම් සැපා.නිකන් පනුවෝ ඇවිස්සෙන එක විතරයි"

 පැටිස් ගිල ගිල අපි වැව රව්මෙන් ඇවිත් සහස් උයනේ එක එක වර්ගවල අච්චාරුත් අරගෙන එතනින්ම කේසීසී එකට රිංගගත්තා.දැන් අච්චාරු කකා කෙල්ලෝ බලන්න තියෙන්නේ.

"මුන්ට වතුර එකක් ගැහුවොත් ගින්දරී වගේ ඉදී නේ බන්." මේක ඉතින් ශෙහාන්ගේ මුල්ම දවසෙනේ එයාට කුතුහලේ හරියට.

"අර බලපන් කොන්ඩේ.මට රෝස පාටට පේන්නේ ලයිට් එකක් ද නැත්තම් ඒකිගේ කොන්ඩෙද"

"කොන්ඩේ යකෝ...තොල් දෙක බලපන්..වදුරු පුකක් වගේ"

"හෙමින් කියපන් භල්ලො" 

මං මනුත්ගෙ අතේ තිබුන අච්චාරු එක මගෙ එකට මාරු කරා.මගෙ හිමිකාරයා ඉන්නවා මට එහා පැත්තේ.එයා හිටිය කියලා මොකුත් කියන්නේවත් ඔරවන්නේ වත් නෑ.අපි මේ විනෝදෙට ආව ගමනක් මිසක් ඇත්තාටම මනමාලියෙක් බලන්න ආව ගමනක් නෙවෙයි කියලා එයාගේ පුංචි මොලේට තේරෙනවා. එයා හරි ආසයි නේ මංචි ටිකිරි මාරි වලට.

"එක පාර බලන්න එපා. අර උඩ ෆ්ලෝ එකේ උඩැක්කි ටික අපෙ පැත්තට ඇන්ටනාව දාගෙන ඉන්නෙ බන්.බලන්න එපා..උඹල එක්ක බෑනේ." අකිත් ඇරෙන්න අපි සේරම එක පාර උඩ බැලුවම ඒ කෙල්ලො ටික අතින් කට වහගෙන වෙන පැත්තක් බැලුවා. ශුවර් එකටම දැන් උන් අපිව බැදලත් ඇති.

"අහපන්කො. කෙල්ලොන්ට හිත ගියා වගේ උඩට යමන්. මෙතන නීත්‍යානුකූල භාරකාරියක් නැත්තේ අකිත් ටනේ..අපි දැන් ඒකෙන් එකෙක් උඹට සෙට් කරන්න වගේ යමු.ඒකරලා පච ෆෝන් නම්බර් එකක් දීල එමු."

"මුලදි හේයි ස්විටි කියමු.කෙල්ල හෙයි වගේ කිව්වොත් දිගටම කඩ්ඩෙන් කොටමු. ගනින් ikman.lk එකෙන් ඔය රෙන්ට් එකට ගෙවල් දෙන නම්බර් එකක් වත්.හිදුවා උඹ ශේප් එකේ හොයපන්"

මිහිදුම් රූම් එකට වරුවකට 2000 යි කියල තිබුන ෆෝන් නම්බර් එකක් හොයලා දුන්න. ඒ වෙනකන් අකිත් සැරෙන් සැරේ කෙල්ල්ව ටෝක් කරන රඟපෑමක් දැම්මා. අවසානේ ෆෝන් නම්බර් එක ශේප් එකේ පාඩම් කරගෙන අපි උඩට ආවා.

"hey dear.."

"heyy" හරිනේ නාපන් කෙල්ලේ දැන්.

"you so pretty" 

 ලස්සනයි කිව්ව නිසාද කොහෙදෝ කෙල්ල රතු වුණ.අනික පුදුම වැනිල්ලක් නේ.එතන හිටිය ලස්සනම උඩැක්කිය වෙලත් කොණ්ඩේ දෙකට බෙදලා ඒකත් ඔලුවේ ඉදලම ගොතලා තව පොඩි කටුත් ගහලා අනේ මන්දා කීයට ලෑස්ති වෙන්න පටන් ගත්තද දන් නෑ.

"thank you brother" බ්‍රදර් කියන්නේ නෑ අයියා කියල කියන්න ඕනේ.කෙල්ල මොකද්දෝ අමුතු විදිහට හිනා වුනා.

