මතකයට හොරෙන් ✔️

By TaraNemeth9

72.1K 11.9K 2.6K

අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction More

හැදින්වීම🌼
පලවෙනි සිහිනය~🌼
දෙවනි සිහිනය 🌼
තුන්වෙනි සිහිනය🌼
හතරවෙනි සිහිනය🌼
පස්වෙනි සිහිනය🌼
හයවෙනි සිහිනය🌼
හත්වෙනි සිහිනය🌼
අටවෙනි සිහිනය🌼
නවවෙනි සිහිනය🌼
දහවෙනි සිහිනය🌼
එකොලොස් වෙනි සිහිනය🌼
දොලොස්වෙනි සිහිනය....🌼
දහතුන්වෙනි සිහිනය🌼
දාහතරවෙනි සිහිනය🌼
පහලොස් වෙනි සිහිනය🌼
දාසය වෙනි සිහිනය🌼
දාහත් වන සිහිනය🌼
දහ අටවෙනි සිහිනය🌼
දහනව වෙනි සිහිනය🌼{අතීතයේ දෝංකාරයක්}
විසිවෙනි සිහිනය🌼
21 වෙනි සිහිනය🌼
22 වෙනි සිහිනය🌼
23 වෙනි සිහිනය🌼
24 වෙනි සිහිනය🌼
25 වෙනි සිහිනය🌼
26 වෙනි සිහිනය🌼
27 වෙනි සිහිනය🌼
28 වෙනි සිහිනය🌼
29 වෙනි සිහිනය🌼
30 වෙනි සිහිනය🌼
31 වෙනි සිහිනය🌼
32 වෙනි සිහිනය🌼
34 වෙනි සිහිනය🌼
35 වෙනි සිහිනය🌼
36 වෙනි සිහිනය🌼
37 වෙනි සිහිනය🌼
38 වෙනි සිහිනය🌼
39: සැබෑ වූ සිහිනය🌼

33 වෙනි සිහිනය

1.4K 268 52
By TaraNemeth9

"අප්පචිචි....තව උඩට ටිකක් හරිද?? අන්න හරි.....දෙපැත්තම කෙලින් තියෙන්න හදන්නකො, ඔහොම බෑ අනේ..."

උදේම මම අඹ ගහ උඩ......
යකෝව් බිම බලන්නත් බයයි, කවදා කරපු වැඩද මෙව්වා,
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදී  කීවට මේවත් කරන්න වෙයි කියලා හිතුවෙ නෑ..

මම මේ පරණ දිරපු ඔංචිල්ලාව ගලවලා අලුත් එකක් බදිනවා.....
මිහී අඹ ගහ පාමුලට වෙලා ලොක්කයියා වගේ උපදෙස් දෙනවා.....

මිහීගෙ කීකරු අතවැසියො දෙන්නත් පරිවාරෙ වගේ පිටිපස්සෙන් ඉනට අත් තියන් උඩ බලන් ඉන්නවා...

"තා උදත බදින්න එපා....මතත් පදින්න ඕනෙ...ඔය ඔය ඔහොම නෙමේ ඉතිං ..පාත් කරන්න තා ටිකක්, පාත් කරන්න "

නෙතූ අත් දෙකත් උස්සලා කෑ ගහනවා ,

"සිතූ , කට වහගන්නකො ඔයා, මං තමා අයියා, මටෝනෙ විදිහට බදින්නෙ"

මිහී පණ්ඩිත මූණක් හදන් කියනවා....

නෙතූ ඔලොක්කුවට හිනාවෙනවා.....
මොකද මිහීට නිවුන්නු දෙන්නව මාරු වෙලා, එයා සිතූ කීවෙ නෙතූට.

නෙතූගෙ නළල අයිනේ ලපයක් තියෙනවා, සිතූගෙ නෑ.
ඒ ලපෙන් තමා මම අදුනගන්නෙ දෙන්නා වෙන් කරලා,
නැත්තං දෙන්නම එක වගේ..
ඒත් මිහී තාම ලපේ දන්නෑ...එයා දෙන්නව මාරු කරගන්න එක එයාලට විනෝදයක් .........

"ඇති ඇති කෑ ගැහුවා...මම ඔංචිල්ලාව බදින්නෙ ඔක්කොටම පදින්න පුලුවන් වෙන්න...හරිද.."

මම රණ්ඩුවක් වෙන්න කලින්ම කිව්වා....

දවස් දෙකට පොඩ්ඩො තුන්දෙනාට මේ ගෙදර හැමදාම එයාලගෙ ගෙදරක් වගේ වෙලා......

මිහීට නං එයාගෙ තාත්තියි අප්පච්චියි ඉන්න ඕනම තැනක් ගෙදර.....

ඉදහිට අම්මා මතක් කරත් නෙතූයි සිතූ යිත් දැන් අපට හුරුවෙලා.....
දවල් වරුවම සෙල්ලම් කරනවා, හිනාවෙනවා ......
කලින් තිබ්බ බය වෙන,ලැජ්ජා වෙන ගති කොහෙන් ගියාද හොයන්න නෑ.....
මිහී එක්ක හරි හරියට කටකාර කමට කියවනවා...

ඒත් රෑ වෙනකොට ටිකක් එයාලා බයයි...
ඊයෙ රෑත් සිතූ බයවෙලා අම්මා හොයන් ඇහැරියත් අපේ ඇදට අරන් ඇවිත් මම තුරුල් කරන් නිදිකරාට පස්සෙ හොදට නිදාගත්තා....

