Born With Fire || MYG ✓

By winterme05

10.4K 2.2K 3.8K

වෙස් මාරු කල හැකි ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා යයි. This is my original work... More

Prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Last Chapter
Characters
A/N

Chapter 15

331 73 258
By winterme05


"අනේ ඇත්තට මේ ගෙදර මොකෙක්වත් තාම නැගිටලා නැති හැටි. මං මෙතන බත් තම්බ තම්බ ඉන්න ඕන."

නායුන් උදේ පාන්දරම කෑම හදන ගමන් හිටියෙ. කලින් දවසෙ වෙච්ච කලබල එක්ක හැමෝම ඒතරම් හොඳ මානසිකත්වයකින් හිටියෙ නැහැ. ඒ නිසාම කාටවත් ඇහැරවන්නෙ නැතුව නායුන් ගෙදර වැඩ ටික පටන් ගත්තා. වෙනදට උදෙන්ම ඇහැරෙන්න ඕන වුනත් නිවාඩු දවසක් වුන නිසා එහෙම කරන්න වුවමනාවක් තිබුණෙ නැහැ.

කට්ටියගෙම උදේ තේ ටික හදලා කෑම මේසෙන් තියපු නායුන් උඩට ගියේ මින්යූව බලන්න හිතාගෙන. කෙල්ල ඊයෙ දවසම අඬ අඬ හිටපු නිසා මහන්සියටම නින්ද ගිහින් ඇති කියලා හිතුණු නිසයි නායුන් ටිකක් පරක්කු වුනේ. කාමරේ අගුල කරකවලා බලද්දි දොර ඇරුන නිසා නායුන්ට තරමක සහනයක් දැනුනා. හැබැයි ඉතින් කාමරේ ඇතුලෙදි දැක්ක දේ නම් ඇයගෙ සන්සුන් බව නැති කලා.

"මොකා.... මං තාම නිදි විකාරෙන් ඇවිදිනවද? මට ඔම්මා ඉස්සර ඉඳන්ම කියනවා ෆෝන් බලද්දි කණ්ණාඩි දෙකක් දාගන්න කියලා. කොහෙද මගේ ගොං මොලේට ඒවා තේරුණේ නෑනෙ. දැන් නම් මගේ ඇස් දෙකට පිස්සු හැදිලද කොහෙද? නැත්තං අර තඩි පූස් මින්යූවා එක්ක පෙමින් වෙලිලා ඉන්නෑනෙ."

තමන්ගෙ ඇස් දෙකත් පිහදාගෙන ආයෙත් ඒ දිහා බලපු නායුන් සද්ද නොකරම කාමරෙන් එලියට ආවා. ඇය දැක්කෙ මින්යූවත් තුරුළු කරගෙන ඇඳ ලඟ බිම ඉඳගෙන ඉන්න යුංගිව. දෙන්නම සනීපෙට නිදාගෙන හිටියෙ. එකපාරටම දැකපු ගමන්ම සද්ධන්ත යුංගිගෙ ඇඟ අස්සෙ පුංචි දරුවෙක් ඉන්නවා වගේ පේන තරමටම මින්යූ ඔහුට වඩා පුංචි වුනා. ඔහු ඇයව තුරුළු කරගෙන හිටියෙ පොඩ්ඩක් හරි අතෑරුණොත් කෙල්ල පොලවට වැටිලා දියවෙලා යයි වගේ.

"මේ ගිනි පූසා හිරෝෂිමාවට දාපු බෝම්බෙ වගේ ක්‍රියාකරන්නෙ මට විතරයිනෙ යකෝ. දැන් නිකං පූස් පැටියෙක් වගේ මින්යූව පොඩි කරගෙන ඉන්න ලස්සන. ඒ බදා ගැනිල්ලට කෙල්ලට හන්දිපත් අමාරුවක් වත් හැදෙයිද මන්දා."

රටේ නැති පිස්සු විකාර කියව කියව කොරිඩෝව දිගේ ගිය නායුන් ජිමින්ගෙ කාමරේට ඇතුල් වුනා. ඇයට ඕන වුණා ජිමින්වත් ඇහැරවගෙන ගිහින්ම මේ වෙලා තියෙන විපර්යාසය පෙන්නන්න. ජිමින්ට නිතරම අසනීප වෙන නිසා කාමරේ අගුළු නොදා ඉන්න එක ඇයට කාමරේ ඇතුලට යන්න පහසුවක් වුණා. කාමරේ ඇතුලට ගිය ඇය දැක්කෙ තාමත් කොට්ටයක් තුරුළු කරගෙන හොඳටම නිදාගෙන ඉන්න ජිමින්ව.

