"ජිමිනාආආ.... මගේ ඇඟේ එල්ලෙන්නෙ නැතුව පැත්තකට වෙලා යනවකො. වටපිටේ ඉන්න මිනිස්සු හිතයි අපි කපල් එකක් කියලා."
"මත බෑ.... මම තාම තූති බබෙක්නෙ. උයා මගේ ඔම්මාව ගත්තා නං දැන් ආව එක්ක යල්ල."
ජිමින් ටේහ්යොන්ග් දෙන්නා හිටියෙ කනත්ත වටේ ඇවිදින ගමන්. ජිමින් මුළු ගමන පුරාවටම ටේහ්යොන්ග්ගෙ අතේ එල්ලිලා යන්න පටන් ගත්තෙ පරණ පුරුද්ද නිසාමයි. ඒත් ඉතින් ටේහ්යොන්ග්ට ඒක පුංචි අපහසුවක් වුණා. කොහොම වුණත් ජිමින් කියන්නෙ තමන්ගෙම අනිත් කොටස නිසා ටේහ්යොන්ග් ජිමින්ට ගොඩක් ආදරෙයි. මම ඒක විස්තර කරන්නෙ කොහොමද? ඒක සහෝදර බැඳීමක් කියන්නත් බෑ. මොකද මේක ඊටත් වඩා ලොකු බැඳීමක්.
"ඒක නෙවෙයි ටේබූ..... උයා ඇයි මේ කලත්තෙ ඈදීන්න ආවෙ. අපිත සස්සන මල් අත්තක් බලන්න යල්ල තිබ්බානෙ."
"කනත්ත කියන්නෙ හරිම නිදහස් තැනක්නෙ ජිමින්. අනික ඔයාට මතක නැද්ද මෙතන තමයි අපි දෙන්නා ඉපදුනේ."
ටේහ්යොන්ග් කිව්වෙ කනත්ත දිහා හිස් වුන ඇස් වලින් බලාගෙන. ඒ ඇස් වල කිසිම හැඟීමක් තිබුණෙ නැහැ. මීට අවුරුදු ගණනාවකට කලින් මෙතන තිබුණෙ ලොකු කැලෑවක්. එතනදි තමයි ජිමින් ටේහ්යොන්ග් දෙන්නගෙ නැවත ඉපදීම වගේම කොටස් දෙකකට වෙන් වීම සිද්ධ වුණෙත්. ඉතින් දැන් ඒක කනත්තක් වුණා කියලා එයාලට පුළුවන්ද තමන් ඉපදුණු තැන අමතක කරන්න.
"මට ඕන වුණේ මං ආදරේ කරන කෙනාව එක්කගෙන ඇවිත් එයාට මෙතන පෙන්නන්න. ඒත් මොකක්දෝ හේතුවකට මම ඉපදුණු තැන ලස්සන මල් වත්තක් වුනේ නැහැ. එතන දැන් කවුරුත් කැමති නැති කනත්තක්. ඉතින් මං මොකක්ද කරන්නෙ ජිමින්?"
ටේහ්යොන්ග් කතා කරද්දි ජිමින් දිගටම නිශ්ශබ්දව හිටියා. ඒත් ඔහුගේ ඇස් වල කදුළු පිරිලා තිබුණා. ටේහ්යොන්ග් කියන්නෙ ජිමින්ගෙ ශරීරයෙන් වෙන් වුන ජිමින්ට අයත් ගැඹුරුම කොටස. හිතාගන්න බැරි තරම් ගැඹුරු හැඟීම් ටේහ්යොන්ග් තුල තිබුණා. ඒ කොටස තමන්ගෙන් ඉවත් වුනාට පස්සෙ ජිමින් පොඩි දරුවෙක් වගේ හැසිරෙන්න ගත්තෙත් ඒක නිසාමයි. මොකද ජිමින්ගෙ ගැඹුරු හැඟීම් සේරම දැන් තියෙන්නෙ ටේහ්යොන්ග් ලඟ.
"ඇයි ඔයා අඬන්නෙ ජිමින්? මං මොකක් හරි වැරදි දෙයක් කිව්වද?"
"ඔයා වැරදි නෑ ටේ.... මට මතක් වුණා. එයාව මට නැති වුනෙත් මෙතනදිමයි."
