මන්දාරම් අහස යට || TK Nonfic ♡

由 TK_Nethu

58.4K 10K 4.4K

මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11... 更多

චරිත හැඳින්වීම 🍁
පළමු මන්දාරම 🍁
තෙවන මන්දාරම 🍁
සිව්වන මන්දාරම 🍁
පස්වන මන්දාරම 🍁
සයවන මන්දාරම 🍁
සත්වන මන්දාරම 🍁
අටවන මන්දාරම 🍁
නවවන මන්දාරම 🍁
දසවන මන්දාරම 🍁
එකොළොස්වන මන්දාරම 🍁
දොළොස්වන මන්දාරම 🍁
දහතුන්වන මන්දාරම 🍁
දාහතරවන මන්දාරම 🍁
පහළොස්වන මන්දාරම 🍁
දාසයවන මන්දාරම 🍁
දාහත්වන මන්දාරම 🍁
දහ අටවන මන්දාරම 🍁
දහ නවවන මන්දාරම 🍁
විසිවන මන්දාරම 🍁
A/N
විසි එක්වන මන්දාරම 🍁
විසි දෙවන මන්දාරම 🍁
විසි තුන්වන මන්දාරම 🍁
විසි හතරවන මන්දාරම 🍁
විසි පස්වන මන්දාරම 🍁
විසි හයවන මන්දාරම 🍁
විසි හත්වන මන්දාරම 🍁
විසි අටවන මන්දාරම 🍁
විසි නවවන මන්දාරම 🍁
විසි නවවන මන්දාරම - Part 02 🍁
තිස්වන මන්දාරම 🍁
තිස් එක්වන මන්දාරම 🍁
තිස් දෙවන මන්දාරම 🍁
තිස් තුන්වන මන්දාරම 🍁
තිස් හතරවන මන්දාරම 🍁
තිස් පස්වන මන්දාරම 🍁 Bonus
තිස් හයවන මන්දාරම 🍁
තිස් හත්වන මන්දාරම 🍁
තිස් අටවන මන්දාරම 🍁
තිස් නවවන මන්දාරම 🍁
හතළිස්වන මන්දාරම 🍁
හතළිස් එක්වන මන්දාරම 🍁
හතළිස් දෙවන මන්දාරම 🍁
හතළිස් තුන්වන මන්දාරම 🍁
හතලිස් හතරවන මන්දාරම 🍁

දෙවන මන්දාරම 🍁

1.3K 214 18
由 TK_Nethu

_________________________________________________________________

" අපෙ මැණිකෙ .. ඔයාගෙ සූටි පුතා ගෙදර ආවෝ .. !"

පැය කිහිපයක ගමනක අවසානයෙ මායි අප්පච්චියි අපෙ පුංචි නිවහනට ගොඩ වෙද්දි රාත්‍රි 10 පහු වෙලා තිබුනා .. පුංචි නිවහනට කිව්වට ඉතින් පුංචිමත් නෑ හොදේ .. අප්පච්චි කා' එක නවත්තනවත් එක්කම පිටිපස්සෙ ශීට් එක උඩ තිබුන මගෙ බෑග් එකත් අරගත්ත මං ගෙට දුවගෙන ගියෙ අපෙ මැණිකෙව දකින්නන් ආසාවෙන් .. වෙනද විදියටම ඉතින් කෑ ගහගෙන ගේ ඇතුලට දිව්ව හරියට අවුරුදු පහක පොඩි කොල්ලෙක් වගේ ..

" අපෙ මැණිකෙ ..! සුදු අම්මි ඔයා කොහෙද අනේ ..!"

ම්හු.. අපෙ මැණිකෙගෙන් කිසි සද්ධයක් නෑ අෆ්ෆා .. ඒ නිසාම මං ආයෙම පාරක් කෑ ගැහුවා .. හරි හොද නෑ අෆ්ෆා අපෙ සුදු මැණිකෙත් .. එයාගෙ සූටි පුතා කාලෙකින් ගෙදර ආවාම අඩුම තරමින් දොර ලගටවත් එන්න ඕනි නේද පිලිගන්න ..