"බලන්න මේ අහිංසකයා තාම ඇඟිල්ලත් කටේ ගහගෙන කොට්ටෙ බදාගෙන නිදි. ඒකට අර පූසා මහ හොරෙක්නෙ. මේ ඊයෙ රෑ අපි දෙන්නට පිම්බුවා දොර කඩන්න එපා කියලා. මෙන්න අද බලනකොට තුරුල් කරගෙන නිදි."

කෙල්ල කියවන ගමන්ම ජිමින්ගෙ ඔලුව අතගෑවා. ටිකක් වෙලා යද්දි ජිමින් එහෙට මෙහෙට හැරෙන්න ගත්තම නායුන් කොල්ලව ඇහැරවන්න පටන් ගත්තා. 

"ජිමින්.... ජිමින් නැගිටින්න අනේ එන්නකො යන්න. මාර වැඩක් තියෙනවා ඔයාට පෙන්නන්න."

"ම්ම්හ්..... හ්ම්...... ආහ්....ම්ම්......"

"මෙහෙ එන්නකො ඉතින්."

කොල්ලා නිදිමතේම ඇඳෙන් ඉඳගනිද්දි කොල්ලව නැගිට්ටවලා අතින් අල්ලගෙන නායුන් යුංගිගෙ කාමරේ පැත්තට යන්න පටන් ගත්තා. ජිමින්ගෙ කම්මැලිකම බේරෙන මූණ අවුල් වුන කොන්ඩෙ දිලිසෙන ඇස් එක්ක ඔහු හරියට පුංචි බබෙක් වගේ. ඒත් එක්කම ඔහු ඇඳගෙන හිටපු තාර පිජාමා එකත් හොඳට ගැලපුනා. කෙල්ලගෙ පස්සෙන් ඇදිලා ගිය ජිමින්ගෙ නිදිමත නැති වෙලා ගියේ යුංගි මින්යූ දෙන්නා දැක්කට පස්සෙ.

"දැක්කා නේද ජිමින්.... අර ගිනි මකරා අපි දෙන්නට තමයි පිඹින්නෙ. අන්න බලන්න පූසෙක් බෝලයක් බදාගෙන ඉන්නවා වගේ වෙලිලා ඉන්න හැටි."

ටිකක් වෙලා දිලිසෙන ඇස් වලින් ඒ දිහා බලාගෙන හිටපු ජිමින්ගෙ කට කොනට පුංචි හිනාවක් එන්න පටන් ගත්තා. එකපාරටම කොල්ලගෙ මූණ වෙනස් වෙච්ච එක ගැන නායුන්ට හොඳ හැඟීමක් අරගෙන ආවෙ නෑ. ටික වෙලාවකින් ජිමින් මහ හයියෙන් කෑගහන්න ගත්තෙ නායුන්ගෙ සැකේ ඇත්තක් කරලා.

"ආආආ.... යුගී බූඌඌඌ.... උයා නූලාව තලනවා... අල්ල යුගී බූඌඌඌ නූලාව ගිලින්න අදනෝ.... ඔම්මාආආ.... අල්ල අලයාව බේලගල්ලෝ...."

"ආශ් ජිමින්..... කට කට දෙයියනේ කට වහගන්න."

නායුන් කොච්චර කිව්වත් ජිමින් උඩ පැන පැන කෑගහන්න ගත්ත එකෙන් වුනේ යුංගි වගේම මින්යූ දෙන්නම ගැස්සිලා ඇහැරුණ එක. කෙල්ල අකුණක් ගැහුවා වගේ යුංගිගෙන් ඈත් වෙද්දි යුංගි හිටියෙ කොච්චි කරලක් වගේ රතු වෙලා. තමන්ව අහුවුන එකේ ලැජ්ජාවටත් වඩා ඔහුට තරහා ගියේ කොල්ලා කෑගහන්න ගත්ත එකෙන්.

"යාආආආ..... ජිමිනාආආආ.... ඔහොම නවතිනවා."

"ඌ ඌ බූඌඌඌ දැන් නාකියි... මාව අල්ලල්ල බෑ... ඌ ඌ...."

