WHAT IF I KILL YOU IN THE END...

By _Fairy_dimples_18

2.4K 495 132

Euphoria, ඔබට පළමුවෙන් ආදරයක් දැනෙන විට ඔබ අත්දකින සතුට සමාජ සීමාවන් ඉක්මවූ දෙහදක ආදරය ♡ ⚠️ Quotation is str... More

01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
27.

26.

80 13 2
By _Fairy_dimples_18









පහුවදා හැනා ක්ලාස් එකට ගියෙ මුලින් ඇබීව හම්බවෙන්න හිතාගෙන..  ඊයෙ රැත් හැනාගෙ ඔලුවෙ වැඩ කරේ ඒක.. ගෙදර අය දැනගත්තොත් මොනවා වෙයිද.. ඇබී හැමවෙලේම පෝන් එක ඕෆ් කරන නිසා හැනා කේන්තියෙන් ඉදියෙ.. හැනා ක්ලාස් එකේ එයාලට තියෙන බිල්ඩින් එක එහාපැත්තෙ බෙන්ච් තියෙන තැනට යද්දී ඇබී මිෂෙල් එක්ක එතනට ඇවිල්ලා.. ඇබී වේලාසන ආවොත් නැත්තම් හැනා වේලාසන ආවොත් අනිත් කෙනා එනකන් එයාලා ඉන්නෙ මෙතන.. හැනා එතනට යද්දී මිෂෙල් නැගිටලා



" ඔන්න ආවනේ.. එහෙනම් මං ක්ලාස් එකට යනවා.. ඉක්මනට වරෙම් "

හැනා මිෂෙල් එක්ක හිනා වෙලා මිෂෙල් ගිය ගමන් ම ඇබීගෙන් හැනාට අහන්න ඕන දේ ඇහුවා


" ඇබී.. අපි දෙන්නා ගැන ගෙදර අය දැනගත්තොත් මොකද කරන්නේ "



හැනා එකපාර අහද්දි කලින් හැනාව දැකලා හිනා උන ඇබීගෙ හිනාව නැතිව ගියා.. ඇබීත් මේ ගැන තවමත් හිතලා නෑ වගේ.. හැනා ආයම ඒ ගැන ඇබීගෙන් ඇහුව


" හැනා මං තාම ඒ ගැන හි...  "

" හිතලා නෑ කියලද කියන්න යන්නේ.. කවදද ඔයා හිතන්න ඉන්නේ.. ගෙදරට අහු උනාට පස්සෙද "



හැනා තදින් කියද්දී ඇබීත් පුදුම උනා.. හැනා සන්සුන් වෙන්න.. හැනා හැනාටම කියාගත්තා


" හැනාට ඇයි එකපාරටම එහෙම දෙයක් හිතුනෙ "


" එකපාර නෙමෙයි ඇබී කවදාහරි හිතන්න වෙන දෙයක් මං ඔයාට කිව්වේ "


" අ.අපි අපි මොකක් හරි බලමු "

" මොකක්ද.. මොකක්ද ඔයා බලන්නේ.. කෝ ඔයාගේ පෝන් එක.. ඇයි ඒ මගුල හැම වෙලාවෙම ඕෆ් "

" හැනා කෑ ගහන්න එපා "



හැනා හයියෙන් කතා කරලා තියෙන්නෙ කියලා හැනාට තේරුණා.. හැනා ඇස් දෙක වහගෙන හොද හුස්මක් ගත්තා

" ඇබී ඇයි ඔයාගේ පෝන් එක ඕෆ් "


" හැනා මං අයියා එක්ක ඉන්නකොට පෝන් එක ඕෆ් කරනවා "

" එතකොට හදිස්සියක් උනොත් මොකද කරන්නේ ඇබී "

" හරි හරි.. කේන්ති ගන්න එපා.. මං ආය පෝන් එක ඕෆ් කරන්නේ නෑ "


ඇබී හැනාව බදාගත්තා.. හැනාත් ඇබීට තුරුළු උනෙ හැනාට මොනවද උනෙ කියලා හිත හිත .. හැනාට හැමදේම එපා වෙලා වගේ දැනෙනව














ANOTHER DAY,


" හේසල්.. හේසල්.. හේසල්!!! "


හැනා හේසල් දෙන්නා එකට ක්ලාස් එකට යන්න හම්බවෙන තැනදි හේසල්ට ඈත තියාම කෑ ගහපු හැනා දුවගෙන ආවා.. හේසලුත් ඒ පැත්ත හැරිලා බැලුවෙ මේ විදිහට හැනා මොකක්ද කියන්න එන්නෙ කියලා.. හැනා දුවගෙන ඇවිත් හේසල්ගෙ උරහිසෙන් අල්ලලා එකදිගට හොලවන ගමන්,


" අඩෝ මං පාස් වෙලා බං.. මං එක්සැම් එක පාස් "



