මතකයට හොරෙන් ✔️

By TaraNemeth9

72.1K 11.9K 2.6K

අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction More

හැදින්වීම🌼
පලවෙනි සිහිනය~🌼
දෙවනි සිහිනය 🌼
තුන්වෙනි සිහිනය🌼
හතරවෙනි සිහිනය🌼
පස්වෙනි සිහිනය🌼
හයවෙනි සිහිනය🌼
හත්වෙනි සිහිනය🌼
අටවෙනි සිහිනය🌼
නවවෙනි සිහිනය🌼
දහවෙනි සිහිනය🌼
එකොලොස් වෙනි සිහිනය🌼
දොලොස්වෙනි සිහිනය....🌼
දහතුන්වෙනි සිහිනය🌼
දාහතරවෙනි සිහිනය🌼
පහලොස් වෙනි සිහිනය🌼
දාසය වෙනි සිහිනය🌼
දාහත් වන සිහිනය🌼
දහ අටවෙනි සිහිනය🌼
දහනව වෙනි සිහිනය🌼{අතීතයේ දෝංකාරයක්}
විසිවෙනි සිහිනය🌼
21 වෙනි සිහිනය🌼
22 වෙනි සිහිනය🌼
23 වෙනි සිහිනය🌼
24 වෙනි සිහිනය🌼
25 වෙනි සිහිනය🌼
26 වෙනි සිහිනය🌼
27 වෙනි සිහිනය🌼
28 වෙනි සිහිනය🌼
29 වෙනි සිහිනය🌼
30 වෙනි සිහිනය🌼
32 වෙනි සිහිනය🌼
33 වෙනි සිහිනය
34 වෙනි සිහිනය🌼
35 වෙනි සිහිනය🌼
36 වෙනි සිහිනය🌼
37 වෙනි සිහිනය🌼
38 වෙනි සිහිනය🌼
39: සැබෑ වූ සිහිනය🌼

31 වෙනි සිහිනය🌼

1.4K 270 24
By TaraNemeth9

"මගේ මේස් කෝ අප්පච්චී...."

"තාත්තිගෙන් අහන්නකො පුතේ....
එයා තමා ගෙනත් දැම්මෙ..."

"එයා බාත්රූම් එකේ අනේ....රැවුල කපනෝ...."

"මම ඇදුම් අයන් කරනවනෙ පුතේ, පොඩ්ඩක් හොයන්නකො..."

මිහී සද්දෙන් අඩි තිය තිය තරහෙන් කාමරේ ඇවිදිනවා මෙහෙට ඇහෙනවා....

"අනේ තාත්ති....හොයලා දෙන්නකෝ..."

"කෑගහන්නෙපා ළමයෝ , රැවුල නෙවේ මගේ බෙල්ල කැපෙනවා තව පොඩ්ඩෙන්...."

"දෙන්නම එකයි....මට මේස් හොයලා දෙල්ලෙත් නෑ.."

කාර්යබහුල කාලෙ මැද්දෙ වුණත් ඔය වගේ පුංචි පුංචි රණ්ඩු සිද්ධ නොවුණම නෙවෙයි.....

සතියක් විතර ගතවෙලා...
තාමත් ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා,
හැමදාම උදේම ගියාම එනකොට හවස් වෙනවා, නිවාඩුවක්වත් ගන්න අමාරුයි, ඉරිදා විතරයි එකම නිවාඩුව...

ඒත් මම වැඩ මැද්දෙ වුණත් ආශිට කීප පාරක්ම කතා කරන්න අමතක කලේ නෑ....
මොකද මට එයා ගැන වද වෙන එක නවත්තගන්න බැරිවුණා,

කියලා කියලා එයාව බොහොම අමාරුවෙන් තමයි කැමති කරවගත්තේ ජොබ් එකට ගන්න.....
එයා මුරණ්ඩුයි....මම කියන දේ අහන්නෙම නෑ....

අන්තිමේදි කැමති වුණේ දරුවො නිසා... කවුරුහරි සද්දෙන් කතා කරත් බයෙන් ගැහෙන, තාත්තා කීවම වෙවුලන පොඩ්ඩියෝ දෙන්නගෙ අනාගතේ ගැන මම මතක් කරපු හින්දා....

එයාගෙ හස්බන්ඩ්ට ජොබ් එක ගැන කීවම එයා හොදටම රණ්ඩු කරලා තිබ්බා....හිටියත් වැඩක් නැති මනුස්සයව අතෑරලා දාන්න කීවත් ආශි තාමත් ඒ මනුස්සයට ආදරෙයි...

ඒත් දරුවො දෙන්නා වෙනුවෙන් එයා ජොබ් එක කරන්නත් ලෑස්තියි....

මම එයාලට නවතින්න පොඩි ගේකුත් හොයලා මේදු එක්කත් ජොබ් එක කතා කරගත්තා...

මට වුණත් ආශි ගැන බලන්න පුලුවන්, එයා ජොබ් කරන්න ඕනෙ නෑ....
ඒත් එයා කැමති නෑ නොමිලේ උදව් ගන්න ..

ඉතිං මේදු එක්ක මම එකගතාවෙකට ආවෙ මගේ අතිනුත් ගාණක් එයාගෙ පඩිය විදිහට හොරෙන් හරි එකතු කරන්න,
මට බඩු ටිකක් වුණත් ගෙනත් දෙන්න පුලුවන්නෙ....නිතරම එයාලා ගැන බැලුවහැකි....