යුංගිට ඇද කර කර ජිමින් පඩිපෙලෙන් පහලට දුවගෙන එද්දි යුංගිත් ඔහුගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා. ඒත් ඉතින් ජිමින්ගෙ දිවිල්ල එක්ක යුංගිට හැරෙන්නවත් බෑ. ටිකක් වෙලා ගේ වටේ දුව දුව හිටපු දෙන්නා වැඩේ මීලඟ පියවර දියත් කලා. ඒකට අනුව දොරෙන් එලියට දුවන්න හදපු ජිමින්ව බිමට ඇදගෙන වැටුණෙ දොරෙන් ඇතුල් වෙන්න හදපු තවත් කෙනෙක් එක්කමයි.

"ආශ්..... කවුද මේ තාරාවා. ඕහ් මයි බියුටිෆුල් කෝට් එකත් අවුල් වුනාද මන්දා?"

බිම වැටුණු කෙනා නැගිට්ටෙ තමන්ගෙ ඇඳුමත් හදාගන්න ගමන්. ෆුල් සූට් එකකුත් එක්ක ගානට හදපු කොන්ඩෙ කොල්ලගෙ කඩවසම් බව තවත් වැඩි කලා. පෙනුමෙන් නම් රාජ කුමාරයෙක් වගේ වුන ඔහුව දැක්ක ගමන්ම නායුන් මින්යූ කට ඇරගත්තත් ජිමින් නම් ඔහුව අඳුරගත්ත බවක් පෙනෙන්නට තිබුණා.

"අලේ කුකූඌඌ..... කුකූ උයා ගුදක් කාලෙකින් ආවෙ. දැන් උයා කේල් කල්ල ආත නැද්ද? මං ගාව ඉල්ලවා ලස්සන ඔම්මෙක්... එල්ලකො උයාට පෙන්නන්න."

ආපු කෙනාව ඇදගෙන ගිහින් නායුන් ලඟින් හිටගත්ත ජිමින් මින්යූවත් එතනටම ඇදගෙන ආවා.

"කුකූ.... මේ ඉල්ලෙ මගේ ඔම්මා... එතෝට මේ ඉල්ලෙ මගේ නූලා.... අලයාගෙ අලයා වෙල්ල ඉල්ල කෙනා."

ජිමින් කටර් එකක් වගේ කියවගෙන යද්දි ඒ ආපු කෙනා ලස්සන හිනාවකින් බලන් හිටියා. ඔහු ජිමින්ගෙ හුරතලේට අනිත් අය වගේම හරිම කැමතියි. කවුද ඉතින් මේ හුරතලේට ආදරේ නොකරන්නෙ. තමන්ව අඳුන්වලා දෙන දිහා බලාගෙන හිටපු නායුන් මින්යූ දෙන්නා ලංවුනේ පොඩි කතාවකට.

"කවුද නායු මේ කියුට් හා කොල්ලා?"

"අනේ මන්දා.... මං දැකලා නෑ මීට කලින්. ජිමින් කිව්වෙ කුකූ කියලා."

"හායි ගර්ල්ස් මම දන්නවා ඔයාලට මේ හැන්සම් කොල්ලා කවුද කියලා ප්‍රශ්නයක් ඇති. මම ජොන් ජංගුක්.... වර්ල්ඩ් ෆේමස් මොඩ්ල් කෙනෙක්."

ජංගුක් තමන්ව හඳුන්වලා දෙද්දි මින්යූ නායුන් දෙන්නම මූණට මූණ බලාගත්තා. ටික වෙලාවක් යනකොට ඔවුන් අඳුරගත්තා ඒ කෙනාව. ඒත් ඉතින් මෙච්චර ජනප්‍රිය කෙල්ලො පිස්සු වට්ටපු කෙනෙක් තමන්ගෙ ඇස් ඉස්සරහ ඉන්නවා කියන එක තාමත් ඔවුන්ට විශ්වාස කරගන්න බැහැ.

"මොකාආආආආ...... අනේ කුක් කුක් නේද මේ? දෙයියනේ මං ආසම මොඩ්ල් කෙනෙක් මෙයා. බලන්න මින්යූ කුක් කුක් අපේ ගෙදර ඇවිල්ලා."

"ඒකනෙ නායුනාආආආ.... කූ ඔප්පා අපේ ගෙදර ඇවිල්ලා. බලන්නකො... ඉන්න මං ටක්ගාලා ෆෝන් එක අරන් එන්නම් ෆොටෝ එකක් ගහගන්න."

