මතකයට හොරෙන් ✔️

By TaraNemeth9

72.1K 11.9K 2.6K

අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction More

හැදින්වීම🌼
පලවෙනි සිහිනය~🌼
දෙවනි සිහිනය 🌼
තුන්වෙනි සිහිනය🌼
හතරවෙනි සිහිනය🌼
පස්වෙනි සිහිනය🌼
හයවෙනි සිහිනය🌼
හත්වෙනි සිහිනය🌼
අටවෙනි සිහිනය🌼
නවවෙනි සිහිනය🌼
දහවෙනි සිහිනය🌼
එකොලොස් වෙනි සිහිනය🌼
දොලොස්වෙනි සිහිනය....🌼
දහතුන්වෙනි සිහිනය🌼
දාහතරවෙනි සිහිනය🌼
පහලොස් වෙනි සිහිනය🌼
දාසය වෙනි සිහිනය🌼
දාහත් වන සිහිනය🌼
දහ අටවෙනි සිහිනය🌼
දහනව වෙනි සිහිනය🌼{අතීතයේ දෝංකාරයක්}
විසිවෙනි සිහිනය🌼
21 වෙනි සිහිනය🌼
22 වෙනි සිහිනය🌼
23 වෙනි සිහිනය🌼
24 වෙනි සිහිනය🌼
26 වෙනි සිහිනය🌼
27 වෙනි සිහිනය🌼
28 වෙනි සිහිනය🌼
29 වෙනි සිහිනය🌼
30 වෙනි සිහිනය🌼
31 වෙනි සිහිනය🌼
32 වෙනි සිහිනය🌼
33 වෙනි සිහිනය
34 වෙනි සිහිනය🌼
35 වෙනි සිහිනය🌼
36 වෙනි සිහිනය🌼
37 වෙනි සිහිනය🌼
38 වෙනි සිහිනය🌼
39: සැබෑ වූ සිහිනය🌼

25 වෙනි සිහිනය🌼

1.5K 310 100
By TaraNemeth9

"අප්පච්චි...එන්නකෝ අනේ....මායි තාත්තියි ඔයා එනකං මේ ඉන්නෙ "

"අදට තාත්ති එක්ක නිදියන්නකො පුතු , අප්පච්චි ඔෆිස් වැඩක්නෙ..."

මම ලැප් එකට එබීගෙනම කීවා....

අද හවස ගෙදරට කට්ටියක් ඇවිත් හිටියා, නැන්දම්මගෙ නෑදෑයෝ කොයි වෙලේ බැලුවත් සෙට් පිටින් මෙහේ...
සතියට දවස් දෙකක්වත් එනවා..
ඉස්සර නං උඩට වෙලා හිටියට දැන් නැන්දම්මා එක්ක බෑ....

පහළට ගිහින් කතා කරන්න ඕනෙ, හිනාවෙන්න ඕනෙ...එක එක පොෂ් ගෑනු අහන මෝඩ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනෙ...
එයාලගෙ කිසිම වැඩකට නැති ෆැෂන් ගැන , උයන පිහන දේවල් ගැන  දරුවො ගැන කතා වලට ඇහුම්කන් දෙන්න ඕනෙ ..

විසාල කරදරයක් වුනානෙ මේක.....
ලබන ආත්මෙ නං බදින්නෙ නැන්දම්මෙක් නැති ගෙදරකින්...

ආපු අයට සැලකීමක් විදිහට පච අහලා ඉවරවෙලා  , රෙදි සේදෙන්න දාලා , මිහී සෙල්ලම් බඩු වනලා හැඩි කරපු කාමරේ අස් කරලා ඉවර කරාටත් පස්සෙ මේ බාගෙට කරපු ඩොකියුමන්ට් එක ඉවර කරගන්න කාලෙ ලැබුණේ දැන් තමා.

"චූටි එන්නකෝ, පුතා බලන් ඉන්නවනෙ???
ඕක හෙට කරන්න "

ගගුලුත් කීවෙ එයා මිහීට කියව කියව හිටිය පොතෙන් ඔලුව උස්සලා...

තව විනාඩියකින් ඉවර කරන්නං කියලා හිතුවත් අන්තිමට වැඩේ ඉවර කරද්දි පැයක් විතර පහුවෙලා.....
වෙලාව බලද්දි එකොළහ හමාරයි.....

මම හිටගෙන ඇගමැලි කඩලා බලද්දි මිහීට නින්ද ගිහින්....ගගුලුත් නැගිටලා කාමරේට ගිහින්.
මම මිහීගෙ පොරවන එක හදලා නලලට හාදුවකුත් දීලා කාමරේට ගියේ පුදුම මහන්සියක් දැනුන නිසා......