පුංචි දරුවන්ට ඉක්මනට තැනකට හැඩ ගැහෙන්න පුලුවන් , මෙයාලත් ඒ වගේ.....

නෙතූටයි සිතූටයි අපි ළග ආරක්ෂිත ගතියක් දැනෙනවා ඇති...
ඒ නිසා ඒ දෙන්නගේ බය අඩුවෙලා...

අපි මේ ඔංචිල්ලාව හදන අතරේ මගේ ආදරණීය මහත්තයා ගගුල් ලොකු වැඩක්...
අද හැමෝටම තේ බොන ගමන් කන්න එයා පෑන්කේක් හදනවලු...
කාටවත් කුස්සියට එන්න දෙන්නෙත් නෑ ....
ඇණයක් වෙන්න එපා කියලා මාවත් එලව ගත්තා.....
හැන්දත් අතේ තියන් ඇන්ග්‍රි බර්ඩ් මෝඩ් ඔන් කරන් හිටිය නිසා මමත් මුකුත් කියන්න ගියේ නෑ..
බලමුකො මහත්තයා පෑන්කේක් හදන හැටි....

අන්තිමට කොහොමහරි මම ඔංචිල්ලාව බැදලා හිමීට ගහෙන් බැස්සා, වැටිලා මැරුණොත්  එහෙම....
මේ ලෝකෙට ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්, ශ්‍රේෂ්ඨ සැමියෙක්...තව ශ්‍රේෂ්ඨ පියෙක්, සහෝදරයෙක්, මිතුරෙක්  අහිමි වෙනවනෙ.....
කොච්චර ලොකු පාඩුවක්ද මං කියන්නෙ....
ගගුල් මළගෙදරදි අඩයිද දන්නෙත් නෑ,
ඕකා ෂුවර් නෑ...
කොහොමත් මැරුණත් හොල්මනක් වෙලා හරි එනවා මම එයාට තනි රකින්න.....

මම ගහෙන් බැහැලා අඹ ගහට එහා පැත්තෙ තිබ්බ බංකුවේ ඉදගත්තා.....
හම්මේ මහන්සියි...තාත්තෙක් වෙන එකත් ලේසි නෑ .....මගේ කොන්ද...

මිදුල නං දැන් පුංචි වුණත් හොද පෙනුමයි...
මිදුල අතුගාලා අස් කරලා, කණාටු වෙලා තිබුණ පරණ පැළ අයින් කරලා අලුත් පැළ ඉන්දපු නිසා  පිළිවෙලයි දැන්...

අනික පොඩි අය දුවන පනින කොට, සෙල්ලම් කරන කොට මේ පාළුවට තිබුණ ගෙදර තවත් පිරිලා වගෙ දැනෙනවා....

මම මිදුලෙ ලස්සන ගැන හිතන අතරේ පොඩි තුන්දෙනා ඔංචිල්ලාව මුලින් අයිතිකරගන්නෙ කවුද කියන එකට රණ්ඩු වෙනවා...
මිහී
"මං තමා අයියා, ඒ නිසා ලොක්කා" කියන වචනෙ පාවිච්චි කරලා මුලින් වාඩිවෙලා ඔංචිල්ලාව පදින්න ගද්දි ඊලග අවස්තාව අයිති කරගන්න නෙතූ බිම තිබ්බ අඹ කෝට්ටකුත් අරගෙන සිතූ පස්සෙ පන්නනවා...

මට ඒ දෙන්නා දකිද්දි මාවයි බෝනික්කිවයි ළමා නිවාසෙ රට අඹ ගහයි මතක් වෙනවා...
ඔය විදිහටම අඹ කෝටු වලින් ගහන්න පන්නපු ඒ කාලෙ මතක් වෙනවා .....
අමු අඹ ගල් වල තියලා තලලා මිරිසුයි ලුණුයි දාලා කෑව හැටි, බෝනික්කි ඒවා කාලා මූණ ඇඹුල් කරගත්ත හැටි මතක් වෙනවා..

කාලෙ කොච්චර නපුරුයි ද??
එකට හිටිය අපි දෙන්නා අද කොචිචර වෙනස් වෙලාද?

"ළමායි..... චූටි...එන්න තේ බොන්න...."

ගේ ඇතුලෙන් ගගුල්ගෙ බර කටහඩ ඇහෙනවා.....
පෑන්කේක් ප්‍රයාමය ඉවරයි වගේ......
බලමුකෝ....
මම දොර ළගට පොඩි අයව එක්කන් ගියා....

ගගුල් ඉන්නවා මහා ලොකු හපන්කමක් කරලා වගේ....
හැන්දකුත් අතේ......
හරියට යුද්ධෙට ගිහින් ගෙදර ආව සොල්දාදුවෙක් වගේ ආඩම්බර මූණෙන් ...

"ගගුල්....හත්දෙයියනේ ඇගේ හැටි..."

ගගුල් පිටි නාලා....ඇදන් හිටියෙ ෂෝර්ට් එක විතරයි.. ඉතිං ඇදුමෙයි  බඩෙයි දෙකේම පිටි.....ඔලුවෙත් පිටි....නහය උඩත් පිටි...
දැන් නං ඇත්තම හාවෙක් වගේ සුදු පාටයි....

"පෑන් කේක් හැදුවද නෑවද.."

මට හිනාව නවත්තගන්න බැරිවෙද්දි එයා ඉනටත් අත තියන් රවනවා......

"උයන්න පුලුවන් හස්බන්ඩ් කෙනෙක් ඉන්න එකට සතුටු වෙන්න..."