"so..love at first sight. I fell in love with you so badly,u so adorable"

 "aws Yehas come on" මනුත් පච නමක් දාලා අකිත් ට තට්ටුවක් දැම්මා.මේ වගේ වෙලාවල් වල සාමාන්‍යයෙන් ටෝක් කරන එකාගෙ පැත්තේ අය හිනා නොවී ඉන්න ඕනේ.මට එක පුලුවන් වුණා.මොකද එතන හිටිය ගොන් බෙටි උඩැක්කියක් ඇඹරි ඇඹරි මගේ අභිශේකා දිහා බලන් හිටියා. දෙන්නේ තොට.. මයෙකාට නම් ගානක් නෑ. 

 ශෙහානයත් කඩ්ඩෙන් හෙන දිග හෑල්ලක් කියාගෙන ගියා.. මිහිදුම් මොකුත් කියන්නේ නෑ නේ මාත් කටවහගෙන හිටියා.

"can I have your number" කෙල්ල පිටිපස්ස හැරුනා.

"noh..take my number. If you got a time text me mmmmm..."අකිත් පාඩම් කරගෙන හිටිය ෆෝන් නම්බර් එක හරි ඌට මතක එකක් හරි ඒ වෙලාවෙ ලියලා තාත්වික රඟපෑමක් කරා.

"but.. If you can ..can you please call me.since um a lit busy, it's better to call instead of text"


"කෙල්ලට රෙද්දේ රෙවිලද දන් නෑ.මොක වුණත් අතාරින්න බෑ බැල්මක් දාගෙන ඉන්නේ." කෙල්ල නම්බර් එක ගත්තා.අපි ආව එන්න. අකිත් ටිකක් වෙලා ඉදලා යන්නම් කියලා ආදරණීය විදිහට කියලා ආවා එන්න.

"අනේ බන් මට කෙල්ල කෝල් ගන්න එක අහන්න ආසයි ඕයි. "

"මටත්..අපෙ කාගේ හරි එකක් දෙන්න තිබුන හැබයි" 

ශෙහාන් අනිත් පැත්ත හැරිලා කියාගෙන ගිහින් ඌ වගේම අසිහියෙන් ආව කෙල්ලෙක්ගෙ ඇඟේ හැප්පුනා. මේ ගොන් වහන්සේ දෙකට නැවිල සොරි කිව්වා.අපි kcc එකෙන් එළියට ඇවිත් ටොටින්ටන් එක උඩට ගියා.' සුදු අම්මිලාගේ පාරාදීසේ'

 "අඩෙ යකො ඔඩොක්කුවෙත් එක්ක" අකිත් ට ඒක හයියෙන් කියවුනා. අපි සේරම හිටියේ කැප් දාගෙන නිසා එච්චර මූණු වට පේන්නේ නෑ.

"සුදු අම්මිලා ගොඩයි නෙ බන්. මට තනිකඩ බව උපරිමේට දැනෙනවා." ශෙහානයත් උන්ට ඇහෙන්නම කියලා දැම්මා.

"වාඩි වෙන්න තැනක් නෑ නේ.මැදෑ දහම් කරුනු සාකච්චා කරන්න ආවා."

අපි දැක්කා සුදු අප්පච්චිලා අපිට රවාගෙන ඉන්නවා. මෙතන නම් ටිකක් බයානක තැනක් වගේ හිතුන හින්දා මං මිහිදුම් ළඟට ආවා. අරුන් දාගෙන හින්ට ඇදබානවා.

"ඕයි..උබලා මොකද්ද ඉස්කෝලේ"

 "උඹ මොකෙද බන්"

"මං ඇහුව එකට කියපන්. දැකලා නැතු මූණු ටිකක්"

"එහෙම තමයි ඒයි.අපි මෙහෙම තැනකට අලුත්. ආයෙ එන්නෙත් නෑ" අකිත් පිට පිට ඒකා එක්ක එකට එක කියවනවා. ලුක් එකෙන් ටිකක් ඇඟ පත තියෙන එකෙක්.ඒකට හරියන්න ඌ එක්ක හය හතක් කොල්ලො හිටියා.

"අනුන්ගේ හැදියාව කියන්නේ උඹලා මොකෝ වෙස්ට් විව් එකෙද. "

අඩොව් !!..අකිතයගේ කටත් ඇරුනා.අපි සේරගෙම කටවල් ඇරුනා.