ගගුල් ඉන්නවා ඇද උඩ ඉදන් පොතකුත් දිග ඇරගෙන,
බාගෙට නිදි කිරනවා.....පොත අතෙන් වැටෙන්න ඔන්න මෙන්න ...

මම ගගුල්ට කතා කරද්දි එයා ගැස්සිලා බලලා මට හිනාවුණා...

"ඇයි ඇහැරලා හිටියෙ ගගුල් ...."

මම ඇහුවෙ මමත් ඇදුම් මාරු කරලා ඇද උඩ ඉදගන්න ගමන් ...

එයාට මහන්සි ඇති....මේ ටිකේම එයා ලොකු ප්‍රොජෙක්ට් එකකට එහෙමෙහෙ යනවා, මහන්සි වෙනවා..
එයා ceo නෙ , වැඩ වැඩියි..
ගෙදර ඇවිල්ලත් පොඩි පොඩි වැඩ කරන්න හදනකොට මමම බලෙන් වගේ නවත්තගන්නෙ...දැන් රෑ මැද වෙනකං නිදාගන්නැතුව ඉදලා.

එයා ඇස් පුංචි කරලා නිදිමතේම හිනාවුණා...

"ඔයා එනකංනෙ චූටි හිටියෙ ....දැන් නිදාගමු..."

මම ඇදේ නිදාගනිද්දි එයා මාව පිටිපස්සෙන් අත් දාලා තුරුලු කරගත්තා.....

"ම්ම්ම්.....දැන් නින්ද යයි මට...."

එයා මගේ බෙල්ල පිටිපස්සට හුස්මක් පිඹලා කෙදිරුවා....

මටත් දැනුන මහන්සිය පැත්තක තියෙද්දි සැනසීමක් දැනුනා.....

එයාගෙ ආදරේ මාව පුදුම කරනවා...
අයිස් කන්දක් ඇතුලේ මෙච්චර හුරතල් හාවෙක් හැංගිලා ඉදියි කියලා මම කීයටවත් හිතුවෙ නෑ....

එයාගෙ පුංචි පුංචි වචන....මං වෙනුවෙන් කරන පුංචි පුංචි දේවල් මගේ හිතම පුරවනවා....

මගේ හිත අස්සෙ තිබුණ තුවාල එයා එක එක හොද කරනවා මටත් නොදැනීම....
ඉතින් මොන දේ සිද්ධ වුණත් එයාගෙ ආදරේ විදින්න මම වාසනාවන්තයෙක් වගේ දැනෙනවා....
එයාගෙ අත්වල මට මහන්සිය නැතිවෙලා සැනසීමක් දැනෙනවා....

ඉතිං එකිනෙනාට තුරුල් වෙලාම අපි දෙන්නම නිදාගත්තා...

****************************************

"ගගුල් ඔයා මිහීවත් අරන් යන්නකො....මම වෙනම එන්නං.."

"ඒත්....."

"ගගුල් කීවම අහන්නකො ළමයෝ....මම මේ වැඩේ තාම ඉවර නෑනෙ , ඔයාලට පරක්කු වෙයි, දැනටම හතයි කාලයි....

"හ්ම් , පරිස්සමෙන් එන්න එහෙනං, පරක්කු වෙලා වේගෙන් එන්න එපා හොදද, කෝ ඉතිං දැන් මගේ කිස් එක ඕනේ..."

එයා මං ඉස්සරහා නැවෙද්දි මම නලලට හැමදාම දෙන හාදුව දුන්නා....
එයා ලස්සනට හිනාවෙලා මගේ කම්මුලට  හාදුවක් දුන්නා...
දැන් ඒක චාරිත්‍රයක් වගේ.....

"පුතා....කෝ අපි යමු...එන්න පහලට.....පරක්කු වෙනවා.. ඇවිත් අප්පච්චිට වදින්නකො....."

ගගුල් කෑ ගහද්දි මිහීත් ආවා ස්කූල් බෑග් එකත් දාගෙන කකුල් පද්ද පද්දා...

එදා කොහොමහරි මම ඔෆිස් යද්දි ටිකක් පරක්කුත් වෙලා......

මුලින් මුලින් දවසක් දෙකක් වුණත් ගෙදර දේවල් නිසා මට පරක්කු වෙන දවස් ගාණ වැඩි වෙන්න ආවා.....

සමහර දවසට උදේට යකා නැගලා ඉන්න වෙලාවට ගගුල් කිස් එකක් ඉල්ලද්දි එයත් එක්කත් තරහා එන්න පටන් ගත්තා...

මම ඒත් මගේ තරහා එයා පිටින් යවන්නෙ නැතුව ඉන්න ට්‍රයි කරා....
අපි දෙන්නා සතුටින් ඉන්න පටන් ගත්තෙ ළගදිනෙ......ඒ සතුට විනාස කරගන්න බෑ.

