Born With Fire || MYG ✓

Galing kay Silvermirror23

9.3K 2K 3.8K

ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා ගනී... ඉතාමත් දරුණු බැඳීම් වල අවසානය... විශේෂයෙ... Higit pa

Prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Last Chapter
Characters
A/N
New Story

Chapter 20

257 59 119
Galing kay Silvermirror23


කාල පක්ෂීන් විසින් ටේහ්යොන්ග් සහ නායුන්ව රැගෙන යාමෙන් පසුව යුංගි ඇතුළු පිරිස නිවසට වෙලා මීලඟ පියවර ගැන හිතන්න පටන් ගත්තා. මේ අතර යුංගි මින්යූට සියලු විස්තර කිව්වත් ඇය ඒවා පිලිගන්න පුළුවන් තරම් මානසික නිදහස් තත්වයක හිටියෙ නැහැ. නායුන්ව එකපාරටම පැහැර ගැනීමකට ලක් වෙද්දි ඇය කොහොම නම් සාමාන්‍ය විදිහට ඉන්නද?

"එතකොට දැන් ඔයාලා ෆීනික්ස්ලද?"

"ඔව් මැණික.... මම රතු කහ ෆීනික්ස් කෙනෙක් වෙද්දි කාල පක්ෂීන් අපිට හතුරු වුණා. ජිමින් කියන්නෙ පරිවර්තනය වෙන්න බැරි කාල පක්ෂීන්ගෙ රුධිරය තියෙන විශේෂ කෙනෙක්."

යුංගි පැහැදිලි කරද්දි ජිමින් තවමත් කඳුළු හලමින් ඔහේ පැත්තකට වෙලා බලාගෙන හිටියා. ඔහුට තමන්ගෙ අනිත් කොටසට දැනෙන විදිහ ගැන හිතාගන්න බැරි වුණා. ඒ වගේම තමන්ව මෙච්චර දවසක් ආදරෙන් බලාගත්ත නායුන් ගැනවත්.

"ඒත් යුංගි ඔප්පා ඇයි එයාලා මාවයි නායුන්වයි මේකට සම්බන්ධ කරගන්නෙ?"

"ඔයා මගේ ආත්ම ගානක ආදරේ මින්යූ.... එයාලා දන්නවා මගේ දුර්වලකම ඔයා කියලා. ඒකයි එයාලා මුලින්ම ඔයාට අනතුරක් කරන්න හදන්නෙ. එහෙම වුණොත් මගේ බලය අඩු වෙනවා."

"හරි ඒත් ඔයාලා දෙන්නා අතර මෙච්චර තරහක් ඇති වෙන්න හේතුව?"

මින්යූ අහද්දි යුංගි දිගු හුස්මක් පිටකරන ගමන් ඇය අසලින් ඈතට ගියා. ඔහු කල්පනා කලා සිදු වුන සෑම දෙයක්ම.

"ෂින් කියන්නෙ පුංචි කාලෙ ඉඳලම අනිත් ෆීනික්ස්ලට කරදරයක් වුන කෙනෙක්. එයාගෙ පාලනය මහ නරක නපුරු එකක් වුණා. ඉතින් හැමෝම බලාපොරොත්තුවෙන් හිටියා ෆීනික්ස් නායකයෙක් වෙච්ච මම එයාව විනාශ කරන්න ක්‍රමයක් හොයා ගනියි කියලා. ඒත් මට එහෙම කරන්න වුවමනාවක් තිබුණෙ නැහැ. මම මගේ පාඩුවේ හිටපු කෙනෙක්. ඒත් දවසක් එයාලා අපේ ගමට පහර දෙන්න ආවා."