"ඔයා ඒකෙත ඒයි"

"මේ හලො.. වැඩක් නැත්තන් පලකො"

"ඇයි වෙස්ට් විව් එකේ උන් ලොකුද" මං නිකන් මම නෙවෙයි වගේ අහලා දැම්මා.

"මේ අයිසේ..ඒකෙ උන් උඹල වගේ කුපාඩි නෑ.උඹලා වගේ රස්තියාදු ගහන්නෙත් නෑ.පල යන්ට මෙතනින් කිව්වම අහල උඹලව අපිට අල්ලන්නේ නෑ"

"ඇත්ත ඇත්ත.අල්ලන්න එපා ඒයි. උඹලා ගේ ද"

"මොකද්ද යකෝ කිව්වේ"

"අපි වෙන්ස්ට් විව් තමා."එක කොල්ලෙක් වාඩිවෙලා හිටිය බැම්මෙන් බැහැල ගේමට වගේ ආව හින්ද්ද කොහෙදෝ  මිහිදුම් කියලා දැම්මා. මනුත් ට දෙකක් දෙන්නම් කියලා ආව යෝධ කොල්ලා නතර වෙලා මිහිදුම් දිහා බැලුවා.හැබැයි ගැහුවොත් ආපිට නෙලන්න අපිට යහතින් පුලුවන් 

"ඔප්පු කරපන්"මං බෑග් එකෙන් අපෙ ඉස්කෝලේ පෙන්සිල් කේස් එක අරගෙන ඌට දුන්නා. ඌ ඒක බලල ආපහු දුන්න. කියන්න පුදුමයි සද්දේ අඩු වුණා.

"උඹලා රක්ෂිත ව දන්නවද"

"ඔව් නොදැන කොහොමද අපෙ බොක්කක්"

"චෙනෙත් ව දන්නවද"මගෙ කටේ කෙලත් හිදුනා.

"ඔව් අපේ කලින් හෙඩ්" ශෙහාන් උත්තර බැන්දා.

"මිහිදුම්" ඒ ගමන නම්  මට හිනා වක් පැන්නා.

"කවුද අනේ එයාව දන්නැත්තේ"

"උදව්වක් කරපන්"

"මොකද්ද"

"ඔය මිහිදුම් කියන එකාට නෙළපන්. " 

මට යකා ආවෙශ උනා. ඇත්තටම මගෙ බඩත් එක්ක රත් වෙලා ගියා. හැමෝගෙම මූණු කලු වෙලා යන්න ඇති.මට නම් මේ ඉස්සරහ ඉන්න එකාට නෙළන්න හිතුනා මැරෙන්න.

"අපි මැරයො නෙවෙයි ඕයි..යමන් යන්න" මං මිහිදුම් ව ඉස්සරහට තල්ලු කරලා ආව එන්න.ඒ කොල්ලා මිහිදුම් ගේ බෑග් එකෙන් ඇදලා අල්ලගත්තා.

"අතාරින්න. නැති ප්‍රශ්න ඕනේ නෑ .අපි යනවා. සොරි"

 ශෙහාන් ඒ බෑග් එක ගලවලා දුන්නම ලෝක පුදුම අට වෙනි එක වගේ කොල්ලො ටික සද්ද නැතුව හිටියා. සාමාන්‍යයෙන් රණ්ඩු කියන ඒව ඔහොම සාමකාමි නෑ.සමහර විට ඔය කොල්ලො මුලදිම  වෙස්ට් විව් එකේ ද කියල අහන්නේ මිහිදුම් ව අල්ලගන්නත් වෙන්න පුලුවන්.

"ගනන් ගන්න එපා බන්" 

 "පිස්සුද ඒයි.අපි කවුද කියල අදුරගත්තේ නෑ නේ"ටොරින්ටන් එකේ පඩි පෙළ බැහැලා අපි බිංගෙවල් අස්සෙන් ඇවිත් අලිමුඩුක්කුව පාර ළඟට ආවා.

 "මං මෙතනින් යන්න ඕනේ. දැන් උඹල ගෙදර ද යන්නේ"

"ක්ලාස් ඉවර වුනෙ 12 ට දැන් දෙකයි ..හරිම අගෙයි වෙස් විව් ලගෙ හැසිරීම." මං වොච් එක දිහා බලලා කිව්වම මිහිදුම් මාව පාරෙන් අයින් කරා.