එයා පුලුවන් තරං මාත් එක්ක ආදරෙන් ඉන්න බලද්දිත් මට ඉවසීම නැතිවෙන්නෙ මට හුස්ම ගන්නවත් වෙලාව මදි නිසා....

එයත් එක්ක බැල්කනියට වෙලා තේ එකක් බිබී හිටිය දවසක් මතක නෑ...
ඉරිදා දවසටත් නිවාඩු දවස නිසා එක්කො කවුරුහරි එනවා,
නැත්තං මට ඉස්පාසුවක් හම්බවෙන පැය පහ හයක් හම්බුණොත් කොහේ හරි වැටිලා නිදාගන්නවා,
මට ඒ තරං මහන්සියි

මටම තේරුණා ළගකදි ඉදලා මම අසාමාන්‍ය විදිහට කාර්යබහුල වෙලා කියලා,
මට ඒක තේරුණත් ඒක නවත්තගන්න විදිහක් මම දැනන් හිටියෙ නෑ..

මට ගගුල් එක්කවත් මිහී එක්කවත් සතුටු සාමිචි කතා කරන්න වෙලාවකුත් නෑ.

දවසක් දෙකක් එක දිගට මිහීව ස්කූල් දාන්න කියන එක දැන් ගගුල්ටම පැවරුණ රාජකාරියක් වෙද්දි මම නිතරම ඔෆිස් ගියේ අන්තිම මොහොතේ...
ගගුල්ටයි මටයි එකට ඔෆිස් එකෙන් එන්න ලැබුණෙත් නෑ.....

දවස ඉවරවෙලා ඇවිත් ගෙදර දේවල් බලද්දි මිහීට කවනවා , හෝම් වර්ක් කරවනවා හැර මට වෙන දේකට වෙලාවකුත් නෑ.

හැමදාම නැන්දම්මා මොකක් හරි අටමගලයක් අටවගෙන එනවා....
එයා නිකං මට අභියෝග කරනවා වගේ, එයා මූණත් හදාගෙන මට බැරිනං කමක් නෑ කියද්දි මම කොහොමහරි ඒ වැඩේ කරලා දෙනවා...
ඉතිං නිදාගන්න එද්දි ඇගට පණකුත් නෑ.

ගගුල් මම එනකන් ඇහැරගෙන ඉන්න බලනවා ගොඩක් වෙලාවට.....
ඒත් මම එයා ඇහැරලා ඉන්නවා දැක්කම තරහා ගන්න නිසාද කොහෙද එයත් නිදාගන්න පුරුදු වුණා....

ඒත් එයා නින්දෙන්ම මාව පිටිපස්සෙන් බදාගනිද්දි මට දැනෙනවා පුදුමාකාර සැනසීමක් .....

ඒත් ඒ සැනසීම දැනෙන දවස් ගාණ අඩුවෙන්න ගත්තා....ගගුල් නිසා නෙවේ...මම නිසා.....
ගගුලුයි මිහීයි මාත් එක්ක හුරතල් වෙන්න උත්සාහ කරද්දි , එයාලා මං වැඩක් කර කර ඉදිද්දි ළං වෙනකොට වැඩ පාඩුවෙද්දි  මට තරහා යන්න ගත්තා...

ගගුල් මට තරහා යද්දි අනිත් පැත්තට වචනයක්වත් නොකියා හිටියා....

එක්කො මගේ මේ පීඩනය පිට කරගන්න එයා ඉස්සර වගේ රණ්ඩු වුණානං කියලත් හිතෙන්න ගත්තා....
එහෙම හිතුණ ගමන්ම මට පසුතැවීමක් දැනුනා.......

මිහී එක්කම හිටිය මට මිහීගෙ දගකාර කතාවලට හිනාවෙන්නවත් වෙලාවක් නැති වුණා.......මං නැතුව මොහොතක් නොහිටිය දරුවා මාත් එක්ක හුරතල් වුණු දවසක්වත් මට මතක නැතිවුණා.....

මිහී අතින් පොඩි පොඩි වැරදි වෙද්දි  එයත් එක්ක තරහා ගත්ත වෙලාවල් ගැන මම රැයවල් කීයක් තනියම පසුතැවිලි වෙන්න ඇත්ද කියලා මටම අමතක වුණා.

ගගුල් මට උදව්කරන්න හැදුවා ,
මම රෑ වෙලා වැඩ කරනකොට කෝපි ගෙනත් තියෙනවා , කාමරේ අස් කරනවා, සමහර වෙලාවට ඇදුම් පවා හෝදන්න වේලන්න දානවා, නොකා ඉන්නකොට කෑම කවනවා.......
මම මහන්සියෙන් ඉන්නකොට නිදාගන්න යවනවා....