මේදු ඒ වෙනකොට කොල්ලෙක් හොයාගෙන,හිතාගන්න බෑ තමා...ඒ වුණාට ඒ දිලුම්....ගගුලුයි එයයි අතර පහුගිය කාලේ වැඩි සම්බන්ධයක් නොතිබ්බෙ ඇයි කියලා මම හිතුවත් ඒ මේදු ගැන ඇතිවෙච්ච රණ්ඩුවක් කියලා මම දැනගෙන හිටියෙ නෑ...

ගගුල් දන්නවා දිලුම් bi කියලා, ඉතින් එයාට දිලුම් ගැන අවිශ්වාස හිතලා...
දෙන්නා අතර වලියක් ගිහින්....
ඒත් දිලුම්, මේදු එක්ක තිබ්බ සම්බන්ධෙ නතර කරලා නෑ..

ඒ වලිය සමතයකට පත් වෙලා තියෙන්නෙ මේ ඊයෙ පෙරේදා,
එතකොට තමා මම දැනගත්තෙත්

ඉතින් මේදු  ඩොක්ටර් කෙනෙක් විදිහට ගත කරන කාර්යබහුල ජීවිතේ එක්ක එයාගෙ ලව් ලයිෆ් එකත් එකතුවෙලා...
ඉතිං එයා හොස්පිට්ල් එකේ වැඩ වලට අමතරව කරගෙන ගිය පෞද්ගලික  ඩිස්පැන්සරියෙ වැඩට සහයිකාවක් ඕනම වෙලයි තිබුනේ..

ඊලග ඉරිදා උදෙන්ම මම ආශිවයි දරුවනුයි එක්ක එන්න ගියා......
මට ඕනෙ වුණේ පුලුවන් ඉක්මනට එයාලව එක්ක එන්න...
අලුත් ගෙදරට එක්කන් එන්නත් හැමදේම ලෑස්ති කරලයි තිබ්බෙ...
ඒක පුංචි ගෙදරක්...
කාමර දෙකකුයි කුස්සියකුයි ,පුංචි සාලෙකුයි තියන....
ආශි කොහොමටත් ඊට වඩා ලොකු තැනක් මගෙන් බාරගන්න කැමති නෑ...
හැබැයි පුංචි වුණත් හැම සැප පහසුකමක් එක්කම තුන්දෙනාට පහසුවෙන් ඉන්න පුලුවන් විදිහට මම හැමදේම ලෑස්ති කලා....
මට විනාඩි පහළවක දුර නිසා නිතර එයාලා ගැන බලන්නත් පුලුවන්නෙ...

අද නං යන්නෙ කාර් එකේ, අරන් එන්න බඩු තියෙයිනෙ...

ගෙදර බඩු නං මුකුත් අරන් එන්න ඕනෙ නෑ කියලා මම කලින්ම කීවා, ඇදුම් පැලදුම් , පොත්පත් ටික තිබුණනං ඇති...

ගගුලුත් මා එක්ක එන්නම් කීවත් එයාටත් වැඩක් වැටුණා...

ඉතිං තනියම කාර් එකේ යද්දි මේ කෑගල්ලෙ යන අවසන් වතාව නේද කියලා හිතුණා...
ආශි  පරිස්සමෙන්  ඉදියිනෙ අද ඉදලා,
එයාට බීලා ඇවිත් ගහන්න බනින්න, දරුවන්ව බය කරන්න කවුරුත් නැති වෙයිනෙ....

අඩුමගාණේ ඒ මනුස්සයව හදන්න පුලුවන් කෙනෙක් නං කමක් නෑ....
අඩුමගාණේ කතා කරන්නවත් නොදන්න මනුස්සයෙක් කියලා ආශි කියපු දේවල් වලින් මට තහවුරු වුණා...

මට ඕනෙවුණේ ඉක්මනට එයාලාව එක්කගෙන එන්න ..
මොකද මොකද්දෝ මූසල හැගීමක් මට දැනි දැනී තිබ්බා.....

මම පැය එක හමාරක විතර ගමනකින් පස්සෙ කාර් එක එයාලගෙ මිදුලට දානකොටම දොර පඩිය උඩ ඉදගෙන කම්මුලට චූටි අත් තියන් බලන් ඉදිය පොඩ්ඩියෝ දෙන්නා ඊගස් වගේ නැගිට්ටා....

මම කාර් එක එයාලා දුවගෙන එන්න කලින් නවත්තලා බැහැලා එද්දි දෙන්නම තරගෙට මගේ දණිස් දෙකේ එල්ලුණා...

"අද බූම් යලවද අපි , කියල්ලකො මාමි, අම්මි මත ඒම කීවනෙ....ඉක්මනත යං අපි "

නෙතුලි මගේ කකුලකින් ඇද ඇද අහනවා...

"ඔව් ඔව්, ඉක්මනත යං , නපුලු තාත්තා ඊයෙත් අයියෙන් බැන්නා අම්මිට....එයා අදත් එනෝ කිව්වා....අම්මි අපි දෙන්නව ගීන් දැම්මෙ නැත්තං අපිව මලනවා කීවා "

සිතුලි කීවෙ ඇස් ලොකු කරන්....

"කෝ පුතේ අම්මා, ඇතුලෙද, ඔයාලව එක්ක යන්න තමා මාමි ආවෙ..."

මම ඇතුලට යනකොට දොරකොඩ ළග පරණ ට්‍රැවලින් බෑග් දෙකක්.....
ඇදුම් පැළදුම් වෙන්න ඇති....

