Born With Fire || MYG ✓

By Silvermirror23

9.3K 2K 3.8K

ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා ගනී... ඉතාමත් දරුණු බැඳීම් වල අවසානය... විශේෂයෙ... More

Prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Last Chapter
Characters
A/N
New Story

Chapter 16

261 70 125
By Silvermirror23


"මේක කාගෙ ඩයරියක්ද?"

නායුන් තමන්ගෙ අතේ තියෙන කාලයක් හිතාගන්න බැරි තරම්ම පැරණි සම් වලින් හදපු දිනපොත එහෙට මෙහෙට හරවලා පරීක්ෂා කළා. ඉන්පසුව ඇය තීරණය කලා දිනපොත කියවලා බලන්න. මේ දිනපොත යුංගිට අයිති බවට නම් ඇයට යම්තාක් අදහසක් තිබුණා. ඇය දුටුවේ දිනපොතේ විශේෂයෙන් සටහන් කර තිබෙන දේවල් කිහිපයක්. යුංගිගේ ඇඳෙන් ඉඳගත්ත නායුන් දිනපොත කියවීම ආරම්භ කළා.


********************


1647 පෙබරවාරි 23 

අද මම ඇය දෙස බලා සිටියා. මගේ මිනිස් ස්වරූපය ලැබීමෙන් පසු මා දුටු ප්‍රථම රුව ඇයගේයි. ඇය සුන්දරයි වගේම රාජකීය පෙළපතකට අයත් කුමරියක් බවයි පෙනුණෙ. මට ඇයව හමුවීමට යාමට අවශ්‍යයි. ඇයට මාව කොහොම පෙනේවිද?


එය යුංගිගේ පලමු ආත්මයයි. ඒ ආත්මයේදී ඔහු ප්‍රථම වතාවට සිය ෆීනික්ස් ස්වරූපයේ සිට මිනිස් ස්වරූපයට පරිවර්තනය වීම සාර්ථකව සම්පූර්ණ කලා. ඔහු සිය මිනිස් රූපයට පරිවර්තනය වූ පලමුව ඔහු දුටුවේ කැලෑව තුල එහෙ මෙහෙ දුවමින් ක්‍රීඩා කරන තරුණ වියේ පසුවන ගැහැණු ළමයෙක්. ඒ ඔහුගේ පළමු වතාව මිනිස් තරුණියක් ඇස ගැටුණු. ඉතින් ඔහු ඒ රූපයට හදවතින් බැඳීම ආරම්භ කරනවා.

ඇය තරුණ රාජ කුමරියක් වන අතර ජෝසොන් රාජ වංශයේ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ අමාත්‍ය පවුලකට අයිති දරුවෙකු වුණා. ඉතින් යුංගිගේ සිත නිතරම ඔහුට පැවසුවේ තමන් වැනි අමුතු ජීවියෙකුට ඇය අකමැති වේවි කියලයි.


1745 අගෝස්තු 29

මම ඇය අසලට ගියා. ඇය මගේ දෑස් දෙස බලා සිටියේ වෙනදා මෙන්ම බයෙන්. නමුත් ඇය සෙමෙන් මගේ හිස අතගාන විට මට යමක් දැනුණා. මගේ ෆීනික්ස් ස්වරූපය තුල සැඟව තිබුණු හැඟීම් ඇය අවදි කරවනවා.


යුංගි ඇයව සොයා ගියත් එවිට වසර ගණනාවක් ගෙවී තිබුණු නිසා ඇය තවදුරටත් ජීවතුන් අතර නැති බව ඔහු දැනගන්නවා. ඒ සමඟම ඔහු ඇයගේ නැවත උපතක් සිදු වන තුරු බලා සිටීම අරඹනවා. 