ඒත් මට හැමදේම තනියම කරන්න පුලුවන් කියලා මිසිස් අරුන්දිට පෙන්නන්න තිබ්බ උවමනාවටද කොහෙද මම එයාට වැඩිය ඉඩක් දුන්නෙ නෑ.....
එයා රෙදි ගෙනත් දානවා , නැත්තං මටත් එක්ක කෑම බෙදන් එනවා දකිනකොට මිසිස් අරුන්දි කට කොණකින් හිනාවෙනවා.....
ඉතින් ඊලග වතාවෙ මම ගගුල්ට ඒක කරන්න ඉතුරු කරන්නෑ......

ගගුල්, මිහී දෙන්නා මගෙන් ටික ටික ඈත් වෙනවා දකිද්දිත් මට කිසි දෙයක් තේරුම් ගන්න බැරිවුණා,

මම දන්නෙ නෑ මම මොකක් කරන්න උත්සාහ කලාද කියලා,
ඒත් මට වෙන දේ තේරුණේ නෑ....
මම උත්සාහ කලේ සර්ව සම්පූර්ණ හොද හස්බන්ඩ් කෙනෙක් වෙන්න....හැම වෙලේම කැපකිරීම් කරලා හරි හොදම විදිහට හැමදේම බලාගන්න....
ඒත් මට දැනුනා මම කොච්චර උත්සාහ කරත් එහෙම වෙන්න බෑ වගේ......

හැමදේම පැටලිලා , මට කිසිම දෙයක් හරියට තියාගන්න බෑ වගේ....
සති තුනකට කලින් සැහැල්ලුවෙන්  හිටිය මාව අතුරුදහන් වෙලා....

දැන් මට තේරෙනවා පවුල් ජීවිත ගත කරන මැදිවයසෙ ගෑනු , මිනිස්සු ඇයි හැමවෙලේම බුම්මගෙන ඉන්නෙ කියලා

මොකද මමත් එහෙම වෙලා,

මිසිස් අරුන්දි මං දිහා බලලා මං හොදමදි කියලා හිතාගෙන වගේ ඔලුව වනද්දි මම තව මහන්සි වුණා....
එයාට තව තව ඔප්පු කරන්න ඕනෙ කියලා හිතුණා.....

ඒ ඇස් වල හැංගුණ රහස් සතුටක් තිබුණදෝ කියලා හිතුණට මට ඒකෙ තේරුමක් තේරුණේ නෑ...

මට ඒක තේරෙද්දි,  මම මෝඩයෙක් වගේ එයාට අහුවෙලා කියලා තේරෙද්දි , එයාගෙ සැලැස්ම මට අභියෝග කරන එක නෙවෙයි කියලා තේරෙද්දි මං පරක්කු වැඩිවෙලා....

මම මෝඩ වෙලා...මම වැඩ කරලා තියෙන්නෙ හරියට අර ඉන්දියන් ඩ්‍රාමා එකක චරිතයක් වගේ......
මං රගපාපු චරිතෙ ඉන්දියන් පතිනි කතාවකට සර්ව සාධාරණ වුණත් සාමාන්‍ය මනුස්සයෙකුට තාත්වික නෑ කියලා මට තේරිලා නෑ...

මටම තේරුණේ නෑ මෙච්චර උගත් මිනිහෙක් වෙච්ච මම වැඩ කරලා තියෙන්නෙ ඉස්සර මට පේන්න බැරි බොලද පතිනි කතාවල ඉන්න හැමදේම දරාගෙන දුක් විදින එක ප්‍රථම රාජකාරිය  කරගත්ත,දුක් වින්දෙ නැත්තං කෑවෙ නෑ වගේ වෙන බොලද ලේලි කෙනෙක් වගේ කියන එක...

මට හැමදේම තනියම බලාගන්න පුලුවන් කියලා හිතන් හිටපු මගේ  ධෛර්යම තමයි මාව පාවා දීලා තියෙන්නෙත්.....එක අතකට ගත්තොත් සෙකන්ඩ් වෙන්න අකමැති, ඔලුව නවන්න අකමැති, කාටවත් බෑ කියන්න අකමැති මගේම පිරිමි ගතියමයි මාව පාවා දීලා තියෙන්නෙ...

මම කොච්චර ලොකු මෝඩයෙක්ද කියලා මටම තේරුණ දවස.....
එදා මම ඔෆිස් ගිහින් ආවෙ හොදටම හවස් වෙලා.....
ඒ සතිය ඔෆිස් එකේ මට ටිකක් වැඩ වැඩි සතියක්.....
ගගුල්ට වැඩ අඩුයි...ඒ නිසා එදා එයා මිහීව මියුසික් ක්ලාස් එකෙන් ගන්නවා කීවා....
ගගුල් කලින් එන දවසට එයා මට මුකුත් ඉතුරු නොකර මිහීගෙ වැඩ ටික ඔක්කොම කරනවා...