එයා කීවෙ නහය උඩට උස්සන්....
වයිල්ඩ් කුක් බුක් කියලද මන්දා හිතන් ඉන්නෙ.....

උයන්න කෙසේ වෙතත් වෙන වෙන ඒවට නං වයිල්ඩ් හැබැයි මේ හාවා....

"ඉන්නකො මහත්තයෝ මම ඊලග පඩියට රෝස තොප්පියක් ගෙනත් දෙන්නංකො, අපෙ අප්පා කියලා චැනල් එකක් පටන් ගන්න ඔච්චර උයන්න පුලුවන් එකේ"

ගගුල් ඔරවලා පස්සත් ගස්සලා යන්න ගියේ පොඩි පෙරහැර මං පස්සෙන් තාර පැටව් වගේ එද්දි....

"තාත්ති ඔන්න පස්සෙ පිටි ගෑවිලා "

මිහී හයියෙන් කෑ ගහලා කිව්වෙ ගගුල් ආයෙ හැරිලා අළු වෙලා යන බැල්මකින් මං දිහා බලද්දි...

මං මොනවද කලේ....මං මුකුත් කලේ නෑ....!!!

කුස්සියේ කවුන්ටරේ උඩ තිබ්බ පෑන්කේක් ටික ගගුල් පෙන්නුවේ හරියට ගලදාරි හොටෙල් එකේ පබිලිස් සිල්වාගෙ මෙනු එකක් වගේ...

පෙනුම නං නරක නෑ , චුට්ටක් කැඩිලා තිබ්බට.....පාටෙත් අවුලක් නෑ...
බඩ යන එකක් නෑ...

චුට්ටක් කාලා බැලුවම රසත් එච්චරටම අවුලක් නෑ වගේ.....

මං ඉතිං පුදුම රසයි කියලා අගය කරා...මට කදුළුත් ආවා...මං ගාමිණීනෙ...

කට්ටිය තේ බීලා සාලෙට යද්දි ගගුල් වොෂ් එකක් දාන්න ගියා.....පිටි ටික හෝදලා දාන්න ඉතිං.....

ඔය අතරේ තමා ගේට් එකට කවුරුහරි තට්ටු කරනවා ඇහුණේ...
මහගෙදර වගේ නෙවේ, මෙහේ ගේට් එකේ බෙල් නෑ.....
තට්ටු කරන්නාට දොර ඇරේ....

මම ගේට්ටුව අරිද්දි හිනාවීගෙන හිටියෙ මේදු ....මේදුට පිටිපස්සෙන් හැංගිලා වගේ හිටියෙ දිලුම්......

කෙල්ල පස්සෙ හැංගිලා දැනටම..
ඔහොම බෑ මල්ලි...
මේ මනුස්සයා වැඩිය මට මූණ දෙන්න ආවෙත් නෑ පහුගිය කාලේ....

ඉස්සර මගේ පස්සෙන් ආවට ලැජ්ජාවෙ ද නැත්තං මම මේදුගෙ මස්සිනා නිසා 'නංගිට රිද්දුවොත් මරලා හංගනවා ' ටෝක් එක අහන්න බයේද කියලා දන්නෙ ඉතිං ඒ මනුස්සයම තමයි..

"එන්න ඇතුලට..."

මේදු ගේට්ටුවෙන් ඇතුලට ආවෙ වටපිට බල බල ,
දිලුම් ගියා කාර් එක ගේට් එකෙන් ඇතුලට දාලම එන්නං කියලා...

"ඔයාලා මට ආවත් හරි කතා කරේ එකම එක පාරයි, ඒකත් ඔයාලගෙ නංගිට එන්න වෙන්නෙ නෑ කියන්න විතරනෙ , විස්තර මුකුත් කීවෙ නෑනෙ මට , ඉතිං හොයාගෙනම එන්න වුණා.... හොද වෙලාවට මල්ලි තාත්තාටවත් පාර කියලා තිබ්බෙ"

මේදු නෝක්කාඩු කියද්දි මම ඔලුව කසලා හිනාවුණා....

"ඇත්තම කීවොත් වෙලාවක් තිබුණේ නෑ මේදු, ඔයාලට කතා කරන්න හිටියෙ....කොහොම වුණත් ආව එක හොදයි...."

මේදු මිදුල දිහා, ගේ ඇතුල දිහා බැලුවෙ සන්තෝසෙන්....

"මේ ගෙදර හරිම හුරුබුහුටියි, ලස්සනයි, පුංචි පවුලකට හොදටම ගැලපෙනවා.."

මේදු කීවෙ සාලෙ ඉද ගන්න ගමන්...

එවලෙම පොඩි තුන්දෙනා කෑ ගහගෙන සාලෙට ආවෙ නෙතූගෙ අතේ තිබුණ සෙල්ලම් ගිටාර් එකකට රණ්ඩු වෙවී....

මිහී මේදුව දැකලා නැන්දී කියලා එයාගෙ උකුලට පනිද්දි පොඩ්ඩියෝ දෙන්නා ඇස් ලොකු කරන් නාදුනන අමුත්ති දිහා බලන් ඉදියා....

"පුංචි පවුලක් කීවට  කට්ටියගෙ වැඩ නං පුංචි නෑ..."

මම කීවෙ මීට පැය දෙකකට කලින් අස් කරපු සාලෙ දැනටම තැන තැන දාලා තිබ්බ සෙල්ලම් බඩු , කතන්දර පොත් වලින් හැඩි වෙලා තිබ්බ විදිහ බලලා....