"තව ඉමු බන් .යමන් ක්ලොක් ටව එකට එතනින් නැගල උඹ කච්චේරිය ළඟින් බැහැපන්"

අපි තව බිංගෙයක් අස්සෙන් රිංගලා ගිහින් ක්ලොක් ටවර් එකේ බංකුවක් හොයන් ඒකේ  වාඩි වුනා. සෙනඟ කියන්නේ පට්ට සෙනඟ.සේරම ක්ලාස් ලමයි.පුදුම කන්දොස්කෙරියාවක් තියෙන්නේ. බස් වල කෑගහන ඒවයි සීයට ශූ පොලිශ් විකුණන ඒවයි කොල්ලො බෙරිහන් දිදී හිනාවෙන ඒවයි කෙල්ලොන්ගෙ කැකිරි පලන ඒවයි එකක් නෙවෙයි.

"සදුදා ඉස්කෝලේ යමන් ඈ."

"ඔව් බන්"

"අර කොනේ වඩේ කරත්තෙන් වඩේ අරන් වරෙන්කො.පැටිස් කාලා ඉන්න බෑ." මං ආයෙම මිහිදුම් එක්ක වඩේ ගන්න ආවා. ඒවා ටිකක් අපිරිසිදුයි.ඒත් දාඩිය නිසා පට්ටට ලුණු එහෙම තියෙනවා.

"එහා පැත්තට ගිහින් එමු"

මිහිදුම් මාව එක්කරගෙන ආයෙ රාජකීය මුරුක්කු පාරදීසෙට.ඒකෙන් මට එක එක වර්ග වල මුරුක්කු මලු තුනක්ම අරන් දීලා ආයෙම මාව ඇදෙගන් බිංගේ අස්සෙන් අරුන් ඉන්න තැනට ආවා.

"අහපන්කෝ මිහිදුම් ට විශේෂ ආරක්ශක සේවාවක් දාන්න වෙයිද"

"මං රක්ෂිතට කියන්නම් සීන් එක"

"මං කතා කරන්නම් එයාට බැඩ්මින්ටන් වල මැසේජ් එකක් දෙන්න තියෙනවා" 

 ඕකට තනිපදයක් තියෙනව ඉරිසියාව කියලා. මං යන්තන් හිනා ගියා...වඩේ කාලා පිස්සො වගේ හිනා වෙලා කෙල්ලොන්ගෙ ඇඟේ වැදිලා රැවුම් ගෙරවුම් අහගෙන අපි යන්තන් තුනත් පහුවෙලා බස් එකකට නැග්ගා. සාමාන්‍යයෙන් ඔහොම ඉන්නකොට ගෙදර යන්න කාටවත් මතක් වෙන්නේ නෑ. බස් එකට නැගලා පිටිපස්සෙ සීට් එකේම අපි පස් දෙනා වාඩ වුණා. ශෙහාන් ඉතින් එක හෝල්ට් එකකින් බහිනවා. අනිකා අකිත්.. ඒකට ගෙදරට පයින් යන දුර.මනුත් නම් අඩුම මහයියාවට හරි යනවා. බස් එකේ මිනිස්සු අපිව එළවගන්න බැරුව ඉන්න ඇත්තේ.කොන්දොස්තර වුණත් සල්ලි නිසා ඉවසන්න ඇති.   සාමාන්‍යයෙන් අපි දන්න උන්ගේ විකාර ටික් ටොක් දැක්කම හිනා යන එක සාධාරණයි.ඒක මේ දෙදාහට කලින් අයට පොඩ්ඩක් තේරෙනවා මදි නිසා දෙතුන් පාරක්ම පිටිපස්ස හැරිලා බැලුවා. පස්සේ මිහිදුම් එක්ක මම විතරක් ඉතුරු වුනාම සද්දේ නතර වුණා.‍

 "මහන්සි"

"කන පලාගන්න තමා ඉතින්"මං කෙල්ලෙක් වගේ මිහිදුම්ට පොඩි ගුටියක් දුන්නා.

"දොරට යන්" බස් එකේ මිනිස්සු හිටගෙනත් එක්ක ඉන්න නිසා අපි දොරට ආවා. තව හෝල්ට් එකකින් බහිනවත් එක්කනේ.මිහිදුම් දොරට වෙලා මගෙ හරහට කකුලක් දැම්මා.

" පඬරැල වගේ.."

"මේ මේ..මං හයිය හත්ති තියෙන එකෙක්.ලැජ්ජ කරන්න එපා බන්"

"එව්වා වෙන උන්ට පෙන්නපන්"

"ඔයාට මෙනවද දැන් පෙන්නන්න ඕනේ"

"උන්ට පෙන්නන්නේ නැති ඒවා.."