එයාට කන්න බොන්න දීලා , වොෂ් දම්මලා,  එයා එක්ක සෙල්ලම් කරලා, ස්කූල් වැඩ ඉවර කරලා එයාගෙ වැඩ ටික කරවනවා කියන්නෙ මට ලොකු සහනයක්....අද වැඩ ටිකක් අඩුවෙයි...

එදා මම ගෙදර එද්දි ගගුලුයි මිහියි වත්තට ගිහින් ඇවිදින්න....

මම ගෙදර ඇවිත් ඇදුම් මාරු නොකරම එනින් ගමන් ගෙනාපු බඩුත් කුස්සියෙන් තියාගෙන නැන්දම්මා ෆාමසියෙන් ගේන්න කීව තැලුමකටද කොහෙද ගානවා කීව ක්‍රීම් එකත් ගිහින් දුන්නා.....
ඊට පස්සේ ෆ්‍රිජ් එකේ මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා කීව නිසා ඒක හදන්න එන්න කියලා කෝල් එකකුත් දීලා උඩට යන්න යද්දි තාත්තා මට කතා කරන කොටයි මම නැවතුණේ..

"ආ ඇයි තාත්තේ...."

තාත්තා එක්ක ගොඩක් දවසකින් කතා කරන්න බැරි වුණා....එයා ඉදගෙන පත්තරේ බලනවා....

"ඉදගන්නකො ළමයො ඇවිත්, ආව වෙලේ ඉදන් අරහෙට දුවනවා මෙහෙට දුවනවා, තාම ඇදුමක් මාරු කරලත් නෑ"

"මම මේ තව....."

"සිහින, කිව්වම ඇවිත් ඉදගන්නකෝ, මේ ඉලන්දාරියා කසාද බැන්දත් හරි අපිවත් අමතක වෙලානෙ  "

මම ඉතිං ඔලුව කසලා හිනාවුණා....

මම හිටියෙ මිහීගෙ වේලෙන්න දාපු ඇදුම් වේලිලාද බලන්න යන ගමන්,
එයාගෙ ස්කූල් යුනිෆෝම් එක ඕනනෙ හෙට  .....අනික වෙලාවට ඇදුම් ගෙනත් නොදැම්මොත් උදේට එක යුද්ධයයි...

අප්පච්චි මේස් කෝ....අප්පච්චි මගේ ලේන්සුව කෝ.....
අඩුගාණේ ඒ පොඩි එකානෙ.... මහඑකාත් ඒ තාලෙමයි...

චූටි මගේ අර ටෙඩි බෙයාස්ලා ඉන්න බොක්සර් එක කෝ......
චූටි මගේ අර සුදු තිත් තියෙන කළු ටයි එක කෝ...
පුලුවන් නං අහවල් එක වට්ටගෙන ඒකත් මගෙන් කෝ කියලා අහයි ඔය හාවා....

දෙන්නගෙ කටේම කෝ...කෝ...කෝ...

මම තාත්තා ළගින් ඉදගත්තා, එයාට අයියා නොකියා තාත්තා කියන්න පුරුදු වෙන්න ටිකක් කල් ගියත් එයාගෙ උණුසුම් ඇස් දිහා බලද්දි එයාට තාත්තා කියන එක ලේසියි....
එයාගෙන් මාමණ්ඩි කෙනෙකුට වඩා මම දැක්කෙ තාත්තෙක්ව....

"කොහොමද ඉතිං ජීවිතේ, මේ දවස්වල අල්ලගන්නත් හරි අමාරුයිනෙ..මතකයිනෙ නේ මං එදා කීවා, ප්‍රශ්නයක් ආවොත් මට ඇවිත් කියන්න...මේ කෙස් පැහුණේ අවුරුදු තිහක පවුල් ජීවිතයක් ගත කරලා දරුවෝ....මගේ දරුවන්ට ඒ සාස්තරේ කියලා දෙන එක මගේ යුතුකමනෙ..."

එයා කීවෙ පත්තරේ බලනකොට එයා දාන  කණ්ණාඩිය අස්සෙන් මං දිහා බලලා....

"මට ප්‍රශ්නයක් නෑ තාත්තේ, හැමදේම හොදින් ...ගගුලුයි මමයි තාම අපි ගැන ඉගෙන ගන්නවා, ඒ කාලෙ ඉදලා එක ගෙදර හිටියට අපි දෙන්නා එකට ජීවත් වෙන්නෙ දැන්නේ....අපි සතුටින් ඉන්නවා "

මම කීවෙ ඇත්තටමයි,
අපි දෙන්නා අතර පුංචි පුංචි ප්‍රශ්න තිබුණත් දෙන්නම ඉවසන්න පුරුදු වෙලා...අපි දෙන්නා නිකම්ම ආදරේ කරනවා නෙවේ පවුල් ජීවිතයක් ගත කරනවා කියන හැගීමෙන් ජීවත් වෙන්න හුරුවෙලා .....

