WHAT IF I KILL YOU IN THE END...

By _Fairy_dimples_18

2.4K 495 132

Euphoria, ඔබට පළමුවෙන් ආදරයක් දැනෙන විට ඔබ අත්දකින සතුට සමාජ සීමාවන් ඉක්මවූ දෙහදක ආදරය ♡ ⚠️ Quotation is str... More

01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
21.
22.
23.
24.
25.
26.
27.

20.

69 18 4
By _Fairy_dimples_18






" ජූලි!!! "

ඇබී ජූලිගෙ වැලමිට තදින් අල්ලගද්දි ඒ කේන්තියටත් එක්ක ජූලි හැරුණ ගමන් ඇබීගෙ කම්මුලත් පාරක් ගැහුවේ ඇබීට ජූලි එක්ක තියෙන කේන්තිය දෙගුණ තෙගුණ වෙද්දි .. ඇබී ජූලිට බනින්න හදද්දී ම,



" මොන මගුලක් ද ඕයි.. මට මගේ පාඩුවේ ඉන්න දෙනවකො.. මං නරක කෙනෙක් තමයි ඒත් මං හැම එකාටම කරදර කරන්නේ නෑ.. ඔයාම නේද ඇබී මහලොකුවට කියන්නේ දැන් මං කියන්නම්.. බනිනවා නම් මුලින් මෙතන ඇත්තටම උනේ මොකද්ද කියලා දැනගෙන බනින්න "


ජූලි කෑ ගහද්දි එයාගේ ඇස් වල තිබ්බ බය එක්ක මිශ්‍ර උන ආවේගය ඇබීට පෙනුනා.. ජූලිට පොඩි දේටත් හරි ඉක්මනට කේන්ති යනවා.. ඒ හැම කේන්තියක් ම වෙන අයගෙන් පිට කරාට ඒවා හැම එකක්ම එයාගේ බේබදු තාත්ත නිසා ඇති වෙන දේවල්.. ජූලි එයාගේ ස්ට්‍රෙස් එක පිට කරන්නේ පණ තියෙන ජූලිට මුකුත් කරලා නැති මිනිස්සුන්ගෙන්..ජූලි කේන්තිය පාලනය කරගන්න ඉගෙන ගෙන තියෙන්නේ එහෙමයි


ප්‍රධාන පාර නිසා ලැජ්ජාවට බිමට වැටුණු මනුස්සය නැගිටලා එතනින් ඉක්මනට යන්න ගියෙ අද නැතත් කොහොමහරි තමන්ගේ සල්ලි ටික ගන්න හිතාගෙන.. ජූලිත් ඇබීට කෑ ගහලා එතනින් යන්න හදද්දී ම ඇබී ජූලිගෙ අතින් අල්ලලා,



" මොකක්ද මෙතන උනේ? "


ඇබී හදිස්සි උනාවත් ද.. කෙනෙක්ගෙ හැබැම හැටි දැනගත්තාම ආය ඒ කෙනා මොන විදිහෙ දෙයක් කරත් අපිට පේන්නේ වෙනත් විදිහකට .. ජූලි ඇබී දිහා බලන් හිටියා.. ජූලිට දැන් ඕන කමක් තිබුනේ නෑ හේතු කියන්න .. ජූලි යන්න හැදුවත් ඇබී අල්ලන් ඉන්න නිසා ජූලිට යන්න අමාරු උනා.. ඇබී අල්ලන් හිටියේ තදින් නිසා ජූලිට අත ගලවන්න හදද්දීත් රිදුනා,


" මං කලින් කියපුවා වැරදි නම් කියන්න මොකක්ද මෙතන උනේ කියලා.. "

" ඇයි ඔයා ඒක දැනගෙන මොනවා කරන්නද... ඒක දැන් ඉවර නේ.. ඇබී ඔයාගේ වැඩක් බලාගන්න.. "


ජූලි කොච්චර ට්‍රයි කරත් ඇබීගෙ අතින් එයාගේ අත ගලවාගන්න පුළුවන් උනේ නෑ.. එයා ඇබී දිහා බලලා ආයම වටපිටත් බලලා තවත් හයියෙන් අත ගලවන්න ට්‍රයි කරා..



