🔮🔮The Secret Of Yangzhai 🔮...

Oleh Rukshikakalhari

55.8K 14.1K 7.7K

ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින... Lebih Banyak

01.. වස්සාන අසපුවේ දඩබ්බරයා ... ✨️
02... සුන්දර වෙදැදුරු....✨️
03... දෙනෙත් හිමි උවන.. ✨️
04.. කුමරුන්ගේ නොයිවසිල්ල...✨️
05..නොසන්සුන් දෙනෙත්.. ✨️
06... ඒ ඔහුම බව ..✨️
11.. හිත නිදහස් බව...✨️
12... අනතුර...✨️
07.. සියැන් සහ කුමරුන් ...✨️
13.. හදවතේ පැහැය ....✨️
14... ආලෝකය විහිදුවන පුෂ්පයන්...... ✨️
08.. පළඳනාවෙන් බැදීම ..✨️
15.. සිචූයිගේ පරාජය....✨️
16.. හදවත් කතාව...✨️
09... අඩම් තේට්ටම්...✨️
17.. මෑණියන්ගේ සොයුරිය...✨️
18...කඩාවැටෙන තාරුකා ..✨️
10.. සියැන් වෙදැදුරන් ...✨️
19.. පළමු වචනය....✨️
20.. හදවතේ වේදනාව ...✨️
21.. නික්මයෑම....✨️
22... හිස් බවක්.......✨️
23....වස්සාන අසපුවේ වෙනස ... ✨️
24.. අමුතු හැඟීම ...✨️
25... හදවතේ ඇඳුනු රූපය....✨️
26.. ස්පර්ශයේ බලය....✨️
27... පිවිතුරු සෙනෙහස ✨️
28... පෙම් පලහිලව්ව ...✨️
29.. දැඩි තීරණය ....✨️
30..සියැන්ගේ බලපෑම්.......✨️
32..... අසිරිමත් මංගල්‍යය .... ✨️✨️
33... අපූරු මංගල රාත්‍රිය... ✨️
34... රජවාසලේ ජීවිතය ....✨️
35.. වසන්තය.... ✨️
36... බායිලා ෂන් දොරටුව....✨️
37... අනතුරක ඉව... ✨️
38.... ෂින් ෂූ පුස්තකය ....✨️
39.. රතු ඵල .....✨️
40... යුයෙන් කුමරුන් ගේ කෝපය ...✨️
41.. උමඟේ අවධානම .....✨️
42... කුමරුන්ගේ වෙනස....✨️
43... අධ්‍යාත්මික ශක්ති පූජාව ... ✨️
44... බායිලා ෂන් උමඟ සහ සියැන්...✨️
45.. අමුතු ආත්මය සහ යින්‍යෝ රාජධානිය ...✨️
46... කුරිරු මරණයක් ...✨️
47... රාජාභිෂේකය .... ✨️
48... දඟකාර සියැන්.... ✨️
49...... අනාගත උරුමකරු....✨️✨
50... තුන්පත් රෑන...✨️✨️

31.... මංගල්‍යයට පෙර ..✨️

1K 283 195
Oleh Rukshikakalhari

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮..........

.
.
.

පසු දිනයටත් හිරු උදා විය.. දැන් ඉතින් හෙට විවාහ මංගල්‍ය උත්සවයයි.... ෂ්‍යූ රාජධානියට මෙන්ම වස්සාන අසපුව ටත් අද කලබලකාරී දිනයකි....  කාරණාව කෙසේ වුනත් පෙර දින මධ්‍යම රාත්‍රිය වන තුරු අවදියෙන් සිටී සියැන් තවමත් සුව නින්දේය .... ඉතින් කුමරුන් අවදිවී යහනෙන් බසින්නට පෙර සියැන් හට හදවතින් මිමිණුවත් ප්‍රතිචාරයක් නැත.... කුමරුන් ගේ හදවතට අනෙක් පසින් හැඟීමක්  දැනෙන්නේ නැත....

" අලස වස්තුව මගේ......හිරු  උදාවී හෝරාවක් ගත වී ගොසිනුත් ඔහු සුව නින්දේ හැඩයි......"

ඉතින් ඔහු පිළිබඳව සිහි කරද්දී කුමරුන් ගේ මුහුණට නැඟෙන්නේ ආදරණීය සිනහවකි... එදා ඔහු පපුවට තුරුලු වී නිදාගෙන සිටි අයුරුත් යුයෙන් හට සිහිවුනේය .... හෙටින් පසු ඉතින් හැමදාමත්  ඔහුව ඒ  ලෙසින් දැක ගන්නට පුළුවන් බව සිහි වෙද්දි කුමරුන් සැනසුම් සුසුමක් හෙලුවේය ...

කුමරුන් හට අද දින කරන්නට රාජකාරිය රාශියක්ද ඇත...ඉතින් හෙට සන්ධ්‍යාවේ  පටන් පෙම් බස් දොඩන්නට ඔහු තමන් අසලම සිටින බව සිහි කරගෙන ඒ ආදරණීය හැඟීමත් සමගින්ම ඉක්මනින් සූදානම්වූ කුමරුන්  කුටියෙන් පිටතට පැමිණියේය....

" යුයෙන්.........."

උද්‍යානය දෙස සිට ප්‍රධාන දොරටුවෙන් රජවාසලට ඇතුළු වූ වෙන්ෂූ තරමක් කලබලයෙන් මෙන් කුමරුන් අසලට දුවගෙන ආවේය...

" අපේ ඔත්තු සේවකයෙක් පැමිණිලා...... යින්‍යෝ රාජධානි දේශසීමාව ආසන්නයේ ගම්මානයක කුමරුන්ට විරුද්ධව කැරැල්ලක් දියත්කරන්නට රහසිගත සාකච්ඡාවක් සිදු වෙනවලු...... කුමරුන් පිරිමියෙක් විවාහ කර ගැනීමට විරුද්ධව.........හිරු බසින්නට හෝරා දෙකකට පෙර කැරැල්ල ආරම්භ කිරීමයි ඔවුන්ගේ අරමුණ......"