සිය ෆීනික්ස් දිවියෙන් වසර 98 කට පසුව ඔහුට ඇයව නැවතත් හමුවෙනවා. මෙවර ඔහු ඇය වෙත යන්නේ ෆීනික්ස් ස්වරූපයෙන් පමණක් වන අතර පෙර පරිදිම රාජ කුමරියක් වුන ඇයව ඔහුට කැලෑවේදී මුණ ගැසෙනවා. ඒ අවස්ථාවේදී ඇය මේ අමුතු නමුත් පියකරු සත්ත්වයාට ඉතා කරුණාවෙන් සලකන්නේ ඔහුගේ සිතේ ඇති හැඟීම් තවදුරටත් වර්ධනය කරමින්.


1747 මැයි 23

ඇය මගේ හදවතේ තුවාල වලට ඔසුවක් වුණා. මං ඇයගේ ශාරීරික තුවාල වලට ඔසුවක් වුණා. අවසානයේ මට ඇයව නොමැතිව ජීවයක් නොමැති තරමටම මා ඇය වෙත ලංවුණා.


ඇයව දෙවැනි වතාවට හමුවීමෙන් පසු යුංගිට අවස්ථාව ලැබෙනවා ඇයව ආරක්ෂා කිරීමට. ඒ අනුව යුංගි එතැන් සිට ඇයගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරනවා. ටිකෙන් ටික ඇය ඔහුට දක්වන සෙනෙහස නිසා ඔහු දිගින් දිගටම ඇය වෙතට ලංවෙනවා. එසේම ඔහුගේ තනිකමින් පිරුණු දීර්ඝ කාලීන ජීවිතයේ තනිකම ඇය නැති කර දමනවා. එලෙසින්ම ඔහුත් සිය දුර්ලභ ගණයේ කඳුළු වලින් ඇගේ සියලු වේදනාවන් නැති කර දැමුවා.


1749 ඔක්තොම්බර් 13

මට සොහොයුරෙක් හමුවුණා. ඔහු හරියටම ඔබ වගේමයි. මම අදහස් කලේ ඔහු ඒ තරම්ම හුරතල් බවයි. ඔබ වෙත පැමිණෙන කාලයට තවත් දින ඉතුරුව තිබේ. මීලඟ ආත්මයේ හමුවෙමු.


යුංගිට ඔහුගේ සොහොයුරා ජිමින්ව හමුවුනේ ඇය සමඟ සිටි කාලය අතරතුරමයි. යුංගි පලමු වතාවට පිට කෙනෙක්ව තමන්ගේම පවුලේ සාමාජිකයෙකු බවට පත් කරගත්තා. ජිමින්ගේ තිබුණු අඩුපාඩුකම් නිසාම ඔහු පවුලෙන් කොන් වෙද්දි යුංගි ඔහුට රහසිගත සහෝදරයෙක් වුණා. නමුත් ඒ වනවිටත් ඔහු සිය පවුලේ සතුරෙකු බව ජිමින් දැනසිටියේ නැහැ.

එතනින් යුංගි සහ ඔහුගේ ප්‍රේමය අතර දෙවන ආත්මය එලෙසින් අවසන් වුණා.


 1890 සැප්තැම්බර් 28

ආයෙමත් අලුතෙන් ආරම්භ කරන්න මම සූදානම් වුණා. ඔබ තවමත් පුංචි දැරියක්. මගේ අත් අතරට අරන් හුරතල් කරන්නත් මට අවස්ථාවක් ලැබුණා. මං ආදරෙයි යූ.... මට ඕන වුණා එහෙම කියන්න. නමුත්, මම සේවකයෙක් විතරක් නිසා ඔබට ආදරේ කරන්න අයිතියක් නැහැ මට.


නැවතත් සිය එකම ආදරයේ උපත සිදු වන තුරු ඔහු බලා සිටියා. ඒ ජෝසොන් රාජවංශයේ මැද භාගය නිසා මේ ආත්මයේදී ඇය රාජ්‍යයේ අධිරජුගේ මහා අමාත්‍යවරයාගේ දියණිය වුණා. පෙරටත් වඩා ඇය වැදගත් රාජ කුමරියක් වන විට ඔහු මේ ආත්මයේදිත් ඇයගේ ආරක්ෂකයා බවට පත් වුණා. 

