බෝගම්බර (Taekook)

By Czish_77

31.5K 6.7K 4.1K

උඹ කොහොමද ඔය ඇස් වලින් මිනිස්සුන්ගේ හදවත් හොරකම් කරන්න දක්ෂ උනේ ධීර්.... උඹත් හරියට බෝගම්බර වැව වගේ ධීර්. පි... More

හැඳින්වීම
පළමු කොටස
දෙවෙනි කොටස
තුන්වන කොටස
හතරවන කොටස
පස්වන කොටස
හයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
නවවන කොටස
දහවන කොටස
එකොළොස්වැනි කොටස
දොළොස්වැනි කොටස
දහතුන්වැනි කොටස
දාහතරවැනි කොටස
පහළොස්වැනි කොටස
දහසයවැනි කොටස
දාහත්වැනි කොටස
දහ අටවැනි කොටස
දහනවවැනි කොටස
විසිවැනි කෙටස
විසිඑක් වැනි කොටස
විසිදෙවැනි කොටස
විසිතුන්වැනි කොටස
විසිහතර වැනි කොටස
විසිහයවැනි කොටස
විසිහත්වැනි කොටස
විසිඅටවැනි කොටස
විසිනවවැනි කොටස
තිස්වැනි කොටස
තිස් එක්වැනි කොටස
තිස් දෙවැනි කොටස
තිස් තුන්වැනි කොටස
තිස් හතරවැනි කොටස
තිස් පස්වැනි කොටස
තිස් හයවැනි කොටස
තිස් හත්වැනි කොටස
තිස් අටවැනි කොටස
තිස් නවවැනි කොටස
හතළිස්වැනි කොටස
හතළිස් එක්වැනි කොටස
හතළිස් දෙවැනි කොටස
හතළිස් තුන්වැනි කොටස
හතළිස් හතරවැනි කොටස
හතළිස් පස්වැනි කොටස
හතළිස් හයවැනි කොටස

විසිපස්වැනි කොටස

636 138 73
By Czish_77

ගේට් එක ළඟ හිටපු මම දැක්කේ දුර ඉදන් මගේ දිහා එක එල්ලේ බලාගෙන ඉන්න අපේ පන්තියේ පසන්ව.... ඌ එක දිගට මගේ දිහා බලාගෙන හිටියා... මම උගේ පැත්ත හැරිලා බැලුවම ඌ ගැස්සිලා බිම බලාගෙන ගියා... මම මූණත් දෙක කරගෙන බලාගෙන හිටියේ උට මොකක්ද උනේ කියලා...ඌ ටික දවස ඉදන් වෙනස් තමා...ඒත් මම එච්චර ඕවා ගැන හිතන්නෙ නෑනේ...ඕවා අනවශ්‍ය ප්‍රශ්න... ප්‍රශ්න ගැන හිතන්න ගත්තොත් ඉවරයක් නෑ... මම ගේට් එක ළඟට වෙලා බලාගෙන හිටියේ මගේ කබර ප්‍රේමය එනකං...කොහෙද...D.H.P උන එකේ වරද ඕක තමා.... ආආ.. මට දෙයක් කියන්න අමතක උනානේ...අපේ දේව් අයියා හෙඩ් බෝඩ් එකේ ඩිපියුටි හරිද...ඒකම තමා ඕකා ඔච්චර උඩින් ඉන්නේ... දෙකයි දහයයි... සාමාන්‍යයෙන් එයා එන්න පරක්කු වෙන නිසා මම මුර කුටියට හේත්තුව දාගෙන නියපොත්ත කකා හිටියා.... බෑග් එකත් ඉස්සරහින් එල්ලගෙන මම පොඩි එකා වගේ...අර පිටරට අය ළමයි එල්ලගෙන යනවා වගේ මම බෑග් එක එල්ලගෙන බදාගෙන හිටියේ... පාරේ යන ළමයි රොත්ත පිටින් කයිය ගගහා යද්දි මම ඉතිං ඔහේ නැති නියපොත්ත හප හප හිටියා.. මගේ නියපොත්තක් කියලා දෙයක් නෑ අතේ...ඒ තරමටම මම නියපොතු කන එකෙක්.. වැහි පොද එක දෙක තාර පොළොවට වැටෙද්දි බිම තියෙන වැලි පාරවල් වල වතුර බින්දු පාරවල් වැටිලා දෙබෑ වෙනවා... නුග ගස් වලින් බේරිලා වැටෙන වතුර නුග ගස් වටේ විතරක් තියෙද්දි නුග ගස් යට පොළව යන්තම් වේලිලා වගේ තිබුණා... දහය වසරේ මම අදුරන මල්ලි කෙනෙක් සැලියුට් එකකුත් දාගෙන එතනින් දුවලා ගියේ බෑග් ඔලුව උඩ තියාගෙන....රාජකීය මාවතේ එහා මෙහා යන වාහන වැස්සට තෙත බරි වෙද්දි මම මුර කුටියේ වහලෙට පින්සිද්ධ වෙන්න නොතෙමී හිටියා.... ඈතින් තඩි කුඩ ඉහළගෙන එන සනුක අයියයි,දේව් අයියයි,හේෂාන් අයියයි,විහස් දැකලා මම අත වැනුවා... විහස් නම් පිස්සා වගේ මට අත වැනුවා... මුර කුටිය ළඟට ආපු සෙට් එක,