එකපාර තමන්ව හයියෙන් හොලව හොලව හැනා කියද්දී ඒක මොළේට හරියට තේරෙන්න ටිකක් වෙලා ගියා.. හැනා පාස් වෙලා කියලා දැනගත්තාම හේසලුත් හැනාව බදාගත්තා.. ඒ පාර දෙන්නා බදාගෙන උඩ පනින්න ගත්තා


" සිරාවට ද.. ඈ..  අඩෝ කන්ග්‍රෑට්ස් බං.. එහෙනම් උබ අන්තිමේ දි ඒක කරා ඈ "


හැනා හේසල් දිහා බලලා ඇදන් හිටපු ඇදුමෙ කර උස්සද්දි හේසල් හැනාගෙ අතට පාරක් ගහල හිනා උනා.. ඇකඩමි එකට ළමයි සිලෙක්ට් කරගත්ත කියලා මැසේජ් එක ආවෙ උදේ.. තමන් තේරිලා ඇතිද කියලා බයෙන් බයෙන් ඒ මැසේජ් එක දිහා ටිකක් වෙලා බලන් හිටිය.. පස්සේ ඇකඩමි එකේ වෙබ් පිටුවට ගිහින් හැනා අලුතින් බදවා ගත්ත අයගෙ නම් ලිස්ට් එක බලද්දි එතන තෝරගත්ත විසිදෙනා අතරින් දොළොස් වෙනියට හැනාගෙ නම තිබුණා..


එවෙලෙ සතුටට හැනාට කතා කරගන්න බැරිව ඇස් දෙකෙන් කදුළු ආවා.. හැනා ටික වේලාවක් ඇදේ  ඉදගෙන සන්සුන් උනත් ඒ ගමන්ම නැගිටලා පුලුවන් තරම් හයියෙන් ගෙදර අයට කෑ ගැහුවෙ තමන් පාස් වෙච්ච සතුටට




දැන් එයත් ඇකඩමි එකේ නීත්‍යානුකූල සාමාජිකයෙක්.. කවදාහරි දවසක තමන් මේ රටේ සල්ලි තියෙන ජනප්‍රිය කෙනෙක් වෙනවා කියල හිතෙද්දි හැනාට හාර්ට් එක එලියට පනින්න තරම් සතුටක් දැනුනා.. රිසාල්ට් එන දවස වෙනකන් හැනා හිටියේ බයෙන්.. දවසට දෙපාරක් තුන්පාරක් තමන් පාස් වෙන්න ඕන කියලා හැනා ඉල්ලුවා



" උබ ඇබීට කිව්වද.. මටත් වැඩිය එයා සතුටු වෙන්න ඇති නේ "



හේසල් අහද්දි හැනා හිමීට ඔළුව දෙපැත්තට හෙලෙව්වෙ නෑ කියන්න.. හැනා තවම මේ ගැන ඇබීට කිව්වෙ නෑ.. හැනා මුලින් ම තමන්ගේ ඉස්සරහට හම්බවෙන හැමෝටම කිව්වා මිසක් ඇබිට තවම කිව්වෙ නෑ



" යකෝ.. හරි නම් උබ මුලින් ම ඇබීටයි කියන්න ඕන.. ගනින්කො කෝල් එකක්.. ආ නෑ එපා.. අපි ගිහින්ම කියමු "


හේසල් හැනාගෙ අතින් අල්ලාගෙන ඇදගෙන ක්ලාස් එකට යන්න ආවා



ඇබී මිෂෙල් එක්ක මේ වෙද්දිත් ක්ලාස් එකට එන ගමන්.. අද ඇබීව ගන්න මිෂෙල් ජෝගෙ ගෙදරට ආවා.. දෙන්නා ප්‍රධාන පාරෙන් තාම එන ගමන්..



" උබ කවදද ගෙදර යන්නේ "


මිෂෙල් ඩ්‍රයිව් කරන ගමන් අහද්දි


" යන්න ඕන බං.. ළගදි ම "

" උබ එදත් ගියෙ නෑ නේ.. ළගදිම කියනවා විතරයි.. ආය ඉතින් තව අවුරුද්දකටවත් යැවෙන්නේ නැති වෙයි "


" මොකද උබ මාව යවන්න හදන්නේ "

" එහෙම මගුලක් නෙමෙයි.. අම්මව බලන්න යන්න එපැයි.. කෝකටත් ඉතින් දැන්ම ඉදන්ම අම්මව ෂේප් කරගන්න එක හොදයි නේ "



මිෂෙල් හිනා වෙලා කියද්දී ඇබීටත් හිනා ගියා.. ඒත් ටිකකින් කල්පනාවට ආවෙ අම්මා දැනගත්තොත් මොනවයෙන් මොනවා වෙයිද කියලා.. ට්‍රීස්ගෙ කාරණේදි අම්මා හැසිරුණ විදිහ ඇබීට තාම මතකයි.. ට්‍රීස් ගියාට පස්සේ කැතීට හිටියේ ඇබී විතරයි.. එක දරුවෙක් හරි තමන්ට ඕන විදිහට ඉන්නවට කැතී ආස කරා