මේ කාලය වන විට මාලිගාවේ සියල්ලන්ම ෆීනික්ස් පක්ෂීන් සිය විශේෂ පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා යොදා නොගත්තත් ඇයට තමන් ලඟ දුර්ලභ රතු කහ ෆීනික්ස් පක්ෂියෙක් තියාගන්න අවස්ථාව ලැබුණා. ඇය උපත ලබා දින කිහිපයක් තුල ඇයව යුංගිට බාර කල අතර ඔහු ඇයව කුඩා කල සිට රැක බලා ගත් ඇයගේම ආදරවන්තයා වුණා. නමුත් ඔහු සේවකයෙක් පමණක් වීම නිසා තවදුරටත් ඇයට අයිති ආදරය සඟවාගෙන සිටීමට ඔහු තීරණය කලා.


1968 පෙබරවාරි 21 

ඔබව මට හිමි වුනත් අයිති කරගත නොහැකියි තවමත්. ඔබ මට දුරින් තිබෙන මලක් වගේ. මං ආදරෙයි. නමුත් අපට ආදරේ කරන්න පුළුවන් ද? මම ඔබට ආදරේ කරන්නෙ කොහොමද? මම ඔබගේ සේවකයා පමණක්ම වනවිට.


ඒ ජෝසොන් රාජවංශයේ අවසානයට පසු කාලයයි. සියල්ල පෙරට වඩා වෙනස් ස්වරූපයක් ගනිද්දි ටිකෙන් ටික කොරියානු යුද්ධය ඇරඹුනා. යුද්ධය නිසා ඇයගේ පවුලේ සියල්ලන් ඇයට අහිමිව යද්දි අවසානයට ඇයට ඉතුරු වුණේ ඇයගේ එකම ආදරවන්තයා සහ ආරක්ෂකයා වුන යුංගි පමණයි. යුංගි දිගින් දිගටම ඇයව ආරක්ෂා කලත් ඔහුගේ ආදරය දිගින් දිගටම සඟවාගෙන සේවකයෙකුගේ තැන පමණක් සිටීමට ඔහු උත්සාහ කරනවා.


1975 ජූලි 28 

මං දැක්කා මගේ පුංචි මල්ලි කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා. එයා ලේසියෙන් පරාද වෙන එකක් නැහැ. මගේ මල්ලි එයා ලඟට ඇවිදගෙන ගියා. ඒත්.... සිද්ධ වුණේ මහ නපුරු දෙයක්... කාටවත්ම වෙන්න හොඳ නැති නරකම නරක දෙයක්.


ඔහුගේ සොහොයුරා ජිමින් තමන්ගෙ පලමු ආදරය පසුපස යන්න පටන් ගත්තා. නමුත් එක් වරකට වඩා ඔහු ඇයව හොඳින් දැක තිබුණේ නැහැ. ඔහු ඇයට ආදරය කරන්න පටන් ගනිද්දි දිනක් ඔහු තීරණය කරනවා ඇය වෙත ගොස් සිය හැඟීම් ප්‍රකාශ කරන්න. නමුත් ඊට වඩා වේගයෙන් නපුර ක්‍රියාත්මක වුණා.

ඒ කාලය කාල පක්ෂීන් මේ ප්‍රදේශය ආක්‍රමණය කල මුල්ම කාලයයි. එසේම යුංගිගේ ආදරය ඇයට වඩ වඩාත් අවශ්‍ය වුණු කාලයයි. එක්වරම ජිමින්ට කාල පක්ෂීන් පහර දෙද්දි යුංගි ඔහු වෙත යනවා. ඔහුට අවශ්‍ය වුනත් ජිමින් කාල පක්ෂීන් නිසා ගින්නෙන්ම මිය යනවා.

නමුත් එතනින් පසු ඔහු දැනගන්නවා කාල පක්ෂීන්ගේ මූලික ඉලක්කය ඔහුවත් ජිමින්වත් නොවන බව. ඔවුන්ගේ ඉලක්කය වුනේ යුංගිගේ එකම ආදරය.