" මං ඔයා වගේ සෙල්ෆිෂ් නෑ ජූලි.. මං කාටවත් හිතලා වැරැද්දක් කරල නෑ.. ඔයාම කියනවා නම් මං කලින් කියපුවා වැරදියි කියලා ඒක හදාගන්න හරි මට කියන්න මොකක්ද උනේ කියලා. "


" හදාගන්න.. ඔව් හරි ඔයා හදාගන්න.. මෙතන උනේ අර මගේ තාත්තා කියන එකා අම්මා හම්බ කරන හැම සතෙන්ම දවසෙන් දවස බීලා නාස්ති කරනවා.. සල්ලි දෙන්න බෑ කිව්වාම ඒ මිනිහ අන්තිමට එක එකාගෙන් ණය අරන් දැන් උන් මගේ පස්සෙන් එනවා ඒ ණය ඉල්ලගෙන.. ඕක තමයි උනේ.. "



ඇබී ජූලි කියන දේවල් අහද්දි ජූලි ක්ලාස් එකේ ඉන්න විදිහට ඇබී හිතුවෙ නෑ ජූලිගෙ පවුලේ තත්වෙ මේ වගේ වෙන්න ඇති කියලා.. ප්‍රධාන පාර උනත් මේ දෙන්නට ඒ ගැනවත් ගාණක් තිබ්බෙ නෑ.. හැබැයි ඇබී තාමත් ඉන්නේ ජූලිගෙ අත අල්ලගෙන.,



" ඇබී.. උන් එන එන සැරේට අපෙ අම්මා කොහෙන් ද සල්ලි ගේන්නේ.. උන් එන එන සැරේට මං කොහෙන් ද සල්ලි දෙන්නේ.. අපෙ ගෙදර දි කන්න තියෙන සල්ලි පවා පරිස්සම් කරන්න අපි මහන්සි වෙන්නේ හරියට ලොකු නිධානයක් ආරක්ෂා කරනවා වගේ.. මේ.. පේනවද... මේවා.. රත්තරන් කියලද හිතුවෙ.. මේවාත් ඉමිටේෂන්.. මට නිකන් එන්න ලැජ්ජා නිසයි මේ දෙක දාන් එන්නේ... අම්මා හදලා මුලින්ම මගේ කණට දැම්මේ ඒ දෙක.. ඒ දෙකත් අරන් ගියා උ අහවල් අමාරුව හොද කරන්න.. ඇබී මං කතා කරන්න දන්නේ නෑ තමයි.. හැබැයි මං ලතවි ලතවි ඉන්නේ නෑ.. කියන්න තියෙන දේ මූණටම කියනවා .. ඒ නිසා.. ප්ලීස් ආය මාත් එක්ක කතා කරන්න හිතන්නවත් එපා.. "



ඇබීට ඉබේටම ජූලිගෙ අත ඇරෙද්දී ජූලි එතනින් ඉක්මනට ගියා..  ජූලි පව්.. ජූලි කියපුවා තාමත් ඇබීට හිතාගන්න බෑ.. ඒ කොහොම උනත් ඇබී කලින් හිතලා තියෙන්නේ වැරදියට කියලා ඇබීට තේරුණා.. එවෙලෙම බයික් එකට නැග්ග ඇබී බයික් එකත් ස්ටාර්ට් කරගෙන යන්න ගියෙ ඇබී ඒ ගැන වැරදියට හිතන්න හේතු උන අනික් එකාව හොයාගෙන.,









*

*

*





" ඒ.. මං කියන්නද වැඩක්.. උබ ඇබීගෙන් අහලා බලපන්කො "


හැනා ඇකඩමි එකට බැදෙන්න සල්ලි නෑ කියලා හේසල්ට කියද්දී හේසලුත් කල්පනා කරේ ඊළගට මොකක්ද කරන්නේ කියලා.. සල්ලි හොයාගන්න හරි ක්‍රමයක් දෙන්නගෙන් එක්කෙනෙක්ගෙවත් ඔළුවට ආවෙ නෑ.. හැනා පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න හැදුවත් හැනාගෙ ගෙදරින් නම් ඒකට කීයටවත් ඉඩ දෙන්නේ නෑ.. ඒ නැතත් පාර්ට් ටයිම් එකක් කරලා ලක්ෂයක් ඉක්මනට හොයාගන්න වෙන්නේ නෑ


ඔය වෙලාවේ හේසල්ට ආව අදහසක් හේසල් හැනාට කිව්වා.,


" පිස්සුද හේසල්.. ඇබී එච්චර ගාණක් දෙයිද "


හේසල් ඇබීගෙන් ඉල්ලගන්න කියලා කියපු වෙලේ හැනාගෙ හිතට ඒක ගැන අදහසක් ආවා.. හැනා ඉල්ලුවොත් ඇබී අනිවාර්යයෙන් ම දෙනවා කියලා දන්නවා.. එකපාරට හේසල්ට උනත් හා කියන්න බැරි නිසා හැනා අරහෙම කිව්වා.. හැනා ඒකට කැමති නෑ කියලා හිතුව හේසල් වෙන දෙයක් ගැන කල්පනා කරද්දී ටික වෙලාවක් ගිහින් හැනා,