"ඔයාලත් එන්නකො අනේ, මේ ඉන්නෙ මගෙ නැන්දි....එයා අප්පච්චිගෙ නංගි ,තාත්තිගෙ අක්කා ....තේරුණාද??
එයා එනකොට පූල් දෝසි ගේනවා"

මිහී නෙතූටයි සිතූටයි කතා කරා..
මේදුට නං එයාව අදුන්නලා දුන්න විදිහට හිනාවකුත් ගියා....

පොඩ්ඩියෝ දෙන්නම ලැජ්ජාවෙන් වගේ හිටියත් පුහුල් දෝසි කියද්දි නං දෙන්නගෙම ඇස් දිලිසෙනවා මම බලාගෙන...

මේදු දෙන්නට කතා කරද්දි දෙන්නම හිමීට ඇදිලා ගියා...

මම එයාලට ඉන්න ඇරලා කුස්සියට ගියේ තේ හදන්න...එතකොටම ගගුලුත් නාලා එනවා...

"සුදු මහත්තයා තේ හදන්නෙ මොකෝ ආයෙ ....මගේ තේ රස නැද්ද...ම්ම්...කෝ ඉතිම්....එක කිස් එකක්....හාද හාද...???"

ඔන්න නාකි හුරතලේ මාව පිටිපස්සෙන් බදාගෙන හුරතල් වෙනවා.....

"අම්මෝ මල්ලි......වතුර ටිකත් පිට උගුරෙ යනවා මේ හුරතලේ දැකලා..."

කුස්සියට ඇවිත් වතුර බිබී හිටිය මේදු කියද්දි තමා ගගුල් එයාව දැක්කේ.

"අයියෝ අක්කේ...මගේ මනුස්සයවනෙ මම බදාගෙන ඉන්නෙ...ඉක්මනට දිලුමාව බැදගන්න...ඊට පස්සේ ඔයාටත් බැරියෑ පිටිපස්සෙන් බදාගෙන හුරතල් කරන්න එයාව"

මම තේ දෙකක් හදලා කුකීස් ටිකකුත් ට්‍රේ එකක තියන් ඉස්සරහට අරන් ආවා....

දිලුම් ඉන්නවා ඉදගෙන අත් දෙකත් උකුලේ තියාගෙන.... අර මනමාලි බලන්න ආව මනමාලයෙක් වගේ හෙණ ලැජ්ජාවෙන්...

"එහෙනං දිලුම් තාම වැඩිමල් හිතට තමා ප්‍රේමේ නේ...."

මං එහෙම කියද්දි මූ රතුවුණා....
මේදුත් අහක බලන් හිනාවුණා....
ලොකු පරතරයක් නෑ..
අවුරුදු දෙකක්නෙ.

එයාලා තේ බොන ගමන් අපි එයාලා ගැන විස්තර, ගෙදර විස්තර එහෙම කතා කරා.....

"අම්මා දැන් පසුතැවෙනවා මල්ලි ,  ඔයාලට යන්න දුන්නෙ ඇයි කියලා ඊයෙත් කිය කිය ඇඩුවා මාත් එක්ක "

මේදු එහෙම කියද්දි ගගුල් මගේ අතින් අල්ලගත්තා..

"මට තරහක් නෑ අක්කේ අම්මා එක්ක,
ඒත් මං හිතන්නෙ අපි වෙනම ඉන්න එක හොදයි, මට හැමදාම අම්මා එක්ක ඉන්න බෑනෙ,
මම වැඩිහිටියෙක්, මටම කියලා පවුලක් තියෙනවා....අම්මගෙ තුරුලේ ඉන්න බෑනෙ හැමදාම....
මං හිතන්නෙ අයියයි මමයි ගත්තේ හරි තීරණේ......"

එයා කීවෙ මං දිහා බලන් මාව ඉණ වටේට අත දාලා එයා ළගට ගන්න ගමන්....

"ඒත් පොඩි අය ගැන මොකද කරන්නෙ?? ඔයාලා ජොබ් වලට ගියාම??"

"ඒකට මාර්ගයක් හොයාගන්න ඕනෙ...ඩේ කෙයාර් එකක්වත්??"

"අම්මට පාළුයි මල්ලි...ඔයාලා නැතත් පොඩි අය එක්ක හරි එයාට කාලෙ ගත කරන්න දෙන්න....දන්නවනෙ එයා මුරණ්ඩුයි...ඒත් පොඩි අයට ආදරෙයි...මේ පොඩ්ඩියෝ දෙන්නවත් එයා දවල් වරුව බලාගනී...එයාට කරන්න දේකුත් නෑ ගෙදර....එයා තාත්තා මත්තෙමනෙ හිටියෙ...තාත්තා දැන් නිතර ගෙදර ඉන්න නිසා එයාට ඉස්සර වගේ හොය හොය බල බල කරන්න තාත්තගෙ වැඩ නෑ.....එයාට ඕනෙ කාලෙ ගත කරන්න විදිහක්....මේ පොඩි අය නිසා එයාගෙ හිතේ ප්‍රශ්නත් අඩුවෙයිනෙ"

මේදු කියන දේ ඇත්ත......
වයසට යනකොට එයාලට කතා කරන්න කවුරුත් නෑ....ඉස්සර වගේ එයාලගෙන් යැපෙන්න කවුරුත් නෑ...
එතකොට තමා හිතට එක එක කල්පනා එන්නෙත්...