ජිමින්ගෙ වචන සාමාන්‍ය වෙද්දි ටේහ්යොන්ග් තේරුම් ගත්තා ඔහු සාමාන්‍ය තත්වයට ඇවිත් කියලා. නමුත් ඔහුගේ ඇස් වලින් වැටෙන කදුළු වල නම් නිමක් තිබුණෙ නැහැ. තමන්ගෙ එකම ආදරේ මැරෙන දිහා බලාගෙන හිටපු කෙනෙක් ඔහු. ඉතින් කොහොමද ඒ දේවල් තවදුරටත් දරාගෙන ඉන්නෙ. ජිමින්ගෙ තත්වය තේරුම් ගත්ත ටේහ්යොන්ග් ඔහුව වැලඳගත්තා.
"ජිමින්.... මං ඔයාගෙන් එකම එක ඉල්ලීමයි කරන්නෙ. මගේ නායුන්ව පරිස්සම් කරන්න. ප්ලීස් එයාව අතාරින්න එපා. ඔයා කියයි එයාට වෙන කොල්ලෙක් හොයාගන්න පුළුවන් කියලා. ඒත් එයා එහෙම කරන්නෑ ජිමින්. මගේ නායුන් තාම වෙන කොල්ලෙක්ව හොයන්නෑ. එයා තනිවෙයි මාත් නැති වුනාම."
ටේහ්යොන්ග් එකදිගටම කියවගෙන ගියේ ඔහුගේ ඇස් වලිනුත් කඳුළු ගලාගෙන යනවිට. ටේහ්යොන්ග්ට හැමදාම ඕන වුණේ තමන්ගෙ ආදරේ සතුටින් ඉන්නවා බලන්න. තමන්ට ඒ ආදරේ හැමදාම නායුන්ට දෙන්න බැරි වෙනකොට එයා වෙන මොනවා කරන්නද? තමන්ගෙ ආදරේ ජිමින්ට දීලා යනවා ඇරෙන්න.
මේ අතර යුංගි සහ මින්යූ ටිකක් නිවාඩු පාඩුවේ ඇවිදින ගමන් හිටියෙ. නිවාඩු දවසක් නිසාම පාරෙ කවුරුත් හිටියෙ නැහැ. මේ නිවාඩුව කොරියාවට විශේෂ එකක් නිසා හැමෝම තම තමන්ගෙ ගෙවල් වලට වෙලා කාලය ගත කලා. ඒ නිසාම මින්යූ යුංගි දෙන්නට හරිම නිදහසේ ඇවිදින්න පුළුවන් වුණා.
"දැන් අපි ගොඩක් වෙලා හිටියනෙ. ගෙදර යමු නේද ඔප්පා? නායු තනියම නෙ."
"අපි යමු.... ඔයා මට තාම කිව්වෙ නෑ ඒක."
"ඒ මොකක්ද?"
"ඔයා හිතන්නෙ මට මතක නෑ කියලද? මම ඊයෙ රෑ ඔයාට කියපු දේට ඔයා උත්තර දුන්නා. ඇයි මතක නැද්ද මාව බදාගෙන මාත් ඔයාට ආදරෙයි ඔප්පාආආ... මාව දාලා යන්න එපාආආආ කියලා ඇඬුවෙ."
යුංගි කට කොනින් හිනාවෙන ගමන් කියද්දි මින්යූ බිම බලාගත්තෙ දරාගන්න බැරි ලැජ්ජාවක් ඇති වුන නිසා. මින්යූ ඒ වෙලාවෙ ඒක කිව්වෙත් යුංගි මත් වෙලා හිටපු නිසා කොල්ලට උදේ වෙද්දි ඕක අමතක වෙයි කියලා හිතලා. ඒත් මින්යූ කියපු හැම දෙයක්ම යුංගිට හොඳට මතකයි.
"දැන් ඔච්චර ඇඹරෙන්නෙ මොකද ආආ? මට ආදරෙයි කියලා ආයෙ පාරක් කියන්නකො."
යුංගි කිව්වෙ මින්යූව පිටිපස්සෙන් බදාගෙන ඇයගෙ උරහිසට ඔලුව තියාගන්න ගමන්. මීට කලින් කවදාවත් ඔහු මේ විදිහට හැසිරුණේ නැහැ කියලා ඇයට මතක් වුනා.
"ඔයා අද හරි අමුතුයි. ඕවා ඉගෙන ගත්තෙ කාගෙන්ද?"
"මං ජිමිනාගෙන් තමයි අහගත්තෙ ලව් කරන හැටි."