ඉතින් මෙවන් ප්‍රහාර ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි නිසා යුයෙන් කුමරුන්  දැඩි ලෙස කලබල වන්නට ගියේ නැත....

" සෙබළුන් ඉදිරියට දමා මේවා මර්දනය කිරීම සුදුසු නොවේ...... මා වස්සාන අසපුවට පණිවිඩයක් යවන්නම්......... වැසියන් ගේ මනස වෙනස් කිරීමට ඔවුන් සතුව හරි අපූරු ගුචින් නාදයන් තිබෙනවා....."

ටික වේලාවක් කල්පනා කරමින් සිටි කුමරුන් වෙන්ෂූව තවත් වැඩකට පිටත්කර යවා පියතුමන් මුණ ගැහෙන්නට ගියේය....

" ඔබේ අදහස මේ මොහොතට ගැලපෙනම අදහසක් බව මාත් හිතනවා..........එන්න මා සමග......"

කන්ෂී රජුන් යුයෙන් කුමරුන් සමඟින් වස්සාන අසපුව සමගින් පණිවිඩ හුවමාරු කරගන්නා කුටිය වෙතට ගමන් කරන්නට පටන් ගත්තේය.....ඇත්තෙන්ම කුමරුන් මේ එතැනට යන පලවෙනි වතාවයි....

විශාල ද්වාරයක් සහිත කුටිය කන්ෂී රජුන් ඔහු අත තිබූ යතුරකින් විවර කළේය...... ඉතින් කුටිය තුලට පය තැබූ කුමරුන් හට සිහි වූයේ වස්සාන අසපුවේ සුගන්ධ කුටියයි..... ඒ තරම්ම නොවූවත් ඒ හා සමාන හැඩහුරුකම් ඇති පණිවිඩ හුවමාරු කරගන්නා කුටිය තුලට දෙදෙනාම ඇතුළු වූ පසු රජුන් ඇතුළතින් දොර වසා දැමුවේය...

" මෙතරම් කාලයක් මේ තුළට පැමිණියේ මාත් ෂූයැන්ඩිත් පමණි ........"

පණිවිඩ හුවමාරු කරගන්නා පුස්තකය අසලට ගිය රජුන් කුමරුන් දෙස බලා එළෙසින් පැවසුවේය.... ඉතින් කුමරුන් බලාගෙන සිටිද්දීම මහරජුන් වෙනදා මෙන්ම අවැසි කාරණය කෙටියෙන් පවසා පණිවිඩයක් තැබුවේය....

" හෝරාවක් ගත වන්නට පෙර ඔවුන්ගෙන් පිළිතුරක් ලැබේවි....... ඒ වන තුරු අප දෙදෙනා මෙහි අසුන්ගෙන හෙට දින මංගල්‍යයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කරමු......."

මහරජුන් එළෙසින් පවසා පුස්තකය වසන්නට ගියත් කුමරුන් රජුන්ගේ අතකින් අල්ලා ගත්තේය....

" අවසාන වශයෙන් මේ පිළිබඳව සියැන් හට නොපවසා සිටින්නේ යැයි දන්වන්න...... ඔහු කලබල වනවාට මා මදක් වත් කැමති නෑ......"

ඉතින් තම පුත් කුමරුන් වෙතට ආදරණීය සිනහවක්  තිලිණ කල රජුන් ඒ පණිවිඩයත් ඉක්මනින් සටහන් කළේය..

" එතරම් සෙනෙහසක්......"

පුස්තකය අසලම ඇති අසුනකින් වාඩි වෙමින් රජුන් ඇසුවේය.......

" මට ඔහු දැනෙන්නේ මගේ ප්‍රාණය ලෙසින්......."

යුයෙන් කුමරුන් මදක්වත් පැකිලෙන්නේ නැති ව තම හැඟීම් පිය රජුන් ඉදිරියේ කියා සිටියේය .....

" නුඹේ මෑණියන් පිළිබඳව මගේ හදවතේ තිබුනෙත් එවැනිම හැඟීමක්...... ඇයට මා මගේ ප්‍රාණය දෙවැනිකොට සෙනෙහස දැක්වූවා......"

සිනහමුසු මුහුණින් කතාව ආරම්භ කළත් අවසාන වන විට මහරජුන්ගේ මුහුණේ පැවතියේ කනගාටුවකි....

" මෑණියන් පිළිබඳව කතා කරද්දි මට සිහි වූයේ....මෑණියන්ගේ සොයුරිය වස්සාන අසපුවෙන් පැමිණි පසු ඇය රජ වාසලේ ජීවත්වන බවයි සියැන් පැවසුවේ ........"

ඉතින් කන්ෂී රජුන් සිනාසුනේය ...

" වස්සාන අසපුවේ සිදු සිදුවූ සියලු මතකයන් අමතක කර තිබුණු ඇය රජවාසලේ  ජීවත් වීම ප්‍රතික්ෂේප කළා... දැන් ඇය රිදී ගම්මානයේ සුවපහසු ලෙසින් ජීවත් වෙනවා..... සරණ මංගල්‍යයෙන් පසුව දෙදෙනාම ගොස් ඇයව බැහැදැක පැමිණෙන්න....."

කුමරුන් සැනසුම් සුසුමක් හෙලුවේය...... මංගල උත්සවය පිළිබඳව කතා බහ කරමින් සිටියදීම පණිවිඩ හුවමාරු කරන පුස්තකයෙන් ආලෝකයක් විහිදුනු අතර මහ රජුන් එතැනට ගොස් පුස්තකය විවරකලේය ....

" තව හෝරාවක් පමණ යන විට සොන්ලන් වෙදැදුරන්  රන් ගම්මානය අසලින් මතුවේවි.... බෝ වෙන්ෂූ ඔහු වෙනුවෙන්  පිටත්කර යවන්න..."

ඉතින් ඒ ගැටළුවත් එළෙසින් විසඳාගෙන පසුදින දිවා කාලයේ පවත්වන මංගල්‍යය වෙනුවෙන් උද්‍යානයේ සූදානම් කරන දෙසට කුමරුන් ගියේය....

.
.
.