ටිකක් වෙලා යද්දි දිලුමුත් කතාවට එකතු වුණා...ගගුල් ,දිලුම් දෙන්නා අතරත් වෙච්ච රණ්ඩු නිසාද කොහෙද පොඩි දුරස්ථකමක් තිබ්බත් දෙන්නා එකට නැගිටලා ගිහින් ටිකකින් ආයෙ අතිවිශේෂ දේවල් අඩංගු මල්ලක් එක්ක එද්දි පරණ තරහා මරහා ඔක්කොම ඉවරයි...

මම ගගුල්ට ඇස් වලින් රැව්වා...නොබී ඉදහන් කියලම නෙවේ....
බීවට කමක් නෑ...මේදු ගියාම ෂොට් එකක් දාන්න මටත් තියපං කියන්න...

මං ඉතිං මේදුගෙ ආදරණීය මස්සිනා පොඩ්ඩ සිරිමත්නෙ...එයා ඉස්සරහා බොන්නෑ.....

අර දෙන්නා නැති වෙලාවෙ මේදුයි මමයි කතා කරා පොඩි එකෙක් එක්ක පවුල් කෑමේ කලාව ගැන....  පලපුරුදු සැමියෙක් හැටියට මම පොඩි උපදෙස් ටිකකුත් දුන්නා.....
අයියෙක්, මස්සිනෙක් වුණාම නංගිලාට උපදෙස් දෙන එක යුතුකම්නෙ....විශේෂෙන් නංගි බදින්නෙත් මල්ලියෙක් වුණාම..

*කිසිම අවස්ථාවක සැමියා ඉක්මවා නොයන බව අගවන්න......
(අගවන්න විතරයි, ඇත්තටම ඒකෙ අනිත් පැත්ත )

*ඔලුව අතගා හොද ළමයා යැයි දවසකට අඩුම හතර වතාවක්වත් පවසන්න....

*පැණිරස කෑම අල්ලස් වශයෙන් දී හැකිතාක් සතුටින් තබන්න.

*සෑමවිටම වැඩිහිටියන්ට
(ඒ කියන්නෙ මට) ගරු කළ යුතු බව ව්‍යංගයෙන් වටහා දෙන්න,
(ව්‍යංගයෙන් බැරි විට හැදි මිටක් හෝ කොස්සක් භාවිතා කරන්න )

මගේ උපදෙස් මාලාව අහලා මේදු මහ හයියෙන් හිනාවුණා...

මේදු මට හේත්තු වෙලා එයාගෙ ඔලුව මගේ උරහිසෙන් තියාගත්තා...

ඉස්සර අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට පාළු දැනුනම හරි දුක හිතුණම  මෙහෙම ඉන්න පුරුදු වෙලා හිටියා....

"පාළුයිද , දුකයිද?? "

"දෙකම නෙවෙයි..."

"එහෙනං..."

"මං කරන්නෙ හරි දේද???"

"මේදු ...අහන්නකෝ...
ඔයා එයාට ආදරෙයිද?? ඔයාට විශ්වාසයිද ඔය දෙන්නට හැමදේම ගලපගන්න පුලුවන් කියලා....
එයාටයි ඔයාටයි අත් අල්ලගෙන ඇවිදගෙන යන්න පුලුවන් කියලා....
ඔයා වැටුණොත් එයා ඔයාව අල්ලගනීද??
එතකොට එයා වැටෙන වෙලාවට ඔයාට එයා ළග ඉන්න පුලුවන්ද?

"ඔව්.... අනිවාර්යෙන් ම....මම එයා වෙනුවෙන් ඉන්නවා...
එයත් මං වෙනුවෙන් ඉන්නවා.....
මට ඒක විශ්වාසයි..."

"එහෙනං ඔයා කරන්නෙ හරි දේ....විවාහා වෙනවා කියන්නෙ එක්කෙනෙක් අනිත් කෙනාට යටත් වෙනවා කියන එක නෙවේ...
විවාහය කියන්නෙ ජීවිතේ හැමදේම බෙදාගන්න, වැටෙද්දි අල්ලගන්න....එකට ගමනක් යන්න කෙනෙක් ලැබෙන එකට....
දෙන්නටම පුලුවන් වෙන්න ඕනෙ අවශ්‍ය තැනදි නම්‍යශීලී වෙන්නත්...ඒ වගේම තමන්ගෙ පාට්නර්ට ගෞරවයෙන් සලකන්නත්.....හරිද?"

"හ්ම්...මම එයාට ආදරෙයි...එයත් ආදරෙයි...අපි දෙන්නම එකිනෙකාට ගෞරව කරනවා...."

"එහෙනං ඔය දෙන්නට  වැරදෙන්නෙ නෑ මේදු.......ඔය දෙන්නගෙ එකිනෙකා අතර හොද සන්නිවේදනයක් තියාගන්න...හංගගෙන දරාගෙන ඉන්න ඕනෙ නෑ....දුක හිතුණම කියන්න...වෙනසක් දැනෙද්දි කියන්න...
ආදරේ අස්සෙ හිස්තැන් තියෙනකොට ලු යක්කු රිංගන්නෙ...
ඒ නිසා හිස්තැන් තියාගන්න එපා..
හැම හිස්තැනක්ම පුරවන්න දෙන්නම එකතු වෙලා...."

මේදු මාව බදාගත්තා...

"ඔයා තමා හොදම කෙනා...මම මුලින්ම බූට් එකක් කාලා මේ විදිහටම ඔයාව තුරුල් කරන් ඇඩුවා මතකද??"

එයා මිමිණුවා...