"ඔයා හොදටම හොදින්ද  සිහින...."

මම උත්තරයක් නොදී බලන් හිටියා...
ගගුල් එක්ක නං මම හොදින්....
ඒත් මම හොදටම හොදින්ද??
සති ගාණකින් මම මම ගැන හිතුවද???

තාත්තට මම හිතපු දේ තේරිලාද කොහෙද....

"මම බලාගෙන දැන් සති දෙක තුනක් තිස්සෙ අරහෙ මෙහෙ දුවනවා ඉස්පාසුවක් නැතුව.....
දැන් ඔහොම යකෙක් බැදගෙන වගේ වැඩ කරන්නෙ 'husband of the year' සම්මානේ ගන්නද???"

"ඒත් තාත්තේ මම...."

"ඒත් ඒත් නෙවේ සිහින....මම බලාගෙන මිහී ගගුල් එක්ක එළියෙ ඉන්නවා.....පුතාට ආස නැද්ද ටිකක් ඒ දෙන්නා එක්ක කාලෙ ගත කරන්න....පවුලක් රැකගන්න නං එකට කාලෙ ගත කරන්න ඕනෙ...කොච්චර කාර්යබහුල වුණත් "

මම ජනේලෙන් එළිය බැලුවා...
එයාලා ඉන්න තැන නං පේන්නෑ.....ඒත් ඔව්....තාත්තා හරි....මටත් එයාලා ළගට යන්න ඕනෙ වුණා.....තුන්දෙනාටම එකතු වෙලා හිනාවෙන්න ඕනෙ වුණා ....

ඒත් වැඩ තියෙනවනෙ....ඔව් වැඩ.....වැඩ කරන එක අත්‍යවශ්‍ය ද???
මට එක පාරටම මොකද්දෝ අමුත්තක් දැනෙන්න ගත්තා...

"සිහින අහන්නකෝ පුතේ.....ගෙදර දේවල් පවත්වගෙන යන්න ඕනෙ තමයි...මම අහගෙන අරුන්දි කියනවා ඔයාට එයා නැති දවසක හැමදේම ඔයාට කරගන්න පුලුවන් වෙන්න හැමදේම උගන්නනවා කියලා...
ඒත් ඔයයි අරුන්දියි දෙන්නෙක්.....ඔයා එයා වෙන්න ඕනෙ නෑ....එයාගෙ මට්ටමට වැඩ කරන්න ඕනෙ නෑ....
මම තරුණ කාලේ අරුන්දි හවුස් වයිෆ් කෙනෙක්....ඉතිං එයා මම ගෙදර එනකොට බලන් ඉන්නවා සත්කාර කරන්න....එයා  ආදරේ පෙන්නුවෙ එහෙම....මම ඒ දේවල් බලාපොරොත්තු නොවුණත් ඒක තමා එයාගෙ එකම සතුට වුණේ....මට අත ළගටම හැමදේම ගෙනත් දෙන එක...ගෙදර හැමදේම බලලා කරලා ගෙදර ලස්සනට තියාගන්න එක....ඒත් ඔයා එයා නෙවෙයිනෙ....ඔයා හැමදේම ගගුල්ට අතට පයට කරලා දුන්නෙ නෑ කියලා ඔයා අඩුවෙන් ආදරේ කරා වෙන්නෙ නෑ....හැමෝගෙම සීමාවන් වෙනස්නෙ....තේරුණාද???
ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නෙවේ ඔයා, රස්සාවක් කරන කෙනෙක්, සමහර වෙලාවට ගගුල්ටත් වඩා බිස්නස් වලදි  මහන්සි වෙනවා....
ඉතිං මෙහෙම හැමදේම බදාගෙන ඔයා කරන්න ඕනෙ නෑ ..
ඔයා කලින් හිටිය විදිහටම හොද හස්බන්ඩ් කෙනෙක් තමා...මේ විදිහට තව කාලයක් ගියොත් ඔයාම පසුතැවෙයි...."

මම බිම බලාගෙන හිටියා....එයා කියන්නෙ ඇත්ත....

"අනික පුතේ අපිට කවදාහරි ඉතුරු වෙන්නෙ ආදරය කරපු මිනිස්සු එක්ක අපි ගත කරපු කාලය විතරයි....
එයාලා වෙනුවෙන් කොච්චර කැපකිරීම් කලත්, දුක් වින්දත් පලක් නෑ අපි එයාලා එක්ක ඉදලා නැත්තං....තේරුණාද...ආදරෙයි කියන්නෙ කැපකිරීම්ම නෙවේ....ආදරෙයි නං කටින් කියන්න ඕනෙ...ආදරේ පෙන්නන්න ඕනෙ."

