WHAT IF I KILL YOU IN THE END...

By _Fairy_dimples_18

2.4K 495 132

Euphoria, ඔබට පළමුවෙන් ආදරයක් දැනෙන විට ඔබ අත්දකින සතුට සමාජ සීමාවන් ඉක්මවූ දෙහදක ආදරය ♡ ⚠️ Quotation is str... More

01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.

16.

91 18 4
By _Fairy_dimples_18





MORNING 🌄,



" Wake up hunny "

Mmm


ට්‍රිස් කර්ට්න් එක ඇරියත් ජෝ බෙඩ්ශීට් එකෙන් ඔළුව ඉදන් වහගත්තා



ආහ් ... මේ කම්මැලියා... නැගිටින්නෙම නෑ නේ...



ට්‍රිස් ජෝගෙ ඇග උඩට ඇවිත් පොරවන් හිටපු බෙඩ් ශීට් එක අයින් කරා.. ජෝ ඇස් දෙකත් පොඩි කර කර අත් දිග ඇරලා අත් වල හිරි අරගෙන එහෙම්මම ට්‍රිස්ව දෙපැත්තෙන් අත දාලා බදා ගත්ත.. ට්‍රිස්ට ජෝගෙ අත් වලින් ගැලවෙන්න නම් ටිකක් අමාරුයි.. ජෝ අල්ලන් ඉන්න විදිහට ට්‍රිස්ට හෙලවෙන්නවත් බෑ..


" ආහ්.. නැගිටින්න අනේ.. වෙලාව ගොඩක් පහුවෙලා "

" ම්ම්ම්... "


" You know what's the time now.. I made breakfasts... Wake Uppp...  "

"Mmmmm"



ජෝ නම් මේ ඉන්න විදිහට නැගිටින පාටක් නෑ.. තව ටිකක් වෙලා හිටියොත් ට්‍රිස්ට ආය පැයකටවත් ඔතනින් එන්න වෙන්නේ නෑ.. ට්‍රිස් ජෝගෙ පපුවට පුංචි කිස් එකක් දීලා අත් යටින් කොහොමහරි එලියට ආවා.. එලියට ආව ගමන් ට්‍රිස් ජෝගෙ අතින් අල්ලන් පුළුවන් උපරිම ශක්තිය දාලා ජෝව ඇදලා කෙලින් කරා



ජෝ ඇදේ ඉදගෙන ට්‍රිස් දිහා ඇස් බාගෙට අරගෙන බලන් හිටියා..
හැමදාම උදේට වෙන්නේ ඔය ටිකමයි.. උදේම ඔය විදිහට ජෝව දකින ට්‍රිස්ට හාර්ට් එක ගැලවිලා එලියට පනින තරම් ආදරයක් හිතෙනවා.. ඒ මනුස්සය ඒ විදිහට ඉද්දී කියුට් නිසා


ට්‍රිස් ජෝට වොෂ් දාන් පහලට එන්න කියලා යද්දි ජෝ විනාඩියක් දෙකක් එහෙම්මම බලන් ඉදලා නැගිටලා වොෂ්රූම් එකට ගියා.. ජෝ වොෂ්රූම් එකට ගිය ටිකට ට්‍රිස් ආයම කාමරේට ඇවිත් දෙන්නගේ ඇද හැදුවා.. කාමරේ හදලා ට්‍රිස් ආයම පහලට ගියා..


ජෝ පහලට යද්දි ට්‍රිස් කිචන් එකේ.. ජෝ ගිහින් ගිහින් පිටිපස්සෙන් ට්‍රිස්ව බදාගද්දි ට්‍රිස් හිනාවෙලා එහෙම්මම පිටිපස්සට බෙල්ල හරවලා ජෝ දිහා බලන් හිනා වෙද්දි ජෝත් ට්‍රිස් දිහා බලලා eye smile එකක් දැම්මා



"ජෝ මං මෙතන වැඩක් අනේ.. කෝ එහාට වෙන්න",


ට්‍රිස් එක දිගට වැඩ කරත් ජෝ ට්‍රිස්ට අත් ඇරියේ නෑ.. ජෝ ට්‍රිස්ව එයාගෙ පැත්තට හරවගෙන