"අපෝ...මතක් කරන්නෙපා...මගේ ෂර්ට් එකෙන් හොටුත් පිහ පිහ ඇඩුවෙ......මට තාම මතකයි...හනේ....මාමී......එයාට වෙන කෙල්ලෙක් ඉන්නවලු...මට බෑ අනේ..එයා නැතුව ඉන්න...මම පපුව පැලිලා මැරෙයි......මට මැරෙන්න ඕනෙ...හත්තික්කේ ඒ ඇඩියාව මේ කල්පෙට ඉවර වෙන එකක් නෑ කියලා හිතුවෙ..."

මම එයාට විහිලු කරද්දි එයත් හිනාවෙවී මගෙ අතට ගැහුවා..

"ඒ ඒ කාලෙනෙ ඉතිං....මම මෝඩයි...බොළදයි....
ඒත් මට ඔයාවත් නොහිටියා නං මම අර කීවත් වගේ මැරෙන්න උත්සාහා කරන්න තිබ්බා මෝඩ විදිහට....."

අපි දෙන්නා ඒ කාලෙ මතක් කර කර හිටියා.....

ගගුලුයි දිලුමුයි ආවට පස්සේ එයාලත් අපේ කතාවට එකතුවුණා...

කොහොමහරි එදා මේදුයි දිලුමුයි දවල් කෑම වෙලාව එනකම්ම අපි එක්ක හිටියා
එයාලගෙ වෙඩින් එකට තව මාස එකහමාරයි තියෙන්නෙ......
ඉක්මනටම එයාලා ඒකෙ වැඩ වලට බිසී වෙයි...

අපිට තාවකාලිකව හරි මහගෙදර පැත්තෙත් යන්න වෙනවා....
මොකද උත්සවය රිසෙප්ශන් හෝල් එකක තිබ්බට වෙඩින් එකක් කීවම කොච්චර වැඩ තියෙනවද??

දවල්ට කාලා එහෙම මේදුයි දිලුමුයි පොඩි තුන්දෙනාව පාක් එක්ක යන්නං කිව්වා...

මම සාලෙ අස්කරද්දි  ගගුල් කෑම කාපු භාජන හේදුවා....
ඊට පස්සේ ඉතිං කරන්න වැඩක් නෑ...

මම එළියේ වැලේ තිබුණ රෙදි වගයක් ඇතුලට අරන් ඇවිත් ඇද ළග තිබුණ පුටුවට අතෑරියා, නවලා දාන්න ඕනෙ කබඩ් එකට පස්සේ...

ගගුල් දොර ළග හොරගල් අහුලනවා.

"මොකෝ....."

"මේ....අරගොල්ලො දැන්ම එනේකක් නෑ.."

මට තේරෙමින් පවතිනවා දැන් ගොනා හැරෙන්නෙ මොකටද කියලා......

"ඉතිං...."

"ඉතිං මේ....දවස් ගාණකින්..."

පොල් පැලේ ළගට ගොනා ඔන්න එනවා....
මම ජනේලෙන් එළිය බලාගෙනම රෙදි නැවුවා...

"දවස් ගාණකින් මොකද....."

මම එහෙම අහන ගමන්ම ගගුල් දිහා බැලුවෙ මුකුත්ම දන්නෑ වගේ....

ගගුල් උත්තරයක් නොදීම මාව අතින් ඇදලා එයා ළගට ගත්තා...
මමත් එයාගෙ අත් අස්සට ඇදිලා ගියේ ඇත්තටම එයා කීවත් වගේ දවස් ගාණක් විදින්න බැරිවුණු උණුහුමක් අස්සට...

මේ දවස් ටිකම උපරිම කාර්යබහුලයි...පොඩි අය එක්ක ඔට්ටු වෙලා අපි දෙන්නම නිදාගන්න එද්දි ඇදට වැටිලා ගෙම්බා පොලොවේ ගැහුවා වගේ නිදියනවා හැර වෙන දේකට ශක්තියක් නෑ...

එයා මාව සිපගන්න ගද්දි මමත් එයාට ඉඩ දුන්නා....එයා ඇදෙන් ඉදගනිද්දි මමත් එයාගෙ උකුලෙන් ඉදගත්තේ හාදුවෙන් වෙන් නොවීම...

එයාගෙ එක හාදුවක් ඇති මට මුළු ලෝකෙම අමතක කරන්න.......

මගේ අත් එයාගෙ බෙල්ල වටේ එතෙද්දි.....
එයාගෙයි මගෙයි ඇදුම් ලිහිල් වෙද්දි මට මං කවුද කියන එක පවා අමතක වුණා....

එයාගෙ සහයෙන් පලවෙනි ,දෙවනි තුන්වෙනි වතාවටත් මම සංතෘප්ත වෙද්දි එයා මාත් එක්කම  දෙවනි පාරටත් හැගීම් මං ඇතුලෙම පිටකරා....

මම හිටියෙ මත්වෙලා.....හැගීම් දරාගන්න බැරුව......අතරමං වෙලා...

එතකොටම ඇහුණේ ඉස්සරහා දොරේ බෙල් එක.....
මාව ගැස්සුණා....

ඇති යන්තං දොරවත් වහලා.....
ඒක ඇරලා තිබ්බනං පොඩිඋං ටික කෙලින්ම මෙතන...

ගගුල් දඩබඩ ගාලා ෂෝර්ට් එකක් දාගනිද්දි මම බෙඩ්ශීට් එකකුත් පටලගෙන නැගිටලා මගේ ෂෝර්ට් එක හෙව්වා..

එක ඇද යට......