" ඉදින් හෙට හිරු උදාවේදී මගේ පුතුන් රාජ කුමාරයෙක් බවට පත්වෙනවා......"

මේ මංගල්‍යයට පෙර දින රාත්‍රියයි... ස්වේත කුටිය තුල සහ ඒ අවට උදෑසන පවත්වන මංගල චාරිත්‍ර වෙනුවෙන් සූදානම් වෙද්දී සියැන්ට ඒ පෙදෙස තහනම් ප්‍රදේශයක් උනු අතර ලූෂී සහ ශේයුවෑන් සමඟ අඳුර වැටෙන තුරු කල්ගෙවූ සියැන් මෑණියන් අසලට ආවේය ..

" අනාගත රජු විවාහ කර ගත්තාට මම හැමදාමත් සියන් වෙදැදුරන් මයි මෑණියනි ........"

මෑණියන්ගේ දෙපා මතින් හිස තබාගෙන සියැන් එලෙසින් කියද්දී නුවැන්ග් සිනාසෙමින් ඔහුගේ හිස පිරිමදින්නට පටන්ගත්තේය ....

" විවාහ ජීවිතයක් යනු අපට පෙනෙන තරම් සරල සුන්දර දෙයක් නොවේ සියැන්....... අනෙකා වෙනුවෙන් බොහෝ කැපවීම් සිදු කරන්නට වන බැඳීමක්.... කුමරුන් ඔබගේ නිදහස ලබා දුන්නාට අනිවාර්යෙන්ම කුමරුන් වෙනුවෙන් ෂ්‍යූ රාජධානිය වෙනුවෙන් කුමරුන්ගේ සහකරු ලෙසින් ඔබට යුතුකම් ඉටුකරන්නට සිදුවෙනවා ...."

සියැන් නිහඩව තම මෑණියන් හට ඇහුම්කන් දෙන්නට විය....

" කුමරුන්ගේ හදවතෙහි නුඹට ඇති දැඩි සෙනෙහස නිසාම කුමරුන් ඕනෑම දෙයක් දරාගනීවි...නමුත් සැපතේදී මෙන්ම වේදනාවේදීත් ජයග්‍රහණයේ දී මෙන්ම පරාජයේ දීත් ඔහු අසලින් නොසැලී ඔහුට ශක්තියක් වී රැඳීම ඔබගේ යුතු කමයි..... කුමරුන් නුඹට වස්සාන අසපුවට පැමිණ වෙදහෙදකම් කරන්නට අවසර දේවි.. නමුත් ඒ සියල්ල සීමාවක් ඇතුව සමබරව සිදුකරන්නට නුඹ වගබලා ගත යුතුයි......... රාජ්ය පරිපාලන කටයුතු වලට, යුධමය කටයුතු වලට අනාගත රජුන්ට නුඹගෙන් දුරස් වී සිටින්නට සිදුවේවි...එවිට රජුන්ගේ සහකරු වශයෙන් නුබ අතින් ඉටුවිය යුතු යුතුකම් රජවාසලට, රජුන්ගේ ඥාතීන්ට සහ රාජ්‍යයට ඉටුවිය යුතුයි........... කොටින්ම වස්සාන අසපුව කෙරෙහි නොව ෂ්‍යු රාජධානිය කෙරෙහි ඔබගේ සම්පූර්ණ අවධානය යොමු විය යුතුයි....... වස්සාන අසපුව තුල සිටින්නේ ඔබගේ පිරිස.......ඔවුන් ඔබ පිළිබඳව ඇතිවන සියලු හැඟීම් දරාගනීවී......නමුත් කුමරුන්ගේ පාර්ශවයට නුඹ යුතුකම් ඉටුකල යුතුයි........"

ඉතින් මේ මෑණියන්ගේ දීර්ඝ උපදේශනයන් වලට සියැන් මැදහත් සිතින් සවන් දුන්නේ ය....

" එවිට කුමරුන් නුඹලා වෙනුවෙන්...වස්සාන අසපුව වෙනුවෙන්........"

ඉතින් ඔහුගේ හිතට ඇතිවුනු කුතුහලය සියැන් මෑණියන් ඉදිරියේ ප්‍රකාශ කලේය..

" කුමරුන් කුමරුන් ගේ පැත්තෙන් ඔහුගේ යුතුකම් සහ වගකීම් ඉටු කරාවි........ නුඹ නුඹගේ  යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටුකරන්න.. කුමරුන් නිදහසේ සිටින ඕනෑම වෙලාවක ඔබගේ සෙනෙහස හැකි උපරිමයෙන් කුමරුන් වෙත පෙන්වන්න....... රාජ්‍ය පාලනය යනු බොහෝ වෙහෙසට පත්වන කාරණාවක් සියැන්......."

ඉතින් මෑණියන්ගේ උපදෙස් සමගින් ෂ්‍යූ රාජධානියේ  තමන් ජීවත් වන අයුරු සහ වස්සාන අසපුවට වෙද හෙදකම් වලට පැමිණෙන්නේ කෙසේදැයි මේ වන විටත් සියැන්  තීරණය කර අවසන්ය..... මේ දේවල් හරියට ගලපාගන්න ඒ කෙසේදැයි තිබුණු ගැටළුවක් මෑණියන්ගේ උපදෙස් සමගින් අවසන් වී ගියේය.... කොහොමත් ඉතින් වස්සාන අසපුවෙන් පිටව යෑම පිළිබඳව සියැන්ගේ හිතට මහා ලොකු වේදනාවක් නැත.... ඒ ඉතින් නිතරම උක්ත කසන අසපුවට පැමිණෙන ලැබෙන බව හදවත දන්නා නිසාවෙනි...අඩුම තරමේ හිරු උදා වී හෝරා කිහිපයක් වත් වසාන අසපුව ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් වෙනුවෙන් වෙන් කරන්නට ඔහු සිතා ගත්තේය.... මධ්‍යහනයෙන් පසුව කුමරුන් සමග රජවාසලේ කටයුතුවලට සහභාගි වන්නට ඔහු තීරණය කළේය......

.
.
.