යුංගි කිව්වෙ හිනාවෙන ගමන්. කාටවත් ලේසියෙන් බලාගන්න බැරි යුංගිගෙ ලස්සන හිනාව අද ඔහුගේ මූණ පුරවගෙන තිබුණා. ටිකක් වෙලා මින්යූ දිහා බලාගෙන හිටපු යුංගි ඇයගේ නලල සියුම්ව සිපගත්තෙ ආදරය පිරුණු හදවතක් සමඟයි. ඔහු එක් මොහොතක තේරුම් ගත්තා තමන්ගෙ ආදරේ හංගගෙන ඉඳලා පස්සෙ පසුතැවිලි වෙන එක වැඩක් නැහැ කියලා. ඔහුට ඒක වැඩියෙන්ම තේරුණේ වර්නන්ගෙ ප්‍රශ්නෙ වෙලාවෙදි.
"දැන් අපි යමු මැණික... බලන්න තව ටිකකින් වහියි වගේ."
"හරි ඔප්පා....."
මින්යූගෙ අතින් අල්ලගත්ත යුංගි ගියේ ඔවුන්ගෙ කාර් එක ලඟට. දෙන්නම කාර් එකට නැගලා යන්න ලෑස්ති වුණත් කාර් එක ස්ටාර්ට් කරගන්න පුළුවන් වුණේ නැහැ. විනාඩි දහයක් විතර බලලා බැරිම තැන යුංගි කාර් එකෙන් බැහැලා ගිහින් බොනට් එක ඇරලා බැලුවා.
"මොකක්ද ඔප්පා අවුල?"
"අනේ මන්දා..... උදේ එනකොට නම් හොඳට තිබ්බා. පොඩ්ඩක් ඉන්න බලන්න."
යුංගි කාර් එන්ජින් එක පරීක්ෂා කරද්දි ඔහුට හම්බුනේ පුංචි කෑම කෑලි වගයක්. ඒවායෙන් බාගයක් විතර කර වෙලා තිබුණා වගේම තවත් ඒවා හොඳ තත්ත්වයෙන්ම තිබුණා. ටිකක් වෙලා බලද්දි යුංගිට තේරුණා වෙලා තියෙන දේ.
"යාආආආආ..... ජිමිනාආආආආ......"
හරියටම කිව්වොත් මේකත් ජිමින්ගෙ වැඩක්ම තමයි. ජිමින් බබාට දවසක් ඕන වුණා එයාගෙ ආසම කෑම වුන මෝචි කාටවත් නොපෙනෙන තැනක හංගලා තියන්න. ඉතින් එයා ඒකට තෝරගත්තෙ තමන්ගෙ යුගී බූගෙ කාර් එක. දැන් මේ වෙලා තියෙන දේවල් වලට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන ජිමින්.
********************
පැය භාගයක් විතර යනකොට නායුන්ට පුළුවන් වුණා යුංගිගෙ දින පොත කියවලා ඉවර කරන්න. ඒ වෙලාවෙ නායුන් හිටියෙ හිතාගන්න බැරි පුදුම ගොඩක් අස්සෙ හිරවෙලා. මේ වෙනකොට යුංගි කියන්නෙ ෆීනික්ස් පක්ෂියෙක් කියලා නායුන් තහවුරු කරගෙන තිබුණත් දින පොතේ ලියලා තිබුණු හැමදේම එයාට තේරුණේ නැහැ. ඒත් එක්කම නායුන් හිටියෙ අවුල් ජාලාවක.
"නායු මැණික අපි ආවා.... කොහෙද ඔයා?"
එකපාරටම පහල තට්ටුවෙන් ටේහ්යොන්ග්ගෙ කටහඬ ඇහෙද්දි නායුන් ඉක්මනින්ම දින පොත තිබුණු තැනින්ම තිබ්බා. ඒ ක්ෂණිකව කාමරෙන් එලියට ගිහින් කාමරේ ලොක් කරපු නායුන් තමන්ගෙ කම්මුල් වල තිබුණු කඳුළු පිහදාගත්තා. ඔව්.... යුංගිගෙ දින පොත පුරාම තිබුණෙ හරිම වේදනාත්මක මතක. ඒවා කියවන කෙනෙක්ගෙ ඇස් වලට කඳුළු එන එක හරිම සාමාන්‍ය දෙයක්.