"කොහොමද කෙනෙක්ට මෙච්චර ලස්සන වෙන්න පුළුවන්"


ජෝ හිමිට එයාගේ අත ට්‍රිස්ගෙ කන ලගට වෙන්න කම්මුල උඩින් තියලා පිරිමැද්දා.. ජෝගේ ස්පර්ශයට ට්‍රිස්ගෙ ඇස් පියවෙලා ඇරුණා.. අනිත් අතින් ට්‍රිස්ගෙ ඉණ වටෙන් අත දාලා ජෝගෙ ඇගට ට්‍රිස්ව හේත්තු කරගෙන ට්‍රිස්ගෙ බෙල්ලට මූණ තියලා...



"හම්... සුවඳයි! "


ට්‍රිස්ට ඇග ළගින් හිරියක් ගියා වගේ තියෙද්දී ජෝ ට්‍රිස්ගෙ බෙල්ලට හිමීට දත් වලට අරන් තද කරගෙන දිවෙන් එහාට මෙහාට කරා ගත්තා..


"ම්ම්හ්... ජෝ... හහහ්... "


හිමීට හිමීට තාලෙකට එහෙම කරද්දී ට්‍රිස් ජෝගෙ උරහිස තදින් අල්ලගත්තෙ දත් වලට ටිකක් රිදෙන්න ගද්දි... ජෝ ට්‍රිස් එක්ක මෙච්චර කාලයක් හිටියත් දෙන්නා තවම සෙක්ස් තරම් දුර ගිහින් නැහැ .. විශ්වාස කරන්න පුළුවන් ද.. ආදරය කියන්නේ සෙක්ස්මමත්  නෙමෙයි






.

.


.






" ඇබී මට ටිකක් කතා කරන්න ඕන "


" හරි ඉතින් කතා කරන්න "

" නෑ... මං කිව්වේ.. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන "

" හැනා මං වැඩක් පස්සේ එන්න "

" එහ්.. ඒත්.. අනේ පොඩ්ඩක් එන්න "

" කිව්වනේ මං වැඩක් කියලා.. පස්සේ එන්න "



ඇබී ටිකක් තදින් කියද්දී හැනා ආය මුකුත් කියන්න ගියෙ නෑ.. හැනා ඇබී ලග ගොඩක් වෙලා හිටගෙන හිටියා.. අදත් මිෂෙල්ට එන්න බැරි උන නිසා මිෂෙල්ගෙ නෝට් ටිකත් එක්ක ඇබී ලියන්න ගත්තා.. ඇබී ලියන නෝට් දිහා බලපු හැනා,



" මං ඔය විදිහට තරහා වෙන්න දෙයක් කරේ නෑ නේ.. මං සමාව ඉල්ලුවා නේ "


ලියන එක නවත්තපු ඇබී හැනා දිහා හැරිලා රවලා බැලුවා.. හැනා තවත් මුකුත් කියන්නේ නැතුව ඇබීගෙ මේසෙට එහා මේසෙන් ඉදගත්තා.. ඇබී ලියනවා ලියනවා ඉවරයක් නැහැ.. ඇබී එක්ක කතා කරන්න බලන් හිටියාට ඇබී හැසිරෙන විදිහට හැනාට කේන්තිත් යනවා..



හැනා උනත් කට වහන් හිටියේ මොනවා කරත් වැරැද්ද හැනාගෙ නිසා.. ආය කියවන්න ගිහින් තවත් මොකක් ම හරි ගොං කතාවක් හැනාගෙන්ම පිටවෙයි කියලා... මෙතන තවමත්  තියෙන ප්‍රශ්නෙ හැනා ඇබීගෙන් සමාව ඉල්ලලා ආය ඇබී එක්ක ඉන්න ඕන උනත් ඇබීට දැනෙන තරමටම හැනාට දැනෙන්නේ නැති එක