ආශි ඉන්නවා පරණ ප්ලාස්ටික් පුටුවක ඉදගෙන බිම බලන්.....එයා යන්න ලෑස්ති වුණ පාටක් නෑ...
ඇදගෙන හිටියෙ ගෙදරට අදින ඇදුම්....කොණ්ඩෙත් අවුල් වෙලා...

"නංගි....අපි යමු....."

එයා ඔලුව උස්සද්දි මම දැක්කෙ එයා අඩනවා....ඇස් දෙකම තඩිස්සි වෙලා....
එයා මුළු රෑම අඩලා වගේ...

"නංගි.." මම එයා ඉස්සරහා දණ ගහගෙන එයාගෙ මූණ දිහා බැලුවා...

"ඇයි අඩන්නේ..ඔයා දරුවො වෙනුවෙන් නෙ මේ තීරණේ ගන්නෙ..."

එයාගෙ ඇස් වලින් කදුළු ගලද්දි එයා ඉකි ගගහා මගේ අත් අල්ලගත්තා...

"මට ...මට...යන්න ඕනෙ අයියේ.....ඒත්... ඒත්....මම දන්නෑ ඇයි කියලා....ඒත් මට මහ අමුතු බයක් එනවා....මාව තියලා දරුවො දෙන්නව එක්ක යන්න......එයා ....එයා ඊයෙ ඇවිත් බැන්නා....දරුවො දෙන්නා එයාගෙ නෙවෙයි කිව්වා....
අනේ එයා දරුවො දෙන්නව මරයි අයියේ.....එයාලව අරන් යන්න....තාත්තා අතින්ම දරුවො මැරෙන පාපෙ වෙන්න දෙන්න එපා ...මගේ පැංචියෝ දෙන්නව ආරක්ෂා කරන්න...එයා කීවොත් දෙයක් කරනවා...මට යන්න එපා කීවා....මොකද මං....මං ...."

ආශි ගොත ගගහා වචන ගලපගන්න හැදුවා....

එයාගෙ එක අතක් එයාගෙ බඩ ළගට යද්දි මට තේරුණා එයා කියන්න හදන දේ....

"ඔයාට දරුවෙක් ලැබෙන්නද නංගි..."

එයා වේගෙන් ඔලුව වැනුවා....මම දොරෙන් එළියෙ බලද්දි කාර් එක වටේ දුව දුව පොඩ්ඩියෝ දෙන්නා සෙල්ලම් කරනවා...

මේ දරුවො දෙන්නා අම්මා නැතුව කොහොමද ඉන්නෙ?? අනික අනුන්ගේ දරුවො එහෙම අරන් යන්න බෑනෙ.....

"නංගි අහන්නකෝ, දරුවා හිටියට කමක් නෑ, මම ඔයාව බලාගන්නම්....මම කොහොමද ඔයාව මේ මිනිහා ළග දාලා යන්නේ??? ඔයාට මෙහෙම වද දෙනවා කියලා දැන දැනත්...."

"එයාට මං එක්ක තරහක් නෑ...එයා තරහා දූලා දෙන්නා එක්ක...එයා හිතන්නෙ එයාලා එයාගෙ නෙවෙයි කියලා...ඒක කිය කිය තමා හැමදාම රණ්ඩු වෙන්නේ...එයා මට ගහන්නෙ එයාලට ගහන්න බැරි නිසා...."

"නංගි...."

මට ඊට වඩා දෙයක් කියන්න ලැබුණේ නෑ....

පොඩ්ඩියෝ දෙන්නා එකපාර යටිගිරියෙන් කෑගහන්න ගත්තා....

මම කලබල වෙලා නැගිටලා බලද්දි සරමකුත් කැහැපට ගහගත්ත මරුමුස් පෙනුමක් තියෙන  මිනිහෙක් ගේ දිහාවට එනවා වේගෙන්...මූණ දම් පාට වෙලා....බීලද කොහෙද වැනෙනවා....අතේ ලොකු මන්නයක්...

පොඩ්ඩියෝ දෙන්නා කාර් එක පිටිපස්සෙද කොහෙද හැංගිලා....මනුස්සයා පොඩි උං දෙන්නා දිහා බැලුවෙ නෑ කියලා දැක්කම තමා මට ලේ ටිකක් ඉනුවේ......

මම ආශි ඉස්සරහට පැනලා එයාව කවර් කරගත්තෙත් ආශි සුපුන්.... කියලා බය වෙලා කෑගැහුවෙත් එතකොටම..

"එහෙනං මූ තමා උඹේ මහ ලොකු අයියා කියන එකා.....තොගෙ නේද අර පොඩි මී පැටව් දෙන්නා....උං දෙන්නවත් අරං තොලොංජි වෙලා පල...මට එපා අනුන්ගෙ මී පැටව්...හැබැයි මගේ ගෑනි තියලා පලයව්...උඹ මේ පොඩි හැතිරියො දෙන්නා අරන් නොගියොත් ඒකිවයි මුං දෙන්නවයි තුන්දෙනාවම මකවනවා මම....මේ සුපුනා....හරිය...."

මම බය වෙලා හිටියෙ ආශි ගැන...මිනිහා බීලා කියලා කටහඩ වැනෙන එකෙන් හොයතෑකි...මන්නයක් අතේ තිබ්බට ඒක උස්සගන්නත් පණ නැති සයිස් ....
මිනිහා හොදටම කෙට්ටුයි....නහර පෑදිලා....ආශිගෙම වයස කීවත් මේ මනුස්සයගෙන් පෙනුනෙ අවුරුදු දහයක්වත් ඊට වඩා වැඩි පෙනුමක්...
මූ නෝංජලයෙක් වගේ...
මේ වගේ මිනිහෙකුට ආශි කොහොම රැවටුණාද කියලා හිතාගන්නත් බැරිවුණා.