" කෝ බන් මල්ලී කුඩේ...."

" කවද්ද අයියේ අපි කුඩ ගෙනාවේ... මාවත් ඕකක දාගෙන පලයංකො.... "

" උඹට යන්න මේවල ඉඩ නෑ...අර ඉන්නේ උඹේ ඇලඩින්... තඩි කුඩයකුත් ඉහළගෙන ඉන්න නිසා උඹ ඒකෙම වර..... "

" හපෝ... මහා මොක්කුද මන්දා..... "

කට්ටිය ඉස්සරහට යද්දි මම දේව් අයියගෙ කුඩේට පැනලා එයාගේ ශර්ට් එකෙන් අල්ල ගත්තා...

" ඔයා හොඳයිනේ... මාවත් දාගෙන යන්න හොදේ... "

අයියා එයාගේ නිල් පාට කැප් එක ගලවලා මට දාලා මගේ කර වටේ අත දාගෙන අනිත් අය පස්සෙන් ගියා... අද හේෂාන් අයියයි විහස් දෙන්නත් බෝඩිමට ආවා... මට හිතුනත් ඇයි අහන්න කට පියාගෙන දේව් අයියගෙ උරහිසට හේත්තු වෙලා ආවා...

" පන්සල් යමුද ධීර්.... "

" පන්සල්....ඔය ඇත්තමද අයියේ.... අනේ කොච්චර දෙයක්ද.... "

" කැළණි පන්සල් යන්නේ.... හේෂාන්ගේ තාත්තා වාහනයක් එවනවා කිව්වලු.... කට්ටියටම යනවා.... හවස තුනහමාරට විතර ගිහින් රෑ පොඩ්ඩක් ඇවිදලා කරලා එමු.... උඹ කැමති නේද...."

" මම කැමති අනේ.... "

" මේ දේව්වා... මොකද කියන්නේ උඹලා දෙන්නම අපේ ගෙදර නැවතියන්කො බන්... ආය මොකටද හොස්ටල් එකේ ඉන්නේ... හොස්ටල් එකේ අනික නීති වැඩීනේ මචං... සනුක අයියත් කිව්වා මේ මාසේ ඉදලා ලබන මාසේ ඉදන් ගෙදරම ඉන්නවා කියලා... ගොඩක් දුරට සනුක අයියා ගෙදර නෙමෙයිනේ ඉන්නේ සහස් අයියලගෙ ගෙදරනේ...."

හේෂාන් අයියා වැස්සේ කියනකොට මම දේව් අයියා දිහා බැලුවා...

" ඒක හරි නෑනේ මචං...උඹලෑ අම්මට කරදරයි..."