"යාආආ... මින්යූවා ඔයා තාම දත් මැදලත් නෑ. මේ නැගිට්ට ගමන්මයි. ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න."

"හත්දෙයියනේ ඔව්මයි.... මං එනකම් මෙයාව යවන්න එපා. ගැටගහලා හරි තියාගන්න."

"හරි හරි මං ගැට ගහගන්නම්.... මං ගැට ගහගන්නම්."

කෙල්ලො දෙන්නම පිස්සො වගේ හැසිරෙන්න පටන් ගනිද්දි යුංගි ජංගුක් දිහා බලලා ටිකක් රැව්වෙ මින්යූගෙ ප්‍රතිචාරය නිසා. ඒ වගේම තවත් කෙනෙක්ට මේ ගැන ඉරිසියා හිතිලයි තිබුණෙ. ඒ වෙන කවුරුත් නෙවෙයි ජිමින්. එයාගෙ ඔම්මා වෙන කාවහරි වර්ණනා කරන එක තරම් එපා කරපු දෙයක් කොල්ලට තවත් නැහැ.

ඒ අතර නායුන් හිටියෙ ජංගුක් දිහා වශී වෙලා වගේ බලාගෙන. කොච්චර වුනත් කොල්ලව දැක්කම ඕන කෙනෙක් වශී වෙනවා. කෙල්ලගෙ අවධානය වෙනස් වුනේ තවත් කවුරු හරි කෙනෙක් ගේ ඇතුලට ආපු නිසා.

"නායු මැණික මං ආවා..... අපි අද කනත්තෙ ඇවිදින්න යන්නනෙ හිටියෙ අනේ. ඔයා මගේ එක කෝල් එකක් වත් ආන්සර් කලේ නැහැ."

"බලන්න ටේ..... මගේ ප්‍රියතම මොඩ්ල් අපේ ගෙදර ඇවිල්ලා. අර බලන්න අර."

ටේහ්යොන්ග්ව දැකපු ගමන් කිව්ව නායුන් සතුට වැඩි කමටම කොල්ලට කිස් එකකුත් දුන්නෙ ජිමින් තවත් තරහින් පුපුරද්දි. ඒත් එක්කම වෙන ලෝකෙකට ගිහින් හිටපු ටේහ්යොන්ග් ආයෙත් මේ ලෝකෙට ආවෙ ජංගුක්ව දැක්කට පස්සෙ. ෆැෂන් ඩිසයිනින් වල දක්ෂම කෙනෙක් වෙච්ච ජංගුක් ගැන නොදන්න කෙනෙක් ඉන්න පුළුවන් ද?

"ජංගුක්... කුක්..... ඕහ් ගෝඩ් මයි ලව් ඔයා දැක්කද අර ඉන්නෙ මගේ ෆේවරිට්ම මොඩ්ල්. ඉක්මනට අර ඇග්‍රිමන්ට් එක ගහගමු. මෙයාව අපේ ඇඳුම අන්දවන්න ගන්න පුළුවන්."

ටේහ්යොන්ග් කලබලෙන් ගේ වටේ දුවන ගමන් කියද්දි නායුන් ඔහු එක්කම උඩ තට්ටුවට ගියා. ඒත් එක්කම මෙතනට ජංගුක්ව ගෙන්නපු කෙනා හිටියෙ තමන් කරගත්ත මෝඩකම ගැන හරිම පසුතැවිල්ලෙන්.

"මේ කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි. ඔච්චර ඔහේට පිස්සු වැටෙන්නෙ මොකද ආආ?"

"එහෙම තමයි කැට් බ්‍රෝ.... අපි වගේ බෝයිස්ලට ඔහොම ප්‍රතිචාර එනවා තමයි."

"උයා ආයි මෙහෙ එල්ල එපා කුකූ.... මගේ ඔම්මට මාව පේල්ලෙත් නෑ උයා ආවම."

ජිමින් කිව්වෙ තමන්ගෙ අත් දෙක පපුව හරහා බැඳගෙන අහක බලාගන්න ගමන්. ජංගුක් ඒකට හිනාවුනත් යුංගිත් ජිමින්ටම එකතු වුන එකෙන් කොල්ලට තවත් හිනාවෙන්න බැරි වුණා.