"තමුසෙට පිස්සුද ඕයි, මම ආශි ව එක්කගෙන යන්නෙ රස්සාවකට මිස වෙන දේකට නෙවේ, අනික තමුන්ගෙම දරුවො දෙන්නා ගැන ඔහොම කතා කියන්න එපා , මම ආශිගෙ අයියා ...බලු කතා කියන්නෙපා මිනිහෝ..."

ඒ මිනිහා හක හක ගාලා හිනාවුණා, හොදින් කතා කරලා බේරගන්න පුලුවන් පාටක් නෑ...

"ඒකිට කොහෙද බං අයියලා, කාත් කවුරුත් නැති අනාථ කෙල්ලන්ට කොහෙන්ද අයියලා??? උඹලා වගේ වෙන වෙන රහ දෙන අයියලා තමා ඉන්නෙ...."

මම ඒ මිනිහා ළගට ගිහින් මන්නා පිහිය උදුරන්න හැදුවා....ඌ මට වඩා කොටයි, කෙට්ටුයි, බීලත් හිටිය නිසා ඌට කොහොමත් මට මුකුත් කරන්න බෑ ...

"නංගි යන්න කාර් එකට...."

"ඒත් අයියේ....මං "

"නංගි...උඹට මැරෙන්න ඕනෙද?? කිව්වම යනවා..."

මම ආශිට කෑ ගහද්දිත් එයා පස්ස ගැහුවා....
මම ආශි දිහා බලන් හිටිය නිසාද කොහෙද මට අර මිනිහට අවධානය යොමු කරන්න බැරි වුණා....

ඒ මිනිහා මන්නෙ උස්සලා ආශිගෙ පැත්තට වනද්දි මම ආශිව පස්සට තල්ලු කරා...මන්නෙ මගේ අතේ වැදුණා කියලා තේරුණත්, වේදනාවක් අත දිගේ මොලේටම යනවා වගේ දැනුනත් මම වේදනාව ගැන හිතන්නත් නතර නොවී ඌව තල්ලු කරා....
වාසනාවට මගේ අත කැපිලා තිබ්බෙ නෑ ..තැලිලා විතරයි.

"අනේ අයියේ යන්න....දෙයියනේ වදින්නං....යන්න.....පොඩ්ඩියෝ දෙන්නා එක්ක යන්න...."

එයා කෑ ගැහුවා.

මං අර මිනිහට පයින් පාරක් දීලා බිමට සමතලා කරද්දි ඌත් ගෙම්බා පොළොවෙ ගැහුවා වගේ වැටුණා.....
ඌ එහෙමම ගුලිවෙලා එතනම දපලා නිදාගත්තා...

"මං කොහොමද දෙයියනේ උඹව දාලා යන්නෙ මේකා එක්ක...."

ආශි කදුළු වැටෙද්දිත් කෙලින් මං දිහා බැලුවා..

"මට මාව බලාගන්න පුලුවන්, මට බලාගන්න බැරි දරුවො දෙන්නව, ටික කාලෙකට හරි ඒ දෙන්නව එක්ක යන්න...එච්චරයි ඉල්ලන්නෙ වදින්නං අයියේ...මමත් ගියොත් මට කවදාවත් සැනසීමක් නෑ...කොහෙට හරි හොයන් එයි....මේ මගේ කසාද මිනිහා අයියේ...ඔයාට බෑ මට බල කරන්න.."

මට තරහයි .....
ඇයි මෙහෙම .....ආශි මෙච්චර රිද්දන තැනක හිරවෙලා ඉන්නෙ ඇයි???
දරුවා නිසාද???
මේ ඉපදෙන්න ඉන්න දරුවට හොද තාත්තෙක් වෙන්න මේ බිබී නටන , ගෑනුන්ට අත උස්සන බ## ලට පුලුවන්ද??
තමන්ගෙ දරුවො දෙන්නව එපා කියන මිනිහට පුලුවන්ද තව දරුවෙක්ව රැකගන්න...??
ඇයි මේ මනුස්සයා මෙච්චර දේවල් කරලත් ආශි තාම ඉන්නෙ...???
මේ මිනිහව තෝරගෙන දරුවන්ව ඈත් කරන්නෙ???

එතකොටම මට ඇහුණා දොරට කිට්ටුව එළියෙන් ඇඩුම් හඩක්...

පොඩි කෙල්ලො දෙන්නා එකිනෙකාව බදාගෙන අඩනවා....එයාලා බයෙන් බයෙන් බිම වැටිලා ඉන්න එයාලගෙ තාත්තා දිහායි බිම දණ ගහගෙන අඩන එයාලගෙ අම්මා දිහායි බලනවා......
මෙච්චර පුංචි දරුවො දෙන්නෙක්ගෙ ඇස් ඉස්සරහා මේ දේවල් සිද්ධ වෙන්න ඕනෙද???

පොඩ්ඩියෝ දෙන්නා මෙතන තියන්න බෑ කොහෙත්ම......
ආශිව මට බලෙන් ඇදන් යන්න බෑ කොච්චර ඕනෙ වුණත්....

මම මිදුලට ගිහින් පොඩ්ඩියො දෙන්නව වඩා ගත්තා....ලේන් පැටව් වගේ දෙන්නම මගේ පපුවට ගුලිවුණා....