අපෙ කතාවට බාදා කරගෙන නගින්න නගින්න 'පොල්ගොල්ල මඩවල මැනික්හින්න 'කියාගෙන දුවගෙන ආව කොන්දොස්තර දොරේ එල්ලුනා.කටවහගෙන ආවට මාව නිකන් දුම් දානවා වගේ ඒඅස්සෙ මේ පැත්තේ අවුවත් එක්ක. ඉහින් කනින් දාඩිය පෙරෙද්දි තුවාල පැත්තක යන්න මං ආව ගමන් නාලා හිටියා. කාලා බීල මිහිදුම් එක්ක තණකොළ ගොඩේ නිදාගත්තා. සැප තමා ඒක නම් අවුවක් එන්න නැති මුල්ලක් හොයාගෙන මට නම් සැපට නින්ද ගියා. ඒකරලා හවස ආයෙම ඇඟ හෝදගෙන දිගටම පාඩම් කරා.


අප්පච්චි මිහිදුම් ගෙ ගෙදර තීන්ත ගාලා එකේ අලුත්වැඩියා වැඩ ටිකක් කරා. මම එක දවසක් ඉස්කෝලේ ඇරිලා එහෙමම මිහිදුම් එක්ක ගිහින් ගෙදර බලලා ආවා. ආයේ පිරිත් දවස එනකල් මට යන්න බෑරි වුනා. මිහිදුම් නම් ගිහින් ආවා. එයා කිව්වා එන්න එපා කියලා. මම අනික දවසක් ඇර දවසක් කෑම්ප් එකටත් ගියා.අර අයිස් කඩේ ගැන කේලාමත් කියල ,ඇඟේ හිරි ඇරගෙන ආවා. අම්මයි නිලූ නැන්දයි මිහිදුම් ගෙ ගෙදර ගිහින් ගොඩක්  කෑම  එහෙම හැදුවා. පිරිත් දවසට කලින් දවසේ පුංචිත් ආවා. අනිත් නෑදෑයෝ නම් ඉතින් ආවේ නෑ. මම ඉස්කෝලෙත් ගිහින් දවසම ජිම්නාස්ටික් ෆයිනල්ස් වලට ප්‍රැක්ටිස් කරලා එහෙමම හවස තුනට තිබුන ක්ලාස් එකට ආවා. මං ඉස්කෝලේ ළඟින් නැග්ග බස් එකට ගේ ළඟින් මිහිදුම් නැග්ගා. මගේ කලවා  එහෙම පට්ටට රිදෙනවා. මේ වගේ දවස් වලට ඇඳ උඩ උනත් ඉන්න එක අමාරුවක්.හැම මසල් එකක්ම රිදෙනවා.

"ගිහින් මේක කාලා ක්ලාස් එකට යමු.වෙලා ගියාට කමක් නෑ"

"රස්නෙයි අප්පා"

"ම්ම්..කොණ්ඩෙත් තෙතයි.දාඩිය බේරෙනවා. වොශ් එකක් දාගෙන එන්න තිබුනේ"

"වෙලායනවනේ අප්පා."

ක්ලාස් එක ළමයි තිහක් විතර ඉන්න එකක් නිසා තදබදයක් නෑ. ක්ලාස් එකට යනකොට මනුත් විතරක් ඇවිල්ල හිටියා. ඌත් එක්ක හිස් ක්ලාස් එකකට ඇවිත් මිහිදුම් මට කැව්වා.

"බත් කට කටේ දාගෙන නිදාගන්න එපා.එක්කො ගෙදර යනවද"

"ම්හ්ක්.."

"මේ කොණ්ඩෙත් තෙතයි මුගේ.හෙටත් ක්ලාස් දවසම නේ. කෑම්ප් එකටත් ගියා උඹ. මේ අහපන්කො ඇඟට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා බන්. දිගට හරහට ක්ලාස් ,මේ ටූනමන්ට් එක තව බාස්කට් බෝල් කෙරුවාව ඉවර කරන්නත් තියෙනවා.ඒ අස්සේ උඹ ක්ලාස් යන්නේ විභාගයක් කරන්න ඒකට පාඩම් කරන්නත් ඕනේ. රෑ දවල් දෙකේම ඔච්චර මැරෙන්න එපා බන්.අසනීප වුණොත් එහෙම ඔක්කොම හොටන්."