" අපේ අම්මයි අප්පච්චි තමයි කිව්වේ උඹලට එන්න කියලා....අපේ අක්කා රටනේ බන්.... ඉතිං කාමර තියෙනවා ඇති වෙන්න... "

" බලමු බලමු..... "

කතාවෙන් කතාව කට්ටියම හොස්ටල් එකට ඇවිත් හොඳට නාගෙන ලෑස්ති උනා.... මම සුදු ටී ශර්ට් එකකට කළු නිල් ශෝටක් ඇදගත්තා....බාටා සෙරෙප්පු දෙකත් දාගෙන කොණ්ඩේ පීර ගත්තේ පන්සලට චාම්ව යන්න ඕන නිසා... දේව් අයියත් සුදු පාට කමිසෙ චූටි චූටි කළු පාට කුරුල්ලො ඉන්න කොළර් තියෙන කමිසයක් ඇදලා කළු පාට දිග ඩෙනිමක් ඇදලා සෙරෙප්පු දෙකක් දා ගත්තා... විහස් මගෙන්ම ඇදුම් දෙකක් ඉල්ලගෙන ඇද ගද්දි හේෂාන් අයියට එයාගේ තාත්තාම ඇදුමක් එවලා තිබුණා....සනුක අයියත් ඇද ගත්තට පස්සේ අපි ආපු කැබ් එකට නැග්ගා...
හේෂාන් අයියා ගොඩක් වැදගත් පවුලක පිරිමි ළමයෙක්... හේෂාන් අයියගේ තාත්තා ලොකු රෙස්ටොරන්ට් එකක අයිතිකාරයෙක්.... එතකොට අම්මා මැත්ස් ටීච කෙනෙක්... සල්ලී උතුරන්න.... හේෂාන් අයියට ඉන්නේ අක්කයි අයියයි...අක්කා ඇමරිකා වල ඩිග්‍රියක් කරනවා...අයියා පේරාදෙණිය කැම්පස් එකේ ඉංජිනේරු අංශයේ.... අයියත් හේෂාන් අයියා වගේම කියලා තමයි දේව් අයියා කිව්වෙ... හේෂාන් අයියගේ අම්මා තාත්තා දෙන්නම හොඳයිලු... ගොඩක් හිත හොඳ මිනිස්සුලු... හේෂාන් අයියගේ තාත්තා පොඩි තැනක ඉදන් දියුණු උන මනුස්සයෙක් කියලා කිව්වේ.... කුලියට දළු කඩන නුවරඑලිය පැත්තේ එයාගේ තාත්තා..... පස්සේ පස්සේ සල්ලී එකතු කර කර ඉගෙන ගෙන කොළඹට ඇවිත් දැන් හොඳ තැනක ඉන්නවා.... හේෂාන් අයියා උනත් ගොඩක් දුප්පත් අසරණ මිනිස්සු ගැන ගොඩක් හොයලා බලනවා.... හැමතිස්සෙම පිස්සා වගේ කියෙව්වට කේන්ති ගත්තට මොකද හේෂාන් අයියා කියන්නේ පට්ට හොඳ චරිතයක්...

කැළණිය මෙතන ඉදන් ටිකක් දුරයි.. අපි විනාඩි හතලිස් පහකින් වගේ කැළණි පන්සලට ආවා... අම්මා කියලා තිබුණා මම තාත්තා එක්ක පුංචි කාලේ කැළණි පන්සල් ආවලු....ඒත් මට මතක නෑ... මම ඒ කාලේ පුංචිනේ.... තේරුමක් නෑනේ අනික....

" දැන් අපි මොනවද අරගෙන යන්න ඕනේ..."

වැස්සකටවත් බුදු පහන තියන්නේ නැති විහස් ඇහුවේ ඔලුව කහ කහ....

" දේව් අයියේ.... මාත් එක්ක යමුද...අපි මුකුත් අරගෙන ආවේ නෑනේ... මල් තෙල් සේරම ගන්න ඕනේ..."

මම දේව් අයියට කියනකොට එයා මගේ අතින් අල්ලගෙන පොල් තෙල්,පහන්තිර අනන් මනං තියෙන කඩේකට ආවා...

" ආච්චි අම්මේ......අපිට පොල්තෙල් භාගෙකුයි, පහන්තිර පැකට් එකකුයි, හදුන්කූරු පෙට්ටියයි,ගිනි පෙට්ටියකුයි දෙන්නකො... "

ආච්චි අම්මට ඕන කරන ටික කියලා මම රුපියල් පන්සීයක් දුන්නා....

" ආ පුතේ මෙන්න.....සේරටම රුපියල් තුන්සීයයි... "

ආච්චි අම්මා පොඩි ශොපින් බෑග් එකකට බඩු ටික දාලා මට ඉතුරු දෙසීය දුන්නා... මම ආච්චි අම්මා එක්ක හිනා වෙලා දේව් අයියා එක්ක අනිත් කට්ටිය ළඟට ආවා... හවස සෙනඟ පිරිලා කැළණි පන්සල ළඟ...