මන්නා පිහිය වැදිලා තැලුණ අත නොසෑහෙන්න රිදෙනවා....ඒත් මේ එක දරුවෙක්වවත් බිමින් තියන්න පුලුවන්ද??

මම ආයෙ පාරක් හැරිලා බැලුවා....මිනිහා අතකුත් කොට්ටේ වගේ තියන් ගොරව ගොරව නිදි...

ආශි හිමීට නැගිටලා අඩ අඩාම මං ළගට ආවා....

"නංගි ඔයත් එන්න මාත් එක්ක යන්න, ඔයාව මට බරක් නෙවෙයි..."

එයා මට ලංවෙලා දරුවො දෙන්නගෙ අත් දෙකෙන් ඇල්ලුවා.

"සමාවෙන්න අයියේ...මට එන්න බෑ...
අනේ මගේ දරුවො දෙන්නව බලාගන්න.......ටික කාලෙකට විතරක් හරි ...."

එයාගෙ කටහඩ බිදෙනවා....කොයි අම්මටද පුලුවන් තමන්ගෙ දරුවන්ව තමන්ගෙන් ඈත් කරන්න......
සමහර වෙලාවට දරුවො වෙනුවෙන් එහෙම කරන්නම වෙන වෙලාවකවත් දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා ඇති ..

ඒත් මට පුලුවන්ද මිහීව මොහොතකට හරි ඈත් කරන්න....
මට බෑ .. කොහොමටවත් බෑ......මම වුණානං මේ මනුස්සයගෙන් එක්කො ඈත්වෙයි, නැත්තං මරලම දායි....

ඒත් පිරිමියෙක් වෙච්ච මට ගෑනුන්ගේ අසරණකම් නොතේරෙනවා වෙන්නත් ඇති...මට විනිශ්චය කරන්න බෑනෙ

නෙතුලි මගේ බෙල්ලට තද කරන් හිටිය ඔලුව උස්සලා ආශි දිහා බැලුවා...

"අම්මි අපි යංකො....අලයා නැගිතින්න කලින්..."

"මට එන්න වෙන්නෑ පුතේ...මාමි ඔයාලව බලාගනියි අමිමි එනකන්...හරිද....හොද දරුවො වගේ මාමි කියන දේ අහලා ඉන්න හොදද..."

එයා කීවෙ අපි කාගෙවත් ඇස් දිහා නොබලා.

"අම්මි ...අම්මි නැතුව ඉන්න බෑනෙ...මාමි එපා ...අම්මි ඕනෙ...."

සිතුලි අඩන්න ගද්දි නෙතුලි එයාගෙ කදුළු පිහින්න ගත්තා....
ඒ ගමන් එයත් අඩනවා.....
දැන් දෙන්නම අත් දික්කර කර අම්මා ඉල්ලලා අඩනවා....

මට අසරණකමක් දැනුනා මේ දරුවො ගැන....

"අනේ....එයාලව අරන් යන්න අයියේ....මට බෑ....මට බෑ බලන් ඉන්න.....එයාලව අරන් යන්න....මම පොරොන්දු වෙනවා මම හොදින් ඉන්නං...ඔයාට මම කතා කරන්නං"

මම තව මෙතන හිටියොත් මේ ගොල්ලොන්ව වෙන් කරන්න මට තව අමාරුයි.

මම කාර් එකට දරුවො දෙන්නව අරන් ගිහින් පිටිපස්සේ ශීට් එකෙන් තියලා සීට් බෙල්ට් දැම්මා......

මගේ වැලමිට පුපුරු ගහනවා වගේ...
ඒකත් කාගෙන මම ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා....

ආශි බලන් ඉන්නවා දොරකඩට වෙලා...එයාගෙ ඇස් හිස් වෙලා...
මම එයාව දකිද්දි මගේ හිතට ආව වේදනාව යටපත් කරගෙන කාර් එක ස්ටාට් කරා...

දරුවො දෙන්නා අඩනවා....ඒත් සනසන්න වෙලාවක් නෑ....මගේ අත එන්න එන්නම රිදෙන එක වැඩිවෙනවා...
ඊට කලින් යාගන්න ඕනෙ...

මම වේගෙන් කාර් එක වත්තෙන් එළියට අරගෙන ඩ්‍රයිව් කරගෙන යන්න පටන් ගත්තා ...

"බය වෙන්න එපා පැටවුනේ, අම්මි ඉක්මනට එයි, එතකන් මාමි ඔයාලව බලාගන්නවා..."

මම දැනන් හිටියෙ නෑ මේ වැඩ අස්සෙ කොහොම අවුරුදු තුනක දරුවො දෙන්නෙක් බලාගන්නද කියලා...
ඒත් ආශිගෙ දරුවො අනුන්ගෙ දරුවො නෙවේ...මගේ නංගිගෙ දරුවො...

එයා එනකන් කොහොමහරි මේ දෙන්නව බලාගන්නවා...

මම කෑගළ්ලේ ගස් කොළන් පහු කරලා යන ගමන් හිතුවා.....

*************************************

මම කාර් එක ගේට් එකෙන් ඇතුලට දාද්දි මගේ අත හිරි වැටිලා වගේ.....
මම කාර් එක නවත්තලා බහින කොටම මිහී දුවන් ආවා....

මගේ අත පුපුරු ගහනවා...බිදිලද මන්දා වැදුණ පාරේ තදට.....