1976 ජූලි 28

මගේ මල්ලිගෙ එකම ආදරේ වගේම මගේ එකම ආදරෙත් එදා කාල පක්ෂීන් නිසා නැති වෙලා ගියා. ඒ වේදනාව දරාගන්න බැරුව එයත් යන්න ගියා. හරියට මම යන්න තීරණය කරපු විදිහටම.


කාල පක්ෂීන්ගේ ආක්‍රමණයෙන් සිය එකම ආදරය වත් සිය සහෝදරයා වත් ගලවා ගැනීමට යුංගිට නොහැකි වනවා. ඔහු ජිමින්ව බේරාගැනීමට උත්සාහ කලත් එය ව්‍යර්ථ වන්නේ කාල පක්ෂීන් නිසා ජිමින්ගේ එකම ආදරය මිය යාමත් සමඟයි. 

ෆීනික්ස් පක්ෂියෙකුට සිය ආදරය අහිමි වීම දරාගත නොහැකි වේදනාවක්. ඒ නිසාම ඔහු මිය යනවා. මෙතරම් කාලයක් සිය ආදරයේ අවසානය දකිමින් පවා ජීවත් වුනු යුංගි සාමාන්‍ය ෆීනික්ස් පක්ෂියෙකුට වඩා ශක්තිමත් අයෙක්. ඉතින් ඇය ඔහුව හැරගොස් තිබුණත් ඔහු තවදුරටත් දරා ගත්තා.


1976 සැප්තැම්බර් 20

මමත් මගේ ජීවිතේ මේ අදියර අවසන් කරන්න තීරණය කළා. මම මගේ අවසන් හෝරාව ගත කලේ මගේ ප්‍රියයන් වෙනුවෙන් වෙන් කල සොහොන දිහා බලාගෙන. ඔයාව මගෙන් උදුරගත්ත අයට වන්දි ගෙවන්න වෙයි මැණික. මගේ හැමදේම නැති කරපු කාල පක්ෂීන්ට හැමදේටම වන්දි ගෙවන්න වෙයි.


කාල පක්ෂීන්ගේ ආක්‍රමණයයෙන් පසු ගත වුනු මාස දෙක පුරාවටම යුංගි ජිමින්ගේ නැවත උපතට අවශ්‍ය දේවල් සූදානම් කලා. ඔහුගේ අඩුපාඩු කම් සහ විශේෂත්වය නිසා සිය පවුලෙන් ඉවත් කරන ලද ජිමින්ට නැවත ඉපදීමක් ලබා ගත නොහැකි වන ලෙස ශාප කර තිබුණා. ඒ ශාපය ඉවත් කල නොහැකි වුනත් එහි බලය අඩු කිරීම මඟින් ජිමින්ව නැවතත් ආත්මයකට ගෙන ඒමට යුංගි උත්සාහ කරනවා. 

නමුත් පලමු ආදරය අහිමි වීමෙන් පසු නැවත ජීවත් වීමට තරම් ශක්තිමත් හදවතක් ජිමින්ට ඉතුරු වුණේ නැහැ. ඉතින් යුංගිට සිදු වුණා ඔහුව ජිමින් සහ ටේහ්යොන්ග් ලෙස කොටස් දෙකකට වෙන් කරන්න.


2000 මාර්තු 9 

මම නැවතත් ගින්දර මතින්ම ඉපදුණා. මේ සියල්ල නිවැරදි කල යුතු කාලය ඇවිත්. තවත් කාලයක් මට ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න වේවි. මගේ එකම ආදරේ, මගේ සහෝදරයා සහ ඔහුගේ එකම ආදරයත් නැති වෙලා යද්දි මට කරන්න දෙයක් තිබුණෙ නැහැ. මමත් ඔවුන් නැතිව කාලයක් ගත කලා. නමුත් මම දැන් ආයෙත් ජීවත් වෙන්න ලෑස්තියි.