Flashback

කාල පක්ෂීන්ගේ ආක්‍රමණයන් නිසා මුළු ෆීනික්ස් ජනපදයම කැලඹීමට පත්ව තිබුණා. තමන්ගෙ වර්ණ වෙනස නිසා ඔවුන් සියලු දෙනාම උත්සාහ කලේ රතු කහ ෆීනික්ස් පක්ෂීන් විනාශ කරලා දාන්න. ඒ අනුව ඔවුන් රතු කහ ෆීනික්ස් ගම්මානයට පහර දුන්නා.

"යුංගි තුමනි ගම්මානයට පහර දෙනවා. කරුණාකර කුමක් හෝ සිදු කරන්න."

මුළු ගම්මානයටම පහර දී අවසන් වන විටයි යුංගිට ඒ ස්ථානයට යන්න පුළුවන් වුනේ. මොකද ඔහු ලොකු වගකීමක් නිසා කාර්යබහුල වුන කෙනෙක්. ඔහුගේ ආදරවන්තිය පරිස්සමින් මාලිගාව තුල තබා ඔහු ගම්මානයට පැමිණියා. ඒත් ඔහුට දකින්නට ලැබුණෙ ගිනි ගෙන විනාශ වුන ගම්මානය පමණයි. ඔහුගේ වර්ගයේ ෆීනික්ස් පක්ෂින්ට හැකියාව තිබුණා ෆීනික්ස් පක්ෂින්ට අළු මතින් නැවත නැගිටිය නොහැකි තත්වයට පත් කිරීමට. නමුත් ඒ එක් විශේෂ දිනයකදී පමණයි.

ඉතින් කාල පක්ෂීන් එදා රතු කහ ෆීනික්ස් පක්ෂීන්ව සමූල ඝාතනයට ලක් කලා. එදා ඉතුරු වුන එකම රතු කහ ෆීනික්ස් පක්ෂියා වුනේ යුංගි. ඒ නිසාම ඔහුට විඳින්න වුන දේවල් ලේසි පහසු වුනේ නැහැ. දිනක් ෂින් ඔහුගේ කුමරියට කරදර කරන්න මාලිගාව තුලට ගියා. ඒ අවස්ථාවේ තරහ පාලනය කරගන්න බැරි වුන යුංගි තමන්ගෙ උපරිම බලයෙන් ඔහුට පහර දෙනවා. එදා සිට සුව නොවෙන තුවාලයක් ෂින්ගෙ අතේ තියෙනවා. ඉතින් ඔහුට ඕන පලිගන්න.

Flashback end


යුංගි තමන්ගෙ මුළු කතාවම කියලා ඉවර කලේ බැරෑරුම් මුහුණකින්. යුංගි කියන්නෙ තමන්ගෙ පවුලේ අය සේරම නැති වෙලා ගිය කෙනෙක්. ඒ වගේම ඔහුට හිටපු අවසාන කෙනාත් මින්යූ විතරයි. මීට ආත්ම ගණනාවකට පෙර ඇයව ආරක්ෂා කල විදිහටම, සමහරවිට ඊටත් වඩා ඔහු ඇයව දැන් ආරක්ෂා කරනවා. යුංගිගෙ කතාව අවසානයේ මින්යූ ගොඩක් සංවේදී වුණා. ඇය ඔහුව පිටිපස්සෙන් බදාගන්නෙ යුංගිගෙ මුහුණේ පුංචි සිනහවක් මතු වෙද්දි.

"එතකොට නායුන්?"

"නායුන්ව මෙහෙට ගෙන්නන්න මට ඕන වුණේ ඔයාව මෙහෙට ගෙන්නන්න උදව්වක් විදිහට මින්යූ. ඒත් මං නොහිතපු විදිහට ටේහ්යොන්ග් එයාට ආදරේ කරන්න පටන් ගත්තා. දැන් ජිමින් ටේ දෙන්නා ආපහු එකතු වුනාම එයාට මොනවා වෙයිද කියලා මට හිතාගන්න බැහැ. ජිමින් නායුන්ට ආදරේ නැහැ... ඒත් ටේහ්යොන්ග්ට ඕනෙ නායුන්ව."