"පුතේ තාත්තිට එන්න කියන්නකො...."
මම අත හොල්ලන්නෙ නැතුව ඇගට තද කරගෙන කීවා...

මිහී මං දිහා පුදුමෙන් බලලා ඔලුව වනලා දිව්වා..

මම වම් අතින් කාර් එකේ පිටිපස්සේ දොර ඇරියා....
අඩලා අඩලම දරුවො දෙන්නට නින්ද ගිහින්.....දෙන්නගෙම ඔලු එකට හේත්තු වෙලා.

"චූටි....ඇයි...."

මගේ වේදනාවෙන් රැලි වුණු මූණ දැකලද කොහෙද එයා එක පාරටම බයවෙලා මං ළගට දුවන් ආවා........

"චූටි ඇයි ඇයි...මොකද වුණේ.....ඇයි අත ඔහොම තියාගෙන"

දොර ඇරලා තිබ්බ කාර් එකේ ඇතුල දැක්ක පාර එයාගෙ කට පුදුමෙන් ඇරුණා..

"මේ...මේ දරුවො.......

මම දිග හුස්මක් ගත්තා.....

"ඒක දිග කතාවක්....ඇතුලට යමුද?? මේ දරුවො දෙන්නව ගන්න"

හිත ඇතුලේ තොවිලයක් නට නට තිබ්බත් මම සන්සුන් විදිහට කියාගත්තා..

*************************************

ගගුල්ගෙ අතේ නිදියන් හිටිය පොඩි දෙන්නාව අපේ කාමරේට අරන් ගිහින් ඇද උඩින් තිබ්බා ....එයා පුදුම වෙලා හිටියත් මං කතා කරනකම්ම මුකුත් නොකියා හිටියා..

මිහීත් ඇස් ලොකු කරන් බලන් ඉන්නවා...හරියට අරුම පුදුම බෝනික්කෝ දෙන්නෙක් ගෙදරට ආවා වගේ හැගීමක් ඇති...

වෙනස තමා මේ බෝනික්කො දෙන්නට පණ තියෙනවා...අඩනවා...එයාලව බලාගන්න කවුරුහරි ඕනෙ...එයාලට ආදරය ඕනෙ....

මම දැනන් හිටියෙ නෑ මොනවා කරන්නද කියලා.....

මම සෝෆාව උඩින් ඉදගත්තෙ ලොකු සුසුමකුත් එක්ක...

"මට මෙයාලව අරන් එන්න වුණා...ආශිව දාළා....එයා එන්න කැමති වුණේ නෑ...."

මම ලොකුම ලොකු කතාව වචන කීපෙකින් කීවෙ මට අද මුහුණ දුන්න අත්දැකීම් එක්ක මගේ ශක්තිය හිදිලා වගේ දැනුන නිසා.....

මට ආශි ගැනත් මොනවා හිතන්නද කියලා හිතාගන්න බැරිවුණා.....
මගේ ඔලුවට වැටිලා තිබ්බෙ ලොකු වගකීමක්.....
ඒත් හව්හරණක් නැති මේ දරුවො දෙන්නව අර අපායෙ දාලා එන්නෙ කොහොමද??

ඒත් අනුන්ගෙ දරුවො දෙන්නෙක් රකින එක කොහෙත්ම ලේසි නෑ...

"ඒත් චූටි ඔයාගෙ අත...."

ගගුල් මට එහා පැත්තෙ ඉදගෙන මගේ අත අල්ලද්දි මට කෑ ගැස්සුණා....

මම ෂර්ට් එක උස්සලා බලද්දි වැලමිට හරියෙන් අත දම් පාට වෙලා....

ගගුල් ඒක දැක්කම කලබල වුණා...

"චූටි....මේ මොනවද කරගත්තේ?? මම කීවනෙ මාත් එක්ක හෙට යමු කියලා, කොහෙද පණ්ඩිතකමනෙ , අතට මොකද වුණේ කියනවා..."

එයා සැරෙන් කෑ ගහද්දි මට නිදහසට කරුණු විදිහට කියන්න දෙයක් තිබ්බෙ නෑ....
මම සිද්ධ වුණු දේ කිව්වෙ අහක බලාගෙන ...

එයා හයියෙන් හුස්මක් ගන්නවා ඇහුණා...ඒත් කෑ ගැහුවෙ නෑ...
රැව්වා විතරයි...

"අපි දැන් මොකද කරන්නෙ???"

මම අන්තිමේදී ගගුල්ගෙන් ඇහුවෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව...

"මොනවා කරන්නද?? මේ ළමයි දෙන්නව ටිකකින් ඇහැරවලා කවලා පොවලා නිදිකරවමු.....පස්සෙ කරන දේවල් පස්සෙ හිතමු..."

ගගුල් කීවෙ අත නිකටේ තියාගෙන කල්පනා කරකර....

ඒකත් ඇත්ත....දැන් හිත හිත හිටියට එකපාරටම විසදුමක් හොයාගන්නත් බෑනෙ....

අපි දෙන්නා නැගිටින්න හදද්දිම කාමරේට කඩා වැදුණේ නැන්දම්මා..

"ඒ පාර මොනවද අරන් ආවෙ ......??"

එයා ඇහුවෙ කාමරේ දිහා උකුස්සෙක් වගේ බල බල....සිරියා හරි සිරිපාල හරි කේලම කනේ තියන්න ඇති...
කොහොමත් ඉතිං ළමයි දෙන්නෙක්ව හංගන්නයෑ...මෙයාට ඒ ගැන කියන්නම වෙනවනෙ...
ඇදේ නිදියන් ඉන්න පොඩ්ඩියෝ දෙන්නා දැක්ක පාර ඒ ඇස් පුදුමෙන් ලොකු වුණා...

