බෝගම්බර (Taekook)

By Czish_77

31.6K 6.7K 4.1K

උඹ කොහොමද ඔය ඇස් වලින් මිනිස්සුන්ගේ හදවත් හොරකම් කරන්න දක්ෂ උනේ ධීර්.... උඹත් හරියට බෝගම්බර වැව වගේ ධීර්. පි... More

හැඳින්වීම
පළමු කොටස
දෙවෙනි කොටස
තුන්වන කොටස
හතරවන කොටස
පස්වන කොටස
හයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
නවවන කොටස
දහවන කොටස
එකොළොස්වැනි කොටස
දොළොස්වැනි කොටස
දහතුන්වැනි කොටස
දාහතරවැනි කොටස
පහළොස්වැනි කොටස
දහසයවැනි කොටස
දාහත්වැනි කොටස
දහ අටවැනි කොටස
දහනවවැනි කොටස
විසිවැනි කෙටස
විසිඑක් වැනි කොටස
විසිදෙවැනි කොටස
විසිහතර වැනි කොටස
විසිපස්වැනි කොටස
විසිහයවැනි කොටස
විසිහත්වැනි කොටස
විසිඅටවැනි කොටස
විසිනවවැනි කොටස
තිස්වැනි කොටස
තිස් එක්වැනි කොටස
තිස් දෙවැනි කොටස
තිස් තුන්වැනි කොටස
තිස් හතරවැනි කොටස
තිස් පස්වැනි කොටස
තිස් හයවැනි කොටස
තිස් හත්වැනි කොටස
තිස් අටවැනි කොටස
තිස් නවවැනි කොටස
හතළිස්වැනි කොටස
හතළිස් එක්වැනි කොටස
හතළිස් දෙවැනි කොටස
හතළිස් තුන්වැනි කොටස
හතළිස් හතරවැනි කොටස
හතළිස් පස්වැනි කොටස
හතළිස් හයවැනි කොටස

විසිතුන්වැනි කොටස

643 146 87
By Czish_77

අද සෙනසුරුදා.... නිවාඩු දවස උනාට අද දවසම පන්ති... මටත් පන්ති එයාටත් පන්ති...

මම හිමීට සිංදුවක් මුමුණන ගමන් ලෑස්ති උනා...

" ඉරිදාට පල්ලියෙදි සදුදට පන්තියෙදි අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි. බදාදා බ්‍රහස්පතින්දා සිප ගන්නම් සිකුරාදාට ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්න කන්... "

මස්සිනා කිව්වම මතක් උනේ අහීෂ් අයියා සැපෙන් සනීපෙන් ඉන්නවද දන්නෑ.... රත්තරං අයියා දැන ගත්තොත් මම කොළඹ ඇවිල්ලා අමු තිරිසනා උනා කියලා අම්මපා හිසේ සිට පාදාන්තය දක්වා මාව අයියා පට්ට ගහයි....
ඇද උඩ තිබ්බ දේව් අයියගෙ ෆෝන් එක අරගෙන මම ඒකේ පාස්වඩ් එක ගැහුවා... හොරෙන් බලා ගත්ත ඒවා තමා...
රහසක් කියන්නද... දේව් අයියගෙ පාස්වඩ් එක මගේ උපන්දිනේ. 1122 . කොහොමද වැඩේ...ඌ හිතාගෙන ඉන්නේ මම දන්නෑ කියලා... පැපරාසියා...
මම ෆෝන් එකේ ලොක් ඇරලා මුලින්ම ගියේ ගැලරියට... යාළුවගේ ෆෝන් එක ගත්තොත් අනිවාර්යෙන්ම වට්ස්ඇප් හොයාගෙන යන්න කළින් ගැලරිය හොයපං... හොයාගෙන උඹේ කුජීත ෆොටෝ මකපං.... ඇයි ඉතිං අනාගතය අදුරුයි....මමත් උගේ ෆෝන් එකේ ගැලරිය වෙත පියමැන්නා...

" පියමැන එන්න මේ සිහිනේ සිරකාරිය වන්න.. තුරුලට එන්න. පවසන් නුඹ මගෙමයි කියා කුමරි... "

යකඩෝ... මගේ ෆොටෝ තියෙන ගොඩ මුගේ ගැලරියේ... කවදා ඒවද මන්දා.... හොදම ටිකේ ඉන්නකොට ගල් මූසලයා බාත් රොබ් එක ඇදගෙන ඇවිත් මගේ ඇගට පැනලා ෆෝන් එක උදුරලා ගත්තා...