" ආපෝ .. ආවද තමුසෙ දැන් ඉතින් කණක් ඇහිල ඉදල හමාරයි .."

අපෙ මැණිකෙ එනකන් බලාගෙන හිටිය මට ඇහුනෙ හුරු පුරුදු හඩක් .. හාපෝ මේ යකත් මෙහෙ .. කව්ද කියල බැලුවද .. බැලුවට වැඩක් නෑ අනේ පේන් නෑනෙ..

ඒ අපේ ආකාශ් තීක්ෂණ දසනායක කොලුවා .. කාගේ කව්ද කින්ද මන්ද කියල කිව්වොත් අපෙ අප්පච්චි ගෙ අයියගෙ , ඒ කියන්නෙ මගෙ ලොකු අප්පච්චි ගෙ එකම පුත්‍ර රත්නය .. මගෙ අයියණ්ඩියා .. අපෙ මැණිකෙගෙයි අප්පච්චි ගෙයි ලොකූ .. මතක ඇති නේ අපෙ අප්පච්චි මට " චූටි " කියල කතා කරා .. ඒ මෙන්න මෙයා නිසා තමයි ..

ආකාශ් තීක්ෂණ දසනායක
වයස අවුරුදු 27 යි

අයියව ලැබෙන්න ගිහින් ලොකු අම්මට ගොඩක් අමාරු වුනාලු .. කොහොමහරි අයියව හම්බ වෙලා පැය කීපයක් ඇතුලත ලොකු අම්මා හැමෝවම දාලා උඩ ඉන්න දෙවියො ලගට ගියාලු .. ලොකු අම්ම නැති වුන නිසා ලොකු තාත්තා අයියගෙන් ඈත් වෙන්න පටන් ගත්තලු .. ඉතින් ඊට පස්සෙ අයියව හදාගත්තෙ අපෙ අම්මයි අප්පච්චියි දෙන්නලු .. ඔන්න ඔය විදියට තමයි එයාව අපෙ අම්මටයි අප්පච්චිටයි ලොකූ වෙලා මාව චූටි වුනේ ..

" ආවා ආවා .. ඇයි අපිට එන්න බෑද.."

සෝෆාවෙ වාඩි වෙලා ලැප් එකටම මූණ ඔබාගෙන හිටිය ආකාශ් කොලුව ලගින් වාඩි වෙන ගමන් මං ඇහුවත් එයා ඒකට මුකුත්ම කිව්වෙ නෑ .. ඔයාලට කියන්න මේ මගෙ එහා පැත්තෙන් ඉන්නෙ තනි බස්සෙක් කෙල්ලනෙ .. මලාට වචනයක් එලියට දාන්නෙ නෑ එයාට ඕන නැත්නම් .. එයාටම හිතිලා මොනා හරි කිව්වොත් ඇරෙන්න මේ මනුස්සයගෙ කටින් වචනයක් ගන්නව කියන්නෙ ගලකින් පට්ටයක් ගන්නවා වගේ වැඩක් .. මං කොච්චර කතා කරත් ආයෙ ඔය මනුස්පයා වචනයක් කියන් නෑ කියල දන්න නිසාම එයාටත් රවල මං නැගිට්ටෙ කුස්සියට යන්න .. මොකද මං දන්නවා අපෙ මැණිකෙ දැන් දාගෙන උයනව ඇති කියලා ..