එයා මගේ ඔලුව අතගාලා කියද්දියි මට හදිස්සියේම දැනුනේ මම මෙච්චර දවසක් මේ කරපු දේවල් ඔක්කොගෙම මොකද්දෝ වැරැද්දක් තියෙනවා වගේ ...

"තාත්තේ...."

"ඔයා වැඩිමලා වුණා කියලා මහලොකු මිනිහෙක් වෙන්න ඕනෙ නෑ සිහින, ඔයා ගෙදර දෙන්නෙක් කරන්න ඕනෙ දේවල් තනියම කරලා ඔයා ගගුල්ට සුදුසුයි , මේ ගෙදර බෑනා වෙන්න සුදුසුයි කියලා ඔප්පු කරන්න ඕනෙ නෑ ඔයාගෙ ගගුලුයි මිහීයි ඔයාව ඉන්න හැටියටම පිළිගනී.....මගේ වයිෆ් වැඩිහිටියෙක් වුණා කියලා එයා නැන්දම්මා වුණා කියලා එයා හැම වෙලේම හරි නෑ...
දැන් කෝ යන්න ගගුලුයි පුතයි එක්ක ටිකක් ඉන්න ගිහින්...."

මම පුදුමෙන් තාත්තා දිහා බැලුවා...
එයා කොහොමද දන්නේ මේ හැමදේම කරේ නැන්දම්මට මම හොද බෑනෙක් කියලා ඔප්පු කරන්න කලා කියලා....

එයා මෘදු විදිහට හිනාවුණා....මම එයාගෙ ඒ හිනාව අස්සෙ දැක්කා සැමියෙක්ව....තමන්ගෙ බිරිදගෙ දුර්වලකම් ඔක්කොම දන්න සැමියෙක්ව. ..

මම උඩට ගියේ මට අමුත්තක් දැනෙද්දි....
තාත්තා කියන්නෙ ඇත්ත තමා....මම කොච්චර වැඩ කරත් වැඩක් නෑ මම ගගුල්ගෙනුයි මිහීගෙනුයි ඈත් වෙනවනං .....
එයාලාට නොදැනී නොපෙනී කොචිචර කැපකිරීම් කරත් එයාලට මගේ ආදරේ දැනෙන්නෙ නැත්තං වැඩක් නෑනෙ....

මට මතකයි එක පාරක් මම පොඩිකාලේ ඉස්කෝලෙ යන කාලේ යාළුවෙක් ඉස්කෝලෙ ඇවිත් ඇඩුව හැටි....එයාගෙ තාත්තා හැම වෙලේම වැඩ කරනවා...
එයාලා වෙනුවෙන් හම්බ කරනවලු....ඒත් තාත්තා ගෙදර එන්නෙ මාසෙට එක දවසලු.....එයාට ඕනෙ තාත්තා එක්ක කාලෙ ගත කරන්නලු....ඒත් තාත්තා දෙන්නෙ සල්ලි විතරලු ...එයා එක්ක හරියට කතා කරන්නෙ නෑලු...කවදාවත් ආදරෙයි කියලා නෑලු...බදාගෙන නෑලු...
ඉතිං එයා කීවා එයාට මං එක්ක ඉරිසියයිලු ...පපා මාව හැමදාම ස්කූල් එක්කන් එද්දි....මාත් එක්ක සෙල්ලම් කරපු කතා මං කියනවා එයා අහන් ඉද්දි එයාට ඉරිසියයිලු....

ඇත්තටම මම මිහී එක්ක කාලෙ ගත නොකරොත් එයාටත් මේ වගේම හිතේවිද ???

මම උඩට ගිහින් පැය බාගයක් ඇති... මම ඇදුම් මාරු නොකරම ඔෆිස් ඇදුම පිටින්ම පහළට එද්දි කට්ටිය කෑම කනවා...

ගගුල්, මිහී , අම්මා, තාත්තා, මියැසි පස් දෙනාම ඉන්නවා.....
මගේ පුටුව තාම හිස්..

මම ඉදගන්න යන්න කලින් ඈත ඉදලා ටිකක් වෙලා බලන් හිටියා....

තාත්තා කීව දේ ඇත්ත....මම එයාලගෙන් ඈත් වෙලා නේද??
ඈත් වෙලා නෙවේ බලෙන් ඈත් කරවලා වගේ....

ගගුල් මිහීට හැන්දකින් කවනවා, පොඩ්ඩත් හිනාවෙවී කට හද හද ගගුල්ට අද ඉස්කෝලෙ වුණු දේවල් කියනවා.....හරියට එයා මං නැති අඩුවට හුරුවෙලා වගේ....