අමතර යතුර අවශ්‍ය තැනින් තිබ්බ නායුන් පහලට දුවගෙන ගියා. ඇය දැක්කෙ තාමත් දොර ගාවට වෙලා හිනාවෙවී ඉන්න ටේහ්යොන්ග්ව. ඔහුව දැක්ක ගමන්ම තමන්ගෙ කඳුළු පාලනය කරගන්න බැරි වුන නායුන් ඔහුගේ ඉන වටේ අත් පටලවලා ඔහුට තුරුළු වුනේ තමන් ඇයි මෙහෙම කරන්නෙ කියලාවත් තේරෙන්නෙ නැතුව.
"නායු..... ඇයි මැණික? මොකද වුනේ.... අනේ ඇයි ඔයා අඬන්නෙ?"
ටේහ්යොන්ග් කෙල්ලගෙ කම්මුල් වලින් අල්ලගෙන කතා කරන්න පටන් ගත්තා. ඒත් එක්කම ජිමිනුත් ඇය ලඟට ආවෙ මොනවා වුනත් නායුන්ගෙ කඳුළු දකිද්දි ඔහුගේ හදවතත් ටිකක් ගැස්සුන නිසා. ඔවුන් ඇය අඬනවා දැකපු පලවෙනි වතාව. නායුන් කියන්නෙ ප්‍රශ්න දාහක් හිත අස්සෙ තියාගෙන වුනත් ඇයගෙ වටේට ඉන්න අයව හොඳින් තියන්න උත්සාහ කරන කෙනෙක්. හැබැයි ඇයටත් දරාගන්න බැරි දේවල් තිබුණා.
"එන්න පැටියෝ.... අපි ඉඳගමු. අනේ මැණික ඇයි මේ අඬන්නෙ? කතා කරන්නකො ප්ලීස්."
ටේහ්යොන්ග් කිව්වෙ නායුන්ව පපුවට තුරුළු කරගෙන ඇයගෙ කොණ්ඩය අතරින් සියුම්ව තමන්ගෙ ඇඟිලි අරගෙන යන ගමන්. ඇය අඬන දිහා බලාගෙන ඉන්න ඔහුට තාමත් ගොඩක් අමාරුයි.
"ආහ්... මට ප්‍රශ්නයක් නැහැ ටේ... මට ටිකක් දුක හිතුනා ඒකයි. දැන් ඒවා හරි.... ඉතින් ඔය දෙන්නා හොඳට ඇවිද්දද?"
නායුන් තමන්ගෙ කඳුළු පිහදාගෙන කතාව වෙන පැත්තකට යොමු කරන්න උත්සාහ කලා. ඒක කාටත් වඩා හොඳට ටේහ්යොන්ග්ට තේරුම් ගන්න පුළුවන් වුනේ පුංචි කාලෙ ඉඳලම ඇය ගැන අධ්‍යයනය කරන්න ගිය කෙනා ඔහු නිසා. ටේහ්යොන්ග් කියන්නෙ සාමාන්‍ය ලෝකෙ ජීවත් වෙලා අත්දැකීම් ගොඩක් අඩු කෙනෙක්. ඒ නිසාම තමයි ඔහුගේ ආදරෙත් ගොඩක් වෙනස් ස්වරූපයක් ගත්තෙ. ඔහු වෙලාවකට හරිම බොලඳ ආදරවන්තයෙක්. කොච්චර බොලඳ වුනත් ඒ ආදරේ ඇත්තටම අවංකයි.
"අපි මොනවා හරි බොමු. ඉන්න මම ඇපල් ජූස් අරන් එන්නම්."
නායුන් කුස්සියට යද්දි ටේහ්යොන්ග් තමන්ගෙ ඇස් වල තියෙන කඳුළු පිහදාලා ජිමින් දිහා බැලුවෙ හරිම අසරණ බැල්මකින්. ඔහු ගොඩක් අසරණයි. හිතන්න.... තමන්ට මේ ලෝකෙ ජීවත් වෙන්න තියෙන්නෙ ගොඩක් පුංචි කාලයක් නම් එතනින් පස්සෙ තමන්ව වැඩිපුරම ඕන වෙන කෙනෙක්ව තනිකරලා දාලා යන්න පුළුවන් ද? ඇත්තටම ඔහුට තිබුණෙ ලොකු අසරණ කමක්. කාගෙවත් ආදරයක් නොලැබුණු තමන්ගෙ එකම ආදරේ දාලා යන්න බැරි අසරණකමක්.