ඒ අතරෙදි මං දැක්කා එද්දි  ගෙදරට ගත්ත බඩු බෑග් එකත් උස්සගෙන කුස්සිය පැත්තට යන අප්පච්චිව .. අප්පච්චි ගෙ පස්සෙන්ම කුස්සියට ගියපු මං දැක්කා ගලේ අඹරපු පොල් සම්බෝලෙට දෙහි ගෙඩියක් මිරිකන මගෙ සුදු අම්මියව ..  එයාව මං දකින්නෙ මාස එකහමාරකට විතර පස්සෙ හූම් ඒත් මෙයාට නම් ගානක්වත් නෑ එයාගෙ චූටි පුතා ගෙදර ආවා කියල ..

" අම්මා .."

අපෙ මැණිකෙ ලගට ගිය මං එයාව පිටිපස්සෙන් බදා ගෙන ඒ සුදු කම්මුලකට උම්මියක් දුන්නෙ අපෙ මැණිකෙ ලස්සනට හිනාවෙද්දි .. අනේ ඒ හිනාවට තමයි මං ආසම ..

මාස තුනකට සැරයක් මං නිවාඩුවට ගෙදර ඇවිත් යන්න ආවත් අනිත් හැම දවසකමත් මං වීඩියෝ කෝල් අරගෙන අම්මටයි අප්පච්චිටයි කතා කරත් එයාල දෙන්න ලග නැතුව මට හරි පාලුයි .. ඒ ජීවිතේට හුරු වෙන්න කොයි තරම් උත්සාහ කරත් මේ විදියට අම්මව බදාගෙන එයාල ලග දැවටී දැවටී හුරතල් වෙන්න මං අදටත් හරි ආසයි ..

" ඔයා හොද නෑ අම්මා .. මං කතා කරාට සාලෙට ආවෙත් නෑ මාව බලන්න .."

අම්මව බදාගෙනම මං කියද්දි සම්බෝලෙ අනල භාජනේකට දාපු අම්මා අතත් සෝදගෙන මගෙ පැත්තට හැරුනෙ මගෙ අත් දෙකෙනුත් අල්ලගෙන ..

" මං ආවෙ නැති වුනාට මගෙ චූටි ආවෙ මාව බලන්න කුස්සියටම .."

මගෙ අත් දෙකෙනුත් අල්ලගෙන අම්ම කියද්දි , අම්මගෙ අත් අතර තිබුන මගෙ එක අතක් අරගෙන මං පුදුමෙන් වගේ අම්මගෙ නලලට ඒ අත තියල බැලුවෙ අම්මා මූණ ඇද කර ගනිද්දි ..

" මොකද ඔය .."

අම්මා අහද්දි ..

" නෑ මං මේ බැලුවෙ අපෙ මැණිකෙට සනීපවත් නැද්ද කියල .. අම්මා මොකද මේ .. ඔයා වෙනස්නෙ .. වෙනදට මං අර වගේ කතාවක් කිව්වොත් අම්මා කරන්නෙ මගෙ ඔලුවට ටොක්කක් ඇදල මට බනින එකනෙ .. අද මොකද පැහැදිලි වෙනසක් .."

මං කියද්දි අම්මා මගෙ කම්මුලට පුංචි තට්ටුවක් දාලා ..

" ඇත්තද ගුටි නොකා යනවා චූටි .. ගිහින් මූණ අතපය හෝදගෙන එන්න කෑම කන්න .."

කියලා ඉක්මනට අනිත් පැත්ත හැරිලා ලගම තිබුන විදුරු භාජනේ අරගෙන ලිප ලග තිබුන කිරි මාලු එක ලගට ගිහින් ඒක භාජනේට බෙදන්න ගත්තා .. හරි පුදුමයි අම්මා වෙනදට වඩා වෙනස් කියලයි මට හිතෙන්නෙ ..  අම්ම මාව මගාරිනවද ..