යුංගි බිම බලාගෙන කියද්දි මින්යූට තේරුණා මේ ප්‍රශ්නෙ කොයිතරම් බරපතල එකක්ද කියලා. ඇත්තටම හිතාගන්න බැරි අවසානයක් මේ කතාවට තියෙන්න පුළුවන්. ඒත් කොහොමද ඒ අවසානය හැමෝටම අසාධාරණයක් නොවී ලියවෙන්නෙ? ජීවිතයේදිත් අපිට හැමදාම සාධාරණ උත්තරම හම්බුනාද?


********************


"මට බයයි ටේ..... මං කළුවරේ ඉන්න ආස නෑ."

"බයවෙන්න එපා මැණික.... මම ඉන්නවනෙ. මං ඔයාට මොකුත් වෙන්න දෙන්නෑ."

ටේහ්යොන්ග් සහ නායුන් හිටියෙ කාල පක්ෂීන්ගේ යටතේ අඳුරු කාමරයක. යාන්තමට පුංචි කවුළුවක් හරහා ඇතුලට එන හඳ එලිය ඇරෙන්න වෙන කිසිම ආලෝකයක් කාමරයට තිබුණෙ නැහැ. නායුන් වගේම ටේහ්යොන්ග් හිටියෙ ගොඩක් බයවෙලා. ඒත් මේ වෙලාවෙ එකට ඉන්න ලැබුණු එක හරි ඔවුන්ට සහනයක් වුණා.

"මට තේරෙන්නෑ ටේ.... ඇයි එයාලා ඔයාව අරගෙන ආවෙ? මොකක්ද ඒ දුර්වලකමක් ගැන කිව්වෙ?"

"කලබල වෙන්න එපා මැණික.... සේරම හරියයි."

"මං කලබල නොවී ඉන්නෙ කොහොමද? ප්ලීස් මට කියන්න ටේහ්යොන්ග්.... ඔයාලා මේ පාර මොකක්ද මට හංගන්නෙ?"

නායුන් ටේහ්යොන්ග්ගෙ තුරුලෙන් ඈත් වෙන ගමන් කියද්දි ටේ එයාගෙ ඇස් වල කාටවත් නොපෙනී තිබුණු කඳුළු නිදහස් කලා. ඔහු දන්නවා තව දවස් කිහිපයකින් යුංගි ඔහුවත් ජිමින්වත් එකතු කරලා කාල පක්ෂීන්ව විනාශ කරනවා කියලා. ඉතින් ඒ දවස වෙනකම්ම නායුන්ව තමන්ගෙ ලඟට කරලා තියාගන්න ඔහුට ඕන වුණා. එහෙම තියෙද්දිත් නායුන් ඔහුගෙන් ඈත් වුණ එක ඔහුට සියුම් වේදනාවක් ඇති කලා.

"මගේ ලඟට එන්න නායු..... මගේ කකුල් හොඳටම රිදෙනවා."

ටේහ්යොන්ග් සියුම් ඉකියක් එක්ක කියද්දි නායුන් ඔහු ලඟට ගියේ කලබලෙන්. ඔවුන් දෙදෙනාට නැවත එකතු වෙන්න තිබුණු කාල සීමාව සම්පූර්ණ වෙන බව හඟවමින් ඔහුගේ ශරීරය රිදුම් දෙන්න පටන් ගත්තා. හදවතේ වේදනාවත් ඒ හා සමානවම ඔහුව දුර්වල කරන බවයි පෙනෙන්නට තිබුණේ.

"ඇයි ටේ මේ? මට කියන්න ප්ලීස්.... මං කොහොමද ඔයාට උදව් කරන්න ඕනෙ? ප්ලීස් මට මේ දේවල් හංගන්න එපා. මට ඕනම දෙයක් දරාගන්න පුළුවන්."