දෙන්නටම මෙතනදි ඕන දෙන්නගේ ආදරේ.. හැබැයි දෙන්නා ඒක ඉල්ලන විදිහයි වැරදි.. ඇබී හැනාගෙන් ඉල්ලන්නේ වෙන විදිහක ආදරයක්, හැනාට ඇබීගෙන් ඕන වෙන විදිහක ආදරයක්...  දෙන්නට ඕන ආදරේ දෙවිදිහකට



ඇබී එනකන් බලන් ඉදලාම හැනා කම්මැලිකමට මේසෙ උඩ ඔළුව තියාගත්තා.. ටික වෙලාවකින් හැනාට එතනම නින්ද යද්දි හැනා දිහා එයාට නොපෙනෙන්න හොරෙන්ම බලපු ඇබී දැක්කා.. ඇබී කොටින්ම ලියනවට වැඩිය කරේ හැනා දිහා බලන එක



" හැනා.. මං ඔයාට තව එක අවස්ථාවක් දෙන්නද? "


ඇබීට හිතුනෙම ඒ විදිහට.. හැනා තමන් එක්ක මෙච්චර කතා කරන්න එනවා.. එයා ඇත්තටම එයා කරපු දේට පසු තැවෙනවද.. හැනා තමන්ටත් ආදරෙයි ද

ඇබීට ඕන හැනා තමන්ට ආදරේ කරන්න නෙමෙයි.. හැනා කරපු වැරැද්ද ගැන පසුතැවීමක් ඇති කරන්න.. හැනා ඇබීව ආදරේ නොකරත් කමක් නෑ ඇබීට පුලුවන් හැනාට ආදරේ කරන්න.. හැබැයි ආදරෙයි කියලා රවට්ටනවට ඇබී කොහෙත්ම කැමති නෑ


ඇබී ළග උත්තර නැති උනත් ඇබී හිතුවා.. නෝට්ස් ටික ලියලා ඉවර උන ගමන් ඇබී හැනා දිහා බලලා එතනින් නැගිටලා යන්න ගියා








*

*

*

*





" ෆෝලීන් ආ මේ ටිකත් ගිහින් දෙන්න "


කැතී ඇබිගෙ කාමරේ අස් කරන්න ගත්තා.. ඇබී නම් කියලා තියෙන්නේ එයාගේ කාමරේට කාටවත් අඩියක්වත් තියන්න එපා කියලයි.. ඇබී කොහොම කිව්වත් කැතීට ඒවයෙන් වැඩක් නෑ.. කැතී හිතුන හිතුන වෙලාවට ඇබීගෙ කාමරේට යනවා.. පොඩ්ඩක් වෙනස් කරනවා.. එනවා.. ආය ටික දවසකින් යනවා.. වෙනස් කරනවා.. එනවා


ඇබී එකතු කරගෙන ඉන්න ඇදුම් ටික අස් කරපු කැතී ඒවයෙන් ඇබී අදින්නේ නැති ගොඩක්  ඇදුම් ෆෝලීන්ට දුන්නේ එයාගේ දුවට ගිහින් දෙන්න කියලා.. කැතී ෆෝලීන්ට දුන්න හැම ඇදුමක්ම ඇබී දවස් දෙකකට වැඩිය ඇදලා නැහැ.. ගොඩගහගෙන ඉන්නවා කියලා ඇබීට බැණ බැණ ම කැති අස් කරනවා


" ඇබී ලාස් මේවා අදිනවද දන්නෙත් නෑ "


" අනේ එයා අදින්නේ නෑ ෆෝලීන්.. බොරුවට ගොඩගහගෙන ඉන්නවා.. ආ මේ.. ටිකක් ගන්නකො "


කැතී ෆෝලීන් අතට ලස්සන රතුපාට ක්‍රොස් ඕවර් ගවුමක් දුන්නා.. ෆෝලීන් ඒක අතට ගත්තා.. අලුත් සුවද ගිහිල්ලත් නෑ


" මේ.. මේ ගවුම අපරාදේ නේ මැඩම්.. මේක ඇබී ලාස් ඇන්දාවේ "

" මේක ඇබී ළග තිබ්බොත් තමයි අපරාදේ වෙන්නේ.. ඔය කෙල්ල ඕවා අදින්නේ නෑ ෆෝලීන්.. අරන් යන්න "

" ඒත් මැඩම්...."