බෝ වෙන්ෂූ රන් ගම්මානය අසල වසාන අසපුවෙන් පැමිණෙන වෙදැදුරා එනතුරු මඟ බලාගෙන සිටින්නට විය.... දැන් මෙතැනින්ම ඔහුව අසුපිට නග්ගවා ගෙන දේශසීමාව ආසන්නයේ තිබෙන ගම්මානයට රැගෙන යා යුතුය.... ටික වේලාවක් ගතවන විට වස්සාන අසපුවට ම ආවේණික සුන්දර දේහ ලක්ෂණයන් ගෙන් යුතුව ගුචීනයක්ද කරෙහි දරාගෙන සොන් ලන් ගම්මානය මැදින් බෝ වෙන්ෂූ දෙසට ඇවිද එන්නට විය....

" වස්සාන  අසපුවේ තිබෙන දේශගුණික විපර්යාසයේ නිසාවෙන්දෝ එහි සිටින සියලුම වෙදදුරන් රූප  සම්පත්තියෙන් අනූනයි.."

ටිකෙන් ටික තමන් අසලට ලංවෙන වෙදැදුරන්ගේ රූපය දෙස බලමින් ඔහු එලෙසින් තනිවම මිමිණුවේ ය...

" දීර්ඝායු වේවා සෙන්පති තුමනි......"

සොන් ලන් වෙන්ෂූ අසලට ඇවිත් ඔහුට හිස නමා ආචාර කළේය...

" මා හට එතරම් ගරුසරු දැක්විය යුතු නැහැ වෙදදුරු තුමනි....... තවත් ප්‍රමාද නොවී අපි දේශසීමාව වෙත ගමන් කරමු...."

බෝ වෙන්ෂූ අසුන් පිටින් බැස සොන් ලන් අසලට ඇවිද එමින් කීවේය .... ඉතින් ඔහුත් සිනාසෙමින් අසින් පිටට නැඟුනේය....

" මා හටත් මේ අරුම පුදුම වස්සාන අසපුව දැක ගැනීමේ ආශාවක් ඉපදී තිබෙනවා....."

දැන් ඉතින් අසු පිටින් යන අතර බෝ වෙන්ෂූ හඩ අවදිකලේය..

" එසේ නම් ඉතින් කුමක් හෝ අසනීපයක් වැළඳ ගත යුතු වෙනවා......"

සොන්ලන් අනෙක් අතට කියද්දී වෙන්ෂුගේ මුවගට සිනහවක් නැගුනේ ය...

" යුයෙන් කුමරුන් හරි අපූරුවට මායා දොරටුව තරණය කලේ  ........"

වෙන්ෂූ කෙටි නිහැඩියාවකින් පසු එළෙසින් ඇසුවේය...

" කුමරුන් හට සහ වස්සාන අසපුවේ එක් වෙදැදුරකු ට වැළඳී තිබෙන රෝගය අති භයානකයි......"

ඉතින් දෙදෙනාම සිනාසුනේය....කෙසේ හෝ දේශසීමාව ආසන්නයේ තියෙන ගම්මානය පෙනෙන නොපෙනෙන දුරකට පැමිණි දෙදෙනාම අසුන් පිටින්  බැස්සේය.... කුමරුන් සැලසුම සූදානම් කර ඇති පරිද්දෙන් සොන්ලන් වෙන්ෂූගේ උදව් ඇතිව පූජකවරයකු ලෙසින් වෙස් වලාගෙන ගම්මානය තුළට ඇතුළු වී එහි සෙනග ගැවසෙන ස්ථානයක අසුන් ගෙන ගුචීනය වාදනය කරන්නට පටන් ගත්තේය.... වෙන්ෂූත් වෙස් වළාගෙන ඔහු අසලම රැකවල් ලාගෙන සිටින්නේය...

" මේ ස්වරයන් ඔවුන්ගේ මනස වෙනස් කරාවි කියා ඔබට විශ්වාසද......"

වාදනය වෙනුවෙන් අසුන් ගන්නට පෙර වෙන්ෂූ සොන්ලන් ගෙන් ඇසුවේය ...

" නිහඬව බලාගෙන සිටින....."

සොන්ලන් විශ්වාසනීය හඬකින් එලෙසින් කියද්දී ඔහු නිහඬ විය....

දැන් මේ ඔවුන් ගුචීනය වාදනය  කරන ස්ථානයට නුදුරින් කැරැල්ල සඳහා සියලු දෙනා සූදානම් වෙමින් සිටින අතර එහි මෙහෙයුම් කරුවන් ගම්මානයේ බොහෝ වැසියන්ව මේ වනවිටත් එතැනට එක්රැස් කරමින් සිටින්නේය.... ඉතින් සොන්ලන් ගේ ගුචින් වාදනයත් ගම්මානය පුරා පැතිරෙන්නට පටන්ගත්තේය ..... හිරු බැසයන්නට හෝරා කිහිපයක් ඉතිරිවී ඇත..... කුමරුන් යෙදවූ සෙබලුන් පිරිසක් තැන් තැන්වල සැඟවී සිටින්නේ මෙහි ප්‍රධානත්වය දරණ කිහිපදෙනාව රහසින්ම කොටුකර ගැනීමටයි.....

වෙන්ෂූ දැන් අඩ හෝරාවක් පමණ සොන්ලන් අසල රැකවල්ලාගෙන සිටින්නේය...ඒ වාදනයේ ස්වරය එන්න එන්නම ත්‍රීවූ වෙන අතර වෙන්ෂූගේ  පවා  හදවතට  අමුත්තක් දැනෙන්නට පටන්ගත්තේය ... හරියට රජුන් සහ කුමරුන් පිළිබදව පුදුමාකාර හැඟීමක් දැනෙන්නට විය.....

හෝරාවක් ගතවෙන්නට ඇත .... එක් රැස්වී සිටි වැසියන් එක එක්කෙනා විසිර යන්න්ට පටන්ගත්තේය ... එවරනම් නොසන්සුන්ව එසේත් නැතිනම් කුමරුන් කොයිතරම් විශ්වාසයෙන් සිටියත් මේ කටයුත්ත පිලිබදව එතරම් විශ්වාසයකින් නොසිටි වෙන්ෂිගේ හිතට සැනසීමක් මෙන්ම අනෙක් අතට පුදුමයක්ද ඇති වෙන්නට පටන් ගත්තේය... ..