********************
"දැන් මේක රෙපෙයාර් කරන්න කොච්චර වෙලාවක් යයිද?"
"මං හිතන්නෙ මාසයක් වත් යයි සර්. මේ දවස්වල වැකේෂන් නිසා කවුරුත් වැඩ කරන්න නෑ. එයාලා ආවට පස්සෙ එන්ජින් එක ආයෙ අලුතෙන් දාන්න වෙනවා. පේන විදිහට මේකෙ වයර් මීයො කපලා වගේ."
යුංගි වගේම මින්යූ බලාගෙන හිටියෙ තමන්ගෙ කාර් එක රෙපෙයාර් කරනකම්. අමාරුවෙන් කාර් එක තල්ලු කරගෙන සර්විස් සෙන්ටර් එකට ආවෙ එතන ටිකක් ලඟ පිහිටලා තිබුණ නිසා. හැබැයි කාර් එක ලේසියෙන් රෙපෙයාර් කරගන්න පුළුවන් තත්වයක තිබුණෙ නැහැ.
"මීයො නෙවෙයි තාරාවෙක් වයර් කපලා තියෙන්නෙ. අනේ මන්දා මේ ජිමිනාගෙ බබා මූඩ් එක නම් මහ ඇණයක් වෙලාවකට."
ජිමින්ටත් බැන බැනම මින්යූගෙ අතින් අල්ලගත්ත යුංගි පාර පැත්තට ගියේ ටැක්සියක් කතා කරගන්න හිතාගෙන. ඒත් ඉතින් නිවාඩු දවස් නිසා පාරෙ එක වාහනයක් වත් තිබුණෙ නැහැ. ඇරත් යුංගි ඇවිදින්න ගිය පැත්ත ටිකක් ගම්බද පලාතක් වුන නිසා වාහනයක් හොයාගන්න එක ලේසි වුනේ නැහැ. ආයෙත් කෙල්ලගෙ අතින් අල්ලගෙන සර්විස් සෙන්ටර් එකට ආපු යුංගි එතන අයගෙන් වාහනයක් ගැන ඇහුවා.
"අපිට ටැක්සියක් ගන්න බැරි වෙයිද?"
"හපොයි මහත්තයො මේ දවස්වල මොන ටැක්සිද? ඕනම නම් අන්න අර බයිසිකල් එකෙන් යන්න. නිවාඩු දවස් ටික ඉවර වෙනකම් මෙහෙට වාහන එන්නෙ නෑ."
ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටපු යුංගි දැක්කෙ වැස්සක් අත ලඟම එනවා කියලා. ඒ නිසාම අමාරුවෙන් වුනත් බයිසිකලේ පැදගෙන ගෙදර යන්න දෙන්නම තීරණය කලා. විනාඩි කීපයකට පස්සෙ යුංගි බයිසිකලේ පදින්න පටන් ගත්තෙ මින්යූවත් ඉස්සරහින් දාගෙන.
ලස්සන කහ පාට ඩැෆඩිල් මල් පාර දෙපැත්තෙන්ම වැවිලා තියෙද්දි තැනිතලාවක් වගේ පේන ප්‍රදේශය දිගේ දෙන්නම සැහැල්ලුවෙන් ඉස්සරහට ගියා. ඇත්තටම යුංගිගෙ ගෙවල් තිබුණෙ විස්තර කරන්න බැරි තරම් ලස්සන පළාතක. හරියටම සුරංගනා කතාවක් හැබැහින් දකිනවා වගේ ලස්සනක් වගේම නිදහසක් ඒ හැම තැනකම තිබුණා.
යුංගිගෙ මූණ පුරාම ගොඩක් ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා. ඒ වගේමයි මින්යූගෙ මූනත්. මේ වගේ නිදහස් ගමනක් යන්න ලැබෙන එක ඔවුන්ගේ වාසනාවක්. විශේෂයෙන්ම මේ ගමන ඔවුන් දෙදෙනාටම හොඳ මතකයක් වගේම අත්දැකීමක් වුණා. ටික වෙලාවකින් පුංචි හිරි පොද වැස්සක් පටන් ගනිද්දි මින්යූ තමන්ගෙ අත් ඉස්සරහට දිගු කරලා වැටෙන වැහි බිඳු අල්ලන්න පටන් ගත්තා. හැබැයි කෙල්ලට වැඩි වෙලාවක් වැස්සෙ තෙමෙන්න ලැබුණෙ නැහැ.