සියලු දේ අවසානයේ යුංගි සිය ජිවිතය අතහැර නැවතත් ගින්දර මතින්ම උපත ලබා වසර කිහිපයක්. ඔහු සිය නැති වූ ප්‍රියයන් නැවත ඉපදෙන තුරු බලා සිටියා. මුලින්ම ඔහු කල් තියා සූදානම් කල පරිදි ජිමින්ගේ උපත සිදු වන තුරු බලා සිටි අතර ඔහුගේ උපතින් පසුව ඔහු බලා සිටියේ සිය එකම ආදරය නැවත උපත ලබන තුරුයි.


2000 ඔක්තෝම්බර් 29

මගේ පුංචි මල්ලිගෙ ජීවිතේ තිබුණෙ ලොකු අනතුරක. කාල පක්ෂීන් එයාගෙ ජීවිතේ සම්පුර්ණයෙන්ම අවුල් ජාලාවක් කලා. මට සිද්ධ වුණා ඒක ඒ විදිහට වෙන්න දෙන්න. ඒත් දවසක ඒක එයාලට මොන විදිහට බලපායිද?


ජිමින්ගේ ජීවිතය පවත්වාගැනීම හිතුවාටත් වඩා අපහසු වුනා. ජිමින්ට මිය යන්න සිදු වුනේ ඔහුගේ වරදකින් නොවන බවත් ඔහුගේ අඩුපාඩු කම් නිසා අසාධාරණ ලෙස ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුන බවත් යුංගි දැඩි ලෙස විශ්වාස කලා. ඉතින් ඔහුට අවශ්‍ය වුණේ ජිමින්ට සාධාරණයක් කරන්න.

ඒ අනුව තමන්ගෙ එකම ආදරවන්තිය විනාශ කල ෆීනික්ස් පක්ෂීන්ගේ ලොකුම හතුරන් වන කාල පක්ෂීන්ට අයත් ජිමින්ව ඔහු ඒ කිසිවක් නොසලකා රැක බලා ගන්නවා. ජිමින්ට පෙර නොලැබුණු ආදරය සෙනෙහස නැවතත් ලැබෙන්න පටන් ගත්තත් ඔහුගේ ජීවිතය තවදුරටත් අවුල් ජාලයක් පමණයි.

ජිමින්ගේ ශරීරය සහ ආත්මය කොටස් දෙකකට වෙන් කිරීමෙන් අනතුරුව කාල පක්ෂීන් මේ ගැන සොයාගන්නවා. ජිමින්ගේ විශේෂත්වය තමන්ට තර්ජනයක් වන බව දැනගත් කාල පක්ෂීන් ඔහුව විනාශ කිරීමට දිගින් දිගටම උත්සාහ කලා. නමුත් ඔහුගේ කොටස් දෙකම නොමැතිව එය කල නොහැකි බව දන්නා යුංගි ජිමින්ගේ අනිත් කොටස වන ටේහ්යොන්ග්ව වෙනත් ප්‍රදේශයකට යවා රහසේ රැකබලා ගන්නවා.


2001 ජනවාරි 24 

මගේ වැඩ පටන් ගන්නවා. ආපහු ඔයාව මගේ ලඟට අරගන්නවා මම. මේ ආත්මෙත් ඔයා පුළුන් බෝලයක් වගේ හුරතල්. හැබැයි මේ පාර ඔයාට විතරක් නෙවෙයි තවත් කෙනෙක්ට මෙහෙට එන්න වෙනවා.


යුංගි දැනගන්නවා ඔහුගේ එකම ආදරය නැවතත් උපත ලබා ඇති බව. ඒ වගේම ඔහු ඇයව නැවතත් තමන් වෙත ගෙන ඒමේ කටයුතු සූදානම් කරනවා. ඒ අනුව ඔහු තවත් තරුණියක් මේ සඳහා තෝරාගන්නවා. ඇයව තෝරා ගැනීමෙන් පසු ජිමින්ගේ අනිත් කොටස ඇයව බලන්න පිටත් කර යවන යුංගි තමන්ගෙ එකම ආදරය නැවත නිසි වයසට පැමිණෙන තුරු බලා සිටිනවා.