" ඇයි සියල්ලන් විසිර යන්නේ......"

තමන් කවුරුන්දැයි හඳුනා ගන්නට නොහැකි වන ලෙසින් සාමාන්‍ය වැසියකු අසලට ගිය වෙන්ෂූ ඇසුවේය ...

" කන්ෂී මහ රජුන් යනු අප රාජධානියේ හදවතයි..... ඔහුගේ පුත් කුමරුන් භූගත ජලය පවා සොයාගත් නිසා රාජධානි වැසියන් සතුටින්.... අනෙක් අතට වස්සාන අසපුව යනු ආශ්චර්යයේ මුදුන්මල්කඩයි..... කුමරුන් ඍෂිවරයකු  සරණපාවා ගැනීමේ  කිසිදු වැරැද්දක් පෙනෙන්නට නැහැ.......මා මගේ තනි  තීරණය ට ආපසු නිවසට යනවා..."

වෙන්ෂූ සැනසුම් සුසුමක් හෙලුවේය .... ඉතින් සුළු මොහොතක් ගතවෙන විට එතැන සිටි සියලුම දෙනා පිටව යන්නට සූදානම් වෙද්දී උදෑසන කුමරුන් සැලසුම් කළ ආකාරයට ම මෙහි මහ මොළකරුවන් කිපී දැන් එතැන රැඳී සිටින සාමාන්‍ය ජනතාවට තර්ජනය කරන්නට සූදානම් වෙද්දී සෙබළ පිරිස එතැනට කඩා වැදුණේය.... සාමාන්‍ය ජනතාව තර්ජනය කර  භය ගැන්වීම හේතුවෙන් සිව් දෙනෙක් ඔවුන් විසින් සිරභාරයට ගත්තේය..... ඒත් සමඟම මේ සියල්ල දෙස ඉතා උවමනාවෙන් සැඟවී බලාගෙන සිටි  යින්‍යෝ රාජධානියේ   ඔත්තුකරුවකු පැන දුවන්නට උත්සහ කරද්දී ඔහුවත් සිරභාරයට ගත්තේය........

කටයුත්ත එතැනින් අවසන් වූ අතර වෙන්ෂූ සොන්ලන් ව රන් ගම්මානය අසලට රැගෙන ගියේය...

" ඉදින් පහණ අසපුවේ ප්‍රාතිහාර්ය මා සියැසින්  දුටුවා..."

අසුපිටින් බැස ගත් සොන්ලන් පිටව යන්නට පෙර යළිත් වෙන්ෂූට ආචාර කරද්දී ඔහු පැවසුවේය ....

" වස්සාන අසපුවේ ආශ්චර්යන් මහ සයුරක් නම් නුඹ වේ දුටුවේ දිය  දෝතක් පමණයි...... එසේනම් දීර්ඝායු වේවා.... හෙට දින සුභ මොහොතින් ෂ්‍යූ  රාජධානියට පැමිණෙන අපගේ වස්සාන අසපුවේ දඩබ්බර යාව හොඳින් රැක බලා ගන්න......."

වෙන්ෂූ සිනාසෙමින් හිස සැලුවේය .... ගුචීනයත් පිටෙහි එල්ලා ගත් සොන්ලන්  රන් ගම්මානයෙ කෙළවර තිබෙන වනාන්තරය තුළින් නොපෙනී යනතුරු බලාගෙන සිටි වෙන්ෂූ අසුපිටට නැඟුනේය.....

.
.
.
.

" ඔත්තුකරු මෙතරම් ප්‍රමාද මක්නිසාද ........."

හිරු අවරට ගොසින්  අන්ධකාරය සෙමින් සෙමින් පරිසරය වෙලා ගනිද්දී කැරැල්ල පිළිබඳ ව  හෝඩුවාවක් රැගෙන එන්නට පිටව ගිය ඔත්තුකරු පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලාගෙන සිටින ශේතියෑන් රජුන්  කෝපයෙන් මුමුණන්නේ ය.....

" රජුනි අප මදක් ඉවසා සිටිමු......."

ඔහු අසලම සිටින පුරෝහිත වරයෙක් එළෙසින් පවසද්දී රජුන් තමන්ගේ සිංහාසනය අසල තිබෙන වැලි තැටිය දෙසත් බැලුවේය .... මේ වන විට ඔත්තුකරු ගෙට ගොසින් හොරා ගණනාවක් අවසන් වී ඇත.... ඊටත් වඩා උදෑසනින්ම පිටත් කර යැවූ කැරැල්ලෙහි නිර්මාතෘවරයා ඔහුගේ හෝඩුවාවක් ද නැත.......

" මේ උපක්‍රමය අසාර්ථක වුවහොත් අනිවාර්යෙන්ම හෙට උදෑසන මංගල්‍යය සිදු වෙනවා....... එය සිදුවිය නොහැකියි........සෘෂිවරයෙක් යුයෙන් කුමරුන් හට  සරණ පාවා දෙන තුරු බලා සිටිය නොහැකියි........"

දැන් රජුන්ගේ හදවතේ ඇත්තේ භීතිය  මුසු වූ කෝපයකි..

එන්න එන්නම අන්ධකාරය පරිසරය රජයද්දී තමන්ගේ සැලසුමෙහි කොතන හෝ වරදක් ඇති වී ඇති බව රජුන් හට මෙන්ම එතැන සිටින පුරෝහිත වරුන්ට ඇමතිවරුන්ට පවා වැටහෙන්නට පටන් ගෙන තිබුණු අතර ශේතියෑන්ගේ රජුන් සිටින්නේ හී සරයක් වැදුණු කේශර සිංහලයකු ලෙසින් කෝපයෙන් ගුගුරන අතරයි.......