නායුන් කිව්වෙ ටේහ්යොන්ග්ගෙ තුරුලට වෙන ගමන්. ඔහු අන්තිමට මේ දේවල් නායුන්ට පැහැදිලි කරන්න තීරණය කළා. කොයිතරම් අසීරු දෙයක් වුනත් ඇය තේරුම් අරගෙන තමන්ව අමතක කරයි කියන බලාපොරොත්තුව ඔහු තුල තිබුණා.

"මමයි ජිමිනුයි කියන්නෙ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් නායු. කාල පක්ෂීන්ව විනාශ කරද්දි අපි දෙන්නට ආපහු එකතු වෙන්න වෙනවා. එතනින් පස්සෙ..... එතනින් පස්සෙ ඔයාගෙ ලඟ ජිමින් ඉඳියි."

ටේහ්යොන්ග් සරලව දේවල් පැහැදිලි කරද්දි නායුන්ට කියන්න දෙයක් වත් අහන්න දෙයක් වත් මතකයට ආවෙ නැහැ. ඇය කලේ දිගටම ඔහුගේ උණුහුමට තුරුළු වෙලා අඬපු එක. තවත් ටික කාලෙකින් මේ උණුහුම මේ ආදරේ විඳින්න ඇයට බැරි වෙයි. ජිමින් ලඟ ඒ දේවල් ඒ විදිහටම තැන්පත් වුනත් ඔහු ඒ දේවල් නායුන්ට දෙයිද?

"මට සමාවෙන්න රත්තරන්..... ලඟට වෙලා හැමදාම ඉන්න බෑ කියලා දැන දැනත් ඔයාට ආදරේ කලාට. මමයි ඔයාට මෙච්චර දුකක් දුන්නෙ."

"ඔයා වැරදි නෑ ටේ..... ගොඩක් ස්තූතියි මෙච්චර ආදරයක් දුන්නට."

නායුන්ට කියන්න වචන ගලපගන්න එක හරිම අමාරුයි. ඉතින් ඇය තීරණය කලා ඉස්සරහට එන දේකට මුහුණ දෙන්න. ඇයට බැහැ හැමදේම නැති කරලා තමන්ගෙ සතුට වෙනුවෙන් විතරක් ටේහ්යොන්ග්ව තියාගන්න. හැමෝම වෙනුවෙන් එයාට ජිමින්ගෙ ශරීරයට යන්න වෙනවා නම් ඇය ඒකට සූදානම් වුණා. මොකද ටේහ්යොන්ග් ඒ ශරීරය ඇතුළෙ හැමදාම ජීවත් වෙයි. හැබැයි ටේහ්යොන්ග් දීපු ආදරේ ජිමින් වෙන කෙනෙක්ට දෙන්න තීරණය කළොත්? 

එතකොටත් ඇය ඔහු දිහා දුරින් බලාගෙන ඉඳියි. ජිමින්ගෙන් ටේහ්යොන්ග්ව දකින්න උත්සාහ කරයි. ඒ දෙන්නම එක්කෙනෙක් කියන එක තේරුම් ගන්න බැරි තරම් ඇය දුර්වල කෙනෙක් නෙවෙයි. ඒත් ආදරේ? ඒක මිනිස්සු හැමෝවම දුර්වල කරනවා, අනුකම්පා විරහිතව.


********************


මේ අතර යුංගි තමන්ගෙ නිවස වටා ආරක්ෂිත ආවරණයක් නිර්මාණය කරන්න පටන් ගත්තා. ජිමින් සහ ටේහ්යොන්ග් නැවත එකතු කිරීම යුංගිට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් වුනේ නැහැ. මොකද වෙන් කිරීමක් කරන තරම් ලේසියෙන් එක් කිරීමක් කරන්න බැහැ. ඉතින් ඔහු තමන්ගෙ මේ ආත්මයේ හොඳම යාළුවෙක් වුන පරණ දේවල් ගැන උනන්දුවක් තියෙන පොත් ගුල්ලෙකුට එන්න කිව්වා.