" මල් අරගෙන යමු..... "

හේෂාන් අයියා ඕලු මල් අරගද්දි මම ගිහින් පිච්ච මල් වට්ටි දෙකක් අරගෙන ආවා... සුවදේ බෑ... බුදුන්ට පුදන්න කලින් මල් වල සුවඳ බලන්න එපා කිව්වට පිච්ච මල් සුවඳ නහය කඩාගෙන යනවා... මම එක වට්ටියක් දේව් අයියට දුන්නා....එයා නිල්මානෙල් මිටකුත් අරගෙන තිබ්බා... හිනා වෙලා මල් වට්ටිය ගත්ත එයා මාත් එක්කම පඩිපෙල නැග්ගේ සැහැල්ලුවෙන්.... හැමෝගෙම හිත් පිරිලා යද්දි සුදු පිරුවට ඇදගත්ත සෙනඟ අස්සෙන් අපිත් විහාරෙට ආවා..
විහාරගෙයි බුදුන්ට පිච්ච මල් වට්ටිය පූජ කරපු මම දොහොත් මුදුන් තියලා වැදලා දේව් අයියා දිහා බැලුවා....එයා ඇස් දෙක පියාගෙන බුදුන් වදිනවා... බලන් ඉන්න ආස හිතෙන හරි නිවුණු දර්ශනයක් ඒක..... හේෂාන් අයියයි විහස් දෙන්නත් බුදුන් වැදලා එළියට යනවා මම දැක්කා....මමත් දේව් අයියගෙ දැහැන නොබිද යන්න හදනකොට එයා ඇස් දෙක ඇරියා... මාත් එක්කම එළියට ආපු එයා මාවත් එක්කගෙන පහන් වැට ගාවට ගියා...

පහන් කිහිපයක් සුද්ද කරලා අරගෙන ඒවට තෙල් දාපු එයා මගේ අතට පහන්තිර පැකට් එකට දුන්නා... තෙල් වල යන්තම් පොගවලා පහන්තිර ටික පහන් වලට දාලා මමයි එයයි පහන් ටික පත්තු කළා....මුළු පළාතම හදුන්කූරු සුවඳින් නැහැවෙද්දි පහන් වල අලෝකෙට වටේ ඉන්න අයගේ මුහුණු පවා දිලිසුනා... හේෂාන් අයියටයි සනුක අයියටයි විහස්ටයි පොල්තෙල් ටික දීලා අපි හදුන්කූරු ටිකක් පත්තු කරගෙන හදුන්කූරු රදවන වල ඒවා ගැහුවා....

දේව් අයියා මේ වෙලාව ඇතුලත එක වචනයක් කතා කළේ නෑ....මමත් නිහඬවම ඉන්න තීරණය කළා.... මම ගොඩ කාලෙකින් මේ පන්සල් ආවෙත්....
එයා මගේ අතකින් අල්ලගෙන චෛත්‍යය වටේ අරගෙන ගිහින් නිදහස් තැනකින් වඩි උනා.... පුදුම නිස්කලංක බවක් දැනෙන්නේ...ඒ පැත්ත හරි නිහඩයි...ඉදිරිපස ඝෝෂාව වැඩී....
එයා ටිකක් වෙලා චෛත්‍ය දිහා බලාගෙන ඉදලා මගේ මූණ දිහා බැලුවා.....

" ධීර්.... "

" ම්...."

" හිතට නිදහස්ද.... "

" ම්... ගොඩක්... "