2001 අගෝස්තු 8 

මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඔහු තව කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන්. මම කොහොමද කෙනෙක්ගෙ හැඟීම් වෙනස් කරන්නෙ? මම කොහොමද ඒ ආදරේ නවත්තන්න කියලා කාටවත් බල කරන්නෙ?


යුංගිගේ එකම ආදරය ඔහු වෙත ගෙන්වා ගැනීමේදී යුංගි ටේහ්යොන්ග් හරහා නායුන්ගේ චරිත ලක්ෂණ පිළිබඳ සොයා බලනවා. මේ තරම් දේවල් රහසිගතව පවත්වාගෙන යා හැකි මනසක් ඇයට තිබිය යුතුයි. ඒ අතරතුර ඔහු කිසිදා නොසිතූ දෙයක් සිදු වෙනවා. 

නායුන්ගේ චරිත ලක්ෂණ නිරීක්ෂණය කිරීමට යැවූ ටේහ්යොන්ග් ඇය සමඟ ආදරයෙන් බැඳෙනවා. ඒ කාල සීමාවේදී ජිමින්ගේ ජීවිතය පවත්වාගැනීම නොසිතූ ලෙස පහසු තත්වයට පත් වෙනවා. එයට හේතුව වුණේ ටේහ්යොන්ග් සහ ඔහුගේ ආදරය නායුන් බව යුංගි සොයා ගන්නවා. 

ජිමින් යනු සිය ආදරය අහිමි වීමේ වේදනාවෙන් පීඩා විඳින කෙනෙක්. ඒ නිසාම ඔහුට ආදරය නොමැති තැන ඔහුගේ ජීවිතය පහසු නැහැ. නමුත් ටේහ්යොන්ග් තුලත් ප්‍රබල ආදරයක් ඒ වනවිට පැවතීම නිසා ජිමින්ට ජීවිතය ගෙන යාමට ඒ ආදරය ප්‍රමාණවත් වුණා. 



______________________________________________

ආදරය, ඔවුන් තිදෙනා අනුව එය ආකාර තුනකින් ඉදිරිපත් වුණා. යුංගි, ඇය වෙනුවෙන් ආත්ම ගණනාවක් එකදිගටම ආදරය කලා. ජිමින්, තමන්ගෙ ජීවිතයේ දැකපු එකම එක ආදරයක් වෙනුවෙන් කැප වුණා. ටේහ්යොන්ග්, තමන්ගෙ ජීවිතේ වැඩි කාලයක් ගත කලේ තමන්ගෙ ආදරේ ගැන විස්තර හොයන්න. ඉතින් කාගෙ ආදරේද ඔයාලට ඕනෙ?

______________________________________________


අද ජිමින්ගෙ ඩයරිය නෑ.... මේක නිකං ඉතිහාස කතාවක් කියෙව්වා වගේද? ඔයාලට කම්මැලි හිතුනද දන්නෑ? ඔය තද කළු පාටින් තියෙන ටික විතරයි නායුන් ඩයරියෙන් කියවන්නෙ හරිද... අනිත් විස්තර කිරීම් එයා දන්නෑ. 

මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.


Continue Reading

You'll Also Like

715 200 8
ඔයාට මතකද ඒ දවස... මම මුලින්ම ඔයාව අහපු දවස... ඒ කට හඬ මට ඇහුණ දවස... අදටත් මම අහන්න ආසම හඬ... හැම දේටම හේතු හොයන මම... ඔයාගේ කට හඬ අහන්න හේතු හෙව්වේ...
9.5K 1.2K 16
Idol × fan ලංකාවේ කෙල්ලෙක් ගැන ආදරයක් ඇති උන අහිම්සකයෙක් Published date . 7th July 2023 End 8th July 2023 Hello මේක මගේ පලවෙනි...
964K 22K 49
In wich a one night stand turns out to be a lot more than that.
264K 3.8K 74
Meet Ariel. No not the Disney princess. She's just a regular 14 year old girl...except for the fact that she loves baseball. She meets the Sandlot g...