" උඹටත් ඕන්නැති කුණ්ඩවාලයක් නෑ... "

මම හිටියේ කළු ටී ශර්ට් එකකට නිල් ඩෙනිමක් ඇදලා සපත්තු එහෙම දාලා... මේකා බාත්රොබ් එකක් ඇදගෙන ෆෝන් එක ලොක් කරලා මගේ දිහා බැලුවා...හුස්මත් හිර වෙනවා වගේ...ඇයි යකෝ මුගේ ඇබ්ස් දැක්කම මම මොකාද වගේනෙ ..

" මොකද.... "

" නෑ නෑ... ඇදුමක් දාගෙන ඉක්මනට ලෑස්ති වෙනවකො අයියේ.. මට පරක්කු වෙනවා... "

" හිටපං ඉතිං... "

කොහොම හරි අටට කාලක් තියලා ලෑස්ති වෙලා අපි එළියට බැස්සේ... හිරි පොදේකුත් යනවා... මම මගේ බෑග් එකත් අරගෙන එයා එක්ක නුග ගස් පිරුණු මාවත දිගේ ඇවිදගෙන ගියා ....එයා ඉතිං ඉස්සරහා බලාගෙන යනවා මම වට පිට බල බල යනවා.... කොළඹ අහසත් අදුරු කරලා....වැහි දෙයියෝ වැඩෙ දෙයි වගේ එලටම... අපි රාජකීය මාවත ගාව බස් හෝල්ට් එකට වෙලා හිටියේ කොටුවට යන බස් එකක් එනකං.... බස් වල සෙනසුරාදා සෙනඟ.... ඉතිං මමයි එයයි බස් එකට රිංග ගත්තා... බස් එකේ උඩකින් තියා බිමින්වත් අල්ලන්න තැනක් නෑ... බැරිම තැන එයාගේ අත් ගොබේකින් අල්ල ගත්ත මම බ්‍රේක් ගහන ගහන සෑරේට එයාට හේත්තු උනා.
දකින අය නම් එච්චර දෙයක් හිතන්නේ නෑ.. අපිට එහා පැත්තේ හිටියේ කපල් එකක්....ඒ කොල්ල කෙල්ලගේ ඉන වටේ අතදාගෙන මේ දාඩිය දාන සෙනග පිරුණු බස් එකේ ඒකිව ඉඹිනවා.. මොන විගඩමක්ද ඒ... මම ඔලුව උස්සලා අයියා දිහා බැලුවා...අපි දෙන්නා එකම වෙලාවේ මූණට මූණ බලාගෙන මූණ ඇද කරගත්තා... මරු මරු ඒවා වෙන්නේ... බස් යනවා නෙමෙයි අනික.. මම ඩ්‍රයිවරයට තියෙන නම් සේරම කියලා බැන්නා....අයියා වගේ දේහදාරී පිරිමියා හින්දා හොදා... නැත්තං අපායට ගහපු කැලැන්ඩරේ හුළගේ යන්න වගේ මාවත් එහෙම මෙහෙ යයි මේ යන යෑමට...
අද විහස් නෑ.... ඉතිං තනියමනෙ යන්න ඕනේ... අපි කොටුව ස්ටෑන්ඩ් එකෙන් බැහැලා කිරිබත්ගොඩ පැත්තට යන බස් එකක් එනකං බලාගෙන හිටියා.... ඒ ඉන්නකොට අයියා පොප්කෝන් අරගෙන ආවා....ඒකත් හප හප මම සෙනසුරාදා දවස ගත කරන කාර්යබහුල මිනිස්සු යන එන දිහා බලාගෙන ආවා....
අපි ආවේ සීටීබී එකක... කිරිබත්ගොඩ පැත්තට යන්න නැග්ගේ ප්‍රයිවට් එකක...සීට් උස දෙකෙ එකක්...මමයි එයයි සිට් දෙකක වාඩි උනා එක ළඟ....මම වීදුරුව අයිනෙ එයා මට එහා පැත්තේ... යන දිගටම මම කරේ එක එක ඒවා එයා එක්ක කතා කරපු එක... මම ආසම දෙයක් තමා මම කියන දේවල් ඇහුම් කන් දෙන මිනිස්සු....එයා සමහර වෙලාවට මම කියවලා ඉවර උනාම මම කියපු දේවල් ගැන අදහස් කියනවා.... මම ඒකටත් ආසයි.... දේව් අයියට උදේ ලොජික් පන්ති...