" දන්නවද ධීර්.... පන්සල කියන්නේ හිත් සැහැල්ලු කරන පුද බිමක්.... පන්සල් ඇවිල්ලා බුදුන් වදින්න ජාති බේදයක් අදාල නෑ ධීර්... බුදුහාමුදුරුවෝ බණ දේශනා කළේ බෞද්ධයන්ටම නෙමෙයි... බුදු දහම කියන්නේ මුළු ලෝකයාටම දේශනා කරපු දහමක්....ඒකට බෞද්ධද,හින්දුද,ඉස්ලාම්ද කියලා අදාළ උනේ නෑ... උඹ දන්නවද මම උඹ එන්න කළින් කීප වතාවක්ම මෙහෙට ඇවිත් තියෙනවා... මේ මම ආසම තැන... කවුරුත් වැඩිය නොගැවසෙන හරිය නිසා නිදහසේ ඉන්න පුළුවන්... සනුක අයියලා ක්‍රිස්තියානි....ඒත් එයාලා ගොඩක් දවස් වලට මෙහෙ එනවා.. අද උඹත් අපි එක්කම මෙතන....මීට කළින් මම මෙතන තනියම...අද උඹ එක්ක.....මම උඹ එක්ක ඉන්න මොහොතට හරි ලෝභයි ධීර්... මම ආසයි මම විදින දේවල් උඹට විදින්න දෙන්නේ,මම ආසයි මම ආස දේවල් උඹ එක්ක බෙදා ගන්න,මම ආසයි උඹේ තොර තෝංචියක් නැතුව කියවන කියවිල්ල අහගෙන ඉන්න, කොටින්ම කියනවා නම් මම ආසයි උඹේ සතුට දකින්න,උඹ දිනනවා බලන්න....උඹ සාර්ථක මනුස්සයෙක් වෙලා මගේ ළඟට එනවා බලන්න.... මං දන්නෑ උඹ මට ඇත්තටම කැමතිද කි......."

" අයියේ!!!!! ඔයා ඔච්චර දේවල් කරන්නේ මගේ ආදරේ විශ්වාස නැතුවද.... "

" මම උඹට කැමති කිව්වට කවදාවත් උඹ මට කැමති දේව් අයියේ කිව්වේ නැති උනාට උඹේ ඇස් කවදාවත් බොරු කළේ නෑ ධීර්....මම උඹව විශ්වාස කරනවා මටත් වඩා... "

" මම ආදරෙයි.....මම ඔයාට ගොඩක් කැමති....මම ඔයාට ගරු කරනවා.. මම ඔයාව මගේම අයියා කෙනෙක් කර ගන්න තරම් කැමති දේව් අයියා... සමහරු හිතයි කුණාටුවක් වගේ එක පාරටම ජීවිතේට ආපු මනුස්සයෙක්ව ඇයි විශ්වාස කරන්නේ කියලා.. ඒත් හදිසියේ ජීවිත වලට එක පාරටම එන ගොඩක් මිනිස්සු අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරේ නෑ අයියේ... ගොඩක් අය කරේ අපෙන් දෙයක් ලබාගෙන ආය පාරක් ඈතට ගියපු එක විතරයි... ඉතිං ඔයා ආපු විදිහයි ඔයා මට දැන් මේ කරන දේවල් මට අදටත් හීනයක්.... සුරංගනා කතා වල මවන චරිත අපේ සෑබෑ ජීවිත වල නෑ අයියේ.... කාමරේක හිර වෙලා ඉන්න කුමාරිකාවක් අරගෙන යන්න එන වීර කුමාරයෙක්ගේ කතා වගේ යථාර්ථයේ අපේ ජීවිත සුන්දර නෑ.... මනුස්සයෙක් ඉපදෙන්නෙත් හරි අමාරු විදිහට වෙනකොට මනුස්සයෙක් මැරෙන්නෙත් දුක් විදලා වෙනකොට ඒ අතර කාල පරාසය සුරංගනා කතා වල වගේ වෙන්න බෑ නේද.... මම ඉපදුනේ මොන තැනක උනත් මම ජීවත් උනේ අම්මෙක් ළඟ විතරක් උනත් මට තව දුරටත් එතනම ඉන්න නොදී මගේ හයියට ඉදගෙන ඔයා මේ කරන්නේ හිතන්න පුළුවන් දෙයක්ද අයියේ... මම කාමරේක හිර වෙලා ඉන්න කුමාරිකාවක්වත් ඔයා සල්ලීකාර වීර කුමාරයෙක්වත් නෙමෙයි.... අපි දෙන්නටම වෙනස් වෙනස් ප්‍රශ්න තියෙනවා...අපි දෙන්නම වෙනස් වෙනස් හීන පස්සේ දුවන්නේ... ඒත් මට ඔයා හයියක් වෙනකොට මම ඔයාට හයියක් වෙනකොට අපි දෙන්නා එකටම හැම දේටම මුහුණ දෙනකොට මම විශ්වාස කරනවා එතන අපි දෙන්නා අතර ලොකු බැදීමක් තියෙනවා කියලා..... මෙච්චර ලෙන්ගතු වෙන මිනිස්සු වෙනස් වෙනවා අඩුයි නේද.... ඉතිං මම ඔයාට මගේ තාත්තාට හා සමානවම ගරු කරනවා....මට ඔයාට දණ නමලා වදින්න උනත් බැරි කමක් නෑ... මොකද ඔයා මට මේ සෑබෑ කරන්න හදන ජීවිතය වෙන කවුරුත් නොකරපු නිසා... මගේ හිතේ ඔයා ගැන තියෙන්නේ මලකඩ කෑවත් කඩන්න බැරි විශ්වාසනීය බැදීමක්.....මම ඔයාට ආදරෙයි.... මගේ අම්මාට ආදරය කරනවා හා සමානවම ඔයාටත් මම ආදරෙයි....."