" අපි කෝකටත් ඇබීගෙන් අහලා බලමු "

හේසල් ට කිව්ව හැනා හේසල් තව මුකුත් කියන්න කලින් කෝල් එක කට් කරල එවෙලෙම ඇබීට කෝල් එකක් ගත්තා.. පලවෙනි පාර රින්ග්ස් ගිහින් ම කෝල් එක කට් උනා.. හැනා දෙවනි පාරටත් කෝල් එක ගත්තා.. එවෙලෙ නම් දෙපාරක් විතර රින්ග්ස් ගිහින් ඇබි කෝල් එක ආන්සර් කරා,


" ඇබී මං..... "

" ඕ..  ක්.කියන්න බබා.. "

ඇබී කතා කරේ අමුතුවට තද කටහඩකින් කියලා හැනාට තේරුණා.. තව එහා පැත්තෙන් කෙදිරි ගාණ කටහඩකුත් හැනාට ඇහෙද්දි.,


" ඇබී ඔයා හොදින් ද? "

හැනා අහද්දි ඇබී ටිකක් හිනා උනා.. කව්රුහරි අනිත් පැත්තෙන් අමාරුවෙන් කතා කරන සද්දයක් හැනාට දෙවනි පාරටත් ඇහෙද්දි,



" ඇබී ඔයා හොදින් ද.. මොකක්ද ඒ සද්දෙ.. කව්ද ඔතන ඉන්නේ.. මොනව ද ඔයා කරන්නේ "

ඇබී ආයම හිනා වෙලා මං හොදින් බබා කියලා කියද්දී ආයමත් හැනාට ඇබීගෙ පැත්තෙන් මොකක් හරි පොට්ටනියක් වගේ දේකට හයියෙන් ගහන සද්දයක් ඇහුණා,


" ඇබී.. ඔයා ඩිපාර්ට්මන්ට් එකේද ඉන්නේ "

" ආම්... ඔයා කොහොමද දැනගත්තේ.. ඔව් මං ඩිපාර්ට්මන්ට් එකේ පොඩි වැඩකට ආවා.. මං ඔයාට පස්සේ ගන්නම් බබා .. තියන්නම් "


ඇබී කෝල් එක කට් කරද්දී හැනාත් පොන් එක පැත්තකින් තියලා එයා කලින් ළග තියන් හිටපු ඇකඩමි එකට බැදෙන ඇප්ලිකේෂන් එක අතට ගත්තා.. එයා දියුණු වෙන්න තියෙන පලවෙනි ස්ටෙප් එක තමයි මේ ඇප්ලිකේෂන් එක .. ඇබීගෙන් සල්ලි ඉල්ලගන්න පුළුවන් කියල දන්න නිසා ම හැනා මේසෙන් ඉදගෙන හරිම ආසාවෙන් ඇප්ලිකේෂන් එක පුරවන්න ගත්තා..


ඇබී ආයම කිව්වා වගේම හැනාට පස්සේ කෝල් එකක් ගනිද්දී හැනා මේ ගැන හැමදේම ඇබීට කිව්වා.. හැනා හිතුවා වගේම ඇබී හැනාගෙ ඇකඩමි එකේ සල්ලි ගෙවන්නම් කියලා කිව්ව.. ඒ විතරක් නෙමෙයි ඇකඩමි එකෙන් අවුට් වෙනකන්ම යව හැම වියදමක්ම ඇබී බලාගන්නම් කියලා හැනාට කියද්දී සතුට වැඩි කමට හැනාගෙ ඇස් වලින් කදුළු ආවා..


හැනාට සතුට ට වචන කියාගන්න බැරි උනා.. ඇබීට කෝල් එකෙන් තැන්ක් යූ කියලා කියන්නවත් හැනාට වචන ආවෙ නෑ.. හැනා ඒ තරමට මේකට පිස්සුවෙන් හිටියේ.. හැනාගෙ සතුට දැකල ඊට වැඩිය සතුටක් ඇබීට දැනුනා.. හැනා වෙනුවෙන් ඇබී දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.. ඇබී හැනාට ගොඩක් ආදරෙයි.. ගොඩක්...

















See you guys ❤️








Continue Reading

You'll Also Like

11.9K 1.3K 35
"කොල්ලො දෙන්නෙක්ට ලව් කරලා සෙක්ස් කරන්නත් පුළුවන්ද බන්.." ?
64.3K 2.7K 23
Story about a married couple who's life was so toxic to live in. ⚠️ !!!𝗔𝗧𝗧𝗘𝗡𝗧𝗜𝗢𝗡!!!⚠️ ♡ This story is going to contain domēstic abu$e, so r...
191K 20.3K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
22.4K 710 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...