ඔහු පොත් පත් ගැන වගේම මිත්‍යා දේවල් ගැන හසල දැනුමක් තිබුණු විශිෂ්ට බුද්ධිමතෙක්. ඔහු යුංගි ගැන හැමදෙයක්ම දැනගෙන හිටියා වගේම යුංගි නිසාම ෆීනික්ස් ඉතිහාසය ගැන වැඩි උනන්දුවක් දක්වපු කෙනෙක්. ඉතින් ඔහුව මේ වැඩේ උදව්වට ගන්න එක හොඳ දෙයක් කියලයි යුංගි හිතුවෙ.

"මං පොත් සීයක් විතර කියෙව්වා යුංගියා. ඒත් ලේසියෙන් ඔය කියන මායා කර්මය ගැන හොයාගන්න බැරි වුනා. ඔයා කොයි වෙලාවෙද දෙන්නව වෙන් කලේ?"

"හරියටම කිව්වොත් මේ කාලෙ තමයි එයාලට එකතු වෙන්න තියෙන කාලෙ නම්ජුනා. ජිමින්ගෙ ඇඟ රිදෙනව කියලා දවසම ඇඳ උඩට වෙලා ගුලි වෙලා ඉන්නවා. මට අදහසක් නෑ එයාලව එකතු කරන්න. ගිය පාර එයාලව වෙන් කරන්න මම කළු ෆීනික්ස් මායාව පාවිච්චි කලා."

"ඒක තමයි මාත් බැලුවෙ.... කළු ෆීනික්ස් මායාව ගැන කිසිම සඳහනක් නෑ."

ඔහු කිව්වෙ අන්තර්ජාලය හරහා විස්තර හොයන ගමන්. ඔහු, කිම් නම්ජුන්. මේ වනවිට සෝල් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සම්බන්ධ මහාචාර්ය වරයෙක් සහ පුරාවිද්‍යා ගවේශකයෙකු වශයෙනුත් කටයුතු කරන ඔහු මිත්‍යා විශ්වාස ගවේෂණය කරන්න පටන් අරගෙන දැනට වසර දහයක්. මුලදි ඔහුට මේ වැඩේ නිශ්ඵලයි වගේ දැනුනත් දැන් වෙනකොට ඔහුට ඒ වැඩේ වැදගත්කම තේරෙන්න පටන් ගත්තා.

"මළවුන්ගේ මායාවක් ද කියලත් හිතෙනවා.... ඔය කියන තැන දැන් තියෙන්නෙ කනත්තක් නේද?"

"හ්ම් ඔව්.... මීට අවුරුදු පහකට විතර කලින් ඔතන කනත්තක් හැදුවෙ. මුලින්ම නිවාස සංකීර්ණයක් හදන්න හිතාගෙන හිටියට ඒ ඉඩමෙ පිහිටීම එක්ක එහෙම කරන්න බැරි වුනා. පස්සෙ ඒක කනත්තක් වුණා."

යුංගි කියද්දි නම්ජුන් නිකටට අත තියාගෙන කල්පනා කලා. ටික වෙලාවකින් ඔහු තමන්ගෙ ලිපි ගොනු අතරින් පැරණිම ලිපියක් එලියට ගත්තා. මේ අතර ඔවුන්ට තේ අරගෙන ආවෙ මින්යූ.

"ඔයාලා මොනාහරි හොයා ගත්තද?"

"තාම නෑ මින්යූ..... දැන් ජිමින්ට කොහොමද?"

"එයා නිදි... දවසම අඬ අඬ හිටපු නිසා මහන්සියට නින්ද යන්න ඇති."

"හ්ම්..... එයා නැගිට්ටට පස්සෙ නායුන් හදන සීරියල් එකෙන් ටිකක් කවන්න. එයාට පොඩ්ඩක් හරි කන්න වෙනවා. නොකා නොබී හිටියොත් තවත් අමාරුයි."