" හහ්.......එසේනම් මංගල්‍යය අවසන් වන තුරු ඉවසමු......වස්සාන අසපුවේ සෘෂිවරයා එසේත් නැතිනම් කුමරුන්ගෙ සහකරු සත් දිනක් ඇතුළත කලුරිය කිරීමේ පුවත ගම් නියම් ගම් සිසාරා පැතිරෙද්දී කුමරුන් ඒ ශෝකයෙන්ම මියැදේවි...ඉඳින් තමා ආදර පුතණුවන්ගේ වියෝවෙන් මාගේ අයියන්ඩියත් ස්වර්ගයේ දොරටුව විවරකර ගනීවී.......... මේ මධ්‍යම රාත්‍රියේ ම ෂ්‍යූ රජවාසලේ සිටින අපගේ ඔත්තුකරු වෙත පණිවිඩයක් යවන්න......හෙට උදෑසනම මා මුණගැසෙන ලෙස අණකරන්න....."

.
.
.
.

ආදරණීය ආශිර්වාදාත්මක සුන්දර දිනයකට හිරු උදාවිය.....පුදුමයකි.... අද පොද වැස්සක් වෙනුවට සෞම්‍ය හිරුකිරණ මිහිමත සිපගෙන ඇත... සියල්ලෝ මේ පිළිබදව පුදුමයෙන් කතාකලත් ඔවුන් දෙදෙනාගේ බැඳීම පිළිබඳව බොහෝ කරුණු තේරුම් අරගෙන සහ අධ්‍යයනය කර සිටී ප්‍රධාන වෙදැදුරන් නම් පුදුමයට පත්වූයේ නැත.. කාලාන්තරයකින් වැටෙන උදෑසන හිරු රැස් වස්සාන අසපුවට වැටී තිබුණි.......  වයෝවෘද්ධ උදවිය නම් සමහර විට මීට පෙර මෙවන් අවස්ථාවක් දැක තිබෙන්නට ඇත....නමුත් වස්සාන අසපුවේ තරුණයන් මෙවන් අවස්ථාවක් දකින පලවෙනි වතාවයි......

එදා කුමරුන් වනාන්තර දොරටුවෙන් ඇතුළු වී වස්සාන  අසපුවට පැමිණි පසුව එහි සිදුවෙමින් තිබූ නොයෙක් විපර්යාසයන් යළිත් සාමාන්‍ය අතට හැරෙමින් තිබුණි..... කරදිය පොකුණේ මීදුමත් යළිත් වර්ධනය වෙන්නට පටන් ගෙන තිබුණු අතර පුෂ්පයන්ගෙන් විහිදෙන ආලෝකයත්  සාමාන්‍ය අතට හැරී තිබුණි..

පෙරදින රාත්‍රියේ නම් දෙදෙනාටම හදවතින් කතා කරන්නට ඉස්පාසුවක් තිබුනේ නැත.... කුමරුන්ට රාජධානියේ කටයුතු මෙන්ම විවාහ මංගල්‍යයේ කටයුතු සොයා බලන්නට සිදු වූ අතර දේශ සීමාවේ දී සිරභාරයට ගත් කැරලිකරුවන් පිළිබඳ වත් සොයා බලන්නට සිදුවිය....

ඉදින් එක් දිනක් හදවතින් කතා නොකළාට මන්ද.... හිරු උදාවෙන් පසුව ඔහු හැමදාමත් තමන්ගෙ වම් පසින් සිටිනවා නොවේ දැයි කල්පනා කළ කුමරුන් වැඩ කටයුතු වෙනුවෙන් ම අවධානය යොමු කළේය....

සියැන්ගේ තත්ත්වයත්  ඒ ලෙසින්ම විය.. වස්සාන අසපුව තුල පමණක් සිදුවන මංගල්‍යයත් නොවන නිසා සියැන් හට වැඩිහිටි කිහිප දෙනෙකුගේම උපදෙස් ලබා ගන්නට සිදුවුණු අතර ඒ සියල්ල අවසන් වන විට හිරු නැගෙන්නට හෝරා කිහිපයක් පමණක් ඉතුරු වී තිබුණි.....

" සියැන් අවදිවෙන්න........සියැන්........."

ඉතින් සුපුරුදු පරිදි සමහරවිට අවසන් වතාවට ශියෙන් සියැන්ගේ කුටියට ඔහුව අවදි කරන්නට පැමිණියේය...

" අහ්ම්ක්..............තව ස්වල්ප වෙලාවක්......."

හොද හුස්මකුත් පිටකර යලිත් දෙනෙත් පියාගත් සියැන් මිමිණුවේය ....

" එසේ නම් ඉතින් කුමරුන් සමඟ විවාහ ගිවිස ගන්නට වන්නේ මට තමා..."

ශියෙන් තරමක් උස් හඩින් එලෙසින් පැවසුවේ කෝකටත් කුටියෙන් පැන දුවන්න ටත් සූදානම්වයි.... ඉතින් බලාපොරොත්තු වූ පරිද්දෙන්ම සියැන් යක්ෂයෙකු ලෙසින් සයනය  මතින් වාඩිවුනේ ය..ශියෙන් පියවර කිහිපයක් පසුපසට ගොස් අපහසුවෙන් නමුත් සිනහව සිරකරගෙන තම සොයුරා දෙස බලාගෙන සිටින්නේ ය....

" නුඹ කුමක්ද පැවසුවේ කමකට නැති ස්ත්‍රිය......"

සියැන් කේන්තියෙන් මෙන්ම අවුල් වී ගිය හිසින් යුතුව එළෙසින් පවසද්දී මෙතරම් වේලාවක් සිරකරගෙන සිටි ශියෙන්ගේ සිනහව පිටතට පැමිණියේය....

" අද මා නුඹව හිටුවා පස් ගහනවා.... නතරවෙනු........මගේ කුමරුන් සමඟ විවාහ ගිවිසගන්න සිහින මවන්නේ මාවවුල් රාජයා මදිවූ නිසාද........ශියෙන් නවතිනු............ "

කුටියේ පියගැට පෙළින් ද පහළට බැස කෑමොර දෙමින් ශියෙන් පසුපස ලුහුබදින්නට පටන්ගත්තේය ..... විවාහ මංගල උත්සවය නිසා වස්සාන අසපුවේ ඕනෑම තැනක ඇවිද යන්නට අවසර තිබෙන කුඩා දරුවන් පවා දැන් සිනාසෙමින් මේ දෙස බලාගෙන සිටින්නේ ය....