අපි දෙන්නා කිරිබත්ගොඩින් බැහැලා පන්තියට ගියා... විහස් නැති නිසා මම තනියම හිටියේ... ඉතිං මම දවසම තනියම වැඩ ටික කරගෙන ගියා....
එදා හවස මමයි දේව් අයියයි එයා දන්න රෙස්ටොරන්ට් එකකින් කාලා පොඩ්ඩක් ඇවිද්දා... එයා එක්ක තනියම ඇවිදින එක හිතට මාර සැහැල්ලුවක්...
දන්නවද තමන් ආස කරන දේවල් වලට ආස මනුස්සයෙක් ලැබුණහම බෙදා ගන්න දේවල් ගොඩයි... කතා කරන්න මාතෘකා එමටයි....

හවස වැස්සෙම තෙමි තෙමි රාජකීය මාවතේ දුවගෙන ආපු අපි දෙන්නා හොඳටම තෙමුණා... කුඩයක් තිබ්බේ නෑ...කුඩ අරං යන උන් නෙමෙයිනේ අපි... බෑග් වලට රෙයින් ජැකට් දාලා තිබ්බේ ඒ හින්දා පොත් තෙමෙන්නේ නෑ... මම වැස්සට මූණ අල්ල අල්ල උඩ පැන පැන යනවා...අයියා නම් මගේ දිහා බලාගෙන ඉන්නවා... එයාගේ ඇස් මොහොතකටවත් මගේ ළඟින් පිට පැන්නේ නෑ... එයා හරි ආදරනීය මනුස්සයෙක් අයියෝ.... මගේ අතකින් අල්ල ගත්තා එයා මාවත් ඇදගෙන පාර දිගේ දිව්වා....එක දිගට වහින වැස්ස,හුළඟ කපාගෙන මාත් එයාගේ පස්සෙන්ම ඇදුනා.... හොස්ටල් එකට යනකොට හවස හයයි.. ගිය ගමන් මට තුවාය විසික් කරපු එයා ඇග පත හෝදගෙන එන්න කියලා හොස්ටල් වොෂ් රූම් එකට යැව්වා.... භාගෙට තෙමුන නිසාම හොඳට නාගෙන ශෝටකට ශර්ට් එකක් ඇදගෙන ඇදට පැන්නා.... හිතම සතුටින් පිරිලා තියෙද්දි රෑ 8.00 ට විතර පාඩම් කර කර හිටපු මාවත් ඇදගෙන දේව් අයියා ගිටාර් එකත් අරගෙන උඩම තට්ටුවේ නිදහස් අවකාශයට ගියා...
අපි යනකොටත් හොස්ටල් එකේ ළමයි ගොඩක් එතන කොට්ට පැදුරු දාගෙන වාඩි වෙලා හිටියා... හරියට පුංචි පාටියක් වගේ... ඉටිපන්දම් පත්තු කරගෙන කට්ටිය කියිය ගහනවා.. සනුක අයියත් හිටියා..
හරිනම් හොස්ටල් එකේ මේවා තහනම්... ඒත් හොස්ටල් එකේ නීති වලට හිර වෙලා ඉන්න මේ ළමයින්ටත් සතුටක් තියෙන්න ඕනේ නේද...

අපි එනවා දැකලා සනුක අයියා අත වනලා කතා කරා... හේෂාන් අයියත් හොස්ටල් එකේ හිටියා...එයත් හිටියා... තව මුස්ලිම් කොල්ලො දෙතුන් දෙනෙක් තව දහයේ නවයේ පොඩි ටිකකුත් හිටියා...අනිත් කට්ටිය අපේ වයසේ එහෙමත් නැත්තං වැඩිමල් අය...

සනුක අයියාගේ සංවිධාන ශක්තියෙන් යන වැඩක්...

" ගායිස්... හෙට නිවාඩු නිසා පොඩි පාටියක් දැම්මේ... කොහොමත් එකයිනේ.. සිකියුරිටි අංකලුත් නෑ අද.... ඒ හින්දා කැමති විදිහකට විනෝද වෙන්න පුළුවන් කට්ටියට... "

කට්ටිය විකාර කියව කියව සිංදු කියලා විනෝද උනා....
අපි හැමෝම එකටම සිංදු කිව්වා දේව් අයියා ගිටාර් එක ප්ලේ කරා...තව හේෂාන් අයියත් එයාගේ ගිටාර් එක ප්ලේ කරා.....

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්

මම දේව් අයියා දිහා බලාගෙන මුමුණද්දි එයා මගේ දිහා හිනා වෙලා බලාගෙන හිටියා...

හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මඟ ඉඟි බිඟි කරමින්
හොඳ නැහැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

එයා මට ඇහැක් ගහලා කියද්දි මම පුදුම උනා...ඇයි යකෝ ඔහොම ඇහැක් ගැහුවමද මන්දා... මමත් අතෑරියේ නෑ...

සුන්දර ඔය වත හින්දම තුන් යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා

සුන්දර ඔය වත හින්දම තුන් යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා

හැමෝම අත් පුඩි ගහද්දි සිංදුව හරි ලස්සනට අපි කිව්වා... හැමෝම සිංදුව කිව්වට මායි දේව් අයියයි වෙන විදිහකට කිව්වේ... ඒ ඇස් සතුටටම දිලිසෙනවා..

සොඳුරුද මා හට ඔබ කෙතරම්
අන් සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැති වූ සද වෙයි ලතැවුල්

තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා හිටියා
කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
බිලිඳුන් නිදි නෑ මං යනවා

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මඟ ඉඟි බිඟි කරමින්
හොඳ නැහැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

හැමෝම අත්පුඩි ගහද්දි එයා මගේ කරවටේ අත දාගෙන් මාව ඒ උරහිස් වල හේත්තු කර ගත්තා... ඝන අන්ධකාරේ අපේ අවට ඉටිපන්දමකින් එන මලානික එළිය හැරුනම වෙන කිසිම එළියක් තිබ්බේ නෑ... කාටත් හොරා එයා මගේ නළල් තල සිප ගද්දි මගේ ඇස් නිරායාසයෙන්ම පිය උනා...
එයාගේ දෝරෙ ගලන ආදරේ ඉස්සරහා මම සායමක් වගේ දිය වෙලා යද්දි කට්ටිය ගෙනාපු දේවල් කකා බිබී සතුටු උනා....
අපි කාටවත් වේග රිද්ම සංගීතයක් මේ වෙලාවේ ඕන උනේ නෑ.. හැමෝටම ඕන උනේ වෙලාවේ හැටියට සතුටු වෙන්න පුළුවන් අහන් ඉන්න පුළුවන් සංගීතයක්....
කේෂාන් අයියා එයාගේ බටනළාව වාදනය කරද්දි හැමෝම තැනින් තැන කොට්ට පැදුරු දාගෙන ඇල උනා.....මමයි දේව් අයියයිත් අහස පේන තැනක කට්ටියගෙන් ටිකක් ඈතට වෙන්න ඇළ උනා... මම අහස දිහා බලාගෙන ඉදිද්දි එයා මගේ මූණ දිහා බලාගෙන හිටියා...

" ධීරක.... මම උඹෙන් අහන්නේ නෑ උඹ කොහොමද ඔච්චර ලස්සන උනේ කියලා. ඒත් උඹ කොහොමද බන් ඔච්චර පින් පාට උනේ, මිනිස්සුන්ගේ කලබලකාරී හිත උඹ දිහා බලාගෙන හිටියත් නිමෙනවා වගේ බන්... කොහොමද ඔච්චර සැහැල්ලු උනේ.. දුක දරාගෙන හිනා වෙන්න පුරුදු උනේ.. උඹ හරියට කළු ගලක් වගේ... "

" එච්චර හිතන්න එපා අයියේ.....මංවත් දන්නේ නෑ මං කොහොමද සැහැල්ලුවෙන් ඉන්නේ කියලා...
අර බලන්න....දැක්කද තරුවක් යනවා...."

" ප්‍රාර්ථනාවක් කරපං... "

මම ඇස් පියාගෙන එකම එකම ප්‍රාර්ථනාවක් කලා...... අහිංසක ප්‍රාර්ථනාක්....

අපි ගොඩක් වෙලා තරු යන දිහා බලාගෙන හිටියා.... හද දිලිසෙනවා.... කේෂාන් අයියගේ බටනළා සද්දේ හොස්ටල් එක පුරා රැව් දෙද්දි මම යන්තමට ඇස් පියා ගත්තා....