"අනේ යුංගි ඔප්පා.... මට ටිකක් තෙමෙන්න දෙන්නකො."
"බෑ බෑ.... තෙමිලා ඔයා අසනීප වුනොත් එහෙම."
බයිසිකලේ ටිකකට නවත්තපු යුංගි තමන්ගෙ කෝට් එක මින්යූගෙ ඔලුවට දාලා ඇයව තවත් තමන්ට ලං කරගෙන ආයෙමත් බයිසිකලේ පදින්න පටන් ගත්තා. ඒ මොහොත හරිම ආදරණීයයි වගේම සුව පහසුයි.
මේ අතර නායුන් හිටියෙ ජිමින් ටේහ්යොන්ග් දෙන්නත් එක්කම ජිමින්ගෙ කාමරේට වෙලා. උණුසුම් තේ එකක් එක්ක සැරට හදපු ස්නැක් එකක් කන ගමන් තුන්දෙනාම ජනේලෙන් එලියෙ බැල්කනි එකට වෙලා හිටියා. යුංගිගෙ ගෙදර වටේටම පිරිලා තිබුණෙ කොල පාට ගස් වැල්. ඇත්තටම එතන හරිම සන්සුන් තැනක්. ජිමින්ගෙ කාමරේට මුළු උද්‍යානයම ගොඩක් ලස්සනට පෙනුනා.
"ම්ම්.... මං හරිම ආසයි වැස්ස වෙලාවට මෙහෙම ඒ දිහා බලාගෙන තේ බොන්න. මේ වෙලාවට තව...."
"ලස්සන සිංදුවකුත් තිබුණා නම් හොඳයි නේද?"
ජිමින් කිව්වෙ නායුන්ගෙ හිත කියෙව්වා වගේ. එහෙම්මම පුටුවෙන් පැන්න ජිමින් යුංගිගෙ කාමරේට ගිහින් ගිටාර් එකක් අරගෙන ආවා. ඒත් එක්කම තුන්දෙනාම ගියේ බැල්කනියෙ බිම හදලා තිබුණු කොට්ට ගොඩ ලඟට. ජිමින් නිතරම පොඩි බබෙක් වුන නිසා ඒ වෙලාවට ඔහු නිතරම ඉන්නෙ මේ කොට්ට ගොඩ උඩ පෙරලිලා.
"අපි සිංදුවක් කියමු ටේ...."
ජිමින් කියද්දි ටේහ්යොන්ග් ඔලුව වනලා සිංදුවක් කියන්න පටන් ගත්තෙ ජිමිනුත් ඔහුට එකතු වෙද්දි. ඇත්තටම ඔවුන් දෙන්නම එක වගේම මේ වැඩේට දක්ෂයි. දෙන්නගෙම කටහඬවල් කියාගන්න බැරි තරම් මිහිරියි. මේ වැස්සෙ සීතලත් උණුසුම් තේ එකත් එක්ක ඒ රසය තවත් වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා.
"Nan dareseo, neon byeoreseo..... Uri daehwaneun sukje gatatji..... Haruneun bepeu, haruneun wensu.... I just wanna understand.....
Hello my alien..... Urin seoroui mystery..... Geuraeseo deo teukbyeolhan geolkka....."
______________________________________________
____/__/__
හැඟීම් වලින් මාව මරලා දාන්න පුළුවන් කියලා මම අහලා තිබුනා විතරයි. ඒත් මගේම පවුලෙ අය මාව මරන්න උත්සාහ කරයි කියලා මම කවමදාවත් හිතුවෙ නැහැ. ඉතින් මං කාව නම් විශ්වාස කරන්නද?
- Diary of someone who born with fire -
______________________________________________
මට ඕන මේ කතාව හදවතට දැනෙන එකක් කරන්න. ඔයාලා සංවේදී වෙන තැන් තියෙනවද? මම දන්නෑ එහෙම වුනාද කියලා ඒත් මේ කථාවෙදි මම එහෙම කරයි කියලා මම ගොඩක් බලාපොරොත්තු වෙනවා. මං මේ කතාවට ආදරෙයි.
අප්ඩේට් ලඟ වැඩියි නම් සොරි..... ආයෙ දවස් දෙක තුනකට නොදී ඉන්නම් හී....