මම කිව්වේ මගේ හිතේ තියෙන දේවල්... මම ඇත්තටම එයාට කැමති එයාට ආදරෙයි... ඉතිං මම ඒක කියන්න පැකිලුනේ නෑ....
අපි ටිකක් වෙලා එතන ඔහේ බලාගෙන ඉදලා නැගිට්ටා... ඝණ්ඨාරේ ළඟට ගිහින් අපි දෙන්නම ඒක ගැහුවා... පන්සල පුරම ඝණ්ඨාර සද්දේ රාව ප්‍රතිරාව දෙද්දි සනුක අයියලා ඉන්නවා බැම්මට හේත්තු වෙලා.... හේෂාන් අයියයි විහස් දෙන්නම කියනවා... උදේ හිටියේ නයයි මුගටියයි වගේ... දැන් කිරි පැණි වගේ... කාලගුණේ වගේ මුන් දෙන්නාගේ වැඩ නම්.... හැම පැත්තෙන්ම වගේ සෙනඟ පන්සලට පිරෙද්දි පුංචි ළමයි හතරවටේ දුවනවා... තාම තේරුමක් නෑනේ....
තව ටිකක් වෙලා ඉමුයි කියපු සනුක අයියලා වැලි පොළොවේ ඇවිදගෙන ගියේ සන්සුන්ව... දේව් අයියත් මට ඉස්සරහින් ගියේ සාක්කුවට අත් දෙක දාගෙන... දේව් අයියා ගොඩක් උසයි,කෙට්ටුම නෑ... ටිකක් පිරිලා... ජිම් යන හින්දද කොහෙද අත් පිරිලා.... යන්තම් නිකට හරියේ රැවුල වැවිලා...ඉස්කෝලෙ යන නිසා ඕක වවන්න බෑනේ... එතකොට එයාට වඩා මම හරි වෙනස්... මමත් උසයි, හැබැයි කට්ටුයි... සාමාන්‍යයෙන් එල කොල්ලෙක් වගේ ඉන්නවා... එතකොට සනුක අයියා උසම උසම කෙට්ටු පොරක්... එයා ඉතිං වැඩි වැඩ නෑ... පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා... වෙලාවකට හිතෙනවා දිසාපති මස්සිනාට සෙට් කරා නම් ගොඩ කියලා... කොහෙද අහීෂ් අයියට පේරාදෙනිය කැම්පස් එකේ කෙල්ලෙක් ඉන්නවලුනෙ.... හේෂාන් අයියා මගේ ගානට උසයි...එයා ගොඩක් සුදුයි... නපුරුයි හෙනට ඔහොම හිටියට... විහස්ටම ගැළපෙනවා...විහස් මිටි.. විහස් ලස්සනයි...විහස්ට තියෙන්නේ ගෑණු ළමයෙක්ට සාමාන්‍යයෙන් පිහිටන ලස්සනක් වගේ එකක්.... අපි එක්ක ඉන්නකොට කෙල්ල වගේ...එයා එයාගේ ඒ ගති පෙන්නුවේ අපි ඉස්සරහා විතරයි... මොකද එයා බයයි අනිත් ළමයි ඉස්සරහා එහෙම ඉන්න... කොල්ලො කියන්නේ ඉතිං හොඳ කතා නෙමෙයිනේ...අමු තිත්ත කුණුහරුපෙන් කියන්න ඕනේ සේරම කියනවා .... ඒකයි ඇත්ත.... විහස් හරි ලස්සනට හිනා වෙන්න දන්න පිරිමි ළමයෙක්.... මගේ මිත්‍ර පරානෙනේ ඉතිං..