මගේ ජීවිතය මවපු කෙනා මාව පුංචි කාලේ දුප්පත්කම කියන දුකෙන් හෙම්බත් කරද්දි දැන් මට ආදරණීය මනුස්සයෙක් ළඟ සැනසෙන්න දීලා තියෙනවා...මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මට මෙච්චර ලෙන්ගතු වෙන,මට මෙච්චර සෙනෙහසක් දක්වන,මට ලොකු ආරක්ෂාවක් දෙන,මට මහා මෙරකටත් වඩා ආදරේ දෙන එයාට කිසිම දුකක් දෙන්න එපා කියලා...අපි දෙන්නගේ පවුල් පරිසරය හරි වෙනස්. මම දුප්පත් වෙනකොට එයා පෝසත්. ඒත් මට පවුලේ ආදරය ලැබෙනකොට එයා පවුලෙන් ගොඩක් දුරස් වෙලා.... මගේ දේව් අයියා ගලක් වගේ ශක්තිමත්,එයා ගහක් වගේ මට සෙවනක් ආරක්ෂාවක් දෙනවා,එයා තාත්තා කෙනෙක් වගේ මට ආදරය දෙනවා.... ඉතිං තව මොකටද නිර්වචන. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එයා මගේ " දෙවෙනි තාත්තා " . මම ලැජ්ජා වෙන්නේ නෑ කවදාවත් එයාට ආදරය කළයි කියලා... මොකද අපි හිතනවටත් වඩා සමහර මිනිස්සු ළඟ ලෙන්ගතුම හැගීම් තියෙනවා.....
මගේ ඇස් පියවීගෙන එනකොට එයා හිමීට සිංදුවක පද වැලක් මිමිණුවා.

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

මම ඇස් පියාගෙන එයා උත්තරයක් විදිහට ඉතුරු පද ටික එකතු කරා...

නිදිවරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලන් වුනා
හුස්ම වැටෙනා දුරින්

ඇඟම හිරිවට්ටලා යන හුළඟටත් බැරි උනා අපි අතර තියෙන උණුසුම් නැවුම් හැගීම නැති කරන්න... එයාගේ වචන මගේ දෙකන් වලට භාවනාවක් වෙද්දි මගේ සුළැගිල්ලේ එයාගේ සුළැගිල්ල පැටලුනා..

නුපුරුදුම ආදරේ
එක හිතට යා කරන්
නවතින්න හදවතේ
හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ
තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ
නුඹට දුන්නා තරම්

මම එයාගේ දිහා බලලා හිනා උනා....අපි දෙන්නම එකට අවසාන පද වැල් මුමුණද්දි අපි ඇස් පියා ගත්තා...

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

" මම උඹව රකිනවා ධීරක..... ඒක මගේ ආදරේ නාමයෙන් දෙන පොරොන්දුවක්...."

මගේ ඇස් තදින්ම පිය වෙද්දි අන්තිමට ඇහුනේ මම මේ ලෝකේ දැකපු නියමම පිරිමියගේ කටහඬ විතරමයි...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
***
මතු සම්බන්ධයි.































































Dev says :-

හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්......

Meanwhile Deer says:-
නෑ උඹට මම අහසක් උනාට... උඹ මගේ පැපරාසි ලව් එකනේ අයියේ........ 😂

Dev says:- පිස්සු ඇට්ටයා.

හිච්චි යාළුවනේ ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්නවද...
හෙට කතාව නෑ..... ඊළඟ චැප්ටර් එකට පොඩි පොඩි වීඩියෝස් ටිකක් හොයා ගන්න ඩේටා හිඟයි... සෝ මම පොඩි දවසකට නිවාඩුවක් ගත්තට කමක් නැද්ද.... 🙂

මහා ලොකු දවස් ගානක් නෙමෙයි.... උපරිම සතියයි..... 🙂👍🏾 ( වෙම්රි නයිස් නේ )

බලමු බලමු..... ඔයාලාගේ ඉල්ලීම මත මම ඒක තීරණය කරන්නම් ඉතිං.... කතාව කියවන ළමයින්ට මෙන්න මලක්. 🌸 ආදරෙන් දෙන එක ගනිල්ලා හරිත....

පරිස්සමින් ඉන්න හිච්චි නංගිලා අක්කලා ටික...
ආදරෙයි ☁️ තරම්.

ලව් යූ ♥️

Continue Reading

You'll Also Like

395K 10.3K 12
My priority /property/privacy
928K 42.5K 51
Warning ( Included abusive content!!!) Total Episodes-43 (Completed) Start date-Oct 6.2021 End date-Feb 21.2022 To finish this story , I spent 4 mont...
3.7K 362 28
"သူက သူစိမ္းမွ မဟုတ္တာ..." "..............." "အဟင္း..ငယ္သူငယ္ခ်င္းလို႕ေျပာရမလား..အတန္းတူတက္ခဲ႕ဖူးတဲ႕ အတန္းေဖာ္လို႕ ေျပာရမလား...ဒါမွမဟုတ္..ရန္သူေတြလို...