මින්යූ ඔලුව වනලා උඩට යන අතරෙ තේ එක බීපු නම්ජුන් ආයෙත් වැඩේට බැස්සා. ඔහුට හමුවුන ලිපිය උඩින් පල්ලෙන් කියවලා වැදගත් තැන් හයිලයිට් කරගත්ත ඔහු යුංගි දිහා බැලුවෙ ටිකක් ප්‍රශ්නකාරී මුහුණකින්.

"මං හිතන්නේ ඒ දෙන්නව එකතු කරන්න ආයෙත් කනත්තටම යන්න වෙනවා. එතන තාම එයාලගෙ ආත්මයේ කොටසක් තැන්පත් වෙලා ඇති. දෙන්නාගෙන්ම නැති වුන මොකක්හරි පුංචි දෙයක්. ඒත් දැන් වෙනකොට ඒක තියෙන්නෙ මළවුන්ගේ යටතේ. අපිට මුලින්ම ඒ කොටස නිදහස් කරගන්න වෙනවා. එතනින් පස්සෙ එයාලා නිකම්ම එකතු වෙයි."

නම්ජුන් තමන්ගෙ නිගමනය කියද්දි යුංගි තමන්ගෙ නලල පිරිමදින්න පටන් ගත්තා. දැන් ඔවුන්ට ඊලඟට කරන්න ඕන දේ ගැන අදහසක් තියෙනවා. 

"අපි කරන්න ඕන දවස මොකද්ද නම්ජුනා?"

"අපිට ඊලඟ පුර පෝය දවසට කරන්න පුළුවන්. අපේ උදව්වට මගේ යාලුවෙක් ඉන්නවා එයාවත් ගෙන්නගමු. ඒ වගේම ඔයාට තමයි අපි වැඩේ ඉවර වෙනකම් කාල පක්ෂීන්ව නවත්තන්න වෙන්නෙ."

නම්ජුන් කිව්වෙ තමන්ගෙ ෆෝන් එක අතට ගන්න ගමන්. යුංගි වෙනුවෙන්ම ඔහු තමන්ගෙ සේරම වැඩ නතර කරලා මේ වැඩේට සූදානම් වුණා. ඉතින් මීලඟට ඔවුන් මොන වගේ දෙයක් කරයිද? ඔවුන්ට මේ දේවල් සාර්ථක කරගන්න ලැබෙයිද?



______________________________________________

____/__/__

මම වේදනාවෙන් හිටියෙ මගේ ආදරය නැති නිසා. ඒත් ටේහ්යොන්ග්ගෙ ආදරේ මටත් එක්කම ප්‍රමාණවත් වුණා. මම ඔහුට ස්තූතිවන්ත විය යුතුයි. මාව ශක්තිමත් කරනවට.

- Diary of someone who born with fire -


______________________________________________

කතාව කම්මැලි නෑ නේද? ගොඩක් දිගට යනකොට ඔයාලට තියෙන රසවත් බව නැති වෙයිද කියලා හිතෙනවා. ඒත් එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ ඉවර කරන්න බෑනෙ... ගානට සිදුවීම් ටික පෙලගස්සගෙන එන්නෙ....

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

604K 9.4K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
59.5K 9.5K 31
අපේ ආදර කතාව .....! 2021.08.13 ❤️ #1- sinhala
715 200 8
ඔයාට මතකද ඒ දවස... මම මුලින්ම ඔයාව අහපු දවස... ඒ කට හඬ මට ඇහුණ දවස... අදටත් මම අහන්න ආසම හඬ... හැම දේටම හේතු හොයන මම... ඔයාගේ කට හඬ අහන්න හේතු හෙව්වේ...
31.4K 6.5K 23
තමුන් මගෙ කවුරැවත් නෙමේ කියල කී සැරයක් කියන්න ඕනෙද ආ? ඔප්පා ගාන්න එපා Start -14.July 2021 End-31.July 2021