අපි හතට විතර පන්සලෙන් ආවා... ඇවිත් සනුක අයියා දන්න හොඳ රෙස්ටුරන්ට් එකකින් රෑට කන්න අරං දුන්නා....
අපි මේ පාවිච්චි කරන්නේ සනුක අයියගේ බලතල... සමහර විට හොස්ටල් එකේ ඉන්නවට වඩා හේෂාන් අයියලාගේ ගෙදර ඉන්න එක හොඳ වෙයි....
රෑට කාලා බීලා පොඩි රවුමක් දෙකක් දාලා හොස්ටල් එකට පනිනකොට රෑ අටයි... හොස්ටල් එකට හහියටම අට වෙනකොට හැම ළමයෙක්ම එන්න ඕනේ... ඒක නීතියක්... හොස්ටල් එක ඇතුලේ නිතී විරෝධී මත්ද්‍රව්‍ය එහෙම පාවිච්චි කරොත් එදාට ඌ අන්තිමට ඉස්කෝලෙ එන දවස තමා....
අපේ වයසේ කොල්ලො ඔහොම හිටියට ඉදලා හිටලා තූල් තියනවා... ඉස්කෝලෙ ඇතුලේ ඒක බොහෝ දුරට අඩුයි හේතුව ප්‍රිෆෙක්ට්ලා චෙක් කරන නිසා... මම ක්ලාස් යන්නේ කිරිබත්ගොඩ... මමයි විහසුයි දෙන්නම දකිනවා සමහර කාලකණ්නි සිගරට් බොනවා...ඒකත් කිසිම ලිමිට් එකක් නැතුව... උන්ගේ විදුරුමහා ගන්න දෙයක් නෑ... කහපාට වෙලා කුණු වෙලා තූල් තියලා... මහා ජරාවක් ....
කොහොම හරි රෑට වැඩ ටික සේරම කරලා මම ඇදට පැන්නා... කොච්චර එක කාමරේ හිටියත් කවදාවත් මම දේව් අයියගෙ තුරුලේ නිදාගෙන නෑ...ආආ..එදා හොස්ටල් එකේ රෑ පාටියේ ඇරෙන්න... ආස උනත් කවුරුහරි කඩාපාත් වෙලා ප්‍රශ්න දැම්මොත් මටයි එයාටයි ප්‍රශ්න වැඩි නිසා අපි සීමාවක් තියාගෙන හැසිරුණා... ඒත් හදවතේ සීමා මායිම් බිදගෙන අපේ ආදරේ ගොඩ නැගුනා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
***
මතු සම්බන්ධයි.




























































හම්මෝ..... 🌚 මහා බොළඳයිද අප්පා...

වැවේ වතුර නාගෙන මල් කඩන හිච්චි ධීරකයාව මවා ගන්ඩලා.... 🌚

හරිම කම්මැලි.....හෙට දෙන්න කොටසක් නම් තාම ටයිප් කරලා නෑ... 🙂 ඒ හින්දා හෙට දෙනවා කියලා බලාපොරොත්තු දෙන්න බෑනේ....

කමෙන්ට් දාන වෝට් කරන හොරෙන් හරි කියවලා යන හැමෝටම ආදරෙයි... ♥️

ලව් යූ ♥️

Continue Reading

You'll Also Like

2.4M 175K 35
Myanmar×OC အချစ်ဦး၊အချစ်ဆုံး၊လက်တွဲ​ဖော်ဟာ တစ်ထပ်တည်းကျ​သောအခါဝယ် 8.2.2023 ___ 8.4.2023
466K 11.4K 11
စိတ် အဆင်ပြေသလောက် ရေးပါမည်။ Over possessive Seme Beau Uke
213K 17.8K 110
ရိုးသားပွင့်လင်းပြီး လွတ်လွတ်လပ်လပ်နေရတာကြိုက်တဲ့ ယဲ့ကျန်းကျန်းတစ်ယောက် သူမဆန္ဒမပါဘဲ ထိမ်းမြားဖို့ အရွေးချယ်ခံလိုက်ရပြီး တချီ ဧကရာဇ် ကျီဝူကျိုးရဲ့ ဧက...