",සියැන්........ශියෙන් ............"

ඉතින් ලොකු බැඳීම සහ පැන දිවීම කෙටි වේලාවක් පැවතුණු අතර වස්සාන අසපුව ගුගුරන්නට ඇසුනු ප්‍රධාන වෙදැදුරන්ගේ කෑ ගැසීමත් සමග දෙදෙනාම හිටි පිළිම මෙන් අතර වුණේය.....

" තව නොබෝ වේලාවකින් විවාපත් වී ෂ්‍යු රාජධානියේ  අනාගත මහරජුන්ගේ සහකරුවන් වන්නට සිටින සෘෂිවරයා උමතු රෝගය වැළඳුණු මිනිසකු මෙන් ලුහුබඳින අපූරුව........"

වෙයි වෙදැදුරන්  කෝපයක් නැතත් කෝපයක් මවාගත් මුහුණෙන් සියැන් සහ ශියෙන් අසලට ඇවිද ආවේය ...

" කමාකරන්න මුත්තනුවනි...."

දෙදෙනාම ඉක්මනින් ඔහු ඉදිරියේ දණ ගසා ගත්තේය....

" දැන් මේ ලෙසින් වියරුවෙන් ලුහුබඳින්නට කුමක්ද සිදුවූයේ....."

වස්සාන අසපුවේ කිහිප දෙනෙක්ව දැන මෙතනට එකතු වී සිටින්නේය..සියැන් ශියෙන් දෙස හොරැහින් බැලුවේය ...

" මුත්තණුවනි .......මා සියැන් හට කොලොප්පමක් සිදුකලා....."

ශියෙන්ගේ කතාවට දැන් ඔවුන් වටා එකතු වී සිටින සියලුම දෙනා මුව අතකින් වසාගෙන සිනහව දරාගෙන සිටින්නේ ය... ඒ අතර සිචූයිත් අත් දෙක පපුවට බැඳගෙන බලාගෙන සිටිනු දුටු ශියෙන් විගසින් බිම බලාගත්තේය ....

" කුමක්ද ඒ......."

"මේ..............එය ........."

ශියෙන් හට දැන් සිචූයි ඒ එය පවසා ගන්නට නොහැකිව සිටින අතර ......

" සියැන් පවසන්න......."

යැයි වෙයි කෑගැසුවේය ..... සියැන්ගේ මංගල සළුපිළි රැගෙන ඔහුගේ කුටිය දෙසට යමින් සිටි නුවැන්ග් සහ තවත් කිහිප දෙනෙක් ද මේ සිදුවීම දැක හිසේ අත ගසා ගනිමින් එතැනට ආවේය ...

" ශියෙන් පැවසුවා මා අවදි නොවෙන්නේ නම් ඔහු මාගේ කුමරුන් සමඟ විවාහ ගිවිසගන්නා බවට......"

එවර නම් ඉතින් දැන් එතැනට එක වී සිටින පිරිසට සිනහව නතර කර ගන්නට නොහැකි විය... වෙයි වෙදැදුරන් සිචූයි දෙස බලා සිනාසුනේය ....

" ශියෙන් අක්කන්ඩියට ජීවත්වීමේ ආශාව නැතිවී ගිහින් වගේ......."

තම මිතුරාගේ වේදනාව හොඳින් හඳුනාගත් ලූෂීත් මැද්දට පැන්නේය.... සියැන් ඇයවෙතට ස්තූතී පූර්වක බැල්මක් හෙලුවේය ...

" අනවශ්‍ය කොලොප්පම් වලට කාලය මිඩංගු නොකර ඉක්මනින් ගිහින් සූදානම් වනු...... තවත් කෙටි වේලාවකින් ෂ්‍යූ රාජධානියේ  කිහිපදෙනෙක් වස්සාන අසපුවට පැමිණේවි..... ෆැන්ගි ආවතේව කරුවන් කිහිප දෙනෙක් සමග එහි ගොස් අවසන්....."

එපමණක් පැවසූ ප්‍රධාන වෙදදුරන් සිනහවක් රැඳුණු මුහුණින් යුතුව ස්වේත කුටිය දෙසට ඇවිද ගියේය ....

නුවැන්ග්  තම දරුවන් දෙදෙනා වෙතටම කෝපය පිරුණු බැල්මක් හෙලා සියැන්ගේ අතකින් අල්ලාගෙන ඔහුගේ කුටිය වෙතට යද්දී ලූෂීත් ඔවුන් පිටුපසින් එන්නට විය...

" නිවසට ගොස් සූදානම් වී පැමිනෙන්න ලූෂී ......"

නුවැන්ග් ඇයට පවසද්දී ඇය අකමැත්තෙන් නමුත් නිවසට ගියේය ...

.
.
.

හෝරාවක් සෙමින් ගතවී යද්දී සියැන්ව සූදානම් කර අවසන්වූ අතර වන්ග් කන්ෂි රජුන්, යුයෙන් කුමරුන්  සහ ෂූයැන්ඩි ෆැන්ගි සමඟින් වස්සාන අසපුවට පැමිණ ස්වේත කුටිය තුල රැදී සිටින බව සැලවිය....

" ඉදින් මාගේ පුත් කුමරුන්ගේ සුන්දරත්වය දකින්නට ....."

නුවැන්ග් සියැන්ගේ මුහුණ යලිත් බැලුවේය ...

ඇගේ දෙනෙත් වලින් ඇයටත් නොදැනීම කඳුලු ගලාගෙන යන්නට පටන් ගත්තේය..... විසිතුන් වසරක් පුරාවට තම ඇකයේ නිදාගත් , අදටත් සුරතල් වෙමින් තමන් අසල දැවටෙන ආදරණීය දරුවා තව නොබෝ වේලාවකින් විවාහ ජීවිතයට එළඹීම ඉතින් මවකට දරා ගැනීම තරමක් අසීරු වන්නේය.... ඇය මගේ දෙනෙතට නැගුනු කඳුළු බිඳුවක් රැගෙන සියැන්ගේ සවන්පතක් පිටුපසින් තැබුවේය .....