" ඕක මං ගත්තේ $128.00කට ... ඕකට කැමති නෑ කියලා ඕක දවසක්වත් ඇන්දෙ නැහැ "



කැතී ඇබීගෙ කාමරේ ඕන නැති ගොඩගහගෙන ඉන්න බඩු සේරම අයින් කරා.. කැතී බැණ බැණ අස් කරන එක පහල ඉදන් පහල ඉදන් කැතීගෙ අම්මා අහගෙන හිටියෙ.. දැන් ඇබී ආව දවසට ගේ දෙවනත් වෙන්න කෑ ගහනවා කියලා මතක් උනාම කැතීගෙ අම්මට ( ඇබීගෙ ග්‍රැනීට ) හිනත් ගියා.. කොහොමත් ඇබී කොට ගවුම් වලට කැමති කෙනෙක් නෙමෙයි... ඇබී කැමත vintag type ඇදුම් වලට









_______________________________________


පුස්තකාලෙ දි හැනාට නින්ද ගිහින් ඇබී ගිය නිසා හැනාට ඇබී එක්ක කතා කරගන්න බැරි උනා.. හැනාටත් දැන් මේක ඇති වෙලා.. මෙච්චර පස්සෙන් යන්න හැනාට කොහොමත් ඕන නෑ... හැනා එයාව කව්රු ඉස්සරහවත් බාල්දු කරන්න කැමති නෑ.. හැනා තමන් ගැන අමුතු ආඩම්බරෙකින් ඉන්න කෙල්ලෙක්


ඇබී කෝල්ස් ආන්සර් කරන්නේ නැති නිසා කැතීට ගොඩක් අවුල්.. කැතී msg, calls  දාන නිසා ඇබී ටික දවසකට ගෙදර යන්න හිතුවා.. ඇබී කාමරේට වෙලා බැග් එකට ඇදුම් දාද්දි හැනාගෙන් කෝල් ආවා.. හැනාව පුස්තකාලෙ දි කතා කරන්නේ නැතුව දාලා ආව එක ගැන අහන්න වෙන්නෙ ඇති කතා කරන්නේ කියලා හිතුව ඇබී.. හැනාට  msg එකක් යැව්වා




💌 : මං හෙට ගෙදර යනවා.. ගිහින් ආවාම කතා කරමු




හැනා එවෙලෙම මැසේජ් එක සීන් කරද්දී ඇබී පෝන් එක ඕෆ් කරේ හැනා එවන රිප්ලයි එකවත් බලන්නේ නැතුව








*

*

*





ඇබී ගෙදර යනවා කියලා ට්‍රිස්ට කිව්වාම ට්‍රිසුත් කන්ෆියුස් උනා.. ට්‍රිස් ඇබී එක්ක ස්ටේශන් එකට යද්දි ජෝ ගෙදර නැවතුනා.. xxxxx  වලට යන ට්‍රේන් එක එන්න පැයක් තියලම ඇබී ට්‍රිස් එක්ක ස්ටේශන් එකට ආවා..


දෙන්නම ස්ටේශන් එක ඇතුලට වෙලා හිටියා..  announc එකෙන් සැරෙන් සැරේ ට්‍රේන් එන වෙලාව කියද්දී ඇබීගෙ ට්‍රේන් එක එන්න තව පැයක් ම තියෙනවා කියලා දැනගත්ත ට්‍රිස් ඇබී දිහා බලද්දි ඇබී බලන් හිටියෙ ඇතුළු වීම දිහා.. ඇබී සැරින් සැරේ ඒ පැත්ත බලනවා කියලා නෝට් වෙච්ච ට්‍රිස්,



" මොකක් හරි ප්‍රශ්නයක් ද? "


වෙන කල්පනාවක හිටපු ඇබී ට්‍රිස් දිහා බැලුවේ ' මොකක්ද ' කියලා.. ඇබීට ට්‍රිස් කියපු දේ ඇහුනෙ නෑ.. ට්‍රිස් ආයම මොකක් හරි ප්‍රශ්නයක් ද කියලා අහද්දි ඇබී ඔළුව දෙපැත්තට වැනුවා