ආආහ්හ් ..! පිස්සුද මිහිකයෝ .. අම්මා මොකටද එහෙම කරන්නෙ .. ම්ම්ම් .. මාරම සුවදයි .. ෂුවර් එකටම අම්මා හදල තියෙන්නෙ ඉදි ආප්ප වෙන්න ඕනි .. ඉදි ආප්පයි කිරි මාලු හොදියි ගලේ අඹරපු පොල් සම්බෝලයි කියන්නෙ කාට නැතත් මට නම් ආගමක් .. දැන්නම් බඩත් කෑ ගහනවා වගේ .. තවත් මොකුත් නොකියා මං කුස්සියෙන් එලියට දිව්වෙ අම්මා කිව්ව වගේ මූණ අත පය හෝදගෙන කෑම මේසෙට එන්න .. ඒ ගමන්ම මං හිරුෂයටත් මැසේජ් එකක් දැම්මා " මං ගෙදර ආවා " කියලා .. ඒ වුනාට ඉතින් වැඩක් නෑ ඔය දාපු මැසේජ් එක සීන් කරල ඒකට ආයෙ රිප්ලයි එකක් එන්නෙ හෙට උදේට නැත්නම් දවල්ට .. මොකද අපෙ හිරුෂ මේ වෙද්දි හොදට නිදි ෂුවර් .. හිරුෂ කියන්නෙ කාලා ඉවර කරපු ගමන්ම අනිත් අතට ඇද බදාගන්න දරුවෙක් ..

දඩි බිඩි ගාලා දුවල ගියපු මං මූණ අත පය හෝදගෙන කෑම මේසෙට එද්දිත් අප්පච්චියි අයියයි දෙන්න කෑම මේසෙට වාඩි වෙලා හිටිය වගේම අම්මා කෑම මේසෙ සූදානම් කරල තියෙද්දි මාත් ගිහින් මට අයිති පුටුවෙන් වාඩි වුනා .. අම්මා අප්පච්චි ගෙ පිගානට මුලින්ම කෑම බෙදල ඉවර කරාම පිලිවෙලට අයියට පස්සෙ මං කෑම බෙදාගනිද්දි සුපුරුදු විදියටම අම්මා අන්තිමට වාඩි වෙලා කෑම බෙදා ගත්තා ..

අප්පච්චි වගේම අයියත් වැඩිය කතා නොකරන නිශ්ශබ්දතාවය අගයන දෙන්නෙක් වුනත් මායි අම්මයි නම් ඒකෙ අනිත් පැත්ත .. කෑම මේසයෙදි අපේ කෑම ගැනීම බොහෝ දුරට නිමාවෙන්නෙ නිශ්ශබ්දවයි .. අවශ්‍යම දේකට ඇරෙන්නට අපි හතර දෙනාගෙන් එක්කෙනෙක්වත් කෑම මේසෙදි කතා කරේ නැති තරම් .. ඒක අප ගෙදර නීතියක් නමේ නෙවේ ..

සුපුරුදු පරිදි රාත්‍රී ආහාර ගැනීම නිශ්ශබ්දවම අවසන් වෙද්දි මුලින්ම කෑම ගෙන අවසන් වුනේ අයිය වුනත් එයා වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිට්ටෙ නැත්තෙ අප්පච්චි නිසයි .. අප්පච්චි කෑම කාලා ඉවර වෙලා පුටුවෙන් නැගිට්ටිනවත් එක්කම වගේ අයියත් එයා වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටා .. ඒකත් ඉතින් අපේ ගෙදර ක්‍රියාත්මක වෙන නීතියක් නම් නෙවේ .. ඒත් ඉතින් ඒ අපි හුරු වෙලා තියෙන විදිය ..

අප්පච්චි වගේම අයියත් කෑම මේසෙන් නැගිටල යන්න යද්දි මායි අම්මත් කෑම කාලා ඉවර කරා .. අප්පච්චි අයියත් එක්ක සාලෙට වෙලා ඉඳිද්දි මායි අම්මයි එකතු වෙලා කෑම මේසෙත් අස් කරල කුස්සියත් අස් කරල අතුගාලා දාලා අද දවසෙ වැඩ ටික ඉවර කරා ..