" ගගුල්....දොර අරින්න යන්න කලින් ෂෝර්ට් එක අරන් දෙනවා මිනිහෝ, මට නැවෙන්න බෑ...කොන්ද රිදෙනවා"

ගගුල් ඇද යට බඩගාලා ෂෝර්ට් එක විසි කරලා දාලා ගියේ ඔලුවෙ  මකුළු දැල් පිහ පිහ...

මේ කාම ලෝකෙට ආසා කරන්න හොද නෑ කියලා කීවට මොකද පේනවනෙ පැයක දෙකක සතුටක් වෙනුවෙන් අපි කන කට්ටක්.....

මම බාත්රූම් එකට ගිහින් ක්ෂණික වොෂ් එකක් දාලා සිරිමත් වගේ සාලෙට යද්දි කට්ටිය සාලෙට වෙලා ඉන්නවා....

ළමයි තුන්දෙනාම මේදුගෙයි දිලුම්ගෙයි ඇග දිගේ නගිනවා......කොණ්ඩෙන් අදිනවා..එක කෝලමයි..
දෙන්නට අනාගතය වෙනුවෙන් හොද අත්දැකීම් ඉතිං මේ ළමයි බලා ගැනිල්ල....

මේදු මං දිහා බලලා අමුතුවට හිනාවුණා...
මගෙ සිරිමත් හැසිරීමට රැවටුණේ නැද්ද ඒ කියන්නෙ....

එතකොට තමා මම ගගුල්ව හරියට දැක්කේ...
ගගුල්ගෙ කොණ්ඩේ හරියට කුණාටුවකට අහුවෙලා වගේ...
ඇදන් ඉන්න ටී ෂර්ට් එක එහෙමෙහෙ වෙලා...
මූව දකින ඕන එකෙකුට පේනවා හොද අඩව්වක් අල්ලපු විත්තියක්...
කෑවනෙ ඉතිං....සිරිමත්ගෙ මනුස්සයා වුණාම ටිකක් සංවර වෙන්න දැනගන්න එපැයි...

ටිකක් වෙලා ඉදලා මේදුයි දිලුමුයි ගියේ එයාලගෙ වෙඩින් එකේ වැඩ වලට උදව් කරන්න එන්න කියලා අපිටත් කියලාමයි..

දැන් හවස් වෙලා....
රෑ කෑමත් හදලා මම ආශිටත් ෆෝන් එකෙන් කතා කලා...

එයා අඩනවා....එයාට දරුවො නැතුව පාළුයිලු....ඒත් එයාට තීරණයක් ගන්න බෑලු....ඒත් එයාගෙ හස්බන්ඩ් මේ දවස් ටිකේම හොදින් සලකනවලු...එයාට කෑම ගෙනත් දෙනවලු....ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන් කියලා නොබී ඒ සල්ලි ඉතුරු කරනවලු...හස්බන්ඩ් දැන් වෙනස්ලු...ආශි කියනවා පුලුවන් ඉක්මනට එයා දරුවො ගන්න එන්නංලු....හැමදේම හරියයිලු.....
මේ පාර නං සුපුන් දරුවන්ව හොදට බලාගනී කියලා හිතෙනවලු.....

මට පලවෙනි වතාවට ආශි ගැන තරහක් ආවා....පුංචි දරුවො සෙල්ලම් බඩු නෙවෙයි ඕනෙ ඕනෙ වෙලාවට යවන්නයි ආපහු ළගට ගන්නයි...

ඇයි ගෑනු ආදරේ ඉස්සරහා මේ තරම් බොලද???
ඇයි එයාට නොතේරෙන්නෙ මිනිස්සුන්ට වෙනස් වෙන්න යන්නෙ තත්පරයයි කියලා??
එක පාරක් ගහපු මිනිහට ආයෙ පාරක් ගහන්න හේතු ඕනෙ නෑ කියලා??
එයාට ඇයි හයියක් නැත්තේ දරුවො තුන්දෙනාම ළග තියාගෙන  එයාට වද දෙන මනුස්සයගෙන් ඈත්වෙන්න??

මට අමතක නෑ ඒ මනුස්සයා පොඩ්ඩියෝ දෙන්නා ගැන කියපු  වචන.... මරනවා කියලා තර්නය කරපු හැටි, එයාගෙ නෙවෙයි කීව හැටි..
මේ දරුවො දෙන්නා ඒ මනුස්සයා ළගට යැව්වොත් මොනවා වෙයිද??

ආශි මං ලග හිටියනං එයාට ඔහොම වෙන්නෑ කියන හැගීම මට ආයෙත් දැනුනා.....
එයා මං ලගක හිටියනං එයාට ටොක්කක් ඇනලා ආදරේ කියන්නෙ ඕක නෙවේ මෝඩියේ කියලා,  කියලා දෙන්න තිබුණා...
එයාට මුලින්ම ළං වුණු කෙනා සුපුන් වෙන්න ඇති...
ඉතින් අම්මා තාත්තවත් නැති ආශි එයාගෙ හදවතින්ම ඒ මනුස්සයාට ආදරේ කරන්න ඇති....
දැන් ඒ ආදරේ ඉස්සරහා එයා අන්ධ වෙලා ....
පොඩි දරුවො දෙන්නෙක්ගෙ ජීවිතේ වෙන්දේසියේ දාලා එයා එයාගෙ ආදරේ රැකගන්න උත්සාහා කරනවා...

මම සාලෙ මිහී එක්ක කිරි කිරි බෝලෙ කර කර ඉන්න පොඩ්ඩියෝ දෙන්නා දිහා බැලුවා...