මට ගොඩක් දවසකින් හරියට වෙලාවට හැමෝම එක්ක කන්න බැරිවුණානෙ....මිහී පුරුදු වෙලා මම නැතුව කන්න.....අවුරුද්දකට විතර කලින් මම ආපහු මෙහේ ආව කාලෙ වුණානං මිහී මම නැතුව කන්න බෑ කියලා මෙතන දෙක කරන්න තිබ්බා.

හැමෝම මොකක් හරි විහිලුවකට හිනාවුණා....
මියැසිත් ගගුල් ට එහා පැත්තේ ඉදගෙන ඒකට උත්තරයක් දුන්නා....

ඒකට මිහීත් හිනාවුණා....

ගගුල් මියැසි දිහා අනවශ්‍ය විදිහට බැලුවෙ නෑ, මම දන්නවා.....
ඒත් මට දැනුනා මහ අමුතු බයක්...මහ අමුතු දුකක්....

මිහීත් හැමෝම  එක්ක කතා කර කර හිනාවෙද්දි මට දැනුනා ලොකු ඉරිසියාවක්......
එයාලා මම නැතුව කොහොමද හිනාවෙන්නෙ කියලා නොරිස්සුමක් වගේ.....

මම උදේ රෑ නොබලා ඔෆිස් වැඩයි, ගෙදර වැඩයි, මිහීගෙ වැඩයි, අර මනුස්සයා කියන එකාගෙ ඇදුමෙ , සපත්තුවේ ඉදලා හැමදේමයි බලන්න මැරෙද්දි එයාලා හිනාවෙවී සැහැල්ලුවෙන් ඉන්නෙ කොහොමද??

මම නැතුවත් එයාලා සතුටින්ද???

මට හිනාවෙන්න වෙලාවක් කෝ...??

මිසිස් අරුන්දිත් එයාලා එක්ක මේසෙ ඉදගෙන ගගුලුයි මියැසියි දිහා බලලා හිනාවෙද්දි මට දැනුනෙ යකෙක් වැහෙනවා වගේ.

මං හිතන්නෙ අන්තිමට මට තේරුණා නැන්දම්මගෙ සැලැස්ම....එයාට ඕන වුණේ මට අභියෝග කරන්න නෙවෙයි....මට මුකුත් බෑ කියලා ඔප්පු කරන්නත් නෙවේ....මම හොද සැමියෙක් නෙවේ කියලා කියන්නත් නෙවේ.....

එයාට ඕන වෙලා තියෙන්නෙ මේ ගෙදර හැම වැඩක්ම මම පිට පටවලා මාව කාර්යබහුල කරලා මගේ මනුස්සයාවයි දරුවවයි මගෙන් ඈත් කරන්න.....මගේම ගෙදර මාව පිටස්තරයෙක් කරන්න.....

ගගුල් මුලින් මුලින් මට උදව් කරන්න හැදුවා...ඒත් පහු වෙනකොට මම  උදව් කරනවට එයත් එක්ක  තරහා ගද්දි එයා ටික ටික පැත්තකට වුණා..

මාත් එක්ක බලෙන් කතා කරන එක, වැඩ කරද්දි වැඩ නවත්තලා එයා එක්ක ඉන්න  එන්න කියලා ඉල්ලන එක නැවැත්තුවා.

එයා මම හොයලා හදලා තිබුණ ඇදුම් ඇදගෙන මම හදපු තේ එක බීලා මිහීවත් එක්කන් ස්කෝලෙට දාලා ඔෆිස් ගියා.....
හවස් වරුවෙ මම ගෙදර දේවල් බලද්දි එයා මිහීගෙ වැඩ කරලා එයා එක්ක සෙල්ලම් කරා...

මම ඔෆිස් එකෙන් ගෙනාව වැඩ රෑ වෙලා කරද්දි එයා ඒවා කලින්ම කරලා නිදාගත්තා.....මම එනකන් ඉදියෙත් නෑ....මම එපා කීවා තමයි....ඒත් ඉන්න තිබ්බනෙ....
මට ගගුල් එක්කත් තරහා ගියා...

මම මගේ තරහා යටපත් කරගෙන මේසෙ ළගට ගියේ ඒ හැගීම් නොපෙනෙන්න හිනා මූණක් හදාගෙන....
මගේම පවුල ළග මට රගපාන්න වෙලා ..බොරුවට හිනාවෙන්නත් වෙලා..

මට දැනුනේ හරිම හිස් ගතියක්....

මතුසම්බන්ධයි

Continue Reading

You'll Also Like

106K 15K 35
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
26.5K 4.3K 31
" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....
55.7K 4.3K 60
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
6.8K 1.2K 10
එයාට මාව යාළුවෙක් විතරයිද? එයා මට ආදරේ නම් වෙන කෙනෙක්ව කසාද බඳින්න කැමති වෙයිද? මට ආයෙමත් බලාපොරොත්තු තියාගෙන දුක් විඳින්න බෑ