"ඔව් ජංගුක්... මගේ කෙල්ල ඔහේ එක්ක ගියොත් එහෙම. ආයෙ මෙහෙ නාවට කමක් නෑ. අර නායුනා තමයි මේ ඔක්කොම අවුස්සන්නෙ ඉන්නවකො මං අද ඔලුව පලනවා. නායුනාආආආ....."

"ඇ... ඇ.... ඇයි සර්....?"

නායුන් කිව්වෙ ටේහ්යොන්ග් එක්කම පහලට එන ගමන්. යුංගිගෙ පිපිරුම් සහගත මූණ දැක්කම ඇත්තටම ඇයට හිතුනා මොකක් හරි බරපතල අපරාධයක් වෙලා කියලා.

"නායුනා.... තමුන්ට කනත්තෙද කොහෙද ඇවිදින්න යන්න ඕන කිව්වා නේද? දැන්ම යනවා... ආ.... මේ ජිමිනාවත් අරගෙන යනවා. මට අදවත් නිදහසේ ඉන්න ඕන."

"බෑ බෑ මට බෑ ජිමිනව එක්කන් යන්න. මේක අපි දෙන්නා විතරක් යන ගමනක්."

ජිමින්ව එක්කන් යන වැඩේට එකපාරටම විරුද්ධ වුණේ ටේහ්යොන්ග්. ඔහුට ඕන වුණේ නායුන් එක්ක තනියම ඉන්න වගේම තනියම කතා කරලා මේ දේවල් විසඳගන්න. ඒත් ජිමින් ඉන්න එක ඔහුට ඒ දේ කරගන්න බාධාවක්. හැබැයි ඉතින් යුංගි නම් ඒකට පොඩ්ඩක් වත් එකඟ වුණේ නැහැ.

"ඒවයින් වැඩක් නෑ ඔහේට යන්නම ඕන නම් ඔහේගෙ ඉතුරු කෑල්ල අරගෙන යන තැනක යනවා. මම මින්යූ එක්ක ඇවිදින්න යනවා. එතකොට කුකියා තමුන් ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා මෙහෙ එනවා මට මොඩ්ලින් ඉගෙන ගන්න."

"ඕකේ බොස්.... එහෙනම් මම යනවා... බායි ටක් ටික් ටුක් ටේ.... බායි ජිජි.... බායි ස්වීට් හාට්.... අර කියුටි බියුටි ගර්ල්ටත් බායි කිව්වා කියන්න."

ජංගුක් ඔවුන්ගෙන් සමුගද්දි ජිමින් ටේගෙ අතේ එල්ලුනේ රවාගෙනමයි. නායුන්ට ටේ ලංවෙන්න හදන එක ඔහුට ලොකු වේදනාවක් වුණා. ඒත් ඉතින් මොනවා කරන්නද? ජිමින් බබාට විතරයි නායුන්ව ඕන කරන්නෙ. නැතුව මිස්ටර් පාර්ක් ජිමින්ට නෙවෙයි.

හැමෝම තම තමන්ගෙ වැඩ වලට යන්න ලෑස්ති වුණත් නායුන්ට ඕන වුණේ අද ගෙදරම නවතින්න. 

"ඔයා ජිමින් එක්ක ඇවිදින්න යන්න ටේ.... යුංගි සර් මින්යූ එක්ක යන්න. මට අද ගෙදර ඉන්න ඕන... මගේ ඇඟට හරි නෑ වගේ."

"මැණික ඔයාට මොකද වුනේ? මං ඔයා ගාව ඉන්නම්. අපි වෙන දවසක ඇවිදින්න යමු. මං ඔයාට කන්න දෙයක් හදන්නම් ම්ම්..."

ටේහ්යොන්ග් කිව්වෙ කෙල්ලගෙ කම්මුල් තමන්ගෙ අත් අතරට ගන්න ගමන්. ඔහු ඇයට ගොඩක් ආදරෙයි. ඇයට යම් කිසි දුරකට ඒ ආදරේ ඕන වුණා. නමුත් අද ඇයට නිවසේ තනිවෙන්න ඕන වුණා. 

"ප්ලීස් ටේ.... අදට විතරක් මට තනියෙන් ඉන්න දෙන්න. ඔයා ජිමින්ව එක්කන් යනවද? ප්ලීස්...."