එයාල ගැන ලෝභයි....ඒ දෙන්නා මෙහේ සතුටින්, සැනසීමෙන්...
ඒත් එයාලා මගේ නෙවේ....
මං එයාලගෙ තාත්තා නෙවේ....
එයාලගෙ අම්මගෙන් එයාලව වෙන් කරන්න මට අයිතියක් නෑ......
ඒත් එයාලා ආරක්ෂිතයි කියලා හරියටම නොදැන මම කොහොමද එයාලව ආශිට ගෙනියන්න දෙන්නේ??

මගේ හිත යකාගෙ කම්මලක් වගේ...

මම ආශිට ආදරෙයි, ඒත් මේ කාගෙවත් හව්හරණක් නැති දරුවො ගැන මට ඊටත් වඩා ලොකු බැදීමක් හැදිලා....

"මොනවද හිතන්නෙ චූටි...."

"මුකුත් නෑ....පොඩ්ඩො ටික සෙල්ලම් කරනවා බලන් ඉදියා..."

ගගුලුත් එයාලා දිහා බැලුවෙ ඇස් අස්සෙ ලොකු පිය සෙනෙහසක් එක්ක...

"මං දන්නවා ආත්මාර්ථකාමී වෙන්න හොද නෑ කියලා....ඒත් මේ පුංචි උං දෙන්නත් අපේ උනානං කියලා හිතෙනවා චූටි.... එයාලාඉන්නකොට අපේ පවුල සම්පූර්ණයි වගේ"

මගේ හිත අස්සෙ මම හංගගෙන ඉදපු දේම ගගුල් කියද්දි මම බර හුස්මක් ගත්තා....

"මිහී එයාලට ළං වෙන හැටි දැක්කම මට හිතෙනවා අපි එයාලව ළං කරලා ආයෙ ඈත් කරොත්  එයාලට කොච්චර දුක හිතෙයිද කියලා ගගුල්...ආශිට දරුවො නැතිව ඉන්න බෑ කියලා අඩනවා...එයා දරුවො අරන් යන්න ඒවි..."

ගගුල්ට ඉබේම බැලුනෙ මගේ වැලමිට දිහා....දැන් අර පිහිය වැදුණ තැන මතුවුණ දම්පාට තැල්ම පෙනෙන්න නෑ....

"මේ පිහිපාර ඊලගට එන්නෙ මේ පොඩි දරුවෙක්ට වුණොත් චූටි......"

එයාගෙ ඇස් වලින් මම දැක්කේ මගේ ඇස් වල තිබ්බ වේදනාවමයි....එයාගෙ කටහඩ යන්තමට බිදුණා...

අපි දෙන්නම අයිතියක් නැති පුංචි වස්තු දෙකකට ආදරේ කරන්න පටන් අරන් ....
මේ මිල කරන්න බැරි මැණික් කැට  දෙකේ අයිතිකාරයින්ට එයාලා ගැන වටිනාකමක් නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ.....

ආශි හිතෙන් විදවනවා ඇති....ඒත් එයා කොහොමද දරුවො දෙන්නව අතෑරලා එයාගෙ හස්බන්ඩ්ව තෝරගත්තේ....

මට කලින් නොදැනුන තරහක් එයා ගැන දැනුනා...
සමහර විට මම මේ පුංචි කෙල්ලො දෙන්නට ආදරෙන් බැදිලා නිසා වෙන්න ඇති......

ගගුලුයි මමයි එකට ළං වෙලා එයාලා දිහා බලන් ඉදියා....එයාලා දෙන්නා මැද්දෙ හිනාවුණ අපේ පුංචි එකා දිහාත් බලන් ඉදියා....

"සෑට පේන කිලි හාවා හදේ ඉන්නවද හොයන්න...
මිනිස්සු එකොමත් කාලෙක හදත ගියාලු...ලොකු ලොකට්ටුවක් අදාන හදත ගියාලු......මොකද්ද අයියෙ ලොකත්තුවක් කියන්නෙ..."

"ඉන්නකො මම හදා දෙන්නං, කොළයක් අරන් එන්නකො, අපි රොකට් හදලා  හදට යවමු"

ටික වෙලාවකින් කඩදාසි රොකට්  ගේ හැමතැනම.....එකක් ඇවිත් මගේ ඔලුවෙත් වැදුණා...
උඩ පැන පැන අත්පුඩි ගගහා හිනාවෙන අපේ පොඩි උං තුන්දෙනා දැක්කම මගේ හිතට මහා ලෝභකමක් දැනුනා....

ආදරේ ඉපදෙන්නේ ලේ බැදීම් අස්සෙන් විතරක් නෙවෙයි.....
කිසිම ලේ බැදීමක් නැති මේ පුංචි දරුවො දෙන්නත් අපේ පුතා එක්කම අපි දෙන්නගෙම හදවත් අස්සට රිංගලා.....

අනේ අපි පස් දෙනා එක පවුලක් වුණානං....
අපි දෙන්නම කටින් නොකීවට එහෙම හිතනවා කියලා අපි දෙන්නම දැනන් ඉදියා ......

මතුසම්බන්ධයි

Continue Reading

You'll Also Like

86.6K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
6.8K 1.2K 10
එයාට මාව යාළුවෙක් විතරයිද? එයා මට ආදරේ නම් වෙන කෙනෙක්ව කසාද බඳින්න කැමති වෙයිද? මට ආයෙමත් බලාපොරොත්තු තියාගෙන දුක් විඳින්න බෑ
15K 3.2K 48
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
77.1K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။