එතනින් පස්සෙ ඉතිම් තියෙන්නෙ සැප  නින්දක් දාන්න වෙද්දි හැමෝම තම තමන්ගෙ කාමර වලට යන්න ගියා .. මාත් ඉතිම් මගේ සූටි කාමරේ ඇතුලට ඇවිත්  කිරි සුදු දත් ටික තව ටිකක් සුදු කරගෙන හොද වොෂ් එකකුත් දාලා නානකාමරෙන් එලියට ආවෙ සැහැල්ලු කොට ෂෝට් එකකට ලා රෝස පාට ටී ෂර්ට් එකක් ඇදගෙන .. ලයිට් ඩිම් කරගෙන ඇදට පැන්න මං ෂීට් එකත් පොරවගෙන හොද නින්දක් බලාපොරොත්තුවෙන් ඇස් පියාගත්තා ..

.

.

Author Pov ~

පස්සත් උඩදාගෙන ෂීට් එක අස්සට ගුලි වෙලා සුව නින්දක හිටිය මිහික ගෙ නින්දට බාධාවක් වුනේ කන ලගම කෑ ගහන ඔහුගෙ දුරකථනයෙ හඩයි .. කොළඹ ඉඳිද්දි වෙලාවටම හොස්ප්ට්ල් එකට යන්න ඕන නිසා උදේට ඇහැරෙන්න ලේසි වෙන්න ෆෝන් එකේ එලාම් තියල නිදාගන්න මිහිකට ඒ පුරුද්දටම ඊයෙත් එලාම් එක තියල නින්ද ගිය නිසයි උදේ පාන්දර හය වෙද්දි ෆෝන් එක කෑ ගහන්නෙ .. කොහොම හරි ඔන්න ඉතිම් එලාම් එක එයාගෙ රාජකාරිය නම් අකුරටම ඉෂ්ට කරා .. ඒත් ඉතින් කම්මැලි මිහික නම් තාමත් ඇදේ එහෙම මෙහෙට පෙරලි පෙරලි නිදාගන්නයි උත්සාහය ..

" ආශ් ..!"

නොනවත්වා නාද වෙන එලාම් හඩත් එක්ක මිහිකගෙ නින්ද නිමා වෙලා ගියෙ කෑ ගහගෙන ඔලුවත් කස කසම මිහික නැගිටල ඇදෙන් වාඩි වෙද්දි .. කොට්ටෙ අස්සට අත දාලා තාමත් කෑ ගහන ෆෝන් එක එලියට ගත්ත මිහික එලාම් එක ඕෆ් කරල දාලා ආයෙමත් ඇදට වැටුනෙ තව ටිකක් නිදාගන්න හිතාගෙන ..

ඒත් ඉතින් එහෙට මෙහෙට හැරි හැරි ආයෙම පාරක් නිදාගන්න උත්සාහ කරපු මිහිකට නින්ද අහලකටවත් නොඑද්දි ඇග මැලි කඩල ඈනුමකුත් යවපු මිහික ඇදෙන් නැගිට්ටා .. බාත්රූම් එකට ගිහින් දත කැට මැදල මූණ කට සෝදගෙන එලියට ආව මිහික තමන්ගෙ අම්මගෙ රසම රස තේ එකක් බොන්න හිතාගෙන කාමරෙන් එලියට ගියා ..

.

.

.

.

.

.

.

.

_______________________♡

ඊළඟ එකෙන් මුණ ගැහෙමු ලමයි ..




Tk_Nethu
1

1 / 13 ♡


繼續閱讀

You'll Also Like

110K 14.4K 107
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
906 75 6
එයා මගෙ හිත කියෙව්වෙ හරියට රචනාවක් කියවනවා වගේ
25.6K 3.7K 64
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
55.3K 4K 29
အမျိုးသမီးအမြောက်စာကောင်းလေး အဖြစ် ပြန်လည်နိုးထလာခြင်း ။