සියැන් තම මෑණියන් වැළදගත්තේය .... ඔහුටත්  නොදැනීම ඔහුගේ දෙනෙත් වලින් කඳුලු ගලාගෙන යන්නට පටන් ගත්තේය.....

" හඩන්නේ කුමකටද...."

ශියෙන් කදුලු සලමින්ම  තම සොයුරා සනසවන්නට උත්සාහ කරන්නේය..මේ පවුල ඉතින් එදා පටන්ම පුදුමාකාර සෙනෙහසකින් ජීවත්වූ පවුලකි... වස්සාන අසපුවටම ආඩම්බරයක් වූ පවුලකි...

ඉතින් වස්සාන අසපුව තුල පළවෙනි වතාවට සිදුවන අරුම පුදුම මංගල්‍යය දැකගන්නට එහි සියලුම දෙනා එක්‍ රැස්වී සිටින්නේය... මීට පෙර සිදු වූ සියලුම විවාහ මංගල උත්සවයන් වස්සාන අසපුව තුළම යුවලක් අතර සිදුවුණත් අද ෂ්‍යු රාජධානියේ රජුන් සහ වස්සාන අසපුවේ දඩබ්බරයා අතර සිදුවෙන මේ මංගල්‍යය සියලු දෙනාටම පුදුමය උපදවන්නට සමත්වී තිබුණි....

මංගල්‍යය සඳහා වේලාව ආසන්න වෙද්දී සියලුම දෙනා ස්වේත කුටිය තුලට එක්‍ රැස්වූ අතර පිය රජුන් අසලින් වාඩි වී සිටින කුමරුන් මේ නොයිවසිල්ලෙන් බලාගෙන සිටින්නේ සියැන් ප්‍රධාන දොරටුවෙන් පැමිණෙන තුරුයි.....

" දීර්ඝායු වේවා මහරජතුමනි , දීර්ඝායු වේවා කුමරුනි....'"

වස්සාන අසපුවේ සියලුම දෙනා රජුන් සහ කුමරුන් අසලට ඇවිත් ආචාර සමාචාර දක්වන්නට පටන්ගත්තේය .... ඒ සියලු දෙනාටම ආචාර කරමින් සිටියත් කුමරුන්ගේ දෙනෙත් යොමුවී ඇත්තේ ප්‍රධාන ද්වාරය වෙතටයි......

" ෆැන්ගි වෙදැදුරන් සියැන් සහ නුවැන්ග් පැමිණෙනවා......"

සෑහෙන වේලාවක් ප්‍රධාන දොරටුව දෙස බලාගෙන සිටි කුමරුන් ගේ හදවතට සැනසීමක් ලබා දෙමින් සිචූයි ස්වේත කුටිය තුල සිටින සියලුම දෙනාට ඇසෙන්නට එළෙසින් පැවසුවේය.....

සුළු මොහොතක් පුදුමාකාර නිහැඬියාවකින් ගතවී ගිය අතර මුලින්ම ෆැන්ගි , ශියෙන් සහ ලූෂී ස්වේත කුටිය තුලට පැමිණි අතර නුවැන්ග් සහ ශේයුවෑන් සමඟ මංගල ඇදුමෙන් සැරසුනු සියැන් බිම බලාගෙනම ප්‍රධාන ශාලාව තුලට පැමිනෙද්දී යුයෙන් කුමරුන් ගේ හදවත තුල ගිගුම් හඩ නැගෙන්නට පටන්ගත්තේය ...

" සියැන් කුමරුන් දෙස බලන්න......"

සෙමින් සෙමින් කුමරුන් අසලට ඇවිද ආවත් සියැන් හට තවමත් හිස ඔසවා කුමරුන් දෙස බලන්නට ශක්තියක් නැත... නමුත් ප්‍රධාන වෙදැදුරන් ගේ හඩින් ඔහු හිස එසවූයේය ....

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

එනතුරා නුඹ ළඟට තුරුළු කර සැනසෙන්න..
මඟ බලන් සිටියේම සෙනෙහසින් නැහැවෙන්න..
පබළු නෙතු පිය වසා මා එක්ක හිනැහෙන්න..
හිඳින්නට හැකි නේද සුසුම් වගෙ විඳගන්න..

නැහැ ඉඩක් වෙන කිසිම දෙනෙතකට මගෙ වෙන්න..
නුඹට පමණයි හදේ හැකි වුණේ නවතින්න..
සුන්දරම උවනතේ රූ සපුව දැකගන්න..
අවැසි මට හැමවෙලේ නුඹේ ගාවම ඉන්න..

මගේම ආදරණීය සියැන්ට... ❤️•
යුයෙන්ගෙන්... 💚

Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් කාව්‍යමය සාරාංශයක් .... 💚❤💛

**
**
**
**
**

මතුසම්බන්දයි ....

...................................................................................................

✒️ වෙඩින් එක ඊලඟ කොටසින් හොදේ........

✒️ හෙට වෙල්වට් කේක් එකක් අරගෙන එන්නම් ...

✒️ හැමෝම පරිස්සමට නිරෝගීව ඉන්න ... 💚❤💛

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

70.3K 7.1K 98
"မှားယွင်းသော လက်ထပ်ခြင်းမှသည်..... ကောင်းမွန်သော အိမ်ထောင်သည်ဘဝဆီသို့...(၂)" MM Translation (Just for fun) Chapter 41 in complete "မွားယြင္းေသာ လက္ထ...
36.4K 7.1K 36
ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14
70.8K 11.9K 41
🍁 ZhanYi Fanfiction 🍁 BL Novel 🍁 Romance And Love 🍁 Not Sad Ending ( අතිශයින්ම ආදරයට ලොල් වූ රසික හදවත් උදෙසා ලියවෙන ආදරණීය රසිකාවියන්ගේ ඉල්ලී...