"සිහින ඒ පාර පාරෙ ඉන්න ළමයිනුත් උස්සන් එන්න පටන් ගත්තද???"

මට එයා ඒ වචන ටික කීව තාලෙට තරහා ගියා....මම අත ගැනවත් නොහිතා නැගිටලා කෑ ගහන්න යද්දි ගගුල් මගේ අතින් අල්ලලා මාව නැවැත්තුවා...

මම ගගුල්ට රවද්දි එයා නැන්දම්මා දිහා කෙලින්ම බලාගෙන ඉන්නවා.

"මේ සිහිනගෙ නංගිගෙ දරුවො, ටික කාලෙකට එයාලා අපි එක්ක ඉදියි."

නැන්දම්මා අඩි පොලොවෙ හප්ප හප්ප ඇවිදින්න පටන් ගත්තා.

"ඇත්තටම පුතා මේ ගෙදර මිනිස්සුන්ට පිස්සුද??? අහක යන කුණ්ඩලවාල කරේ එල්ලගන්න එක මේ පරම්පරාවෙ පිරිමින්ගෙ පුරුද්ද ද??.....තමුන්ටත් තියෙන්නෙ තමුන්ගෙ සීයගෙම ලේ නේ...මුලින් පපා මේ කොල්ලව උස්සන් ආවා....දැන් ලොකුපුතේ උඹත් හදන්නෙ උඹේ මිනිහාගෙ නංගියි කියන එකී වටේ ගිහින් හදාගත්ත පොඩිඋංවත් මේ ගෙදරට වද්දගන්නද???
ඊට පස්සේ මුං ලොකු වුණාට පස්සෙ මේ එකියක් මූ උඹේ කරේ එල්ලුණා වගේ මගේ මුණුබුරාගෙත් කරෙත්  එල්ලෙනකන් බලන් ඉන්නද කියන්නෙ??"

එයාගෙ කටහඩ එන්න එන්නම උස් වෙද්දි මටත් මේ වචන වලට උත්තර දෙන්න ඕනෙ වුණා...

නැන්දම්මා කියලා කරන හැමදේම හිතට නොගෙන ඉවසන්න ඕනෙද??
මාව ගගුල්ගෙන් ඈත් කරන්න හැදුවා කියලා දැන දැනත් මම කට වහගෙන හිටියා මේ ගෙදර සාමේ ආරක්ෂා කරගන්න....ඒ කනෙන් කරන චෝදනා මේ කනෙන් පිට කෙරුවා ...

ඒත් මේ වචන ඇහෙද්දි මාව ගිනිගන්න පටන් ගත්තා .

මම නැගිට්ටා...

"මේ ගෙදරට ගේනවටනෙ අකමැති නේද?? මම යන්නංකො...එතකොට හරිනෙ....හැබැයි යන්නෙ තනියම නෙවේ ...මගේ මනුස්සයයි ළමයයිවත් අරගෙන....."

"චූටි...සන්සුන් වෙන්න "

"නෑ සන්සුන් වුණා ඇති ගගුල්, මේ ඔයාගෙ අම්මා...මම ඒ අම්මා කමට ගරු කරනවා....ඒත් මේ ගෙදර මට ඉන්න අමාරුයි....මේ දරුවන්ට මගේ ලේ බැදීමක් නෑ තමයි....ඒත් මේ දරුවන්ව ආරක්ෂා කරන්න මම නංගිට පොරොන්දු වුණා....මම නංගිට ගෙයක් ගත්තනෙ ...මම එහෙට යනවා, මිහීවත් අරන් යනවා....ඔයාට මාත්  එක්ක එනවද නැද්ද කියලා තීරණය කරන්න පුලුවන්..."

මම එහෙම කියලා මගේ වේදනාවෙන් පුපුරු ගහන අතින් නිදියන් ඉන්න දරුවො දෙන්නව අතට අරන් මිහීටත් මාත් එක්ක එන්න කියලා කාමරෙන් එළියට ගියා...

මට මේ ගෙදර මිනිස්සු ගැන කලකිරුණා ......
අසරණ වෙච්ච පුංචි දරුවො දෙන්නෙක් ගැන අර තරම් නරක විදිහට හිතුවෙ කොහොමද???
ඉවසන්න පුලුවන් මට කෙනෙහිලිකම් කරද්දි.....ඒත් හයක් හතරක් නොතේරෙන දරුවෙකුට එහෙම කතා කරද්දි ඉවසන්න පුලුවන්ද??

බැනුම් , අවලාද , රණ්ඩු වලින් පිරුණ පරිසරයක් ඇතුලේ බයවෙලා හිටිය  මේ දරුවො දෙන්නව ආයෙමත් ඒ වගේ පරිසරයකට ගෙනියන්න මට බෑ...

මම මගේ නංගිට වුණ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනෙ....

මම පහළට ගිහින් පොඩි දෙන්නව ආයෙමත් පිටිපස්සේ ෂීට් එකෙන් තිබ්බා...බයවෙලා වගේ හිටිය මිහීගෙ ඔලුවත් අතගාලා එයාවත් එයාලා එහා පැත්තෙන් තිබ්බා...

මම ඩ්‍රයිවින් සීට් එකට නගින්න හදද්දිම දුවගෙන ආවෙ ගගුල්....

එයා මං දිහා බැලුවෙ ඇස් ලොකු කරන්...