නායුන් නැවතත් කියද්දි ටේහ්යොන්ග් අකමැත්තෙන් වුනත් ඔලුව වැනුවා. තවත් පැය බාගයකින් විතර ටේ ජිමින් දෙන්නත් යුංගි මින්යූ දෙන්නත් ගෙදරින් එලියට ගියේ නැවත වතාවක් නායුන්ව ගෙදර තනි කරමින්. ඒත් නායුන්ගෙ ආරක්ෂාව ගැන නිතරම හිතපු යුංගි ඇයට උපදෙස් මාලාවක්ව දෙන්න අමතක කලේ නැහැ.

මේතරම් ආදරෙන් තමන්ව ඇවිදින්න එක්කන් යන්න හිතපු කෙනා වත් ප්‍රතික්ෂේප කරලා ඇය ගෙදර නැවතුණේ ඇයි? මොකක්ද ඇයගේ අරමුණ?

"මට සමාවෙන්න යුංගි සර්... මට ඔයා කවුද කියලා හොයාගන්න ඕන."

යුංගිගෙ අගුළු දැමූ කාමරය අමතර යතුරක් භාවිතයෙන් විවෘත කරගත් ඇය ඒ තුලට ඇතුළු වුණා. කලින් දවසක ඇයට හමුවුන පිහාටුව පිළිබඳ සොයා බැලීමේදී එය ෆීනික්ස් පක්ෂියෙකුගේ පිහාටුවක් බව සොයා ගැනීමට ඇයට හැකි වුණා. නමුත් ඇය ඒ පිළිබඳ එතරම් තැකීමක් කළේ නැහැ. නමුත් අද මින්යූගෙ කාමරය වසා තිබියදීත් ඒ තුලට ඇතුල් වුන විදිහෙන් නායුන්ගේ හිතට සැකයක් ඇති වෙන්න පටන් ගත්තා. එතැන් සිට ඇය මෙහි පැමිණි මුල්ම දවසේ සිට සිදුවූ සියල්ල විශ්ලේෂණය කර බැලුවා. අවසානයේ ඇය තීරණය කලා යුංගි ගැන හොයන්න.

කාමරය තුල සෝදිසි කිරීම් ඇරඹුව ඇය හැකි සෑම තැනකම පිරික්සා බැලුවා. නමුත් සැලකිය යුතු සාක්ෂියක් ඇයට හමුවුනේ නැහැ. නමුත් එක්වරම ඇයගේ ඇස ගැටුණේ යුංගිගේ ඇඳ යට කුඩා ඉඩක තැන්පත් කල පැරණි ආරක දින පොතක්.

"මේක ඩයරියක් නේද?"



______________________________________________

____/__/__

මම දැක්කා සුන්දර තරුණියක්.. මට අවශ්‍යයි ඇයට මගේ හැඟීම් පවසන්න... නමුත් මා වැනි අඩුපාඩු සහිත කෙනෙකුට ඇය කැමති වෙයිද? නෑ... කවදාවත් එහෙම වෙන එකක් නැහැ.

- Diary of someone who born with fire - 


______________________________________________

කතාව දැන් ටිකක් ලෙහීගෙන එනවා.... ජිමින් ගැන මොකද හිතෙන්නේ?

කතාව කියවන අය එන්න එන්න අඩුවෙනවානේ... ඕන එකක් මට මොකෝ කියලා ලියාගෙන යන මම.

Continue Reading

You'll Also Like

3.9K 550 20
ආදරේ... කෙනෙකුට පුලුවන් ද ආදරේට හරි අර්තකතනයක් දෙන්න ආදරේ විදින තාක් කල් මේ ලොකේ තියෙන ලස්සනම හැඟීම ආදරේ එතකොට ආදරේ නිසා විදවන තාක් කල් මේ ලෝකෙ තියෙ...
363 69 16
හේයී ළමයී ගොඩ කාලෙකින් කතාවක් දාන්න හිතුනා.. ලස්සනද දන්නේ නම් නෑ.. කම්මැලි කමට ලිව්වේ ඉතින්... වැඩ ගොඩක් අස්සේ කතාව හුගක් දුරට ලියලනම් ඉවරයී ඒක නිසා...
148K 10.9K 60
BOOK #2 They say love heals scars, but Seokmin's scars were lessons-bitter reminders that twisted him into a creature of darkness. His life was a ser...
4K 235 22
The best K-Pop dancers gather for the dance event "Hit the Stage" in Seoul. Stray Kids only performs with two dancers, as Hyunjin and Felix have fall...