ඇබී වෙලාවට කලින් ආවෙ ඊයෙ රැ හැනාට යවපු මැසේජ් එක නිසා හැනා ඇබීව හොයාගෙන එයි කියලා හිතුව නිසා.. ස්ටේශන් එක ඇතුලේ ඉන්න ගමන් ඇබී සැරින් සැරේ හැනා එනවද කියලා ඇතුළු වීම දිහා බැලුවා.. ඇබී මෙතනදි හිටියත් එයාගේ හිත තියෙන්නේ හැනා ළග



පැය භාගයක් ගියත් හැනා තවම නෑ.. හැනාව බලන්න තියෙන අන්තිම වෙලාව මේක.. ඇබී ගෙදර ගියත් කැතී ආය ඇබීට එන්න දෙන්නෙ නෑ.. ඒක ගැන ඇබීට ශුවර්... හැබැයි ඇබී ගෙදර එනවා කියලා කැතී තවම දන්නේ නෑ



" ඇබී තව ටිකකින් ට්‍රේන් එක එනවා.. පරිස්සමින් යන්න "



ට්‍රිස් ඇබීව හග් කරා.. ඇබීගෙ ඔලුව අත ගාන ගමන් ට්‍රිස් කියද්දී ඇබී හිනා උනා.. ට්‍රේන් එක කිව්ව වෙලාවට විනාඩි පහක් තියාම ආවා.. ඇරුණු දොරවල් වලින් සෙනග නගිද්දියි, බහිද්දියි ඇබී ආපහු හැරිලා ඇතුළු වීම දිහා බැලුවා.. ට්‍රිස් කතා කරාම ඇබී බැග් එකත් අරන් ට්‍රේන් එක ඇතුලට නැග්ගා



ඔය අතරේ ස්ටේශන් එක අයිනෙන් ටැක්සි එක නවත්තලා හැනා දුවගෙන ස්ටේෂන් එක ඇතුලට ආවා.. හැනා හැමතැනම ඇබීව හොයද්දි ඇබී දැනටමත් ට්‍රේන් එක ඇතුලට නැගලා ඉවරයි කියලා හැනා දැක්කා


මෝඩ ඇබී.. ඇබී හැනාට මැසේජ් එකත් යැව්වත් ඇබී යනවා කියලා තිබුණ තැනවත්, වෙලාවවත් කියලා තිබුණෙ නෑ..  හැනා එයාට තිබ්බ සැකේට උදෙන්ම ජෝගෙ ගෙදරට ඇවිත් ඇබී ගැන ඇහුවා


ජෝ මුලින් කියන්න අකමැති උනත් හැනාගෙ බල කරලම ඇහුව නිසා ජෝට කියන්න සිද්ද උනා.. හැනා එයාට පුළුවන් තරම් වේගෙන් ආවෙ ඇබීට කතා කරන්න.. මේ පාරත් බැරි උනොත් ඇබීව අමතක කරනවා කියලා හිතාගෙන


හැනා ආව එක දැකපු ඇබී බැග් එකේ පටිය තදින් අල්ලගෙන හැනා දිහා බලන් හිටියා.. ඉවරයි.. ආය කතා කරන්න වෙන්නේ නෑ.. හැනා හිතුවා.. ඇබී දිහා බලලා ඇස් වලින් ' සමාවෙන්න '  නොකියා කියලා හැනා එවෙලෙම එහෙම්මම හැරිලා ස්ටේෂන් එකෙන් එලියට යන්න ගියා
















See you guys ❤️








































Continue Reading

You'll Also Like

8K 157 25
It's classification day for Riley. he is finally 18 but when he gets his results things turn for the worst quickly when he has to stay with his broth...
813K 16.4K 112
Yaszy Romano has been through so much pain and suffering her entire life but it makes her who she is. Dark Angel...Dangerous, Powerful. An Assassin...
21.7K 710 28
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...
57.1K 1.2K 26
.. a story, of a girl who has a condition that could change her life for the greater good. Loni has a medical condition that stopped her from develop...