"ඇයි මාව දාලා යන්නෙ චූටි.....මාවත් එක්ක යන්න...."

මම ගගුල්ගෙ උරහිසට අතක් තිබ්බා...

"ඔයාව අම්මගෙන් වෙන් කරන්න මට අයිතියක් නෑනෙ ගගුල්"

ගගුල්ගෙ ලොකු වුණු ඇස් ඒ පාර පිරුණේ තරහෙන්

"මට අවුරුදු විසි හතක් චූටි,  අම්මා අස්සට වෙලා ඉන්න මම බබෙක් නෙවෙයි, ඔයා යන ඕන තැනක මම එනවා ..
අනික මමත් වැරදියි මේ දේවල් වලට..
අපි දෙන්නට තිබ්බෙ බැදලා වෙනම පදිංචි වෙන්න ...ටික කාලෙකට හරි...
අපි යමු....මමත් එනවා .....ඔයා කොහොමද හිතුවෙ මම ඔයාලට යන්න ඇරලා ඉදී කියලා...."

"ගගුල් මම...."

ගගුල්ගෙ තරහෙන් පිරුණ මූණ යට පිරිලා තිබ්බෙ වේදනාව....

"තාම මාව විශ්වාස නැද්ද චූටි???මම ඔයාගෙ හස්බන්ඩ්...ඔයා එක්ක සැපේදි දුකේදි දෙකේම ඉන්න පොරොන්දු වුණු කෙනා....
හැමවෙලේම ඔයාට එහා පැත්තෙන් හිටගන්න පොරොන්දු වුණ කෙනා ....අපි දෙන්නා ගෙදරින් වෙනම ජීවත් වුණා කියලා ඔයා මාව පවුලෙන් වෙන් කරා වෙන්නෙ නෑ චූටි....කුරුලු පැටව් හැමෝම කාලෙ ආවම කූඩුවෙන් පියඹලා යන්න ඕනෙ....තාත්තා තේරුම් ගනී....අම්මටත් පහුවෙලා හරි ඒක තේරුම් ගන්නම වෙනවා....අපි යමු...."

මම ගගුල් ගෙ වචන ඉස්සරහා ගොලු වුණා....තනියම හිතුවක්කාරකමට දරුවොත් අරන් එලියට ආවට මොකද මේ මිනිත්තු දෙක තුනට ගගුල්ව අහිමි වෙන වේදනාව මට දැනුනා....ගගුල්ට එයා ගැන බලාගන්න පුලුවන්....ඒත් මේ දරුවො දෙන්නට බෑනෙ ..ඒ නිසා යන්නම වෙනවා කියලා මගේ හිත මට ගතු කියද්දිත් අනිත් පැත්තට මගේ හිත ගගුල් වෙනුවෙන් ඇඩුවා...

එයා මං ලගට ආවම...මං එක්ක ඉන්නවා කීවම ඒ වේදනාව නැතිවුණා....මම ගගුල්ගෙ පපුවට හේත්තු වෙලා හුස්මක් ගත්තෙ මේ ප්‍රශ්න අස්සෙත් එයාගෙ වචන එක්ක මට දැනුන සැහැල්ලුවට.....

"අපි යමු...."

එයා ඩ්‍රයිවින් සීට් එකට නගිද්දි මම එහා පැත්තට නැග්ගා...

"අපි කොහෙද තාත්ති යන්නෙ?? ඇයි ආච්චම්මා කෑ ගහන්නෙ?? මේ බබාලා කොහෙන්ද ??? රෝස කැලෙන්ද"

මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය මිහී එක පාරටම ඇහුවෙ  ගගුල් කාර් එක ගේට් එකෙන් එළියට ගද්දි....

මේ මගේ කාර් එක.....ගගුල්ගෙ එක තාම මෙහේ...

"අපි ගමනක් යනවා පුතු....පුතු ඒ ගැන හිතන්න එපා....මොන දේ වුණත් අප්පච්චියි තාත්තියි ඉන්නවනෙ....'

ගගුල් එහෙම කියලා එක අතකින් ඩ්‍රයිව් කරනගමන් මගේ අතක් අල්ලගත්තා...

ඔව්...අපිට අපි ඉන්නවනෙ....මොනවා වුණත් .....
මගේ පුංචි පවුල....
කුරුලු පැටව්  වෙලාව ආවම කූඩුව අතෑරලා යන්න ඕනෙ....
නැත්තං කුරුලු කූඩුව හිරගෙයක් වෙනවා....

අපි අලුත් කූඩුවක් හදන්න පරණ කූඩුවෙන් එළියට යන ගමන් හිටියා....

ගගුල්, මම මිහී තුන්දෙනාගෙ අලුත් කුරුළු කූඩුව ට පුංචි පොඩ්ඩියෝ දෙන්නා තවකාලික අමුත්තෝ වේවිද දන්නෙ නෑ...ඒත් එයාලා වෙනුවෙන් පුලුවන් උපරිම දේ කරන්න මම හිතාගත්තා....

මගේ උදව්වට ගගුල් ඉන්නවා...මගේ සැමියා ඉන්නවා කියලා දැනෙද්දි මට ලොකු ශක්තියක් දැනුනා ..

මතුසම්බන්ධයි..

Continue Reading

You'll Also Like

285K 49.3K 61
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
26.5K 4.3K 31
" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....
106K 15K 35
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
76.1K 14.5K 45
අහිමි උනොත් දරාගනිමි.......මේ ...........ආදරේ හැටී.....!!