ඇබීට කැතීව අත අරින්න බෑ.. හැනාව අත අරින්නත් බෑ.. කැතී කොහොමත් එහෙම ලේසියෙන් මේකට කැමති වෙන්නෙ නෑ.. මොනවා උනත් ඇබී හිතුවා හැනායි ඇබීයි එකතු වෙලා මේකට විසදුමක් හොයාගන්න ඕන කියලා.. එදා හැනා ඇවිත් කියද්දී මේකෙ බරපතලකම ටික ටික ඇබීට තේරෙන්න පටන් ගත්තා.. ඇබී හොද හුස්මක් අරගෙන වතුර බෝතලේ අතට ගත්තා


" ඒ ඕක පොඩ්ඩක් ස්ලෝ කරන්නකො "


ඇබී කිව්වෙ නැත්තම් වතුර එක බොන්න අමාරු නිසා.. ඇබී කියල ඉවර වෙලා මූඩිය ඇරලා බෝතලේ කටේ තියාගෙන පලවෙනි වතුර උගුර කටට ගද්දිම මිෂෙල් හයියෙන් බ්‍රේක් එකක් ගැහුවෙ කටේ තිබ්බ වතුර ඔක්කොම ආය ඇබීගෙ ඇගට හැලෙද්දි.. ඉස්සරහ යන වාහනේ පාරෙ නවත්තපු නිසා මිෂෙල්ට කල්තියා වාහනේ ස්ලෝ කරන්න බැරිව ගියා.. ඉස්සරහට අත දික් කරල බැනපු මිෂෙල් එහා පැත්ත හැරෙද්දී ඇබී වතුරත් නාගෙන මිෂෙල් දිහා බලන් ඉන්නවා



" මොනවද යකෝ කරන්නේ.. තව ඩිංගෙන් ඉස්මෝල්ලේ යනවා.. මෝඩයා  "


ඇබී මිෂෙල්ට බනිද්දි මිෂෙල්ට ඇබීව දැකලා හිනා ගියා.. මිෂෙල් ඇස් දෙකත් වහගෙන හිනා වෙද්දී ඇබී බෝතලේ මූඩිය වහන්නෙ නැතුව බෝතලේ එහෙම්මම ඉස්සරහින් තියල ටිෂූ දෙක තුනක් අරන් ෂර්ට් එක උඩ පිහදාන්න ගත්තා.. මිෂෙල් හිනා වෙවීම ආය වාහනේ ගද්දී ඇබී ඉස්සරහ උඩින් තිබ්බ බෝතලේ පෙරලිලා ආයම ඇබීගෙ ඇගට වැටුණෙ ඇබී තවත් නෑවෙද්දි.. හැබැයි ඒකත් වැටුණෙ හොදම තැනට


ඇබීගෙ ලා නිල් පාට කලිසම තෙත් වෙලා තියෙද්දී ඒක දැකපු මිෂෙල්ට ඉබේම ආය බ්‍රේක් එක පෑගුනේ ඇබී මිෂෙල් දිහා මරන්න වගේ බලද්දි.. මිෂෙල් ස්ටිරියල් වීල් එකට ඔළුව ගහන් හිනා වෙද්දී ඇබී පුලුවන් තරම් ඉවසීමෙන් සද්ද නැතුව තවත් ටිෂූ ගොඩක් එකපාර අරන් වතුර වැටුණ තැන එකදිගට පිහදැම්මා



හැබැයි ඇබී කොච්චර පිහදැම්මත් එතන ඩෙනිම තෙත් වෙලා කියලා පිටට හොදට පේනවා.. මිෂෙල්ට හිනා වෙලාම කදුළුත් එලියට පැනලා.. ඇබී සද්ද නැති නිසා මිෂෙලුත් ටීෂූ අරන් ඇබීගෙ කලිසම පිහ දාන්න හදද්දි ඇබී මිෂෙල් ගෙ අතට සැර පාරක් දුන්නේ ඒකටත් මිෂෙල් හයියෙන් හිනා වෙද්දී


" ඇයි බං උබ තෙමා ගත්තෙ.. හදිස්සියි කියලා කිව්ව නම් මං මගදි නවත්තනවා නේ "



" මං උබව මරනවා මිෂෙල්.......... "





















Vote 👏

See you guys ❤️










Continue Reading

You'll Also Like

6.3K 287 35
Scar/ Charlotte was just a normal girl TRYING TO WATCH HER NINJAGO. When suddenly she was sucked into Ninjago? Now Scar has to finish all the seasons...
44.1K 1K 6
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Kanoko), best friend (Ayumu), and mom (Kaede...
50.5K 6.6K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
11.9K 1.3K 35
"කොල්ලො දෙන්නෙක්ට ලව් කරලා සෙක්ස් කරන්නත් පුළුවන්ද බන්.." ?