"අනිකන් මේ නහය කඩාගෙන ඉන්න එකේ ලේ එනවා සැරෙන් සැරේට නොකා නොබී හිටියොත් ලේත් දෙන්න වෙයි "

"මූ ඉන්න නිසා උඹට පාඩම් වැඩ බැලන්ස් කරලා දෙනවා. ඔව්ව කරාට කමක් නෑ හුරුවරු කිව්ව පලියට සේරම කරන්න එපා.පොඩි බොරුවක් කියල හරි මාරු වෙයන් බන්.අද දවසම උඹව මරවගෙන තියෙන්නේ උඹටම සෙතක් කරන්න නෙවෙයි නෙ පොඩි උන්ටත් උගන්නන්න ඇති උඹ."

මං කෙළින් වාඩි වෙලා ඔලුව වැනුවා. මනුත් මගේ මහපට ඇඟිල්ලක් අරගෙන ඒකේ දෙපැත්තෙන් අල්ලලා මිරික මිරික බනිනවා.එහෙම ඇගිල්ල මසාජ් කරාම නින්ද යන්නේ නෑ.ඒ දෙන්න කියන කතාවලට මට මොකුත් කියන්න බෑ නේ.මේ වැඩි හරියක් ගුරුවරු කරන්න ඕනේ එව්ව..මම ගිහින් පොඩි උනත් පුරුදු කරවන්න ඕනේ,මං ගැන බලන්නත් ඕනේ.ඒකයි මට මහන්සි වැඩි.

බාගෙට ඇහැරගෙන හරි මට මිහිදුම් කෑම එකම ගිල්ලවව්වා.එයා අත හෝදන්න ගියාම මාත් මූණ හෝදගෙන එන්න ගියා.අපිත් එක්ක මනුත් ආවට, ඌ එළියට වෙලා හිටියා.මං මිහිදුම්ව පිටිපස්සෙන් බදාගත්තා.මං හරි ආසයි එහෙම ඉන්න.

"මහන්සි අප්පා..අද නම් හොඳටම මහන්සි"

"එන්න මූණ හෝදන්න.නිදිමත ඇරිලා  යයි "

"මගෙ දාඩිය ඔයාගෙත් ගෑවෙයි"

"ඔයාව ඇලෙනවා." මිහිදුම් ෂට් එක යටින් මගෙ කොන්දට එයාගෙ තෙත අතක් තිබ්බ.අනිත් අතෙන් මගෙ මූණට වතුර ඉස්සා.සනීපයි කියන්නේ මාරම සනීපයි.

"වතුරත් රස්නෙයි රෙද්ද. මේ ශෝට් අකත් ඇඳෙගෙන මාව තැම්බිලා පුපුවයි වගේ දැන් නම්.ගැලෙව්වොත් සනීපයි.ඒත් නින්ද යයි මට ."

"අමාරුවෙන් හරි අහෙගන් ඉන්න.යමු අකිත් ඇවිල්ලා ඇති.ඌ ගෙදර ගිහින් එනව කිව්වේ"

"මං දැක්කේ නෑ ඉස්කෝලෙදිත්"

අකිත් ඉස්කෝලේ ආවා මැච් එකක් එනව එයාට ඒකට පැක්ටිස් කරන්න. අපිට ඉතින් බිග් මැව් නෑ නේ.මං ඇන්තනිස් එක සිවෙස්ටර් එක එක්ක තිබුන බිග් මැච් එකක් බලන්න ගිහින් තියෙනවා .ඒක විතරයි.පල්ලෙකැලේ මැච් තිබුණත් යන්න කොහෙද වෙලාවක් අපිට.

 අකිත් නාලා ඇවිත් නිදි කිරනවා. මට නම් මේ ඉන්නවා මේ නිදි වගේ. අපි දෙන්නගෙ මැදට වෙලා මනුත් මහපට ඇගිලි කොනිත්ත කොනිත්ත හිටියා. ක්ලාස් එක මැද්දි මං කකුලක් අරගෙන මිහිදුම්ගේ කකුලක් උඩට දැම්මා.මට නින්ද යන්නේ නැති වෙන්න කරන්න තිබුන දේවල් ඔක්කොම කරලා  ඇහැරහෙන හිටියේ.




____________

Thank You & See You

Continue Reading

You'll Also Like

3.2M 185K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...
1.7M 94.7K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
590K 62.6K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
32K 4.3K 46
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...